Monday, 12 December 2011

තරුවක් උනා නම් නුඹ


ඈතින් ලස්සනට පායපු හඳ එළිය හෙමින් අඩවන් ජනේලය අතරින් කාමරේට වැටිලා මුළු කාමරේම ආලෝකමත් වෙද්දි නිදි වරිතව මැදියම වෙනකන් දෑස් පියන් පත් හැරගෙන හිටපු මම නිදි නොයෙන යහනට මොහොතකට සමුදිලා ජනේලය කිට්ටුවට් ආවේ හඳ දිහා මොහොතක් බලාගෙන ඉන්න හිතාගෙන.. අද පෝය නිසා පුර හඳ අහසේ ලස්සනට පායලා.. ඒත්, පුර හඳට තනි රකික්ක ආකාසේ එකම තරුවක්වත් නෑ..

සඳළුතලේ දොර ඇරගෙන එළියට ආපු මම හොදින් අහස දිහා බැලූවා  පුර හඳට තනි රකින්න ඈතින්වත් තරුවක් පායලාද කියලා.. නෑ.. මුළු අහසම පාළුවට ගිහින්.. ඒත් හඳ විතරක් තනියම අහසට වෙලා බලාගෙන ඉන්නවා කොහෙන්හෝ තරුවක් හඳේම එළිය අරගෙන හඳට තනි රකින්න ඒවියි කියලා..  

මමත් මේ හඳ වගේම මග බලාගෙන ඉන්නවා මගේ හිතට තනි රැකපු ඔයා මේ තරු වගේම ආයෙම පායා ඒවීයි කියලා.. ඒත් ඒක ඉටු වෙයිද කියලා මං දන්නේ නෑ.. ඒත් බලාපොරොත්තුව තමත් මගේ හිතේ තනි රකිනවා.. අපි කතාබස් කරපු ඒ දවස් ඔයාට තාමත් මතක ඇති.. ඔය කතා කරන නෙතු දිහා මං ගොඩක් වෙලා බලාගෙන හිටපු හැටි තාමත් ඔයාට මතක ඇති..

තාමත් ඉදලා හිටලා ඔයා මේ අවන් හලට එනකම් මං මග බලාගෙන ඉන්නේ හිතේ දහසක් පැතුම් පොදි බැදගෙන.. ඉස්සර දවසට දෙතුන් වතාවක් ආපු ඔයා දැන් එන්නේ බොහෝම කලාතුරකින්.. මිතුදමට එහා ගිය හිතේ රැදුන ආදරය මං ඔයාට කියපු එකද ඔයා මෙහෙම නොඑන්න හේතුව? එදා ඔයා යාළුවෝ එක්ක හිනා උනා මට අදත් මතකයි.. සමහර විට මගේ ආදරය ඔයාට නොදැනුන නිසා වෙන්න ඇති.. මං ඒකට ඔයාට දොස් කියන්නේ නෑ.. ඒත් එදායින් පස්සේ මට ඔයාට එක මොහොතකට හරි කතා කරන්න ඕන උනා.. ඒත්..

මට ආයෙම ඔයා එක්ක කතා කරන්න දෙයක් නෑ නිමේශ්..”

මට සමාවෙන්න පාරමී.. ඒත් එක විනාඩියක් දෙන්න මට..”

බැහැ නිමේශ්.. මට සමාවෙන්න..”

වෙනදටකොහොමද නිමේශ්කියලා හැමදාම අහන්න අමතක නොකරන ඔයා එදා විදිහට අපේ ඇසුරට අවසානයක් තියද්දි මගේ හිත කොයිතරම්නම් දුක් උනාද කියලා ඔයාට නොදැනුනා වෙන්න පුළුවන්.. ඒත් ගැන මගේ හිතේ කිසිම තරහක් නෑ.. අවන්හලට එන සල්ලිකාර දුවක් උන ඔයා මෙතන වැඩ කරන මං වගේ කෙනෙක්ට ආදරේ කරයි කියලා හිතින් හීන දැක්ක ආදරවන්තයෙක් නිසා මම..



දුකම තියා මගේ ලග ඔබ
නික්ම ගිහින් අද ඈත අහසට
සඳක්ව හිනැහෙන ඔබේ මුහුණ දැක
කෙලෙස සගවම්ද කඳුළු මම
ලොවට නොපෙනෙන්නට..

හැමදාම රාත්‍රියට
නොම දිදුලා හිස් අහස යට
පින්බර රාත්‍රියට විතරක්
අවුත් ඔබ නිල් අහස් ගැඹට
ඇයි රිදවන්නේ මගේ හිත
අකීකරු සදවතියේ ඔබ..

හැමදාමත් හැම රෑකම
දිදුළන තරුවක් උනානම් ඔබ
පුළුවනි සැනසෙන්නට
සොයා නුඹෙ රුව
තරු අතර මට..




46 comments:

  1. තරු කියන්නේ ගොඩක් ඈතින් තියෙන දෙයක් නෙ මචන්.ඉතින් හඳ ඒක නොදැන දුර තියෙන තරුවට ආලකම් පාන්න ගිහාම ඔයවගේ විරහවක් උරුම වෙන එක සධාරණයි.කවිය ලස්සනයි මචන්

    ReplyDelete
  2. "දුකම තියා මගේ ලග ඔබ
    නික්ම ගිහින් අද ඈත අහසට
    සඳක්ව හිනැහෙන ඔබේ මුහුණ දැක
    කෙලෙස සගවම්ද කඳුළු මම
    ලොවට නොපෙනෙන්නට...."

    සහතිකව ම සහෝ!

    ReplyDelete
  3. දුක හිතුනා ගොඩාක්,

    ReplyDelete
  4. ලස්සනයි දිනේශ්..

    ReplyDelete
  5. ඇයි යකෝ ආයෙත් කතා කරන්න පුළුවන් විදියේ වැඩක්ද කරලා තියෙන්නේ? :D

    ReplyDelete
  6. හැමදාම වගේ ලස්සනයි මල්ලි.

    ReplyDelete
  7. මල්ලි ලියන කවියට කතාව නම් කියවන්න දිල් හරිම ආසයි...හොඳට ගැලපෙන්න ලියන කතාව උපරිමයි....

    ReplyDelete
  8. api balaporoththu vena vidiyata jeevithe payanne nee aiye..

    ReplyDelete
  9. සඳවතිය නෑවිදින්
    අමතකව පායන්නට
    තරු පාලුවෙන් බව
    බස්සන් බලාසිටින වග
    නොදැනේද කුමරිය
    අන්ධකාර අඹර තනිව
    ඔබ නොපැමිණි සඳ
    සොයන්නට එමි ඔබව
    ගිරි දුර්ග වුවද පසුකොට
    මගේ එකම ආලෝකය
    ඔබ වන නිසාම

    ReplyDelete
  10. ඉර, හඳ, තරු, හ්ම්.......

    ReplyDelete
  11. කතාවෙන් කවියේ රස වැඩි වෙනවා.. කවියෙන් කතාවේ රස වැඩි වෙනවා..අපූරුයි

    තරු අතර හිදිමි ඈ
    නුඹට නොපෙනෙන ලෙසින්

    ReplyDelete
  12. අඩේ කරුණු කාරණා මෙච්චර මෙහෙම තියෙද්දි අැයි බං ලවු ම කරන්නෙ! :(

    ReplyDelete
  13. හරිම ලස්සනයි මල්ලි.

    ReplyDelete
  14. "සඳක්ව හිනැහෙන ඔබේ මුහුණ දැක
    කෙලෙස සගවම්ද කඳුළු මම"

    හරිම ලස්සනයි අයියේ....

    ReplyDelete
  15. ලස්සන කවි සිතුවිල්ලක්

    ReplyDelete
  16. @ කස්සා : ඇත්ත.. ඕක ඉතින් අපිටත් පොදුයිනේ.. අපිත් අපේ හිත් වලට ගොඩක් ඈත අයට ආදරේ කරන්න ගියාම වෙන්නේ ඔය දේමෙනේ..

    ReplyDelete
  17. @ ලහිරු : ඔතන දුක වැඩියෙන්ම දැනෙන්නේ අපිට ආදරේ කරන කෙනා නිතර දකින කොට.. එහෙම නැත්නම් දුක හෙමීට අඩුවෙලා යනවා..

    ReplyDelete
  18. @ වර්ණා : සමහර ආදර කතා ඔහොම තමයි නංගි..

    ReplyDelete
  19. @ පිණිබිදු : තෑන්ක්ස් අක්කේ..

    ReplyDelete
  20. @ Kasun : හිතේ තියෙන ආදරේ කියන එක වරදක්ද බං?

    ReplyDelete
  21. @ නිසූපා : ස්තූතියි අක්කේ..

    ReplyDelete
  22. @ දිල් : ගොඩක් ස්තුතියි අක්කේ.. මටත් තේරුනා.. මගේ කවියක්ම නොවූ සිතුවිල්ලට අක්කගේ කමෙන්ට් එකක් අනිවාර්යෙන් වැටෙනවාමයි..

    ReplyDelete
  23. @ Anonymous : ඇත්ත අපි බලාපොරොත්තු වෙන දේවල් ඒ විදිහටම වෙනවනම් ජීවිතේ මීට වඩා ලස්සනයි..

    ReplyDelete
  24. @ හිරණ්‍ය : අපූරු කවි පිළිතුර යාළුවා..

    ReplyDelete
  25. @ Observer : කවියන්ට නම් මහා ඉල්ලුමක් නේද ඔබා මාමේ??

    ReplyDelete
  26. @ පබලු : ස්තූතියි අක්කේ.. මට මේක පටන් ගනිද්දිත් ඕන උනේ ඔය දේම තමයි.. කවියට අරුතක් කතාවෙන් දෙන්න..

    ReplyDelete
  27. @ තනි අලියා : හ්ම්ම්.. ඒකට නම් මගේ ලගත් උත්තර නෑ.. එක පාරක් ලවු කරලා බලපං.. එතකොට උඹටම තේරෙයි..

    ReplyDelete
  28. @ බට්ටී : ගොඩක් ස්තූතියි අක්කේ.. ගමේ ගිහින් ඇවිත් අපිට විස්තර කියන්නකෝ..

    ReplyDelete
  29. @ හිතුවක්කාරී : ස්තූතියි නංගියෝ...

    ReplyDelete
  30. @ මධුරංග : තෑන්ක්ස් අයියේ..

    ReplyDelete
  31. කොල්ලෝ කියන්නේ දුක් වින්දින්නම උපන් ජාතියක්ද අය කෙල්ලෝ අපි ගැන හිතන්නේ නැත්තේ

    ReplyDelete
  32. “හැමදාම සඳවතිය
    දෙස බලා සුසුම් ලන
    නුඹ දිහා හැමදාම
    බලා සිටි
    තරුව මම“

    හැමදාම වගේ අදත් කවිය ලස්සනයි මලේ..
    සදැස් කවි උත්සාහ කලේ නැද්ද?

    ReplyDelete
  33. තරුවක්ම විය ඇය..
    රෑ අහසේ..
    සඳට ලං විය නොහැකි
    එහෙත්
    දුරින් හිද
    සිනාසෙන..

    දුකයි.. ඒත් ලස්සන නිර්මාණ සිතුවිල්ලක් දිනේෂ්.. :)

    ReplyDelete
  34. අදයි මේ අහ ආවෙ! අපූරු කතා ටිකක්.

    ReplyDelete
  35. ලස්සනට ලියලා තියනවා මලයා ......

    ReplyDelete
  36. @Dinesh
    අපොයි එහෙම එකක් නෑ සහෝ. මම නිකන් කිව්වේ.:)

    ReplyDelete
  37. හිතට දැනෙන්න ලියලා...

    ReplyDelete
  38. @ අසරණයා : ඕවා ඔහොම තමයි බං.. උත්තර නැති ප්‍රශ්ණ...

    ReplyDelete
  39. @ රූ : මේ ඔක්කොම මම කාලෙකට කලින් ලියපු කවි අක්කේ.. දැන් මාස තුන හතරකින්ම් මම අළුතෙන් කවියක් ලිවුවේ නෑ.. දැන් ආයෙම ලියන්න පටන් ගන්න ඕන..

    ReplyDelete
  40. @ නන්දූ :

    දුරින් පායා
    සදවතට ඈතින්
    සිනාසෙන
    තනි තරුවද නුඹ

    ReplyDelete
  41. @ සිත්රූ සිහින : තෑන්ක්ස් නංගී..

    ReplyDelete
  42. @ ඉන්දික උපශාන්ත : අයියගේ බ්ලොග් එකටනම් මම හැමදාම වගේ එනවා.. සාදරයෙන් පිළිගන්නවා අයියේ වර්ණයට..

    ReplyDelete
  43. @ පන්සල් හංදිය : ගොඩක් ස්තූතියි අයියේ..

    ReplyDelete
  44. @ Kasun : ඔහොම ආදරේ හිතේ තියාගෙන නොකියා හිටපු නිසානේ මට කලින් එක්කෙනෙක් මිස් උනේ..

    ReplyDelete
  45. @ සුදු හංසී : ස්තූතියි අක්කේ..

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්