Sunday, 10 July 2011

සමුගන්න අවසරයි ඉතින් මට..

හෙඩින් එක දැකලා කට්ටිය කලබල උනාද මන්දා.. සමුගන්නවා කිවුවට මේ බ්ලොග් එක නතර කරලාම දානවා නෙමෙයි.. ටික කාලෙකට පොඩි විරාමයක්.. කොටින්ම කියනවානම් සැප්තැම්බරය වෙනකම් විතරයි..

මෙන්න මේකයි හේතුව.. අගහරුවාදා මම මගේ නිවාඩුවට ලංකාවට යන්නයි හිතාගෙන ඉන්නේ.. ඉතින් ඒ ටික දවසට තමයි මේ පොඩි විරාමයක් මගේ සිහිනයට තියන්න මම හිතුවේ.. මොකද ගෙදර අය වෙඩින් එකට ලෑස්ති වෙන හින්දා (  නෑ නෑ මගේ නෙමෙයි අපේ අක්කගේ ) ඉතින් ගියාට පස්සේ බ්ලොග් එකට ගොඩ වෙන්නවත් ඉඩක් නොලැබෙන්න පුළුවන්..

හරියටම අවුරුදු 3කට පස්සේ තමයි ලංකාවට යන්නේ.. ඉතින් ලංකාවෙ ඉන්න ටික කාලෙට කරන්න වැඩ කෝටියයි.. ඔක්කොටම වඩා ඉතින් අළුත් නෑයෝ අදුන ගන්නත් තියෙනවනේ.. ඉත්න් මේ ටික කාලෙදි යාළු ඔයාලගේ බ්ලොග් එකට ගොඩ වෙන්නවත් වෙලාවක් ලැබෙයිද කියන්න බෑ.. ඉතින් ඒකට මාත් එක්ක කවුරුවත් අමනාප වෙන්න එපා..

සැප්තැබරයේ මුලම ආයෙත් සිහින අරගෙන වෙනදා වගේම එනවා කියන පොරොන්දුව අනිවාර්යෙන්ම දෙනවා..

මේ ටිකේ හරියට නින්ද යන්නේත් නෑ.. අගහරුවාදා වෙනකම් ඉවසිල්ලක් නැතුව ඉන්නේ.. පිණිබිදු අක්කගේ කෑම වට්ටෝරු වගයකුත් මම ලියා ගත්තා අපේ අක්කට කියලා හදාගන්න.. ගිහින් ඇවිත් ඒවයේ හොද නරක කියන්නම්..

තව පොඩ්ඩෙන් අමතක වෙනවා.. මධුරංග අයියා විස්වාස කරලා අල්ලපු ගෙදරින් හොරකම් කරපු මල් අතු ටික දැන් හොදටම වේලිලා.. සතියක් තිස්සේ මල් අතු ටික තියාගෙන බලන් හිටියා ඒක හිටවන විදිහ දානකම්.. සදුදා දවසත් බලලා ඒ ටික කොහේ හරි දුරක කුණු බක්කියකට විසිකරගෙනම යන්න තමයි වෙන්නේ..

එහෙනම් යාළුවනේ සමුගන්න අවසරයි මට.. හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා හැමෝටම..   


Friday, 8 July 2011

නුඹත් මමත් හමුවන මේ රාත්‍රිය






නුඹ එන්න පුන්සද විලසට
මම ඉන්නම් වළාකුළු නැති අහස් ගැඹ
නෙතින් නෙත් බලා පෙම් කරමු අපි
ලොවම බලාගෙන හිටියත් අප දෙස..

ඉරිසියා හිතේවි මගේ සද කුමරි දැක්කම
නිමක් නැති තරු කැට ගොන්නට
ලොවම අමතක කර දමා අප
ආදරේ කරමු ලොවට පෙනෙන්නට..

සුළගට කියන්නම් මම වළාකුළු අරන් යන්න
සැගවෙන්න නොදී නුඹට අහස් ගැඹ
නොදැක ඉන්න බෑ නුඹව මට මොහොතකට
ආදරේ හින්දම හිත ඇතුලේ තෙරපෙන..

පිණිබිදු බලා හිනැහේවි අප දෙස
එළිය අරගෙන ආදරෙන් නුඹ විහිදන
කඩුපුල් මල් පිපී සුවද කරාවි
නුඹත් මමත් හමුවන මේ රාත්‍රිය..

හිරු බැස යන්නේ කොයි මොහොතකද
දෑගිලි ගනින්නේ මම නිම් නැතුව
සිහිනයක් විලස නුඹ පායා එද්දි හිත් අහසට
ආදරේ වේදනාව සොදුරුය මට සදවත.. 

Wednesday, 6 July 2011

තරු ඇස් දහසක් අවසානය

               ඈ සෙමින් සුපුන් වෙතට ලං වුවාය.. දෑස් වල කඳුළු අතරින්ම  කලින් දුටු සෙනහස තවමත් සුපුන් දුටුවේය..


මට සමාවෙන්න තාරකා..”

                     ඇගේ දෑත පපුවට තුරුළු කරගත් සුපුන් කඳූළු පිරි දෙනෙතින් ඇයට පවසද්දි සුපුන් ලගින්ම හිදගත් ඇය සුපුන්ගේ දෑසේ කඳුළු බිදු පිසදැමුවාය..

සමාව ඉල්ලන්න ඔන මමයි සුපුන්.. මම එදා එයාලට ගොඩක් බය උනා..”

බය උනා ? කාටද ?”

තරුශි මිස්ටයි එයාගේ තාත්තටයි..”

ඇයි එයාල ඔයාට මොනවද කිවුවේ තාරකා ?”

එදා තරුශි මිස් කේන්තියක් පෙන්නන්නේ නැතුව කතාකලාට මම ගෙදර යන්නත් කලින් අපේ තාත්තට එන්න කියලා මේ හැම දෙයක්ම කියලා තිබුනා.. තරුශි මිස්ගේ තාත්තාට අපේ තාත්තා ගොඩක් බය උනා.. ඊට පස්සේ මම එහෙන් ඇවිත් කැම්පස් එකේ බෝඩිමේම නවතුනා..”

ඒත් තාරකා ඇයි ඔයා මට එක පාරක්වත් කතා කලේ නැත්තේ ?”

මම බය උනා සුපුන්.. මගේ අහිංසක තාත්තා නිසා.. මම එයාට කරදරයක් වේවියි කියලා හිතුන නිසයි ඔයාට කතා කලේවත් නැත්තේ..”

           සුපුන් කිසිවක් නොකියාම ඇගේ දෙනෙතෙන් වැටෙන කදුළු පිසදැම්මාය..

ඔයයි දමිත් අයියයි කැම්පස් එක ලග ඉන්නවා මම දැක්කා සුපුන්.. ඒත් මම ඔයාලව මුන නොගැහි හිටියේ ආයෙමත් තරුශි මිස් අපිව දකියි කියලා හිතපු නිසයි..”

මට තරුශි ගැන එන්නේ ලොකු කේන්තියක් දමිත්.. මාව බලන්න එන්නවත් දෙන්න එපා එයාට..”

මං හිතන්නේ නෑ සුපුන් එයා උඹව බලන්න ඒවි කියලා..”

ඇයි දමිත් ?”

තරුශි උඹට කවදාවත්ම තාරකා තරම් ආදරේ කලේ නෑ.. ඉතින් එයා උඹ වෙනුවෙන් බලා ඉදියි කියලා උඹ හිතනවද ? ටික දවසක් එයා උඹ වෙනුවෙන් බලන් හිටිත් අවුරුදු දෙකකට විතර කලින් එයා වෙන කෙනෙක්ව කසාද බැන්දා..”

හ්ම්ම්.. එක අතකට එහෙම උන එකත් හොදයි..”

                සුපුන් දිගු හුස්මක් හෙලුවේ හිතේ ලොකු බරක් සැහැල්ලූ උනාක් විලසින්ය.. තාරකා දෙස බැලු සුපුන් ඇගේ සුරතින් අල්ලා ගත්තේය..

එතකොට ඔයාගේ ජීවිතේ තාරකා ?”

සුපුන් දෙස බලා සිනා සුන ඇය,

මගේ ජීවිතේ තාමත් එදා නැවතුන තැනමයි සුපුන්.. මගේ හිතේ ඔයාට තිබුන ඉඩ වෙන කාටවත් මම දුන්නේ නෑ සුපුන්.. ආදරේ තාමත් මගේ හිතේ තියෙනවා..”

මම එදත් මගේ ආදරේ කියන්න පරක්කු උනා.. අදත් එහෙමමයි තාරකා.. මම දැන් ලෙඩෙක්.. අබ්බගාතයෙක්.. ඔයාගේ ජීවිතේට තවත් ප්‍රශ්නයක් වෙන්න මට බෑ තාරකා..”

නැහැ සුපුන් ඔයා අබ්බගාතයෙක් නෙමෙයි.. ඔයා ඉක්මනට සනිප වෙනවා.. මම ඔයා ලගින් ඉදන් ඔයාව බලා ගන්නවා..”

     ඇය සුපුන්ගේ පපුවට හිස තබා ගත්තේය..

මම ඔයාට ආදරෙයි තාරකා මේ ජීවිතේ තියෙන තුරාවටම..”

ඇගේ නලළතට හාදුවක් දුන් සුපුන් ඇයව තවත් පපුවට තුරුළු කර ගත්තේය..

අළුත් ජෝඩුවට කතා කරන්න ගොඩක් දේවල් ඇතිනේ.. මම යන්නම්.. දැන් උඹට තනියක් නෑනේ සුපුන්..”

“දමිත්.. උඹ යාළුවෙක්ටත් වඩා මගේම සහෝදරයේක් දමිත්.. උඹට ගොඩක් පින්..”

මොකටද ?”

උඹ අපි වෙනුවෙන් කරපු හැම දේකටම..”
  
          කිසිත් නොකියා සිනාසුන දමිත් තාරකාටත් සුපුන්ටත් ඔවුන්ගේ ලෝකයේ තනිවෙන්නට ඉඩ දී එතැනින් නික්මුනේ හිතේ රැදුන අවංක සතුටත් රදවාගෙනය....






Tuesday, 5 July 2011

තරු ඇස් දහසක් 9

“ ඔහොම ටිකක් ඉදපං දමිත්..”

“ ඇයි මචං ?”

“ මොකද බං මේ ටික දවසට උඹ ගොඩක් වෙනස් වෙලානේ..”

“ ටික දවසට.. උඹට හිතෙන්නේ ටික දවසක් කියලද මචං.. උඹට උඹේ ඇක්සිඩන්ට් එක මතකද ?”

“ ඔව්..”

“ එදා ඒ ඇක්සිඩන්ට් එකෙන් උඹට ගොඩක් අමාරු උනා මචං.. උඹ මේ ඇද උඩට වෙලා අවුරුදු පහක් හිටියා කෝමා එකක..”

“ අවුරුදු පහක් ?”

            දමිත් කියන්නේ ඇත්තක්මදැයි සුපුන්ට අදහාගන්නට නොහැකි විය.. ඒත් ඔහුගේ මුහුණින් ඒ ඇත්තක්මයි සුපුන් විශ්වාස කලේය..

“ දැන් උඹට සිහිය ආවනේ මචං.. අපි ගොඩක් දෙනෙක් බලන් හිටියේ උඹට සිහිය එනකම්.. උන හැමදෙයක්ම මම උඹත් එක්ක හෙමීට කියන්නම්.. මම දැන් ගිහින් ඩොක්ටර් එක්කන් එන්නම්..”

                 ජීවිතේ අවුරුදු හතරක් කිසිම මතකයක් ඉතිරි නොකර නින්දේම ගෙවී ගිය හැටි සුපුන් කල්පනා කලේය.. මේ ගෙවුන අවුරුදු හතරට කොයිතරම් දේවල් වෙනස් වන්නට ඇත්දැයි සුපුන් තනිවම සිතුවේය.. තාරකාගේ ජීවිතයට මේ අවුරුදු හතර කුමන වෙනස්කම් ගෙන එන්නට ඇත්දැයි සිතු  සුපුන් දිගු හුස්මක් පහල හෙලුවෙ සියලු බලාපොරොත්තු බිද වැටුනයි හිතාගෙනය..

“ කොහොමද සුපුන් ?”

“ දැන් හොදයි ඩොක්ටර්.. ඒත් තාම ටිකක් විතර ඇගට අමාරුයි..”

“ ඕක ටික දවසකින් ඇරිලා යාවි.. නර්ස් මෙයාට මේ පෙති ටික දෙනවද..”

“ හොදයි ඩොක්ටර්..”

           හොදින් හුරු පුරුදු කඩහඩක් සවනත වැටුන සුපුන් හිස ඔසවා බැලුවේය.. ඒ තාරකාය.. සුපුන් දෑස් අදහා ගත නොහැකිව ඈ දෙස බලාගෙන සිටියේය.. මොහොතකට මත්තෙන් හිතේ රැදුන වේදනාව පහව යමින් සුපුන්ගේ මුහුණේ සිනා රැල්ලක් ඇදෙන්නට විය..

“ තාරකා..”

                    සුපුන් ඇයට ඇමතුවේය.. ඒ හඩ ඔස්සේ සුපුන් දෙස බැළු ඇගේ දැස් වල එදා දුටු දීප්තියම සුපුන් දුටුවේය.. ඒත් ඇය කිසිවක් නොකියාම සුපුන්ගේ බෙහෙත් ටික ඔහුට දී එතැනින් පිටව යන්නට හැදුවාය..

“ තාරකා.. ඔහොම ඉන්න.. මට ඔයත් එක්ක කතා කරන්න ඕන..”

            එහෙත් ඇය නොනැවතීම ඉදිරියට ඇදුනාය.. ඇයව නවතන්නට හිතාගෙන ඇදෙන් බසින්නට හැදු සුපුන්ට ඔහුගේ දෙපා ඔහුටම වාරු නොදෙන බවක් දැනෙන්නට විය.. කොතරම් උත්සාහ කලත් සුපුන්ට ඇදෙන් බහින්නට හැකි නොවිය.. අමාරුවෙන් නෙගිටින්නට හදන සුපුන් ලගට ආ දමිත් ඔහුව මොහොතකට සනසන්නට විය..

“ දමිත් මට නැගිටින්න බෑ බං.. මට තාරකාට කතා කරන්න ඕන..”

“ සුපුන් මං කියන දේ ටිකක් අහපන් මචං.. එදා ඇක්සිඩන්ට් එක නිසා උඹට ටික කාලයක් යනකන් ඇවිදින්න අමාරු වෙයි.. තාරකා මෙහේමනේ මචං ඉන්නේ.. ඉතින් උඹට ඕන වෙලාවක එයා එක්ක කතාකරන්න පුළුවන්නේ..”

                කදුළු වැහෙන  දෙනෙතින් සුපුන් දමිත් දෙස බලා සිටියේ කිසිවක් නොකියාය..

“ උඹ දුක් වෙන්න එපා මචං.. උඹට ඉක්මනට සනීප වේවි..”

“ ඇයි මචං තාරකා මාත් එක්ක කතා නොකර ගියේ ?”

“ දැන් කතා නොකර ගියාට පහුගිය මාස හයක වෙලේ ඉදන්ම උඹව හොදින් බලා ගත්තේ තාරකා.. උඹ හිතේ තුබුන දේ කියන්න පරක්කු උන නිසා වෙන්න ඇති ඔය උඹත් එක්ක කතා නොකරම ගියේ..”

“ එයා මේ හැම දෙයක්ම දන්නවද මචං ?”

“ ඔව් මම එයත් එක්ක ඒ හැම දෙයක් ගැනම කිවුවා..”

“ ඒත් මචං මම දැන් ගොඩක් පරක්කු ඇති.. එදාටත් වැඩිය.. එයාගේ ලෝකෙට දැන් වෙන කෙනෙක් ඇවිත් ඇති.. මම මගේ ආදරේ කියන්න ගොඩක් පරක්කු උනා මචං..”

             සුපුන්ගේ කාමරය අසලින් කවුරුන් හෝ හඩන හඩක් ඇසී සුපුනුත් දමිතුත් එදෙස හැරී බැලූවේය.. කාමරයේ දොර අසලට වී තාරකා හඩමින්  සිටියාය.. දෙනෙතේ රැදුන කදුළු සගවාගන්නට හදමින් ඇය ටිකින් ටික සුපුන්ට ලං උනාය..


අවසාන කොටසින් යලි හමුවෙමු...

Sunday, 3 July 2011

තරු ඇස් දහසක් 8

           සුපුන් කැම්පස් එක පෙනෙන මානයට ව්ත් වාහනය නතර කර ගත්තේය.. අතැති වූ ඔරලෝසුව දෙසත් ගේට්ටුව දෙසත් වරින් වර බැලු සුපුන් ඈ එනතුරු මග බලාගෙන සිටියේය..

“ තාමත් නෑනේ මචං..”

“ ටිකක් ඉවසන් ඉදපන්.. ආදරේ කරද්දි කෙල්ල එනකම් මග බලාගෙන ඉන්න එකත් හරිම සුන්දරයි..”

“ ආ.. ඇත්තද? උඹට කවද්ද ඒක තේරුනේ ?”

“ තේරුන නිසා කිවුවා නෙමෙයි.. අහලා තියෙන නිසා මම කිවුවේ..”

“ හා.. හා.. එහෙමවත් හිතමු ඉතින්..”

              සුපුන් ආයෙමත් ගේට්ටුව දෙසට නෙත් යොමා ගත්තේය.. ටික වේලාවක් නිහඩව සිටි දමිත් ආයෙත් සුපුන් හා කතාවට වැටුනේය..

“ සුපුන් අද උදේ තරුශි අපි එතනින් යනවා දැක්ක එක නම් එච්චර හොද දෙයක් නෙමෙයි..”

“ ඔව් දමිත්.. මමත් මේ ඒ ගැනම තමයි කල්පනා කලේ..”

“ උඹ තරුශිගේ හැටි දන්නවනේ.. පොඩි හරි සැකයක් ආවොත් අපි මේ වෙනකම් කරපු හැමදෙයක්ම වතුරේ..”

“ උඹ හරි මචං.. මමත් මේ කල්පනා කලේ මොකද කරන්නේ කියලා..”

“ උඹ තවත් මේක කල්දාන්නේ නැතිව ඉක්මනට තාරකාට උඹේ හිතේ තියෙනදේ කියපන්..”

“ හ්ම්ම්.. අනේ මන්දා මචං..”

“ සුපුන් මේ අහපන්.. මොනවා හරි දෙයක් උනොතින් ඊට පස්සේ උඹට පසු තැවෙන්න වේවි කාලය තිබිලත් මම පරක්කු උනා නේද කියලා.. ඒ නිසා උඹ ඉක්මන් වෙයන්..”

   සුපුන් කිසිවක් නොකියාම නිහඩව සිටියේය..

“ මේ අහපන් සුපුන්.. උඹ කියන විදිහට දැන් තාරකාගේ උනත් උඹට අකමැත්තක් ඇතියි කියලා මම හිතන්නේ නෑ.. උඹලගේ වත් පොහොසත් කම් ගැන හිතුවොත් ඇරෙන්න..”

“ ඔව් උඹ කියන එකත් හරි..”

“ මොකක් හරි ප්‍රශ්ණයක් ආවොත් උඹට කෙලින් තීරණයක් ගන්න හරි තාරකාගේ කැමත්ත දැනගෙන ඉන්න ඕනනේ..ඒ හින්දා මම කියන්නේ උඹ තවත් පරක්කු වෙන්න එපා..”

“ මචං තාරකා ඇවිත්.. මම කතා කරලා එන්නම්..”

“ මම කියපු දේ මතක තියා ගනින්..”

“ හරි හරි..”

              සුපුන් තාරකා සිටි දෙසට ඇවිද ගියේය.. වාහනයේ නතර උන දමිත් ඔවුන් දෙදෙනා දෙස බලා සිටියේය.. දුරින් බලන කෙනෙකුට ඔවුන් පෙම්වතුන්යැයි හිතෙන තරමටම ඔවුන් ලංව කතා කලේය..

“ මේ මෝඩයා අදවත් හිතේ තියෙන දේ කිවුවොත්..”  දමිත් තනිවම සිතුවේය..

“ කොහොමද තාරකා අදත් රැග් එකට  අහු උනාද ?”

“ නැහැ අදනම් නැහැ.. යාන්තම් බේරුනා..”

“ ඒක හොදයි..”

“ මොකද දමිත් අයියා අද කතා නොකරම කාර් එකට වෙලා ඉන්නේ ?”

“ ඒ අද මට ඔයා එක්ක වැදගත් දෙයක් කතා කරන්න තියෙන නිසා වෙන්න ඇති..”

“ ඒ මොකද්ද ?”

“ තාරකා.. මම හිතනවා මම මේ දේ කියන්න තාම පරක්කු වැඩි නැහැයි කියලා..”

“ කියන්න සුපුන්..”

                    සුපුන් මොහොතකට නිහඩ උනේ ඇය දිදුලන දෙනෙතින් බලා සිටිද්දි සුපුන්ට හිතේ රැදුන ආදරය කියා ගන්නට වදන් නොමැති වූ නිසාවෙන්ය.. නිහැඩියාව බිදලමින් සුපුන් කතා කරන තුරු ඈ මොහොතක් බලා සිටියාය.. නෙතින් නෙත බලාගෙන ඒ ඇස් වල ආදරය දකින්නට හැදු ඔවුන්ට ඒ සොදුරු මොහොත නපුරුව එන බවක් දෙදෙනාම නොදැක්කේය..

තරුශි ඔවුන් අසලට ආවේ කොයි මොහොතේදැයි සුපුන්වත් තාරකාවත් දැන නොසිටියේය..

“ සුපුන්..”

       ඇය මහ හඩින් සුපුන්ව ඇමතුවාය.. මොහොතකට රැදී උන් සොදුරු ලෝකයෙන් මිදුන සුපුන්ට තරුශි ඔවුන් ලග සිටිනු දැක කියා ගන්නට කිසිවක් සිතට නොආවේය..

“ ඔයා මොකද මෙතන කරන්නේ සුපුන් ?”

“ මේ... අපි මෙතනින් යද්දි තාරකාව දැකලා නැවතුනා ටිකක් කතා කරන්න..”

“ ඔයා කොහොමද තාරකාව දන්නේ සුපුන් ?”

“ මේ.. සෝමවීරව හම්බවෙන්න අපේ ගෙදර ඇවිත් තියෙනවනේ..”

            ඒ කිසිවක්ම තරුශි පිළිනොගත් බව ඇගේ මුහුනෙන් හොදටම පෙනෙන්නට තිබුනි.. තාරකා කිසිවක් නොකියාම බිම බලාගෙන සිටියාය..  තරුශිගේ මුහුණේ ඉරිවවු මොහොතකට වෙනස් වී ඇය සිනහවක් මුහුනට ලං කර ගත්තාය..

“ තාරකා.. ඔයා එහෙනම් සුපුන්ව දැනටමත් අදුනනවනේ.. සුපුන්ව තමයි මම ලගදිම බදින්න ඉන්නේ.. අපේ වෙඩින් එක ලගදිම ගන්නවා..”

                   තරුශි සුපුන්ගේ දැතේ වෙලෙන ගමන් පැවසීය.. එය කේන්තියෙන් පිටවු වදන් නොවුනත් එවා තාරකාගේත් සුපුන්ගේත් සිත් වලට වෙදනාවක් ගෙනදුන් වදන් වුවේය..

“ තරුශි.. මොනවද ඔයා මේ කියන්නේ ?”

“ ඔයා කැමති නෑ නේද සුපුන් අපේ වෙඩින් එක ගැන කාටවත් කියන්න ?”

“ තරුශි..”

“ මම යන්නම් තාරුශි බේබි.. ඔයාලට කතා කරන්න දේවලුත් ඇතිනේ..”

                ඇය සුපුන් දෙස බැලුවත් කිසිවක් නොකීවාය.. ඒත් ඒ දෑස් වල වේදනාවත් හංගන්නට හදන කඳුළුත් සුපුන් හොදින්ම දුටුවේය.. ඔහු කිසිවක් කියන්නට කලින්ම තාරකා ඔවුන්ගෙන් දුරට ඇදුනාය.. මොහොතකට හැරී බැලු ඇගේ දැසින් කඩා හැලෙන කඳුළු බිදු සුපුන් හොදින්ම දුටුවේය.. ආදරයෙන් අසරණ වූ සුපුන්ගේ දෑසින් වැටෙන්නට හැදු කඳූළු බිදු සගවා ගන්නට ඔහු මොහොතකට දෑස් පියා ගත්තේය...

...............................................................

             පියා ගත් දෙනෙත් පියන් අතරින් උණුසුම් කඳුළු බිදුවක් ගලාගෙන යද්දි සුපුන් අමාරුවෙන් ඔහුගේ දැස් විවර කලේය.. එක වරම දෑසට වැටුන ආලෝකය නිසාම ආයෙත් වතාවක් දෑස් පියා ගත් සුපුන් හෙමින් දැස් විවර කලේය.. පාළු නිහඩ බව අතරින් සුපුන්ගේ දෙසවනට වැටුන් එකම හඩ වුයේ ඔහුව සම්බන්ද කර තිබු උපකරණ වල හඩ පමනක්ය.. රෝහලේ සුපුන්ගේ ඇද මතට තම මිතුරා හිත තබා ගෙන ඉන්නා අයුරු සුපුන් දුටුවේය..

“ දමිත්..”

                  සුපුන්ගේ කට හඩ සවනත වැටුන දමිත් හිස ඔසවා බැලුවේය.. දමිත්ගේ පෙනුම වෙනදාට වඩා ගොඩක් වෙනස්ය.. ඔහු සිනාමුසු මුහුනෙන් සුපුන් ලගට ආවේය..

“ සුපුන් උඹට දැන් කොහොමද මචං.. හිටපන් මම උඹට සිහිය ආවා කියලා ඩොක්ටර්ට කියනකම්..”