Wednesday, 30 November 2011

එනවාද ආයෙමත් නුඹ


ජීවිතේ මේ තනිකම දැන් නම් දරාගන්න අමාරුයි මට තනියම.. ඒත් මම මොනවා කියලා කරන්නද? අතීත මතකයන් කන්දක් පාමුල මං නැවතිලා.. මතකයන් දිගේ ගිහින් ජීවිතය හොයා යන්න හිතුනත් මං අතර මගදී මතකයන් වල අතර මං වේවි කියලා මට හිතෙනවා.. ඒත් මතක අත ඇරලා වෙන පාරක යන්න හිත හදා ගන්න කොටම සොදුරු කටහඩ ආයෙම මාව ලෝකෙටම අරගෙන යනවා..

තාත්තී.. අම්මි කවද්ද අපි ලගට එන්නේ?”

අපේ පුංචි කෙල්ල හුරතල් වෙවි එහෙම අහද්දි මං මොනවා නම් කියලා කියන්නද? ඒත් හැමදාම පුංච් ඇස් දිහා බලාගෙන බොරුවක් කියන්න තරම් ශක්තියක් මේ හිතේ නෑ..

දුවේ ඔයා ඉක්මනට ලොකු වෙනවනම්..”

මං මගේ  හිතින් හිතන වාර අනන්තයි.. එතකොට දවසක ඔයාටම ඔයාගේ අම්මා ආයෙමත් එන්නේ නෑ කියලා තේරුම් ගන්න පුළුවන් වෙන නිසා මිසක් ඔයාව මට බරක් නිසා නෙමෙයි මගේ රත්තරං දුවේ.. මොනතරම් දේවල් මං ඔයගේ ජීවිතේට ලං කලත් ඔයාගේ හිතේ තියෙන දුක මං දන්නවා.. ඒත් ආදරය මං කොහොමද ආයෙමත් ඔයා ලගට අරගෙන එන්නේ..

මේ ජීවිතේ එක තැනකදි වැරදුනා.. ආයෙම හදාගන්න බැරි තරමට.. ඒත් ඒකෙන් අද දුක් විදින්නේ පුංච් ඔයා.. මේ කිසිම දෙයක් නොදැන ඔයා සමහර දවස් වලට අහිපිල්ලමක් වත් නොගහා පාර දිහා බලං ඉන්නවා මං දකිනවා.. ඔයාගේ අම්මා ආයෙම ඔයාව බලන්න ඒවියි කියලා හිතාගෙන කියලා මං දන්නවා..

බලාපොරොත්තුව මගේ හිතෙත් තියෙනවා.. දවසක මේ හැම දෙයක්ම ආයෙම ඉස්සර තිබුනා වගේම ලස්සනට තියේවි කියලා.. ඒත් ඒක බලාපොරොත්තුවක් විතරක්ම වේවිද කියන්න මං දන්නේ නෑ..

හඩන සිතක් ලග
කඳුළු සලන දෙනෙත් පාමුල
ආදරයට ආදරය තවරන්න
යලිත් ඔබ එනවාද
අපේ මේ පාළු ලෝකෙට..

නුඹෙන් වෙන් උන
දින ඉදන් මම
සිනාසුන එක් මොහොතක්
තිබුනේ නෑ මට
ගෙවුන මේ කාලය පුරාවට..

නුඹේ හිතටත් මට වගේම
දුක දැනෙන මේ අදුරු මතකයන්
මකා දමා අප
යලි එක් වෙමුද
පෙර පුරුදු විදිහට..







Tuesday, 29 November 2011

අඬහැරය 4





වරෙං මිතුරනේ දුවලා හනිකට
අහසින් කෑම බෙදනාවා අපිට
පමා උනොත් එන්න නුඹලාට
ඉන්න වෙන්නේ බඩගින්නේ අද රෑට..

නැවති නැවති මග අප අතර
ගෙවා දමන්න නෑලු කාලය ඔවුනට
ඒකයිල්ලු යන්නේ මෙලෙසට
අහසින්ම දමාගෙන කෑම මල්ල..

හිතන්න එපා අහිතක් කිසිවිට
වැටුනයි කියා කෑම මලු මඩ වගුරට
මෙහෙම හරි නොආවනම් ඔවුන් අද
බඩගින්නේ මැරෙන්නේ අපිම නොවේද..

පොරකන්න එපා සත්තුන් විලසට
අහසින් වැටෙන කෑම මලු ගානට
බෙදාගෙන අපි හැමෝම සමලෙස
කුස පුරෝගමු කඳුළු මොහොතකට අමතක කර..

ඉහිරුන කෑම ගැන දුක් වෙලා කුමට
දෑස් අද්දරම ගහගෙන යද්දි ජල කඳට
ලං වෙන්න බැරි නිසානේ අප වෙතට
දමාගෙන යන්නේ අහසේ ඉදන්ම..


Monday, 28 November 2011

තනිකඩය තවම මම


මචං මට උඹට පණිවිඩයක් කියන්න තියෙනවා..”

අද දවල් මං මගේ යාළුවෙක් එක්ක ස්කයිප් කතා බහක ඉද්දි එක පාරම මගේ යාළුවා කවදාවත් නැතුව අවසර අරන් මොනවද මේ කියන්න හදන්නේ කියලා මං කල්පනා කලා..

ඔව් කියපං..”

මචං මට කෙල්ලෙක් සෙට් උනා..”

.. ඇත්තද? කවුද ()වාසනාවන්තිය..?”

විහිළු නෙමෙයි බං.. මං ලබන අප්‍රේල් වල බදිනවා..”

උඹට දැංද මට කියන්න මතක් උනේ..”

අඩෝ.. අවුලක් ගන්න එපා බං..”

පිස්සුද? උඹ මගේ සල්ලි ලෑස්ති කරලා තියපන්කෝ..”

මොන සල්ලිද?”

එතකොට උඹට ඒකත් මතක නැද්ද?”

මං මේ පාර ලංකාවට යද්දි මගේ මිතුරු කැලෙන් තතිකඩව හිටියේ මමත් මගේ මේ කියන මිතුරත් විතරයි.. අනික් අයගෙන් කීප දෙනෙක් බැදලා.. සමහරු බදින්න ඉන්නේ.. අනිත් අයට කෙල්ලෝ ඉන්නවා.. එක්කෙනෙක් කාටවත් නොකියම කෙල්ලත් එක්ක හදපානෙම යන්න ගිහින්.. ඉතින් ඉතුරු අපි දෙන්න විතරයි.. 

ඉතින් අපි කට්ටිය සෙට්  උන වෙලාවක ඊළගට තනිකඩ කමට සමුදෙන්නේ කවුද කියලා කතා උනා.. ඉතින් මගේ මිතුරා කිවුවාඅසා උඹට කෙල්ලෙක් සෙට් වෙනකම් මම කාවවත් සෙට් කර ගන්නේ නෑ..” ( මේ "අසා" කියන්නේ මම.. මට ඉස්ස්කෝලේ කට්ටිය කතා කරන්නේ අසන්ත කියලා.. ඕකේ කෙටි යෙදුම තමයි අසා..) ඕකට ඉතින් අපි අතරේ පොඩි විවාදයක් ඇති උනා..ඉතින් ඕක ඔට්ටුවක් දක්වා දුර ගියා..

ඔට්ටුව මෙහෙමයි.. දැන් මගේ මිතුරා කිවුවනේ මට කෙල්ලෙක් සෙට් වෙනකම් ඌත් කෙල්ලෙක් යාළු කර ගන්නේ නෑ කියලා.. ඉතින් මං ඔට්ටුව ඇල්ලුවාඋඹ මට කලින් කෙල්ලෙක් එක්ක යාළු වෙනවා.. එහෙම නොවුනොත් මං උඹට රුපියල් දහදාහක් දෙනවා..” ඉතින් මගේ මිතුරත් නිකන් හිටියේ නෑ.. “ මං උඹ යාළුවෙනකම් යාළු වෙන්නේ නෑ.. එහෙම නොවුනොත් මං උබට දහදාහක් දෙනවා.."

ඕක ඉතින් ගොඩක් කට්ටිය හිටපු තැනක උන  නිසා එහෙම ඔට්ටුවක් නෑ කියන්න කාටවත් බෑ.. කොහොම හරි ඉතින් මං දැන් ඔට්ටුව දිනුම්.. මං පරදින්නේ නැති බව දන්න නිසා තමයි ලොක්කා වගේ ඔට්ටුව ඇල්ලුවේ.. එතකොට දැන් අපේ කාණ්ඩේ අන්තිම තනිකඩයා මම.. හ්ම්ම්.. ඒක හොදද නරකද අනේ මන්දා..

අපේ අයියා බැන්දා.. අක්කා බැන්දා.. මලයා කෙල්ලො දෙන්නෙක්ම සෙට් කර ගත්තා.. J යාළුවෝ ඔක්කොම දැන් සිංගල් නෙමෙයි.. මං තනියම තාම තනිකඩ පැත්තේ..  දැන් තියෙන ප්‍රශ්ණෙ මුං ඔක්කොම මාවත් පැත්තට අදින්න හදන එක.. ඒවා කොහේද මාත් එක්ක.. මේ නිදහස් ජීවිතේ මං තව කාලයක් ඉන්න ඕන.. එක සිහිනයට අමාරුවෙන් සමුදුන්න මට බෑ ආයෙම මේ තරම් ඉක්මනින් තවත් සිහිනෙකට යන්න..

මේ තනිකමෙත් අමුතු අපූර්වත්යක් තියෙනවා.. දැං කට්ටිය මාත් එක්ක රණ්ඩුවට කාරණා හොයන්න එපා.. මං කියන්නේ මගේ හිතට දැනෙන හැගීම විතරයි.. මමත් ආදරය කලා.. මමත් ආදරය ලැබුවා.. හිත පිරෙන්නම.. ඒත් දැන් ඒ හැම දෙයක්ම අතීතයක් වෙලා ඉවරයි.. සමහර විට මේ තනිකම මකන්න කෙනෙක් ඉදීවී.. සමහර විට නොඉදීවි.. ඕකෙන් කොයිදේ උනත් දැං මං ඒ දේට සූදානම්.. ඒකයි මං කිවුවේ මේ තනිකමෙත් මං අපුර්වත්වයක් දකිනවා කියලා.. ඒ ගැන කතා කල යුතු අවස්‍ථාවක් ආවොතින් මං ඒක කියන්නම්..


දැං ඉතින් මගේ බ්ලොග් මිතුරෝ ඔයාලත් මේ ගැන ගොඩක් දේවල් කියාවි.. තනිකඩ කම හොදද නැද්ද කියන්න මං දන්නේ නෑ.. ඒත් හැමදාටම නෙමෙයිනේ.. දැනට මෙහෙම හොදයි.. කොහොම හරි අන්තිමේ මම දහදාහක් දින්නනේ.. J