Tuesday, 6 December 2011

අඬහැරය 5


අඬහැරයෙන් මම වෙනදට නම් ගේන්නේ කවියක්.. ඒත් අද ටිකක් වෙනස් දෙයක් කතා කරන්න ඕන කියලා මට හිතුනා.. මේ කතාවට යන්න කලියෙන් මොහොතක් බලන්න මේ පින්තූරය දිහා.. ඔබට මොනවද මේ පින්තූරය ගැන හිතෙන්නේ??




ඔව් ඔබ හිතුවා හරී මේ පින්තූරේ ඉන්නේ මිනිසෙක් පොඩි ළමයෙක්ව වීසි කරන අයුරු.. ඒත් මේ පොඩි ළමයා  මේ මොහොත වෙද්දී ජීවතුන් අතර නෑ.. මීට කාලෙකට හයිටි රාජ්‍යයේ ඇතිවූ දරුණුම භූමිකම්පාව ඔබට මතක ඇති.. මේ කුඩා දරුවා මිය ගිහින් තියෙන්නේ ඒ භූමි කම්පාව හේතුවෙන්.. මට මේ පින්තූරේ අහම්බෙන් වගේ හමු උනේ මෙතනින්.. මේ පින්තූරයට ප්‍රවෘති අංශයේ පළවෙනි තැනත් හිමි වෙලා තියෙනවා.. මම මේ පින්තූරේ අරගත්ත තැන මේ ගැන සදහන් වෙන්නේ මෙන්න මේ විදිහට..

1st Prize General News Stories
Haiti earthquake aftermath, 15-26 January, A man throws a dead body at the morgue of the general hospital, Port-au-Prince, 15 January, by Olivier Laban-Mattei, France, Agence France-Presse
Picture: Olivier Laban-Mattei, France, Agence France-Presse


ඊට වඩා දෙයක් එහි සදහන් නැති බව ඔබටත් ඒ අඩවියට ගියොත් දැක ගන්න පුළුවන් වේවි..

මට මේ පින්තූරේ අහම්බෙන් ඇස ගැටිලා දැන් සුමානයක් විතර වෙනවා.. මේ ගැන මොනවා හෝ ලියන්න ඕන කියලා කල්පනා කලත් මේ පින්තූරේ දිහා බලාගෙන ඉද්දි ඇතිවෙන වේදනාව නිසාම මට මේ මොහොත වෙනකම් මේ ගැන මේ විස්තරය ඇරෙන්න වෙන යමක් ලියා ගන්න බැරි උනා..

මට මේ පින්තූරේ දකිද්දි හිතේ ප්‍රශ්ණ කීපයක්ම මතු වෙනවා.. එකක් තමයි ඇයි මේ පුද්ගලය අමේ විදිහට මේ දරුවගේ නිසල සිරුර කුණු ගොඩක් වගේ විසි කරන්නේ කියන එක.. අපි දන්නවා හයිටිය කියන්නේ දුප්පත්ම රාජ්‍යක් කියන එක.. ඒ ඇති උන ප්‍රශ්ණ හමුවේ ඔවුන්ට මිනිස් ශ්‍රමය අහිමි වෙලා ඔහුට තනියම මේ රාජකාරිය ඉටු කරන්න උන  නිසාද ඔහු මෙහෙම කරේ?

පින්තූරයක් කියන්නේ කිසියම් සිදුවීමකින් එක් මොහොතක් පමණයි කියලා මං දන්නවා.. සමහර විට මේ පින්තූරේ ගත්තට පස්සේ මේ සිදුවිම් පෙල මීට වඩා වෙනස් උනා වෙන්න පුළුවන්.. ඒත් දැං අපිට පේන්නේ මගේ හිතට දැනුන දේ නේද??

මීට වඩා යමක් කොයිතරම් උත්සාහ කලත් මට ලියා ගන්න බෑ.. ඒ නිසා මං කැමතියි ඔබ මේ ගැන හිතෙන දේ කියලා යනවනම්...




18 comments:

  1. ඒ මනුස්සයාට මේවා දැකල දැකලම ගානක් නැති වෙලාද දන්නේ නැහැ...අපේ මානසික මට්ටමයි එයාගේ මානසික මට්ටමයි කොයි තරම් වෙනස් ඇත්ද..

    ReplyDelete
  2. මමත් වැඩ කරා මෝචරියේ ටික කාලයක්....

    ReplyDelete
  3. සංවේදීකමක් නැති මිනිස්සුංව විසි කරන්න ඔ්න ඔය විදියටයි! :(

    ReplyDelete
  4. ඇත්තටම සයුරිට මාත් එකගයි..
    මොකද ඔවැනිම සිදුවීමක් අසනිගේ ඇසට දකින්න ලබුනා...මගේ අයියා කෙනෙක්ගේ දවස් 7 ක පුන්චි දරු පැටියෙක් නැති වුනා..එදා දරු පැටියව බලන්න අසනිත් මෝචරියට ගියා..ඒ මොහොතේ අපේ පුංචි රෝස මල එතන වැඩ කරපු කෙන මාලුවෙක් අල්ලනව් වගේ අල්ලලා දඩස් ගාලා එතන තිබ්බ ලෑල්ලකට දැම්මා...මට කෑ ගැස්සුනා...එත් දවස් ගානකට පස්සේ මතක් වුනේ ..එතන තිබුනේ අපේ දෝනිගේ නිසල දේහය මිසක්..දෝනි නොවන බවත්..අපිට අපේ දෝනිගේ නිසල දේහයත් රත්තරන් වටින්න නමුත්..එතන හිටපු කෙනාට ඒ තවත් මල සිරුරක් පමනක් බවත්..

    මෙතන වෙලා ඇත්තෙත් ඒ දේමයි යාලු...ලෝකේ සමහර දේවල් තියෙනවා නොදැක ඉන්න පුළුවන්නම් හරි හොදයි..මොකද ඒ දෙවල් ඒ තරම් වේදනාකාරි..

    ReplyDelete
  5. මෙයා මේ කරන ‍රැකියාවත් එක්ක, මිනිස් ජීවිතවල වටිනාකමක් දැනෙන්නේ නැතුව ඇති....

    ReplyDelete
  6. මම නම් මේ පුද්ගලයා කරන දේ හරිවත් නරකයිවත් කියන්නේ නෑ, අර කිව්වා වගේ ශ්‍රම හීනතාව නිසා නැත්තම් මෙවැනිම මරණ විශාල ප්‍රමාණයක් දැක්ක නිසා ඇති වුනු මානසික අසහනය එහෙමත් නැත්තන් මළසිරුරට ගෞරව කළයුතු නැතැයි සිතන නිසා වෙන්නත් පුළුවන්. මම අර මුල් හේතු දෙකට නම් කැමතියි. කොහොම වුණත් මේ ඡයාරූපය හයිටියේ වුණු විපතේ තරම පෙන්වන්න හොඳ නිදසුනක් වේවි.

    ReplyDelete
  7. මම හිතන්නෙ සුනාමිවලින් මැරුන අයටත් වෙන්නැත්තෙ මෙහෙම..කිව්වත් වගේ අපි මේ වෙලාවෙ හිටියෙ නැති නිසා මේ මනුස්සයා හිතන විදිහ තේරුම් ගන්න අමාරුයි..

    ReplyDelete
  8. අනේ මන්දා ,,,..... වැ‍රැද්දක් නැතෙත් නෑ... එත් වෙන කරන්න දෙයකුත් නෑ....

    ReplyDelete
  9. සුනාමි දවස් වල අපේ පැත්තෙත් ඔය වගේ සිද්දි තිබුනා.....ඇත්තටම ඔතනදි ඒ මනුස්සයගේ වරදක් නැ....මොකද මැරුණ දාම ඔය මිනි හම්බුනේ නැනේ...දවසක් හරි පහු වුණා...එතකොට තැලිලා පොඩිවෙලා තියෙන ශරිර ඉක්මනට ගඳ ගහන්න ගන්නවා....ඔක හෙමින් හෙමින් තිය තිය ඉන්න ගියොත් වෙලා යනවා නේද....එතකොට ගඳ තවත් පැතිරෙනවා..ඒක ජීවත් වෙලා ඉන්න මිනිස්සුන්ට වදයක්..ඊට වඩා හොඳයි නේද මේ විදියට හරි ඉවර කරන එක....

    ReplyDelete
  10. මළ සිරුරු වලට හුරුවෙලාම මේ මනුස්සයට මේකත් තව විසිකරන ජරා ගොඩක් විතරයි වෙන්න ඇති.

    ReplyDelete
  11. අනේ හරියට දුක හිතෙනවා මේක දැක්කාම

    ReplyDelete
  12. හ්ම්ම්ම්... කතා කරන පින්තූරයක් සහෝ....!

    ReplyDelete
  13. මොනා උනත් මිනිහෙක් එහෙම තවත් මිනිහෙක්ව කෙහෙල් ලෙල්ලක් වගේ විසික් කරන එක මොන තරම් නින්දිත වැඩක්ද/

    ReplyDelete
  14. මෙයාගේ රස්සාවේ හැටියට මෙයාට මේක ගානක්වත් නෑ වගේ.
    ඒත් මෙහෙම විසික් කරන එක ජරා වැඩක්. මොනා උනත් මනුස්ස පරාණයක් නේ. කවුද දන්නේ මේ මනුස්සයාටත් මේ වගේ ඉරණමක් අත්වෙයිද කියලා.

    ReplyDelete
  15. කියන්න මුකුත් හිතාගන්න නම් බෑ අයියේ. ඒ මනුස්සයට ඕක කරල කරලම ගානක් නැති වෙලාද දන්නේ නෑ.

    ReplyDelete
  16. ටික කලක් ඒක කරාම එයාගේ හිත ඒකට හුරු වෙනවා.. අනික එයා ඕක ඔය විදියට නැතු කොහොම කරන්නද, ඒ තරම් bodies තියෙන්න ඇති. සෑහෙන ගානක් මැරුනු නිසා. එයා ඒදේ ඉක්මනින් කරන්න ඕනේ.

    මේක බලද්දි මට හිතුනේ නොපමාව කුසල් දහම්හි යෙදෙන්න ඕන කියලා..

    ReplyDelete
  17. මම මේ පොස්ට් එක ඊයෙත් බැලුවා..අදත් බලන් හිටියා..ඒත් කියන්න මුකුත් හිතාගන්න බැහැ..හැමෝගෙන්ම ඉල්ලන්නෙ එකම එක දෙයයි..පුලුවන් හැම මොහොතකම පින් දහම් කරන්න මේ අයට වගේ මෙවැනි විපත් මෙන්ම මොනම ආත්මයකවත් නපුරු හදවත් ඇතුව ඉපදෙන මිනිසත් ආත්මයක් නොලැබෙන්න..

    ReplyDelete
  18. කියවන්න කලින් පින්තුරය දිහා බැලුවම නම් හිතුනේ හිට්ලර් යුගයේ නවතම ආරම්භයක් ද කියලා..:0 ඇත්ත සිදුවිම ගත්තම නම් හිතුනේ.. ඔය නම් මළ මිනියක්.. පණ පිටින් ඉන්න මිනිස්සු ඝාතනය කරන පුද්ගලයන් කොතරම් ඉන්නවද?? උන්ට කොහොම නම් හිතක් තියෙන්න ඔනේ ද ඔය වගේ පව්කාර වැඩ කරන්න..:( එ අතින් මේ මනුස්සය ගේ රාජකාරිය නේ කරන්නේ.. වැරදිලාවත් ඔය වැඩේ වැරදියි නේ ද කිව්වොත්.. එහෙනම් උඹලම අයින් කරගනින් කියයි.. අපි යනවද කුණු ගද ගහන මීනි උස්සන්න..???
    ඇරත් අපට එහෙම මීනි උස්සන්න වුණානම් අතට ගත්ත ගමන් බිම දායි නෙවෙයි.. බිමට අතහැරෙයි..:O ඒ වේලාවේ මොකෙක් හරි පොටෝ එකක් ගත්තොත් කියයි.. මුන් කිසිම හිතක් පපුවක් නැති එවුන්... ගත්ත ගමන් බිම අතහැරියා කියලා..:0

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්