Sunday, 11 December 2011

අපරාදයක් සැගවූවෙමු


මේක එක්තරා විදිහක පාපොච්චාරණයක්.. අපි කීප දෙනෙක් ඇරෙන්න මේ ගැන කවුරුවත් දැනගෙන හිටියේ නෑ.. මේ සිද්දිය උන අවුරුදු 6කට විතර කලින් ඒ දවස මට අදත් ඒ වගේම මතකයි.. මම ඒ සිදුවීම එකින් එක ඔයාලට කියන්නම්..

එදා දිනය කවද්ද කියලා හරි මතකයක් නැතත් කෙනෙක්ගේ ඉරණමේ අවාසනාවන්ත සිදුවීමක් ලියවිලා තිබුනා.. මද්දහන පසුවෙලා තිබුන නිසා අපි හිටියේ අපේ දවල් ආහාර ගන්න ගමන්.. ඔය අතරේ අපේ ගෙදර වත්තට ඇතුළු උන අමුත්තෙක් අපේ ගේ දිහාවට ඉව කරමින් සිටියා.. අපිට එක පාරම ඔහුගේ පැමිනිම නොදැනුනත් අපේ ගෙදර එක්කෙනෙක්ගේ විපරම් ඇසට මේ අමුත්තා හසුවෙන්න වැඩි වෙලාවක් ගියේ නෑ..

එතෙක් වෙලා පැවතුන නිහැඩියාව අවසන් කරමින් ඇරඹුනේ මහා කාලගෝට්ටියක්.. අපි අපේ කෑම පැත්තකට දාලා ගේ ඉස්සරහට දුවන් ගියේ මොකද්ද වෙන්නේ කියලා බලන්න.. අපි ඒ යද්දිත් ඔවුන් දෙදෙනා අතරේ මහා රණ්ඩුවක් ඇති වෙලා තිබුනේ.. ආගන්තුකයා අපි නොදැනුවත්වම ගේ උළුවස්ස ලගටම ඇවිත්.. ඒ රණ්ඩුව නවත්තන්න අපි කොච්චර නම් කෑ ගැහුවත් අපිට සවන් දෙන්න ඔවුන්ට ඕන උනේ නෑ.. ඒ අතරට ගිහින් රණ්ඬුව බේරන්නත් අපිට පුළුවන් කමක් තිබුනේ නෑ.. ඒ අතරේ සිදු උනේ අපි හීනෙකින්වත් නොහිතූ දෙයක්..

ආගන්තුකයාට වැදුන දරුණු පහරකින් ඔහු විසිවෙලා ගිහින් වැදුනේ ඉස්තෝප්පුවේ එක පැත්තක බිත්තියක.. ඒ වැදුන පහරේ වේගවත් කම නිසාම බිත්තිය පුරාත් පොළව මතත් විසිරුන මහා ලේ විලක් මැද ආගන්තුකයාගේ නිසල සිරුර ඇද වැටෙනු අපි මේ හොදින්ම දුටුවා..

“ මොකද්ද ඒ කරපු වැඩේ?” අපේ අම්මා කෑ ගහන්න පටන් ගත්තා.. ඒත් දැන් ඒවයින් වැඩක් නෑ.. මුලින් අපි හිතුවේ ආගන්තුකයා සිහිසුන්ව ඇද වැටුනා කියලා.. ඒත් අපේ ඒ සිතිවිල්ල පරාද කරමින් ඔහු යලි නොඑන ගමන් ගිහින් තිබුනා.. දැන් මොකද කරන්නේ?  ඒ අපේ පළවෙනි ප්‍රශ්ණය..  

ඒ නිසල සිරුර හොර රහසේම වලදාන්න අපි තීරණය කලා.. ඒවාට අවශ්‍ය ක්‍රියා මාර්ග ගැනෙද්දි මමත් අපේ අයියත් කලේ බිත්තියේ හා පොළවේ රැදුන ලේ පැල්ලම් මකා දමන එක.. ඒත් රළු බිත්තියේ රැදුන ලේ පහරවල් මකන්න අපිට ලේසි උනේ නෑ.. කොච්චර උත්සාහ කලත් යාන්තමින් ඒ පැල්ලම පේනවා..

සවස් වන විට ඒ නිසල සිරුර වල දමා අපරාදයේ සියළු දෑ සගවන්නට අපිට හැකි උනා.. ඒත් අර පැල්ලම යාන්තමින් ඉතුරුයි.. ඒ ගැන අපිට තවත් කල්පනා කරන්නට උනා.. අවසානයේ තීරණය උනේ ඒ පැල්ලම මැකෙන්න බිත්තියේ චිත්‍රයක් අදින්න.. අපි එයත් ඒ ආකාරයෙන්ම කලා.. අවසානයේ අපරාදයේ කිසිම සාක්ෂියක් ඉතුරු නොවී හැම දෙයක්ම සහවන්නට අපිට හැකි උනා..

මේ තියෙන්නේ අපේ ගෙදර ඒ ලේ පැල්ලමට උඩින් ඇදුන චිත්‍රය..



හෝව් හෝව්.. දැන් කට්ටිය කලබල වෙලා 119 කතා කරනවා එහෙන නෙමෙයි.. පොඩ්ඩක් ඉන්න ඒ අපරාද කරු කවුද කියලා කියනකම්.. ඔය ඉන්නේ පහලින් එයා තමයි..


එතකොට කවුද මේ ආගන්තුකයා.. හිතාගන්න බෑනේ.. හරි මං කියන්නම්.. ඔය ඉන්නේ පහලින්..


නිකමට හිතන්න මෙයාලගේ මේ රණ්ඩුව අපි කොහොමද නවත්තන්නේ කියලා.. කඹරයත් මගේ හිතේ අඩි 4ක විතර එකෙක්.. අපේ බල්ලා මෙයාගේ බෙල්ල ලගින්ම කටින් අල්ලලා ගහපු පාර තමයි වීසි වෙලා ගිහින් බිත්තියේ වැදුනේ.. හරියට මදුරුවෙක්ව බිත්තියට තියලා තැලුවා වගේ.. ඒත් අපේ එක්කේනාගේ චන්ඩිකම් ඉවර නෑ.. බොහොම අමාරුවෙන් තමයි එයාව මෙල්ල කරගෙන දම්වැල දැම්මේ..

වත්තට මොන සතෙක් ආවත් මෙයාගේ ඇහැ ගැටුනොත් ආයෙම ජීවත්ව යනවානම් බොරු.. ඔය අපේ ගෙදටර ඉස්සරහා තියෙන වත්ත ඒ මිනිස්සු සුද්ද කරන දවස් වලට තමයි මෙහෙම සත්තු අපේ ගෙදරට ඇදෙන්නේ.. ගොඩක් වෙලාවට නයි හිට එනවා ඒ වත්තේ ඉදලා.. නයා කියලා වෙනසක් නෑ.. පෙනේ ලගින්ම හපලා කඳයි ඔලුවයි වෙන් කරලා කෑලි දෙක තියලා තියනවා අපිට පේන්න.. රෑට නිදහසේ ඉන්න නිසා සමහර දවස් වලට උදේ ගේ දොර අරිද්දි දොර ලග පාපිස්ස උඩ මැරිච්ච සත්තු.. වවුල්ලු එහෙම පෙන්නන්න බෑ.. පියාඹන සතා උනත් කොහොම අල්ලනවද මන්දා..

ඒ කොහොම උනත් දැන් අපිට මෙයා නැති පාඩුව නම් ගොඩක් දැනෙනවා.. අවුරුද්දකට කලින් මෙයා මේ හැම වීර කමක්ම නවත්තලා අපෙන් වෙන් වෙලා යන්න ගියා.. ඒ අවුරුදු 12ක මතක අපේ ජීවිත වල ඉතුරු කරලා.. මගේ ජීවිතෙන් හරි අඩක්ම ගෙවුනේ මේ හිතවතා එක්ක.. මට මතකයි එදා අපේ අම්මයි අක්කයි සෑහෙන්න ඇඩුවා.. ගෙදර අම්මයි අක්කයි තනි වෙද්දි අපෙන් එයාලට ලැබෙන්න ඕන ආරක්ෂාව ලබා දුන්නේ මේ සතා.. සතා කියන්න බෑ.. අපේ අම්මා කතා කලේ පුතේ කියලා.. මොහු අපිව දාලා ගිහින් දැන් අවුරුද්දක් උනත් තාම ඒ තැන වෙන කාටවත් දුන්නේ නෑ.. ඒ ඒ තරමටම “රෝමී” අපේ හිතේ රැදුන නිසා වෙන්න ඇති..


51 comments:

  1. තිරිසන් සතෙක් උනත් අමතක කරලා දාන්න බෑරි තරමට අපේ හිතේ බෑදිලා ඉන්නෙ උගේ තියන හොද ගතිගුන නිසා. අපේ සමහර මිනිස්සු කරන වෑඩ දෑක්කම තිරිසන් සත්තු කොච්චර හොදද කියලා හිතෙනවා

    ReplyDelete
  2. හ්ම්ම් ගොඩාක් දුක හිතුනා අන්තිම කොටසට. මගේ බව්වත් මාව දාලා ගියා , මගේ පුසාත් මාව දාලා ගියා, ආපහු නම් සුරතල්ලු එපා. එයාල අපිව දාලා යන දුක ආපහු දරන්න අමාරුයි..

    ReplyDelete
  3. මම ෆෝන් එක අතට ගත්තා විතරයි. හොද වෙලාවට මල්ලි කතාවේ ඇත්ත නැත්ත කිව්වේ.
    මිනිමැරීමක් සිදුකිරීම හා එය සැඟවීම බරපතල දඩුවම් ලැබිය හැකි අපරාදයකි. ඒකට දඩුවම් දිය හැකිය.

    ReplyDelete
  4. විනාඩියකට ටිකක් විතර අඩු කාලයකට උඹ,මගේ හිතේ දරුණු අපරාධ කාරයෙක් වුනා.

    ReplyDelete
  5. සමහර කකුල් දෙකේ මිනිස් සත්තු ලග නැති හොද ලක්ෂන ඔය කකුල් හතරේ සත්තු ලග තියෙනවා..අපේ ගෙදරත් හිටිය බලු යාලුවන්ට කතා කරේ දුවේ පුතේ කියලා...ඒත් ආයෙනම් කවදාකවත් අපේ ගෙදර බලු යාලුවෙක්ට නිවහනක් වෙන එකක් නෑ..මොකද ඒ වෙන්වීම දරා ගන්න පුදුම අමාරුයි..

    ReplyDelete
  6. කොල්ල වහේමයි එහෙනම් බල්ලත් ආ!සෙල්ලම් නෑ!

    ReplyDelete
  7. ඔය වගේ සත්තු ඉන්නවා මල්ලි, නිකං පවුලේ කෙනෙක් වගේ ......

    ReplyDelete
  8. හම්මටසිරි බං! කබරය එච්චර පවර්ෆුල් සතෙක්ද? :O :O :O
    ඔයාගෙ බල්ල ගැනනං දුකයි. එයා හොඳ තැනකට යන්න කියල මමත් පතනව(එහෙම වෙනවනං)! :)

    ReplyDelete
  9. යාළුවෙකුට සලකන්න පුළුවන් ලස්සනට එයා ගැන ලියලා..කියවන අයත් ආදරේ වෙනවනේ..
    රෝමිගේ පෝස්ටුවත් ඒවගේ එකක්..ලස්සනයි..

    ReplyDelete
  10. මට මගේ රැන්ඩියාව මතක් ව්උනා.. :'( එයා මැරුනා මීට මාස කීපයකට කලින්. එයත් එහෙමයි.. ඔය වගේ හුගාක් මතක හිටින වැඩ කරලා තියෙනවා..

    මම බය වුනා කතාවෙ මුල ටික කියවන් එද්දි:D මොනා වුනත් තිරිසන් සත්තු වුනත් හුගාක් අපේ ජීවිත වල මතක අතරට දේවල් එකතු කරන්වා..

    ReplyDelete
  11. බල්ලෙක් ගෙන් වෙන සේවය කොතෙක්ද කියා නිමකරන්න බෑ.පියාඹන බල්ලෙක් ගැන ඇහුවෙත් අදයි.උඹේ බල්ලට නිවන්සුව !!

    ReplyDelete
  12. @ රෙප් මහත්තයා : ඔව් යාළුවා.. සත්තු ලග ගොඩක් හොද ගුණ තියෙනවා.. මනසින් උසස් යැයි කියන මිනිස්සුන්ට වඩා..

    ReplyDelete
  13. @ වර්ණා : අවසානයේ කවුරු උනත් අපෙන් වෙන් වෙලා යනවා නංගී.. රොමියගේ නික්මීම ඇත්තටම අපිට තාමත් දුකක්..

    ReplyDelete
  14. @ මධුරංග : හම්මේ හොද වෙලාවට මං එහෙනම් ඇත්තම කිවුවේ.. නැත්නම් මෙලහකටත් අපේ හෙදර අය හතරවෙනි තට්ටුවට නග්ගලා..

    ReplyDelete
  15. @ කස්සා : මේ මම?? මට මදුරුවෙක්වත් මරන්න බෑ මචං.. ඒ තරමටම අහිංසකයා..

    ReplyDelete
  16. @ අසනි : ඔව් අක්කේ අපිත් එයාගේ ගේත් වෙන කෙනෙක්ට දිලා දැම්මා.. ඒ ආයෙම තව කෙනෙක් හදන්නේ නෑ කියලා.. ඒ තරමටම අපේ ගෙදර රොමීට ආදරෙයි..

    ReplyDelete
  17. @ Sabith : බල්ලා එහෙම උනාට මේ කොල්ලා අහිංසකයා.. :)

    ReplyDelete
  18. @ පන්සල් හංදිය : ඔව් කල්හාර අයියේ.. ඔතනින් වැඩියෙන්ම දුක අපේ අක්කට.. එයා තමයි රොමියගේ වැඩ ඔක්කොම කලේ..

    ReplyDelete
  19. @ තනි අලියා : මං නම් බය උනේ කඹරයා උගේ වල්ගෙන් ගහාවි කියලා.. එහෙනම් රොමියටත් තුවාල වෙනවා.. කඹරයාගේ වල්ගේ ගැන ඉතින් කියන්න ඕන නෑනේ..

    ReplyDelete
  20. @ රූ : ඇත්තටම අක්කේ රොමියා අපි හැමෝගෙම හොද යාළුවෙක්..

    ReplyDelete
  21. @ හිතුවක්කාරී : ඇයි ඔයත් කෝල් එකක් දෙන්නද ලෑස්ති උනේ 119ට..:) මෙයා ගැන ඉතින් කියනවනම් තව සෑහෙන දේවල් ලියත් හැකි.. පොඩි එකා කාලේ ඔයිට වඩා අපූරු වැඩ කලා..

    ReplyDelete
  22. @ අසරණයා : ඒකනම් ඇත්ත.. ඇත්තටම මේකා වවුල්ලු කොහොම ඇල්ලුවද මන්දා.. උදේට මැරිච්ච වවුලා තමයි අපි දකින්නේ..

    ReplyDelete
  23. අම්මෝ කබරයෙක්ට එහෙම කලා කියන්නෙ මාරම නිර්භීත සත්වයෙක්නෙ.අපේ එක්කෙනානම් ලගටවත් යන්නෙ නෑ.බාවෙන් පාරක් වැදුනානම් ඉවරයි නේ.

    මොනවා වුනත් හරිම ලස්සන බල්ලෙක්.සමහර වෙලාවට මනුස්සයින්ටත් වඩා උන් අපිට ලං වෙනවා.බල්ලා කියන්නෙ හරිම ගුනේ තියෙන සතෙක්. අපේ ගෙදර ඉස්සෙල්ලා හිටපු කෙනා අපේ ගෙදරට පිට කෙනෙක්ට එන්න දුන්නෙ නෑ.අනේ ඒ හින්දම ඌව වස දීලා මැරුවානෙ. :'((((

    ReplyDelete
  24. අපේ ගෙදරත් සත්තු හැදිල්ල ටික කාලෙක ඉඳල අතහැරදාල තියෙන්නෙ ඔය වැඩේ හින්දම... තවමත් අපි පරණ පින්තූර හෙම බල බලා දුක් වෙනවා...

    ReplyDelete
  25. ඒකටත් එක්ක අපේ බල්ලා...වැරදිලාවත් වත්තට සතෙක් ආවොත් ඌ ව සෙල්ලමට අල්ලගන්න තමයි හදන්නේ...හරිම සමාජශීලි බල්ලෙක්..හි හි...මම හිතන්නේ ඌ බලු සමාජෙන් නෙරපපු බල්ලෙක්ද කොහෙද...ඒකනේ අනිත් සත්තු පස්සේ යන්නේ...

    ReplyDelete
  26. දුකේ බෑ මේක බලලා මම අවුරුදු ගානක් ආදරෙන් හදාපු මගේ බලු නාම්බත් කවුදෝ මන්දා මංපහරන්නෙක් විසින් පැහැරගෙන ගිහිල්ලා නෙව . අපේ එකා හරි හුරතල් ඒක නිසා ඌ හැමෝ එක්කම හුරතල් වෙන්න ගිහිං අපිව දමා යන්න ගියා . ආයේ නම් මම සත්තු ඇති කරන්නේ නෑ කියලා හිතා ගත්තා ඊට පස්සේ .

    ReplyDelete
  27. බැල්ල ඒ ෆයිට් එකෙන් බේරුනා නං උගේ වාසනාවක්, මං අහල තියෙන විදියට. බල්ලෙකුට ලේසියෙන් බැරිලු, කබරයෙක්ව පරද්දන්න වලිග පාරෙන් බේරිලා.

    ReplyDelete
  28. අපේ අම්මට දවසක් කබරයෙක් ගැහුවා නැට්ටෙං ..අත තුවාල උනා..පස්සේ තාත්තට ඟදක් ඇවිල්ලා හොයනකොට හම්බෙලා මැරිච්ච කබරයව..කච්ද ඌව මරලා...මම නං ඌට කළු ගල් තඩියකින් ගැහුවේ නෑ...

    ReplyDelete
  29. @ නිසූපා : මමත් බයෙන් හිටියේ එහෙම වෙයි කියලා තමයි අක්කේ.. ඒත් වාසනාවට වගේ අපේ එක්කෙනාට එහෙම දෙයක් උනේ නෑ.. මෙයාගේ තව ලස්සන ඒවා තියෙනවා අක්කේ මාත් ඉන්න.. කොල්ලයි බල්ලයි අදුන ගන්න බැරි වෙන නිසා දන්නේ නෑ..

    වස දීලා මැරුවා.. ඒ කවුද අක්කේ.. මට මරම දුකක් ආවේ ඒක ඇහුවම..

    ReplyDelete
  30. @ Music girl : අපේ ගෙදරත් ඔහොම තමයි.. හොද වෙලාවට මේ පින්තුර මං ගාව තියෙන්නේ.. තාත්තා කිවුවා අක්කටනම් පෙන්නන්ත් එපා කියලා..

    ReplyDelete
  31. @ සයුරි : ඒවා නම් කියන්න බෑ.. මෙහෙ ඉන්න බල්ලොත් ඔහොම තමයි.. දවසක් දැක්කම ඇති.. ඊට පහුවදා ඉදන් යාළුයි..

    ReplyDelete
  32. @ හිස් අහස : මම ඒ පොස්ට් එක කියෙවුවා සදරුවෝ.. දුක් වෙන්න එපා.. ඌ හොද තැනක ඇති කියලා හිතලා හිත හදා ගන්න..

    ReplyDelete
  33. @ Observer : ඔව් ඔබා මාමේ.. මගේ හිතේ එතනට අපිත් ආපු නිසාද කොහේද කබරයා බැළුවේ මාරු වෙලා යන්න.. ඒත් ඌට එහෙම කරන්න බැරි උනා..

    ReplyDelete
  34. @ ඔබ නොදුටු ලොවක් : ඒ තුවාලය ටික කාලයක් යද්දි ගොඩක් දරුණු වෙනවා කියලා මං අහලා තියෙනවා.. එහෙම දෙයක් අම්මට උනේ නෑ කියලා මං හිතනවා..

    හරි හරි ඔන්න මමත් ඒ ගැන කාටවත් කියන්නේ නෑ..

    ReplyDelete
  35. පොලෝසි ගෙනියන්න ඕනෙ වැඩක්නේ....!

    ReplyDelete
  36. තාමත් අතේ ඒ කැළල තියෙනවා ....

    ReplyDelete
  37. කබරයා බල්ලොත් එක්ක පුදුම තරහක් තියෙන්නෙ. අපේ බල්ලොත් පන්න පන්න බුරන්නෙ. ඒ වගේම කබරයා වලිගෙන් කීස් ගාලා පාරක් ගහනවා. ඒක වැදුනොත් නම් කැපිලා ලේ එනවා.

    ReplyDelete
  38. අපෙත් හිටියා ඔය වගේ ෂෝක් සාමාජිකයෙක්.. ගැරඬි 9යක් මැරුවා.... ඒත් 10 වෙනියට අල්ලන්න ගිහින් තියෙන්නේ පොළගෙක්ව... පොළොන් විෂට මැරිලා හිටියා 2006 වෙසක් දවසේ.. ඊට පස්සේ අපේ ගෙදර අද වෙනකන් බල්ලෙක් ඇති කරේ නෑ.. :(

    ReplyDelete
  39. මම නම් 119 ඩයල් කරගෙනමයි කතාව කියවන්න ගත්තේ. කොහෙද ඉතින් වැඩක් නෑ නේ. මිනිස්සු ඇරුනම මිනිස්සුන්ට ඉන්න ලඟම යාළුවා ඉතින් බල්ලනේ. වෙලාවකට මිනිස්සුන්ට වඩා හොඳ යාලුවෙක් බල්ලා කියන්නේ.

    ReplyDelete
  40. @ prasanna86k : කාවද අයියේ බල්ලවද??

    ReplyDelete
  41. @ ඔබ නොදුටු ලොවක් : ලොකු අනතුරක් නොවුන එක හොදයි.. ඇත්තටම මොකෝ අර කඹරයට තඩි ගලකින් ගැහුවේ.. හිතේ කේන්තියටද??

    ReplyDelete
  42. @ පිණිබිදු : මම නම් අහලා තියෙනවා ඇග වෙන් වෙන්නම ඔය පාර වැදුන බල්ලෝ ගැන.. කඹරයෝ වගේම අනිත් බල්ලන්ට පෙන්නන්න බැරි කට්ටිය තමයි තලගොයි..

    ReplyDelete
  43. @ Ice (අයේෂා කුලතුංග) : අපේ එක්කෙනාටනම් විස දැනෙන්නේ නැද්ද කොහේද.. ඒකනේ නයාගේ පෙනේ ලගින්ම ඔළුව වෙන් කරලා තියන්නේ..

    ReplyDelete
  44. @ Kasun : 119 ඩයල් කරගෙනම කතාව බැළුවනම් මම ඇත්ත සීන් එක කියනකොට අනිත් පැත්තෙන් පොලෝසියේ අංකල් කෙනෙක් ආන්සර් කලේ නැද්ද? කොච්චර එකට හිටියත් උඹලා හදන්නේම අපිව මාට්ටු කරන්නනේ...

    ReplyDelete
  45. මටනම් හිතෙන්නේ ඔය පරණ ණයකාරයෝ කියලයි. ඒත් ඒ ගොල්ලෝ අපට ණයද අපි ඒ අයට ණයද කියලා හොයාගන්න බැරිඑක තමයි ගැටළුව.

    කොහොම උනත් ගෙදරට ගොඩවෙනකොට අපව පිලිගන්න, අපගේ පැමිණීම බලාපොරොත්තුවෙන් පුලපුලා බලා ඉන්න තවත් සාමාජිකයකු තමයි බල්ලාය කියන්නේ.

    ReplyDelete
  46. කියවගෙන යත්දි නම් මාත් බයවුනා මොකක්ද මේ කියන්නෙ කියලා. ගොඩක්ම බය හිතුනෙ බිත්තියෙත් පින්තූරයක් ඇඳපු ටික කියවත්දි. කොහොම උනත් හිතට දැනෙන්නම ලියලා තියනවා. අපේ චූටිත් ගැරඬි මරනවා බේරන්නම බෑ. දඬු ලේන්නු ගස් වල යත්දි බලන් ඉන්නෙ අල්ල ගන්න.

    ReplyDelete
  47. අපේ ගෙදරත් ඔය වගේ චන්ඩියෙක් ඉන්න නිසා මට නම් හිතුනා. අපේ ගෙදර ඉන්න එක්කෙනත් තලගොයි එහෙම බඩ මැදින් උස්සන් වත්ත පුරා දුවනවා. පූසෝ එහෙම අහුවුනොත් ඉවරයි. හැබැයි තාම නම් එකෙක්වත් මරණ්න දුන්නැ අපි. අසාධ්‍ය තත්වයෙන් හරි බේරලා ඇරලා තියනවා.

    ReplyDelete
  48. මන් හිතුවා මෙයා මගේ ජොබ් එකට බැහැලා කියල..... අතඩංගුවට ගන්න හැඩුවේ ඇවිත්..,

    ReplyDelete
  49. සත්තුන්ගෙ ලෝකේ ඔහොම තමයි බං... මොනව කරන්නද...

    ReplyDelete
  50. මචං බල්ලෙක් කියන්නේ ඇත්තටම මාර සතෙක් බං! බලු වැඩ කිව්වට බල්ලා කවදාවත් නරක වැඩ කරන්නේ නෑ! ඌ තමන් ඉන්න ගෙදර එවුන්ට මාර ආදරෙයි! හම්! දුකයි බං! උඹේ රෙමී ගිය තැනක හොදින් ඇති කියලා හිතමු මචං! දුකයි!

    ReplyDelete
  51. දුකයි ,., මටත් ඉන්නව බ්‍ර්වුනි කියල බැල්ලියක්,., අපේ පවුලෙ කෙන්ක් වගේ හරිම හුරතල්,., හරිම සැරයි ,., එයත් අපෙන් කවද හරී මේ විදියට යයිද,., ? දුකයි අප්පා " ප්‍රිය විප්පයෝගෝ දුක්කෝ "

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්