Friday, 2 December 2011

තවත් එක් මතකයක්


මේ ජීවිතේ ගැන වෙලාවකට පුදුමත් හිතෙනවා.. අපි බලාපොරොත්තු වෙන දේවල් අපිට ලැබෙන්නේ බොහෝම අඩුවෙන්.. ඒත් බලපොරොත්තු නොවන දේවල් ලැබෙන්නේ අපි නොහිතන වෙලාවල් වල.. හොද හෝ නරක වේවා අපිට මේ දේවල් බාර ගන්න වෙනවා ඒක තමයි ඇත්ත.. 

මේ සිද්ධිය වෙනකොට මම A/L ලියන කාලේ.. ඉස්කෝලෙට අමතරව ටියුෂන් යන එක ඒ දවස් වල අපිත් ලොකුවට කලා.. ඒත් මට එක විෂයකට වැඩිය ළමයි නොඑන දෙතුන් දෙනෙක් පමණක් එකතු වෙන පන්තියක් හම්බුනා අහම්බෙන් වගේ.. ඉතින් මමත් ඒ විෂයට තරමක් දුර්වල නිසා මේ පන්තියට යන්න හිතුවා.. මේ පන්තිය තිබුනේ මගේ යාළුවෙක්ගේ ගෙවල් කිට්ටුව..

මේ පන්තියේ හිටියේ මම එකතු උනාට පස්සේ මාත් එක්ක ළමයි 5ස් දෙනයි.. එයින් දෙන්නෙක් ගෑණු ළමයි.. මං මේකේ එන කතා නායිකාවට හංසී කියලා කියන්නම්කෝ.. ඇය තරමක් හැඩ කාරයි.. ටිකක් විතර ආඩම්බර කාර පෙනුමක් තිබුනත් ඇයට සුන්දර හිනාවක් තිබුනා.. මේ පන්තියේ ගුරුතුමී එක්ක කතා කරලා මං ඉස්සෙල්ලාම පන්තියට ඇතුල් වෙද්දි මං දැක්කේ ඇයව.. ඉස්සරහම තිබුන බංකුවේ තනියම ඇය මොනාද පොතේ ලියමින් හිටියේ.. මමත් මිසුත් පන්තියට ඇතුල් වෙද්දි ඇය අපි දිහා බලලා හිනා උනා.. ඒ හිනාවේ වැඩි කොටස අයිති වෙන්නේ මිස්ට නිසා මම ඒ ගැන වැඩිය හිතන්නේ නැතුව ඊළග පේලියේ වාඩි උනා..

මම කලින් කිවුව මගේ යාළුවත් මේ පන්තියට ආවා.. අපි දෙන්නත් එක්ක මගේ යාළුවගේ යාළුවා හැමදාම වගේ පන්තියේ වාඩි උනේ පිටිපස්සේ පේලියේ.. ඒක ඉතින් අපේ කොහොමත් පුරුද්දනේ.. පන්තිය පටන් ගන්නකම් අපි අතරේ උන කතාබහට ඉස්සරහ පේලියේ හිටපු මේ ගෑණු ළමයි දෙන්නත් ඉදලා හිටලා එකතු උනා.. කාලය හෙමින් ගෙවී ගියත් මගේ හිතේ විශේෂ තැනක් ඇය නමින් ලිය විලා තිබුනේ නෑ.. ඒත් දවසක් මේ හැම දෙයක්ම වෙනස් කලා..

අපි පන්ති ඇරිලා එන පාරේ ටික දුරක් යද්දි තමයි හංසිගේ ගෙදර හම්බුවෙන්නේ.. සමහර දවස් වලට අපි ඔය ටික එන්නේ එකට.. ගොඩක් වෙලාවට අරමුණක් නැති කතා බහක.. මෙහෙම එන දවසක අපි ඉස්සරහට ආපු තුන්දෙනෙක් අපි ලගින් නැවතුනා..

“ ආ එතකොට මෙයාද ඔයාගේ කොල්ලා?”

ආපු තුන් දෙනාගෙන් කෙනෙක් එකපාරම හංසි දිහා බලලා අහුවේ ලොකු කේන්තියකින් කියලා මට හොදටම තේරුනා.. මම හිතුවේ මේ ඇගේ සහෝදරයෙක් වෙන්න ඇති කියලා.. ඒත් මං වැරදි කියලා මට මොහොතකින් තේරුණේ මං බලාපොරොත්තු නොවුන විදිහේ ඇගේ වදනක් නිසා..

“ ඔව්.. මේ එයා තමයි..”

අතේ තිබුන පොත් අතරින් ඇය මගේ අත අල්ලගෙන එහෙම කියද්දි මං නොදැනුවත්වම වගේ ඇගේ මුහුණ දිහා බලාගෙන හිටියේ මේ මුකුත් හිතාගන්න බැරුව.. මගේ ඒ වෙනස ඔවුන්ටත් තේරුණා වෙන්න පුළුවන්..

“ ඇත්තද? උඹ එහෙනම් මෙයාට ගොඩක් ආදරෙයිද?”

කේන්තියෙන් පුපුරමින් උන් අපේ වයසේ යැයි සිතිය හැකි කෙනා මගේ ඉස්සරහටම ඇවිත් මගේ මුණ දිහා බලාගෙන එහෙම අහද්දි මට දෙන්න උත්තරයක් නැතුව ගියා..

“ ඔව්..”

“ ආ එහෙමද.. අපි එහෙනම් පස්සේ බලාගමු..”

කේන්තියෙන් මං දිහා බාලාගෙන හිටපු ඔවුන් ආපහු හැරිලා යද්දි මං තනියම කල්පනා කලා  මම ඒ ප්‍රශ්ණෙට “ඔව්” කියලා උත්තර දුන්නේ ඇයි කියලා.. මොනවා උනත් දැන් ඒ ගැන හිතන්න පරක්කු වැඩියි.. නිරපාරාදේ හතුරෙක් මං දැං හදාගෙන ඉවරයි නේද කියලා මට හිතුනා.. ආපහු හරිලා යන ඔවුන් දිහා බලාගෙන ඉන්න මගේ ඉස්සරහට ආපු ඇය කඳුළු පිරි දෑස් වලින් මට ස්තූති කරන්න පටන ගත්තා..

“ දිනේෂ් මට ඔයාගේ ටෙලිෆෝන් නම්බර් එක දෙන්න.. මං ඔයාට රෑවෙලා කෝල් එකක් දීලා මේ හැම දෙයක්ම කියන්නම්..”

සිද්ද උනේ මොකක්ද කියලා මට දැන ගන්න ලොකූ උවමනාවක් තිබුන නිසාම මං ඇයට මගේ නම්බර් එක දුන්නේ දැං කොහොමත් අනුන්ගේ හේතුවකට මට ගුටි කන්න වෙන එක අනිවාර්ය බව තේරුන නිසා.. එදා රෑ බලාපොරොත්තු උන විදිහටම ඇගෙන් ඒ කෝල් එක ආවා.. කඳුළු කතා බොහෝමයක් අතරේ ඇය මෙතරම්ම අකමැතියි කියද්දිත් ඔහු ඇගේ පස්සෙන්ම ඇවිත් කරදර කරන හැටි ඇය මාත් එක්ක කිවුවේ පැයකටත් වඩා දිගු දුරකතන කතා බහකින්.. එදා පළවෙනි වතාවට මගේ හිතේ තැනක් ඇය වෙනුවෙන් වෙන් උනා..

එදා ඒ සිද්දියෙන් පස්සේ අපි ගොඩක් හොද මිතුරන් උනා.. පන්ති වෙලාවට අමතරව ගොඩක් දවස් වලට ඇය මට කතා කලා.. ටිකෙන් ටික මගේ හිත ඇය වෙතට ඇඳී යනවයි කියලා මට හොදින්ම දැනුනත් අවංකවම මං ඒ ගැන කියන්න බය උනා.. ඒ මමත් අර කලින් කෙනාගේ මට්ටමටම වැටේවියි කියලා හිතුන නිසා.. ඒ නිසාම ඒ බව මොහොතකටවත් අගවපු නැති මම ඇයට හොද මිතුරෙක් උනා..

A/L ඉවර වෙලත් ගොඩක් කාලයක් යනකම් අපේ ඇසුර තිබුනා.. මගේ ජීවිතේට පූජා ආවයින් පස්සේ ඒ සිද්ද උන වෙනස්කමුත් එක්ක අපේ යාළුකමත් ටිකෙන් ටික ඈත් වෙලා ගියා.. ඒත් පහුගිය කාලෙක ඉදන් මං ඇයව හොයාගන්න ගොඩක් උත්සාහ කලා.. මුහුණු පොතේ මම එයාගේ නම ගහලා සර්ච් කරපු වාර අනන්තයි.. ලංකාවට ගිය වෙලේ මගේ ඒ මිතුරා මගිනුත් මම ඇයව හොයන්න උත්සාහ කලා.. ඒත් ඒ හැම දෙයක්ම අසාර්ථක උනා..

මම බලාපොරොත්තු නැති විදිහට ඇය මට ලං උනා.. ඒ වගේම මං බලාපොරොත්තු නොවුන විදිහට ඇය මගෙන් ඈතටත් ගියා.. සමහර විට මේ වෙද්දි ඇය විවාහ වෙලත් ඇති..  එදයින් පස්සේ අපේ ජීවිත ගොඩක් දුර ගලාගෙන ගියා.. දෙපැත්තකට.. සමහරවිට අපි ආයෙම හමු වේවි.. මොකද මේ ලෝකේ අපි හිතන තරම් විශාල තැනක් නෙමෙයි කියලයි මං විශ්වාස කරන්නේ..







47 comments:

  1. ඔන්න මම ප්‍රාර්ථනා කරනවා එයා මේ බ්ලොග් පෝස්ට් එක දැකලා ඔයාට කතා කරන්න කියලා :)

    ReplyDelete
  2. අපේ ජීවිත වලට කෙල්ලො එනව යනව.බැදීම් ඇතිවෙනව නැතිවෙනව.පැත්තකට වෙලා කල්පන්න කලොත් මේක මහ පුදුමාකාර ජීවිතයක්

    ReplyDelete
  3. ජීවිතේනම් හරි පුදුමයි..
    ඔයාට කවදා හරි එයාව ආයෙ මුණගැහේවි අනිවාර්යයෙන්ම..! :)
    මේ පුංචි රටේ (ලෝකයේ).. කොතැනකදී හෝ මතුකවදා හෝ..

    ReplyDelete
  4. // අපි ආයෙත් හමු නොවුනා නම් ඉස්සර මියගිය සෙනෙහස යළි ඉපදී මා අද හඬවන්නට අපි ආයෙත් හමු නොවුනානම //

    මෙහෙම කියලා හිත හදාගන්න දිනේෂ්

    ReplyDelete
  5. ඔයාට එයා කතා කරාවී...මට ඒක විශ්වාෂයි...පපුවට මේ තරම්ම මේ සිදුවීම දනුනේ ඇයි දන් නෑ...ඒත් අසනිගේ පපුව එකසිය ගානට ගැහෙනවා..සත්තයි...

    ReplyDelete
  6. ' මගේ ජීවිතේට පූජා ආවයින් පස්සේ ඒ සිද්ද උන වෙනස්කමුත් එක්ක අපේ යාළුකමත් ටිකෙන් ටික ඈත් වෙලා'

    සුන්දර මතකයක් විතරක් විදියට තියාගෙන, ඈ ගැන හොයන එක අත හැරලා දාන එක ඇඟට ගුණයි. මොකටද නැති ප්‍රශ්න ඇති කරගෙන ජීවිතේ සංකීර්ණ කර ගන්නෙ?

    ReplyDelete
  7. අනිවාර්යෙන්ම ගහට ගහම් මොරටුවේදි හරි හම්බ වෙනවා කියලා කතාවක් තියෙනවනේ. ඒ නිසා මල්ලිට එයාව කවදා හරි හම්බ වෙයි.

    ReplyDelete
  8. එක අතකට අතීතය එහෙමම යට යන්න අරින්නයි මම කැමති....ආයෙත් දුකක් ඇතිවෙන එක නවත්තාගන්න!

    ReplyDelete
  9. එක අතකට අතීතය එහෙමම යට යන්න අරින්නයි මම කැමති....ආයෙත් දුකක් ඇතිවෙන එක නවත්තාගන්න!

    ReplyDelete
  10. සයුරි කරපු wish එකම මාත් කරනවා ඔන්න

    ReplyDelete
  11. යාලුවට ඇයව හමුවෙන එක හොඳයි කියල හිතෙනවා නම්, මමත් නැවත හමුවීමකට ඉඩ ලැබෙන්න කියල ප්‍රර්ථනා කරන්නම්.

    ReplyDelete
  12. ජීවිතේ හරි පුදුමාකාරයි. අපි නොහිතන විදිහ ට ජීවිතේ ගලාගෙන යනවා.....

    ඔව්, මේ ලෝකය පුංචියි. කවදාහරි ඔයා ට එයාව මුණගැසෙයි....... :D
    එහෙම මුණගැසේවා කියලා ප්‍රාර්ථනා කරනවා!!!

    ReplyDelete
  13. "සමහරවිට අපි ආයෙම හමු වේවි.. මොකද මේ ලෝකේ අපි හිතන තරම් විශාල තැනක් නෙමෙයි කියලයි මං විශ්වාස කරන්නේ.."

    හ්ම්ම්...... ඔව් ඒ කිව්වා වගේ දවසක් හම්බ වෙන්නත් පුළුවන්. හැබැයි ලොකු බලාපොරොත්තු තියාගන්න එපා. එයා අර කිව්වා වගේ බැඳලද දන්නෙත් නෑ නේ.

    ReplyDelete
  14. ඇයි යකෝ... සද්ද නැතුව හිටියේ???

    ReplyDelete
  15. @ සයුරි : එහෙම උනොත් නම් හොදයි අක්කේ.. ඒත් වෙලාවකට හිතෙනවා මං මෙහෙම එයාව හොයන එකේ අරමුණ මොකක්ද කියලත්..

    ReplyDelete
  16. @ කස්සා : ඇත්ත යාළුවා.. මේ බැදීම් වෙලාවකට හරි අමුතුයි.. වෙලාවකට වේදනාකාරියි..

    ReplyDelete
  17. @ නන්දු : මාත් එහෙම හිතනවා.. මේක අරමුනක් නැති දෙයක් නන්දු..

    ReplyDelete
  18. @ ශානු : ඔව් ශානු.. අන්තිමේ එහෙම වෙයිද දන්නෙත් නෑ.. ඒ නිසා මෙහෙම හොදයි වගේ..

    ReplyDelete
  19. @ අසනි : ස්තූතියි අක්කේ මගේ කතාව හදවතින්ම කියෙවුවට.. ඒනිසා වෙන්න ඇති අක්කට එහෙම දැනෙන්නේ..

    ReplyDelete
  20. @ Observer : හිතලා බලද්දි අයියගේ කතාවත් ඇත්ත.. මොකටද අනවශ්ය ප්‍රශ්ණ.. එයා දැන් මොන තත්වෙක ඉන්නවද කියලා දන්නේ නෑනේ..

    ReplyDelete
  21. @ මධුරංග : හ්ම්ම්ම්.. බලමුකෝ අයියේ.. ඔයාලගේ අදහසුත් එක්ක බලද්දි හිතෙනවා හමුනොවෙනවානම් හොදයි කියලත්..

    ReplyDelete
  22. @ ලහිරු : ඔව් ඒකත් ඇත්ත.. මොකටද ආයෙම මේ පරණ දේවල් හාර අවුස්සල හිත් රිදව ගන්නේ..

    ReplyDelete
  23. @ Dishan Rajapaksha : ස්තූතියි යාළුවා..

    ReplyDelete
  24. @ හිරණ්‍ය : අනේ මන්දා.. සමහර වෙලාවට මම ෆේස්බුක් එකේ සර්ච් කරලා බලනවා.. පස්සේ ආයෙම ඒ මතකය යටපත් වෙනවා..

    ReplyDelete
  25. @ මහී : අපි බලමු.. මේ ජීවිතේ තව කාලයක් ඉතුරු වෙලා තියෙනවනේ.. ආයෙම හමුවීමක් ලියවිලා තියෙනවානම් එහෙම වේවි..

    ReplyDelete
  26. @ පැණි දොඩම් : අනේ මන්දා අයියේ.. අර කලින් කරදරකාරයාගේ තත්වෙටම මාත් වැටෙයි කියලා මං හිතුවා..

    ReplyDelete
  27. එයාව ඉක්මනින් හම්බෙන්න කියල ඒක හිතින් පතනවා :)))

    ReplyDelete
  28. මමත් ප්‍රාර්ථනා කරනව ඔයාට එයාව කවදහරි හමුවෙන්න කියල.....

    හැබැයි මම ඔයා උනානං අරූ අද නෑ! :D

    ReplyDelete
  29. මේ විදිහට අපිට මගඇරිච්ච දේවල් කොයි තරමක් ඇතිද ජීවිතේදී....
    උඹ තාමත් තනිකඩනම එයාව හම්බ වෙන්න කියල ප්‍රර්ථනා කරන්නම්
    ජය වේවා....!!

    ReplyDelete
  30. මගේ ජීවිතේට පූජා ආවයින් පස්සේ ඒ සිද්ද උන වෙනස්කමුත් එක්ක අපේ යාළුකමත් ටිකෙන් ටික ඈත් වෙලා

    yana deta yanna arinna.

    ReplyDelete
  31. හායි !!! ඔයාට මාව මතකද.....හික් හික් හික් මේ මම ..ඔබ නුදු‍ටු...

    ReplyDelete
  32. ජීවිත කාලෙටම ලග ඉන්න බලාගෙන හම්බ වෙනවානම් කමක් නෑ මල්ලි.එහෙම නැතුව හම්බ වුනොත් නම් ලොකු දුකක් දැනේවි.

    ReplyDelete
  33. මමනං කියන්නෙ ආපහු මුණ ගැහෙන්න එපා... ඒ වෙනුවට ඔයාට ආදරේ කරන කෙනෙක්ව මුණ ගැහෙන්න කියලයි මම ප්‍රාර්ථනා කරන්නෙ...මොකද ඔය කියන ගෑනු ළමයා එයාගෙ ජීවිතේ දුරගිහින් ඉන්නව දකිද්දි ඔයාට පොඩි හරි වේදනාවක් දැනේවිනේ...ජීවිතේ සතුට හොයාගන්න හිත හදාගත්තු ඔයාආපහු පොඩි වෙලාවකට හරි නිකරුණෙ දුක් වෙනවට මම නම් ආස නෑ පොඩ්ඩක්වත්.... :(

    ReplyDelete
    Replies
    1. එක නම් ඇත්ත එයා දැන් එයාගේ ජීවිතේ ගොඩක් දුරට ගිහින් ඇති සමහර විට එයාට වෙනම ලෝකයක් ඇති ඔයාටයි දුක් වෙන්න වෙන්නේ

      Delete
  34. ආයි එයා එනවා සුවර් එනවා.....

    ReplyDelete
  35. ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්.... සමහරු ඉන්නවා තමා අයියා, නොහිතපු විදියට අපේ ජීවිත වලට ඇවිත් අතුරුදන් වෙලා යන...:) හරිම පුදුමයි ජීවිතේ.. මේ පුංච් රටේ එයා ඉන්නවනම් අයියා ආපු ව්එලාවක හොයලා බැලුවොත් හම්බෙයි..ඒත් කවදාහරි එයාව මුණගැහෙයි කියලා මට හිතෙනවා... ඒත් අයියාට ආදරේ කෙනෙක් මුණගැහෙනවනම් හොදයි කියලා හිතෙනවා. මොකද ඒ ගෑණූ ළමයව හම්බෙලා අයියාගෙ හිත අතීතය ගැන අඅයෙමත් පසු තැවෙන්න වුනොත්...

    ReplyDelete
  36. @ Kasun : ඔව් කසුනෝ.. ඕව ගැන ඒ තරම් ශුවර් කරන්න බෑ.. බලමුකො මොකද වෙන්නේ කියලා..

    ReplyDelete
  37. @ වර්ණා : හමු උනොත් අනිවාර්යෙන්ම මම ඔයාලටත් කියන්නම්..

    ReplyDelete
  38. @ ලොකු පුතා : මම නම් තාම තනිකඩ තමයි.. ඒත් එයා කොහොමද දන්නේ නෑ..

    ReplyDelete
  39. @ Anonymous : සමහර විට ඒ දේ අමතක කරන එක හොදයි කියලා හිතෙනවා..

    ReplyDelete
  40. @ ඔබ නොදුටු ලොවක් : ඔයාව නේන්නම් මමත් මේ කාලයක් තිස්සේ හෙවුවේ.. ඔබ නොදුටු නිසාද කොහේද මං දැක්කේ නෑනේ.. :D

    ReplyDelete
  41. @ නිසූපා : එහෙම හැමදාටම රැදෙන්න බලාපොරොත්තුවක් නෑ අක්කේ.. ඒත් මතකයේ හොල්මන් කරන නිසයි මෙහෙම ලිවුවේ..

    ReplyDelete
  42. @ මකුළු පැංචි : නංගී කියනවානම් මම ඒ අදහස අත් අරිනවා.. ඔව් ඇත්ත ගොඩක් අය කිවුවත් වගේ ඒක පස්සේ දුකක් වෙන්න පුළුවන්..

    ReplyDelete
  43. @ රහස් පරීක්ෂකයා : අපි බලමුකෝ මල්ලී..

    ReplyDelete
  44. @ හිතුවක්කාරී : ඔව් නංගී දැන් අතීතය පස්සේ දුවලා වැඩක් නෑ.. මගේම කියලා කෙනෙක් ඉන්න අනාගතේ ගැන හිතනවා මිසක.. තව ටික කාලෙකින් ඒ ගැන හිතමුකෝ...

    ReplyDelete
  45. @ තනි අලියා : කවුද අර වලියට ආපු පොරද? මටත් එහෙම රණ්ඩු වෙන්න තිබුනා එයා ඇත්තටම මට හිමි උනානම්.. එහෙම නැතුව මොකටද අනුන්ගේ රණ්ඩු..

    ReplyDelete
  46. මටත් මෙවෙනි කතාවක් තව අවුරුදු කිහිපයකින් ලියන්න පුලුවන් වෙයි.. මීට සමිප සිදුවීමක් මටත් වුනා නමුත් ඒක ගැන පූර්න නිගමනයකට එලබෙන්න තාම කල් වැඩී..

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්