Sunday, 4 December 2011

මුතු කැට වැටෙනා පෝරුව අභියස


හිත කොච්චරනම් එපා කිවුවත් අද මං මේ ගමන අද යන්න තනී තීරණයක් ගත්ත ඇයි කියන්න මට තේරෙන්නේ නෑ.. මේ ගමනෙන් අන්තිමේ මට ඉතුරු වෙන්නේ දුකක්.. ඔව් සමහර විට මම ගොඩක් කාලයක් යනකම් හිතින් අඩාවි මේ යන ගමන නිසාම..  මේ වගේ ගමනක් යන පළවෙනි කෙනා මං නෙමෙයි කියන්න මං දන්නවා.. මං වගේ ම අවාසානාවන්ත ගොඩක් දෙනෙක් මේ ඉරණමට මූන දෙන්න ඇති.. ඒත් ඒ ඇයි? අවංකම ආදරේ කරපු නිසාද? උත්තරයක් නැති ප්‍රශ්ණයක්..

“ මචං උඹ අද යන්න එපා..” 

මං ලෑස්ති වෙද්දි මගේ මිතුරා මං ලග ඇවිත් එහෙම කිවුවේ මගේම හොදට කියලා මං හොදින්ම දන්නවා උනත් ඒ කීමට ඇහුම් කන් දෙන්න තරම් හිතක් එවෙලේ මට තිබුනේ නෑ..

“ නෑ මචං මට යන්නම ඕන..”

“ උඹ ඔය කරන්නේ කිසිම තේරුමක් නැති වැඩක්..”

“ ඔව් සමහර විට..”

“ මචං කියන දේ තේරුම් ගනින්.. මං දන්නවා උඹ ඇයි මේ ගමන යන්න හදන්නේ කියලා.. ඒත් උඹ ගියා කියලා කිසිම දෙයක් වෙනස් වෙන්නේ නෑ නේද?”

“ එහෙම වෙනස් වෙන්න ඕන කියලා මං කියන්නේ නෑ බං..”

“ හරි එහෙනම් මට කියපං උඹ යන්නේ ඇයි කියලා විතරක්?”

ඒ ප්‍රශ්ණෙට ඇත්තටම මට දෙන්න උත්තරයක් නොතිබුන නිසාදෝ කොහේද මං නිරුත්තරව කල්පනා කරන්නට උනේ..

“ මචං ඕකෙන් වෙන්නේ උඹට තව කාලෙකට හිත හදා ගන්න බැරි වෙන එක.. උඹ බොහොම අමාරුවෙන් නේද උන හැම දෙයක්ම අමතක කරලා දැම්මේ.. එහෙම වෙද්දි මේ යාළුකමට කියලා ආපු ආරාධනාවට උඹට යන්න පුළුවන්ද?”

“ දන්නේ නෑ මචං..”

“ මට කියපං උඹ මේ වතාවෙත් හිත හදාගන්නේ අර වීදුරු බොතල් වලට ලං වෙලාද?”

“  ඔව්.. සමහර විට..”

“ උඹ ඔය කරන්නේ වැරැද්දක් මචං.. මම උඹ උනානම් අද මේ ගමන කීයටවත් යන්නේ නෑ..”

“ ඒක තමයි මචං උඹේයි මගෙයි තියෙන වෙනස.. එපා මචං.. අපි මීට වඩා මේ ගැන කතා නොකර ඉමු.. තමන් කාලෙකට කලින් ආදරේ කරපු කෙල්ලගේ වෙඩින් එකට යන පළවෙනි ආදරවන්තය මං නෙමෙයිනේ..”

මගේ මිතුරා මාව නවත්තන්න හැදුවේ මගේම හොදට කියලා මං දන්නවා උනත් මගේ හිතුවක්කාර කමට මං ආවේ තවත් කාලෙකට සනීප නොවෙන තුවාලයක් හිතේ හදා ගන්න වෙන්න පුළුවන්.. ඒත් මං එච්චරම ආදරේ කරපු කෙනාගේ ජීවිතේ ලස්ස්නම දවසට නොගිහින් ඉන්න තරම් ආත්මාර්ථකාමි වෙන්න මට පුළුවන්ද??


මනාලියක වී අද
ඔහුගේ සුරතේ පැටලි
නව ලොවට පා නගන ඔබට
කෙලෙස වෛර කරම්ද
මගේ සිහින බොදවූ
මගේම වරදට..

ඔබ නොමැති හැම මොහොතක
හැඩුවත් මගේ හිත වේදනාවට
පතමි හැම මොහොතකම
නොඑන්නට කඳුළක්
කිසි විටෙක ඔබේ දෙනෙතට..




73 comments:

  1. මචන් මටත් ඔකට මුන දෙන්ඩ වෙනවා කවදා හරි. උබ ගත්ත තිරනෙ හරි කියලා මම හිතන්නේ මම ඔතන හිටියත් ඔය තිරනෙම තමා ගන්නේ.වෙඩිම කියලා තියනවන්ම් යන්නේ නැතුව ඉන්න එක හරි නැ එ කෙල්ල කවුරු අවාත් උබ එනක්ම් බලගෙන ඉන්ඩ ඇති.


    rosa.italy

    ReplyDelete
  2. නුබේ නෙතු ලග
    තැනු මන්දිර
    එක මොහොතින්
    සුණු විසුනු කර
    හොර රහසෙම
    නුබ නික්මී ගියා...
    යලි කිසි දීන
    නුබ නේතැයි
    සිතු මම
    නුබට පෙම් කල
    සිතත් අරගෙන
    යන්න යන්නෙමි
    පිටගම් බලා...
    පෝරුවේ හිද
    බලා ඉන්නෙමි
    නොබේ තෙත් වෙන
    නෙත් දිහා
    නාඩා ඉන්නට
    නොහැකි හින්දම
    මමත් අඩනෙමි
    මෙසේ අද දින
    ඉකි ගසා...

    නුබ මගේ, මගේ නොවු ආදරය...

    ReplyDelete
  3. මම නම් මල්ලි මගේ පෙම්වතියගේ විවාහයේ ආරාධානවක් ලැබුනොත් අනිවාර්යෙන්ම යනවා. නිකන්ම නෙමෙයි ලොකු තෑග්ගකුත් ඉස්සර කරගෙනම. කා ලඟ හරි එයා සතුටින් ජීවිතය පටන් ගනීවි කියලා මම් හිත සතුටු කර ගන්නවා. ඒත් එයාට දුක හිතුනොත්..... අන්න එතනයි ප්‍රශ්නේ.

    ReplyDelete
  4. සංවේදී කතාවක්.... ගොඩක් දුක හිතුණා... :((((((((
    ඒත්, ගත්තු තීරණේ වැරදියි කියන්නත් බෑ......

    ReplyDelete
  5. මගේ හිතෙත් තියෙන්න ඔය අදහසමයි.උඹ ඒක ලියල

    ReplyDelete
  6. @ Anonymous : මුලින්ම මේක මං මුහුණ දුන්න දෙයක් නම් නෙමෙයි.. හිතේ ඇදුන සිතුවිල්ලක්..මගේ අදහසත් එහෙම ආරාධනාවක ආවොත් යන්න ඕන කියන එක තමයි..

    ReplyDelete
  7. @ අසනි : " නුඹ මගේ, මගේ නොවු ආදරය" ඒ පද පෙලනම් හිතට වැදුනා...

    ReplyDelete
  8. @ මධුරංග : මගේ අදහසත් ඒකම තමයි අයියේ.. එහෙම දුක හිතෙනවානම් ආරාධනා කරන්නේ නෑ නේද?? ඒනිසා ගියාට කමක් නෑ..

    ReplyDelete
  9. @ මහී : ඒ තීරණේ ගන්න විදිහ අනුව වෙනස් වෙන්න පුළුවන්.. සමහර වෙලාවට කෙනෙක් හිත රිදවන්න හිතාගෙනත් එහෙම යනවා වෙන්න පුළුවන්නේ..

    ReplyDelete
  10. @ කස්ස : ඒ මොකද යාළුවා ඒ??

    ReplyDelete
  11. ඉයේ උදයේ
    ඔබ පොරුව මත හිටියා
    හිතවතකු මගේ ඔබගේ..,
    ඔය සුරත දරා හිටියා...

    මටනම් කන්න හිතෙනවා..... ඇඩෙනවා අයියේ,,

    ReplyDelete
  12. ඔය වැඩෙත් අර හිඟන්නගෙ තුවාලෙ වගේ... හොඳ වෙන්න දෙන්නෙ නැහැ... පාරව පාරව තියාගෙන ඉන්නව.....

    ReplyDelete
  13. ම මෙහෙම දෙකට මුහුණ දෙන්න වෙන්න එපා කියල මන්ම විශ් කරගන්නවා ඔන්න හෙහෙ

    ReplyDelete
  14. අපි දෙන්න අදරේ කරල වෙන්උනා.එයාගෙ වෙඩින් එක මේ මාසෙ 18 තියනව කියල කතා කරල කිව්ව.මට නම් එන්න කීවෙ නෑ.කීවත් මට නම් ගිහින් ඉන්න බැරිවෙයි.දුක හිතෙයිනේ.

    ReplyDelete
  15. හ්ම්ම්...මට නම් දුක හිතේවි.මොකද හැමෝම ආදරේ කරන කාලෙදි හීන මවනවනේ වෙඩින් එක ගැන එදාට අඳින ඒව ගැන පවා ගෑණු ලමයි හීන මවනවා.ඉතින් කොහොමද බලන් ඉන්නෙ දෙන්න එක්ක එකට මවපු හීන එයා වෙන කෙනෙක් එක්ක හැබෑ කරගන්න හැටි.දුක හිතෙයි.මනාළ ජෝඩුව දකින හැම වාරෙකදිම ඇඩේවි.ඉරිසියාත් හිතේවි.තමන්ගේ කරගන්න හින දැකපු කෙනා වෙන කෙනෙක් අයිති කරගෙන බව මතක් වෙන හැම වෙලාවෙම.

    ReplyDelete
  16. අනිවාර්යෙන්ම මල්ලි. මාත් මල්ලිට එකඟයි.

    ReplyDelete
  17. මමත් මේ වරද කලා..ඒත් මගේ නෙමේ වරද..එයගෙ..මම එයාට ගොඩාක් උදව් කලා..ඉගන ගන්න..එයාගෙ වැඩ වලට..ඒත් එයාට job එක ලැබුනට පස්සෙ එයාට මාව ඕන නැති උනා..ඒ නිසා මට එයාව දාල යන්න උනා..මම දුක් වින්දොත් විතරක් නෙමේ අවුරුදු 23 ක්ම මාව හදපු වඩපු අම්මට තත්තට මට දුකක් දෙන්න වෙනවා...එහෙම බලද්දි පිරිමි ලමයි තේරුම් ගන්නෙ ගොඩක් අදරේ කල කෙනා වෙන කෙනෙක්ගෙ උනා කියල කිව්වම එයා අහිමියි කියල දැනුනට පස්සෙ..දැන් එයා මම නිසා දුක් විදිනවා..ඒත් මට දැන් ආපහු බැහැ..

    ReplyDelete
  18. ඒ වේදනාවට අපි ගොඩ දෙනෙක් කැමති බං!එ වේදනාවෙත් ආශ්වාදයක් තියනවා!

    ReplyDelete
  19. ඌප්ස්... පොඩ්ඩක් හිතන්න වෙනවා.. එක්කෝ ඕනෙ මගුලක් මම යනවා..

    ReplyDelete
  20. ම්ම්ම්ම්ම්ම්... මම හිතුවෙ ඇත්තටම වුනු දෙයක් කියලා..:( දුකයිනෙ.. මට එහෙම වුනානම් බෑ... මම යන්නෙ නෑ... වෛරයක්වත්, ඉරිසියාවක්වත් නෙවෙයි.. මාත් එක්ක ආදරේ කරන්න එකට උන්නු මම පණ වගේ අඅදරේ කරපු කොල්ලා එක්ක මගේ අතීත මතක මට වද දේවී...:'( මට දරාගන්න අමාරුයි...

    ReplyDelete
  21. මම කලින් දවසක ලියපු ලිපිය මතක් වුණා. ආදරේ කියන්නේ ආත්මාර්ථයට එහා ගිය එකක් නම් එතරම් දුක්වෙන්න උවමනා නෑ. අනිත් කෙනාගේ සතුට එය නම් සුබ පැතීම තමා කළ යුතුදේ.

    ReplyDelete
  22. අනේ ඔහොම වෙඩින් වලට යන එකනම් හොඳ වැඩක් නෙමෙයි...

    ReplyDelete
  23. අසනි ආයෙත් ආවා ලිපිය කියවන්න...අසනිගේ හිතට මෙහෙම දැනුනා.."ආදරේ කියන්නේ එකතු වීමම නෙමේ..කොයි තරම් දුර ගියත්,කාට හිමි වුනත්,සැබැ ආදරේ සගවන්නවත්..ඈත් කරනවත් බෑ...එදා වගේ පපුවට තුරුලු වෙන්න බැරි වුනත්...අතේ එල්ලිලා යන්න බැරි වුනත්...මුකුත්ම බල්ලපොරොත්තු නොවුනත්...එකම එක ආශාවක් හිතේ කොනක රැදෙනවා..ඒ මැරෙන්න මොහොතකට කලින් හෝ එකම එක සැරයක් ඒ ඇස් දැක ගන්න"

    ආදරේ නම් පුදුමයි.."මගේ වෙලා, මට නොවි ඉන්න හැටි..."

    ReplyDelete
  24. හරිම දුක හිතෙනවා මේක කියවද්දි..

    ඇත්තටම ගොඩක් අයට කෙනෙක් අහිමි වෙන්නම ඕනෙ එයා හිතේ උන්නු තැන තේරුම් ගන්න..අහිමි කරගන්න ලෝබ වෙන්නෙ එතකොට..ඒත් ඒ වනවිට දෙන්නම ගොඩක් පරක්කු වැඩියි ..ආදරේ කරපු කෙනා යාලුවෙක් විදිහට ලගින් තියාගන්න උතසහ කරන්නෙ එතකොට..ඒක ගොඩක් ආත්මාර්ථකාමි සිතුවිල්ලක් විතරයි..ඇත්තටම කවදාවත් එයා යාලුවෙක් විදිහට තියගන්න බැහැ..මම නම් හිතන්නෙ ඒකෙන් වෙන්නෙ කීප දෙනෙක්ගෙම ජීවිත අවුල් වෙලා යන එක විතරයි..

    හරිම ලස්සනයි යාලුවා..ඔයා ලියන දේවල් සන්වෙදී හිත් වලට නම් බර වැඩියි වගේ.. :)

    ReplyDelete
  25. වෙඩිමට යන එකේ අවුලක් නැහැ, එයාට ඇත්තටම ආදරේ කලානම් එයාලගේ ඉදිරි ජීවිතයට බාධාවෙන කිසිම දෙයක් නොවෙන විදිහට පරිස්සමින් ගිහින් එන එක තමා වඩා හොඳ
    කොහොමටත් අපි ඔක්කොම පෘතග්ජන මිනිස්සුනේ.
    තමන් එපා කියල ඈත් කරපු දෙයක් උනත් වෙන කෙනෙක් සතුටින් බාර ගනිද්දී හිතට දුකක් ඇති කර ගන්නවා
    එහෙව් එකේ, තමන් කැමති දෙයක් තමන්ගෙන් වෙන්වෙලා යද්දී හිත රිදෙන එක සාමාන්‍යයි සහෝ

    කොහොමහරි හිතහදා ගන්න බලපන්

    ReplyDelete
  26. sama wenna,Sri Lankan eke nanga "Soduru ruwaththi" ge wedima ubata kiuwa neda kiyahan..?? aththama kiyapan ...... !!!!!

    ReplyDelete
  27. අත්හැරීම තුලත් ආදරය තියේ හිත පුරාම..

    ReplyDelete
  28. සුභ ප්‍රාර්ථනා කියමන්.........ඔය සින්දුවේ අන්තිම කෑල්ලට මම ආසම...
    "ඔබ අන්සතු ලඳක් කියා ඇයි මට කීවේ".... මේ මටම වෙච්ච දෙයක්....

    ReplyDelete
  29. ආදරය කියන අකුරු හතර ඇතුලේ මොන තරමි දේවල් හැංගිලා තියනවද? අපි කවුරුත් ආදරේ කරන්නේ කාටවත් කරදරයක් කරන්න හිතාගෙනද? ඒත් සමහරු තමන් ආදරේ කරපු කෙනා නොලැබුනාම ඒ ගැහුණු ලමයගේ චරිතය ඝාතනය කරනවාට වඩා මෙි වගේ ගිහිං තමන් ආදරය කරපු කෙනාට එයා ආරමිභ කරන අළුත් ජිවිතයට සුභ පතලා එන එක වැදගත්. මොකද නියම ආදරය, මනුස්සකම තියෙන්නේ මෙිවගේ දෙයක් කලාම.
    එයත් එක්ක ආදරේ කරද්දි මැවිව හීන බොද වෙලා ගියාට...
    පෝරුවෙිදි එයාගේ දකුණු පසින් ඉන්නේ මම නොවුනට...
    පැතු හීන පොඩි එක තත්පරයට සුනු විසුනු වුනාට....
    අවංක හිතකින් පතනවා සුභ අනාගතයක් එයාට...

    හිත හදාගන්න සහෝ...!!!!

    නුඹට ජය...!!!

    සිහින

    ReplyDelete
  30. mamanum kiyanna yanna apa.aka oyata godak manasikawa balapanna puluwan. a wagama anawasha prasna godaka mula wannath puluwan

    ReplyDelete
  31. කවුද දන්නෙ අයියේ...මටත් ඒ වගේ දවසක් ඒවිද මංදා... :))අනේ එහෙමනම් වෙන්න එපා..එකට ඉන්න කාලෙ මවපු හීන ඔක්කොම ඇස් පනාපිටම බිඳියද්දි මම නං හිතන්නෙ නෑ මගේ හදවතට ඒක දාරගන්න පුලුවන් වේවි කියලා.. :((

    ReplyDelete
  32. මෙවන් අත්දැකීම් නොලැබීම ගැන සන්තෝෂයි

    ReplyDelete
  33. යන්න පුළුවන්ද බැරිද කියනඑක එකිනෙකාට වෙනස්. මට නං තියෙන්නෙ ටිකක් විතර ගල් හිතක්. ඒ නිසා ඔයවගේ ප්‍රශ්න අඩුයි.

    ReplyDelete
  34. මමනං අඳුරන මිනිහෙක්ගෙ මගුලකටවත් යන්නෑ! මම කියලමයි තියෙන්නෙ මට වෙඩිං වලට කතා කරන්න එපා මම තේරුමක් නැති වැඩ වලට යන්නෑ කියල! :D

    ReplyDelete
  35. මුළු ලොව උරණව සිටි දා අපහට
    සිටියේ උදව්වට ඔහු පමනයි
    අද ඔහු අතගෙන පෝරැව මත හිද
    කෙලෙසද මේ ලෙස සමුගන්නේ...
    හඩනා සිතකින් ඔබට සුභ පතන්නේ

    ලිවිල්ල එල.. ඔබට ජය..

    ReplyDelete
  36. @ රහස් පරීක්ෂකයා : එපා මල්ලියේ.. එහෙනම් උඹ යන්න එපා එහෙම වෙඩින් එකකට..

    ReplyDelete
  37. @ Miyuru : ඇත්ත.. අපිත් කැමති නෑ සනීප වෙනවට.. කැමතිම වේදනාවේම ඉන්න..

    ReplyDelete
  38. @ Dishan Rajapaksha : ඒක හොදයි.. මේ මුහුණ දෙන්න තරම් සුන්දර දෙයක් නෙමෙයිනේ..

    ReplyDelete
  39. @ නදී : එහෙමනම යන්න එපා අක්කේ.. අක්කාට ඒ වෙලාවෙදි දුක හිතුනොත් එයාටත් ඒක දැනෙයි.. ඉතින් මොකටද අනවශ්‍ය ප්‍රශ්ණ.. හොදම දේ අක්කා නොගිනින් ඉන්න එක..

    ReplyDelete
  40. @ හිම හංසී : අපි කොච්චර නෑ කිවුවත් හිත ඇතුලේ ඒ වෙලාවට පොඩි ඉරිසියාවක් ඇති වෙනවම තමයි.. ඒක නවත්තන්න බෑ..

    ReplyDelete
  41. @ මධුරංග : එහෙනම් අයියේ අපිට එහෙම දෙයක් උනොත් අපි සන්තෝසෙන් ගිහින් එමු.. ගෙදර ඇවිත් අඬන එක වෙනම දෙයක්..

    ReplyDelete
  42. @ Anonymous 2 : ජීවිතේ සමහර වෙලාවට අපි බලාපොරොත්තු නොවෙන දේවල් වෙනවා.. ඉතින් දැන් එයා බැදලද?? එහෙමනම් හොදම දේ මේ හැම දෙයක්ම අමතක කරන එක.. මොකද එහෙම උනොත් මේ ප්‍රශ්ණෙට මැදි වෙන්නේ දෙන්නෙක් නෙමෙයි තුන් දෙනෙක්..

    ReplyDelete
  43. @ Sabith : ඇත්ත.. දුකක් උනත් අපි ඒ හිත රිදුමට කැමතියි.. ඒ ඇයි කියන්න තමයි තේරෙන්නේ නැත්තේ..

    ReplyDelete
  44. @ පැණි දොඩ්ම් : ඒක තමයි අයියේ.. දැන් ගිය කෙනා ගියා.. ඉතින් මොකාද දුක් වෙවි ඉදලා.. මට දුකක් නෑ කියලා පේන්නත් එක්කම යන්න තියෙන්නේ..

    ReplyDelete
  45. @ හිතුවක්කාරී : අපි කොච්චර හිත ශක්තිමත් කරන් ගියත් මං හිතනවා ගෑණු ළමයෙක්ට එහෙම තමන්ගේ පෙම්වතාගේ වෙඩින් එකට යන්න බැරි වෙයි කියලා.. ඒකෙන් මම කියන්නේ නෑ ඔයාලගේ හිත් ශක්තිමත් නෑ කියලා.. ඒත් කඳුළු නවත්තගන්න සමහරවිට ඔයාලට බැරි වේවි..

    ReplyDelete
  46. @ හිරණ්‍ය : ඔව් මට මතකයි ඔබේ ලිපිය.. ආදරේ කියන්නේ පරිත්‍යාගයක් කියලා කියනවනම් සතුටින් ගිහින් සුභ පතන්න ඕන කියලයි මාත් හිතන්නේ..

    ReplyDelete
  47. @ සයුරි : ඒ මොකද අක්කේ ඒ?? ඒත් ආරාධනාවක් ඇවිත් තියෙනවානම් නොගිහින් හිටියම හිතන්නේ ඉරිසියාවට ආවේ නෑ කියලා නේද??

    ReplyDelete
  48. @ අසනි : ඔව් අක්කේ මම කවියක් දැක්කා.. " සැබෑ පෙම්වතුන් කිසිදා එක් නොවේ.." කියලා.. ඔකේ ඉතුරු ටිකත් එක්ක කියවලා බලද්දි හිතෙනවා ඒක ඇත්ත කියලා.. අපි ආදරේ කලේ ඇත්තටමනම් අපිට එයාට සුභ පතන්න පුළුවන් වෙන්නම ඕන..

    ReplyDelete
  49. ඒත් මට නම් කවදාවත් එහෙම යන්න බැරි වෙයි. සමහරවිට ඉරිසියාවත් වෙන්න ඇති. ඒත් හදවතින්ම ආදරේ කරලා එයා වෙන කෙනෙක් එක්ක පෝරුවක ඉන්න එක මට නම් දරාගන්න බැරි වෙයි.

    ReplyDelete
  50. හම්.....අනේ මන්දා...හිතාගන්න බැ.....දරාගන්න බැරිවෙන බව නම් දන්නවා....ඒත් සතුට එයාගේ මගේ ලඟ නැත්නම් මන් ආත්මාර්ථකාමී වෙන්නේ නැ.....

    ReplyDelete
  51. හම්.....අනේ මන්දා...හිතාගන්න බැ.....දරාගන්න බැරිවෙන බව නම් දන්නවා....ඒත් සතුට එයාගේ මගේ ලඟ නැත්නම් මන් ආත්මාර්ථකාමී වෙන්නේ නැ.....

    ReplyDelete
  52. මටනම් ඔහොම දෙයක් කරන්න බැරි වෙයි.මට අඩලාම මොනවා හරි වේවි.

    ReplyDelete
  53. මාර දුකයි..:(((
    එත් ඉතින් මටත් ඔය වගේ දෙයක් උනා නම් ඕකම තමයි මාත් කරන්නේ..ආදරේ කියන්නේ අනිත් කෙනාගේ සතුට තමන්ගේ සතුට කරගන්න අමුතුම ජාතියේ හැඟීමක් නේ..ඉතින් යන්නම වෙනවා..
    එත්..කාටවත් එහෙම වෙන්නෙපා..!!!

    ReplyDelete
  54. @ සිත්රූ සිහින : ඇත්ත දෙයක් තැති උනාම තමයි ගොඩක් වෙලාවට ඒකේ වටිනකම අපිට තේරෙන්නේ.. දෙන්නෙක් ආදරෙන් ඉදලා වෙන් උනාට පස්සේ හොද යාළුවෝ වෙනවා කියන්නේ බොරුවට හිත් රවට්ටා ගැනීමක්.. ඒකෙන් වෙන්නේ තවත් දුකක් ඇති වෙන එක..

    ඒ සංවේදි බව මටත් දැනෙනවා..

    ReplyDelete
  55. @ ලොකු පුතා : ඔව් එයාලට ආයෙම ප්‍රශ්ණයක් වෙනවනම් එක වැරදියි.. එතන් ආදරයක් නෑ.. කවුරු කොහොම කිවුවත් ඒ වෙලාවෙදි හිතට පොඩි දුකක් දැනෙනවම තමයි..

    නෑ යාළුවා. මේක මම මුහුන දුන්න සිදුවීමක් නෙමෙයි.. සිතුවිල්ලක් විතරයි..

    ReplyDelete
  56. @ Anonymous 3 : ඇනෝ කෙනෙක් විදිහට කමෙන්ට් කලාට යාළුවා මගේ බ්ලොග් එකට නිතරම එන කෙනෙක් වෙන්න ඕන.. නැත්නම් ඒ කතාව මතක් වෙන්න විදිහක් නෑ.. නෑ ඒ වෙඩින් එක ඇත්තටම මට කිවුවේ නෑ.. කිවුවත් මට එන්න වෙන්නේ නෑ කියලා එයා දන්නවනේ..

    ReplyDelete
  57. @ රූ : ඔව් අක්කේ.. හිතේ තියෙන ආදරය කොහොමද අත අරින්නේ..

    ReplyDelete
  58. @ ඔබ නොදුටු ලොවක් : එහෙනම් අයියත් මේ අත්දැකිමට මුහුන දිලා තියෙනවා.. මං ලියපු දේ එහෙනම් හරි වෙන්න ඇති..

    ReplyDelete
  59. @ sihina : ඇත්ත.. නොලැබුනා කියලා ගරහන එක මත් අනුමත කරන්නේ නෑ.. එතකොට එතන ආදරයක් තියෙනවා කියලා ම හිතන්නේ නෑ.. එතන තියෙන්නේ හුදෙක්ම ඉරිසියාවක් විතරයි..

    මේක මගේ කතාවක් නෙමෙයි සිහින..

    ReplyDelete
  60. @ indika : එහෙම ආරාධනයක් ආවම නොගියම හිතන්නේ තනි උන කෙනාගේ හිතේ වෛරයක් තියෙනවා කියලානේද? එතකොට ඒක අනිත් කෙනාට මානසික ප්‍රශ්ණයක්..

    ReplyDelete
  61. @ මකුළු පැංච් : පිස්සුද නංගියෝ.. ඔයාට එහෙම වෙන්නේ නෑ.. දුක් නොවී ඉන්න...

    ReplyDelete
  62. @ Observer : මෙවන් අත්දැකීමක් කාටවත් ලැබෙන්න එපා අයියේ..

    ReplyDelete
  63. @ රාජ් : එක අතකට එහෙම හිතක් තියෙන එක හොදයි අයියේ.. එතකොට කෙලින් තීරණයක් ගන්න ලේසියි..

    ReplyDelete
  64. @ තනි අලියා : හෙහ් අර මොකෝ ඒ.. එතකොට උඹේ වෙඩින් එක අපිට කියන්නෙත් නැද්ද??

    ReplyDelete
  65. @ sAm (සෑම්) : ලස්සන කවිය.. ඇත්තටම තමන්ගේ හොදම යාළුවෙක් පෙම්වතියගේ අත ගන්නවනම එතකොට දැනෙන වේදනාව වැඩියි..

    ReplyDelete
  66. @ පිණිබිදු : ඉරිසියාවක් ආවත් ඒක ඒ වෙලාවට නොපෙන්නා ඉන්න ඕන අක්කේ.. කොච්චර අමාරු උනත්..

    ReplyDelete
  67. මං නම් හොද ශොට් එකක් දානවා වෙඩිමට ගිහින් දුක නැතුව යන්ඩ :D


    rosa.italy

    ReplyDelete
  68. මේක කියවද්දී මට මතක් වුනේ අර 'මතකයන් අමතක කෙරැවත් අමතක වෙන්නේ නෑ'කියන සිංදුව

    ReplyDelete
  69. "ඒත් මං එච්චරම ආදරේ කරපු කෙනාගේ ජීවිතේ ලස්ස්නම දවසට නොගිහින් ඉන්න තරම් ආත්මාර්ථකාමි වෙන්න මට පුළුවන්ද??"

    කියන්න වචන නෑ අයියේ. හැබැයි මට නම් ඔහොමදෙයක් වුනොත් යන්න බැරිවේවි.

    ReplyDelete
  70. @ Anonymous : අන්න නියම වැඩේ.. එතකොට හිතට කිසිම දුකක් නෑ..

    ReplyDelete
  71. @ බට්ටී : ඔව් අක්කේ.. මේ ගැන ලිය උන සිංදුත් ගොඩක් තියෙනවා..

    ReplyDelete
  72. @ Kasun : කොහොම උනත් එහෙම යන්න ආරාධනාවක් ආවොත් යන්න හිතේ හයිය හදා ගන්න ඕන මල්ලියේ අපි..

    ReplyDelete
  73. උත්තරයක් නැති ප්‍රශ්ණයක්

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්