Wednesday, 7 December 2011

කදු මුදුනේ නිරුවතින්


එට්නා කන්ද කියන්නේ ලාවා වලින් පිරුන සිසිලි දූපතේ පිහිටි විශාල කන්දක්.. අපි ඉන්න කතානියා නගරේ ඉදන් ඔය කන්දට තරම් දුරක් නෑ.. හිටි හැටියේ නින්දෙන් ඇහැරෙන ඔය ගිණි කන්ද රත් පැහැයෙන් ලාවා පිට කරද්දි අපේ ෆ්ලැට් එකේ වහලට නැග්ගම රෑට හොදට බලන්න පුළුවන්.. රුදුරු ගිණි පිට කරන කන්දක් උනත් ඕ සීත කාලෙට බලන්න ලස්සනයි.. කතානියා අපිට සීත කාලෙට හිම වැටෙන්නේ නැති උනාට ඔය කදු මුදුන අවට පැති වලටනම් හොදට හිම වැටෙනවා.. කාලෙට අපිත් නොවරදවාම යනවා එට්නා කන්දේ හිම දකින්න..

මම මුලිම එට්නා නැග්ගේ 2008 අවුරුද්දේ.. එතකොට ඉතාලියට පය ගහලා මාස 7ක් විතර.. අයියගේ යාළුවෝ සෙට් එකත් එක්ක මමත් ගියා ඉස්සෙල්ලාම මේ හිම කියන්නේ මොනවද කියලා ඇස් දෙකෙන්ම දකින්න.. ගමන හරිම සුන්දරයි.. 18 වංගුවට වඩා අසීරූ වංගු තියෙනවා සෑහෙන්න.. ඒනිසාම අවදානමත් ටිකක් වැඩියි සීත කාලෙට.. මොකද පාරවල් හරි ඉක්මනින් ලිස්සන නිසා..  වම් අතට වංගුවක් ගනිද්දිම  දකුණතට වංගුවක්.. එපා වෙනවා.. 

ඔය අපේ නඩේ ඉස්සල්ල ගමන් බිමන් යන අයට පොඩි නවක වද එහෙම ලැබෙනවා.. අයියා හිටියා කියලා නෑ මටත් එහෙමම තමා.. වැඩේ කියන්නේ මූමයි ඕවා පටන් ගන්නේ.. එට්නා කන්දෙදිනම් හිම කන්න උනා.. J අවුලක් නෑ වතුරනේ.. ඔන්න ඔහේ කෑවා.. දත් ටිකත් එක්කම ඔළුවම හිරිවැටුන එක තමයි ඉතින් උනේ.. අපේ ගැන් එකට අළුතෙන් එකෙක් එනකන් මං බලාගෙන ඉන්නවා මට ලැබුන රැග් ටික එහෙමම දෙන්න.. නැත්නම් හොද නෑනේ..

කොහොමහරි එදා ඔය ඔක්කොම අස්සේ බලපොරොත්තු නොවුන විදිහේ කතාවක් අපේ අයියා කිවුවා.. කතාවට මුල වැටුනේ කොහොමද කියලා නම් මට දැන් හරියටම මතක නෑ.. ඒත් කතාව අහුවම නම් තරු විසි උනා..

උඹලා ඔක්කොටම &%£!& තියෙනවානම් අපි ඔක්කොම ඇදන් ඉන්න අදුම් ගලවලා ෆොටෝ එකක් ගමු..”

මලා මේ මොනාද මේකා කියන්නේ.. ඕකට පෝර දාපු අපේ අයියගේ හොදම යාළුවත් කතාව ඉස්තීර කලා.. විතරක් නෙමෙයි.. මුං දෙන්නා දැං ඇදුනුත් ගලවනවා.. දැං මක්කැයි කොරන්නේ.. මේ හිම වැටෙන හීතලේ අදුම් ගලවන්න.. මම දෙයියනේ කියලා හිම ටිකක් දැක්කමයි.. අස්සේ මුං ඇදුම් ගලවන්න කියලා චැලේන්ජ් කරනවා.. නොගලවා ඉන්නත් බෑ.. එහෙම උනොත් ඉතින් අර කියපු එක නෑ වෙනෙවා..

අපි සාමාන්යෙන් එට්නා යද්දි වෙනදා අදිනවට වඩා අදුම් ප්‍රමාණයක් අදිනවා.. ජැකට් එක, හීතල නොවදින ලානා බැනියම එක්ක ඔක්කොම ගත්තම තුනක් විතර.. ඇද්දත් සමහර දාට හීතලයි.. හීතල බල්ලට ගියා දෙන් කියලා ගැලෙවුවා අදුම්.. ඔය ටික වෙලාවකට හීතල වැදුනා වගේ නෙමේ කාලයක් යනකම් පරාජයේ ලැජ්ජාව දරන්න වෙනවා..

වාසනාවකට වගේ අපි හිටපු හරියේ කවුරුවත් පේන්න හිටියේ නෑ.. හිටියද දන්නේත් නෑ.. කන්ද මුදුනේ වළාකුළු නිසා වැඩිය ඈත පේන්නේ නෑ.. කොහොම හරි අන්තිමේ නම්බුව බේර ගෙන චායාරූපෙට පෙනී හිටියා.. හැබැයි ඔන්න ඒක මේකේ දාන්නේ නෑ.. එහෙම උනොත් ඉදලා හමාරයි..

විනාඩි දෙක තුනකින් විතර දඩි බිඩියේ ඇදුම් ටික ඇද ගත්තා.. අම්මා තියෙන සනීපේ.. මුළු ඇගම ගල් වෙලා වගේ.. වෙවුලනවා එකසිය ගානට.. ඊට පස්සේ ඉක්මනට උඩහ තිබුන බාර් එකට දුව ගෙන ගිහින් ඇග රත්වෙන්න ඕන නිසා එතන තිබුන ගිණි උදුනට කිට්ටු උනා..

ටික වෙලාවක් යද්දි නිවන් දැක්කා වගේ.. මුළු ඇගම යතා තත්වෙට ආවා.. ඊට පස්සේ කෝපි එකක් කාරිය බීලා එහෙම අපි කන්ද පල්ලම් බැහැලා ගෙදර එන්න ආවා.. නුපුරුදු හීතලේ අදුම් නැතුව හිටපු නිසා මටනම් පහුවදා හොදටම උණ.. වගේද ජාමේ බේර ගත්තනේ..







ප.ලි : මේ පොස්ට් එක දාද්දි පොඩි තාක්ෂනිකමය ගැටළු වගයක් ආවා.. ඒ නිසා එකම පෝස්ට් එක කීප වරක් දාන්න උනා..  ඒ ගැන සමාවෙන්න ඕන..



45 comments:

  1. එළ එළ කොහොමහරි ඉතාලි කාරයෙක් ඒක දැකල මිනිහත් හොරෙං පොටෝ එකක් අරගෙන කැලැන්ඩරෙකට දැම්මලු නේද....

    ReplyDelete
  2. හපෝ මෙයාලත් කරන වැඩ :) මුලින්ම හිම වැටුන දවසේ මමත් ඇති වෙනකන් හිමේ නැටුවා, ලිස්සුවා. මාස දෙක තුනකින් හිම එපා වෙලා ගියත් ඊ ළඟ වින්ටර් එකෙත් මුලින්ම හිම වැටෙද්දී හරිම නැවුම් හැඟීමක් දැනෙන්නේ...මේ පාරනම් අපිට හිම පරක්කුයි වගේ..

    ReplyDelete
  3. චී....ගෑනු ළමයෙක් එහෙම ආවනං කන්දෙන් පහලට පැනලා මැරෙනවා... :P

    ReplyDelete
  4. ඔය වගේ සෙල්ලම් කැම්පස්වලත් කරනවාලුනේ. පේරා කැම්පස් එකෙත් මහ රෑ ජාමේ හෙළුවෙන් පොකුණකට දාලා නාවලා පාර දිගේ දුවන්න දුන්නලු ඉස්සර කාලේ. දැන් නම් එහෙම වෙනවද දන්නේ නැහැ එස්.බී අන්කල් හින්දා :)

    ReplyDelete
  5. වෙලාවට කවුරුත් ලග පාත හිටියෙ නැත්තෙ.මට එහෙමනම් ඔක්කොම නෙවෙයි එක ලේයර් එකක් ගලවපු ගමන් කකුලෙ ඇගිලි දෙපැත්තට යාවි.මට එහෙම සීන් එකක් තියෙවා.වැඩිය සීතල උහුලන්න බෑ.:((

    ReplyDelete
  6. ඊට පස්සෙත් එට්නා වලට සුපුරුදු පරිදි හිම වැටුනද කියල තමයි සැක.. :D :D

    ReplyDelete
  7. @ ඔබ නොදුටු ලොවක් : හෙහ්.. ඔව් ඒ කැලැන්ඩරේ සීග්‍රයෙන් අලෙවි උනාලු..

    ReplyDelete
  8. @ සයුරි : මේ පාර අපිටත් හිම පරක්කුයි අක්කේ.. මට පේන්නේ ජනවාරි වල තමයි අපිට මේ පාර එට්නා යන්න වෙන්නේ.. සීත කාලයේ මැදක් වෙද්දි නම් කොහොමත් හිම එපා වෙනවා අක්කේ..

    ReplyDelete
  9. @ මකුළු පැංචි : ඒ ලංකාවේ තමයි.. මෙහේ එහෙම වෙන්නේ නෑ..

    ReplyDelete
  10. @ විසිතුරු | visituru : ඔව් පහුවදා අසනීප උනා විතරයි.. එහෙම නැත්නම් අද මේ වෙද්දිති නොන්ඩි වෙන්න තමයි වෙන්නේ.. එහෙනම් මෙහෙම ලියන්න දේකුත් නෑ..

    ReplyDelete
  11. @ Hasitha : හම්මේ.. අරූට ඉතින් හොද ගනන් ඇති.. පේරේ රෑ හීතලත් එක්ක.. ඒ මදිවට දුවන්න..

    ReplyDelete
  12. @ නිසූපා : අර මොකෝ අක්කේ ඒ?? ඇලර්ජික් එකක්වත්ද?? අපරාදෙනෙ එතකොට කවදාවත්ම හිම අසිරිය විදින්න ලැබෙන එකක් නෑනේ.. :(

    ReplyDelete
  13. @ සිත්රූ සිහින : කිවුවත් වගේම එහෙම උනේ නෑනේ.. ගිය අවුරුද්දේ හිම තියෙද්දිම ගිණි කන්ද පිපුරුවා.. ඒකෙන් ටික කාලයක් හිම නැති උනා.. දැන් මේ පාර තාම නෑ.. අපි වැඩක් කලොත් ඉතින් ඔහොමම තමයි..

    ReplyDelete
  14. උණ ගැනිල හරි ජාම බේර ගත්තනෙ.

    මගේ 'ඩ්‍රොප් හයර්' පොස්ට් එකත් පබ්ලිෂ් කරලා බැලුවම කොහෙවත් අප්ඩේට් වෙලා නෑ, මේ කරලා තිබුන එකම මටත් කරන්න වුනා. ඕනයටත් මං හිතන්නෙ ටික දවසකට කලින් ඔය ප්‍රශ්නෙම ඇති වුනා.

    ReplyDelete
  15. හොද වෙලාවට ඉතාලියෙ මිනිස්සු දැක්කේ නැත්තේ. නැත්නම් ලංකාවේ හැමෝම කන්දක් උඩට ගියහම ඔහොමයි කියලා හිතයී.හිම දකින්න නම් ආසාවෙ බෑ. එක්කෝ ඕනෙ නෑ.

    ReplyDelete
  16. හික් හික් මාර වැඩ තමයි මෙයාටත් වෙන්නේ :)))) කතානියා වලද ඉන්නේ.. මම යන්න ඉන්නේ මිලානෝ වලට, නන්දු අක්කි කොහේ ඉන්නවද දන්නේ නැහැ

    ReplyDelete
  17. ඔය ෆොටෝ එක Play BOY මැගසින් එකකට විකුනමු. බර ගානක් හොයාගන්න පුළුවන්. මොකද කියන්නේ?

    ReplyDelete
  18. ඔය උනගැනුනෙ සීතලටමද?................................. O.o

    ReplyDelete
  19. මල්ලිලත් කරන වැඩ. :D

    ReplyDelete
  20. ශික් අපරාදෙ.මම හිතුවෙම පින්තූරෙ පහල දාල ඇති කියල.

    ReplyDelete
  21. චී චී!!!! මාර වැඩනෙ කරන්නෙ :D වෙලාවට ඉතාලියේ වුනේ ඕක..;)

    ReplyDelete
  22. හපොයි..මාත් හිතුවෙ පින්තූරෙ දාලා ඇති කියලනෙ...දුවගෙන ආව මදෑ..!!හික්ස්..

    ReplyDelete
  23. මෙහෙම පෝස්ට් එකක් දානකොට පින්තූරෙත් එක්ක දාන්න ඕනෙනෙ. වැඩක් නෑ...වැඩක් නෑ.... :)

    ReplyDelete
  24. උණ හෙම්බිරිස්සාව වගේද ලැජ්ජාව! නේද බං!

    ReplyDelete
  25. ඒ බං.. කෝ දැන් ඒ ෆොටෝ එක

    ReplyDelete
  26. සීන් එක නම් ජීවිතේට අමතක නොවෙන එකක්.. ඒත් අනවශ්‍ය අවදානමක්ද මන්දා ගත්තෙ ?

    ReplyDelete
  27. කොහොමද මේ වැඩේ ඉතාලි කාරයෙක් ෆොටෝ එකක් අරගෙන ගොසිප්ඉතාලිනිවුස් කියලා සයිට් එකක දැම්මා නම්.... :)
    මෙහෙම කතාවක් අහලා තියේද මල්ලි ? ඔය පොම්පෙයි නගරේ මිනිස්සු හරියට කාමුකත්වය අගේ කරපු කාමුක සිතුවිලි තිබුන කට්ටිය ලු. කොයින්ම සෙනග අතරේ උනත් ලිංගිකව එක්වෙන්න මැලි කමක් නෑ ලු. ඒතරම්ම පිරිහුන මිනිස්සු ජාතියක් කියලයි ඉතිහාසයේ සදහන් වෙන්නේ.

    මේක දැක්ක දෙවිවරු කෝප වෙලා ඒ අසලම තිබ්බ ගිණි කන්ද පුපුරවලා මිනිස්සුන්ව මරලා දැම්මලු. තාමත් ලාව වලින් ගල් වෙලා ඉන්න මිනිස් රූප විවිධ ලිංගික ක්‍රියාකාරකම් වල ඉන්න රූප කියලා මම අහලා තියෙනවා.

    මේ පෝස්ට් එක කියෙව්වම ම්ට මතක් වෙච්ච කතාව අමු අමුවෙම කොටලා දැම්මා.

    ReplyDelete
  28. @ Observer : මමත් දැක්කා ඔබතුමා ඒ ගැන පෝස්ට් එකක් දාලා තියෙනවා.. ගූගල් දෙයියොත් හිටපු ගමන් පිස්සු නටනවා..

    ReplyDelete
  29. @ බට්ටී : හෙහ්.. ඒවා කියන්න බෑ.. කොහොමත් අපේ වැඩ ඔහොමනේ.. මොකද අක්කේ කතාව මග නැවැත්තුවේ?

    ReplyDelete
  30. @ වර්ණා : වෙන්නේ නෙමෙයි නංගී අපි කරන්නේ.. නන්දු ඉන්නේ මිලානො කිට්ටුව.. ඔයා එන්නකෝ.. අපිට මුණගැහෙන්න බැරියැ..

    ReplyDelete
  31. @ Kasun : වැඩක් නෑ බං ඒකේ මේ අපේ එවා යන්නේ නෑනේ.. ඒකේ තියෙන්නේ අනිත් කට්ටියගේ ඒවා..

    ReplyDelete
  32. @ තනි අලියා : නැතුව.. දැං අලියා හිතන්නේ මොකක් නිසා කියලද??

    ReplyDelete
  33. @ නලිනි චන්දිමා : අපේ නොවන රටක ඉන්න එකේ ඔහොම දෙයක්වත් කරන එකේ වරදක් නෑ නේද අක්කේ??

    ReplyDelete
  34. @ කස්සා : මොන පින්තූරද මචං.. හොදවෙලාවට ඒක ඩිජිට්ල් කැමරාවක් උනේ.. නැත්නම් කොහොමද ඕන සුද්ද කරන්නේ??

    ReplyDelete
  35. @ හිතුවක්කාරී : නැතුව නැතුව.. අපේ රටේ ඕවා කරන්න පුළුවන්ද.. පොලිස් කූඩුවේ තමයි ඉන්න වෙන්නේ..

    ReplyDelete
  36. @ රූ : හොද වෙලාවට මම උඩුකය හරි පින්තූරේ නොදැම්මේ...

    ReplyDelete
  37. @ Music girl : 18+ එවා දාන එක හොද නෑනේ.. ඒකයි මෙහෙම දැම්මේ..

    ReplyDelete
  38. @ Sabith : ඒකනේ.. උණ හෙම්බිරිස්සාව දවසින් දෙකෙන් හොද වෙයි.. ඒත් ලැජ්ජාව..

    ReplyDelete
  39. @ අසරණයා : තියෙනවා ඒක සුරක්ෂිතව අරන් තියලා තියෙන්නේ..

    ReplyDelete
  40. @ Weni : ඔව් අයියේ.. ටිකක් විතර අවදානම් තමයි.. කවුරුවත් ආවට වඩා ඔය හීතල හුළගට ඇග නිරාවරණය වීම එච්ච්රම හොද නෑ.. ඊට පස්සේ ඉතින් වයසට යන්න කලින්ම ලෙඩ තමයි..

    ReplyDelete
  41. @ මධුරංග : ඔය කතාවනම් මාත් අහලා තියෙනවා අයියේ.. පින්තූර වල මමත් ඔය කියන ආකාරයේ ඒවා දැකලා තියෙනවා.. දැනුත් ඔය මිනිස්සු වෙනස් වෙලා නෑ අයියේ.. රෑ 10 පස්සේ විතර එළියට බහින්න ඕන.. සුරලොව දකින්න.. :)

    ReplyDelete
  42. පුබුදුවා10 December 2011 at 18:20

    අඩේ මට ඔය පින්තූරේ හම්බුනා නම් ගහනවා ගෙවල් පැත්තේ කැලෑ පත්තරයක්...හෙහ් හෙහ් සහෝ ලංකාවට ඇවිල්ලත් ඉවරයි ඊට පස්සේ

    ReplyDelete
  43. හිම වැටෙන හීතලේ කරන වැඩද මේවා හෑ... හී.. හී... පොටෝ එක සුරක්ෂිතව හංගන්න කවුරු හරි දැක්කෝත් ලැජ්ජිවේ බෑ මල්ලි... හික් හික්

    ReplyDelete
  44. අම්මපා මම තාම දැකලා නෑනේ

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්