Monday, 5 December 2011

අපේ පළවෙනි රණ්ඬුව


අද කියන්න යන්නේ අපේ ඉස්කෝලේ මතකයක් ගැන.. මීට කලින් මම ලිවුවනේ අපේ පෙම් හසුන ගැන. මේකත් ඒ වගේ සාමූහිකව උන වැඩක් තමයි.. ඒ වෙන මොකකටවත් නෙමෙයි.. අපේ පළවෙනි රණ්ඬුව.. අපි ඉස්සෙලාම කියලා තවත් පන්තියක් එක්ක ප්‍රශ්ණයක් හදා ගත්තේ 7 වසරේ ඉන්නකොට.. අපි රණ්ඬු උනෙත් වෙන කා එක්කවත් නෙමෙයි අපේ අනිත් ක්ලාස් එකත් එක්ක.. කතාව උනේ මෙන්න මෙහෙමයි..

මට මතක හැටියට ඒක අපිට ගුරුවරයෙක් පන්තියට ආපු නැති පීරියඩ් එකක් හෝ විවේක කාලය.. හරියටම ශුවර් නෑ ඒක.. මම ගියේ ලොකු ඉස්කොලෙකට නෙමෙයි.. සාමාන්‍ය පොඩි ඉස්කොලෙකට.. පොඩි කිවුවට ඒක මහා විද්‍යාලයක්.. සමහර පහසුකම් අතින් නම් ටිකක් විතර පස්සෙන් හිටියේ.. කොළඹ පාසලක් උනත්.. අපේ පන්තිය තබුන හරියට අපි කිවුවේ මායිම් ගම්මාන කියලා.. ඒ මොකද අපේ ඉස්කෝලෙට තාප්පයක්වත් කම්බි වැටක්වත් නෑ.. ඉතින් ඔහේ ඇවිදන් යනකොට දන්නෙම නැතුව ඉස්කෝලේ අල්ලපු වත්තේ.. හරි කතාවට එමුකෝ..

අපි හිටියේ ඔය මායිම් ගම්මානෙට වෙන්න.. අපිට ඒ දවස් වල හෙනම වොලිබෝල් පිස්සුව.. ලොකු අයියලා සෙල්ලම් කරන දිහා බලාගෙන ඉන්නේ මාරම ආසාවෙන්.. ඉතින් ඔය එදා නිකන් වේලි වේලි හිටපු වෙලාවේ අපි පන්තියේ කොල ගුලි කරලා සෑහෙන ලොකු බෝලයක් වගේ එකක් හදාගෙන නිකන් සෙල්ලම් කර කර හිටියේ.. අපේ පන්ති වෙන් කරලා තිබ්බේ අඩි 7ක් විතර බිත්ති වලින්.. ඉතින් අපි ඔය කොල වලින් හදපු බෝලේ සෙල්ලම් කර කර ඉද්දි ඕක වැරදිලා ගියා එහා පන්තියට..

අපි ඉතින් ටික වෙලාවක් බලාගෙන හිටියා ඕක ආයෙම මේ පැත්තට වැටෙනකම්.. විනාඩි පහක් විතර ගියා.. මුකුත් නෑ.. අපිත් බලාගෙන හිටියා බිත්තිය උඩින් ආයෙම මේක එනකන්.. අපි බලාපොරොත්තු උන විදිහටම බෝලේ ආයෙම ආවා.. හැබැයි ආවේ අපි කොල එකතු කරලා හදපු බෝලේ කොල වෙන වෙනම ගලවලා මහා කුණු ගොඩක් විදිහට.. දැන් අපිටත් හෙනම කේන්තියි.. අපිත් අපට නෙමෙයි වගේ ආයෙම අර කොල ටික දැම්මා බිත්තියෙන් එහා පැත්තට.. ආයෙම ටිකකින් ඒ පැත්තෙන් මේ පැත්තට..

දැන් ඉතින් අපේ පන්තියේ හිටපු ආවේගශිලි කට්ටියටනම් සෑහෙන්න තදවෙලා.. දැන් තාප්පේන් දෙපැත්තේ ඉදන් දෙගොල්ලම බැන ගන්නවා.. හරියට බර්ලින් තාප්පේ වගේ.. ඒ කාලේ වෙද්දි අහලා නොතිබ්බ වචනත් ඔය අතරේ අරහෙන් මෙහෙන් ඇහෙනවා.. අපේ පන්තියේ ලස්සන ගෑණු ළමයි ටිකත් මුන්ට පිස්සුද නොකියා පැත්තකට වෙලා මේක බලාගෙන ඉන්නවා.. කවුරුවත් මේ වැඩේ නවත්තන පාටක් නෑ..

ඔය කොල කෑලි අතරට අපේ පන්තියේ කුණු බක්කියේ කුණුත් එකතු උනා.. උදේ වීසි නොකරපු කුණු එක දැං ටික ටික එහා පන්තියට යනවා.. ඒ පැත්තෙනුත් එහෙමයි.. බලන්න ලස්සනයි කොල කෑලි දෙපැත්තට පා වෙනවා.. මම කලින් පෝස්ට් එකෙත් කිවුවනේ අපේ පන්තියේ ගෑණු ළමයි අපේ ඕනම වැඩකට අපේ හෙල්ප් එකට එනවා කියලා.. ඉතින් මේ වෙලාවෙත් එයාලා අපේ උදවුවට ආවා..

ඔය ගෑණු ළමයි බෑග් වලට බඩු ඔබනවා විතරයි ඒවා අස්කරන්නේ නෑ කියලා කතාවක් තියෙනවනේ.. ඒ කතාව ඇත්ත.. අපේ කට්ටියත් ඕකට ගත්ත දවසේ ඉදන් ඔබපුවද කොහේද ටික ටික අවුස්ස අවුස්ස දෙනවා අපිට එහා පන්තියට දාන්න.. නිකන් කුණු ටික හිස් කර ගන්න ලැබෙන චන්ස් එකනේ.. ඉතින් අපිත් දෙන දෙන ඒවා මොනවද කියලවත් නොබල අනිත් පැත්තට දානවා..

ටික වෙලාවක් යද්දි එහා පන්තියේ කුණු පූරෝපු බාස්කට් එක කුණුත් එක්කම බිත්තිය උඩින් පාවෙලා මේ පැත්තට ආවා.. අපි ආත්මාර්ක්ෂාව සපයා ගත්තත් එකෙකුට එහෙම කර ගන්න බැරි උනා.. ( ඒ මම නොවන බව වගකීමෙන් ප්‍රකාශ කරමි..) ඉතින් අර ආපු කුණු බක්කියම වැටුනේ අරූගේ ඇගට.. දැන් ඉතින් සුන්දර වචන කෝටියයි.. කේන්තියත් එක්කම පොර අතට අහු උන පුටුවක් උස්සලා දැම්මා එහා පැත්තට.. නවත්තන්න අපි ලං වෙන කොට පරක්කු වැඩියි.. පුටුව එහා පැත්තේ.. ඒත් එක්කම වගේ ඇහුන කෙල්ලෙක් මහා හයියෙන් කෑ ගහන සද්දෙත් එක්ක අපි කට්ටියම ටිකක් විතර බය උනා අවංකවම..

රණ්ඩුව නවත්තලා අපි කොරිඩෝව දිහා බලාගෙන හිටියේ තුවාල උන කෙනෙක් ඔතනින් අපිව පහු කරන් යන්න ඕන නිසා.. අපි බලාපොරොත්තු උන විදිහටම තුවාල කාරයා ටිකකින් පන්තියෙන් එළියට ආවා.. ඒ කෙල්ලගේ කටින් ලේ එනවා.. ඔක්කොටම වැඩිය කේස් එක ඒ එහා පන්තියේ හෙන කට තියෙන කෙල්ලෙක්.. ඉතින් ඕක දැක්ක ගමන් අපේ එවුන් හිනා වෙන්න ගත්තා.. අර කෙල්ලට තවත් මල.. ඔරවගෙන යන්න ගියා..

එයා එහම යන්න ගියාට තව ටිකකින් කවුද එන්නේ කියලා අපි හොදින්ම දැනගෙන හිටියා.. ආපහු හැරිලා පන්තිය දිහා බලද්දි එකම කුණු ගොඩක් පන්තිය.. ඉතින් ඔය වෙලාවේ ආයෙම අර එකමුතු කම හිතට ගත්ත අපේ ගෑණු ළමයි ටික මුළු පන්තියම අතුගෑවා විනාඩියට.. දැන් වෙනදටත් වැඩිය පන්තිය පිරිසිදුයි..

ටික වෙලාවකින් ලොක්කා ආවා බලාපොරොත්තු උන විදිහටම වේවැලත් කිහිල්ලේ ගහගෙන.. අර කෙල්ලගේ කට ඉදිමිලා.. පන්ති දෙකටම එළියට බහින්න කියලා ඉහලින් නියෝග ආවා.. කෙල්ලෝ ටිකත් එන්න හදද්දි උන්ව ශේප් කරපු අපේ පන්ති නායකයා  කොල්ලො ටිකත් එක්ක එලියට ආවා.. එහා පන්තියේ දෙගොල්ලම එළියේ.. අපිත් ගිහින් පෝලිමට හිට ගත්තා.. අර පන්තියේ ගෑණු පිරිමි ඔක්කොම 30කට විතර පසේ අපි කොල්ලො ටික..

සරුත් මුල ඉතන් සලකගෙන එනවා.. අත් දෙකටම දෙක ගානේ.. අපේ ලොක්කට වයස නිසාමද කොහේද පොඩි හතියක් වගේ තිබුනා.. ඉතින් අර 30ට සලකගෙන අපි ලගට එද්දි පාරවල් වල සැර බාල වෙලා.. ඇත්තමයි මටනම්  ගහපුවා ඒ තරමටම දැනුනේ නෑ.. අපිට ඉතින් ඒකට ඊට වැඩිය හිනා.. කොහොම හරි ලොක්කා අපි 45කට විතර සලකලා ටිකක් මහන්සි ඇරලා දේශණයකුත් තියලා යන්න ගියා.. අපි ඉතින් පන්තියට එද්දි  කෙල්ලො අහනවා උඹලට රිදුනද බං කියලා අත් වල පාරවල් බලනවා.. එතකොට නම් අපේ සමහරු පාරවල් සැරයි කියලා බොරුවට අත් පෙන්නනවා.. J

ඔන්න ඔහොමයි අපි ඉස්සෙලම සාමුහිකව රණ්ඬුවකට ගියේ.. හැබැයි එදා එහෙම සාමුහිකව හිටියට ඊට අවුරුදු 4 කට පස්සේ මම තනියම කට්ටියකගෙන් ගුටි කෑවා..  ඒ ගැන පස්සේ දවසක කියන්නම්..





60 comments:

  1. මමත් ඔය සාමුහික රණ්ඩු වලට නම් හරි කැමතියි...මාර එකමුතු කමක් එනවානේ එතකොට :)

    ReplyDelete
  2. හිහිහී.. හප්පා.. පොඩි වලියක් නෙමෙයි එහෙනම්..
    අර ළමයටම ඒම් කරලා පුටුව යවලද මන්දා.. :D ලේසි නෑ..

    ලස්සන අතීතයේ මතක ආවර්ජනයට ජය වේ..!!!

    ReplyDelete
  3. හෙ...හෙ..තනියම ගුටි කාපු එකත් කිව්ව නං බලන්න

    ReplyDelete
  4. අපිත් ඒ දවස් වල තේරුමක් නැතිව ඔහේ ගහ ගත්තා,,,,,,,,

    ReplyDelete
  5. සාමූහික රණ්ඩු හා තනි රණ්ඩු යන සියල්ලගේම හොදින් අත්දැකීම් මා හටද ඇත. නමුත් කුණු රණ්ඩුවක් නම් කර ඇති බවක් සිහියට නොනැගේ. ටෝරා ටෝරා ටෝරා නමින් කොල රණ්ඩුවක් නම් එක් වරක් කර ඇත.

    ReplyDelete
  6. මිශ්‍ර ඉස්කෝල වල රණ්ඩු නං හරිම සුන්දරයි තමයි. ඉස්සර අපිත් අපේ පන්තියේ කොල්ලන්ට ෆුල් සපෝර්ට් එක. කොටින්ම වලිය ඉවර වුනාම උන්ගේ ඉරුණු කමිස මහල දෙන්නෙත් අපි.

    ReplyDelete
  7. එතකොට අර කටන් ලේ ආපු එක්කෙනාටත් වැදුනද පාර...?
    අපේ ඉස්කෝලෙත් අලි වංශෙන් හිටපු සමාන්තර පන්තියක, උන් උන්ම මරාගෙන ප්‍රින්සිපල් ඔක්කොමල්ලාව දක්කගෙන ඇවිල්ල දණගැස්සුවෙ අපේ පන්තියට හොඳට පේන විදියට අපට මූණ දාලා. අර ළමයි ටික කන් දෙකත් අල්ලගෙන බොරළු ගොඩ උඩ දණ ගහගෙන හිටිය පීරියඩ් එකක්ම පට්ට අව්වෙ. ආයෙ ඉතින් ඊට වැඩිය මොනවද අපේ එවුන්ට....
    මේ පරණ කතන්දර ඇදලා ගන්නවට ස්තුතියි. එතකොට අපේ පුංචි කාලෙ කළ කී දේත් ඉබේටම මතකයට එනවා... :)

    ReplyDelete
  8. අසනිගෙත් රංඩු ගොඩයි.........හැබැයි සාමුහික රංඩුවකට ලොකුවටම සෙට් වුනෙ 7-A එකේ ඉද්දි...ඒකත් ලේසි නෑ.. 9 පන්තියේ අක්කලා එක්ක....අපි ඔය පොඩි අයත් එක්ක රංඩුවෙන්න යන් නෑනේ.....හිකිස්...

    ReplyDelete
  9. ඒ මම නොවන බව වගකීමෙන් ප්‍රකාශ කරමි.... ඇත්තමද?
    එ කාලේ පට්ට ෆන් නේ,, මම හිටපු පන්තියනම් ගන්න දෙයක් නෑ.. හැමදාම වලී.. අපේ පන්තිය තමයි ගන්න දෙයක් නැතිම පන්තිය. සමහර ගුරුවරු එන්නෙත් නෑ.. ඒ වුනාට දන්නවද, අපේ පන්තියෙන් කැම්පස් නොගියේ 4දෙනයි.. අනිත් ඔක්කොම කැම්පස්... ඉතින් කට උත්තර නැනේ.... අයියෝ ඒ කාලේ නම් කියලා වැඩක් නෑ..

    ReplyDelete
  10. මටත් ඔයඅාකාරම වැඩක් උනා! හතවසරෙදි, එහා පන්තියත් එක්ක, ගුරුවරයෙක්ගෙන් ගුටිකෑම, .... සියල්ල හරි
    හැබැයි එ්ක ගියෙ අැල්ජෝ වලිං! :D

    ReplyDelete
  11. //ඊට අවුරුදු 4 කට පස්සේ මම තනියම කට්ටියකගෙන් ගුටි කෑවා..//
    ඒක මීටත් වඩා හොදවෙයි. දාන්න ඉක්මනට.

    ReplyDelete
  12. හෙහේ, ඉතින් අර කට තුවාල වුණු කටකාරිට මොකද වුණේ? එයාගෙන් ප්‍රශ්නයක් වුණේ නැද්ද? :)

    ReplyDelete
  13. හික්ස්.... මාත් ගුටි කාලානම් තියෙනවා නසරානි වැඩ වලට. හැබැයි පන්ති පිටින් ගුටි කාලානම් නෑ. :)))

    ReplyDelete
  14. අයියෝ කුණු කේස්මනේ දාගන්නේ. අපි නම් ඉස්සෙල්ලම එහා පන්තියත් එක්ක ගහගත්තේ 2 වසරේදී

    ReplyDelete
  15. හිහි..හි.. ඔයාලගෙ පන්තියේ ඉඳල තියෙන්නෙ නම් කපටි ලමයි ටිකක්..ආ අර ගෑණු ලමයින්ගෙ බෑග් අස් කරන්නැහැ කියන එකේනම් පොඩි ඇත්තක් තියෙනවා..:D

    ReplyDelete
  16. අයියෝ..ඕගොල්ලො හරි මෝඩයිනෙ..ඔයාලට අතුගාන්න තිබ්බෙ ඔයාලගෙ පන්තිය නෙවෙයිනෙ..අල්ලපු පන්තියනෙ..එතකොට...සර් ඇවිත් බැලුවහම තාප්පෙ උඩින් කොල විසික් කරල තියෙන්නෙ ඔයාල නෙවෙයි එයාල කියලනෙ අහු වෙන්නෙ.... බුහහ්හා... :D

    කුණු බක්කිය ඇඟට වැටුනෙ නං ඔයාට වෙන්න බෑ කියලා මාත් ඔන්න පිළිගන්නවා... ඔයා කොහෙද පුටුවක් උස්සලා අඩි හතේ තාප්පයක් උඩින් විසි කරන්නෙ ඒක අඩි දෙකක් උස්සගන්න බැරුව... නැද්ද..??... :P

    ReplyDelete
  17. @ සයුරි : ආයෙත් අහලා.. ගෑණු ළමයින්ට කවුරුහරි විහිළු කලත් ඔය ටිකම තමයි.. ලොකු පන්තියක් උනත් අපි යනවා වලියට.. ගුටි කන එක වෙනම කතාවක්.

    ReplyDelete
  18. @ නන්දු : වැඩේ කියන්නේ නන්දු මේ කෙල්ල ඒ වෙලාවේ බිත්තිය අයිනේ මොනා කලාද කියන එක.. අපේ කෙල්ලො ටික වගේ අයින් වෙලා හිටියනම් ඕක වෙන්නේ නෑනේ..

    ReplyDelete
  19. @ Observer : දාන්නම් අයියේ ඒකත් ඉක්මනින්ම..

    ReplyDelete
  20. @ නදීර සඳරුවන් ලියනගේ : ඔව් බලාගෙන ගියාම මේක තේරුමක් නැති සිද්දියක් තමයි.. ඒ උනාට ඉවර උනේ ලොකු රණ්ඩුවකින්..

    ReplyDelete
  21. @ ළහිරු හිමේෂ් : "ටෝරා ටෝරා ටෝරා නමින් කොල රණ්ඩුවක් නම් එක් වරක් කර ඇත." ඒ මොකද්ද මචං ඒ රණ්ඩුව??

    ReplyDelete
  22. @ හිතුමතේ : එහෙනම් ඔයාටත් මේ අත්දැකිම තියෙනව වගේ.. අපෙත් ඔහොම තමා තුවාල කරුවන්ට ප්‍රථමාධාරත් ලැබෙන්නේ එයාලගෙන්ම තමයි..

    ReplyDelete
  23. @ Music girl : ඔව්නේ රණ්ඩුව අස්සේ මොකො කලේ කියලා එයාටත් පාරක් වැදුනා.. අපිනම් අමේ කෙල්ලො ටික බේරලානේ ආවේ.. අනිත් පන්තියේ එහෙම නෑ.. උන ඔක්කොම කෑවා..


    අප්පේ.. ගුටි කනවා සැපැයි ඔහොම දණ ගහගෙන ඉන්නවට වඩා..

    ReplyDelete
  24. @ අසනි : ඒකනේ අක්කේ.. රණ්ඩු වෙලා නමක් දිනා ගන්න නම් ලොකු පන්තියකටම ගහන්න ඕන.. පොඩි එවුන්ට ගහලා වැඩක් නෑ..

    ReplyDelete
  25. @ රහස් පරීක්ෂකයා : අපිත් ඔහොම තමයි කාලයක් යද්දි.. ඉස්කෝලේ මොකක් හරි අවුලක් උනාම සැකපිට අර ගන්නේ අපිව.. නෑ බං.. ඒ මං නෙමෙයි..

    ReplyDelete
  26. @ තනි අලියා : ඔය වතුර රණ්ඬු නම් අපෙත් දුර දිග යනවා ඉස්කෝලේ නිවාඩු දෙන දවසට.. හැබැයි ඉතින් එදාටනම් ඕවා හොයන්න කවුරුවත් එන්නේ නෑ..

    ReplyDelete
  27. @ රාජ් : ඔව් ඒක ඇත්තටම මගේ ජීවිතේ වෙනස් කලා.. මං හෙමීට ඒ ගැනත් කියන්නම්කෝ..

    ReplyDelete
  28. අනේ ශෝක්.. අපිත් ඉස්සර ඉස්කෝලේ රන්ඩුවෙනවා.. අපේ පන්තියයි එහා පැත්තේ පන්තියයි,, හික් :))))

    ReplyDelete
  29. අහ්හ් අපිත් ඉස්සර රන්ඩු වෙනවා :)))

    ReplyDelete
  30. අපිත් ඔහොමයි....ළමයි එකක් නෙමේ කෙලින්ම ටිචර් කෙනෙක් එක්ක වලියක් ගියේ....

    මට ඒ සිද්ධිය මතක් වුණා.....

    ReplyDelete
  31. @කසුන්
    ඔයාට වැරදුනා නේ.....?ගහ ගත්තා නෙමේනේ.....එහා පන්තියෙන් ගුටි කෑවේ දෙකේදි....හි හී...

    ReplyDelete
  32. ඔහ්හ් අපිත් ගහගන්නවා .. මරු.. මතක වෙද්දීත් ජෝලි, හැබැයි අන්තිමට යාළුවෙනවා. මොකද බොරුවට ගහගන්නේ..

    ReplyDelete
  33. දිල් නම් වලියෙන් තොරයි ඉස්කෝලෙදී... නැත්තම් පී ටී සර් පුටුවෙ ඉදගෙන ඉන්න බැරි වෙන්න තලනවා... ඒක හන්දා කවුරු හරි වලියක් නම්....දිල් ෂේප එකේ පැත්තකට වෙලා ඉන්නවා

    ReplyDelete
  34. හ්ම්ම්ම්ම්... මමනම් ඔය දරුණු රණ්ඩු බලන්න බයයි.. එහෙම රණ්ඩු ඇතිවෙනවට ආසත් නෑ.. චූටි චූටි රණ්ඩුනම් ගානක් නෑ...ගහගන්නෙ, මරාගන්නෙ නැති රණ්ඩු හොදයි.. සාමුහීක හැගීමක් එනවානෙ..;)

    අහ්හ් අයියා තනියම ගුටි කාපු එක නම්.. මට හිතාගන්න පුළුවන්;)

    ReplyDelete
  35. අපිත් ඉස්කොලෙදි මෙහෙමම ගහගත්තා..හැබැයි පාන් කෑලි වලින්..හික්ස්..

    ReplyDelete
  36. @ හිරණ්‍ය : එයාගෙන් මොනවා වෙන්නද.. ඊට පස්සේ ටිකක් කට අඩු උනා..

    ReplyDelete
  37. @ නිසූපා : එහෙනම් අක්කත් ඉස්කෝලෙදි මගෝඩි වැඩ කරලා තියෙන පාටයි..

    ReplyDelete
  38. @ Kasun : උබලා ඉතින් චන්ඩි බව අපි දන්නවනේ.. කුණු කේස් උනත් දැං මතක් වෙද්දිත් හිනා යනවා..

    ReplyDelete
  39. @ සිත්රූ සිහින : අපි කවදත් එහෙම තමයි.. ආ එහෙනම් ඒ කතාව බොරුවක් නෙමෙයි...

    ReplyDelete
  40. @ මකුළු පැංච් : අපි පන්තිය අතු ගෑවත් නැතත් ගුටි කනවා.. මොකද අර කෙල්ලෙක්ට තුවාල උනානේ..

    හෙහ් ඒ පස්සේ කියපු කතාවනම් ඒ කාලෙට අදාලයි.. හැබැයි දැං නම් එහෙම නෑ..

    ReplyDelete
  41. @ වර්ණා : අපිත් ඔය එදා රණ්ඬු උනාට ආයෙම එකම පන්ති රණ්ඬු වෙලා නෑ කවදාවත්ම.. සෙක්ෂන් පිටින්ම වෙන සෙක්ෂන් එක්ක රණ්ඩු උනා මිසක්..

    ReplyDelete
  42. @ සිතුවිලි නිහඩයි : ඒ මොකද්ද ඒ කතාව.. මං දන්නේ නෑනේ.. බ්ලොග් එකට ලියලා නෑ නේද?

    ReplyDelete
  43. @ අසනි : මටත් දැන්නම් හිතෙන්නේ වෙන්න ඇත්තේ එහෙම තමයි.. කසුනෝ වැඩේ කැතයි හරී..

    ReplyDelete
  44. @ දිල් : අපේ පන්තියක රණ්ඩුවක් උනොත් ආයෙ ඒකට සම්බන්දද නැද්ද කියලා බලන්නේ නෑ.. හැමෝටම එක වගේ ලැබෙනවා...

    ReplyDelete
  45. @ හිතුවක්කාරී : අපිත් ඔය පොඩි පොඩි රණ්ඩු වලට තමයි වැඩියෙන් ගියේ.. ලොකු එකකට ගියේ එක පාරයි.. ඒ වෙන ස්කෝලයක් එක්ක. ඒකනම් ඉවර උනේ පොලීසිය ආවයින් පස්සේ..

    ඔයාලා හරි නරකයි හලෝ.. මම තනියෙන් ගුටි කෑව එක ගැන මං කියන්නත් කලින් හිතන්නේ.. :(

    ReplyDelete
  46. @ රූ : පාන් කෑලි වලින් හයියො.. එහෙනම් අන්තිමේ කට්ටියගේ මුණු වල ජෑම් බටර් තියෙන්න ඇති නේ... :D

    ReplyDelete
  47. කුණු බාල්දියකට ගහ ගත්ත කට්ටියක් ගන මේ කියෙව්වමයි !!!
    හික් හික් :)

    ඊට පස්සේ කුණු වලින් ගහ ගත්තේ නැද්ද ?

    ReplyDelete
  48. උඹ නම් අපරාදෙ බං ගුටි කාලා තියෙන්නේ...උඹ කුණුත් නෑව එකේ ඒ සීන්එක කියල බේරෙන්න තිබ්බනේ..

    ReplyDelete
  49. මගේ ගේ තිබුනේ ඉස්කෝලේ ඉසරහමයි..ඒ නිසා එකෙක්වත් වලියට එන්නෑ...

    ReplyDelete
  50. පුටුවලින් ගහලත් දතක් කැඩුනේ නෑ කියන්නේ එයා මොනවලින්ද දැන් නෑ දත් මදින්නේ ?

    ReplyDelete
  51. @ මධුරංග : අපි ඉති කලොත් ඔහොම වැඩක් තමයි අයියේ.. අපෝ නෑ.. ඊට පස්සේ නම් ඔය කේස් වලට අත දැම්මේ නෑ..

    ReplyDelete
  52. @ පැණි දොඩම් : අර කතාවක් තියෙනවනේ බූරු හගපු එකත් වැරදියි බුරු තැපපු එවුනුත් වැරදියි කියාලා.. ඉතින් අනිවාර්යෙන්ම කන්නම වෙනවා.. බාල්දිය වැටුනේ මට නෙමෙයි අයියේ..

    ReplyDelete
  53. @ ඔබ නොදුටු ලොවක් : අර මොකෝ.. ඉක්මනට ගෙදරට දුවලා හැංගෙන නිසාද ?? :D

    ReplyDelete
  54. @ අසරණයා : ඒකනම් දන්නේ නෑ කියන්න.. හැබැයි එහම නොවුන එකත් හොදයි.. නැත්නම් වැඩේ ඔයිට වඩා දුරදිග යනවා..

    ReplyDelete
  55. නැ අයියා....ඒක ලියලා නැ තාම.....ලියන්නම්කො ඉක්මනට......

    ReplyDelete
  56. මට පිස්සුද එකම දේ 3 න් පාරක් කමෙන්ට් කරලා තියෙන්නේ. අනේ මන්දා

    ReplyDelete
  57. අපි ඉස්කෝලේ 12 වසරේ ඉන්න කාලේ 11 වසරේ එවුන් වගයක් අපේ ප්‍රිෆෙක්ට් කෙනෙකුට ගහලා
    ටික ටික ඇදිච්ච වලිය අන්තිමේදී නතර උනේ 11, 12 වසරවල් වල උන් බහුතරයක් පිට්ටනියේදී මුනට මුණ හම්බු වෙච්ච් එකෙන්
    11 වසරේ කොල්ලෙක්ගේ දත් සෙට් එකකුත් ගැලවිලා තමයි අන්තිමට නතර උනේ
    තව කීප දෙනෙක් හොඳටම ගුටි කාලත් තිබුණා
    ඊට පස්සෙත් මෙගා වළි කීපෙකටම සහභාගී වෙන්නත් වාසනාව ලැබුනා
    ඒත් දැන්නම් අපි හොඳ ළමයි.... :))

    ReplyDelete
  58. @ සිතුවිලි නිහඩයි : එහෙනම් ලියන්නකෝ බලන්න...

    ReplyDelete
  59. @ වර්ණා : අනේ මන්දා.. මටත් දැක්කම එහෙම හිතුනා.. :)

    ReplyDelete
  60. @ ලොකු පුතා : මමත් අර කියන්නම් කියපු තනියෙන් ගුටි කාපු සිද්දිය වෙනකම් ගොඩක් රණ්ඬු වලට ගියා.. ඒත් එදායින් පස්සේ මම කිසිම දේකට ගියේ නෑ..

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්