Thursday, 29 September 2011

වර්ණ : හත්වන දිගහැරුම


            

               සිතුම් තමන් ඇදි චිත්‍රත් සමග බොහෝ වේලාවක් ඔහු එනතුරු බලා සිටියේය.. විනාඩියෙන් විනාඩිය කාලය ඉක්ම යද්දී සිතුම්ගේ හිතට තරමක බියක් දැනෙන්නට විය.. ඒ මේ අවස්තාවත් මග ඇරුනොත් අම්මා වෙනුවෙන් සල්ලි හොයන්නේ කෙසේදැයි කල්පනා වූ නිසාය.. සිතුම්ට ගන්නට ඉතිරිව ඇත්තේ තවත් එක තීරණයක් පමනක්මය.. ඒ ප්‍රාර්ථනාගේ තාත්තාගෙන් මුදල් ඉල්ලීමය.. චිත්‍ර මිලදී ගන්නට ඔහු නොපැමිණියෝත් ප්‍රාර්ථනාගේ තාත්තා හමුවන්නට යන බව සිතුම් සිතා ගත්තේය..

“ මල්ලී ගොඩක් වෙලාද ඇවිල්ලා?”

              සිතුම්ගේ කල්පනාව අතරින් පුරුදු කටහඩක් සවනත් වැටෙත්ම සිතුම් ඒ දෙස බැලුවේය.. ඒ ඔහුය..

“ දැන් ටිකක් වෙලා.. මම හිතුවා අමතක උනාවත්ද කියලා..”

“ නෑ මල්ලි.. මම තවත් වැඩකට ගිහින් ආවේ.. එතන ටිකක් වෙලා ගියා.. එකයි පරක්කු උනේ..”

     ඔහුගේ දෑස සිතුම්ගේ චිත්‍ර දෙසට යොමුවිය..

“ ෂා.. මල්ලි මේ චිත්‍ර මාරම ලස්සනයිනේ.. මම එදා මේ ටික දැක්කේ නෑනේ..”

“ මේ ටික ගමේ තිබුනේ.. මම මේ ගමේ ඉදන් එනගමන්..”

“ මල්ලි එදා බෑ කිව්වට මම හිතුවා මල්ලි තිරණේ වෙනස් කරාවියි කියලා..”

         ඔහු සිතුම් රැගෙන ආ චිත්‍ර දෙස හොදින් බැලුවේය.. එකින් එක අතට ගත් ඔහු ඒ සෑම චිත්‍රයක් දෙසම බොහෝ වේලාවක් බලා සිටියේය..

“ ඇත්තටම මල්ලි මට මේ චිත්‍ර වලට පුදුම විදිහට හිත ගියා.. මම මේ ඔක්කොම අර ගන්නම්.. මල්ලි මට ගානක් කියන්න..”

“ මං කොහොමද මගේ චිත්‍ර වලට ගානක් කියන්නේ.. මහත්තයම බලලා කියන්න..”

“ හ්ම්ම්ම්.. ඒකත් එහෙමද? හරි මගේ වාහනේ මම ගේට්ටුව ලගම නැවැත්තුවා.. අපි මේ ටිකත් අරන් යමුද වාහනේ ලගට..”

          චිත්‍ර ටික පරෙස්සමට අතට ගත් සිතුම් ඔහු සමග ඔහුගේ වාහනය ලගට ගියේය.. වාහනේ ඉදිරිපස දොර විවෘත කල ඔහු එහි තිබු චෙක් පොතෙන් පිටුවල් ලියා සිතුම්ගේ අත තැබුවේය.. එහි සදහන් වූ මුදල දෙස සිතුම් මොහොතක් බලා සිටියේය.. චිත්‍ර වල වටිනාකම එහි සදහන් වූ මුදලට වඩා බොහෝ වැඩිමුත් ඒ මුදල අම්මගේ සැත්කම සදහා ප්‍රමාණවත් විය..

“ ඇයි මල්ලි.. මදි පාඩුවක් තියෙනවනම් මට කියන්න..”

“ නෑ මහත්තයා.. පුළුවන්නම් මට මේ චෙක් එක වෙනුවට එකපාරම සල්ලි ගන්න පුළුවන්ද?”

“ ආ.... මල්ලි එහෙනම් මාව විශ්වාස කරන්නේ නෑ..”

“ එහෙම දෙයක් නෙමෙයි.. ඒක මට පහසුයි..”

“ හරි.. එහෙනම් නගින්න වාහනේට.. මම බැංකුවෙන් මේක මාරු කරලා දෙන්නම්..”

      සිතුම්ව වාහනයට නංවා ගත් ඔහු වේගයෙන් කොළඹ දෙසට වාහනය පැදවූවේය..

“ මල්ලී මීට පස්සේ මේ පාරවල් ලගට වෙලා චිත්‍ර විකුණන්න යන්න එපා.. ඔයා නිදහසේ ඇදලා මට කෝල් එකක් දෙන්න.. මම ඇවිත් ඒවා අරගන්නම්..”

        සිතුම් කිසිවක් නොපැවසුවේය.. බැංකුව ලගට පැමින ඔහු වාහනය නතර කලේය..

“ මල්ලි වාහනේම ඉන්න.. මම සල්ලි අරන් එන්නම්.. මල්ලිට සල්ලි වගේම මට මේ චිත්‍ර ටික දැන් ගොඩක් වටිනවා..”

         බැංකුව තුලට දිව ගිය ඔහු එහි මද වේලාවක් රැදී නැවතත් පැමිණියේය.. ඔහුගේ අත වූ මුදල් බෑගය සිතුම්ගේ අතට දුන් ඔහු සිතුම්ට සමුදීමට සැරසුනේය..

“ මල්ලි ආයෙත් මට කතාකරයි කියලා මං හිතනවා.. ඕන උදව්වක් මගෙන් ඉල්ලන්න..”

                     එසේ පැවසු ඔහු නික්ම යන තුරු සිතුම් බලා සිටියේය.. හවසම ආයෙමත් ගමට එනවායි අම්මට දුන් පොරොන්දුව නිසාම සිතුම් බස් නැවතුම වෙත ආවේ හවස් වන්නට මත්තෙන් ගමේ යන්නට සිතාගෙනය.. බසයට ගොඩ උන සිතුම් දිගු හුස්මක් අරගත්තේ අම්මගේ සැත්කමට මුදල් සොයන්නේ කෙසේදැයි සිතමින් හිතේ තිබුන බර ටිකක් අඩුවූ නිසාය.. බසය ගමට එනතුරාම සිතුම් සිටියේ දිගු කල්පනාවකය.. නිවස වෙතට ලං වත්ම දුර තියා තමන් දුටු පොඩි මල්ලි තමන් වෙතට දිව එත්ම සිතුම්ගේ හිත වේගයෙන් ගැහෙන්නට විය..

“ මොකෝ මල්ලි මේ?”

“ අයියේ දවල් ලොකු අම්මට ටිකක් අසනිප උනා.. අම්මා ලොකු අම්මවත් එක්කන් ඉස්පිරිතාලේ ගියා..”

 “ අම්මට ගොඩක් අමාරු උනාද?”

“ යද්දි නම් ටිකක් විතර අමාරුයි.. අයියා හවසම එනවයි කියපු නිසායි මම ගෙදර නැවතුනේ..”

“ හරි අපි යමු එහෙනම්..”

      නිවසටවත් ගොඩ නොවු සිතුම් මල්ලිත් සමග අම්මා බැලීමට රෝහලට ගියේය.. රෝහල පුරාම ඇවිද්ද සිතුම්ට දැඩි සත්කාර ඒකකය ලගදි නැන්දා මුණ ගැසුනේය..

“ මොකද නැන්දේ උනේ?”

“ උදේ ඉදන්ම වගේ ටිකක් අමාරුයි කිය කිය තමයි අම්මා හිටියේ.. දවල් වෙද්දී කලන්තේ හැදෙන්නත් එනවා කියපු නිසයි අපි ඉක්මනට ඉස්පිරිතාලෙට එක්කන් ආවේ..”

“ දැන් කෝ අම්මා?”

“ මේක ඇතුලේ..දොස්තරලා දැනුත් ඇවිත් බලලා ගියේ..”

“ ඉතින් මොකද දොස්තරලා කියන්නේ?”

“ ඉක්මනටම ඔපරේෂන් එක කරන්න ඕනලු.. පුතා සල්ලි හොයා ගත්තද?”

“ ඔව් නැන්දේ.. ඉන්න මම ලොකු දොස්තර මහත්තයා මුණගැහිලා එන්නම්..”



Tuesday, 27 September 2011

ආයෙමත් සිහිනයට


පහුගිය දවස් දෙක තුනම හිටියේ හිත ගොඩක් නොසන්සුන්ව.. ඒ වෙන කිසිම දෙයක් නිසා නෙමෙයි.. මගෙ බ්ලොග් එක නිසා.. මොකද්ද තිබුන ගැටළුව කියලා හැමෝම දන්නවනේ.. ඉතින් ඕක හදාගන්නකම් හිටියේ සෑහෙන අප්සට් එකේ..

අපේ මලයත් මේක ගොඩ දාන්න නොකල දෙයක් නෑ... ටෙම්ප්ලෙට් එකේ ඉදන් හැම දෙයක්ම මාරු කලා... මමත් ඉතින් ඕන දෙයක් කරන්න ඇරලා බලාගෙන හිට්යා.. ඒත් හරි ගියේ නෑ.. මට මතක හැටියට මගේ කතාවේ දෙවෙනි කොටසින් පස්සෙ තමයි මේ කරදරේ ආවේ... ඒ කියන්නේ සති දෙකක විතර කාලයක්... සති දෙකක් විතර ඉදන්ම අපේ මල්ලි මේක වෙනුවෙන් සෑහෙන මහන්සි උනා...

බ්ලොග් එකේ ටෙස්ට් පෝස්ට් ගොඩක් ගියා.. ඒකෙන් ගොඩක් අයට විශේෂයෙන් සින්ඩි වල අයට ලොකු අපහසුතාවක් උනා කියලා මං පිළිගන්නවා.. ඒ උන අපහසුතාවට මම කාරුණිකව සමාව අයදිනවා.. ආයෙත් එහෙම නොවේවි කියලා මං බලාපොරොත්තු වෙනවා..

පස්සේ මම අපේ සදරුවාගෙනුත් මේකට කරන්නේ මොකක්ද කියලා ඇහුවා... මගෙ ලග මිනිහගෙ නම්බරේ තිබුනත් අපේ මල්ලිම සදරුවට කෝල් එකක් දෙන එක හොදයි කියලා මං හිතුවා.. මොකද ඔය XML අනන් මනං මම දන්නේ නැති නිසා.. ඉතින් අපේ මලයා සදරුවට කතා කරලා මොනවදෝ විස්තර වගයක් දැනගෙන තිබුනා.. මං හිතනවා මම කෝල් නොකර අපේ මල්ලි කෝල් කරපු එක ගැන සදරු මාත් එක්ක අමනාප වෙන එකක් නෑ කියලා..  කොහොම හරි ඒ උපදෙසුයි අපේ මලයගේ ශක්තියයි එකතුවෙලා යාන්තම් වැඩේ ගොඩ ගියා.. දැන් නම් බ්ලොග් එකේ කිසිම අවුලක් නෑ.. ඒ හින්දා සදරුවටත් අපේ මලයටත් ගොඩක් පිං ඒ කරපු දේවල් වලට..

කොහොමොන් කොහොම හරි දැන් හැමදෙයක්ම හරි කියලා මම හිතනවා.. ලිය ලිය හිටපු කතාවත් අතර මග.. ඒකට හිත යොදවන්න තරම්වත් වෙලාවක් උනේ නෑ මේ දේවල් අස්සේ.. ඉතින් හෙට අනිද්දා වෙද්දි කතාවේ ඊළග කොටස අනිවාර්යෙන් දාන්නම්...

Sunday, 25 September 2011

සමාවෙන්න......

යාළුවනේ මේ දවස් ටිකේම මගේ බ්ලොග් එකේ පොස්ට් බ්ලොග් රෝල් එකට යන්නේ නැති ප්‍රශ්ණයක් තියෙනවා... ඉතින් ඒක හදාගන්න මමත් අපේ මල්ලිත් ගොඩක් උත්සාහ ගන්නවා.. ටෙස්ට් පෝස්ට් ගොඩක් ඊයෙත් වැටුනා.. ඉතින් ඒකෙන් සින්ඩි වල අයට ලොකු කරදරයක් උන බව මට හොදින්ම තේරුනා.. ඉතින් ඒ උන අපහසුතාව ගැන මම සමාව ඉල්ලනවා...

මගේ කතාවේ 6වෙනි කොටස ඊයේ මම දැම්මා... ඒක නොබලපු අය මෙතනින් ඒක බලන්න... මේ පෝස්ට් එක උනත් බ්ලොග් රෝල් එකට යාවිද නැද්ද කියලා මම දන්නේ නෑ.. එහෙම උනොත් අකමැත්තෙන් උනත් සිහිනයට සමුදෙන්න වෙනවා මට....

Saturday, 24 September 2011

වර්ණ : හයවන දිගහැරුම




                   හාන්සි පුටුව මතට වී ඉර බැහැගෙන යන දෙස බලාගෙන සිතුම් බොහෝ වේලාවක් කල්පනා කරමින් සිටියේය.. ඉස්තෝප්පුවේ තවත් පුටුවක හිදගත් නැන්දා ටික වේලාවක් සිතුම් දෙස බලා හිද ඇගේ හඩ අවදි කලාය..

මේ පාර වී ටික විකුණලා හබුවෙච්චි සල්ලි වලින් තව ටිකක් ඉතුරු තියෙනවා.. මට පුළුවනි පුතාට ටික දෙන්න.. ඒත් එතන තරම් ගානක් ඉතුරු නෑ..”

කමක් නෑ නැන්දේ.. නැන්දලාටත් ප්‍රශ්ණ තියෙන බව මම දන්නවනේ..”

ඒකට කමක් නෑ පුතේ.. මම ඒක ගෙනත් දෙන්නම්..”

නැන්දේ මම කල්පනා කලේ මගේ නමට තියෙන කුඹුරු කෑලි දෙක විකුණන්න...”

වෙන වෙලාවකනම් මම ඕකට කොහොමවත්ම කැමති වෙන්නේ නෑ.. ඒත් මේ වෙලාවේ වෙන කරන්නම දෙයක් නැත්නම් එහෙමවත් කරලා බලමු..”

මම උනත් වෙන කරන්න දෙයක් නැනි නිසයි නැන්දේ එහෙම කිව්වේ..”

අනේ මන්දා පුතාගේ කැමැත්තක්..”

             කුඹුර විකුණන අදහසට නැන්දා එතරම්ම මනාපයක් නොදක්කූ නිසාම ඇය නැගිට යන්නට ගියාය..  ආයෙමත්  හාන්සි පුටුව මතට දිගා වූ සිතුම් කල යුත්තේ කුමක්දැයි සිතුවේය.. හදිසියේම සිතුම්ගේ මතකයට පෙර දිනක තමන්ට මුණ ගැසුන ආගන්තුකයා ගැන මතකය සිහියට ආවේය.. කලබලයෙන් පුටුවෙන් නැගිට්ට සිතුම් කාමරයට ගොස් ඔහුගේ බෑගය අවුස්සන්නට විය.. තුලින් හමුවූ ආගන්තුකයා බලෙන් මෙන් සාක්කුවට දමාගිය කාඩ් පත් අතට ගත් සිතුම් දෙස බලමින්ම කාමරයෙන් එළියට ආවේය..

        නිවසේ දුරකතනය අසලට ගිය සිතුම් එහි වූ අංකයන්ට ඇමතුම් ලබා ගත්තේය.. ක්‍රියා විරහිත වූ අංක කීපයකින් පසුව එක් අංකයක් හා සිතුම් දුරකතනයෙන් සම්බන්ද උනි..

හලෝ..”

මහත්තයා මම සිතුම්.. මහත්තයට මතකද මීට දවස් දෙකකට කලින් පාර්ක් එකේදි මුණගැහිලා මගේ චිත්‍ර විකුණනවද කියලා ඇහුවා..”

ඔව් සිතුම්.. මට මතකයි.. මොකද මගේ යෝජනාව ගැන හිතලා බැලුවද?”

ඔව් මහත්තයා.. මට පුළුවන්ද හෙට මහත්තයාව මුණගැහෙන්න.. මම එන්නම් මහත්තයගේ ඔෆිස් එකට..”

හ්ම්ම්ම්.. හරි මම හෙට පාර්ක් එකටම එන්නම්.. අපි එතන්දිම මුණගැහෙමු..”

            වෙනත් කිසිවක් කතා කරන්නට මත්තෙන්ම ඔහු දුරකථනය විසන්දි කලේය.. ආයෙත් එම අංකය අමතන්නට සිතුම්ට හිතුන මුත් රිසිවරය තැබූ ඔහු කාමරයට ගියේ තැනින් තැන දමා තිබු චිත්‍ර ටික පිළිවෙලක් කර රැගෙන යාමට සිතාගෙනය..

කාත් එක්කද පුතේ කතාකලේ?”

අම්මා ඇයි ඇදෙන් බැස්සේ? මට එන්න කිවුවනම් මම එනවනේ..”

මට දැන් හැටි අමාරුවක් නෑ ළමයෝ.. මොකෝ මේ ඔක්කොම් චිත්‍ර එකතු කරන්නේ?”

නෑ අම්මේ මට දවසක් මහත්තයෙක් හම්බුනා මගේ චිත්‍ර සල්ලි දීලා ගන්න කැමති.. ඉතින් ඒකයි මේ මං චිත්‍ර ටික අරන් යන්න හිතාගෙන ලෑස්ති කරන්නේ..”

මේ පුතා කාටවත් දෙන්නේ නෑ කියලා අයින් කරපු චිත්‍ර නේද?”

නිකරුනේ මේවා නාස්ති වෙන්න දෙනවට වඩා කාටහරි දෙන එක හොදයි කියලා හිතුනා අම්මේ..”

පුතා මේ ආසාවෙන් අයින් කරපුවා විකුණන්නේ මං නිසා නේද?”

         කඳුළු පිරි දැසින් සිතුම් දෙස බලාගෙන අම්මා අසද්දි සිතුම්ගේ හිතටත් දරාගන්න බැරි දුකක් දැනුනේය.. අම්මා ලගට විත් හිදගත් සිතුම් ඇයව තුරුළු කර ගත්තේය..

මට ආයෙමත් ඕන උනාම මේ චිත්‍ර අදින්න පුළුවන්නේ අම්මේ.. ඉස්සෙල්ලා අම්මා සනීප වෙලා ඉන්නකෝ.. නැත්නම් කවුද මං අදින චිත්‍ර වල වැරදි පෙන්නන්නේ..”

ඒත් මගේ හිතට හරි නෑ පුතේ..”

අම්මා ගැන හිතන්න එපා අම්මේ.. මම හෙට පාන්දරම බස් එකේ කොළඹ ගිහින් මේ ටික මහත්තයට දීලා හවස් වෙද්දි ආයෙත් එන්නම්.. ඊට පස්සේ අපි ගිහින් දොස්තර මහත්තයට සල්ලී දීලා එමු..”

       අම්මගේ හිතේ තෙරපුන දුක කඳුළු වී ගලා ගියේ ඇයටත් නොදැනීමය..

දැන් අඬන්නේ නැතුව ඉන්නකෝ අම්මේ.. හැමදෙයක්ම හොදින් විසදේවි..”

            වෙනදාටත් වඩා දිගු වූ රාත්‍රියක නිදි වරිත සිතුම්ගේ දෑස කඳුළින් තෙත්වී තිබුනේය.. චිත්‍ර ටික විකුණනවා හැරෙන්නට වෙනත් මගක් සිතුම්ට ඉතිරි වී නොතිබුනේය.. නිදි වරිතව රාත්‍රි ගෙවා දැමු සිතුම් පාන්දරින්ම නිවසින් පිටත් වීමට සූදානම් විය..

මගේ පුතා පරිස්සමින් ගිහින් එන්න..”

මම හවස් වෙද්දි ආයෙම එනවා.. ඇවිත් අපි ඉස්පිරිතාලේ යමු..”

පුළුවන්නම් එද්දි ප්‍රාර්ථනා දුවවත් එක්කන් එන්න.. දරුවා දකින්නත් ආසයි..”

හා අම්මේ මම ගිහින් එන්නම්..”

                හිතේ වේදනාවත් තද කරගෙනම නිවසින් නික්මුන් සිතුම් දහවල් වන විට කොළඹට ආවේය.. ගමෙන් රැගෙන චිත්‍රත් සමගම සුපුන් විහාරමාහාදේවී  උද්‍යානයට ආවේ වනවිටත් ඔහු පැමින තමන් එනතුරු බලාගෙන ඇතැයි සිතාගෙන උවද වන විට ඔහු පැමින නොසිටියේය..

       සිතුම්ට සුපුරුදු තැනට වී චිත්‍ර මිලදී ගැනීමට ඔහු එනතුරු සිතුම් බොහෝ වේලාවක් බලා සිටියේය.. මොහොතින් මොහොත කාලය වේගයෙන් ගලා ගියේ සිතුම්ගේ හිත නොසන්සුන් කරවමින්ය..