හෙට
අලූත්
අළුයමක්.. ඔව් ඇත්තෙන්ම හෙට අළුත් අළුයමක්.. වෙනදා වගේම උනත් හෙට මේ අළුයමේ වෙනස් හැගීමක් තියේවි.. ඒ නව වසරක ආරම්භය අරගෙන මේ අළුයම එන නිසා..2011 අවුරුද්දත් දැන් අතීතයට එකතු වෙලා ඉවරයි.. කාලය දැන් හරිම වේගවත් කියලා මට වෙලාවකට හිතෙනවා.. අවුරුද්දක් ගෙවුන ඉක්මන කියලා ගොඩක් දෙනෙක්ට හිතෙනවා වගේම මටත් හිතෙනවා..
ගෙවුන
අවුරුද්දේ
මම ඇතුළු අපේ පවුලේ අය ගොඩක් අසාවෙන් බලා හිටපු දවසක් උදා උනා.. ඒ අපේ අක්කගේ වෙඩින් එක.. අපේ තාත්තා දැක්ක ලොකුම හීනේ ඒක.. මේ අවුරුද්ද ගෙවිලා අළුත් අවුරුද්ද ලබද්දි අද අපි හැමෝම සතුටින්.. ඒත් ඉතින් මේ හැම සතුටක්ම දුර ඈත රටකට වෙලා බලන් ඉන්න වෙන එක ගැනනම් මගේ හිතේ තියෙන්නේ දුකක්.. මේ බැදීම් හරි අපූරු නිසා දුරින් ඉදගෙන උනත් ඒ සතුට හදවතින්ම විදගන්න පුළුවන් වෙලා තියෙනවා..
අවුරුද්දක් කියන්නේ ඇත්තටම
මහා ලොකු කාලයක්.. මේ ගෙවෙන එක මොහොතක් අපේ ජීවිතයක් සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න පුළුවන්නම් අවුරුද්දක කාලය අපේ ජීවිත වලට මොන තරම් නම් බලපෑම් කරාවිද? දුක, සතුට, ආදරය වගේ හැගීම් මේ කාලයේ අපේ හිත් වලට ඇතුල් වෙලා අපිටත් නොදැනිම ඈතට යන්නත් ඇති.. ඒ වගේම වටිනා අවස්ථානම් අපි කොයිතරම් මග ඇර ගන්න ඇත්ද? මමත් එහෙමයි.. “එදා මම එහෙම කලානම්” කියලා හිතෙන තැන් කීපයක්ම මේ ගෙවෙන අවුරුද්දේ මගේ මතක අතර තියෙනවා.. ඒත් ගිලිහුන අවස්ථා ගැන දැන් පසුතැවිලා වැඩක් තියෙනවද?
“ අළුත් අවුරුද්දක් - අළුත් ජීවිතයක්..” අද අපේ ලොක්කා අළුත් අවුරුද්දට මට සුභ පතන ගමන් කිවුවා.. ඇත්ත අළුත්
අවුරුද්දක් එක්ක
හැම දෙනාම තමන්ගේ ජීවිතේටත් අළුත් බලාපොරොත්තු ලං කර ගන්නවා.. ඒත් මගේ ජීවිතේට එහෙම අළුත් බලාපොත්තුවක් මේ අවුරුද්ද පටන් ගනිද්දි නෑ.. ඒ මම මීට ටික කාලෙකට කලින් මගේ ජීවිතේ අළුතින් පටන් ගත්ත නිසා.. එතනින් එහාට මගේ ලොකු බලාපොරොත්තු නෑ.. ගෙවෙන හැම මොහොතක්ම කලින් ගෙවුන මොහොතට වඩා හිතේ සතුටින් ගෙවන්න පුළුවන්නම් මට ඒ ඇති..
අවුරුද්දක ගමන්
මග ගැන කතා නොකර අපි උදාවෙන හෙට දවස ගැන කතා කරමු.. මං හිතනවා ඒක ගොඩක් වැදගත් වේවි
කියලා.. එලබෙන අවුරුද්දේ අපි අපි ගැනම තීරණ ගන්නවා වගේම බලාපොරොත්තු තියා ගන්නවා වගේම
අපි අපි වටා ඉන්න අනිත් අය ගැනත් හිතුවොතින් ඒ හැගීම අපිට භාහිරින් ලබාගන්න දේවලට වඩා
හිත ඇතුලෙන් ලොකු සතුටක් ගේනවා නේද?? වෛරය ඉරිසියාව අපේ හිත් වල පොඩ්ඩක් හරි තියෙනවා..
අපිට පුළුවන්නම් මේ දේවල් හිතින් අයින් කර ගන්න එලබෙන අවුරුද්ද තමන්ට මගේම තමන් වටා
ඉන්න අයටත් සුභ වසරක් කරන්න පුළුවන් වේවි කියලා මම හිතනවා..
බ්ලොග් ලියන,
කියවන ඔබ සැමටම උදාවෙන වසර සාමකාමී සුභ නව වසරක් වේවා!!
අරුණොදය හෙට උදයේ දකින
නව වසරක නැවුම් බලාපොරොත්තුවක
පැතුම් ඉටු වෙන ඉසුරුබර හෙටක
සුභ මොහොතක ඇරඹුම..
එක් උන වසර අතීත මතක පොතට
ගෙනා දේ බෝමයි හොද නරක කැටි උන
සතුටු සිතින් බලා ඊයේ දවස
අරඹමු හෙට බලාපොරොත්තු ඉටු වෙන්නට..
බොද උන හීන ගොන්න
එක් කර ගමු එක මිටකට
ඉටු කර ගමු අපි ඊයේ පැතුම
හෙටින් ඇරඹෙන නව වසරක..
මිතුරු ඔබ හැම මොහොතක හිටිය
පතමි මම සතුටු සිතින් නුඹට අද
හෙටින් උදා වෙන නව වසර
ජය ගෙනෙන වසරක් වේවා හැමට..







