Saturday, 31 December 2011

හෙටින් උදාවෙන ලෝකය සැමටම සුව දායක කරමු..


හෙට අලූත් අළුයමක්.. ඔව් ඇත්තෙන්ම හෙට අළුත් අළුයමක්.. වෙනදා වගේම උනත් හෙට මේ අළුයමේ වෙනස් හැගීමක් තියේවි.. නව වසරක ආරම්භය අරගෙන මේ අළුයම එන නිසා..2011 අවුරුද්දත් දැන් අතීතයට එකතු වෙලා ඉවරයි.. කාලය දැන් හරිම වේගවත් කියලා මට වෙලාවකට හිතෙනවා.. අවුරුද්දක් ගෙවුන ඉක්මන කියලා ගොඩක් දෙනෙක්ට හිතෙනවා වගේම මටත් හිතෙනවා..

ගෙවුන අවුරුද්දේ මම ඇතුළු අපේ පවුලේ අය ගොඩක් අසාවෙන් බලා හිටපු දවසක් උදා උනා.. අපේ අක්කගේ වෙඩින් එක.. අපේ තාත්තා දැක්ක ලොකුම හීනේ ඒක.. මේ අවුරුද්ද ගෙවිලා අළුත් අවුරුද්ද ලබද්දි අද අපි හැමෝම සතුටින්.. ඒත් ඉතින් මේ හැම සතුටක්ම දුර ඈත රටකට වෙලා බලන් ඉන්න වෙන එක ගැනනම් මගේ හිතේ තියෙන්නේ දුකක්.. මේ බැදීම් හරි අපූරු නිසා දුරින් ඉදගෙන උනත් සතුට හදවතින්ම විදගන්න පුළුවන් වෙලා තියෙනවා..

අවුරුද්දක් කියන්නේ ඇත්තටම මහා ලොකු කාලයක්.. මේ ගෙවෙන එක මොහොතක් අපේ ජීවිතයක් සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න පුළුවන්නම් අවුරුද්දක කාලය අපේ ජීවිත වලට මොන තරම් නම් බලපෑම් කරාවිද? දුක, සතුට, ආදරය වගේ හැගීම් මේ කාලයේ අපේ හිත් වලට ඇතුල් වෙලා අපිටත් නොදැනිම ඈතට යන්නත් ඇති.. වගේම වටිනා අවස්ථානම් අපි කොයිතරම් මග ඇර ගන්න ඇත්ද? මමත් එහෙමයි.. “එදා මම එහෙම කලානම්කියලා හිතෙන තැන් කීපයක්ම මේ ගෙවෙන අවුරුද්දේ මගේ මතක අතර තියෙනවා.. ඒත් ගිලිහුන අවස්ථා ගැන දැන් පසුතැවිලා වැඩක් තියෙනවද?

අළුත් අවුරුද්දක් - අළුත් ජීවිතයක්..” අද අපේ ලොක්කා අළුත් අවුරුද්දට මට සුභ පතන ගමන් කිවුවා.. ඇත්ත අළුත්  අවුරුද්දක් එක්ක හැම දෙනාම තමන්ගේ ජීවිතේටත් අළුත් බලාපොරොත්තු ලං කර ගන්නවා.. ඒත් මගේ ජීවිතේට එහෙම අළුත් බලාපොත්තුවක් මේ අවුරුද්ද පටන් ගනිද්දි නෑ.. මම මීට ටික කාලෙකට කලින් මගේ ජීවිතේ අළුතින් පටන් ගත්ත නිසා.. එතනින් එහාට මගේ ලොකු බලාපොරොත්තු නෑ.. ගෙවෙන හැම මොහොතක්ම කලින් ගෙවුන මොහොතට වඩා හිතේ සතුටින් ගෙවන්න පුළුවන්නම් මට ඇති..

අවුරුද්දක ගමන් මග ගැන කතා නොකර අපි උදාවෙන හෙට දවස ගැන කතා කරමු.. මං හිතනවා ඒක ගොඩක් වැදගත් වේවි කියලා.. එලබෙන අවුරුද්දේ අපි අපි ගැනම තීරණ ගන්නවා වගේම බලාපොරොත්තු තියා ගන්නවා වගේම අපි අපි වටා ඉන්න අනිත් අය ගැනත් හිතුවොතින් ඒ හැගීම අපිට භාහිරින් ලබාගන්න දේවලට වඩා හිත ඇතුලෙන් ලොකු සතුටක් ගේනවා නේද?? වෛරය ඉරිසියාව අපේ හිත් වල පොඩ්ඩක් හරි තියෙනවා.. අපිට පුළුවන්නම් මේ දේවල් හිතින් අයින් කර ගන්න එලබෙන අවුරුද්ද තමන්ට මගේම තමන් වටා ඉන්න අයටත් සුභ වසරක් කරන්න පුළුවන් වේවි කියලා මම හිතනවා..

බ්ලොග් ලියන, කියවන ඔබ සැමටම උදාවෙන වසර සාමකාමී සුභ නව වසරක් වේවා!!



අරුණොදය හෙට උදයේ දකින
නව වසරක නැවුම් බලාපොරොත්තුවක
පැතුම් ඉටු වෙන ඉසුරුබර හෙටක
සුභ මොහොතක ඇරඹුම..

එක් උන වසර අතීත මතක පොතට
ගෙනා දේ බෝමයි හොද නරක කැටි උන
සතුටු සිතින් බලා ඊයේ දවස
අරඹමු හෙට බලාපොරොත්තු ඉටු වෙන්නට..

බොද උන හීන ගොන්න
එක් කර ගමු එක මිටකට
ඉටු කර ගමු අපි ඊයේ පැතුම
හෙටින් ඇරඹෙන නව වසරක..

මිතුරු ඔබ හැම මොහොතක හිටිය
පතමි මම සතුටු සිතින් නුඹට අද
හෙටින් උදා වෙන නව වසර
ජය ගෙනෙන වසරක් වේවා හැමට..




29 comments:

  1. අයියටත් එසේම වේවා..
    හැම බලාපොරොත්තුවක්ම ඉෂ්ට වේවා...

    ReplyDelete
  2. kawiya penne netho.. mata english akuru tikak penne.. :/

    ReplyDelete
  3. ඔයාටත් සුභ නව වසරක් වේවා දිනේෂ් ලබන අවුරුද්ද ජීවිතේ ලොකු වෙනසක් වේවායි ප්‍රාර්ථනා කරමි

    ReplyDelete
  4. ඔන්න අද මුලින්ම වර්ණයට පට තවරන්නේ මම.. හ්ම්ම් අවුරුද්දකුත් ගෙවුනා. ලබන අවුරුද්ද වෙනුවෙන් මගෙනම් බලාපොරොත්තු ගොඩක් තියෙනවා.. ඔයාට අලුත් බලාපොරොත්තු නැතත් දැනට කරන වැඩ ටික ඉදිරියටත් හරියට කර ගෙන යන්න පුළුවන් වේවා කියල මාත් අයියට සුභ පතනවා.. කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා ඔයාට!!!

    ReplyDelete
  5. ගිය අවුරුද්ද පුරාම දිනේෂ් මල්ලිගේ බ්ලොග් අඩවියත් එක්ක හිටියා වගේම ලබන අවුරුද්දෙත් එහෙම බ්ලොග් එක කියවගෙන ඉන්න ලැබෙන්න කියලා මම මටම පතාගන්නම්.

    ඒ වගේම මල්ලිගේ හිතේ තියේ පැතුම් ඉටුවෙන හිතේ සතුට රජයන සාමකාමි සාර්ථක වසරක් වේවායි පතන්නෙමු !!!

    අළුත් අවුරුදු පාර්ටි එහෙම තියෙනවනම් මාව දැනුවත් කරන මෙන් ඉල්ලා සිටිමි.

    ReplyDelete
  6. සියලු පැතුම් ඉටුවෙන සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා.

    ReplyDelete
  7. එහෙනම් අලුත් අවුරුද්දක අලුත් විදියේ පොස්ට් වලින් හමු වෙමු!!

    සුභ අලුත් අවුරුද්දක් වේවා!!

    ReplyDelete
  8. සියලු පැතුම් ඉටුවන සුභ අලුත් අවුරුද්දක් වේවා :)

    ReplyDelete
  9. අපූරු අලුත් අවුරුද්දක් වේවා කියලා මමත් ප්‍රාර්ථනා කරනවා ඔන්න......!ලබන අවුරුද්දේ හමුවෙමු එහෙනම්!

    ReplyDelete
  10. සියලු පැතුම් ඉ‍ටු වන ජිවිත ගමන කල එලි වෙන සුභ නව වසරක් වේවා..

    ReplyDelete
  11. සුභ නව වසරක් වේවායි පතනවා..මගේ යාළු..!

    ReplyDelete
  12. සියලු පැතුම් ඉ‍ටුවෙන සුභ නව වසරක් වේවා!

    ReplyDelete
  13. සුබ නව වසරක් වේවා ඔයාටත් :)

    ReplyDelete
  14. අළුත් අරමුණු....අළුත් බලාපොරොත්තු සහ සතුට පිරුණු...සුභ අලුත් අවුරුද්දක් වේවා !

    ReplyDelete
  15. දිනේෂ් අයියටත් හැපීම හැපී මෙවුවා එකක් වේවා

    ReplyDelete
  16. අළුත් බලාපොරොත්තු දළුලන.. තැබූ බලාපොරොත්තු ඉටුවෙන.. නව පියමං තබනට නිදුක් නිරෝගී දිරි ලැබෙන සුබම සුබ නව වසරක් වේවා..!!! :)

    ReplyDelete
  17. සුභ අළුත් අවුරුද්දක් වේවා....ජය......

    ReplyDelete
  18. සුභ නව වසරක් වේවා! කිරි පැණි එක්ක..

    ReplyDelete
  19. නව වසර ජය ගෙනෙන වසරක් වේවා ඔයාටත් :-)

    ReplyDelete
  20. පහන් සිලක් සේ නෙතු දැල්වේවා!
    නෙළුම් විලක් සේ සුවද සැදේවා!
    වසන්තයක් සේ දිවි සරු වේවා!
    මේ නව වසරේ කිරි ඉතිරේවා!

    ReplyDelete
  21. එසේම වේවා.. අයියේ....!!!!
    සියළු පැතුම් ඉ‍ටුවන සුභම සුභ අනාගතයක්....!!

    ReplyDelete
  22. ජිවිතයේ හොදම අවුරුද්ද වේවා..!!

    ReplyDelete
  23. උදේ ආවට මොනවත් ලියලා යන්න බැරිවුනා යාළුවා. පරක්කුවට සමාවෙන්න අරී.

    මාත් ජීවිතේ ගැන ලොකු ටාගට් තියාගෙන නම් නෑ.පුළුවන් තරමින් සතුටින් ඉන්න තමා ට්‍රයි එක දෙන්නේ.අනික ගෙවුන දේවල් ගැන නම් හිතලා වැඩක් නෑ. විශේෂයෙන්ම අහිමිවීම් ගැන.

    එහෙනම් ඔබටත් 2012 කරදර අඩුව සතුට වැඩිව ගෙවා දමන්න වාසනාව උදාවේවා කියලා මමත් ප්‍රාර්ථනා කරන්නම්.සුභ නව වසරක්...!!!

    ReplyDelete
  24. ඔයාටත් සුබ නව වසරක් වේවා!! සියලු පැතුම් ඉටුවන වාසනාවන්ත නව වසරක්!!

    ReplyDelete
  25. ගිය අවුරුද්දෙ මග ඇරුන හීන ඔක්කොම මේ අවුරුද්දෙදි හැබෑවෙවා කියල ප්‍රාර්ථනා කරනව උඹට.

    ReplyDelete
  26. සුබ නව වසරක් වේවා!

    ReplyDelete
  27. siyalu yaha pethum itu vana,vasanavantha suba nava vasarak veva!

    ReplyDelete
  28. සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා .... !

    ReplyDelete
  29. සුභ නව වසරක් වේවා මල්ලි...

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්