Thursday, 22 December 2011

අල්ලපු ගෙදර නිළිය


ඉස්සරනම් අපේ ගෙවල් පැත්ත ගැන කාට හරි කිවුවම ආයෙම මගෙන් අහනවා කොයි හරියෙද කියලා.. දැං නම් දෙයියනේ කියලා එහෙම අවුලක් නෑ.. කොට්ටාව මාකුඹුර කිවුවම දැං ගොඩක් කට්ටිය දන්නවා කොහේද මේ ප්ලේස් එක කියලා.. ඔව් ඔව්.. අධිවේගයට පිං සිද්ද වෙන්න තමයි ඉතින්.. ඔය අපේ මකුඹුර හංදියට තව නමක් තියෙනවා.. තමයිබෙල්ල කපපු හංදියකියන නම.. අපි ඔහේ පදිංච්යට එද්දි කියන්නේ 1998 විතර බස් ටිකට් එක ගත්තේ ඔය නම කියලා.. නැත්නම් මාකුඹුර කියන හෝල්ට් එක තියෙන්නේ කොට්ටාව පහු උන ගමන්ම වගේ..

ඔතනට ඔය නම වැටිලා තියෙන්නෙ කාලෙකට උඩදි ඔතන හිටපු වයසක හිගන මනුස්සයෙක්ගේ බෙල්ල මනුස්සයා හැමතිස්සෙම ලග තියන් හිටපු මල්ල ඇරලා බැලුවලු ඒකේ සල්ලි තියෙනවයි කියලා හිතලා.. ඒත් එහෙම දෙයක් වෙලා නෑ.. අන්තිමේ කොහොම හරි අපේ හංදියට ඔය නම වැටුනා.. කොට්ටාව පිවිසුම් මාර්ගයේ බෝඩ් එකේකොට්ටාව බෙල්ලකපපු හංදිය පිවිසුමකියලා දාන්න බැරි නිසා වෙන්න ඇති පස්සේ අර නම දාගත්තේ.. හරි ඒවයින් වැඩක් නෑ කියන්න ආපු කතාවට යමු..

ඉතින් ඔය වගේ සාමකාමි පරිසරයක අපි හොදින් ජීවත් වෙද්දි අපේ නේබර්ස්ලා ඔය කුරුදු වත්ත පැත්තෙන් හොද ගෙයක් අරන් පදිංචියට ගියා.. මේ ගේ කුලියට දෙනවා කියලා දැම්මා.. අපි හිතුවේ විකූණයි කියලා.. එහෙම උනානම් අපි ගන්න හිටියේ.. කොහොමහරි එක එකා ඔය ගේ කුලියට ගන්න බලන්න ආවා.. ගෙවල් ගාව කඩේ රොයිටර් ඇන්ටි අපේ අම්මා එක්ක හෙන ෆිට්.. මෙන්න උදේ පන්න්දරකම අපේ ගෙදරට ඇවිත් දවසේ අළුත්ම රොයිටර් එක අත ඇරියා.. තමයි නිළියක් එහා ගෙදරට කුලියට එනවාය කියන එක.. නින්දේ හිටපු මමත් කටේ සද්දෙට ඇහැරිලා රොයිටර් එකට කණ දීගෙන හිටියා.. කවුද මේ නිළිය කියලා දැනගන්න..

ගොල්ලා ඉතින් ප්‍රසිද්ධ කට්ටිය නිසා මම මෙතන නම ලියන එක හරි නෑ කියලා හිතනවා..  ඔය ගොඩක් ටෙලි වල ප්‍රධාන චරිතේ කරපු කෙනෙක්.. ඉතින් රොයිටර් ඇන්ටි අපේ ගෙදරට නිවුස් එක දීලා අනිත් ගෙවල් වලට දිවුවා නිවුස් එක දෙන්න.. මනුස්සයටත් පිස්සු.. ඕක උදේ කඩේට පාන් ගන්න ආවම කියන්නත් තිබුනනේ.. නිකන් තෙල් පුච්චං දුවනවා..

කොහොමහරි ඉති ආරංචියත් ගියා ගිණ්න වගේ ඇවිලිලා.. අපේ අම්මා දවසක් අර කලින් අල්ලපු ගෙදර හිටපු ආන්ටි එක්ක කතා කරද්දි ඇවුවා මේ සින් එක ඇත්තද කියලා.. රොයිටර් ඇන්ටි හරි.. ඊළග මාසේ ඉදන් එනවලු නිළිය අපේ අල්ලපු ගෙදරට.. මම ඉතින් මගේ වටපිටාවේ අතිජාත මිතුරු කැලට මේ ආරංච්ය කිවුවා.. මුංට ඉතින් මල මොකද එයා  එන්නේ අපේ අල්ලපු ගෙදරටනේ.. එකෙකුගේ ගෙදර දෙවෙනි තට්ටුවටනම් මේ ගෙදර දෙවෙනි තට්ටුව පේනවා.. පල්ලෙහා කාමරේ ඉදලා උඩ තට්ටුවට ඉස්තාන මරුවකුත් අර ගත්තා හොරෙන් ඇහැ දාන්න හිතාගෙන..



ඉතින් අවසානයේ අපි පුල පුලා බලාගෙන හිටපු දවස උදා උනා.. බඩු ලොරි දෙකක් විතර පටෝගෙන නිලිය සුභ මොහොතින් ගෙදරට සේන්දු උනා.. පැයක් විතර ඉදන් මෙයා එනකන් අපේ ගෙදරට වෙලා බලං හිටපු රොයිටර් ඇන්ටි ඉස්සෙල්ලාම ගියා පැණි හිනාවත් දාගෙන.. මොන අරයා නිළි කමේ ආඩම්බර අරගෙන ගියා මූණවත් නොබලා.. අපිට ඉතින් පාරේ ඉදන් කියන කුණු හරප ඇහෙනවා.. අපිත් බොහෝම අමාරුවෙන් හිනාව තද කරන් ගෙදරට වෙලා හිටියා..
                         
කාලය හෙමින් ගත උනා.. ගමේ මිනිස්සුන්ට නිළියක් එනවාය කියලා තිබුන ආතල් එක නැතුව ගියා.. මෙයා කාගෙවත් මූනක් බලලා කතා නොකරපු එක.. මේ නිළියත් එක්ක එයාගේ අම්මයි හස්බන්ඩයි පොඩි පුතායි ආවා.. හරි හරි බැදපු කෙනෙක් උනාට මගේ හිතේ අවුරුදු 29ක් හරි 30ක්ද කොහේද වෙන්නේ පත්තර වලට කියන හැටියටනම්.. ඇත්තටම කීයද කියන්න දන්නේ නෑ..

හැබැයි ඉතින් ගමේ කාට නැතත් අපේ ගෙදර එක්කනම් ටිකක් කතාබහ තිබුනා.. මොකද පොඩි එකා නිසා.. පොඩි එකා අපේ අම්මා එක්ක ටක් ගාලා සෙට් උනා.. ඉතින් සමහර දාට තාප්පෙට උඩින් උස්සලා පොඩ් එකාව දෙනවා අපේ අම්මගේ අතට.. අපේ බලු චන්ඩියත් ඉන්න කාලේ එතකොට.. ඉතින් ඒකා එක්ක සෙල්ලම් කරලා මට කන්න තියෙන ටොපි චොකලට් බිස්කටුත් කාලා තමයි මේ පොඩි එකා ආයෙම ගෙදර යන්නේ..

අපේ ගෙවල් දෙකම ඉදිවෙලා තිබුනේ ඉඩම් දෙක වෙන් උන තාප්පෙටම අල්ලලා.. මං හිටියේ ඔය බිත්තියට කිට්ටුවට වෙන්න.. ඉතින් ඔය සමහරක් දවස් වල රෑට මට එක එක විදිහේ සද්ද බද්ද වගේම විලාපයන් ඇහෙනවා පැත්තෙන්.. මට නම් එපා වෙලා හිටියේ.. වෙන කරන්නම දෙයක් නැති කමට මං කාමරේ හිටියා ඇරෙන්න නැත්නම් කාමරේ මාරු කරලා.. ඇත්තමයි.. සිංහල අවුරුදු දාට උනත් ගෙදරින් කෑම පිගානක් ආවේ අපේ ගෙදරට විතරයි.. තරමටම අපි එක්ක ෆිට් උනා.. ඉතින් රොයිටර් ඇන්ටිත් නිතරම අපේ ගෙදර එනවා පත්තර වල නොයන ගොසිප් තියෙනවාද කියලා අහගන්න..

ඉතින් ඔහොම ටික කාලයක් ගෙවිලා යද්දි අපේ අයියා ලංකාවට් ආව අගෝස්තු මාසෙක.. පොර ආවම ඉතින් අපිටත් නත්තල් වගේ.. කොහොමත් ඉතින් තාත්තා හෝ අයියා අපු කාලෙට එයාලට කඩේ ගිහින්ම මගේ අතේ ඉතුරු සල්ලි ඉතුරු වෙනවා සෑහෙන්න.. අන්තිම වෙද්දි  හොද ගානක් මගේ අතේ ඉතුරු වෙලා.. ඔව් ඔව් මාටියා ගහන ඒවත් එක්ක තමයි..

ඉතින් ඔහොම ඉද්දි දවසක් අපේ අයියා කාත් එක්කද කතාකරන සද්දයක් ඇහිලා මාත් එලිය පහලියට බැහැලා බැලුවා කාත් එක්කද කතාව කියලා.. සද්දේ විතරයි.. රූප රමු නෑ.. මාත් ඉතින් සද්දේ පස්සේන් ගිහින් පාර හොයාගෙන බලද්දී අපේ පොර ඉන්නවා අඹ ගහේ.. ඔය ගහේ අත්තක් තිබුනා පැත්තේ බැල්කනියට වෙන්න.. අපේ මෑන් ඔය අත්තේ අඹ කඩන්න ගිහින් නිළිය සෙට් වෙලා අඹ පැත්තක දාලා මල් කඩනවා හෝසෙට.. ඉරිසියාවේ බෑ.. ඒත් ඉතින් සහෝදරයානේ කියලා මාත් දැක්කා නොදැක්කා වගේ හිටියා..

මුළු ගහේම අඹ කැඩුවත් පැත්තේ අඹ කවදාවත්ම පොර කැඩුවේ නෑ.. ඒවා ඉදිලද බලන්න කියලා මෙන්න මේකා හැමදාම නගිනවා අඹ ගහට.. නැගලා ඉතින් අර පැත්තට රබර් ඇහක් දාලා නිළිය හිටියොතින් මලක් කඩලා තමයි එන්නේ.. ඊළග ටෙලි මොනාද.. ශූටින් කොහේද අරකයි මේකයි.. ගොසිප් වලත් නැති ඒවා මෙකා දන්නවා.. කොහොමහරි ඕක අපේ අම්මටත් මීටර් උනා.. අපේ අක්කත් නිකන් ඇරියේ නෑ.. අම්මයි අක්කයි දෙන්නම එකතු වෙලා අයියව බයිට් කරනවා එකසිය ගානට..

කොහොමහරි ඉතින් අයියා ගියාට පස්සේ අර පැත්තේ අත්තේ අඹ කඩන්න බාර උනේ මට.. මමත් ඉතින් චාරිතරේ ඉටු කරා.. ඔව් ඔව්.. අඹ හා මල් දෙකම.. මම ඉතින් පොඩ් එකා හන්දා එච්චර මල් නෑ.. L කොහොම හරි ඉතින් මමත් ලංකාවෙන් ආවට පස්සේ අපේ අම්මා එක්ක කියලා තිබුනලුඅනේ මල්ලියා කියන්නෙවත් නැතුව ගියාකියලා.. මටත් එතකොටයි මතක් උනේ අනේ අක්කියාට කිවුවේ නෑ නේද කියලා..

හරි දැං අයියයි මමයි දෙන්නම නෑ කියලා මේ කට්ටිය අඹ කඩන්න එන්න ලෑස්තිවෙන්න කලියෙන්  කියන්නම් එයාලා දැන් ගෙදර නෑ කියලා.. අපේ අක්කගේ වෙඩින් එකට මාස තුනකට විතර කලියෙන් කට්ටිය ගෙවල් මාරු කරලා ගියා.. එයාට ඉතින් සැලෝන් එකකුත් තියෙන නිසා යනවාය කියලා කියන්න ආපු දවසේ කිවුවලුනංගී එන්න මම ඔක්කොම කරලා දෙන්නම්කියලා.. උනාට අපේ අක්කා ගියේ නෑ එයාගේ වැඩ හරි නෑ කියලා.. ඉතින් මං ලංකාවට යද්දි ගහේ අඹත් නෑ.. පැත්තට තිබ්බ අත්තත්  නෑ.. නිළි අක්කියත් නෑ..




62 comments:

  1. උබටත් මාර කැලි නේ සෙට් වෙන්නේ.

    ReplyDelete
  2. හාෆූ.. :P
    නළුකමක් හෙම දුන්නෙ නැතැයි අයියා මලෝ ට.. :D

    ReplyDelete
  3. හප්පේ කව්ද මේ නිළිය..අපරාදේ පොඩි ‍ෆිල්ම් කෑල්ලක හරි ඉන්න තිබ්බා සෙට් උනානං.....අඹ එහෙම කඩන්න තියෙනවනං කියන්න..පොල්,කොස්,දෙල් ඕනේ ගහකට අපිටත් නගින්න පුළුවං...හික් හික් හික් ...

    ReplyDelete
  4. ara oyae aiyae nili akkigen gal karapu badda thama thiynawada malayo???

    ReplyDelete
  5. අයියල මල්ලිලා දෙන්න එක්ක අඹ විතරනේ කැඩුවේ....!!

    ReplyDelete
  6. අයියා තව ටික දවසක් හිටියනම්. නිලියවත් අරන් යන්නම තිබ්බා............. එල එල :D

    ReplyDelete
  7. Fatta ...
    ලෝකයා...

    ReplyDelete
  8. හ්ම්.... මාකුඹුර පැත්තෙ හිටපු නිළිය කවුද කියලා හොයපල්ලාකෝ දැන්.. :D

    ReplyDelete
  9. කොල්ල සෑහෙන පිං කරල තියනව නේ :D

    ReplyDelete
  10. //කොහොමත් ඉතින් තාත්තා හෝ අයියා අපු කාලෙට එයාලට කඩේ ගිහින්ම මගේ අතේ ඉතුරු සල්ලි ඉතුරු වෙනවා සෑහෙන්න..//
    නිලි කතාව පැත්තකින් තිබ්බම මට හිතගියේ මේ කෑල්ලටයි..මේක දැක්කොත් අම්ම ගහයි බැට් එකෙන් මලේ..

    ReplyDelete
  11. මාකුඹුර පැත්තෙ මාත් ඉස්සර කරක්ගැහුව. කියන්නෙ නැතුව රටගිය එක නං අන්තිමයි.:))

    ReplyDelete
  12. meh dinesh aiye amda tika kadala deela ennada?math oya ge lagin dahas parak yanna ati.eth dethun parakata wada nam dakala naha ...raata ahune koi wage saddada danne naha ne :P

    ReplyDelete
  13. හෆෝයි.........යාන්තම් බේරිලා කොලුවා!

    ReplyDelete
  14. ආහ් විස්තර අනුව නිළිය කවුද කියලා හිතා ගන්න පුළුවන්

    ReplyDelete
  15. අය්යයි මල්ලියි දෙන්නම හෙන පැණියෝ දෙන්නෙක්නෙ, වෙලාවට තාත්ත ලංකාවට ආවේ නැත්තෙ, ආව නං තමා නියම පෝරියල් එක. හෙහ්...හෙහ්...

    ReplyDelete
  16. අම්මෝ වෙලාවට ගෙවල් අත ඇරල ගියේ. නැත්තන් අපේ උන් දිනේශ්ලගෙ ගෙදර පෝලිම් ගැහිල ඉඳියි අඹ කඩන්න.

    ReplyDelete
  17. @ පසිදු : නැතුව නැතුව මචං.. අපිත් පිං කරලා තියෙනවා..

    ReplyDelete
  18. @ නන්දු : අපි ලංකාවේ තව කාලයක් හිටියනම් හම්බෙනවා නන්දු.. අපේ අක්කට නම් කතාකරලා තිබුනා.. ඒත් ඉතින් අපේ එක්කෙනා ඕවට නෑනේ..

    ReplyDelete
  19. @ ඔබ නොදුටු ලොවක් : නිළියගේ නම කියන එක හරි නෑනේ අයියේ.. ඒකයි නොලිවුවේ.. දැං නම් වැඩක් නෑ.. එයාලා නැති නිසා.. හැබැයි ඊට පස්සේ කවුරු ආවද දන්නේ නෑ..

    ReplyDelete
  20. @ Anonymous 1 : නිළි අක්කිගෙන් ගල් කරපු බඩ්ඩ?? ඒ මොකක්ද අප්පා..

    ReplyDelete
  21. @ ලොකු පුතා : මම නම් අඹ විතරයි.. හැබැයි අයියා දිගටම හිටියනම් මොනා වෙයිද කියන්න බෑ..

    ReplyDelete
  22. @ Suri : අනේද කියන්නේ.. බැදලා හිටියේ නැත්නම් බදිනවා කිය කිය තමයි අපේ මෑන් හිටියේ..

    ReplyDelete
  23. @ සජීව විජේවීර : අපරාදේ කිවුවේ ගෙදරින් ගිය එකද??

    ReplyDelete
  24. @ Anonymous 2 : තෑන්ස්ක් මචං..

    ReplyDelete
  25. @ නිසුපා : අක්කා ඔය ගොසිප් පත්තර කියවනවනම් හොයාගන්න තිබ්බා.. කුළියට හිටියත් පත්තර වලට කිවුවේ මෙයාගේ ගේ වගේ.. හැබැයි ඔන්න නම හොයාගත්තට මෙතන කියන්න එපා හොදේ අක්කේ..

    ReplyDelete
  26. @ තනි අලියා : නැතුව නැතුව.. මේ දෑස මගේ පිංවන්තයි....

    ReplyDelete
  27. @ රූ : අක්කත් අල්ලගන්නේ මාර තැං තමයි.. මොන ඒවා කවදාවත් මාට්ටු වෙන්නේ නෑ.. එයාලා ගිහින් මාසයක් විතර යනකම් මට අවුරුදු වගේ තමයි..

    ReplyDelete
  28. @ Anonymous 3 : තෑන්ක්ස් මචෝ..

    ReplyDelete
  29. @ රාජ් : එහෙනම් අයියටත් කවුරු හරි ඉන්න ඇති ඒ පැත්තේ.. ඇත්තමයි අයියේ මට ඒක මතක් උනේම නෑනේ..

    ReplyDelete
  30. @ පුබුදුවා : ඒකට ඉතින් පිං කරලා තියෙන්න ඕන.. රෑට අහුන සද්ද ගැන මම උඹට ප්‍රයිවට් එකේ කියන්නම්.. ඒක නෙමෙයි දැං කවුද ඒ ගෙදර ඉන්නේ??

    ReplyDelete
  31. @ ලහිරු : යන්තම් බේරිලා??? අර මොකෝ ඒ??

    ReplyDelete
  32. @ ශානු : එහෙනම් මට ෆේස්බුක් එකට මැසේජ් එකක් දාන්න.. හරිද කියලා බලන්න..

    ReplyDelete
  33. @ Observer : එකම ලේ වර්ගෙනේ ඇගේ දුවන්නේ ඔබා මාමේ.. ඉතින් එහෙම නොවි පුළුවනෑ..

    ReplyDelete
  34. @ පිණිබිදු : ඒකනම් ඇත්ත.. මේ දැනුත් අහනවා එන්නද කියලා.. ඉතින් කොහේද මේක නිළිය ඉන්න කාලේ ලිවුවනම් එහෙම..

    ReplyDelete
  35. අයියයි මල්ලියි අල්ලපු ගෙදරින් ඉල්ලලා අඹ ගන්න එහෙම ගියේ නැතුව ඇති නේ

    ReplyDelete
  36. අඹ කඩන්න කවුරුත් නැති හන්දා වෙන්න ඇති ගෙවල් මාරු කරන්න ඇත්තේ! :D

    ReplyDelete
  37. මචන් බෙල්ල කපාපු හන්දිය ගැන කියල තියෙන එක මට තේරුනේ නැහැ.පොඩ්ඩක් විස්තර කරපන්

    ReplyDelete
  38. අනේ මන්දා අයියා මලෝ ඔය පැහුනු ඉදුනු රස අඹගෙඩිය නොකා ඒ දිහා බල බල විතරක් කොහොම උන්නද කියලා.. කොහොම උනත් ඉස්සර අපටත් අපි ඉන්න ප්‍රදේසය කියන්න ගියාම තිබුන ගැටළු නැතිඋනා.. "අපි ඉන්නේ කහතුඩුවේ" කිව්වම අපටත් වඩා විස්තර දැන් රට්ටු දන්නවා

    ReplyDelete
  39. ඔයා ගිය නිසා එයාලත් ගියාද දන්නේ නෑ :)

    ReplyDelete
  40. ආව් අව්.. ඔය කඩල තියෙන්නෙ මල්..:D හික්ස්ස්.. කවුද අයියේ ඒ නිළීය??

    ( මට දැනගන්න ආසාවෙ බෑ ;) මෙතන කියන්න බැරිනම් මැසේජ් එකක්වත් දන්නකෝ...:p)

    ReplyDelete
  41. ගෙදර කට්ටිය එකතු වෙලා අඹ ගහ කපලා දැම්මා නම් තමා වැඩේ බලාගන්න තිබ්බේ. හික්ස් :)
    අඩේ අපට සෙට් වෙන්නේ නෑනේ ඔහොම නිළියෝ

    ReplyDelete
  42. ඔය කියන නිළිය දැන් ඉන්න තැනක් දන්නේ නැද්ද? ඒ දැන් ඉන්න තැනත් ඔය වගේම අඹ ගස් තියනවද දන්නේ නෑ නේ.

    ReplyDelete
  43. හි හී..... නියමයි නිළි අක්කියා......

    ReplyDelete
  44. @ රෙප් මහත්තයා : හැබැයි තව කාලයක් ගියානම් අඹ ගහ යට සෙවෙනේ ඒක වෙන්නත් ඉඩ තිබුනා..

    ReplyDelete
  45. @ පුසා : ඒක කියන්නත් බෑ තමයි.. මොනා උනත් අපරාදෙනෙ අඹ ටික..

    ReplyDelete
  46. @ අසරණයා : මෙහෙමයි ඒ කාලේ ඔය හංදියේ හිගන්නෙක් ඉදලා තියෙනවා.. මිනිහා හැම තිස්සෙම ලොකු පොට්ටනියක් බදාගෙන තමයි ඉදලා තියෙන්නේ.. ගොඩක් දෙනෙක් හිතලා තියෙන්නේ ඕකේ සල්ලි ඇති කියලා.. දවසක් හොරු සෙට් එකක් ඒ වයසක මනුස්සයගේ බෙල්ල කපලා දාලා අර පොට්ටනිය අරගෙන තියෙනවා..ඒත් ඒකේ තිබිලා තියෙන්නේ ඇදුම් වගයක් විතරයි.. ඒ හින්දා පස්සේ ඔය නම අපේ හංදියට වැටුනා..

    ReplyDelete
  47. @ lahirucc : ඔය පැහුනු ඉදුණු අඹ වලට පණුවෝ ගහනවාය කියලා කතාවක් තියෙනවනේ.. අන්න ඒ නිසා තමයි අපි පැත්තකට වෙලා හිටියේ..

    ReplyDelete
  48. @ සයුරි : අනේ මන්දා අක්කේ.. දැං නම් ඒ පැත්ත පාළුයි වගේ..

    ReplyDelete
  49. @ හිතුවක්කාරී : ඒවා එහෙම කියන්න බෑ නංගියේ.. අපිත් ඉතින් ඒ කාලේ පන්සල් යන වයසනේ.. ඉතින් මල් නොකඩා කොහොමද??

    ReplyDelete
  50. @ මධුරංග : එහෙනම් අයියේ අර පැල්පත් කඩන්න බුල්ඩොසර් එද්දි වගේ මහා කලබලයක් ඇති කරලා අපි අඹ ගහ බේර ගන්නවා.. ඒත් ඉතින් අපි ගෙදර හිටියනම් තමයි.. අයියත් දැන් වැඩට කොළඹ එනවනේ.. තව කාලෙකින් සෙට් වේවි..

    ReplyDelete
  51. @ Kasun : දැං ඉන්නේ තලවතුගොඩ පැත්තේ කියලා තමයි ආරංචි.. අඹ ගස් ගැනනම් දන්නේ නෑ බං.. කොහොමත් අපි වගේ නේබර්ස්ලා එයාලට ආයේ සෙට් වෙන්නේ නෑ..

    ReplyDelete
  52. @ මහී : ඔයාට කියන්න මහී.. නෑ එක්කො ඕන නෑ.. :)

    ReplyDelete
  53. හෙහේ.. හොඳ වෙලාවට නිළිය ගියේ... එක්කෝ උඹලා ලංකාවෙන් ගියේ...

    ReplyDelete
  54. අය්යයි මල්ලියි දෙන්නම එකයි.. :D

    ReplyDelete
  55. @ පැණි දොඩම් : ඔය දෙකම වෙලා තියෙන්නේ කාගෙත් හොදට වගේ...

    ReplyDelete
  56. @ සිත්රූ සිහින : නැතුව නැතුව.. එහෙම නොවී බෑ නේ... :)

    ReplyDelete
  57. මටත් තියෙන ලොකුම ප්‍රශ්නේ උඹට රෑට ඇහුන සද්ද මොනවද කියලා...:-p

    ReplyDelete
  58. තව ටිකක් වට පිට විස්තර එක්ක ලිව්වනම් කොමද.ගොඩක් තොරතුරු හෙලි කරන්න පටන් ගෙන නොකර ඉන්නෙ ඇයි

    ReplyDelete
  59. මං දන්නවා කවුද කියලා.ඉල්ලලා අඹ ගත්තෙ නැතෙයි

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්