Sunday, 8 January 2012

වැනීසියේ වෙළෙන්දා සොයා..

“ තාත්තේ, තාත්තා කොහේද යන්නේ?”

“ මම පිටරට යනවා පුතේ..”

“ ඒ කොහේද?”

“ ඉතාලියේ..”

ලෝක සිතියමේ ඉතාලිය කොහේද තියෙන්නේ කියලවත් මං දන්නේ නැති කාලෙක අපේ තාත්තා ලංකාවෙන් පිටත් වෙලා ඉතාලි ආවා.. ඒ වෙද්දි මට අවුරුදු 5ක් විතර ඇති.. සිතියමේ තියෙන තැනවත් නොදන්න ඉතාලියේ අපේ තාත්තා ඉන්නවා කියලා මං යාළුවන්ට කියද්දි අපේ දෙක වසරේ ටීචර් දවසක් මං ඇතුළු අපේ පන්තියට අපූරු කතාවක් කියලා දුන්නා.. ඒ වැනිසියේ වෙළෙන්දාගේ කතාව.. එදා තමයි මම සපත්තුවේ හැඩේට තියෙන ඉතාලිය ලෝක සිතියමේ දැක්කේ.. හිතේ රැදුන ඔය කතාවත් එක්ක මම අපේ තාත්තගෙන් ඇහුවා තාත්තා වැනිසියේ වෙලෙන්දා බලන්න ගියාද කියලා.. එතකොට අපේ තාත්තා ඉතාලි ඇවිත් අවුරුදු 3ක් විතර ඇති මගේ හිතේ.. මට තාම යන්න බැරි උනා පුතේ කියලා අපේ තාත්තා මාත් එක්ක කිවුවා..

කාලය ටිකින් ටික ගෙවුනා.. මම පොත් පත් වලින් වැනිසිය ගැන හෙවුවා.. ඒ කාලේ ඉතින් අන්තර්ජාල ගැන අපි දැනන් හිටියේ නෑනේ.. දවසක් පොත් කඩේක අහම්බෙන් වගේ දැක්ක වැනිසිය ගැන ලිය උන පොතක් මම අර ගත්තා.. දැන්නම් මට ඒ පොතේ නම මතක නෑ.. ඕකෙන් මම වැනිසිය නිර්මානය උන හැටි, ඊට කලින් වැනිසිය තිබුනේ කොයි වගේද කියන කරුණු කාරණා ගොඩක් මම ඉගෙන ගත්තා.. එදා ඉදන් වැනීසිය බලන්න යන්න ඕන කියන ආසාව මගේ හිතට ඇතුළු උනා..

එදයින් අවුරුදු ගානකට පස්සේ මට ඉතාලි එන්න පුළුවන් උනා.. එදා ආයෙම මට මගේ ආසාව හිතට ආවා.. වැනිස් යන්න.. ඒත් අවුරුදු 3ක් මට ඒකට බලාගෙන ඉන්න උනා.. එක එක හේතු නිසා.. අන්තිමේ මේ ගෙවුන නත්තලේ මට ඒ හීනය හැබෑ කර ගන්න අවස්ථාව උදා උනා.. පොත් වලින් කියෙවුව පින්තූර වලින් දැක්ක වැනීසිය මේ ඇස් දෙකින්ම දැක ගන්න අවස්ථාව මට උදා උනා..

මේ අගෝස්තුවේ මම ලංකාවට ගිහින් ආවට පස්සේ අපේ අංකල් ජොන්සන් මට මිලානෝ යමුද කියලා අදහස දැම්මා..  (අංකල් ජොන්සන් කවුද කියලා කට්ටිය දන්නේ නෑනේ.. මම කලින් අංකල්ගැන ලියන්න හිටියේ.. ඒත් බලධාරියා විසින් ඒක කපා දාපු නිසා මම ලිවුවේ නෑ..) ඔය අපේ අංකල්ගේ පුතා ඉන්නේ මිලානෝ වල.. ඒ නිසා තමයි වැඩියෙන්ම ඔය ගමන ගැන කතා උනේ.. ඉතින් ඔය අස්සේ මම මගේ කාලෙක ඉදන් තිබුන  ආසාවත් එළියට දැම්මා.. මිලානෝ ඉදන් වැනිස් වලට කෝච්චියේ පැය 2ක දුර තියෙන්නේ.. අවසානේ ගමන ස්තීර උනා..

දෙසැම්බර් 24 වෙනිදා වෙනකම් මම හිටියේ ඇගිලි ගැන ගැන.. අන්තිමේ ඒ බලාගෙන හිටපු දවසත් උදා උනා.. 24 හවස අපි මිලානෝ ගියා.. 25 වැනිසිය බලන්න යන්න හැමදේම ලෑස්තියි.. අංකල්ගේ පුතා සතියකට කලින් කෝච්චියේ ටිකට් බුක් කරලා තිබුනා.. උදේ 6ට මිලානෝ වලින් පිටත් උන කෝච්චිය හරියටම 8 වෙද්දි අපිව වැනිස් වලට අරං ආවා..

කෝච්චි ස්ටේශන් එක අන්තිමට ඇවිත් නතර වෙන තැනට වෙනකම් විතරයි අපිට හුරු පුරුදු ගොඩබිම් ප්‍රවාහනය තියෙන්නේ.. එතනින් එහාට පේන්නේ වතුර මත ඉදි උන ගොඩනැගිලි විතරයි.. ඕනම තැනක පයින් ඇවිදන් යන්න පහසුකම් තියෙනවා.. එහෙම නැත්නම් ඉතින් යන්න ඕන බෝට්ටුවේම තමයි..

ඉස්සෙල්ලම කලේ වැනිස් වල සිතියමක් අර ගත්ත එක.. ඊට පස්සේ යන්න ඕන තැන් මොනවද කියලා බැලුවා..


මේ තියෙන්නේ එහේ ගමන් පහසු කරන අපිට හුරුපුරුදු බස් එකක්.. 



මේ හයිස්පීඩ් අල්ලන පොලිස් මාමලා..


වැනිසිය කිවුවම ඉතින් කොයි කවුරුත් අතර ජනප්‍රිය දෙයක් තමයි “ගොන්ඩෝලා”  නමින් හදුන්වන මේ බෝට්ටුව..


වැනිස් ඈත ඉතිහාසයේ ඉදන්ම තිබුන මේ ගොන්ඩෝලා බෝට්ටු ඇත්තටම මාරම ලස්සනයි.. ඔකක නැගලා රවුමක් යාමේ ආසාව ගැන ඉතින් අමුතුවෙන් කියන්න ඕන නෑනේ.. හැබැයි ඉතින් ඒකක සම්පූර්ණ විස්තර එක්ක යන චාරිකාවකට ඉල්ලන ගාන අහුවම තමයි අපි උඩ ගියේ.. ඒ ගානෙන් සතියක් ජීවත් වෙන්න පුළුවන්.. ඒ උනත් මෙච්චර දුරක් ඇවිත් ගොන්ඩෝලාවක නොයනවා කියන්නේ මහාම පවුකාර කමක්.. ඒ හින්දම අපි වියදම් ගැන නොහිතා ගොඩ උනා ගොන්ඩෝලාවට..

අපේ ගොන්ඩෝලාවේ හිටපු පදවන්නා චාරිකාව ඇතුලත අපිත් එක්ක ගොඩක් ම්තුරු උනා.. ඔහු අවුරුදු 41 තිස්සේ ගොන්ඩෝලා පදවනවා කියල තමයි අපිත් එක්ක කිවුවේ.. ඇත්තටම ඒක ඒ තරම්ම ලේසි පහසු රාජකාරියකුත් නෙමෙයි.. අපි තුන් දෙනා හන්දා ඔහු ඒ තරම් අපහසුවක් නැතුව ගොන්ඩෝලාව  පැදෙවුවත් අපි දැක්ක සමහර ඒවගේ පස් යහ දෙනක් ඉන්නවා.. ඔළුගෙඩි ගාන වැඩිවෙද්දි ගාන වැඩි වෙනවය කිවුවේ..  එක අතකට ඒක සාධාරණයි.. මොකද එක්කෙනා උනත් පස් දෙනෙක් උනත් තනියම එපැයි ඕක හබල් ගාන්න.. ඔය ඉන්නේ අපිට හමු උන ඒ සොදුරු මිනිසා..


වැනිසියේ ඉතිහාසය ගැන මම කියනවාට වඩා මේ විකිපීඩියා වල තියෙන තොරතුරු කියවන එක හොදයි කියලා මං හිතනවා..

අපේ චරිකාවේ ෆොටො ටිකක් මෙතන දාන්න හැදුවත් ඒකට ගොඩක් වෙලා යන හින්දා කැමති අයට මෙතනින් මගේ මුහුණු පොතට ඇවිත් චාරිකාවේ අනිත් ෆොටො බලන්න පුළුවන්..

අපිට ආයේ වැනිස් වලින් පිටත් වෙන්න කොච්චිය තිබුනේ හවස 6.30ට.. ඉතින් ඒ වෙනකන් ඇවිදින්න පුළුවන් උපරිම ඇවිද්දා.. වාසනාවකට වගේ එදා හීතලත් ගොඩක් අඩුයි.. හොදට ඉර එළියත් තිබුන දවසක්.. නැත්නම් ශීත කාලේ මෙහෙම දවසක් හොයා ගන්නවා බොරු.. ඉතින් මහන්සි දැනුන වෙලාවට බස් එකේ ගියා.. අනිත් වෙලාවට පයින් ගියා..

ජීවිතේ මං ගොඩක් කාලෙක ඉදන් බලාපොරොත්තු තියාගෙන හිටපු දවසක් ලස්සනට ගෙවිලා ගියා.. ඒ හීනේ ලස්සනට හැබෑ කරලා දවස ගෙවුනා.. ඒත් එක දවසකින් නම් වැනිස් ඔක්කොම බලන්න බෑ.. ඒ කියන්නේ ඉතින් මම ආයෙම වැනිසියේ වෙළෙන්දා හොයාගෙන එනවා කියන එක තමයි..

ප.ලි - දැං මුහුණු පොතේ සමහරු මට රස්තියාදුකාරයා කියලා කාඩ් එකකුත් ගහලනේ.. ඒ හින්දම මම හිතුවා මීට පස්සේ මගේ රස්තියාදු හැම ගමනක්ම මේ වගේ කට්ටියවත් එක්කන් යන්න...
 

48 comments:

  1. :D ඒක හොඳ අදහස.. ඕන් අහිංසක බව ඔප්පු කරන්න පුළුවන් පෝස්ටුවක්.. චෝදනා එල්ල කරන අයට.. තෙවන ඇසට හසුකරගන්න ඡායා රෑපත් ගොඩක් උදව් වේවි මේ වගේ ගමන් වල වටිනාකම තවත් වැඩි කරන්න.. එහෙනම් ඕන්.. ඊළඟ හීනෙ හැබෑවෙන්න සුබ පැතුම් නන්ඳුගෙන්..!!! (මේ පාර අපිට මට්ටියෙක් හරි ඕනී.. ඉහි ඉහි.. :P )

    ReplyDelete
  2. ම්ම්ම්ම්...මරු මරු! වැනීසි ගයිඩ් ලා එහෙම හම්බ උනේ නැද්ද? වීදුරු වලට එහේ ප්‍රසිද්ධයි ද? ඵල ඵල!

    ReplyDelete
  3. එල, ෆොටෝ ටික බැලුවා.

    ඒතොකොට වැනීසිය වතුර උඩ ඉදිවුන නගරයක්ද???

    ReplyDelete
  4. එ් කියන්නෙ වැනීසියම වතුරෙ නේ! :O

    ReplyDelete
  5. නියම ප්ලෙස් එකක්නෙ අයියේ... අයියා වැනිසිය දැක්කා කියන්නෙ මම දැක්ක වගේ තමයි..!!

    ReplyDelete
  6. අපේ ගමෙත් හිටිය මුදලාලි කෙනෙක් වැනිසියේ මුදලාලි කියල.වැනිසියෙන්න් බඩු ගේනවා කියල විකුනන්නේ.හැබැයි ඒ හැම බඩුවක්ම made in chaina.

    ReplyDelete
  7. නියම ලිපියක් ... හරි ආසාවෙන් කියෙව්වා...!!! තව විස්තර ටිකක් දාන්න පුලුවන්නම් හොඳයි...

    ReplyDelete
  8. ආ..රස්තියාදුකාරයා..!!
    ලස්සන තැනක්..මගෙත් දවසක හැබෑ කරගන්න හිතන හීන වලින් එකක්..

    ReplyDelete
  9. @ නන්දු : ඔයා විතයි මගේ පැත්තට මෙහෙම හරි කතා කරන්නේ.. අනිත් අය ගැන කියලා වැඩක් නෑ.. ඊළග හීනෙට ආයෙම මේ අවුරුද්දේ නත්තලට එනවා.. ලෝක විනාසේ නොවුනොත් තමයි ඉතින්..

    ReplyDelete
  10. @ ලහිරු : ඔව් ඔව්.. වීදුරු වලට ප්‍රසිද්ද වෙනම දූපතක් තියෙනවා "මුරානෝ" කියලා.. ඒකට ගොඩක් දුර යන්න ඕන.. ගොඩක් වෙලාවට ඔය ගයිඩ් වැඩේ කරන්නෙත් ගොන්ඩෝලා පදවන අයම තමයි..

    ReplyDelete
  11. @ තාරක Dilsh@n : නෑ යාළුවා.. මීට සෑහෙන්න කාලෙකට කලින් වැනීසිය දුපතක් විදිහට තිබිලා තියෙන්නේ.. පස්සේ තමයි ගොඩබිමට වතුර ඇවිත් තියෙන්නේ.. ඔය හැම ගොඩනැගිල්ලකම වගේ කලින් තිබුන තට්ටු කීපයක් දැන් තියෙන්නේ වතුරෙන් යට..

    ReplyDelete
  12. @ තනි අලියා : ඔව් මුහුදු වතුරෙන් වැසුන නගරක්.. හරියට මාලදිවයින් දූපත් වගේ..

    ReplyDelete
  13. @ රහස් පරීක්ෂකයා : නියම ප්ලේස් එක් කියන්නේ මලයා ආයේ කියන්න දෙයක් නෑ.. ඒකනේ බං මං ඔය කටකතා ගනන් ගන්නේ නැතුව කට්ටියවම මාත් එක්ක රස්තියාදුවේ එක්කන් යන්න හිතුවේ..

    ReplyDelete
  14. @ prasanna86k : හරි අයියේ.. මම වැනිසියේ විස්තරත් එක්ක තව ලිපියක් දාන්නම්..

    ReplyDelete
  15. @ රූ : ඔන්න ඔන්න අක්කත් ඒක අල්ල ගත්තා.. :(

    හා හා හීනේ හැබෑ කර ගන්න එන දවසක කියන්නකෝ.. මම ගයිඩ් වැඩේ කරන්නම්..

    ReplyDelete
  16. @ අසරණයා : එහෙම කට්ටියනම් ඕන තරම් දැං ලංකාවේ හොයා ගන්න පුළුවන්න්නේ.. වැනිසියෙන් බඩු ගෙනත් වලංකාවේ විකුණනවානම් ඒවා ගන්න සෑහෙන ගානක් දෙන්න වෙයි..

    ReplyDelete
  17. අවුරුදු විස්සකට පෙර අපි එහි ගියා. වැනිසියටම ආවේනික දේ තමා එහි දුටුවෙ. පුදුම ලස්සන තැනක්. බොහොම පරවියොත් හිටිය මතකයි.

    ReplyDelete
  18. වැනීස් ගිහින් එවෙලාවෙම හදලා දෙන වීදුරු බඩු ගොඩාරියක් මා ලඟ තියාගෙන ඉන්නවා...හරිම ආසාවෙන්...චූටි චූටි ලස්සන අයිටම්ස්...දිනේශ් වැනීස් ගියා කිව්වම ආයෙමත් වැනීස් යන්න ආසාවක් ඇති උනා....

    ReplyDelete
  19. ඔන්න අපිත් වනිසියට ආවා .තනියෙන් එහෙම රස්ති ගහනවා නෙවෙයි. යන තැනක අපිවත් එක්ක යන්න

    ReplyDelete
  20. හපොයි දැන්නම් මටත් යන්න ඕනිමයි කියල හිතෙන්නේ...

    ReplyDelete
  21. ලස්සන විස්තරයක් ආසයි බලන්න යන්න....

    ReplyDelete
  22. @ ඊ මේල් කවිකාරී : ඒ කාලේ මං හිතනවා දැං මම දැක්කටත් වඩා සුන්දරත්වයක් තියෙන්න ඇති කියලා.. පරවියෝ නම් තාමත් ඉනවා ඕන තරම්..

    ReplyDelete
  23. @ දිල් : දිල් අක්කා වැනිස් ඇවිත් තියෙනවද?? හරි ශෝක් නේ.. ඔව් අක්කේ වැනිසියේ මිනිස්සු ඔය වීදුරු බඩු වලට ගොඩක් දක්ෂයි.. මමත් අරගත්තා සමරු කීපයක්ම..

    ReplyDelete
  24. @ රෙප් මහත්තයා : යමු යමු.. මීට පස්සේ කොහේ ගියත් මේ කට්ටියවත් එක්කන් යනවා කියලා මං හිතාගත්තා.. ඒ නිසා රස්තියාදු ගමන් වලින් ඉස්සරහටත් හමු වෙමු..

    ReplyDelete
  25. @ ~~තරූගේ ලෝකය~~; : ඉතින් එමුකෝ වැනිස් බලලා යන්න.. සංචාරයට කියාපු පැත්තක්..

    ReplyDelete
  26. @ ඔබ නොදුටු ලොවක් : පුළුවන් කමන් ලැබුනොත් එන්න.. මමත් ආයෙම යන්න හිතන් ඉන්නේ.. අගොස්තු සැප්තැම්බර් වගේ ආයෙම යනවා මම ඉඩක් ලැබුනොතින්..

    ReplyDelete
  27. අපිට මේ විස්තර කිව්වට බොහොම ස්තුතියි...මමත් ආසම, අපූරු තැනක්..එත් බලන්න යන්නනම් චාන්ස් එකක් නැහැ....

    ReplyDelete
  28. Dinesh අයියා නම් මාරම වාසනාවන්තයෙක්.රස්තියාදු ගහන්න හරි වෙනීසියට ගියානේ.. :)

    ReplyDelete
  29. හික්ස්...මන් මේ රස්තියාදුවේ ගිහින් නේද කියලා අහන්න ගියා විතරයි. අන්තිමට දාලා තියන ටික දැක්කේ පස්සේ....

    රටක ඉන්නකොට ඒ රටේ ලස්සන තැන් බලන්න නොගියොතින් වැඩක් නැනේ.....මිට පස්සේ යන හැම චාරිකාවකම පින්තුර අපිට බලන්න දාන්න අයියා....

    ReplyDelete
  30. ආයෙ යන රස්තියාදුවක අපිවත් එක්කගෙන යන්න හොඳේ..

    ReplyDelete
  31. ස්තුතියි විස්තර වලට

    ReplyDelete
  32. මේක කියෙව්වම මටත් වැනීසිය බලන්න යන්න හිතුනා.

    ReplyDelete
  33. හරි අපුරු හීනයක්නේ හැබෑ කරගෙන තියෙන්නේ...
    ගමනේ විස්තර ටික දැක්කම යන්න ආස හිතුනා
    අපිත් කැමතියි රස්තියාදු ගහන්න, කතා කලොත් එන්නේ නැතුව ඉන්නේ නැහැ, හරිද මචං...:)))

    ReplyDelete
  34. @ සයුරි : නරකද සයුරි අක්කේ ජෝඩුවම නිවාඩුවකට මෙහේ එන්න ප්ලෑන් කලොත්??

    ReplyDelete
  35. @ Dilan Salinda : රස්තියාදු චාරිකාවක් උනත් අළුතින් ඉගෙනගත්ත, දැනගත්ත දේවල් නම් එමටයි.. මම ගිය අනිත් ගමන් වගේ නෙමෙයි මේක.. කාලෙක ඉදන් තිබ්බ හීනයක්නේ..

    ReplyDelete
  36. @ සිතුවිලි නිහඩයි : මේ ඉන්නේ මට රස්තියාදුකාරයා කියන එක්කෙනෙක්.. අනිත් කෙනා තාම ඇවිත් නෑ මේ පැත්තට..

    ඒකනම් ඇත්ත නංගී.. මේවගේ රටකට එන්න වාසනාව ලැබුන එකේ ඒ රටේ සුන්දරත්වය විදින්න ඇවිදින්නේ නැත්නම් වැඩක් නෑ..

    ReplyDelete
  37. @ පිණිබිදු : අනිවාර්යෙන්ම අක්කේ.. රස්තියාදුකාරයාගේ දිනපොත මම හෙමීට දිග හරින්නම්..

    ReplyDelete
  38. @ පිස්සා පලාමල්ල : තෑන්ක්ස් මචං.. වැනීස් යන්න ආවට..

    ReplyDelete
  39. @ StArry aNgeL : හිතේ ආසාව තියාගෙන විතරක් ඉන්න එපා.. එන්න කියලා කිවුවට ඉතින් එහෙම ලේසියෙන් එන්න බැරි බව මම දන්නවා..

    ReplyDelete
  40. @ ලොකු පුතා : මගේ රස්තියාදු වල තියෙන එක හීනයක් නම් හැබෑ උනා.. තව එකක් තියෙනවා.. ඒ තමයි පැරිස්.. බලමු යන්න ලබෙයිද කියලා..

    ReplyDelete
  41. patta bosa...maru ahh

    ReplyDelete
  42. රස්තියාදුකාරයා.....:D :D මේ අයියේ..මේ බ්ලොග් එකේ නම වෙනස් කරන්න වෙයි.. වර්ණ නෙවෙයි."රස්තියාදුකාරයාගේ දිනපොත" කියලා... හූ....මමනම් දිගටම කියන්නෙ රස්තියාදුකාරය කියලම තමා...:p

    තව තව රස්තියාදුවෙ යන්න ලැබේවා!!!

    ReplyDelete
  43. පැරිස් යන සිහිනයත් ඉක්මනින් සැබෑ වේවා

    ReplyDelete
  44. ෂා....... නියම සංචාරයක් නේ.. :DD

    ReplyDelete
  45. @ පුබුදුවා : මම එවපු වීඩියෝ ටිකත් ඔක්කොම බැළුවනේ..

    ReplyDelete
  46. @ හිතුවක්කාරී : හා හා.. රස්තියාදුකාරයා කිවුවට අපි නම් සැලෙන්නේ නෑ.. තව තව රස්තියදුවේ යනවා මිස.. අම්මෝ ආයෙම මේකේ නම නම් වෙනස් කරන්නේ නෑ.. කලිනුත් වෙනස් කලානේ..

    ReplyDelete
  47. @ Observer : ලෝක විනාසේ නොවුනත් මට ඒ හීනෙත් හැබෑ කට ගන්න පුළුවන් වේවි.. මොකද මේ දෙසැම්බර් වලට කලින් නම් යන්න වෙන එකක් නෑ..

    ReplyDelete
  48. @ Ice (අයේෂා කුලතුංග) : ඔව් නංගී.. තාමත් ඒ සුන්දරත්වය මට දැනෙනවා...

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්