Wednesday, 14 December 2011

වහල්ලු - හයවෙනි දිගහැරුම


පළමු කොටස  දෙවන කොටස   තුන්වන කොටස   හතරවන කොටස   පස්වන කොටස


තැන් තැන් වල එකතු උන බොහෝ දෙනා ගේ කතාබහේ පළමු මාතෘකාව වූයේ සුනිල්ය.. 

ඔය පොඩි කොල්ලට ඕවා කරන්න පුළුවන්ද බං..” 

ඔවුන්ගේ පළමු ප්‍රශ්ණය වූයේ එයයි.. දේශපාලන කරලියේ ලද අත්දැකීම් එක්ක හිතන විට රණවීර මහා දැවැන්තයෙකි.. ඒත් සමහරු සුනිල් මැම්බර් වනවාට හදවතින්ම කැමතිය.. ඒත් සමහරක් තාමත් තීරණයක් ගෙන නොතිබුනේ අවසානය වන තෙක් මේ කිසිවක් ගැන හරි හැටි කියන්නට නොහැකි නිසාය..

සුනිල් පුතා.. අද තමයි ඔයාගේ පළවෙනි කතාව තියෙන්නේ..”

අද.. කොහේද තියෙන්නේ ගුණේ මාමේ?”

වෙන කොහේද වත්තෙම තමයි.. ගාමිණිලගේ ගේ ලග.. ගාමිණියගේ ගෙදරනේ දැන් පුතාගේ චන්ද කාර්යාලේ.. ඉතින් අපි එතනින්ම පටන් ගමු..”

අනේ මන්දා ගුණේ මාමේ.. මේ දේවල් මට නුහුරුයි..”

මං දන්නවා දරුවෝ.. ප්‍රශ්ණේකට විසදුම තියෙන්නේ  ප්‍රශ්ණේ ඇතුලෙමයි.. පිට ඉදන් බලලා  ප්‍රශේණ් කවදාවත් විසදන්න බෑ.. වගේමයි මේ වත්තත්.. මේ වත්තේ අපේ ඕන එපා කම් දන්නේ වත්තේ ඉන්න අපිමයි.. පිටින් එන උන්දැලාට ඕවා හරියට පේන්නේ නෑ.. ඒකයි අපි මේ උඹව මෙතනට යවන්න හදන්නේ.. හිතේ කිසිම දෙයක් ගැන චකිතයක් තියාගන්න එපා.. වත්තේ අපි එකා වගේ එකමුතුව ඉන්නකම් කාටවත් බෑ අපේ මේ ගමන නවත්තන්න..”

ගුණදාසගේ වදන් නිහඩවම අසා සිටි සුනිලට එය මහත් ශක්තියක් වූයේ වත්තේ වැඩිමල් මෙන්ම හැමදේකටම මූලිකත්වය ගන්නා බොහෝ දෙනෙක් තමන් සමග ඉන්නවා යැයි හැගුන නිසාය..

මේ අනං මනං ගැන නොහිතා උඹ හවස තියෙන කතාවට ලෑස්ති වෙයන්.. මාත් යනවා අනිත් වැඩ කොහොමද කියලා බලන්න..”

සුනිල්ව තනිකර නික්මුන ගුණදාස ආපසු හැරි බලද්දි තම අතැති වූ කොලය දෙස බලාගෙන කතාවට සූදානම් වන සුනිල් දැක  ගුණදාසගේ මුවගට සිනහවක් නැගුනේ අහම්බයෙන් වගේය..

මොකෝ ගුණේ තනියම හිනා වෙන්නේ?”


ගාමිණියෝ.. නෑ මට මේ කොල්ලා කතාව කට පාඩම් කරනවා දැකලා හිනා ගියේ..”

ඇත්ත නේන්නම්.. කට පාඩම් කරන් ගිරවා වගේ කියවන්න ගිහින් වැඩේ අනාගනියිද දන්නේ නෑ..”

මාත් මේ ඒකම තමයි කල්පනා කලේ.. මොනවා කරන්නද තාම මේවට හුරු නෑනේ..”

උනාට එහෙම කියලා බෑ ගුණේ.. මේ කෙරුන වැඩත් එක්ක බැලුවම වත්තෙන් භාගයක් විතර තාම ඉන්නේ තීරණයක් නැතුව.. එහෙම උන්ට තීරණයක් ගන්න අද කොල්ලගේ කතාව වැදගත් වේවි.. අපේ කීමටම උන් කොල්ලට චන්දේ දෙයි කියලා අපිට හිතන්න බෑනේ බං..”

හ්ම්ම්... ඔව් ඒකත් ඇත්ත.. දැනට ඕක කටපාඩම් කරපු දෙන් මම තව ටිකක් හවස් වෙලා කොල්ලා එක්ක මේ ගැන කතා කරන්නම්.. ඒක නෙමෙයි උඹට රණවීර මන්ත්‍රී තුමා කතා කලේ නැද්ද?”

කතාකලා.. වත්තේ උන්දැගේ පබ්ලිසිටි වැඩ කොහොමද ඇහුවා.. වත්තේ මීටිමට දවසක් ඉක්මනට කියන්න කිවුවේ..?”

“  කියන්නේ අපේ වැඩේ ගැන තාම උන්දැගේ කනට ගිහින් නෑ වගේ..”

මං හිතන්නේ උන්දෑ දන්නවා.. එදා කතා කලේ වෙනදා වගේ නෙමෙයි.. කලින් වතාවේ හැම තැනකටම මාව අඩගහන් ගියාට මේ පාර වත්ත ගැන බලන්න කියලා විතරයි කියන්නේ..”

ඔවු.. මේවයේ ආරංච් යන එක වලක්කන්න අපිට බෑ බං.. බලමු අපි එන විදිහක්..”

උඹ කොහේද මේ යන්න ආවේ?”

මං ගේ පැත්තට ටිකක් ගිහින් එන්නම් ගාමිණියෝ.. ඇගටත් මහන්සියි.. අපි හවසට හම්බෙමු..”

හරි මාත් යනවා හට් එක ගහන වැඩේ හරිද බලන්න..”

............................

රණවීර මන්ත්‍රී තුමා දැං කවද්ද බෝගහලග වත්තට යන්න හිතන් ඉන්නේ?”

ඉක්මනට යන්න ඕන බං.. කොහේද මේ අනිත් වැඩත් එක්ක වෙලාවක් නෑනේ..”

ඔබ තුමා හිතනවද ගාමීණි මීටිමක් ලෑස්ති කරයි කියලා?”

නෑ.. මේ පාර මට උදවු කරන්නේ නෑ..”

එතකොට මීටිම ලෑස්ති කරන්නේ කවුද?”

ගෝලයාගේ ප්‍රශ්ණයට රණවීර මහ හයියෙන් සිනා සෙන්නට විය.. සාක්කුවේ තිබූ සිගරට් පැකට්ටුවෙන් සිගරට්ටුවක් ගෙන එය දල්වාගත් රණවිර තම හාන්සි පුටුවට බරවී හිද ගත්තේය..

ඒක ගාමිණිම කරයි..”

ගාමිණිම?? මට තේරුනේ නෑ ඔබ තුමා කියන දේ..”

ගාමිණිලා ඔය සුනිලට රැස්වීමක් ලෑස්ති කරාවි වත්තේ.. අන්න රැස්වීමේ මේ මම රණවීර කතා කරනවා..”

කියන්නේ ගාමිණි පැත්තට හිටියට වැඩ කරන්නේ ඔබ තුමාටද?”

උඹලා බලාගෙන හිටපන්කෝ වෙන්නේ මොකක්ද කියලා.. මේ රණවිර ඔය කාටවත් පරදින කෙනෙක් නෙමෙයි.. මේ පාරත් මැම්බර් පුටුවේ වාඩි වෙන්නේ මමම තමයි..”








19 comments:

  1. මොකක් හරි නූල් සුත්තරයක් යනවා වගේ නේද..පේන විදියටනම් ගාමිණි කැත වැඩක් කරනවා වගේ..

    ReplyDelete
  2. "ප්‍රශ්ණේකට විසදුම තියෙන්නේ ඒ ප්‍රශ්ණේ ඇතුලෙමයි.."

    පහුගිය කොටස මට මග ඇරිලා.. ඒකත් එක්කම කියෙව්වා.. :)
    මොකෝ මේ වෙන්න යන්නෙ..? :(

    ReplyDelete
  3. කියවල ගියාට පහු ගිය කාලෙම මොනවත් ලියන්න බැරිවුනා. හොඳ කතාවක්. ඉතිරියත් ලියන්න එහෙනම්.
    මැණික්

    ReplyDelete
  4. රඑකඑකා එකඑකාව කපාගෙන නැගිටින්න හදන හැටි! :(

    ReplyDelete
  5. මැම්බර් පුටුවේ එයා වාඩි වෙයිද?

    ReplyDelete
  6. බලමු බලමු කවුද මොළකාරයා කියලා ..

    ReplyDelete
  7. හපොයි... එනපොට හොද නැත.

    ReplyDelete
  8. @ සයුරි : දේශපාලනයේ නුල් සූස්තර නැත්නම් වැඩක් නෑනේ අක්කෙ... බලමුකො මොකද වෙන්නේ කියලා..

    ReplyDelete
  9. @ නන්දු : ගොඩක් ප්‍රශ්ණ වලට විසදුම් ඒ ප්‍රශ්ණේ ඇතුලෙම තියෙනවා.. නන්දු ඔය මගෙන් අහපු "මොකෝ මේ වෙන යන්නනේ" කියන ප්‍රශ්ණෙටත් උත්තරේ ඒකම තමයි..

    ReplyDelete
  10. @ මැණික් : කමක් නෑ අක්කේ.. ඉඩ තියෙන වෙලාවක ඇවිත් කමෙන්ට් එකක් දාලා යන්න..

    ReplyDelete
  11. @ තනි අලියා : මේක හැම තැනදිම දකින්න තියෙන දෙයක්..

    ReplyDelete
  12. @ වර්ණා : එයා කිවුවේ රණවීරද නැත්නම් සුනිල්ද?

    ReplyDelete
  13. @ ලහිරු : ඔව් මේවයේ ඉතින් මොළයයි සල්ලියි තියෙන කෙනා දිනුම්..

    ReplyDelete
  14. @ නිසූපා : ඔව්.. හෙට අනිද්දම නොසිතූ දෙයක් බලාපොරොත්තු වන්න..

    ReplyDelete
  15. මං හිතන්නේ දේශපාලනයට මේ කිසිම යටිකූට්ටු වැඩක් අරුමයක් නෙමෙයි කියල...
    කැපිලි කෙටිලි , කකුලෙන් ඇදිලි එමටයි. දැන් දේශපාලනේ ලොකු පුටුවල ඉන්න අයටත් එදා එහෙම වෙන්න ඇති.
    සුනිල්ට සහ දිනේෂ් අයියට ජය!

    ReplyDelete
  16. හෆොයි මේක මිස්වෙලා තියෙන්නේ... ආපහු එන්න ඕනෙ මුල ඉඳන් කියවන්ට..

    ReplyDelete
  17. ගාමිණියා කැත වැඩකට අර අදිනවා වගේ නේ. මුලදි මුලදි කතා කරන්න අමාරු උනාට පහු පහු වෙනකොට මයික් එකක් ලඟින් යන්න බැරුව යයි.

    ReplyDelete
  18. රණවීරයා මේපාර මොකක්ද මේ කරන්න හදන්නේ.....

    ReplyDelete
  19. "ප්‍රශ්ණේකට විසදුම තියෙන්නේ ඒ ප්‍රශ්ණේ ඇතුලෙමයි.. පිට ඉදන් බලලා ඒ ප්‍රශේණ් කවදාවත් විසදන්න බෑ.. "

    නියම කතාවක්...:) ඇත්ත!!!
    මටත් පේන්නෙ, මොකක් හරි යටින් වෙනම ගේමක් යනවද කොහෙද??? බලමු ඊළඟ කොටසින්.. මැම්බර් පුටුවෙ ඉඳගන්නෙ කවුද කියලා

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්