Sunday, 1 January 2012

24කුත් උනා එහෙනම්



කෝ කෝ මේ නත්තල් පාටි අවුරුදු පාටි වලට ගිය අපේ කට්ටිය පොඩ්ඩක් මේ පැත්තටත් ගොඩ උනානම්.. අද මෙහෙත් පාටියක්.. තව අවුරුද්දකින් මම වයසට යාමේ ප්‍රීතිය නිමිත්තෙන් දෙන මගේ 24 වෙනි උපන්දින පාටිය.. දන්නෙම නැතුව 24කුත් උනා එහෙනම්.. J

මේ අපේ අක්කලා නංගිලා ටික මේ පැත්තෙන් ඇවිත් ඉදගත්තනම්..




හරි හරි.. අයියලා මල්ලිලාට තමා මේ පැත්ත..




කේක් කපන්න තව වෙලා තියෙනවා.. නිසා පොඩ්ඩක් සප්පායම් වෙලා ඉමු..

හිතේ සතුටටත් එක්ක මෙහෙම වර්චුවල් පාටි එකක් දැම්මට ඇත්තටම අද අපේ ගෙදරනම් කිසිම දෙයක් නෑ.. අද මට තවත් එක දවසක් විතරමයි.. පහුගිය හැම උපන්දිනේකටම අම්මා හරි තාත්තා හරි මාත් එක්ක හිටියා.. අඩු ගානේ උදේට කිරිබතක් හරි උයන්න.. ඒත් මේ අවුරුද්දේ ඉදන් ඉදිරියට එහෙම කිසිම දෙයක් මට බලාපොරොත්තු තියා ගන්න බෑ.. තාත්තත් ලංකාවට නවතින්න ගියාට පස්සේ ඉතින් මං වෙනුවෙන් කවුද එහෙම කරන්නේ.. අඩු ගානේ අම්මයි තාත්තයි අක්කයි අයියයි අපි පස්දෙනාම එකට ඉදලා සමරපු උපන් දිනයක් තියෙනවද කියලා මට මතක නෑ.. මට අවුරුදු 5ක් හරි 6ක් හරි වෙද්දි තමයි අපේ තාත්තා ඉතාලියට ආවේ.. ඉතින් ඊට කලින් උපන්දින සමරන්න තරම් පුළුවන් කමක් අපිට තිබිලා නෑ.. ඉතින් අද මම තනියම..

හරි හරි.. උපන්දිනේ දවසේ මොකටද දුක හිතෙන කතා.. මම මෙහේ එන්න කලින් උපන්දිනේ දවසක උන රසබර සිද්දියක් කියන්නම්කෝ කට්ටියට.. 



අවුරුද්දනම් හරියටම මතක නෑ.. කොහොම උනත් අවුරුදු 4කට කලින් කියලනම් මතකයි.. මොකද මම දැන් ඉතාලි ඇවිත් අවුරුදු 4ක්නේ.. ඉතින් එක අවුරුද්දක අපි යාළුවෝ ටික එකතු උනා මගේ උපන්දිනේ දවසේ.. අපේ අක්කත් ඉතින් අළුත් අත්හදා බැලීම් මොනාදෝ වගයක් කරලා කෑම මේසෙත් හොදට දාලා තිබුනා.. ඉතින් ඉස්මුරුත්තාව හැදෙන කම් අපිත් අඹරලා එහෙම මගේ කාමරේ පැත්තට වෙලා පොඩි කයියක් දාගෙන හිටියා..

ඔය ඉතින් දවස වල අල්ලපු ගෙදර නිලිය හිටපු නිසා අපේ කට්ටිය කොයි වෙලාවේ ගෙදරට ආවත් බිත්තියට කන දීගෙනම තමයි වාඩි වෙන්නේ.. පැය 24 මට ඇහෙන රේඩියෝ එක උන් පොඩ්ඩක් ඇහුවම මොකො කියලා ඉතින් මාත් මුකුත් කියන්නේ නෑ.. හරි ඒක නෙමෙයි හැබැයි කතාව.. J

ඔය කාලේ අපිට හෙනම රෙස්ලින් පිස්සුව.. අනිත් උන්නම් කොහොමද මම දන්නේ නෑ.. මම නම් අදටත් හැම ශෝ එකක්ම බලනවා.. ඇත්ත බොරු කෙසේ වෙතත්.. ඉතින් අපි සෙට් වෙන වෙලාවට ගොඩක් වෙලාවට කරන්නේ ඔය එක එක පාරවල් අත් හදා බලන එක තමයි.. අපේ මලයා ඉතින් උස මහත අලියා වගේ එකානේ.. ඉතින් ඌටම ගැලපෙන චරිතයක් ඉන්නවාබිග් ශෝකියලා.. ඉතින් ඒකගේ ශොට් තමයි ගහන්නේ.. තව අපේ සෙට් එකේ ජෝන් සීනා,රේ මෙස්ටීරියෝ වගේම බැටිස්ටා හිටියා.. හරි දැන් කට්ටිය අහන්නේ මං ගැනනේ.. මගේ ඉතින් එදත් අදත් ප්‍රියතම කෙනා මිය ගිය මිනිසා තමයි.. J

ඉතින් එදත් කාපුවා බහින්නත් එක්ක එක එක සෙල්ලම් දදා ඉද්දි අපේ මලයයි මමයි ටැග් මැච් එකක් ගහන්න හිතුවා.. ඔය බිග් ශෝටයි මිය  ගිය මිනිසාටයි තියෙනවා බෙල්ලෙන් අල්ලලා උස්සලා බිමට හගන පාරක්.. හරි හරි කට්ටිය බය වෙන්න එපා ඉතින්.. ඉතින් අපි දෙන්න එකතු වෙලා අල්ලගත්තා රේ මිස්ටීරියෝව.. එකා ඉති සරීරෙනුත් පොඩි එකා.. දෙන්නම මෑන්ව බෙල්ලෙන් අල්ලලා ඉස්සුවා.. අපි දෙන්නගේ උසත් එක්ක බලද්දි පොරව ඉස්සුවාම මගෙ හිතේ සිවිලිම ලගට විතර ආවා.. එහෙමම තිබුනේ මගේ ඇද.. අත ඇරියා අරුව ඇද උඩට.. J

මොනා වෙන්න ඇත්ද?? ඉන්නකො ඉතින් කියන්න.. ඇදේ පොලු ටිකත් කඩාගෙන අරූ බිම.. අපිත් ඉක්මන් කරලා අරූව උස්සලා ගත්තා.. ඌට අවුලක් නෑ.. ඒත් ඉතින් මගේ ඇද.. හොද වෙලාවට පොලු පැන්නිලා විතරයි.. ඒත් එකක් කැඩිලා.. අපි ඉතින් සද්ද නැතුව ඒක හදද්දි මෙන්න එනවා අපේ අම්මා..

මොකද උනේ?”

ඇද කැඩුනා..”

මොනා කරන්න ගියාද?”

මල්ලි වාඩි උන පාර කැඩුනා..”

අරූ ඉතින් අලියා නිසා අම්මා හිනා වෙලා යන්න ගියා.. අපිත් පාටිය පැත්තක දාලා බසුන්නැහේලා වගේ ඇද හැදුවා.. තාම මම පාවිච්චි කරන්නේ ඔය ඇද.. එදයින් පස්සේ ඒකේ සද්ද වැඩියි.. හරි කරදරේ.. මූ ඉතින් අවුරුද්දකට විතර සැරයක්නේ ඕකේ බුදියන්නේ කියලා අපේ තාත්තා ඇද මාරු කරලා නෑ. L
  
හරි එහෙනම් කට්ටිය අපි කේක් කපමු නේද? මේක ඇතිනේ


82 comments:

  1. ඇඳ සද්දේ හොඳ නැහැ.ඊලග නිවාඩුවට ගියාම අලුත් ඇඳක් ගන්න.එහෙනම් සුභ උපන්දිනයක් වෙන්න කියල බොක්කෙන්ම ප්‍රර්ථනා කරනවා.පාටියට ආවට මොනවත් ගෙන්න බැරි උනා.

    ජයෙන් ජය!!

    ReplyDelete
  2. patta hina....
    upan dinetath suba pethum aiyandiye.

    ReplyDelete
  3. සුභ උපන් දිනයක් වේවා !!

    ReplyDelete
  4. උපන්දිනේ දවසේ තනියම කිව්වා.. හෑ!! එහෙම කොහොමද මේ අපි ඉන්නේ ...

    මල්ලිට වාසනාවන්ත සුබම සුබ අපන්දිනයක් වෙන්න කියලා ඔනන් මම සුබ පැතුවා!!

    ReplyDelete
  5. සුභ උපන්දිනක් සහ සුභ නව වසරක් වේවා!

    ReplyDelete
  6. ඔන්න එහෙනම් දිනේෂ් අයියේ මගේ උණුසුම් සුභ පැතුම් 24 වෙනි උපන්දිනේට. කේක් නම් ඉතින් කුරියර් කරලා වත් එවන්න වෙයි.:)

    ReplyDelete
  7. සුබ උපන් දිනයක් වේවා මචන්..

    ReplyDelete
  8. සුභ උපන්දිනයක් වේවා මලයෝ.

    ReplyDelete
  9. අපොයි ඔය මැදැයි , එහෙනං සුබ උපන් දිනයක් වේවා....

    ReplyDelete
  10. සුබ උපන් දිනයක් මලයෝ...

    ReplyDelete
  11. සියක් ආයු ලැබ මගෙත් ආයු ගෙන මටත් වඩා කල් ඔබ ජීවත් වේවා!

    ReplyDelete
  12. සුභ උපන්දිනයක් වේවා මල්ලි....

    කේක් එක නම් රස පාටයි.ස්ක්‍රීන් එක තමා ලෙව කන්න වෙන්නෙ. :( මගෙ ස්ක්‍රීන් එකේ දූවිලි.

    ReplyDelete
  13. සියල් සුපැතුම් ඉටුවන
    පැහැබර අනාවක අරුණළු දකින
    සිත් තුටින් නැලවෙන
    සුභම සුභ උපන් දිනයක් සොයුර...

    ReplyDelete
  14. වෙලාවට එතන ඉදගත්තම ඇඳක් කඩෙන සයිස් කෙනෙක් හිටියේ.. නැත්තම් අම්ම මොනවා හිතයි ද.. හිකිස්..

    අවුලක් නෑ අයියා.අන්තර්ජංජාලය නිසා දැන් අපි ඉන්නේ විශ්ව ගම්මානෙක නේ. ඔන්න අපිත් එනවා අයියගේ පාර්ටි එකට.. අයියට සුබම සුබ උපන්දිනයක් වේවා! :DD

    ReplyDelete
  15. සුභ උපන්දිනයක් මලේ..

    ReplyDelete
  16. සුභම සුබ උපන්දිනයක් වේවා අයියේ,, ඔහොම පින්තුර කේක් දීලා නම් බේරන්න බැහැ හරිද...

    ReplyDelete
  17. සුබ උපන් දිනයක් යාළුවා...
    තමන්ගේ අය නැතුව එන උපන්දින වල කිසිම උත්සවාකාරී ගතියක් නැහැ තමයි

    ReplyDelete
  18. // එදයින් පස්සේ ඒකේ සද්ද වැඩියි.. හරි කරදරේ..//

    නිදා ගත්තම ඇඳ මොකද සද්ද වෙන්නෙ?

    ReplyDelete
  19. සුභ උපන්දිනයක් හා සුභ අලුත් අවුරුද්දක් වේවා බොස්!

    https://mzkg6w.blu.livefilestore.com/y1pqSeXlQrl54d0GYlOFirM80wCVWqmNeMK9NVqbbI33KlgkGtAPjiTbSNSWt-ad-OKDFd1wQCm6QKtFpQ-1QfkCw/05%20numb%20piano.mp3?download&psid=1

    ReplyDelete
  20. සුබ නව වසරක් වේවා...

    ReplyDelete
  21. @ අසරණයා : මාත් එහෙම තමයි හිතන් ඉන්නේ.. තව කල් ඕක පාවිච්චි කරන්න බෑ.. තෑන්ක්ස් මලේ..

    ReplyDelete
  22. @ Anonymous : ස්තූතියි යාළුවා..

    ReplyDelete
  23. @ ඔබ නොදුටු ලොවක් : ගොඩක් ස්තූතියි අයියේ..

    ReplyDelete
  24. @ සුදු හංසි : මම දන්නවා අක්කේ ඔයාල මාත් එක්ක ඉන්නවා කියලා.. තෑන්ක්ස් සුභ පැතුමට..

    ReplyDelete
  25. @ පූසා : තෑන්ක්ස් මචං.. ඔබටත් සුභ නව වසරක් වේවා!!

    ReplyDelete
  26. @ Kasun : කුරියර් එකේ එද්දි කේක් එකේ ඔය ඉන්න ස්කුබි ඩූවා ඉන්න එකක් නෑ.. :) තෑන්ක්ස් සහෝ..

    ReplyDelete
  27. @ පිස්සා පලාමල්ල : තෑන්ක්ස් මචං..

    ReplyDelete
  28. @ රාජ් : ගොඩක් ස්තූතියි රාජ් අයි‍යේ..

    ReplyDelete
  29. @ සයුරි : හැමදාම ඉස්සෙලා එන අපේ අක්කා අද පරක්කු වෙලා..:( කමක් නෑ.. තෑන්ක්ස් අක්කේ සුභ පැතුමට..

    ReplyDelete
  30. @ sameera : මම හිතුවා අපේ අයියලාට මල්ලිලාට අර ටික මදි වෙයි කියලා..:) තෑන්ක්ස් යාළුවා..

    ReplyDelete
  31. @ ලහිරු : මම හිතන් හිටියේ අපි එක වයසේ කියලා.. ගොඩක් ස්තූතියි අයියේ..

    ReplyDelete
  32. @ බට්ටී : අක්කේ මං අර ඉල්ලපු තෑග්ග ලෑස්තියිනේ.. මං ලංකාවට ආවම එනවා ඒක අරගන්න.. ස්තූතියි අක්කේ හදවතින්ම කල සුභ පැතුමට..

    ReplyDelete
  33. @ නිසුපා : එහෙනම් ස්ක්‍රීන් එක ලෙවකන්න එපා අක්කේ.. ඔය දූවිලි ටික බඩට ගිහින් ලෙඩක් එහෙම හැදුනොත්.. තෑන්ක්ස් අක්කේ සුභ පැතුමට..

    ReplyDelete
  34. @ රූ : ගොඩක් ස්තූතියි අක්කේ කවියෙන් කල ඒ සුභ පැතුමට..

    ReplyDelete
  35. @ Ice (අයේෂා කුලතුංග) : ඒකනේ නංගී.. හොද වෙලාවට අලි පැටියෙක් හිටියේ.. ඇත්ත නංගී.. මම ගිය අවුරුද්දේ උපන්දිනේට මෙහෙම පෝස්ට් එකක් දැම්මේ නෑ.. තනිකම නිසයි මම මේ අවුරුද්දේ මෙහෙම දැම්මේ.. තෑන්ක්ස් නංගී සුභ පැතුමට..

    ReplyDelete
  36. @ ඉදුනිල් : තෑන්ක්ස් අක්කේ..

    ReplyDelete
  37. @ වර්ණා : ඔයා මේ අවුරුද්දේ මෙහෙ ආවම මම ලබන අවුරුද්දේ පාටි එකට ඔයාට කේක් දෙන්නම්කෝ.. තෑන්ක්ස් නංගී..

    ReplyDelete
  38. @ ලොකු පුතා : ඔව්.. අද දවසත් ඉතින් වෙනදා වගේම ගෙවිලා යාවි.. බ්ලොග් එකයි මුහුණු පොතයි නිසා ටිකක් විතර ඒ තනිකම නොදැනේවි.. තෑන්ක්ස් යාළුවා සුභ පැතුමට..

    ReplyDelete
  39. @ Observer : මේකනේ ඔබා මාමේ.. ඇදේ ඉතින් එකම විදිහා නිදා ගෙන ඉන්නේ නෑනේ.. ඉතින් එහා මෙහා වෙද්දි සද්දේ එනවා..

    ReplyDelete
  40. @ තනි අලියා : තෑන්ක්ස් අලි මල්ලියේ..

    ReplyDelete
  41. @ කල්ප : තෑන්ක්ස් යාළුවා.. ඔබටත් සසුභ නව වසරක් වේවා!!

    ReplyDelete
  42. සුබ උපන්දිනක්

    ReplyDelete
  43. මල්ලි පික්ෂු කෙලින්න එපා..... හික්..... බිවව කියල අපි කන්නෙ නෑනෑ....ද...

    ඉදංප්පං අපි අර නංගිලගෙ මේෂෙ ගාවට ගිහිල්ල එනක්ං

    ReplyDelete
  44. ande sadda anawanam balagenae malli,monwa unath subama suba upandinayak wewaaaaaaaaaa

    ReplyDelete
  45. ඔන්න මාත් ආව අයියගේ පාටි එකට..අයියාට හැපී මෙව්වා එකක් වේවා!!!

    ReplyDelete
  46. අහ්හ්.. මගේ අයියාගෙ උපන් දිනේ....:D අයියා වයසට ගිහින් නෙ....;)කල වයසත් හරි ;) 24ක් කියන්නෙ දැන් වයස හරි..අක්කි ව කැන්දන් එන්න...
    ම්ම්...
    අයියාට මේ ලබපු උපන් දිනේ වාසනාවන්ත, නීරෝගී,සුභම සුභ උපන් දිනයක් වේවා කියලා හිතූ සුභ පතනවා!!!
    ජය වේවා අයියා!!

    ප.ලි-කේක් වලට ස්තූතියි

    ReplyDelete
  47. @ Dush : Thank you so much...

    ReplyDelete
  48. @ පොඩි මෑන් : කවුද අයියේ එපා කිවුවේ.. කන්න බොන්න ප්‍රීති වෙන්න.. තෑන්ක්ස් හොදේ..

    ReplyDelete
  49. @ dilanka : තෑන්ක්ස් දිලංක අයියේ.. ඇදට මොනවා හරි කරන්න ඕන.. :)

    ReplyDelete
  50. @ Shani : තෑන්ක්ස් නංගී.. කේක් කෑල්ලක් කාලම යන්න හොදේ..

    ReplyDelete
  51. @ හිතුවක්කාරී : ඔන්න ඔන්න අපේ හිතූ නංගී වැරදි පාරේ යන්න හදන්නේ.. මෙයාලට අපි මෙහෙම ඉන්නවා බලන් ඉන්න බෑ.. 24 කියන්නේ වයසක්ද? මම තාම පොඩි එකා.. :)

    සුභ පැතුමට ගොඩක් ස්තූතියි නංගී..

    ReplyDelete
  52. සුභම සුභ උපන්දිනයක් වෙිවා... කේක් කෑල්ලකින් අපිට සංග්‍රහා කරපු නිසා ගොඩාක් ස්තුතියි. ඔයාගේ සියළු ප්‍රාර්ථනාවන් මල්ඵල ගැන්වෙන වසරක්ම වෙිවා.....!!!!

    ReplyDelete
  53. මට කේක් කෑල්ලක් කාලා බොන්න ඇපර් ෆ්ලේවර් එක තියෙන වොඩ්කා පොඩ්ඩක් තිබ්බා නම් මරු.
    වොඩ්කා චුට්ටයි ඕනේ.

    මල්ලිට සුබ උපන්දිනයක් වේවා !!!! (දිනේෂ් මල්ලි අපේ මල්ලිගේ වයසේ.)

    ReplyDelete
  54. සුබ උපන්දිනයක් යාලු.....!!!!!!!!!!!

    ReplyDelete
  55. සුබම සුබ උපන් දිනයක් දිනේශ් මල්ලියෝ....අනාගතය වාසනාවන්ත වේවා !

    ReplyDelete
  56. පතමි ,
    ආයුබෝවන්න
    සුභ උපන්දිනයක් යැ
    හැමදාම ලෙංගතුව
    මිතුදමින් ලංව හිඳ . . . :)

    ReplyDelete
  57. පව් අර අහිංසක මල්ලියා.. :D කොහොම හරි මල්ලියගෙ පිටට වැරැද්ද පැටෙව්වා නෙහ් උපන්දිනේ දවසේ.. තාත්තා දන්නවා දිනේෂ්ගෙ හැටි.. ඒකනේ තවම ඒකට දඩුවමක් දෙන්නෙ.. :P

    සුබම සුබ උපන්දිනයක පැතුම් ඉටුවෙන සුබ අනාගතයකට සුබ පැතුම්..!!! :)

    ReplyDelete
  58. මම දැන්නෙ දැක්කෙ පාටිය. :D සුභ උපන්දිනයක් ආයෙමත්.

    ReplyDelete
  59. @ Sihina : ගොඩක් ස්තූතියි සිහින.. ඇත්තටම සැමරුමක් නැති අද දවසේ මේ වර්චුවල් පාටි එක මට සතුටක් ගෙනාවා..

    ReplyDelete
  60. @ මධුරංග : අයියා ඉතින් මට මගේම අයියා කෙනෙක් වගේනේ.. ඒ කියන්නේ අයියට smirnoff green apple vodka එකක්ද ඕන??

    ReplyDelete
  61. @ අසනි : සුභ පැතුමට ගොඩක් ස්තුතියි යාළු..

    ReplyDelete
  62. @ දිල් : ගොඩක් ස්තූතියි දිල් අක්කේ.. මම ඒත් පාටියට එන්න පරක්කු මොකද කියලා බැලුවා..

    ReplyDelete
  63. @ සිතුම් ප්‍රියංගා :

    ස්තූතියි හදවතින්ම
    නුඹ ගෙනා සුභ පැතුමට..

    ReplyDelete
  64. @ නන්දූ : අහිංසක මල්ලියා.. ඒ ගැන ඉතින් අපි පස්සේ දවසක කතා කරමුකෝ.. මේ පාර ගියාමනම් මම අළුත් ඇදක් ගන්නවා.. :)ගොඩක් ස්තූතියි නන්දු සුභ පැතුමට..

    ReplyDelete
  65. @ නලිනි චන්දිමා : ඒකනේ අක්කේ.. අක්කා වැඩට ගිහින් එද්දි පාටිය පටන් අරගෙන.. තෑන්ක්ස් අක්කේ..

    ReplyDelete
  66. අනේ.. සුබම සුබ උපන්දිනයක් වේවා..ඔයා මට නංගි කිව්වට මම අක්කෙක්නෙ..හි හි

    ReplyDelete
  67. හිකිස්‌....,, සෙට් වෙන අයට සෙට් වෙන්න..අනිත් අයට අනිත් විදියට..සර්ව සම්පුර්ණ වරටුවල් පාර්ටියක්.. !!!

    ReplyDelete
  68. සුභ උපන්දිනක් සහ සුභ නව වසරක් වේවා!

    ReplyDelete
  69. සුභ උපන්දිනයක් මචන්.සුභ අලුත් අවුරුද්දකුත් වේවා

    ReplyDelete
  70. සුබ උපන්දිනයක් අය්යේ
    එකනේවි නිදාගන්න ඇදෙ කොහෙන්ද බං අය්යේ සද්ද එන්නේ

    ReplyDelete
  71. සුබ උපන්දිනයක් වේවා!!
    මැණික්

    ReplyDelete
  72. හයියෝ... දැන්නෙ දැක්කෙ....

    සුභ උපන් දිනයක් දිනේෂ්...!!
    පරක්කු උනාට සමාවෙන්නෝනෙ....

    ReplyDelete
  73. @ සිත්රූ සිහින : අනේ සමාවෙන්න ඕන මට.. අක්කා වගේම තව දෙතුන් දෙනෙක්ම මට වඩා වැඩිමල් කියලා මම දැනගත්තේ අදනේ.. හොද වෙලාවට මම මේ පෝස්ට් එක දැම්මේ.. :)

    ReplyDelete
  74. @ ChammA : ඔව් චම්මා.. නැත්නම් අපේ අයගෙ වලි බේරන්න ඕනනේ මම..

    ReplyDelete
  75. @ ඊ මේල් කවි කාරී : තෑන්ක්ස්.. ඔබටත් සුභ නව වසරක් වේවා!

    ReplyDelete
  76. @ කස්සා : තෑන්ක්ස් මචං.. සුභ අළුත් අවුරුද්දක් ඔබටත්..

    ReplyDelete
  77. @ මහිම මධුරංග : ඒ ගැන මම ප්‍රයිවට් එකේ කියන්නම්කෝ.. තෑන්ක්ස් මලයා..

    ReplyDelete
  78. @ මැණික් : තෑන්ක්ස් මැණික් අක්කේ..

    ReplyDelete
  79. @ Miyuru : පරක්කු උනායින් පාඩුව අක්කටම තමයි.. දැං ඔන්න කේක් ඉවරයි හොදේ.. ආයේ ලබන අවුරුද්දේ.. තෑන්ක්ස් විශ් කලාට..

    ReplyDelete
  80. මුණු පොතේ පතපු පැතුමම පතනවා අයියා......සියළු පැතුම් ඉටුවෙන සතුට සැනසිම පිරුණ සුභම සුභ උපන්දිනයක් වගේම මේ අවුරුද්දේ ඔය තනිකඩ ජීවිතේන් මිදෙන්න ලැබේවා කියලා හදවතින්ම පතනවා......!!!!

    ReplyDelete
  81. සුභ උපන්දිනයක් වේවා. සියලු පැතුම් ඉටුවන වාසනාවන්ත අනාගතයකට සුභ පැතුම්!!!

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්