Monday, 19 December 2011

මල්ලියේ නුඹ


මොකද අම්මේ මේ කල්පනාවක?”

නෑ ලොකු පුතේ මං කල්පනා කලේ ඊයේ පන්සලේදි පොඩි හාමුදුරුවෝ කරපූ ධර්ම දේශනාව ගැන..”

ඔව් අම්මේ මාත් ඒක අහන් හිටියේ.. කවදාවත් නැතුව මට බණ පදයක් අහන්න එදා ආසා හිතුනා අම්මේ..”

මං දන්නවා පුතේ..”

මහණ උන අළුතම මේ වගේ ලස්සනට කවුරුවත් බණක් දේශනා කරලා නෑ කියලා ගමේ අය කතා වෙනවා මං අහගෙන හිටියා..”

ඔව් පුතේ මටත් සමහරු ඔහොම කියලා තියෙනවා.. මම මේ කල්පනා කලේ..”

ඇයි අම්මේ?”

උඹලගේ තාත්තා දැන් නැති වෙලත් අවුරුදු පාලහක් වෙන්න එනවා.. ගෙදරට පොඩි හාමුදුරුවෝ වඩම්මලා තාත්තා වෙනුවෙන් බණක් කියමුද?”

මගෙන් අහන්න ඕන නෑ අම්මේ.. අම්මා පොඩි හාමුදුරුවෝ එක්ක කතා කලානම්..”

පොඩි හාමුදුරුවොම තමයි පුතේ මට මේක මතක් කලේ.. අද මහණ වෙලා හිට්යත් උඹේ මල්ලිනේ..”

පිළිකන්නේ වාඩිවී උන් අම්මා ඇ සිටි චීත්තයේම ඇගේ කඳුළු පිහින කොට මට මතක් උනේ අපේ පොඩි කාලේ.. තාත්තා නැති වෙද්දි මල්ලිට අවුරුද්දක් විතර ඇති.. එදායින් පස්සේ අපි ජීවිතේ මොන තරම් නම් දුක් වලට මුහුණ දුන්නද?

මගේ ඉස්කෝලේ ගමන නැවතිලා මං කුඹුරු රස්සාවට ගියත් මල්ලිගේ වයස හරියද්දි ඉස්කෝලේ යැවුවේ අමාරුකම් නැතුවම නෙමෙයි.. අකුරු කියවපු දවසේ ලොකු හාමුදුරුවෝ කිවුවේ මල්ලි දවසක හොද උගතෙක් වෙයි කියලා.. ඒක ඇත්තක් කියලා මල්ලි ඔප්පු කලේ සිස්සත්තෙන් ඉස්කෝලේ පළවෙනියා වෙලා.. අඟහිගකම් අම්මයි මමයි තනියම විදලා මල්ලිට පුළුවන් තරම් පහසුකම් සැලසුවා..

ඒත් ඉස්කෝලේ අටේ පන්තියේදි මල්ලි එක දවසක් ඇවිත් කිවුවා එයාට මහණ වෙන්න ඕන කියලා.. මට එදා ඇත්තටම කේන්ති ගියා.. මම එදා මල්ලිට හොදටම බැන්නා.. එදා මල්ලි විතරක් නෙමෙයි අපි තුන් දෙනාම හොදටම ඇඬුවා.. පළවෙනි වතාවට මල්ලි නපුරු උන නිසා මගේ හිතත් ගොඩක් රිදුනා.. ඒත් පස්සේ මල්ලිගේ කැමැත්තට ඉඩ දෙන්න මං තීරණය කලේ අම්මා මල්ලිගේ කැමැත්ත ඉඩ දෙන්න කියලා මගෙන් ඉල්ලපු නිසා.. මං ආසා කලේ මල්ලි හොදින් ඉගෙන ගෙන ඉස්සරහට යනවා දකින එක..

ඒත් මේ ලෝකේ සල්ලි වලට ගන්න බැරි දේවලුත් තියෙනවා කියලා පොඩි කොල්ලා මට ඔප්පු කරලා පෙන්නුවා.. මල්ලි ගෙදරින් එලියට බහිද්දි මගේ හිතට දැනුනේ දුකක්.. ඒත් ලොකු හාමුදුරුවෝ කිවුවේ මං හරිනම් සතුටු වෙන්න ඕන කියලා.. ඔව් උන්නාන්සේ හරි.. එදා දුක් උනත් මං අද ගොඩක් සතුටු වෙනවා මගේ මල්ලි ගැන..

ඊයේ පෝය දවසේ මගේ මල්ලි පොඩි හාමුදුරුවෝ කෙනෙක් විදිහට ධර්ම ශාලාවේ බණක් දේශණා කලා.. ලගින් ඉදන් අහන් ඉන්න මගේ හිත බය උනා.. මට මගේ කඳුළු හංගා ගන්න බැරි වෙයි කියලා.. මම ශාලාවේ අන්තිමට වෙලා බණ අහන් හිටියා..  මේ ඇස් වලින් මං හිතුවම වගේම කඳුළු ආවා.. ඒත් දුකට නෙමෙයි සතුටට..


ඉස්සර ගෙදර හැමතැනම
දුව පැන ඇවිද්ද මල්ලියේ නුඹ
අද සන්සුන්ව කසාවතක් දරාගෙන
බුදු හිමියන් දෙසු මග අභියස..

පුන්චි හිතට නුඹෙ බර වැඩි වේද
මහා සයුරක මේ දිය දෝත
හිතද්දි හද තැවුනමුත් සියවර
කදුළු නැහැ දෙනෙත දකිද්දි පින්බර නුඹව..

ඊයේ පොහොයට නුඹ දෙසු බණ පද
අහන් හිටියා මං නුඹ ලගම හිද
ලොකු අයියා උනත් මම නුඹට
නුඹ සවිබලයි මගේ හිතටත් වැඩිය..

මම කල පින් නැහැ මල්ලියේ
මේ භවයෙදි යන්න බුදු හිමිගේ මග
නුඹේ සිත නිවුව අමා ගගුළින් දෝතක් ගෙන
කියා දෙන්න මටත් නිවන් මග ගැන..

දෙදන බිම තියා නුඹේ දෙපා පාමුල
වැද පතන්නම් නුඹට බුදු බව
ලොවට කියා දී උතුම් බුද ගුණ
එතර කරනු හැම ජීවිත ගමනින් හෙට..




ප.ලි : මේ කවියනම් මම කලිනුත් දාලා ඇති.. මීට ගොඩක් කාලෙකට කලින්.. ඊයේ පරිඝණකයේ ලියලා තිබුන කවි ටික කවි පොතට ලියද්දියි ආයෙම මට මේක හම්බුනේ.. ආයෙම පාරක් කියවද්දි මේ කතාව හිත ආපු නිසයි මෙහෙම දැම්මේ.. 

26 comments:

  1. මටත් කඳුළු ආවා...

    ReplyDelete
  2. හොඳ කථාවක් සහ කවි පෙළක්....

    ReplyDelete
  3. මේක කියවද්දි මට කවිය දකින්න කලින් හිතට ආවේ
    ඉස්සර විදියට දුව පැන යන එක
    මතකද තහනම් කරපු දිනේ කියන ගීතයයි, බෝමලුවේ මල් ගීතයයි. සංවේදී සටහනක්....
    ඒත් සතුටුවෙන්න සහ අයියා කෙනෙක් විදිහට සහොදරයා ගැන ආඩම්බර වෙන්න පුලුවන්.....

    ReplyDelete
  4. මටත් කඳුළු ආවා...

    ReplyDelete
  5. සංවෙිදි කතාවක්... ඇත්තටම කිවිවොත් සහෝදරකම අද අපේ මිනිස්සු අතරින් පැනලා ගිහිල්ලා. ඒත් සහෝදරකම තාමත් අපි අතරේ තියෙනවා කියලා මට දැනුනා මෙි කතාව කියෙවිවාට පස්සේ....!!!

    ReplyDelete
  6. හරි ලස්සනයි...!

    ReplyDelete
  7. @ සයුරි : ඔව් අක්කේ මමත් කවියට වඩා මේ කතාවට් ආසයි.. හිතුනොත් මම මේක දිගට කතාවක් විදිහට ලියන්න අරගන්නවා..

    ReplyDelete
  8. @ Observer : ස්තූතියි ඔබා මාමේ...

    ReplyDelete
  9. @ ගොඩයා : ඒ ගීත දෙකම මාත් ගොඩක් ආස ගීත දෙකක්.. ඔව් ඇත්තටම අයියා කෙනෙක්ට මල්ලි ගැන හිතල සතුටු වෙන්න මිට වඩා හොද අවස්ථාවක් තියෙනවද.. වර්ණයට සාදරයෙන් පිළිගන්නවා..

    ReplyDelete
  10. @ නරකයා : ඒ මේ සටහනේ සංවේදි බව දැනුන නිසා වෙන්න ඕන.. වර්ණයට සාදරයෙන් පිළිගන්නවා..

    ReplyDelete
  11. @ Sihina : කතාවනම් ඇත්ත.. මං දන්න අය දිහා බැලුවා උනත් එයාලා අතරේ සහෝදරකම් තියෙනවද කියලත් හිතෙනවා.. රණ්ඬු සරුවල් ඕන කෙනෙක් ලග තියෙනවා.. ඒත් එක ගෙදර හිටියත් කතා කරන්නවත් නැත්නම් අපි ඒකට මොකක්ද කියන්නේ..

    ReplyDelete
  12. @ හා පැටික්කී : තමන්ගේ මල්ලි ඒ මග යනවා දකින්නත් අයියා කෙනෙක් පිං කරලා තියෙන්න ඕන..

    ReplyDelete
  13. @ ලහිරු : තැන්ක්ස් යාළුවා..

    ReplyDelete
  14. මම කලින් පෝස්ටුව කියවලා නෑ.. ඒත් මේ කතාව මාරම සංවේදීයි..තවත් ලස්සනට ලියන්න සුභ පැතුම්...

    ReplyDelete
  15. ඔයා නම් හරිම දක්ෂයී මල්ලීයේ. හුගක් නිර්මාණාත්මකයී.

    ReplyDelete
  16. හරිම ලස්සනට ලියල තියෙනවා..

    මම නම් කමති නෑ හයක් හතරක් නොතේරෙන පුංචි ලමයි මහණ කරනවට..ඇත්තටම මටනම් ඒ වගේ අය දැක්කම දුකයි..

    ReplyDelete
  17. සන්වේදී කතාවක් ...

    ReplyDelete
  18. කදූළු එනවා...:( දුකයි....

    මෙහෙම දුක කතා කියවද්දි හරි අමාරුයි හිතට :(

    ReplyDelete
  19. පරම්පරා හතක් නිවන් දකින වැඩක් ...........

    ReplyDelete
  20. මචන් කොහොමද මෙච්චර සංවේදීව ලියන්නේ.එත්තටම මෙහෙම දුක් වෙන කී දෙන්නම් ඉන්නවද?.

    ReplyDelete
  21. මගේ යාළුවෙක්ගේ තාත්තා කෙනෙක් මහණ වෙලා මීට අවුරුදු ගානකට උඩදී,මම ගිය පාර නිවාඩුවට අනුරාධපුරේ ගිය වෙලාවේ මේ හාමුදුරුවෝ හම්බුනා අහම්බෙන්,මමත් විස්තර කථා කරලා වැඳලා ආවා,වැඩේ කියන්නේ මගේ යාළුවගේ නංගිගේ වෙඩිම වෙලාවේ කණ පාත්වෙන්න රහ මෙර බිව්වා මේ අංකල් එක්ක...මට වදිනකොටත් ඒවා මතක් උනා,යාළුවට කිව්වම ඌටත් හිතාගන්න බෑලු තාත්තගේ වෙනස්වීම....

    ReplyDelete
  22. මේක මගේ බ්ලොග් රෝල් එකෙත් අප්ඩේට් වෙලා තිබුනේ නෑ. දැන් දැක්කේ. ගොඩක් සංවේදී කතාවක් අයියේ. කවිය නම් ඉතින් වෙනද වගේම ලස්සනයි.

    ReplyDelete
  23. සිරාවට ලියල තියෙනව මචන්

    ReplyDelete
  24. මේක කියවනකොට ඈඩුනා අය්යේ.ඒත් අය්ය දෑන් සතුටු වෙනවානෙ.ඒ ඈති.

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්