Thursday, 1 December 2011

වහල්ලූ - හතරවන දිගහැරුම


සුනිල්ගේ පිළිතුරත් සමග එතැන සිටි කිප දෙනා සතුටින් හඩ නැගුවද ගාමිණිගේත් ඇල්බට්ගේත් මුහුණු වල තරම් සතුටක් නොරැදුනේය.. බැවු ගුණදාසට හොදින්ම වැටහුනේය..

උඹලා දැන් ඕක ගැන වැඩිය හිතන්න එපා බං.. කවුරු උනත් මේ අපේ වත්තේ එකෙක්නේ බං..”

ඒක ඇත්ත ගුණේ අයියේ.. ඒත් මටනම් තාම මූ පොඩි එකා වගේ.. මේ දේවල් මෙකට ඔරොත්තු දෙයිද මන්දා?”

නිසානේ මං අපි හැමෝම මේ කොල්ලා පස්සෙන් ඉන්නේ..”

එතරම්ම කැමැත්තක් නොපෙන්නුවද ඔවුන් දෙදෙන ඊට වඩා මුකුත් කියන්නට නොගියේය..

දැන් ගුණෙ මල්ලි කියහන්කෝ ඊළගට මොකද කරන්නේ කියලා?”

“  දැම්ම මේ ගැන මන්ත්‍රී තුමාට දැන ගන්න දැන ගන්න අරින්න හොද නෑ.. අපි හෙමීට ඔය ලොකු පක්ෂයක් ස්වාදීනව දාන ලිස්ට් එකකට කොල්ලගේ නමත් දා ගමු.. අපි දිනන්නම බලාගෙන ඉල්ලනවා කියලා එයාලා හිතන්නේ නෑනේ..”

ඉතින් බං අපි කොහොමද මේවට වියදම් කරන්න සල්ලි හොයා ගන්නේ?”

ඒකත් අපිට ගොල්ලන්ගෙන්ම ලැබෙයි.. ගාන අතට එනකම් තමයි අපි සද්ද නැතුව ඉන්න ඕන.. ඊට පස්සේ පුළුවන් අපිට අපේ වැඩ පටන් ගන්න..”

හොද විදිහක් ගුණේ මල්ලි.. මගේ කොල්ලට කරදරයක් වෙන එකක් නෑනේ?”

උඹ බයවෙන්න එපා කමලා අක්කේ.. දැං ඇදිරි වැටීගෙනත් එනවා.. මං යනවා එහෙනම්..”

බොහෝ දෙනා තැන් තැන් වල මුළුගැන්වෙමින් ඔවුන්ගේ කතාවල නිරත වෙද්දි ගුණදාස තම නිවස බලා පිය නගන්නට වුයේ උදේ ඉදන් බස් අතර තෙරපෙමින් ඇගට දැනුන මහන්සිය නිසාය.. ගාමිණිගේත් ඇල්බට්ගේත් හිත් තමන්ගේ තීරණය නිසා සතුටට පත් නොවුන බව ගුණදාසට හොදින්ම වැටහුනත් තමන්ගේ තීරණය වෙනස් කිරීමට ගුණදාස කිසිවිටකත් නොසිතුවේය..

.......................................




කමලාගේ නිවස අසලට රෑ බෝවෙද්දි එකා දෙන්නා එකතු උවත් ගාමිණි ඔහුගේ සගයා සමග හැමෝගෙන්ම ඈත්ව වෙනම කතාබහක යෙදී සිටියේය.. කලින්දා සාජ්ජයෙන් ඉතුරු වූ බෝතලයක් ඔවුන්ගේ තනිකම මැකුවේය..

ගාමිණි මටනම් හිතෙන්නේ මේ වැඩේ හරි යන්නේ නෑ බං..”

මොකද?”

නෑ බලපං.. සුනිලයා ගුණේ අයියා වගේ නෙමෙයි.. සමහර වෙලාවට අපිව පාරකදි දැක්කත් යන්නේ කතා නොකර.. ඇත්ත වත්තේ අනිත් කොල්ලො වගේ නරක වැඩ කරන්නේ නෑ.. ඒත් මට ඌව එච්චර අල්ලන්නේ නෑ බං..”

උනත් බං ගුණේගෙ කතාවෙත් ඇත්තක් තියෙනවා.. දැං ඌත් වයසයි.. එක අතකුත් නෑ.. ඉතින් කොහොමද කොල්ලා වගේ මේවට බැහැලා වැඩ කරන්නේ?”

ඇත්තද බං ගාම්ණියෝ සුනිලයා ගුණේ අයියගේ දරුවෙක් කියන්නේ?”

උඹට පිස්සුද? ඕක ගුණේට ඇහෙන්න එහෙම කියනවා නෙමෙයි.. එහෙම එකෙක් නෙමෙයි.. මේ වත්තට ආපු දවසේ ඉදන් මංඌව හොදට දන්නවා..”

නෑ මං මේ වත්තේ සමහරු කියන කතාව කිවුවේ..”

අපි කොහොම හරි කොල්ලව වත්තේ එවුන් එක්ක වැඩියෙන් හිතවත් කරන්න ඕන.. ගුණේ  ඉල්ලනවා වගේ නෙමෙයි.. එහෙම උනානම් ගුණේගේ අංකේ විතරක් කිවුවනම් ඇති මේ වත්තේ එවුන්ට..”

උඹ හිතනවද ගාමිණියො මේක මන්ත්‍රී තුමා දැන ගත්තම නිකන් අත අරීවි කියලා..”

ඔව් බං අපේ මේ කරන්නේ නයාට ගහලා පොල්ල වරද්ද ගන්නවා වගේ වැඩක්.. අපි කොච්චර මහන්සි උනත් අන්තිමේ උන්දැම දිනුවොත් අපිට මොනවයින් මොනවා වෙයිද දන්නේ නෑ..”

අපි එන විදිහක් බලමු බං.. උඹ මේ බීගත්ත වෙලාවට මේවා හැමතැනම කිය කිය යනවා එහෙම නෙමෙයි..”

පිස්සුද ගාමිණියෝ.. උඹ බය වෙන්න එපා..”

..................................

සතී කීපයක් ගෙවී ගියේ හැමෝගේම රහස් කතා බහ අතරේය.. නගරසභාව විසුරවා හැර නාම යෝජනා දෙන දවසත් උදා වූයේ නොදැනීම වාගේය..

ඔක්කොම දේවල් හරිනේ ගාමිණි?”

හරි ගුණේ.. බාර දෙන්න විතරයි තියෙන්නේ..”

ගුණේ අයියේ රණවීර මන්ත්‍රී තුමා එනවා..”

හ්ම්ම්ම්.. උඹ කට මැද කියවන්නේ නැතුව ඉදපන් ඇල්බට්.. මායි ගාමිණියයි කතා කරන්නම්..”

ගාමිණිලගේ සැලසුම් ගැන කිසිවක් නොදත් රණවීර වෙනදා මෙන් හොද මූන පෙන්නගෙන ඔවුන් ලගට විත් කතාවට වැටුනේය..

වත්තේ වැඩ ලෑස්තියිනේ ගාමිණි?”

ඔව් මන්ත්‍රී තුමා..”

හ්ම්ම්.. කවුද අර උඹලගේ වත්තේ කොල්ලෙක් අපේ ස්වාදීන ලිස්ට් එකට දාලා තියෙන්නේ?”

.. එක්කෙනෙක් මදි කමට මන්ත්‍රී තුමා අපි දැම්මේ..”

එහෙනම් කමක් නෑ.. කොහොමත් චන්දෙට කලින් දෙතුන් ගමනක් මං එනවා වත්තට.. වැඩ ගැන උඹලා බලාගන්න ඕන..”

ඔබතුමා කිසි දේකට බය වෙන්න එපා.. අපි ගැන බලාගන්නම්..”

වියදමට සල්ලි ඕනනම් සිරිපාලගෙන් ඉල්ල ගනින්.. මට වත්තට එන්න දිනයක් දාගෙන කතා කරපං.. මං යනවා එහෙනම්..”

රණවීර උජාරුවෙන් කතාකර නික්ම යන දෙස ගාමිණිලා බලා සිටියේ සිනාමුසු මුහුණෙන්ය..

උන්දෑ දන්නවනම් අපි කරන්න යන දේ අපිට අද කතා කරන්නේ ඔහොම නෙමෙයි..”

ඔව් ගාමිණියෝ.. අපි කොල්ලා එක්ක නිතරම ඉන්න ඕන.. ඒක උගේ ආරක්ශාවටත් එක්ක හොදයි..”







19 comments:

  1. මොකක්ද වෙන්න යන්නේ .....

    ReplyDelete
  2. ලොකු කතාවක ආරම්භයක් වගේ...!

    ReplyDelete
  3. කුතුහලයෙන් බලා සිටිමි.......

    ReplyDelete
  4. කවුරු දිනුවත් අපි පැරදෙන කතාවක ගලායාම! ;)

    ReplyDelete
  5. ඊලගට මොකෝ වෙන්නේ? ඉක්මනින් කියන්න එකත්

    ReplyDelete
  6. හොඳ කතාවක් ගොඩ නැගී ගෙන එනව කියල 100% විශ්වාසයි

    ReplyDelete
  7. හිතාගන්න බැහැ.. මොනවා වෙයිද කියලා.. :)
    ඊළඟ කොටසට..

    ReplyDelete
  8. @ ඔබ නොදුටු ලොවක් : ඊළග කොටස් කීපයත් එක්ක රැදෙන්නකෝ.. ඒතකොට තේරුම් ගන්න පුළුවනි..

    ReplyDelete
  9. @ ලොකු පුතා : වර්ණයට සාදරයෙන් පිළිගන්නවා.. ඔව් සමහර විට.. ඒත් මේක ගොඩක් දිහට යන කතාවක් නම් නෙමෙයි..

    ReplyDelete
  10. ලේසි වෙන් නෑ.................වගේ....බලමුකෝ බලමුකෝ..

    ReplyDelete
  11. @ සයුරි : දිගටම ඒ කුතුහලය මේ කතාවේ තියේවි අක්කේ..

    ReplyDelete
  12. @ තනි අලියා : හරියටම හරි යාළුවා.. අපි බලමු ඒ දේම මේ කතාවේ අවසානෙදිත් වෙයිද කියලා..

    ReplyDelete
  13. @ වර්ණා : හැකි ඉක්මනින් ඒකත් ලියන්නම් නංගී..

    ReplyDelete
  14. @ Observer : ඔබ වන් කෙනෙක්ගෙන් එහෙම කමෙන්ට් එකක් ලැබීමත් මට සතුටක්..

    ReplyDelete
  15. @ නන්දූ : ඔව් ඊළග කොටසට.. වහලුන්ගේ ජීවිතය දකින්න..

    ReplyDelete
  16. @ අසනි : දැන් දේශපාලනය කොහොමත් ලේසි නෑනේ අක්කේ... අපි බලමු..

    ReplyDelete
  17. මම් හිතන්නේ සුනිල් දිනයි වගේ. උගත්කමත් තියෙන කොල්ලෙක් නේ.
    මේ දවස්වල ටීවි එකේත් නාට්ටි වල ඡන්ද වැඩ යන්නේ. මේ කතාව කියෙව්වම මට ඒක මතක් උනා.

    ReplyDelete
  18. ම්ම්... මේ කතාවෙ පැති ගොඩක් තියෙනවා වගේ....???

    ReplyDelete
  19. ම්ම්ම්ම්ම්... හිතාගන්න බෑනෙ මටනම් කිසිදෙයක්....

    ඊළග කොටස එනතෙක් බලා සිටිමි...

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්