සිතුම් තමන්
ඇදි චිත්‍රත් සමග බොහෝ වේලාවක් ඔහු එනතුරු බලා සිටියේය.. විනාඩියෙන් විනාඩිය කාලය ඉක්ම
යද්දී සිතුම්ගේ හිතට තරමක බියක් දැනෙන්නට විය.. ඒ මේ අවස්තාවත් මග ඇරුනොත් අම්මා වෙනුවෙන්
සල්ලි හොයන්නේ කෙසේදැයි කල්පනා වූ නිසාය.. සිතුම්ට ගන්නට ඉතිරිව ඇත්තේ තවත් එක තීරණයක්
පමනක්මය.. ඒ ප්‍රාර්ථනාගේ තාත්තාගෙන් මුදල් ඉල්ලීමය.. චිත්‍ර මිලදී ගන්නට ඔහු නොපැමිණියෝත්
ප්‍රාර්ථනාගේ තාත්තා හමුවන්නට යන බව සිතුම් සිතා ගත්තේය..
“ මල්ලී ගොඩක්
වෙලාද ඇවිල්ලා?”
සිතුම්ගේ කල්පනාව
අතරින් පුරුදු කටහඩක් සවනත් වැටෙත්ම සිතුම් ඒ දෙස බැලුවේය.. ඒ ඔහුය..
“ දැන් ටිකක්
වෙලා.. මම හිතුවා අමතක උනාවත්ද කියලා..”
“ නෑ මල්ලි..
මම තවත් වැඩකට ගිහින් ආවේ.. එතන ටිකක් වෙලා ගියා.. එකයි පරක්කු උනේ..”
ඔහුගේ දෑස සිතුම්ගේ
චිත්‍ර දෙසට යොමුවිය..
“ ෂා.. මල්ලි
මේ චිත්‍ර මාරම ලස්සනයිනේ.. මම එදා මේ ටික දැක්කේ නෑනේ..”
“ මේ ටික ගමේ
තිබුනේ.. මම මේ ගමේ ඉදන් එනගමන්..”
“ මල්ලි එදා
බෑ කිව්වට මම හිතුවා මල්ලි තිරණේ වෙනස් කරාවියි කියලා..”
ඔහු සිතුම් රැගෙන
ආ චිත්‍ර දෙස හොදින් බැලුවේය.. එකින් එක අතට ගත් ඔහු ඒ සෑම චිත්‍රයක් දෙසම බොහෝ වේලාවක්
බලා සිටියේය..
“ ඇත්තටම මල්ලි
මට මේ චිත්‍ර වලට පුදුම විදිහට හිත ගියා.. මම මේ ඔක්කොම අර ගන්නම්.. මල්ලි මට ගානක්
කියන්න..”
“ මං කොහොමද
මගේ චිත්‍ර වලට ගානක් කියන්නේ.. මහත්තයම බලලා කියන්න..”
“ හ්ම්ම්ම්..
ඒකත් එහෙමද? හරි මගේ වාහනේ මම ගේට්ටුව ලගම නැවැත්තුවා.. අපි මේ ටිකත් අරන් යමුද වාහනේ
ලගට..”
චිත්‍ර ටික පරෙස්සමට
අතට ගත් සිතුම් ඔහු සමග ඔහුගේ වාහනය ලගට ගියේය.. වාහනේ ඉදිරිපස දොර විවෘත කල ඔහු
එහි තිබු චෙක් පොතෙන් පිටුවල් ලියා සිතුම්ගේ අත තැබුවේය.. එහි සදහන් වූ මුදල දෙස සිතුම්
මොහොතක් බලා සිටියේය.. චිත්‍ර වල වටිනාකම එහි සදහන් වූ මුදලට වඩා බොහෝ වැඩිමුත් ඒ මුදල
අම්මගේ සැත්කම සදහා ප්‍රමාණවත් විය..
“ ඇයි මල්ලි..
මදි පාඩුවක් තියෙනවනම් මට කියන්න..”
“ නෑ මහත්තයා..
පුළුවන්නම් මට මේ චෙක් එක වෙනුවට එකපාරම සල්ලි ගන්න පුළුවන්ද?”
“ ආ.... මල්ලි
එහෙනම් මාව විශ්වාස කරන්නේ නෑ..”
“ එහෙම දෙයක්
නෙමෙයි.. ඒක මට පහසුයි..”
“ හරි.. එහෙනම්
නගින්න වාහනේට.. මම බැංකුවෙන් මේක මාරු කරලා දෙන්නම්..”
සිතුම්ව වාහනයට
නංවා ගත් ඔහු වේගයෙන් කොළඹ දෙසට වාහනය පැදවූවේය..
“ මල්ලී මීට
පස්සේ මේ පාරවල් ලගට වෙලා චිත්‍ර විකුණන්න යන්න එපා.. ඔයා නිදහසේ ඇදලා මට කෝල් එකක්
දෙන්න.. මම ඇවිත් ඒවා අරගන්නම්..”
සිතුම් කිසිවක්
නොපැවසුවේය.. බැංකුව ලගට පැමින ඔහු වාහනය නතර කලේය..
“ මල්ලි වාහනේම
ඉන්න.. මම සල්ලි අරන් එන්නම්.. මල්ලිට සල්ලි වගේම මට මේ චිත්‍ර ටික දැන් ගොඩක් වටිනවා..”
බැංකුව තුලට
දිව ගිය ඔහු එහි මද වේලාවක් රැදී නැවතත් පැමිණියේය.. ඔහුගේ අත වූ මුදල් බෑගය සිතුම්ගේ
අතට දුන් ඔහු සිතුම්ට සමුදීමට සැරසුනේය..
“ මල්ලි ආයෙත්
මට කතාකරයි කියලා මං හිතනවා.. ඕන උදව්වක් මගෙන් ඉල්ලන්න..”
එසේ පැවසු ඔහු
නික්ම යන තුරු සිතුම් බලා සිටියේය.. හවසම ආයෙමත් ගමට එනවායි අම්මට දුන් පොරොන්දුව නිසාම
සිතුම් බස් නැවතුම වෙත ආවේ හවස් වන්නට මත්තෙන් ගමේ යන්නට සිතාගෙනය.. බසයට ගොඩ උන සිතුම්
දිගු හුස්මක් අරගත්තේ අම්මගේ සැත්කමට මුදල් සොයන්නේ කෙසේදැයි සිතමින් හිතේ තිබුන බර
ටිකක් අඩුවූ නිසාය.. බසය ගමට එනතුරාම සිතුම් සිටියේ දිගු කල්පනාවකය.. නිවස වෙතට ලං
වත්ම දුර තියා තමන් දුටු පොඩි මල්ලි තමන් වෙතට දිව එත්ම සිතුම්ගේ හිත වේගයෙන් ගැහෙන්නට
විය..
“ මොකෝ මල්ලි
මේ?”
“ අයියේ දවල්
ලොකු අම්මට ටිකක් අසනිප උනා.. අම්මා ලොකු අම්මවත් එක්කන් ඉස්පිරිතාලේ ගියා..”
“ අම්මට ගොඩක් අමාරු උනාද?”
“ යද්දි නම්
ටිකක් විතර අමාරුයි.. අයියා හවසම එනවයි කියපු නිසායි මම ගෙදර නැවතුනේ..”
“ හරි අපි යමු
එහෙනම්..”
නිවසටවත් ගොඩ
නොවු සිතුම් මල්ලිත් සමග අම්මා බැලීමට රෝහලට ගියේය.. රෝහල පුරාම ඇවිද්ද සිතුම්ට දැඩි
සත්කාර ඒකකය ලගදි නැන්දා මුණ ගැසුනේය..
“ මොකද නැන්දේ
උනේ?”
“ උදේ ඉදන්ම
වගේ ටිකක් අමාරුයි කිය කිය තමයි අම්මා හිටියේ.. දවල් වෙද්දී කලන්තේ හැදෙන්නත් එනවා
කියපු නිසයි අපි ඉක්මනට ඉස්පිරිතාලෙට එක්කන් ආවේ..”
“ දැන් කෝ අම්මා?”
“ මේක ඇතුලේ..දොස්තරලා
දැනුත් ඇවිත් බලලා ගියේ..”
“ ඉතින් මොකද
දොස්තරලා කියන්නේ?”
“ ඉක්මනටම ඔපරේෂන්
එක කරන්න ඕනලු.. පුතා සල්ලි හොයා ගත්තද?”
“ ඔව් නැන්දේ..
ඉන්න මම ලොකු දොස්තර මහත්තයා මුණගැහිලා එන්නම්..”







