Saturday, 29 January 2011

නුඹ මට හිමි නැතුවා



රෑ අහසට සද ඇවිදින් තනි තරුව කොහොදැයි ඇහුවා
පිපුන රෝස කුසුම මද පවනින් ඹමරිදු කොහිදැයි ඇහුවා
ගලන ගගුල ගං ඉවුරෙන් සයුර තව දුරදැයි ඇහුවා
මගෙ සිහිනෙට නුඹ ඇවිදින් මට ආදරේදැයි ඇහුවා.

සිහිනයෙ මගේ රැදී ඉන්න නුඹ ආසා බව කීවා
මගෙ මුවගේ රැදුන නම නුඹ වෙන්නම් කීවා
මගෙ පපුවට තුරුලු වී නුඹ සෙනෙහසේ ගීතය කීවා
ලන්ව හිද ආදරෙන් ඉන්නට නුඹ පාරමී පිරු බව කීවා.

සසරේ බැදි පෙම අප හමුවූ දින දැනුනා
මගේ සිතේ නුඹ වෙනුවෙන් පාරමී පිරුනා
නුඹෙ අතිනතගෙන යන දිනයක් ගැන සිතුනා
සිහින අතර නුඹේ සිනා මගෙ මතකයේ රැදුනා.

කදුළු බිදු අරන් වසන්තයෙ දිනයක නුඹ ආවා
හිරු කිරණ වැඩිවී පිපි මල් මැලවෙනු දුටුවා
කඳුළු අතරින් නුඹෙ සිත මට අහිමි බව දුටුවා
අන්සතු  හදක පතිනිය වී නුඹ යන බැවි කීවා.

කඳුළු දී දෙනෙතට නුඹ ඈතක පාවී යනවා
මම තවම එතැනම නුඹ එනතුරු මග බැලුවා
සුළං රැල්ලක් ඇවිදින් දෙනෙත හඬවා යනවා
නුඹ හිමි කර ගන්නට මම පින් කර නැතුවා....

Thursday, 27 January 2011

නුඹ නොකියාම ගිහින්




නුඹ නොකියාම ගිහින්
සිනහව මගෙන් උදුරන්
මට සෙනෙහස පෑව සිතින්
මට වෛර නොකරනු ඉතින්.

නුඹේ සිනා මට අහිමිනම්
අහිතක් නැහැ මම ඉවසන්නම්
නුඹේ සෙනෙහෙන් ඉනූ කඳුළැල්
ලොවට හොරා සගවාගන්නම්.

දුර ඈතක නුඹ වෙන්වී
සුළග වී යයි නම් ඈතට පාවී
හැරී බලනු මොහොතකට නැවතී
නුඹේ සිතත් සුළගට එක්කර එවමී.

කවිය වෙලා පදවැලේ එතේනම්
නුඹෙ මතකය කවි නොකර ඉන්නම්
සිහින ගෙත්තම වී නුඹ හිදීනම්
සිහිනයට මම අවසානය තබන්නම්...

Sunday, 23 January 2011

හනික එන්නම් මම




හිරු ගිලගෙන ඈත මුහුදු තෙර
රෑ කරුවලින් අහස ගිලෙද්දි
සොදුර මට නුඹට සමුදී
යා යුතුය  ජීවිත රැකුමට අපේ.

පැලේ දරුවන් රෑ අදුරට බයට
තාත්තගේ උණුසුම සොයන විට
උන්ගේ හිස අතගා හෙමිහිට
නැළවිලි ගී කියපන් තනියට.

දෙවුර රිදුම් දෙන හබල් පාරට
හිත හිරි වැටෙන රෑ සීතලට
තනිවී මම මායිමක් නොපෙනෙන
මුහුදු රැලි අතර ජීවිත සටනක.

විටෙක රළුව නැගෙන මුහුදු රළ
මගේ  දිවි ගන්න හදනවා සදහට
මරුට නොබියව සටන් වැද
පැටවුන් ලගට එන්නම් හනිකට.

ඔරු කද පිරෙන්නට හසු උනු
අස්වනු ගෙනෙයි දෙනෙතට කදුළු
හිතේ කරදර අඩුවී සිත රිද්දූ
උදා හිරු නැග එයි විදහා අරුනළු.

බඩගින්නේ හඬන පැටවුන්ගේ හඩට
වෙරළ සොයාගෙන ඔරුව පදිමි මම
රෑ විදි දුක් කදුළු විකුණා හනික
පැලට එන්නම් දැත පුරවාගෙන මම..

Tuesday, 18 January 2011

අන්ධ දියුණුව



නවෝදයේ රන් රේඛා
අහස් තලේ පායලා
ලෝකය දියුණට යන හැටි
දෑස් මානයේ දිස් වෙලා
හිනැහුනත් හැම දෙන ප්‍රබෝදයෙන්
කදුළු කතා ඇත තව ලොව පුරා.

අහස සිපගන්න නැගෙන
දියුණුවේ උස බල බලා
නැගෙන ලොවට සවිය දෙන්නට
තම සන්තකයම පුද කරලා
හිසට සෙවනක් අහිමි උන් අද
නික්මයයි යලි නොඑනු සිතා.

සුපිරි පැලැන්තියේ නෝනා මහත්තුරු
මොණර කොල මිටි විසි කරලා
සති අන්තයෙ විනෝද මේලා
යන උජාරුව බල බලා
සැනසෙයි මෙහෙකාර  මෑණිය
එක් වරක් තම පැටවුන්ගෙ කුස පුරවා.

මතුපිටට නොපෙනෙන හැබැ දිළිදු බව
දියුණුවේ මායාවෙන් වසා
ලොවට පෙනෙන්නට වීර කම් පාන
ප්‍රශස්ති කරුවන්ගේ මායාවල් දිහා
දකින්න පින් නොකල මග දැස
හැබැවින් පින් වන්තයි සිතුනා....

Sunday, 16 January 2011

ඇය



කදුළු බිදු උගසට
තබන ගැහැණිය ඇයයි
ජීවන බර කරට ගෙන
පැටවුන් ජීවත් කරවන්නිය ඇයයි.

ලොවේ නොයෙකුත් ගැරහුමි
ලබන්නියද ඇයයි
වැදුම් පිදුම් නොඅඩුව ලබන
සරස්වතියද ඇයයි.

ගමේ ගොයමේ
කෙත නෙළුවේද ඇයයි
ලෝකයට නොබියව
රට කරවන්නේද ඇයමයි.

රට රැකුමට පෙරට
සහය උනෙත්  ඇයමයි
ආදරයේ උල්පත
ලොවට බෙදන්නෙත් ඇයමයි..

ජීවිත ගඟ ලග
කදුළු සැලුවෙත් ඇයයි
සතුටු සිනා මුවලග
රදවන්නෙත් ඇයමයි.

ලොවට පණ නල
දෙවන ජීවයද ඇයයි
ජීවිතය ලස්සන කරන
දෙවඟනද ඇයයි....

Thursday, 13 January 2011

කැන්දන් යමි මගෙ සද අද



නිවෙන දිදුළන තාරුකා ගොන්නක
පුර සදයි නුඹ නොනිමී දැල්වෙන
මංගල පෝරුව පෙරමග බලාගෙන
වඩින්න සද නුඹ මගේ හිත් අහසට.

දිදුළන නෙතග අද ඇයි බිම බලාගෙන
ලැජ්ජා හිතිලද මගේ සද කුමරිට
හීන මවපු ඔය නෙත් අද්දරම
ඉන්න දෙන්න මේ මොහොතෙත් මට.

සදට පෙම්බැදි තනි තරුව වී මම
නුඹ ලගින් ඉන්නම් සසර බැදි තුරාවට
එක් කරගෙන නුඹ මගේ හිතේ සදහටම
සිනහව තවරන්නමි සුසුමක් නොවී හිතට.

මන්දාකිණියේ තරු කැට ගොන්නම
අහසට පායලා සද කුමරිගෙ තනියට
හිනාවෙන්න සද වෙනදා වගේම
පුර පොහොයයි අද නුඹ මා එක් වෙන.

බැදුන දැගිලි සතුටු සිනා කැන්දා හිතට
හැඩ තව වැඩි කලා මා ආදරේ සදට
නික්ම යමු අපි සතුටු සිනා මැද අද
ඇරඹුම තබා අපේම සොදුරු ලොවකට..

Thursday, 6 January 2011

ආදරෙ නොලියු කව



නුඹ අතැර ගිය මල් මිට
ලං කරන් හිත ලග තවම
සෙනෙහසේ බිදුන බැම්ම
යලි තනන්නට දුවන මගෙ හිත,
මංමුලාවු දුරු කතර මැද
නුඹේ මතක මිරිගු අතර
නුඹ නොඑන පාළු සොහොන ලග
අදත් මම මල් කළඹ අරගෙන.

හදවත් එකිනෙක පෙමින් වෙලී ගිය
ආදරේ මතක පිටු අතර
නුඹ නොලියා අවසන් කර ගිය
ආදරයේ දුක්මබර කතාව,
කියවන්නට කෙනෙකු නොඑන
මතක පොත්ගුලේ අන්තිම පේලියක
සගවා කිසිවෙකුට නොපෙනෙන්නට
නික්මුනි මම හැරදමා නුබෙ වත.

දැන දැනම එක්වෙන්නට
වරම් නොලද බව අප පැතුව
සන්සාරේ බැදි පෙමට
හමු උනත් අපි පෙම් බදින්නට,
වියොවේ දුක් සෝ සුසුම් මැද
නුඹ යලි ගියා මතු හමු වන්නට
සසර බැදි පෙම තබා හිත ලග
නුඹ ලගට එනතුරු දිවි ගෙවන්නට...