Friday, 9 December 2011

වහල්ලු - පස්වන දිගහැරුම


පළවෙනි කොටස     දෙවෙනි කොටස   තුන්වෙනි කොටස    හතරවෙනි කොටස

නාම යෝජනා බාර දී වත්තට සුනිල් ඇතුළු පිරිස එනතුරු වත්තේ අය බලාගෙන සිටියේ නොඉවසිල්ලෙනි.. ඔවුන් හැම කෙනෙක්ම වාගේ වත්තට පිවිසෙන ප්‍රදාන පාර ලගට එක්වූයේ තම ඉරණම වෙනස් කරන්නට පළමු පියවර තබන තමන්ගේම එකෙක් පිළිගැනීමේ ආශාවෙනි.. සුනිල්ලා උදේම නික්ම ගිය වෑන් එක පාරේ අනිත් කෙලවරින් මතු වෙද්දි ඔවුන් කෑගසමින් ප්‍රීති වන්නට වූයේ නිසාවෙන්ය..

මොකද උනේ ගුණේ මල්ලි.. අපේ කොල්ලගේ වැඩේ හරිද?”

නාමයෝජනා දුන්නා කමලා අක්කේ.. දැං ඉතින් ඉතුරු අපි උඹලගේ වැඩ ටික පටන් ගන්න තමයි..”

උඹ දිනනවා මගේ පුතේ..”

කමලා තම පුතුගේ මුහුන සිඹ වැලද ගත්තේ ඇගේ හිතින් උතුරා යමින් තිබුන සතුට නිසාවෙන්ය.. ගාමිණිලා ඇල්බට්ලා සුනිල්ගේ දෑත මෙන් දෙපැන්තෙන් සිට ඔහුට ශක්තියක් වූයේ පිය නගන මගේ අවදානම හොදින්ම දන්න නිසාය..

අපි එහෙනම් අද ඉදන්ම වැඩේට බහිමු නේද අයියේ?”

ඔව් රාජ්.. උඹ කලින් වතාවලත් කලා වගේ කොල්ලො ටික එක්ක පෝස්ටර් වැඩේ පටන් ගනින්.. හවස් වෙද්දි අපේ ගෙවල් පැත්තේ වරෙන්.. මේ ටික ලෑස්ති කරලා තියන්නම්..”

ඔය පෝස්ටර් වැඩ වලට ලොකු ගාණක් යාවි නේද ගාමිණි මල්ලී?”

මං ඒවා ලෑස්ති කරලා තියෙන්නේ අක්කේ.. ඊයේ පෙරේදා ඉදන් මං කොල්ලො ටිකක් දාලා ඒවා අතේම ලියෙවුවා.. ඒතකොට වියදම අඩුයි..”

ඒක හරි ගාමිණියෝ.. මාත් උඹට ගැන කියන්න හිටියේ.. ඔය පොඩියට ගහන කොල ටිකක් මටත් දියන්.. මට එතකොට ඒක බස් වල මිනිස්සුන්ට දෙන්න පුළුවන්..”

හරි ගුණේ අයියේ මම ඒක කරන්නම්.. ඒත් උඹට ටික දවසකට බස් වල සින්දු කියන්න යන්න නම් බැරි වෙයි..”

ඒකනම් කමක් නෑ ගාමිණියෝ.. ඒත් අපි කොල්ලගේ ආරක්ෂාවට කවුරුහරි හැමතිස්සෙම තියන්න ඕන..”

කොල්ලා එක්ක මං ඉන්නවා ගුණේ අයියේ.. මංත්‍රීතුමා ගැන මං හොදින්ම දන්නවනේ..”

හරි එහෙනම් අපි රෑ වෙලා එකතු වෙලා ඊළගට කරන්න දේවල් ගැන කතා කරමු..”

.................................

රණවීර මන්ත්‍රී තුමා.. සුනිල් ඔබතුමාට විරුද්ධව චන්දේ ඉල්ලන පාටයි..”

සුනිල් වගේම චන්ද වැඩ ගැන කතාකරමින් උන් රණවීරගේ නිවසට පැමිණි ගෝලයෙක් ඔවුන්ගේ කතාවන් වලට මැදි වෙමින් අළුත්ම ආරංච්ය රණවීරට පවසා සිටියේය..

මොනවා.. උඹට කවුද කිවුවේ?”

මට ඔය වත්තේ තැන් තැන් වල අහුනා..”

 “ ගනින් බලන්න ගාමිණියට කෝල් එකක්..”

ඌටත් කතාකරලා වැඩක් නෑ මංත්‍රීතුමා.. ගාමිණියා තමයි එතන බැහැලා වැඩ කරන්නේ..”

“ එහෙම වෙන්නේ කොහොමද?”

“ ඌ ඔබතුමාව රවට්ටලා මට හිතෙන්නේ..”

“ හ්ම්ම්.. ඒකත් එහෙමද? හරි අපි බලමුකෝ මොකද වෙන්නේ කියලා..”

“ ඔබතුමා කියනවනං  දැං උනත්..”

“ නෑ.. නෑ.. හදිස්සි වෙන්න එපා.. අපි සතියක් දෙකක් බලමු.. තාම කවුරුවත් ලොකුවට වැඩ පටන් ගත්තේ නෑනේ.. මම කොහොමත් ඒ වත්තේ රැස්වීමකට යන්නත් හිතන් ඉන්නේ..”

“ මේ දේවල් මෙහෙම් ගියොත් නම් ඔබතුමාට එහේ යන්න වෙන්නේ නෑ.. මුළු වත්තම සුනිලගේ පැත්තේ..”

“ හ්ම්ම්.. එහෙනම් මේක තව කල්  ඇරලා හොද නෑ.. උඹ සෝමෙට කෝල් එකක් ගනින්කෝ..”

“ සෝමේ මේ දවස් වල ඇතුලේ ඉන්නේ මන්ත්‍රීතුමා..”

“ ඇතුලේ.. අර මොනවා කලාටද? හරි ඒකට කමක් නෑ.. මං ඒ ගැන ඇමති තුමා එක්ක කතා කර ගන්නම්.. එතකන් උඹලා වත්ත ගැන ඇහැ ගහන් ඉන්න ඕන.. වත්ත මට විරුදධ උනා කියන්නේ මගේ ජන්ද ගොඩක් මේ පාර අඩු වෙනවා.. ඒක වෙන්න කොහොමවත්ම ඉඩ තියන්න බෑ..”

කේන්තියෙන් පසුවූ රණවීර එතන සිටි අනිත් අයටද වත්ත ගැන වැඩි අවදානයක් යොදන්නට උපදෙස් ලබා දුන්නේ ඔවුන් සුනිල්ගේ පැත්ත ගතහොත් තම්න්ට අත්වන ඉරණම ගැන හොදින්ම දැන සිටි නිසාය..

..........................

“ ගුණේ අයියේ අපි කොහේද පළවෙනි රැස්වීම තියෙන්නේ?”

“ වෙන කොහේද බං.. මේ වත්තෙම මිසක්.. කොල්ල ඉස්සරහට කරන්න ඉන්න දේවල් ගැන ඉස්සෙල්ලාම අපේ අයට කියලා ඉමු..”

“ ඒත් ගුණේ අයියා වත්තෙන් පිට ඔය ලොකු ගෙවල් වලනම් ජන්ද අපිට ගන්නවා බොරු.. ඒවා යන්නේ රණවීරටම තමයි..”

“ හ්ම්ම්.. ඔව් ඇල්බට් ඒකත් ඇත්ත.. ගාම්ණියත් ආවම ඌ එක්ක මේ ගැන කතා කරලා බලමු මොකද කරන්නේ කියලා..”





30 comments:

  1. එන්න එන්නම තත්ත්වය උණුසුම් වෙනවා වගේ..

    ReplyDelete
  2. වැඩේ නැගලම යන පාටයි....හෙහ්...හෙහ්...

    ReplyDelete
  3. අනෙකා කපාගෙන නැගිටීම ගැන කතාවක්. අපි ඔ්ව පුරුදුවෙන්නෙ පොඩි කාලවලදිමයි!

    මම දැකල තියනව සමහර ශිෂ්‍යනායකයො තනතුරු ගන්න අනිත් එකාව කපාගෙන ගුරුන්ට පන්දං අල්ලගෙන වැඩකරන හැටි.

    අනිත් අතට කොල්ල උනත් ඡන්දෙං දිනුවට පස්සෙ මොන අතට යයිද කියන්න බෑනෙ!

    ReplyDelete
  4. අයියා කාගේ හරි බෙල්ලකට ගේමක් දෙන්නද හදන්නේ.... ඔහොම යමුකො බලන්න..

    මේ මාත් ඡන්දේ ඉල්ලල තිනවා...අනේ සිරාවටම!!

    ReplyDelete
  5. අහ උද්වේගකාරී.. ඉක්මනින් ඉතිරියත් දාමු...

    ReplyDelete
  6. අපොයි...තත්වය බැරෑරුම් වගෙයි... සුනිල් ඉවර කරන්නද යන්නේ...

    ReplyDelete
  7. අද තමයි කතාවට එකතු වුනේ..ගොඩක් හොඳින් ලියනවා සහෝදරයා..දිගටම කියවනවා

    ReplyDelete
  8. දේශපාලන පොරපිටිය නියමෙට විස්තර කරලා තියෙනවා....

    බලමුකෝ ඉස්සරහට.....

    ReplyDelete
  9. කළුගලේ ඔලුව ගහගන්න වගේ හදන්නේ...

    ReplyDelete
  10. වම්බොට්ටත් මලානේ ..කස්ටිය ඕනේනං කියන්න..එන පොර හරි නෑ වගේ....

    ReplyDelete
  11. අප්පොච්චියේ, සුනිල්ට ජීවිතේ ගැන ලොකු තර්ජනයක් තියේවි වගේ.

    ReplyDelete
  12. හ්ම්ම්, බලමුකෝ...

    ReplyDelete
  13. ඔන්න අද ඉදල තමයි මමත් කතාව කියවන්නෙ..කතාවනම් අපූරුයි ..බලමුකො මොනවද වෙන්නෙ කියල..ඔන්න මගේ ඡන්දෙත් සුනිල්ට :)

    ReplyDelete
  14. මුදලාලි මහත්තුරු ටික සපොර්ට් කරන්නෙ කාටද මම එ පෑත්තෙ. ඔය මන්ත්‍රි තුමාට මෙ දවස් වල පොඩි උන්ට බෙදන්න පොත් එහෙම ඔනද දන්නෙ නෑ නේ...

    ReplyDelete
  15. මුදලාලි මහත්තුරු ටික සපොර්ට් කරන්නෙ කාටද මම එ පෑත්තෙ. ඔය මන්ත්‍රි තුමාට මෙ දවස් වල පොඩි උන්ට බෙදන්න පොත් එහෙම ඔනද දන්නෙ නෑ නේ...

    ReplyDelete
  16. @ සයුරි : ඔව් අක්කේ.. ඔන්න චන්දේ දාන්න එන්න ඕන..

    ReplyDelete
  17. @ Observer : ඔව් චන්ද උණුසුම... :)

    ReplyDelete
  18. @ තනි අලියා : ඇත්ත අපිත් ඉස්ක්කෝලෙ ඔවා දැක්කා.. පන්ති නායක කම් වගේ ඒවා බෙදෙද්දි..

    ReplyDelete
  19. @ රහස් පරීක්ෂකයා : මං කාට ගේමක් දෙන්නද බං.. ඒ කවද්ද මලයා චන්දේ ඉල්ලුවේ??

    ReplyDelete
  20. @ වර්ණා : අනිත් කොටස දාන්නම් ඉක්මනට.. චන්ද ප්‍රචන්ඬ ක්‍රියා පටන් ගන්න හදන්නේ..

    ReplyDelete
  21. @ නිසූපා : ඒ ගැන පස්සේ කියන්නම් අක්කේ..

    ReplyDelete
  22. @ ජනරඟ විජඉදු දේවසුරේන්ද්‍ර : ස්තූතියි යළුවා.. දිගටම එකතු වෙන්න..

    ReplyDelete
  23. @ මහී : මේ දේශපාලන පොරපිටිය නම් හරියටම විස්තර කරන්න බැරි වෙයි.. ඒත් පුළුවන් තරම් හොදින් උත්සාහ කරනවා..

    ReplyDelete
  24. @ ලහිරු : කවුද සුනිල්ද එහෙමත් නැත්තම් වත්තේ හැමෝමද??

    ReplyDelete
  25. @ ඔබ නොදුටු ලොවක් : කට්ටිය තව ඕන වෙනවා චන්ද උණුසුම ඉහල යද්දි.. එතකොට අපි එකතු වෙමු..

    ReplyDelete
  26. @ Kasun : චන්දේ ඉල්ලන කාටත් ඔය තත්වේ තියෙනවා මල්ලී..

    ReplyDelete
  27. @ හිරණ්‍ය : උපේක්ශාවෙන් බලා ඉමු නේද?

    ReplyDelete
  28. @ සිත්රූ සිහින : කතව කියවන්න ආදරයෙන් පිළිගන්නවා.. එහෙනම් සුනිල්ට තව එක චන්දයක් තියෙනවා..

    ReplyDelete
  29. @ රෙප් මහත්තයා : ඒ කියන්නේ යාළුවා දිනන පැත්තේ.. බලමු ඉදිරියේ ඕන උනොත් මං කියන්නම්..

    ReplyDelete
  30. හ්ම්ම්ම්ම්ම්... මට මග හැරුණූ මේ කොටසත් එක්ක අදයි කියෙව්වෙ ඔක්කොම ටික.:) මගේ මනාපෙත් සුනිල්ට ;)

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්