Tuesday, 20 December 2011

හොද වැඩත් කලා අපි


අපේ ඉස්කෝලේ කතා වලින් පහුගිය පෝස්ට් තුනේම ඉතින් මං කිවුවේ අපේ මගෝඩි වැඩ ගැන.. කට උලා ගැන තව ලියන්න කියලත් අදහස් ආවා.. ඉතින් කට උලාගේ තව හොද කතාවක් මතක් උනත් ඊට කලියෙන් මේක ලියන්න කියලා හිතුවා.. ඒ තමයි ඉතින් අපි කරපු හොද වැඩක් ගැන.. කල්පනා කරලා බලද්දි ඉස්කෝලේ කාලෙටම කරපු එකම හොද වැඩේ මේක විතරක්මද කියලත් හිතෙනවා.. හොද වැඩක් උනත් මේක අවසන් උනේනම් හොද විදිහකට නෙමෙයි කියලම මම කතාව පටන් ගන්නම්..

ඔක්තෝබර් පළවෙනිදා කියන්නේ ඒ දවස් වල හැටියටනම් අපේ දවස කියලා මං අමුතුවෙන් කියන්න ඕන නෑනේ.. ඉතින් ගොඩක් ඉස්කෝල වල එදාට ලොකු උත්සව තියෙනවා.. ඒත් අපේ ඉස්කෝලේ ඊට වඩා වෙනස්.. ඒ දවස් වල අපේ හිටියේ කලින් විදුහල්පති තුමා.. ඉතින් එතුමා ඔය කිසි දවසක් ගැන උනන්දුවක් නෑ.. අඩුගානේ ගුරු දිනේටවත් මුකුත්ම කරන්නේ නෑ.. ඉතින් ළමා දිනෙත් ඔහොම තමයි.. නිකම්ම උදේ රැස්වීම තියනවා විතරයි.. ඉතින් අපිටත් ඔය දවස සාමාන්‍ය දවසක් විතරක්ම වෙලා තිබුනා..

අපේ පන්තියේ ඒ දවස් වල හිටියා ටිකක් විතර සල්ලි නිතර අතේ ගැවසෙන කොල්ලෙක්.. අපි ඌට කිවුවේ වට්ටක්කයා කියලා.. ඒ උන්ගේ තාත්තා කලේ පොලේ වට්ටක්කා විකුණන එක.. කෙනෙක් හිතාවි ඒක පොඩි රස්සාවක්නේ කියලා.. ඒත් වට්ටක්කයාගේ තාත්තලා ඒක මහා පරිමානයෙන් කලා.. ඉතින් දවසක් ඔය වැඩ නැති වෙලාවක සිංදුවක් කියාගෙන ඉද්දි වට්ටක්කයා කිවුවා “ මචං අපි ළමා දිනේට මොනා හරි කරමු” කියලා.. මේ අපි? අපි මොනා කරන්න්ද?

කතාව ටිකක් දුරට ඇදිලා ගියා.. කෙල්ලො ටිකයි අපියි වාඩි වෙලා වට්ටක්කයාගේ අදහස ගැන කතා කලා.. එක එක්කෙනාගේ අදහස් ගොඩයි.. ඒත් ඉතින් සමහර ඒවා කරන්නනම් ඉතින් අපිට අමාත්‍යාංශයෙන් සල්ලි දෙන්න ඕන.. ඒ තරම් ලොකු ටෝක් සමහරු දුන්නේ.. ඉතින් ඔහොම ගොන් කතා කිය කිය ඉද්දි කාලච්චේදේ ඉවර වෙලා අපේ පන්ති භාර ටීචර් ආවා ඊළග කාලච්චේදයට.. අපේ මේ කුමන්ත්‍රනේ දැකලා එතුමිය ඇහුවා මොකද මේ වෙන්නේ කියලා.. ඉතින් අපිත් කාරණාව පැහැදිළි කලා..

ඉතින් එතුමියත් අපේ අදහස ගැන සතුටු උනා.. ඒත් අපි තාම හරි තීරණේක නෑ.. ඉතින් ඔය අතරේ අපේ පන්ති නායකයා (අපි පොරට කිවුවේ “ලෝවා” කියලා.. මොකද උන්ගේ තාත්තා ලොයර් කෙනෙක්..) ගෙනවා හොද අදහසක්.. ඒ ප්‍රාථමික අංශයේ ඉන්න දුප්පත් ළමයි තෝරලා අපි පුළුවන් විදිහට එයාලට ඉගෙන ගන්න ඕන පොත් කීපයක් දෙමු කියලා.. ඒකනම් සාමාන්යෙන් අපි වගේ පොඩි එවුන් ටිකකට කරන්න පුළුවන් වැඩක්.. ඉතින් අපිත් හෙමීට වැඩේට ලෑස්ති උනා..

අපි කාගෙන්වත් සල්ලි එකතු කරන්න ගියේ නෑ.. අපි අපිට පුළුවන් විදිහට මොනා කරි කරමු කියලා හිතා ගත්තා.. අපේ පන්තිභාර ටීචර් මොණර කොලේකින් අපිට ආධාර කරලා අපේ ගමනට ලොකු අඩිතාලමක් දැම්මා.. අපි කවුරුවත් ගෙවල් වලින්වත් සල්ලි ඉල්ලුවේ නෑ.. ඒ වෙනුවට අපි කලේ දවල්ට කන්න ගේන සල්ලි ඔක්කොම මේ වැඩේට දාපු එක..   හිතන්න දවසකට රුපියල් 20ක් එක්කෙනෙක් කන්න ගෙනාවත් ඒ වගේ 17දෙනෙක් මාස දෙකක් තුල කොච්චර සල්ලි දාන්න ඇත්ද කියලා.. මම ඔය 20කිවුවේ අවම ගාන.. මමනම් ඒ දවස් වල 50ක්ද කොහේද ගෙනිච්චා.. දවල් කෑම කන්න ගේන සල්ලි ඒකට හැමදාම දැම්මත් අපි කවදාවත් බඩගින්නේ හිටියේ නෑ.. ඒ අපේ පන්තියේ කෙල්ලෝ උන් ගෙදරින් ගේන කෑම එක මොනවා උනත් වෙනදට වඩා ටිකක් වැඩිපුර ගෙනාවා අපිටත් එක්ක..  අපේ තිබුන ඒ සමගිය නිසා අපිට ළමා දිනේ ලං වෙද්දි හොද ගානක් හොයාගන්න පුළුවන් උනා..

අපේ ටීචර්ම මැදිහත් වෙලා ප්‍රාථමික අංශයේ ගුරුවරුන්ට කියලා ගොඩාක්ම දුප්පත් ළමයිගේ ලිස්ට් ඉල්ල ගත්තා.. අපේ ඉස්කෝලේ පොඩි ඉස්කෝලයක් උන නිසාම ගොඩක් හරිය හිටියේ දුප්පත් පවුල් වල දරුවෝ.. 1 වසරේ ඉදන් 5 වසර වෙනකම් මට මතක හැටියට ළමයි 45කගේද කොහේද නම් අපිට ලැබුනා.. එකතු උන සල්ලි වලින් අපි පොත් අර ගත්තා.. එක්කෙනෙකුට පොත් 6ක් විතර වෙන්න ( මට මතක හැටියට) අපිම එකතු වෙලා පාර්සල් කලා.. අපි පන්තියේ 37 දෙනාම බලාපොරොත්තුවෙන් හිටපු ඒ දවස උදා උනා.. එදත් වෙනදා වගේම කිසිම උත්සවයක් නැති දවසක්..

අපි විවේක කාලය එනකම් බලාගෙන හිටියේ හරිම ආසාවෙන්.. අපේ ටීචරුත් එක්ක ගිහින් අපි ඒ පොඩි එවුන්ට පොත් ටික බෙදලා දුන්නා.. ඇයිද කින්ද මන්ද මොකුත් නොදන්න පොඩි එවුන්ගේ හිනාව විතරයි අපිට වැදගත් උනේ.. ජීවිතේ කවදාවත් ඒ වෙනකන් නොවිදපු සතුටකින් අපේ දවස නිමා උනා.. මාසයක් විතර යනකම් ඉස්කෝලෙම කතා උනේ අපි ගැන.. හැම ගුරුවරයෙක්ම වගේ අපිට හොද කිවුවා..

අපි ඊළග අවුරුද්දෙත් ළමා දිනේට සූදානම් උනා.. පළවෙනි වතාවට වැඩිය සාර්ථකව අපිට ඒ දේ කරන්න පුළුවන් උනා.. ඒ මාස තුනකට වැඩි කාලයක් අපි ඒ වෙනුවෙන් ලෑස්ති උන නිසා.. අපේ අම්මලා පවා අපේ මේ වැඩේ ගැන දැන ගත්තේ ඊට පස්සේ තිබුන දෙමාපිය රැස්වීම් වලදි.. මට මතකයි එදා අපේ අම්මා පවා කිවුවා ඇයි ඉතින් ඕක ගැන අපිට නොකිවුවේ කිවුවනම් සල්ලි දෙනවනේ කියලා.. ඔව් ඒක ඇත්ත.. ඒත් ගෙදරින් එක වතාවක් සල්ලි ඉල්ලලා අපිට කවදාවත් මේ වගේ දෙයක් කරන්න ලැබෙන්නේ නෑ..

අපි 9 වසරේ ඉද්දි පුරුදු විදිහටම තුන් වෙනි සැරේටත් ළමා දිනේ වෙනුවෙන් මේ දේම කරන්න ලෑස්ති උනා.. ඒ වෙද්දි අපේ හිටපු ප්‍රින්පල් ගිහින් වෙන කෙනෙක් ඇවිත් හිටියේ.. ඔව් අර උලාට නෙලපු කෙනා තමයි.. අපි හැමදාම වගේ මේක කලේ ලොක්කගේ අවසරය අරන්.. ඒත් මේ අවුරුද්දෙදි අපිට ඒකට අවසර ලැබුනේ නෑ.. හරිම සංතෝසෙන් පටන් ගත්ත වැඩේ එක පාරම නතර කරන්න වෙද්දි අපේ හිතට ඇති උනේ ලොකු දුකක්.. අපි අපේ ටීචර්ගෙන් ඇහුවා ඒ ඇයි කියලා.. ( අපි 7 වසරේ ඉදන් 11 වසර වෙනකන්ම පන්ති භාර ගුරුතුමිය උනේ මේ ටීචර්මයි.) ඒත් ඇයට එදා දෙන්න උත්තරයක් තිබුනේ නෑ.. සාරි පොටෙන් දෑස් වසාගෙන අපේ ටීචර් එදා ඇඩුවා මට හොදටම මතකයි..

ළමා දිනේ ලං වෙද්දි වෙනදා පුරුද්දට ප්‍රාථමික අංශයේ ගුරුවරු අපේ පන්තියට අපිව හොයාගෙනම ඇවිත් නම් ලිස්ට් එක දුන්නා.. එදා මට ජීවිතේ පළවෙනි වතාවට කට්ටියක් ඉන්න තැන ඇඩුනා.. ඇත්තමයි.. අපේ පන්ති නායකයා එතුමියට කරුණු පහදද්දි මං වගේම තව ගොඩක් දෙනෙක් දෙනෙත් හංගගත්තේ කඳුළු නොපෙනෙන්න.. අපි දිහා බලලා පුතාලා දුක් වෙන්න එපා කියපු ඒ ටීචර්ලාත් පන්තියෙන් පිට උනේ දුකින් කියලා අපිට හොදටම තේරුනා.. ඒත් අපි මොනවා කරන්නද?

ඒ අවුරුද්දේ ඉස්කෝලේ ළමා දිනේට උත්සවයක් තිබුනා.. ලොකු ලොකු අයත් ඇවිත් මොනාදෝ කියලා අපිටත් කන්න කේක් කෑල්ලක් එහෙම දිලා යන්න ගියා.. වෙන කිසිම දෙයක් කාටවත් ලැබුනේ නම් නෑ.. මාසයක් විතර අපි හිටියේ හිතේ දුකින්.. කාලය හෙමින් ගෙවිලා ගියා.. ඊට පස්සේ කවදාවත් අපි ළමා දිනේට සංවිධානය උනේ නෑ.. ඒ අපිට ඒකට අවසර නැති නිසා..

මම A/L  ලියද්දිත් සුපුරුදු විදිහට ළමා දිනයක් සංවිධානය උනා.. එතකොට ඉස්කෝලේ හිටපු වැඩිමල්ම අය හැටියට මට එදා ස්තූති කතාවක් තිබුනා.. කාලය ගෙවිලා ගියත් තාම ළමා දිනේ එද්දි අපේ හිත් වල ඒ මතකය ආයෙම අළුත් උනා.. උත්සවේට සූදානම් වෙද්දි අපේ පරණ ගුරුවරයෙක් අතින් අපි නොදැන හිටපු කාරණාවක් පිට උනා.. ඒ අපි සමරපු ළමා දිනය ගැන.. ඒක නැවතුනේ ඇයි කියලා එදා මම ඒ ගුරුතුමාගෙන් දැන ගත්තා..

“ පුතාලා ඒ කරපු දේට ලොකුසර් කැමති උනේ නෑ.. ඉස්කෝලේ එක කට්ටියකට විතරක් ජනප්‍රිය වෙන්න දෙන්න ඕන නෑ කියලා සර් කිවුවා.. ඒකයි ඔයාලගේ වැඩේට අවසර නොදුන්නේ..”

ඒ වචන් ටික මට ආයෙ ආයෙම ඇහෙනවා වගේ දැනුනා.. කර කර හිටපු දේත් අත ඇරපු මම ආයෙම පන්තියට ඇවිත් හැම දෙයක් ගැනම අපේ එවුන්ට කිවුවා.. හිතේ ආවේගෙට  උනුත් තියෙන කුණුහරප ඔක්කොම කියලා ලොක්කට බැන්නා.. හරියටම තව දවස් තුනකින් උත්සවය වගේම මගේ ස්තූති කතාව.. වේදිකාවට ගිහින් මේ වගේ කෙනෙක් ගැන මතක් කරලා ස්තූති කරන්න තවත් මට පුළුවන්ද කියලා මං කල්පනා කලා.. ගෙදර ගිහින් අම්මටත් විස්තරේ කියලා ඊට පහුවදා ඉදන් උත්සවේ ඉවර වෙනකම්ම මම ඉස්කෝලේ ගියේ නෑ..

ඉස්කෝලෙන් අපේ ගෙදරට කතා කරලා මාව හොයද්දි අම්මා කිවුවා මට හොදටම සනීප නෑ කියලා.. මම උත්සවේනුත් පස්සේ ඉස්කෝලේ ගියේ අපේ පවුලේ දොස්තරවරියට මේ හැම දෙයක්ම කියලා හොදටම උණ තිබුනා කියලා බොරු වෛද්‍ය සහතිකේකුත් අරගෙන.. ඒ කතාව භාර අරගෙන මග ඇරපු නිසා ප්‍රශ්ණයක් වෙයි කියලා අම්මා බය උන නිසා.. මම නම් හිටියේ ඕන දෙයක් උනාවේ කියලා.. ඒත් කවුරුවත් ඒක ගැන මගෙන් ප්‍රශ්ණ කළේ නෑ.. එද ඒ උත්සවේට මං වගේම අපේ පන්තියේ කවුරුවත් ඇවිත් තිබිලා නෑ..

අපිට ඉස්කෝලේ ජනප්‍රිය වෙන්න කොහෙත්තම ඕන උනේ නෑ.. මොන පහත් සිතුවිල්ලක ඉදගෙන ඔහු ඒ වගේ තීරණයක් ගත්තද කියන්න මං දන්නේ නෑ.. අපි පිස්සු වැඩත් කලා.. ගුටිත් කෑවා.. මම නෑ කියන්නේ නෑ.. ඒත් අපි ඉස්කෝලෙන් අයින් වෙනකම්ම ඉස්කෝලේ හොදම පන්තිය උනා.. ඒක හැම ගුරුවරයෙක්ම අපිත් එක්ක කියපු දෙයක්.. එදයින් පස්සේ අපේ පන්තියත් ලොක්කත් අතරේ ගොඩක් ප්‍රශ්ණ ඇති උනා.. ඒ වැඩි කරම අපේ හිත් වල ඔහු ගැන තිබුන හැගීම වෙනස් උන නිසා වෙන්න ඇති.. ඒ දේවල් ගැන මම පස්සේ කියන්ම්..

අපේ ඒ ටීචර්නම් මං එදා කතාවට ආපු නැති එකට මට ගොඩක් දොස් කිවුවා..  කෙනෙක් වැරදියි කියලා අපිත් ඒ වැරැද්දම කරනවාද කියලා එතුමිය මගෙන් එදා ඇහුවා.. සමහරවිට එතුමිය නිවැරදි ඇති.. ඒත් මේ ලිපිය ලියන මේ මොහොත වෙනකම් මට මං කලේ වැරැද්දක් කියලා හිතෙන්නේ නෑ..






33 comments:

  1. ඒ ලොක්කා හිතලා තියන හැටි හරිම අහේතුකයි නේ...අනිත් එක ජනප්‍රිය උනත් මොකද අහිංසක ළමයින්ට උදව්වක් වෙනවනම්...අනිත් අයටත් ඕනනම් ඒ අයත් ඒ වගේ දේවල් කරලා ජනප්‍රිය වෙයි නේ...හැබැයි අපි නම් ඔය වගේ දේවල් වලට අවසර ගැනීමක් කළේ නැහැ මට මතක විදියට...

    ReplyDelete
  2. කරන හොඳ දෙයක් දකින්න , දැනෙන්න ඒ දකින බලන කෙනාගෙ හිත පිරිසිදුව තියෙන්න ඕනි.. ඔයාලා කල හොඳ දෙය වෙනත් ‍ඇසකින් බැලුවම අසරණ වුණේ පුංචි හිත් දිනේෂ්..
    හිතට දුකක් දැනුනා.. අනාගතයකට මගපෙන්වන කෙනෙක් ඒ පැත්තෙන් මේ පරිත්‍යාගය දිහා බැලුව එක ගැන..!
    සතුටුයි පන්තියේ එකමුතුකම ගැනත්.. එදා උත්සවයට නොඑන්නට තිබුණු හිතේ ශක්තිය ගැනත්..! :)

    ReplyDelete
  3. සමහරු ඉන්නවා උඩින් කොච්චර හොඳ මූණ පෙන්නුවත් යටින් කුහක කම වැක්කෙරෙනවා ....

    ReplyDelete
  4. මරු වැඩ නේ කරලා තියෙන්නේ .....

    ReplyDelete
  5. ඔයා කළේ වැරැද්දක් නෙවෙයි අයියේ.හිතට එකගව වැඩක් කරන්න බැරි නම් නොකර ඉන්න එකමයි හොද.ඒක පසුතැවිල්ලක් වෙලා නතරවෙයි.
    සමහර විට විදුහල්පතිතුමාට එහෙම දෙයක් ‍වෙලත් ඇති.ඒක ඔයාලටත් වෙනවා බලන් ඉන්න බැරුව වෙන්නත් පුළුවන් නේද?

    ReplyDelete
  6. හ්ම්ම් ඔහොම ගුරුවරු ඉන්නවා අයියේ. මමත් ඕනා තරම් දැකලා තියෙනවා. මටනම් හිතෙන්නේ ඔයා ඉස්තුති කත‍ා කරන්න තිබ්බේ අරයට හින්ට් එකකුත් ගහන ගමන්ම .

    ReplyDelete
  7. ඉදලා හිටලා හොඳ වැඩත් කරලා තියනවා එහෙනම්...
    විදුහල්පති තුමා ගැන තරහක් ගන්න එපා මලේ..ඒ විසෙන් නාස්තිවෙන්නෙ අපේ හිත්මයි..

    ReplyDelete
  8. ගුරුතුමිය කියපු එකත් හරි තමයි. ඒත් මගේ ක්‍රමේට බැලුවත් නොයා හිටපු එක තමයි හොඳ.

    පුදුමයි හැබැයි මෙහෙම හොඳ වැඩක් කළා කිව්වම...;)

    ReplyDelete
  9. හොද වැදගත් කතාවක්. පහුවෙලා කාගෙත් සහයා්ගය ඇතුව කරන වැඩසටහනකට වඩා සතුටක් දැනෙන්න ඇත්තෙ කෑමට ගෙනාපු සල්ලි වලින් කරපු පරිතයාගය වෙන්න ඕන. එහෙම නේද? ප්‍රින්සිපල් ගැනනං කියල වැඩක් නෑ.

    ReplyDelete
  10. මේ ගැන මොනව කියන්නද කියල හිතාගන්න බෑ වර්ණ. මටම හිතා ගන්න බෑ ඇයි මේ ප්‍රින්සිපල් මේ විදියට හැසිරුනේ කියල.

    ReplyDelete
  11. පුදුම මිනිස්සු බන්... මොනව උනත් ඒ වයසෙදි උබල ඒ කරපු වැඩේ නම් සුපිරි.... බොරුවට තොරන් ගහල කේක් කාල ලොක්කන්ට කතා කියනවට වඩා ඒ වගේ දෙයක් තමයි කෙරෙන්න ඕනි. ඒත් ඉතින් අද වෙන්නෙම සොබන වැඩ

    ReplyDelete
  12. 7 වසර වගේ පුංචි වයසකදී ඔය වගේ වැඩක් කරන්න ඔයාලට අදහසක් පහළවීම ගැන මට ආඩම්බරයි. ඒ වගේම ඒ වගේ උතුම් අරමුණකට මග අහුරපු ප්‍රින්සිපල් ගැන මට කණගාටුයි. ඔයාල ඒ කරපු හොඳ වැඩේ ප්‍රතිපල ඔයාලට කවදාහරි ලැබේවි...

    ReplyDelete
  13. “ පුතාලා ඒ කරපු දේට ලොකුසර් කැමති උනේ නෑ.. ඉස්කෝලේ එක කට්ටියකට විතරක් ජනප්‍රිය වෙන්න දෙන්න ඕන නෑ කියලා සර් කිවුවා.. ඒකයි ඔයාලගේ වැඩේට අවසර නොදුන්නේ..”

    ලොක්ක වරද්දගෙන මචං

    ජනප්‍රිය වෙනකෙනා ජනප්‍රිය වෙනවමයි. එ්කෙ කිසිම වැරැද්දක් නෑ. තමන්ට ජනප්‍රිය වෙන්න බැරිනං පැත්තකට වෙලා ඉන්නව මිසක්ක ජනප්‍රිය වෙන කෙනාගෙ පාරට කටුඅතු දාන එක වීරකමක් නෙවෙයි. ජනප්‍රිය වෙන්න පුලුවන් එකා මොකක් හරි කරල ජනප්‍රිය වෙන එක වැරදි නෑ. නමුත් කෙනෙක්ට එහෙම වෙන්න තරං පුලුවං කමක් නැත්තං වලිගෙ පස්ස පැත්තෙ ගහගෙන පැත්තකට වෙලා ඉන්න එක තමා සුදුසු. මේ තියෙන්නෙ එහෙම කෙනෙක්ගෙ චැට් ඉතිහාසය


    ado


    December 14
    Dipun Nirmal Perera
    ay ado


    December 14

    podi wedak tynawa set wemuda?


    December 14
    Dipun Nirmal Perera
    wat?


    December 14

    uba liquer gannwda?


    December 14
    Dipun Nirmal Perera
    na


    ehenm wedak ne
    tho hari yanne ne
    beer bonwda?


    December 14
    Dipun Nirmal Perera
    wedimakata giyama dena wine wath bon na


    December 14


    api party 1 danwa


    December 14
    Dipun Nirmal Perera
    api kiwwe?


    December 14

    bio 1 boyz la


    December 14
    Dipun Nirmal Perera
    ela ela


    December 14

    bona un witari
    natnm mona karnda?


    December 14
    Dipun Nirmal Perera
    ok



    uba beer hari bonawa nm waren
    kamak ne waren ko


    December 14
    Dipun Nirmal Perera
    mukuth bonne na
    kawadda koheda?


    December 14

    h
    27
    beach
    bt ubala wa mata amathaka ne
    ekai enna kiwwe
    habai awith pora talk denna be
    k
    ???????????


    December 14
    Dipun Nirmal Perera
    thanks! but oya kiyana thathwa yatathe enne na
    mama yana thana mata pora talk ba nam mama ethenta enne na


    December 14

    beri nm h
    tho ape set 1 nisai kiwwemassusa kamata
    (bio)


    December 14
    Dipun Nirmal Perera
    manussakama unath bonna enna bari bawa salakanna


    December 14

    ok ok


    මිනිහත් ඔය වැඩ බැරි කමට අනිත් උංව කපාගෙන යන්න දඟලපු එකෙක් තමා!

    ReplyDelete
  14. @ සයුරි : කලින් ලොක්කා ඉද්දි නම් අවසර ගත්තේ නෑ අක්කේ.. මෙයා ආවට පස්සේ හැමදේටම අවසර ගන්න උනා.. අපි උත්සවයක් සංවිදානය කරලා මෙයාගේ අතින් ඒ පොත් බෙදුවනම් අන්න අපිට අනිවාර්යෙන් අවසර ලැබෙනවා..

    ReplyDelete
  15. @ නන්දු : ඔව් එදා ඉද ගොඩ කාලයක් යනකම් අපි ප්‍රාථමිකේ පැත්තෙන් වත් ගියේ නෑ.. ඒ පොඩි එවුන් අපිව අදුනනවා.. වරදක් අපි නොකලත් ඒ මුහුණු බලන්න අපිට බැරි උනා..

    ReplyDelete
  16. @ පන්සල් හංදිය : අනේ මන්දා අයියේ.. මේ ලොක්කා ඉස්කෝලේ දියුණුවට වැඩ කලා ගොඩක්.. කලින් තිබුන තත්වෙට වඩා හොද තැනකට අපේ ඉස්කෝලේ උස්සලා තිබ්බා.. ඒත් මගේ හිතට නම් මේ දේත් එක්ක බලද්දි ඒ කිසිම දෙයක් වටින්නේ නෑ..

    ReplyDelete
  17. @ ඔබ නොදුටු ලොවක් : අපි එහෙම තමයි අයියේ.. හොද නරක හැමදේම අපේ සහතික වල ලියවිලා තියෙන්නේ..

    ReplyDelete
  18. @ Mithuru : ඒ දේ දැන නොගත්තානම් මම වේදිකාව් උඩදි ලොක්කා ගැන හොද කතා කරනවා.. ඒත් ඒ දේ දැන දෙනම මම කොහොමද සුදු හුණු ගාන්නේ..

    ReplyDelete
  19. @ වර්ණා : එහෙම කරන්නත් හිතුනා නංගී.. එහෙම කලානම් ඒක ඊට වඩා ලොකු ප්‍රශ්ණයක් වෙනවා.. ප්‍රශ්ණ වලට මම බය නෑ.. ඒත් ඒ දවස් වල වලි දාන කට්ටියට ලොක්කා දුන්න එකම ඉන්ජෙක්ශන් එක ඇඩ්මිශන් නොදි ඉදිම..

    ReplyDelete
  20. උඹල කරලා තියෙන්නේ බොහොම වටිනා වැඩක්
    මේ කතාව කියවලා අර මහ ගුරා ගැනනම් මගේ හිතෙත් අපැහැදීමක් ඇති උනා
    ඉතින් උඹලගේ හිත් වල එහෙම හැඟීමක් ඇතිවෙන එක ගැන අහන්නත් දෙයක්ද
    එක එක මිනිස්සුන්ගේ පහත් මානසික මට්ටම්....

    ReplyDelete
  21. හොඳ වැඩක් කරන්නනෙ ට්‍රයි කලේ

    ReplyDelete
  22. අයියා... කො බලන්න.. පට්ටයි නේ..... කොලු කමට ඔවත් වෙනවා..

    ReplyDelete
  23. @ රූ : අපි හොද ළමයි අක්කේ.. මම ඉස්කොලෙන අයින් වෙනකම්ම ලොක්කා එක්ක හිටියේ තරහින්.. අඩු ගානේ අන්තිම දවසේ වැන්දේවත් නෑ..ඇත්ත අක්කේ.. දැං වෛර කරලා වැඩක් නෑ..

    ReplyDelete
  24. @ Kasun : ටීචර් හරි කියලා මටත් හිතුනා.. ඒත් මං මගේ තීරණේම හිටියා..

    අන්න අන්න ඉතින් උඹලා අපිට කින්ඩිය දානවා..

    ReplyDelete
  25. @ රාජ් : ඔව් අයියේ.. අර දුප්පත් ළමයින්ගෙන්ම සල්ලි එකතු කරලා උන්ට පොඩි සංග්‍රහයක් දෙන එකේ මොකක්ද තේරුම.. මම මේ අපි කල දේ තමයි හොදම දේ කියලා කියනවා නෙමෙයි..

    ReplyDelete
  26. @ ළහිරු හිමේෂ් මදුෂංඛ : ඒ එයාගේ මානසිකත්ව කියලා තමයි මට කියන්න වෙන්නේ.. මගේ නම දිනේශ් යාළුවා..

    ReplyDelete
  27. @ පිස්සා පළාමල්ල : සිරාවට මචං. එදායින් පස්සේ නම් සිංදු කියලා කන්න දීලා කරපු වැඩ නම් මමත් දැක්කා.. සමහරුන්ගේ මානසික තත්වයන් වෙනස් මචං..

    ReplyDelete
  28. @ Shani : අපි බලාපොරොත්තු උනේ ඔස්කෝලෙන් අයින් වෙනකම්ම මේ දේ කරන්න.. එහෙම පුළුවන් උනානම්..

    ReplyDelete
  29. @ තනි අලියා : එක එක මිනිස්සු එක එක විදිහයි.. අපිට ඒ දේවල් වෙනස් කරන්න බෑ මලයා..

    ReplyDelete
  30. @ ලොකු පුතා : එයා අපිට පිරිහෙන්න තව ගොඩක් දේවල් උනා.. මං ඒවා ගැනත් පස්සේ කියන්නම්..

    ReplyDelete
  31. @ Observer : ඔව් ඔබා මාමේ.. දෙවතාවක් කලා.. ඒත් නරුමයෙක් ඒකට හරස් උනා..

    ReplyDelete
  32. @ රහස් පරීක්ෂකයා : මොනා බලන්නද බං.. අපි කලොත් ඔහොම පට්ට වැඩක් තමයි.. හොද හෝ නරක වේවා..

    ReplyDelete
  33. මල්ලිලා මේ කරපු වැඩේ ගොඩක් හොදයි. අගේ කරන්න වටිනවා.

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්