Wednesday, 21 December 2011

වහල්ලූ - හත්වෙනි දිගහැරුම

හවස් ඇදිරි වැටෙන්නට ලං වෙමින් තිබුන මොහොතක ගුණදාස ගාමිණිගේ නිවස දෙසට පිය මනින්නට වූයේ සුනිල්ගේ පළවෙනි රැස්වීම ලෑස්ති වී තිබුන නිසාය.. කාගෙත් එදා කතාබහ යොමු උනේ සුනිල්ට වගේම රණවීර වෙතටය..

රණවීර මංත්‍රීතුමත් එක්ක ලේසි වෙන එකක් නෑ නේද ගුණෙ අයියේ?”

හ්ම්ම්... ඔව්.. උන්දැට ඉතින් සල්ලි තියෙනවනේ.. ඒනිසා සල්ලි වියදම් කරලා ඕනම දෙයක් කරාවි..”

අද මගේ කඩේට හයිලෙවල් පාරේ ගෙදරක ලොකු මහත්තයෙක් ඇවිත් සුනිල් අපේ වත්තේ එකෙක්ද කියලා ඇහුවා..”

ඉතින් උඹ මොකද කිවුවේ ඇල්බට්..”

මම ඉතින් කොල්ලා ගැන හොද කියලා කොල්ලගේ කාඩ් එකක් මහත්තයට දුන්නා..”

ඉතින්..”

රණවීර නේද කලින් හිටියේ කියලා කාඩ් එක දිහා බලලා මගෙන් අහලා යන්න ගියා..”

අපිට අවාසි වෙන්නේ ඔතන බං.. “

මොකෝ ගුණේ අයියේ..”

රණවීරත් සල්ලි කාරයා නිසා වත්තට එන පාරේ තියෙන ඔක්කොම ලොකු ගෙවල් උන්දෑ හොදට අදුනනවා.. අනික බපලං අපේ පාරේ තාර තියෙන්නෙත් ඔය එක මහත්තයෙක්ගේ ගේ ගාවට එනකන් විතරනේ..”

ඒකත් ඇත්ත ගුණේ අයියේ.. ඔය සමහර කොන්තරාතුත් ඔය මහත්තයාලට රණවීර දවස් වල පාස් කරලා දීලා තියෙනවා කියන්නේ..”

අපි බලමුකෝ බං මොකද වෙන්නේ කියලා.. තව දවස් තියෙනවනේ..”


ඇල්බට් එක්ක කතාවේ යෙදෙමින්ම ගුණදාස ගාමිණිගේ නිවස වෙතට ඇවිදන් ගියේය.. ඔවුන් සමගම  ගාමිණිගේ නිවස දෙසට ඇවිදන් බොහෝමයක් දෙනාගේ කතාවේ මාතෘකාව වූයේ සුනිල්ය..

ගුණදාස එහි එන විටත් වේදිකාව ඉදිවී තිබුනේය.. ගාමිණිගේ වත්ත දෙසට ගුණදාස නෙත් යොමා බැලුවේ සුනිල් කොහිද කියාය.. වෙද්දිත් ගාමිණිගේ ගේ දොරකඩට වී කතාව පාඩම් කරන සුනිල් දුටු ගුණදසගේ මුවගට සිනාවක් නැගුනේය..

පුතා ඔක්කොම ලෑස්තියි නේද?”

ඔව් ගුණේ මාමේ.. මං කතාවත් කට පාඩම් කර ගත්තා..”

කොල්ලො ඕවා ගිරවා වගේ කට පාඩම් කරන් හරි යන්නේ නෑ.. එක තැනක පැටලුනොත් ඔක්කොම අමතක වෙනවා.. උඹ හිතට එන විදිහට කතා කරහන්..”

හරි ගුණේ මාමේ..”

උඹ ගාමිණියව දැක්කද?”

ඔය ස්ටේජ් එක ගහන තැන  හිටියා මාමේ..”

ගුණදාස ගාමිණි සොයා ගියත් සුනිල් තවමත් කොලය දෙස බලාගෙන කතාව පාඩම් කරමින් සිටියේය..

ගුණේ.. මම ඒත් බැළුවා මොකද තාම නැත්තේ කියලා..”

නෑ බං ඊයෙත් නිදි මරපු නිසා ටිකක් නින්ද ගියා.. මොනවද තව කරන්න තියෙන්නේ?”

මේ වැඩ නම් දැං ඉවරයි.. කට්ටියත් ඇවිත් ඉන්නේ.. අනිත් වැඩ ටික සුනිලා අතේ තමයි තියෙන්නේ..”

ඒක නෙමෙයි ගාමිණියෝ උඹ වත්තට එන පාරේ ඉන්න මහත්තුරුන්ගේ චන්දේ අපේ කොල්ලට ගන්න විදිහක් බැලූවද?”

දිගු හුස්මක් ඉහලට ගත් ගාමිණි ලග තිබුන අසුනක හිද ගත්තේ ගුණේටද වාඩි වන මෙන් හගවමිනි..

අපිට මහත්තුරුන්ගේ චන්දේ නම් ලැබෙන එකක් නෑ..”

මොකො?”

රණවීර අපිට නැතත් ඔය මහත්තුරුන්ට ඕනම දෙයක් කරලා දුන්නා.. අනික වත්තේ අපි දිහා ඔය මහත්තුරු බලන්නේ අමුතු විදිහටනේ බං.. ගොඩ දෙනෙක් අපිව විස්වාස කරන්නේ නෑ.. උඹට මං ඒක අමුතුවෙන් තේරුම කරන්න් ඕන නෑනේ..”

හ්ම්ම්.. ඒකත් ඇත්ත බං..

ඔය කියනකොටම කොල්ලා එන්නේ..”

උඹ ඔහොම ඉදහන්කෝ එහෙනම්..”

සුනිල්ට කලින් වේදිකාවට ගොඩ උන ගාමිණි වත්තේ අය ඉදිරියේ කතා කරන්නට විය.. සුනිල්ගේ කතාවට වත්තේ හැමෝම වාගේ එක්ව හිටියේ වත්ත ගැන ඔහුගේ අදහස් දැන ගන්න හිතාගෙනය.. ගාමිණිගේ ඇරයුමින් වේදිකාවට ගොඩ උන සුනිල් අතේ තිබු කොලය පසෙක දමා කතාව පටන් ගත්තේය..


......................................


මොකද්ද බං කරන්නේ ඕක හරියට කරහන්කෝ..”

රණවිර මංත්‍රීතුමා..”

මොකෝ මේ හති දාගෙන?”

අන්න බෝගහලග වත්තේ රැස්වීම පටන් අරන්..”

මොනවා..”

ඔව් අර ගාමිණියා ස්ටේජ් එකේ කතා කරන්නේ..”

එහෙනම් ඇත්තටම මට විරුද්ධ උනා..”

අපි මොකද කරන්නේ මංත්‍රීතුමා?”

උඹ කොල්ලො ටික ලෑස්ති කර ගනින් ඉක්මනට.. උඹ ගනින් සෝමෙට කොල් එකක්.. අපිත් යමු සුනිලගේ කතාව අහන්න..”









8 comments:

  1. හොඳ හරිය ලඟම එනව වගේ

    ReplyDelete
  2. හ්ම්ම්...බලමුකෝ

    ReplyDelete
  3. ෆට්ට...බලමු ඊළඟට මොනාද වෙන්නේ කියලා!

    ReplyDelete
  4. කතාව බොහොම සුන්දරයි යාළුවා..කියවනවා දිගටම

    ReplyDelete
  5. දුකයි බං.......... :( රට යන අත ගැන

    ReplyDelete
  6. හොද වලියක් ලගදීම, කාට හරි හදිසි අනතුරු රක්ෂනාවරනයක් ලබා ගැනීමට අවශ්‍ය නම් මාව කොන්ටැක් කොර ගන්න හොදේ

    ReplyDelete
  7. එහෙනම් ගාමිණි තමන්ගෙ අයගෙ පැත්තෙ වගෙයි.. උණුසුම් පුවත් ඊළඟ කොටසට.. :)

    ReplyDelete
  8. මිනිස්සු කියන ජාතිය විස්වාස කරන්න බෑ මල්ලි.
    ඊලඟ කොටස එනකන් නොඉවසිල්ලෙන් පසු වෙමි.

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්