Friday, 16 December 2011

නුඹ සිහිනෙන් ඇවිත්


ඈත නිම්නය පුරාම පැතිර ගිය මිදුම හිතට ගෙනාවේ අමුතුම සිසිලක්.. ඒ සිසිල ගතටත් ඉබේම වගේ දැනෙන්න පටන් ගත්තා.. ඒ මීදුම අතරින්ම නිම්නය දිගේ හෙමින් ඈතට මං ඇවිදන් ගියත් ටිකක් දුර යනකොට ලග තියෙන දෙයක් පවා නොදකින තරමට මීදුම ඝණ උනා.. ඈත මායිමක් නොපෙනෙන මිරිගුව අතරේ මං හෙමීට ඇවිදන් ගියේ අරමුණකින් තොරව..

පියවරෙන් පියවර හෙමින් ඉදිරියට යද්දි එක් පියවරක් මං තියන්න හද්ද්දි කහ පාට රෝස් මලක් ඒ පියවර ලගම මගේ පයට පෑගෙන නොපෑගෙන මානයේ මං දැක්කා.. මං පහත් වෙලා ඒ කහ රෝස මල අතට ගත්තේ මේ කහ පාට රෝස මලත් එක්ක මගේ ජීවිතේ ලොකූ බැඳිමක් ලියවිලා තියෙන නිසා.. අහම්බෙන් නෙත ගැටුන කහ රෝස මල ඒ මතක ආයෙම මගේ හිත අද්දර මවද්දි මං කහ රෝස මල දිහා බලාගෙන මගේම ලෝකෙකක් තනි උනා..

කොච්චර වෙලා ගත උනාද කියන්න මං දන්නේ නෑ.. ඒත් ඒක මට මහා කාලයක් වගේ.. එතෙක් රැදුන සිසිල් සුළං රැල්ල රළු වෙලා හයියෙන් හමාගෙන ආපු හුළග මීදුම මගෙන් ඈතට අරන් ගියා.. දැන් එතෙක් වෙලා මට නොපෙනුන වටපිටාව හොදින්ම පේනවා.. මට පියවරක් ඉදිරියෙන් තව කහ රෝස මලක්.. ඒක අතට ගන්න ලං වෙද්දි තවත් කහ රෝස මලක් ඊට ඉදිරියෙන්.. හරියට මට පාර කියන්න වගේ..

මං ඒ කහ රෝස මල් වැටුන පාර දිගේ ඉස්සරහට ඇවිදන් ගියා.. අවසානය කොතනද කියලා නොදන්න අරමුණක් නැති ගමනක්.. ඒත් මගේ හිත ඒ පාර දිගේ යන්න කිවුවේ මටත් නොදැනිම වගේ.. මුලින්ම හමුඋන කහ රෝස මලත් අතේ තියාගෙන මං ඒ පාර දිගේ ඇවිදන් ගියා.. ඒත් ගමනාන්තය මං හිතුවට වඩා සුන්දර එකක් උනා..

ඒ මං ජීවිතේට නොදැක්ක තරමේ කහ රෝස මල් වලින් පිරුන මල් යායක්.. නෙතට වැටුන ඒ සොදුරු දසුන නිසාමද කොහේද මගේ හිතට දැනුනේ කියා නිමකරන්න බැරි විදිහේ සතුටක්.. අමුතුම හැගීමක්.. ඒක විස්තර කරන්න මට තේරෙන්නේ නෑ.. මල් යාය දිහා බලාගෙන ඉද්දි ඒ මල් යාය අතරින් කවුරුන් හෝ ඈත ඉන්න්නා බව මං දැක්කා.. ඒ රුව ඇදුනේ ගොඩක් ඈතින්.. ඒ නිසාම මට ඒ කවුද කියලා අදුන ගන්න බැරි උනා..

මම තව අඩියක් ඉස්සරහට තියලා මල් යාය අතරින් ඒ රුවට ලං වෙන්න උත්සාහ කලා.. ගමන දිගුයි.. මං ගොඩාක් දුර ඇවිදන් ගියා.. දැනුන මහන්සිය නිසාම මං මොහොතකට නැවතුනා.. ඒත් මං තාමත් එතනම නේද.. ඒ චායාව තාමත් මගෙන් දුර ඈත.. මුකුත් හිතාගන්න බැරුව මං ඒ චායාව දිහා බලාගෙන කල්පනා කලා..

“ ඔයාට මහන්සිද අසංග?”

“ පූජා..”

මගේ මුවින් ඇගේ නම පිට උනේ අහම්බෙන් වගේ.. සැබැවින් අහන්නට පිං නොකලත් සිහිනයෙන් මට කතා කල ඒ හඬ මං කොහොම අමතක කරන්නද?

“ ඉන්න.. මම එන්නම් ඔයා ලගට..”

ටිකෙන් ටික ඈ මං ලගට ඇවිදන් එද්දි බොහෝ කාලෙකින් නොදැක්ක ඒ මුහුණ දකින්න මගේ හිත ඉබේම වගේ පෙරුමන් පිරුවා.. ඒ හැඩකාර මුහුණ ඒ ලස්සන හිනාව අවුරුදු ගානකට පස්සේ මේ නෙත් අද්දර නැවතිලා මං දිහා බලාගෙන ඉන්නවා..

“ ඔයා ආසම කහ රෝස මලක් මට හම්බුනා.. ආ.. අර ගන්න..” මං මගේ අතේ තිබුන කහ රෝස් මල ඇයට දිගුකලා..

“ මං දන්නවා.. ඔයාට මෙතනට එන පාර කියන්නයි මං මේ මල ඔයා එන පාරේ තිබ්බේ..”

ඇය කහ රෝස මල අතට අරගන්න ගමන් මට කියද්දී මගේ හිත නැවතුනේ ඇගේ ස්පර්ෂයෙන් මගේ හිතට දැනුන පහස ලග.. සිවු වසරකට පස්සේ  දැනුනේ මං ඒ ආසා කල උණුසුම නොවුනත් ඒ දැනුන සිසිලසින් මං සැනසුනා.. මං ඇගේ නෙත් දිහාම බලාගෙන හිටියේ කතා කරන්න දේවල් නැතුවම නෙමෙයි.. ඒත් ඒ හැම දෙයක්ම අමතක වෙලා මං ඒ සොදුරු දෑස් දිහාම බලාගෙන හිටියා..

“ ඔයා සතුටින්..”  අපේ නිහඩ බව බිදිමින් ඇය කතාකලා

“ ඔව්.. සමහර විට..”

“ නෑ.. අළුත් ජීවිතයක්.. මීට කලින් නොතිබුන..”

“ ඔව්.. මං පොරොන්දුව ඉශ්ඨ කලා..”

ඇය මං දිහා බලලා හිනා උනා.. ඒ අහිංසක හිනාවේ අදත් කිසිම වෙනසක් නෑ.. කොච්චර දුකක් තිබුනත් ඒක සතුටට හරවන්න ඔයාගේ ඒ හිනාවට පුළුවන් උනා.. ඒ නිසාම වෙන්න ඇති අදත් මම දුකක් දැනෙන වෙලාවට ඇස් පියාගෙන ඔයාගේ හිනාව මතක් කරන්නේ..

“ ඔයා මාව අමතක කලාද අසංග?” එහෙම අහද්දි ඇගේ මූණ වෙනස් වෙනවා මං දැක්කා..

“ නෑ.. මං පොරොන්දුව ඉශ්ඨ කලා විතරයි..”

ඇය හිනා උනා.. මගේ ලගට තව ටිකක් ලං වෙලා මගේ දෙතොලට ඇය සීතල හාදුවක් එක් කලා.. ඒ ආදරය නිසාම මගේ දෑස් පිය උනේ ඒ හාදුව හදවතින්ම විදගන්න..



35 comments:

  1. හ්ම්ම් පොරොන්දුව ඉෂ්ට කළ එක හොඳයි....

    ReplyDelete
  2. හ්ම්ම් මොනා කියන්නද කියලා හිතා ගන්න බැහැ. මටත් ගොඩාක් වෙලාවට හීනෙන පේනවා මන ආදරේ කරන අයව.

    ReplyDelete
  3. කහපාට රෝස මලක තේරුම - සතුට, මිත්‍රත්වය සහ මම ඔයාව රැක බලා ගන්නවා කියන තේරුම.

    ReplyDelete
  4. කසුන් ලොක්කගෙ සින්දුවකුත් මතක් වෙනව කියෝගෙන යද්දි :)

    ReplyDelete
  5. අද නම් මොනවා කියන්නද කියල හිතාගන්න බෑ අයියේ. කොහොම වුනත් පූජා අක්ක ගොඩක් සතුටු වෙන්න ඇති අයිය පොරොන්දුව ඉෂ්ඨ කල එක ගැන. දැන් එයා ඉන්න තැනක සතුටින් ඉඳීවි.

    ReplyDelete
  6. කතාවෙ හුඟාක් හරිය මිස් වෙලා තියෙන්නේ මට....ඒ වනාට අනිත් වත්තෙ චන්ද කතාව අල්ලාගෙන යන්නෙ.

    ReplyDelete
  7. හ්ම්ම්ම්ම්ම්ම්.... :( ස්ංවේදීයි!!! පොරොන්දු දෙන්න ලේසියි.. ඉෂ්ඨ කරන්න අමාරුයි...මොනා වුනත් ඒ පොරොන්දුව ඉෂ්ඨ කරපු එක හොඳයි...

    ReplyDelete
  8. අනේ මන්දා මලේ..කියවන යන කොට ගොඩක් දුක හිතුනා..
    පොරොන්දු වුනාට ඉෂ්ඨ කරන්න අමාරුයි...

    ReplyDelete
  9. කියන්න දෙයක් තේරෙන් නෑ...එත් එක දෙයක් මේ ආදරේනම් මහ පුදුමයි...ආත්මීය බැදීමක්..
    හැමදාම සතුටින් ඉන්න...

    ReplyDelete
  10. හැම පොරොන්දුවක්මම ඉෂ්ට කරන්න පුළුවන්නම්....

    ReplyDelete
  11. @ සයුරි : ඔව් අක්කේ ඒක හිතට ලොකු සැහැල්ලුවක්..

    ReplyDelete
  12. @ වර්ණා : ඒ අපේ ආදරේ වැඩි නිසා නංගී.. ඒකයි එයාලා අපි සිතුවිලි වලට එන්නේ..

    ReplyDelete
  13. @ පැණි දොඩම් : කහ රෝස මලක සතුට කියන දේ තියෙනවා කියලනම් මමත් කලින් අහලා තියෙනවා අයියේ..

    ReplyDelete
  14. @ තනි අලියා : කසුන්ගේ මොන සින්දුවද?? ඒකත් මතක් කලානම් නේ හොද..

    ReplyDelete
  15. @ Kasun : මලයා මම උඹ මේ වගේ කමෙන්ට් එකක් දායි කියලා හිතුවේ නෑ.. මොකද මම මේ ගැන කලින් දාපු හැම වෙලාවකම වගේ "අයියේ ඔය දේවල් අමතක කරපන්" කියලා සද්දයක් දාලානේ ගියේ..

    ReplyDelete
  16. @ Observer : ඔව් ඔබා මාමේ.. මම මේක කතාවක් විදිහට ලිවුවේ මේ අවුරුද්දේ මුල විතර.. පස්සේ දවසක ඒවට ලින්ක් ආයෙම දාන්නම්..

    ReplyDelete
  17. @ හිතුවක්කාරී : ඒක පොරොන්දුවකටත් වඩා අවසාන ඉල්ලිමක් නංගී.. මම ඒක ඉටු කලා උනත් ගොඩක් කාලයක් ගත උනා..

    ReplyDelete
  18. @ රූ : ඒත් අපි පොරොන්දුවක් අනිවාර්යෙන්ම ඉශ්ඨ කරන්න ඕන අක්කේ.. අද එයාට සතුටුයි කියලා මගේ හිතට දැනෙනවා..

    ReplyDelete
  19. @ අසනි : ආයෙම මේ හිතට දුකක් දැනෙන එකක් නෑ අක්කේ.. ආදරේ ගැන මම මොනවා කියන්නද?

    ReplyDelete
  20. @ prasanna86k : ඇත්ත අයියේ.. සමහර වෙලාවට අපිට එහෙම කරන්න බැරි වෙනවා.. ඒත් පුලුවන්තරම් ඒ පොරොන්දුව රකින්න උත්සාහ කරන්න ඕන..

    ReplyDelete
  21. හප්පේ ඇඟත් හිරි වැටෙනව මේවා කියවද්දී.....

    ReplyDelete
  22. මම අහලා තියෙන විදියට කහ රෝස මල කියන්නේ මිත්‍රත්වයේ සංකේතය..

    ReplyDelete
  23. ඔයා එයා වෙනුවෙන් වුන පොරොන්දුව ඉශ්ඨ කල නිසා තමයි පූජා හීනෙන් ඇවිත් ඔයාට ආශිර්වාද කරන්න ඇත්තෙ..මේ කාලෙ ඇත්තටම ආදරේ කරන මිනිස්සු අඩුයි..කෙනෙක් ජීවත් වෙද්දි පොරොන්දු ඉටු කරන්න බැරි මිනිස්සු කොතෙකුත් ඉන්න ලෝකෙක තවමත් ඇය වෙනුවෙන් පොරොන්දු රකින ඔයාගෙ ආදර කතාව හැමෝටම ලොකු ආදර්ශයක්..

    ReplyDelete
  24. අනේ මන්ද.හෑම පොරොන්දුවක්ම ඔහොම ඉශ්ට කරන්න පුලුවන්නම්.පොරොන්දු වුන අය ඔහොම පොරොන්දු ඉශ්ට කරනවන් මම අද කොයිතරම් නම් සතුටින් ඉදිවිද?ලස්සනයි අය්යෙ.මට නම් දුක හිතුනා හුගාක්

    ReplyDelete
  25. ඇත්තටම මොනවා කියන්න ද කියලා හිතා ගන්න බෑ... ජිවිත අත්දැකිමක් විස්තර කරාද කියන්න තරම් මම දන්නේ නැ නේ.. මොනවා උනත් හරිම සංවේදියි.. ඔයා ඔය ලියන රටාවට නම් මම ගොඩක්ම කැමතියි.. :)

    ReplyDelete
  26. මේ අයියේ ... ‍ෆිල්ම් එකක් කරමුද? මේ කතාවෙ... නියමට යාවි..!!

    ReplyDelete
  27. @ අසරණයා : ඔව් ඒක හීනයක්.. ඒත් මගේ ජීවිතේට ගොඩක් සම්බන්ද..

    ReplyDelete
  28. @ ඔබ නොදුටු ලොවක් : අර මොකද ඒ?? මේක සොදුරු සිහිනයක්.. මං දකින විදිහටනම්..

    ReplyDelete
  29. @ Najath Akram : ඔව් කහ රෝස වල තේරුම මිත්‍රත්වය තමයි.. ඒත් ඇය කැමතිම කහ රෝස වලට..

    ReplyDelete
  30. @ සිත්රූ සිහින : මට ජිවිත කාලෙට උනත් ඒ පොරොන්දු රැකගෙන ඒ මතක එක්ක ජීවත් වෙන්න පුලුවන්.. ඒ තරමටම ලස්සන මතකයන් ටිකක් එයා මං වෙනුවෙන් ඉතුරු කරලා ගිහින් තියෙනවා..

    ReplyDelete
  31. @ හිම හංසී : අනිත් අය ගැන මම කියන්න දන්නේ නෑ.. ඒත් අපි පොරොන්දුවක් උනානම් ඒක රකින්නත් පුලුවන් වෙන්න ඕන.

    ReplyDelete
  32. @ චතුමිතු : ඔව් මේක මගේ ජීවිත අත්දැකිමක් තමයි.. ගොඩක් කාලෙකට කලින් මේ ගැන මම ලියලා තියෙනවා..

    ReplyDelete
  33. @ රහස් පරීක්ෂකයා : ප්‍රධාන නිලිය නැතුව මොන ෆිල්ම්ද මල්ලියේ..

    ReplyDelete
  34. පොරොන්දු උනා නම් ඉටු කරන්න ඕනා. පූජා නංගි ගන ලියවෙච්ච ලිපියක් කියෙව්වේ ගොඩ කාලෙකට පස්සේ.

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්