Wednesday, 4 January 2012

නෝටි වැඩ


අද මම ලියන්න හිටියේ නම් වෙන දෙයක් ගැන.. ඒත් අද හවස හදිස්සියේ මට විශේෂ ඉල්ලිමක් ආවනේ මම ඒ කාලේ කරපු නෝටි වැඩක් ලියන්නෙයි කියලා.. මේ ඇල් වතුරත් නිවලා බොන තරමේ මනුස්සයෙක් උන මගේ නෝටි වැඩ ගැන ලියන්නලු.. ඉතින් බලන්න ඔයාලත් හිතනවා ඇතිනේ මේ මං වගේ කෙනෙක් ලග නෝටි වැඩ තියෙන්න පුළුවන්ද කියලා.. ඒකට ඉතින් තියෙන්නේ එකම එක උත්තරයයි..  ඒ තමයි “ඔවු” J..

හරි හරි ඉතින් අපි කවුරුත් ඉස්කෝලේ යන දවස් වල එක එක මගෝඩි වැඩ කලා.. ඒක නෑ කියන්න බෑ.. ඒකනේ මැරෙන්න පණ අදින මනුස්සයෙක්ගෙන් උනත් තමන්ගේ ලස්සන කාලය මොකක්ද කියලා ඇහුවම ළමා කාලය එහෙමත් නැත්නම් පාසල් කාලය කියන්නේ.. ඒ ගොඩක් වෙලාවට හොද, නරක මේ හැමදේම අත්විදපු කාලය ඒ දවස් වෙන නිසා වෙන්න ඇති..

අපේ තාත්තා කාලාන්තරයක් තිස්සේ හිටියේ ඉතාලියේ බව ගොඩක් දෙනෙක් දන්නවනේ.. ඉතින් අපේ ගෙදර ඔය එක එක ජාතියේ විස්කි, බ්‍රෑන්ඩි එහෙමත් නැත්තන්ම් රෙඩ් ලේබල් බෝතල තිබුනා.. ඔය එද්දි ඩියුටි ෆ්‍රී එකෙන් ගත්ත ඒවා වගේම ගෙදරට එක එක ජාතියේ බඩු දාද්දි එවපු හොද ෆොරින්  ඒවත් තිබුනා.. ඕවා ඉතින් ගේ සාලේ තියෙන කැබිනට් එකේ තමයි තියෙන්නේ.. ලස්සන ලස්සන බෝතල් වීදුරු ශෝ කේස් එකේ දාලා තියෙනවා.. අනික්වා නොපෙනෙන්න.. ඒ කැබිනට් එකම වෙන් උනේ බෝතල වලට තමයි.. ඒත් ඉතින් අපේ ගෙදර බොන්න කෙනෙක් නෑ.. J අඩු ගානේ ඕවා දැම්මට තාත්තා බොන්නෙත් නෑ..

මගේ ගේ ලගම මිත්‍රයෙක් ඉන්නවා මලින්ද කියලා.. අපි ඉතින් ගජ යාලුවෝ තමයි.. දවසෙන් වැඩි හරියක් එක්කෝ මම එහේ.. නැත්නම් මෑන් අපේ දිහා.. ඉතින් දවසක් ඔහොම මෑන් ඇවිත් අපේ දිහා ෆිල්ම් එකක් බල බල ඉද්දි පොර නිකමට වගේ අර බෝතල් තියෙන තැනට ලං උනා..

“ මචං මෙතන ඇරපු බෝතල් එකක්වත් නැද්ද?”

“ නෑ.. ඇයි?”

“ නෑ පොඩ්ඩක් රහ බලන්න..”

“ තොට පිස්සුද?”

එතකොට මගේ හිතේ මම ඉස්කෝලේ 10යේ පන්තියේද කොහේද.. අපි ඉතින් හොද ළමයි නිසා වැඩිය ඕවට ගිය අය නෙමෙයි.. J  කොහොම හරි ඉතින් ඒදා කතාව එතනින් එහා දුර දිග නොගියත් පස්සේ දවසක ආයෙම කතාව ඇදිලා ආවා.. අපේ දිහා ඔය ගොඩක් බෝතල් වල සාම්පල් එන පොඩි බෝතලත් තිබුනා.. අරූගේ අදහස මේ පොඩි එකෙක් උස්සමු කියන එක.. අපාය සහායක මිත්‍රයෝ තමයි ඉතින්..  දවසක් දෙකක් බෑ කියලා බැරිම තැන මමත් හරි ගේන්නම් කියලා ආවා..

ඒත් ඉතින් ඔහොම උස්සන්න පුළුවනෑ.. ගෙදරට අහු නොවෙන්න කරන්නත් එපැයි.. දවසක් දෙකක් විතර ඔත්තු බල බල හිටියා මම ගෙදර තනිවෙන දවසක් එනකම්.. ඔහොම ඉද්දි දවසක් මම බලාගෙන හිටපු දවස උදා උනා.. අම්මයි අක්කයි දෙන්නම ගෙදර නෑ.. කොහේදෝ ගිහින්.. වහා ක්‍රියාත්මක උන මම ලං උනා අපේ ගබඩාව ලගට.. බැළුවා තියෙන හැම එකක්ම..

කබඩ් එකේ පිටි පස්සට වෙන්න තියෙනවා ඒ තරම් ලස්සන නැති බෝතලයකුයි ඒකේ සාම්පල් බෝතලෙයි.. ඕන කමින් බැලුවොත් තමයි කෙනෙක්ට ඒ බොතල දෙක පේන්නේ.. මොකද්ද ජාතිය කියලා නම් දැං මතක නෑ.. ඕක අරං මම හෙමීට මගේ කාමරේට මාරු වෙලා මගේ අතීශය රහසිහත බඩු තියෙන කබඩ් එකට ඕක දාලා වැහුවා.. එවෙලෙම ඒක අරුට දුන්නේ නෑ.. බැරි වෙලාවත් ඕක නෑ කියලා මිටර් උනොත් කියලා හිතුන නිසා..

දවසක් දෙකක් ගෙවුනා.. ගෙදර කාටවත් ඕක මීටර් නෑ.. ඊට දවස් කීපයකට පස්සේ අපේ එකෙක්ගේ උපන්දිනයක් තිබුනා.. ඔය පාටියට යන අතරේ තෑග්ග දා ගත්ත බෑග් එකටම නොපෙනෙන්න ඕකත් දාගෙන ගියා මගේ මිත්‍රයාගේ ගෙදරට..

“ අඩෝ උඹ ඉස්සුවද?”

අරූ බෝතලෙත් අතේ තියන් මගෙන් අහනවා.. බෝතලේ කඩලා අරන් පොර ටිකක් බීලා ඉතුරු ටික මට දුන්නා.. මමත් ඒක බිලා අපි දෙන්නම පාටි එකට ගියා.. පාටියට ගියාට බොන්න නොලැබෙන එකේ පාටියට යන්න කලින්ම  අපි බීලා ගියා.. J

ඊට පස්සෙත් අරූට තව ඕන උනත් මම ගෙදරින් වෙන ඒවනම් ඉස්සුවේ නෑ.. ඊට පස්සෙත් ඔය ඉස්කෝලේ අමද්‍යප සංගමේ ක්‍රියාකාරින්ව ඉන්න කාලේ වාර අවසාන දවසට බියර් එකක රහ බැලුවට ඉස්කෝලෙ කාලෙන් පස්සේ මම බීලා නෑ කියලා ඕන තැනක මට කියන්න පුළුවන්..  නැත්නම් ඉතින් හොයන්න බලන්න කිසිම තහනම් දාන්න මෙහේ කවුරුවත් නැති එකේ කොහොම බොන්න බැරිද?

ප.ලි : අපේ අයියා නිතරම මගේ බ්ලොග් එක කියවනවා.. ඒ හින්දා මේකත් සමහර විට දකිවි.. දැක්කත් ඉතින් අපි මේ ගැන කතා නොකර ඉමු.. ඒ දවස් වල කරපු පිස්සු වැඩනේ.. අනික මම දැං එහෙම නෑ කියලා අයියා හොදටම දන්නවනේ.. J







  

37 comments:

  1. බියර් බොන එක ඇඟට හොඳයි..බොරුනං ඔබා මාමගෙන් අහන්න.....

    ReplyDelete
  2. ඒ බෝතල් වල ලස්සන දැක්කම නම් ආස හිතෙනවා තමා. ඇයි වයින් වල පාට..දැක්ක ගමන් බොන්නමයි හිතෙන්නේ...ඒත් තාම චෑන්ස් එකක් ලැබිලා නෑ..හි හි...අපේ ගෘහ මූලිකයා සෑහෙන විරුද්ධයි නේ ඕවට :-|

    ReplyDelete
  3. ඔයකාලෙට ඉතින් ඔහොම නෝටි වැඩ නොකර කොහොමද.. :D කොහොමින් හරි අයියට බටර් ගෑවා නෙහ් අන්තිමට.. :P මේ පාර ලංකාවට ගියාම හම්බවෙයි.. ;)

    ReplyDelete
  4. එවුනට විස්කි බඩේ අමාරුවට හොඳයි එකත් ඕනනං ඔබා මාමාගෙන් අහන්න..

    ReplyDelete
  5. අපි නම් ඒ දවස් වල ඒ කිව්වෙ පොඩි කාලෙ නෝටි නෑ..හරිම හොඳ ළමයි, ඔය ගමේ පෙරන රා මුට්ටි.....ස්ස්ස්ස්ස්ස්ස්ස්...කට කට...

    ReplyDelete
  6. හහා කතාව කියල හිමින් සැරේ අය්යවත් ෂේප් කරගත්ත..කමක් නෑ..ඒ පොඩි කාලෙනෙ..දැන් එහෙම නෑලුනෙ.. :D

    ReplyDelete
  7. ඒ බෝතලටික තාම තියනවද? නිකං දැනගන්න ඇහුවෙ:D

    ReplyDelete
  8. වැඩිය සැර නැති ජාතියක් වෙන්ටෑ.නැත්නම් ඒ වෙන කොටත් පුරුදු වෙලාද තිබුනේ ;))

    මොනවා වුනත් කමක් නෑ දැන් බොන්නෙ නැති එක නම් හොදයි...:))))

    ReplyDelete
  9. අඩේ බොන්නෙ නැත්තං අරවා ටික අපිට දියංකො..

    ReplyDelete
  10. math itin bonne nathi nisa hodai :P

    ReplyDelete
  11. malindata dan nam oya sample ekak buwoth kalani palamen pol lellak giya wage thiyei

    ReplyDelete
  12. පාසලේදීත් නිවසේදීත් එකසේ බැබලෙන කරුවක්! :D :D :D

    ReplyDelete
  13. මේ නෝටි වැඩේට නං දඬුවමක් දෙන්නම ඕනෙ.ආයෙ කළත් නොකළත් වැඩේ නෝටි නම් දඬුවමක් අවශ්‍යමයි.ඒ හින්දා පොඩි කාලේ කරපු නෝටි වැඩ ඔක්කොම ලියන්න ඕනෙ හොඳද අයියේ..

    ReplyDelete
  14. වැඩිය සැර නැති ජාතියක් වෙන්ටෑ.නැත්නම් ඒ වෙන කොටත් පුරුදු වෙලාද තිබුනේ ;))

    මොනවා වුනත් කමක් නෑ දැන් බොන්නෙ නැති එක නම් හොදයි...:))))

    ReplyDelete
  15. @ ඔබ නොදුටු ලොවක් : මාත් එහෙමනම් අහලා තියෙනවා.. බලමු මාමා ආවම කියාවිනේ ඒ ගැන.. :)

    ReplyDelete
  16. @ සයුරි : ඔව් අක්කේ.. මං ගාව දැනටත් තියෙනවා එක එක ජාතියේ බෝතල එකතුවක්.. මම ඒ ගැන පස්සේ දවසක පොස්ට් එකක් දාන්නම්කෝ.. ඔන්න ඔහේ පොඩ්ඩක් හොරෙන් රහ බලන්න අක්කේ...

    ReplyDelete
  17. @ නන්දු : ලංකාව ගියාම නෙමෙයි මෙහෙදිම හම්බෙන නිසානේ බටර් ටිකක් ගෑවේ..

    ReplyDelete
  18. @ අසරණයා : ඔව් ඔය කෑම දිරවන්න කෑමත් එක්ක වයින් වීදුරුවක් බොන්න කියලා මෙහෙ දොස්තරලා කියන්නේ.. ඔබා මාමා අද තාම නෑනේ..

    ReplyDelete
  19. @ Weni : එහෙනම් අයියා මංච් නයිස් වලටත් වැඩිය නයිස් ළමයෙක්නේ ඒ කාලේ.. :)

    ReplyDelete
  20. @ සිත්රූ සිහින : එහෙම නැතුව බෑනේ අක්කේ.. ඔව් ඔව්.. මම දැන් හොද ළමයා..

    ReplyDelete
  21. @ රාජ් : ගබඩාවෙන් භාගයක් ඉවර උනා අක්කගේ වෙඩින් එකට.. තව තියෙනවා.. ඉතුරු වෙලා තියෙන්න ඔක්කොම අවුරුදු 10කට වැඩි ඒවා..

    ReplyDelete
  22. @ නිසූපා : නෑ අක්කේ වැඩිය සැර නැති එකක්.. මේ අදාල මිත්‍රයා මට කිවුවා ඒක මර්ටීනි එකක් කියලා.. පොර ගාව තාම බෝතලේ තියෙනවලු.. :)

    ReplyDelete
  23. @ නරකයා : මේකනේ අපේ තාත්තා ඔය ටික එකතු කලේ වෙඩින් එකටනේ.. ඉතින් අක්කගේ වෙඩින් එකට පාවිච්චි කලා.. ඉතුරුවා අනිත් වෙඩින් එකට..

    ReplyDelete
  24. @ pubuduwa : ඒ ගැන ඉතින් මොන කතාද? මලින්දට විතරෙයි එහෙම වෙන්නේ??

    ReplyDelete
  25. @ තනි අලියා : අපි තුන් ඉරියවුවෙන්ම දක්ෂ ක්‍රීඩකයෝ..

    ReplyDelete
  26. @ සංජීව මලයා : හම්මෝ මේ දඩුවම සැර වැඩි නැද්ද මලයෝ.. හරි හරි හෙමීට ඒවත් ලියන්නම්කෝ..

    ReplyDelete
  27. @ නිසූපා : අක්කා ආයෙම ඇවිත්..

    ReplyDelete
  28. අයියා මේ පොස්ට් එක කියෙව්වෙම මල්ලිට මොනවහරි කියයිද මන්දා :D :D කොහොමත් ඔව්ව දාල තියෙන විදියට බොන්න ආස හිතෙනවානම් තමා...

    ReplyDelete
  29. නෝටි නෝටි...ඉස්කෝලේ යන කාලේ කරලා තියෙන වැඩක්!!! අන්තිමට අය්යටත් බටර් තලියක් ගාල.

    ReplyDelete
  30. අයියාට පට්ට කොල්ලො සෙට් එකක් ඉදලා තිනවනේ..
    ඔහොම කිව්වට අයියත් මජ්ජ පමා ද දන්නේ නෑ.... හි හි..
    ඔහොම එවුන් සෙට් එකක් ඉන්නවනම් ලොවෙත් නෑ ඉතින.

    ReplyDelete
  31. @ මන්තර කාරී : අනේ එහෙම කියන්න එපා අක්කේ.. :(

    ReplyDelete
  32. @ ChammA : දැම්මට මොකද මාත් මේ කල්පනා කරන්නේ ඒක තමයි..අවුලක් වෙන එකක් නෑ..

    ReplyDelete
  33. @ Shani : ඉස්කෝලේ යන කාලේ තමයි නංගී කවුරුත් ඔය වගේ වැඩ කරන්නේ.. නොලිවුවට ඔයාලත් එහෙම වැඩ කරලා ඇති..

    ReplyDelete
  34. @ රහස් පරීක්ෂකයා : ආයෙත් අහලා.. ඒ කට්ටිය නම් දැං වතුර නොබී බොන්නේ මේවලු.. මම දැන්නම් මජ්ජ පමාවත් නෑ මලේ..

    ReplyDelete
  35. බියර් එකක් බිවුවට අවුලක් නෑ. එව්වත් ඈඟට ඕනේ....

    ReplyDelete
  36. බියර් එහෙම තියෙනවනම් කියන්න.
    මම ආස බියර් බෝතලයල් ස්ට්‍රෝ එකක් දාලා බොන්න. මට ඔය බයිට් එහෙම ඕනේ නෑ. නිකන් නෙක්ටෝ එකක් වගේ බීලා දාතෑකි.

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්