Thursday, 15 December 2011

O I C


මේ සිද්දිය වෙනකොට අපි හිටියේ O/L පන්තියේ.. ඔය කාලේ අපේ පන්තියේ පසු පෙලට ටිකක් විතර ඉස්සරහින් වාඩි වෙලා හිටියා සොදුරු මිතුරෙක්.. අපි මෑන්ට කිවුවේකට උලාකියලා.. දැන් මගෙන් අහන්න එපා ඇයි කියලා.. අපි අපේ එවුන්ට දාපු නම්වල හරි තේරුමක් අපිවත් දන්නේ නෑ..  කොහොමහරි පන්තියේ ගුරුවරයෙක් නැති වෙලාවට විසිල් ගැසීම අනිත් පන්ති වල කෙල්ලන්ට විහිලු කිරිම ආදී දේවල් නිසා හැමදාම වගේ ඔෆිස් එකට කැදවපු කෙනෙක්.. කොටින්ම කිවුවොත් ඕනම දේකට සැකපිට අතඩංගුවට ගන්න කෙනෙක්..

මේ කාලේ කියන්නේ 2003 අවුරුද්දේ අපේ ඉස්කෝලෙට ඔය සල්ලි දාලා කතාකරන ටෙලිෆෝන් බොක්ස් එකක් ගෙනල්ලා හයි කලා.. ඕක තිබුනේ ඔෆිස් එක ඉස්සරහා.. ඕක හයි කලේ ඔෆිස් එකේ දුරකතනයෙන් ගුරුවරු මල් කඩනවාය කියන කාරණාව උඩ.. ලොක්කාටත් අහන් ඉන්න ලැජ්ජ ඇති.. කොහොම උනත් ඔකේන් ගුරුවරුන්ට වඩා කෝල් ගත්තේ මේ අපි තමයි.. කවුරුහරි ඉස්කෝලෙ ආවේ නැති උනාම එදා ඉන්ටවල් එකේ අපි ගෙදරට කෝල් එකක් දාලා අහනවාමචං මොකද අද ආවේ නැත්තේ?” කියලා.. ආපු නැති එකා ඉතින් ඉස්කෝලෙ එනවා කියලා වෙන කොහේ හරි ගියානම් ඉතින් බඩුම තමයි අපි කෝල් කලාට පස්සේ..

ඔහොම කාලයක් යද්දි දවසක් උදේ ඉස්කෝලෙ පටන් අරගත්තට පස්සේ 9 විතර මෙන්න පොලිස් ජීප් එකක් ඇවිත් නතර කලා මැද මිදුලෙම.. ඕකෙන් බැහැ ගත්ත පොලිස් මාමාලා ටිකක් අර වාහනේ ආපු වේගෙන්ම ගියා ඔෆිස් එක ඇතුලට.. දවස් වල අපේ පන්තිය තිබුනේ ඔෆිස් එක ඉස්සරහම.. අපේ ලොක්කා අපිට ගොඩක් ආදරෙයි.. නිසා අපිව නිතරම පේන මානෙන් තමයි තියා ගත්තේ.. ගොඩක් වෙලාවට අපි දකිනවා ජනේලෙන් අපේ පන්තිය දිහා බලාගෙන ඉන්නවා.. තරමටම අපි ගැන හොයලා බැලුවා.. අපරාදේ කියන්න බෑ..

ඉතින් එයාට අපිව පේනවා වගේ තමයි අපිටත් ඔෆිස් එකේ වෙන ඕනම දෙයක් පේනවා වගේම සමහර දාට ඇහෙනවා.. ඉතින් අර පොලිස් මාමලා ඔෆිස් එක පැත්තට දුවගෙන යද්දි අපිත් කට ඇරන් බලං හිටියා මොකද මේ කියලා.. පන්තියේ ටීචර් කෑ ගහනවා පාඩමට ඇහුන් කන් දෙන්න කියලා.. මොන ඊට වඩා අපිට ඕපාදූප වැදගත්නේ.. අපිත් ඔක්කොම වැඩ නවත්තලා දිහා බලාගෙන හිටියා.. එහෙන් මෙහෙන් සද්දෙන් කතාව ගියාට හරියට තේරුනේ නෑ මොකක්ද කියලා..  පැයක් විතර අපේ ලොක්කා එක්ක වාද කරලා පොලිස් මාමලා යන්න ගියා ආවටත් වඩා වේගෙන්..

මොකද උනේ කියලා හිතේ කුතුහලයත් තියාගෙනම අපි ආයෙම පන්තියේ වැඩට යොමු වෙන්න හදනකොටම විදිහල්පති සහායක (අපි මෑන්ට කිවුවේ සුනිල් අයියා කියලා.. නැති නැන සුනිලා..) එනවා අපේ පන්තිය පැත්තට.. අපි ඉතින් එච්චර ගනන් නොගෙන බැලුවා මොකද්ද පණිවිඩේ කියලා..

කවුද කට උලා කියන්නේ..”

මම අයියේ..” අපේ මෑන් නැගිට්ටා වීරයා වගේ..

අන්න ලොක්කා එන්න කිවුවා..”


එහෙම කියලා කට උලාව එක්කන් ගිය සුනිලා වෙන කොහේද යද්දි අපේ උලා වීරයා වගේ ඔෆිස් එකට ඇතුල් වෙනවා විතරයි අපි දැක්කේ.. දොර ගාවදිම අරූගෙ කොලර් එකෙන් ඇදලා ගත්ත ලොක්කා අරූට නෙලනවා මදි නොකියන්න.. උලත් කෑ ගහනවාඅනේ බුදූ සෑර්කියලා.. මොන අරූගේ කෑගැහිල්ලට වඩා අපිට ඇහෙන්නේ වදින පාරවල් වල සද්දේ.. මේ ලොක්කා අර මං අපේ පළවෙනි රණ්ඩුවේ කියපු කෙනා නෙමෙයි.. අපි 8 පන්තියෙදි එතුමා විශ්‍රා ගියා.. ඊට පස්සේ ආවේ මෙතුමා.. මෙතුමා අනිත් මොනවා නැතත් නෙලීම අතින්නම් අති විශිෂ්ඨයි.. ඉස්කෝලේ රන් කරන් හිටපු අයට පවා ප්‍රසිද්දියේ ගැහුවා ආයේ චන්ඩි කම් නොකරන්නම..

ඉතින් අපේ මෑනුත් කනවා මදි නොකියන්න.. අපරාදේ කියන්න බෑ විනාඩි විස්සක විතර හොද කෑමකට පස්සේ පොර ආවා එළියට.. අපි හිතුවා හරි කෑම අවසානයි කියලා.. මොන මේකා ඇවිත් පන්තියේ තව තුන් දෙනෙක් එක්කන් ගියා.. අරුන් තුන්දෙනාත් ඇතුලට ගියා විතරයි මතක.. කට උලාට උන ඉරණමටම උනුත් මුහුන දෙනවා.. දැං ඔක්කොටම වඩා ප්‍රශ්ණේ හේතුව අපි දන්නේ නැති එක.. අපි හැමෝම අපේ මතකය අළුත් කරලා බැලුවා පහුගිය සුමාන දෙකේ විතර අපේ කල්කිරියාව.. නෑ.. මෙච්චරම ගුටි කන්න තරම් වරදක් කරලා නෑ.. එතකොට මොකක්ද මේ සීන් එක.. අපිට මේක හෙනම අවුල..

ඔහොම ටිකක් වෙලා යද්දි අර පස්සේ ගිය තුන් දෙනාගෙන් එක්කෙනෙක් එනවා කඳුළු පිහිද පිහිද.. “ මොකද්ද බං සීන් එක?” අපි ඇහුවට උත්තරයක් ලැබුනේ නෑ.. තව කට්ටියක් අඩ ගහන් ගියා ඔෆිස් එකට.. හැමෝටම එකම ඉරණම.. දැං නම් අපි කට්ටියම බය වෙලා හිටියේ.. ඇයි හේතුවක් දන්නේ නෑ මුං එක එකා යනවා විතයි ඇතුලට එකෙක්වත් එන්නේ නෑ..  ඔහොම ගමන් වාර දෙකකට පස්සේ පන්තියේ ඉතුරු උනේ මමත් එක්ක තව පස් දෙනෙක් විතරයි.. අනිත් දොලහම ඔෆිස් එකේ.. ආයෙම එකෙක් එලියට ආවා.. මං ඇතුලු අපි පස් දෙනා හිත හදා ගත්තා එන්නේ අපේ ආරාධනාව තමයි කියලා.. ඒත් මෑන් කෙලින්ම ගියේ උඩ තට්ටුවේ තිබුන අපේ අනිත් පන්තියට.. ඒකේ තව කට්ටියක් එක්කන් ආයෙම අපේ පොර ගියා ඔෆිස් එකට..

මේ වෙද්දි කාලච්ජේද 5ක් විතර ගිහින්.. අපිට කිසිම ඉගැන්වීමක් නෑ.. එන ගුරුවරුත් අපෙන් අහනවා මොකද වෙන්නේ කියලා.. එයාලට කියන්න ඉතින් අපි දැනන් ඉන්න එපැයි.. “ තොපි මොකක් හරි මගෝඩි වැඩක් කරන්න ඇතිසමහර ගුරුවරු අපිට කිවුවා.. ඔය ඔක්කොටම වඩා අපි හිටියේ හිතේ දෙගිඩියාවෙන්..  කොහොමින් කොහොම හරි 2 ඉස්ස්කෝලේ අරින බෙල් එකත් ගැහුවා.. අන්න එවෙලේ තමයි මං ඇතුළු අපි පස් දෙනාගේ ඇගට ලේ ටිකක් ඉනුවේ.. ඒත් මොකද්ද කේස් එක? අපේ හිතට වද දෙන මාරම ප්‍රශ්ණයක් උනා.. අපි ගෙදර යන්නේ නැතුව හිටියා.. 2.30 වෙද්දි මෙන්න මුං ටික කඳුළු පිහිද පිහිද එනවා.. බාගෙට මැරිච්ච උන් වගේ..

මොකද බං උනේ?”

අර &%$$&/($ අපිව මාට්ටු කරලා බං..”

නෑ අර මොකටද?”

ඊට පස්සේ කට උලා උන හැම දෙයක්ම විස්තර කලා.. කට උලාලා හිටියේ ඉස්ස්කෝලේ කිට්ටුවට වෙන්න.. විතරක් නෙමෙයි තව ගොඩක් අය.. අර කලින් කතාවේ පුටුව වැදිලා කට තුවාල උනා කෙනා මතක ඇතිනේ.. අන්න එයත් හිටියේ උලාලගේ ගේ කිට්ටුව.. ඉතින් දවසක් උලා දැකලා තියෙනවා මේ කෙල්ලගේ ගෙදරට ලස්සන කෙල්ලෙක් එනවා යනවා.. හවස පන්ති යන්නේ එහෙම දෙන්නම එකට.. උලා ඇතුලු අපේ ඔය ලග පාත හැමෝම ඉදලා තියෙන්නේ මේ කෙල්ලට ලයින් එක දාගෙන.. අපේ අනිත් පන්තියේ කෙල්ලගෙන් මුං කොච්චරවත් කෙල්ලගේ නම්බර් එක ඉල්ලලා වද දීලා තියෙනවා.. බැරිම තැන ඒකිත් දීලා.. අපේ කට්ටියට් ඉස්ක්කෝලේ හයි කරපු ෆෝන් එකෙන් ගෙදරට කෝල් දිලා.. නිකමටය හිතන්න එපැයි අපි ඉස්කෝලේ ඉදන් කෝල් කරද්දි තවත් ඉස්කෝලෙ යන කෙල්ලෙක් ෆෝන් එකට ආන්සර් කරන්නේ නෑ කියලා.. ඉතින් මුනුත් කතා කරලා ළමය මාත් එක්ක යාළුයි අරකයි මේකයි සීන් ගොඩක් කියලා..


කොට්ටොරුවටත් කෙහෙල් ගහේ කෙටුවම හොට පැටලෙනවා කියන්න වගේ මුංටත් වැඩ වැරදුනා.. මුං කතා කරපු කෙල්ලගේ තාත්තා පොලීසියේ OIC කෙනෙක්.. ආයෙ ඉතින් මං අමුතුවෙන් කියන්න ඕන නෑනේ.. පොලිස් මාමා ලයින් එක ටැප් කරලා හොයාගෙන කොහෙන්ද කතා කරන්නේ කියලා.. බැලින්නම් ඉස්කෝලේ.. කෙල්ලගෙන් අහලා ඉස්කෝලේ අදුනන අය ඉන්නවද කියලා.. කෙල්ල අපේ අනිත් පන්තියේ කෙල්ලගේ නම කියලා.. කෙල්ලව හොයාගෙන ආපු පොලිස් මාමා කෙල්ලගෙන් අහද්දි කියලා කට උලා මගෙන් මෙයාගේ නම්බරේ බලෙන්ම වගේ ඉල්ල ගත්තා කියලා..

පහුවදා පාන්දරම පොලිස් මාමලා ආවේ කට උලාව කුදලං යන්න.. ඒත් ඒකට අපේ ලොක්කා කැමති වෙල නෑ.. මොනවා උනත් 18 අඩු එකානේ.. එහම ගෙනියන්න බෑනේ.. අනික හේතුව දැනගත්තම කොහෙත්ම ඉඩ දීලා නෑ.. ඕකට ඉතින් පොලිස් මාමලා අපේ ලොක්කට හොද කුණුහරපෙන් බැනලා.. ඕවට තද වෙලා තමයි අපේ ලොක්කා කට උලාට එන්න කියලා සලකන්න පටන් අරන් තියෙන්නේ.. මූත් දෙක වදිද්දි  හැමෝගෙම නම් කියලා..

ඔය කේස් එකට ලොක්කා මුං සෙට් එකටම දවස් දෙකක් යනකම් සැලකුවා මදි නොකියන්න.. කට්ටියගේ අම්මලාටත් මුකුත් කියන්න බැරු උනාටත් වඩා මුකුත් කිවුවේ නෑ.. මොකද පොලීසියෙන් ගෙනිච්චනම් ඉස්කෝලේ ලොක්කගෙන් කනවා වගේ නෙමෙයිනේ.. 

ඉතින් ඔය කේස් එකෙන් පස්සේ කට උලා  හැමදාටම OIC  උනා.. ඉස්කෝලේ හයි කරපු ටෙලිෆෝන් එකත් ගැල උනා.. ගුරුවරු ආයෙම මල් කඩන්න ඔෆිස් එකටම ගියා.. සති දෙකක්ද කොහේද යනකම් අපි කොල්ලො පස් දෙනෙක් විතරක් පන්තියේ තනි උනා.. අරුන්ට පන්ති තහනමක් දාපු නිසා.. පස්සේ කාලකෙදි ගුරුවරු පවා උලාට කතාකලේ OIC කියලා.. කොහොම උනත් උගේ වැඩ නම් එයින් නැවතුනේ නෑ.. ඒකත් කාලයක් යද්දි උගේ වාසියට හරවා ගත්තා.. 


51 comments:

  1. හප්පේ මරු කථාව,අපේ එකෙක් හිටියා IP කියලා ඌට කියන්නේ,උගේ තාත්ත පොලීසියේ IP කෙනෙක් කියලා අපිව බය කරා,අපේ එකෙක් දැකලා පොර කොස්තාපල් කෙනෙක් කියලා,අරූට කාඩ් එක වැදුනා එළට...

    ReplyDelete
  2. කටඋලා පිස්සු බුවෙක්නේ...
    මොලේ ඇතුව කරන්න එපැයි කරන වෙඩිමක්

    ReplyDelete
  3. මොනවා වුණත් ලොක්කා හොඳ පොරක්!

    ඔය පොඩි වයසෙ කොල්ලො කරන දේවල් වලට ඔය වගේ පොලිස් ඌස්ණේ ඔළුවට අරන ජරා විදියට පිළිතුරු දෙන්න යන පොලිස්කාරයටයි ඇත්තටම ගහන්න ඕන.

    ReplyDelete
    Replies
    1. ea kathawa hari watinawa!

      Delete
  4. ලමා කාලෙ ගැන හෙණම සන්තොසයි! :D :D :D

    ReplyDelete
  5. හි හී... නියම කතාව... ඔහොම ගුටි කාලා බේරුනා ඇති..

    ReplyDelete
  6. අලේ..,, ඉස්කෝලෙ එකෙන් කතා නොකර එලියෙ ෆෝන් එකකින් කතා කලානම් හරිනේ. ඒත් බැරි වෙලාවත් ඒ ගෙදරින් ගෑණු ලමයව සැක කලානම් පව් වැඩේ වෙන්නෙ.අර යාලු ගෑණු ලමයා දැන ගෙන ඉදලා නැද්ද යාලුවගෙ තාත්තා පොලීසියේ OIC කියලා?

    ReplyDelete
  7. මුගේ කට උලන්න එපෑ, බිම

    ReplyDelete
  8. අපෙත් එකෙක් Army එකේ Colonel කෙනෙක්ගේ පුතෙක්ට ගහලා පස්සේ අපේ එකාගේ කාඩ් එකත් Colonel වුණා :))

    ReplyDelete
  9. ඔයින් ගියා මැදෑ .....
    රියල් ප්‍රින්සිපල් කෙනෙක්, වැරදිලාවත් ගෙනියන්න දුන්නානං හොදි ඕන්නෑ .....

    ReplyDelete
  10. හිකිස්.... මාර වැඩ නේ කට උලත් කරලා තියෙන්නේ.. ඊට පස්සේ මේ වැඩෙත් වාසියට හරවාගත්ත විදිය ගැනත් ළඟදීම කියමු..

    ReplyDelete
  11. හිහි මාරු නම කට උලා. අපේ ඉස්කෝලෙත් හයි කළා ඕකක්, හැබැයි ඒකෙන කෝල් ගන්නකොට ප්‍රින්සිපල්ට දැනුම් දෙන්න ඕනා. ප්‍රින්සිපල් සිස්ටර් කෙනෙක්, වසයි හොදද, දවසක් නිවාදුකාලේ උදේ පන්ති දැම්මා, අපි හිටියේ 11 වසරේ. ප්‍රින්සිපල් ගේ රුම් එක වහලයි තිබුනේ, ඒ කාලේ අපේ යාලුවෙක් කොල්ලෙක් එක්ක යාලු වෙලා හිටියේ ඔන්. මෙකි අපිවත් එක්කගෙන ෆෝන් එක ලගට ගිහින් ගත්තා කෝල් එකක්, අපි ටිකක් ඇතින් හිටියා නැත්තන් හරි නැහැනේ, මෙන්න බොලේ එක පාරටම ප්‍රින්සිපල් ගේ කාමරේ දොර ඇරුනේ නැති, අපිට අරකිට කියාගන්නවත් වෙලාවක් තිබුනේ නැහැ, සිස්ටර් එලියට ආවා., දන අපිත් එයා ගාවට ගියා, සිස්ටර් ගේ ඔෆිස් එක ගආවමයි අරක හයි කරලත් තිබුනේ, සිස්ටර් අහගෙනම ආවේ නැතැයි ලගට කාටද කතා කරන්නේ කියලා, මේකිගේ මොලේ කියන්නේ ෆෝන් එක කනේ තියාගෙනම කියුවා නෑ සිස්ටර් මම මේ ගෙදරට කෝල් එකක් ගත්තේ අපේ තාත්තට එන්න කියන්න මට ඔලුවේ කැක්කුමයි ගෙදර යන්න කියලා, මේ තාත්තා ෆෝන් එකේ ඉන්නවා කියුවා. සිස්ටර් ත් අරන් කතා කළා, අරු කොහොමහරි සිස්ටර්වත් ගානට අන්දලා, අම්මේ අපිනම් එදා මාරට බය වුනා, එකී අහුවුනොත් ඉතින් අපිටත් සම්බෝල තමයි...

    ReplyDelete
  12. තාත්තා පොලීසියේ කිව්වම ඔහොම බය වෙනවද ? මරු නම OIC :P

    ReplyDelete
  13. හික්ස්!මොන සීන් එකකට උනෙත් ජන්ගියක් ගාව ගත්තොත් අල වෙනවම තමා~

    ReplyDelete
  14. ගහපු ගැහැල්ලත් එක්ක බැලුවම මටනං හිතෙන්නෙ පොලිසියෙන් ගෙනිච්චනං හොදයි කියල.

    ReplyDelete
  15. හෆොයි කොල්ලෝ මේ තරම් දග ඇයි අප්පා....ඔය කිව්වට ඔයත් ගුටි කෑවා නේ....මගේ හිත කියන්නෙම එහෙමයි...හිකිස්..

    ReplyDelete
  16. @ ඔබ නොදුටු ලොවක් : හෙහ්.. එහෙනම් පොර හෙන සද්දෙන් ඉස්කෝලෙ ඉන්න ඇත්තෙ.. වැඩේ මාට්ටු උනාට පස්සේ උට උන දේ හිතාගත හැකි..

    ReplyDelete
  17. @ ලොකු පුතා : මොන මොළයක් පාවිච්චි කිරිල්ලක්ද? මුන්ටත් ඕන වෙලා තියෙන්නේ පොඩි ආතල් එකක් ගන්න.. අනික කෙල්ලත් ගමේ නෙමෙයිනේ.. ඉතින් පවුලේ විස්තර මුං දන්නෙත් නෑ..

    ReplyDelete
  18. @ විසිතුරු : කට උලා මෙහෙම බේරුනාට උන්ගේ ගෙදර අය නම් ටික කාලයක් බයෙන් හිටියේ.. මොකද උන්ගේ තාත්තා ත්‍රිවිල් එලෙවුවේ.. ඉතින් පොලිසියෙන් ලෙඩක් දාලා තාත්තා අල්ලයන් යයි කියලා තමයි අපේ ලොක්කා උනත් අනතුරු ඇගෙවුවේ..

    ReplyDelete
  19. @ තනි අලියා : නැතුව නැතුව.. මේ තාම පටන් ගැන්ම විතරයි.. තව ඉස්සරහට තමයි හොද හොද දේවල් එන්නේ..

    ReplyDelete
  20. @ StArry aNgeL : ඔයා දන්නවද ඒ ගුටිකෑම පාසල් වාර්ථාවක් කියලා.. දවස් දෙකක් එක දිගට.. කවුරුවත් ඒ රෙකෝඩ් එක කඩන එකක් නෑ..

    ReplyDelete
  21. @ නිසූපා : ඉස්කෝලේ වෙලාවට ඉතින් එළියට යන්න බෑනේ අක්කේ.. ඒනිසා ඕක පාවිච්චි කරලා.. එයා දැනන් ඉදලා තියෙනවා.. ඒත් අපි එක්ක වැඩිය හොද නෑනේ.. ඒ නිසා කියලා නෑ..

    ReplyDelete
  22. @ Observer : අපි ඕක මතක් කරද්දි මූ හරි ලස්සනට කතාව කියනවා කට උල් කරගෙන.. බලන්න ලස්සනයි..

    ReplyDelete
  23. හෙහේ, කට උලත් කරපු වැඩ...
    අර විසිතුරු කිව්ව වගේ ඔච්චර පොඩි දේකට පොලිසිය මැදිහත් වෙන්නේ මොකටද? ඒ ළමයාගේ තාත්ත විදිහට අවවාද කලානම් ඉවරයිනේ.

    ReplyDelete
  24. මරු පොරක්නේ..එලකිර් කතාව සහෝදරයා

    ReplyDelete
  25. අම්මියෝ මදැයි ඔයිං ගියා. මොනවා වුනත් ලොක්ක එල කොල්ලෙක්. නැත්තන් ඉතින් අරූට දෙයියන්ගේම පිහිටයි.

    ReplyDelete
  26. අන්න නියම ප්‍රින්සිපල් ලා... නියමෙට නෙලලා නොවැ!

    ReplyDelete
  27. @ Hasitha : ඉතින් පොරට අවුලක් වැටුනේ නැද්ද අපේ මෑන්ට වගේ??

    ReplyDelete
  28. @ පන්සල් හංදිය : මේ මොනවා අහනවද.. ඔව් අපරාදේ කියන්න බෑ ඒ අතින්නම් එතුමා රියල්.. තව ගොඩක් කේස් වලදිත් වැරැද්ද අපේ ඉස්කෝලේ උනත් ප්‍රින්සිපල් අරගත්තේ අපේ පැත්ත..

    ReplyDelete
  29. @ Ice (අයේෂා කුලතුංග) : තමන්ගේ වාසියට හරව ගත්ත කියන්නේ නංගී ඉතින් මූ මේක හරී වීරකමක් වගේ කියන්න පටන් ගත්තා මාස දෙක තුනක් යද්දී..

    ReplyDelete
  30. @ වර්ණා : ඔයාගේ යාළුවට මොලේ තිබිලා තියෙනවා.. ඉතින් යාළුවා ඔලුවේ කැක්කුමට ගෙදර ගියාද??

    ReplyDelete
  31. @ දිල් : නැතුව අක්කේ.. පොලිස් ගැන ඉතින් කියන්න ඕන නෑනේ.. හැබැයි උලා අපිට 11 වසරෙන් පස්සේ මග ඇරුනා එකා විභාගේ ෆේල් උන නිසා..

    ReplyDelete
  32. @ Sabith : මේ මොනවා කියනවද.. ඉස්කොලේ යද්දි වැටුන කේස් ඔක්කොම් වැටුනේ මේ කෙල්ලෝ නිසානේ..

    ReplyDelete
  33. @ රාජ් : පොලිසියෙන් ගෙනිච්චනම් කන්නේ උලා විතරයි.. ඉස්කොලෙදි මට මතක හැටියට 15ක් විතර ඕකට ගුටි කෑවා.. ඕකට පොඩො පොඩි අත් උදවු දීපු එවුන් පවා..

    ReplyDelete
  34. @ අසනි : කොල්ලෝ දග වෙන්නේ නැතුව කොහොමද අක්කේ.. නෑ මම මේකට අහු උනේ නෑ.. මොකද මං ඉන්නේ ඉස්කොලෙට ගොඩක් දුරින්.. ඉතින් එදා වෙනකම්ම මං දැනන් හිටියේ නෑ සිද්දිය.. ලග පාත හිටටියනම් ඉතින් මාත් අනිවා ඔතන තමයි..

    ReplyDelete
  35. @ හිරණ්‍ය : එයාලා ඉතින් බලගතු කට්ටියනේ යාලූවා.. ඉතින් ඕනම දේකට හොට දාන්න තමයි බලන්නේ.. ඔව් එහෙම සාමාන්ය විදිහට ඇවිත් මේ ගැන ඉස්කෝලෙට පැමිනිලි කලානම් අරුන් අර තරම් ගුටි කන්නෙත් නෑ..

    ReplyDelete
  36. @ Janaranga Dewasurendra : මූ කරන තරමක් කලේ ඔය වගේ මගෝඩි වැඩ තමයි ඉන්නකම්.. ගොඩ වෙලාවට හිටියේ පන්තියෙන් එලියේ අවුවේ හිටෝලා..

    ReplyDelete
  37. @ Kasun : ඔව් ලොක්කා නම් එල කොල්ලා.. මං එයා ගැනත් පස්සේ කියන්නම්..

    ReplyDelete
  38. @ ලහිරු : අනිවා නෙලන්න ගියාම රෙස්ලින් පරාදයි.. පොර කවදාවත් වේවැලක් පාවිච්චි කරන්නේ නෑ.. අතින්ම තමයි..

    ReplyDelete
  39. මොන එකී අරුට එන්න කියලා තිබුනේ, ගෙදර යනවා කියලා ගානට අරු එක්ක ගියා \හික්

    ReplyDelete
  40. මල්ලි කට උලාගේ කතාව මෙතනින් නවත්තන්න නම් එපා... ඒ වගේ වටිනා කියන චරිතයක් ගැන තව ටිකක් ලියන්න...

    ReplyDelete
  41. මූට කට උලා කියලා දාපු එකේ අරුමයක් නෑ වගේ. කට උලා වෙනුවට 'ගලක කට උලා' කියලා දාන්න තිබ්බේ. මරු කොල්ලෙක්. මූගේ කතා තව තියෙනවා නම් ලියන්න.

    ReplyDelete
  42. හපොයි මං හොඳටම පරක්කුයිනේ...පොලිස් මාමා කරන්න ගිය වැඩේ නම් හොඳ නැහැ නේද? ඔය වගේ දේකට ළමයෙක්ව පොලිසි ගෙනියන එක පිස්සු වැඩක් නේ..ලොක්කනම් ඒ අතින් හොඳයි...

    ReplyDelete
  43. මචන් ඉස්කෝලේ ලොක්කට මගේ ආචාරය !!.උගේ කට නිසාමද කට උල උනේ

    ReplyDelete
  44. අපේ ක්ලාස් එකට එහා ක්ලාස් එකෙත් ඉස්සර ගුරුවරු නැති හැම පීරියඩ් එකකම ඩෝන් ඩෝන් ගාලා සද්ද එනවා.. ඒ ලමයි හරිම දගයි.. අනිවාර්යයෙන්ම ඒ ලමයි ගුටිකනවා.. අපේ පන්තිය හොන්දයි කිය කියා උන්ට ගහනවා.. ඉතින් ඕ ලෙවල් ඉවර වෙනකන්ම උන් අපිත් එක්ක වලි.. අපි හොන්ද හින්ද මොනා කලත් උන්මයි සැක ...

    ReplyDelete
  45. @ වර්ණා : එහෙනම් ඒ ළමයා සෑහෙන දියුණුයි වගේ.. ඒ ඔයා නෙමෙයිනේ නේ? :)

    ReplyDelete
  46. @ prasanna86k : කට උලාගේ කතානම් තව ඕන තරම් තියෙනවා.. මං ඒවත් ලියන්නම්කො එහෙනම්..

    ReplyDelete
  47. @ මධුරංග : ඇත්තටම අයියේ මුග නම කට උලා උනේ නම් උගේ කටේ හැඩේ නිසා.. ඉතින් ඒ කටින් කියන කතාත් ඒවගේම තමයි ඉතින්..

    ReplyDelete
  48. @ සයුරි : ඒක තමයි මම ඒත් බැලුවා වෙනදට ඉස්සෙල්ලම එන අපේ අක්කා මොකද නැත්තේ කියලා.. පොලිසියේ වැඩ නම් ඉතින් අක්කේ කවදත් ඔහොමයිනේ..

    ReplyDelete
  49. @ අසරණයා : උගේ කට නිසාම තමයි මචං උගේ නමත් එහෙම උනේ..

    ReplyDelete
  50. @ Sammani : ඔයාලා හොද මුණ පෙන්නං හිටපු නිසා අනිත් පන්තිය හැමදාම ගුටි කාලා වගේ..

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්