ආදරේ කියන්නේ
මගේ ජීවිතේම කියලා හිතාගෙන දවස් ගෙවලා දාපු කාලයක් මගේ ජීවිතේ තිබුනා.. හරිම සැහැල්ලුවෙන්..
කිසිම වගකීමක් ගන්න මට ඕන උනේ නෑ.. දවසින් දවස අළුත් වෙමින් ඒ වෙනසට මුහුණ දෙමින් ඉදිරියට
යන්න විතමයි මට ඕන උනේ.. ඒත් අපේ ජීවිත වෙනස් වෙන්නේ හරිම ඉක්මනට.. වෙනසට මූණ දෙන්න
මං කොච්චර කැමති උනත් මේ වෙනසට මම කොහොම මුහුණ දෙන්නද කියලා මට කාලයක් යනකම්ම තේරුම්
ගන්න බැරි උනා..
සමීර මං නොහිතූ
වෙලාවක මගෙන් ඈත් වෙලා යන්න ගියාම මට මං ගැනම දැනුනේ මහා දුකක් වගේම කලකිරීමක්.. ඊට හරියටම
සතියකට පස්සේ වෙනකෙනෙක් කසාද බඳින්න උන එක ජීවිතේ අමිහිරිම අත්දැකීමක් කියලයි මං හිතුවේ..
අවුරුදු 3ක අපේ විවාහ ජීවිතේ අඩ දබර නැතුව නිදහසේ ගෙවිලා ගියා.. ඒත් ආදරයක්?? අපි අතරේ
ආදරයක් ඇතිවෙයිද මගේ හිත මගෙන් හැමදාම අහන එකම එක ප්‍රශ්ණය.. සමීරගේ මතකය පැත්තකට
විසී කරලා මං ඔහු ගැන කොයිතරම් හිතුවත් සමීරගෙන් මට ලැබුන ආදරය ඔහුගෙන් නොලැබෙන කොට
මේ ජීවිතේ හැමදාම වගේ මට මාවම අසරණ කලා..
ඔහුගේ තැම්පත්
බවට නිහඩ බවට වගේම සරළ කමට මගේ හිත ඉබේම වගේ ඔහු ගැන හිතන්න පටන් ගත්තත් අපි ලංවෙන්න
උත්සාහ කරන හැම මොහොතකම ඔහුගේ දෙනෙත් බිම බලාගන්නේ ඇයි කියලා මට තාමත් තේරෙන්නේනෑ..
ඒ නිහඩ කම මාවත් නිහඩ කරන්නේ ඇයිද කියලා මට තේරෙන්නේ නෑ..
අද මේ මොහොතේ
උව මා ලගින්ම වාඩි වි උන්නද කිසිවක් නොකියාම ඉන්නා ඔහුගෙන් අපි යන්නේ කොහේදැයි අසන්නට
මට කොතරම් උවමනා උවත් අද ඒ දෑස් වල වෙනදාට වඩා අමුත්තක් මට පේන්නේ ඇයි කියන්න මං දන්නේ
නෑ.. ඒත් ඔහුගේ හිත වෙනතක තියෙනවා කියලා විතරක් මට තේරුනා.. ගාළු පාර දිගේ අපි ඉද්දිරියට
යද්දි මං මුහුදුතෙර දිහා බලාගෙන කල්පනා කලේ ඇත්තෙන්ම අපිට අපේම ආදරකතාවක් ගොඩනගන්න
බැරිද කියන එක.. සමීර ගැන මගේ අතීතය මට ඔහුත් එක්ක කියන්න ඕනෑ උනත් ඔහු ඊට කොහොම ප්‍රතිචාර
දක්වයිද කියල නොදන්න නිසා මං ඒ සිතුවිල්ල හැම මොහොතකම යටපත් කරගත්තා..
ඔහු වාහනය ගාළු
කොටුව ලගින් නතර කරනකම්ම මං හිටියේ මගේ කල්පනා ලෝකේ සැරිසරමින්.. ඇයි අපි මෙහෙ ආවේ
කියලා කිසිදෙයක් නොදැන හිටපු මම ඔහු දිහා බැළුවේ ඊට උත්තරයක් ලැබෙයි කියලා හිතාගෙන..
ඒත් මං වෙනදා නොදැක්ක වේදනාවක් වගේම බිම නොවැටි රැදුන කඳුළු බිදුවක් දෑස් අද්දර දැක්කම මං ආයෙම මගේ කල්පනා
ලෝකේ කිමිදුනේ නොදැනුවත්වම වගේ..
හිතේ වෙනදා නොතිබුන
අමුතු තිගැස්සමක් අද මට ඔහුගේ ලගදී දැනුනා.. කොටු පවුර දිගේ ඔහුගේ අතේ එල්ලිලා ඔහුගේ
උරහිසට හේත්තුවෙලා යන්න ඇත්නම් කියලා මට හිතුනා.. ඒත් අපි අතර නිතරම රැදුන දුර මගේ
ඒ පැතුම් හීනයක්ම පමණක් කලා..
දහසක් පෙම්වතුන්
අතරේ නෙත් යොමමින් මං ඔවුන් තුලින් අපිව දකින්න ගොඩක් උත්සාහ කලා.. ඒත් මං අසාර්ථක
උනා.. ඒ අනිත් හැම කෙනෙක්ටම වඩා වෙනස් පෞර්ෂයක් මං ඔහුගෙන් දැක්ක නිසා වෙන්න ඇති..
ඔහු දෙසත් හමුවෙන පෙම්වතුන් දෙසත් නෙත් යොමමින් ආපු මගේ දෑස් අද්දර එක් මොහොතක මැවුනේ
මං ඒ වෙලේ කොහොමවත්ම බලාපොරොත්තු නොවුන දෙයක්..
“ සමීර..”
එහෙමම නතර උන
මගේ දෙතොල් අතරින් ඉබේම වගේ ඔහුගේ නම කියවෙත්ම මා ලගින්ම නැවතුන ඔහු මං දිහා බැළුවේ
පුදුමයෙන් වගේ.. මගේ දෑස් දිහා මොහොතක් බලා ඉන් ඔහු අසල සිටි අය දිහාවට නෙත් යොමු කලත්
සමීරව ඔහු නොහදුනන නිසා මගේ හිත මොහොතකට සැනසුනේය..
ඒත් අවාසනාවකට
මෙන් මාව දුර ඉදන් අදුන ගත්ත සමීර අපි සිටි දිහාවට පිය නගත්ම වේගයෙන් ගැහුන මගේ හිතට
දැනුනේ කියාගන්න බැරි අමුතුම හැගීමක්.. මම හෙමින් ඔහු වෙතට ලං උනේ මම එවෙලේ තනියම නෙමෙයි
ඉන්නේ බව සමීරට හගවන්න හිතාගෙන.. ඒත් නොනැවතී ඉදිරියටම ආපු සමීර නැවතුනේ අපි දෙන්නා
ලග..
“ කොහොමද ප්‍රදීපා?”
සමීර දුර දිග
නොහිතාම මාත් එක්ක කතාකරද්දි මගේ හිතට දැනුනේ ලොකු බයක්.. කිසිම උත්තරයක් නොදුන් මම
බිම බලාගත්තේ ඔහුගේ දෑස් මා දෙසට යොමු වෙනවත් එක්කම..








