ජීවිතේ
මේ තනිකම දැන් නම් දරාගන්න අමාරුයි මට තනියම.. ඒත් මම මොනවා කියලා කරන්නද? අතීත මතකයන් කන්දක් පාමුල මං නැවතිලා.. ඒ මතකයන් දිගේ ගිහින් ජීවිතය හොයා යන්න හිතුනත් මං අතර මගදී ඒ මතකයන් වල අතර මං වේවි කියලා මට හිතෙනවා.. ඒත් ඒ මතක අත ඇරලා වෙන පාරක යන්න හිත හදා ගන්න කොටම ඒ සොදුරු කටහඩ ආයෙම මාව ඒ ලෝකෙටම අරගෙන යනවා..
“ තාත්තී.. අම්මි කවද්ද අපි ලගට එන්නේ?”
අපේ
පුංචි
කෙල්ල
හුරතල්
වෙවි එහෙම අහද්දි මං මොනවා නම් කියලා කියන්නද? ඒත් හැමදාම ඒ පුංච් ඇස් දිහා බලාගෙන බොරුවක් කියන්න තරම් ශක්තියක් මේ හිතේ නෑ..
“ දුවේ ඔයා ඉක්මනට ලොකු වෙනවනම්..”
මං
මගේ හිතින් හිතන වාර අනන්තයි.. ඒ එතකොට දවසක ඔයාටම ඔයාගේ අම්මා ආයෙමත් එන්නේ නෑ කියලා තේරුම් ගන්න පුළුවන් වෙන නිසා මිසක් ඔයාව මට බරක් නිසා නෙමෙයි මගේ රත්තරං දුවේ.. මොනතරම් දේවල් මං ඔයගේ ජීවිතේට ලං කලත් ඔයාගේ හිතේ තියෙන දුක මං දන්නවා.. ඒත් ඒ ආදරය මං කොහොමද ආයෙමත් ඔයා ලගට අරගෙන එන්නේ..
මේ
ජීවිතේ
එක තැනකදි වැරදුනා.. ආයෙම හදාගන්න බැරි තරමට.. ඒත් ඒකෙන් අද දුක් විදින්නේ පුංච් ඔයා.. මේ කිසිම දෙයක් නොදැන ඔයා සමහර දවස් වලට අහිපිල්ලමක් වත් නොගහා පාර දිහා බලං ඉන්නවා මං දකිනවා.. ඒ ඔයාගේ අම්මා ආයෙම ඔයාව බලන්න ඒවියි කියලා හිතාගෙන කියලා මං දන්නවා..
ඒ
බලාපොරොත්තුව
මගේ හිතෙත් තියෙනවා.. දවසක මේ හැම දෙයක්ම ආයෙම ඉස්සර තිබුනා වගේම ලස්සනට තියේවි කියලා.. ඒත් ඒක බලාපොරොත්තුවක් විතරක්ම වේවිද කියන්න මං දන්නේ නෑ..
හඩන
සිතක්
ලග
කඳුළු
සලන දෙනෙත් පාමුල
ආදරයට
ආදරය තවරන්න
යලිත්
ඔබ එනවාද
අපේ
මේ පාළු ලෝකෙට..
නුඹෙන්
වෙන් උන
දින
ඉදන් මම
සිනාසුන එක්
මොහොතක්
තිබුනේ
නෑ මට
ගෙවුන
මේ කාලය පුරාවට..
නුඹේ
හිතටත්
මට වගේම
දුක
දැනෙන
මේ අදුරු මතකයන්
මකා
දමා අප
යලි
එක් වෙමුද
පෙර
පුරුදු
විදිහට..








