Friday, 23 December 2011

250ක අතීතය


අද මට මේ බ්ලොග් එකේ වැදගත් දවසක්..මම මීට කලින්  මගේ අවුරුද්දේ සැමරුම ඇරෙන්න අනිත් දේවල් ගැන වැඩිය ලියලා නැති උනත් අද නම් මේ ගැන ටිකක් කතා නොකර බෑ කියලා මට හිතුනා.. මොනවා උනත් ඉතින්  බ්ලොග් එකක පෝස්ට් 250ක් ලියනවා කියන්නේ ලොකු ජයග්‍රහණයක්.. මීට වඩා ලියපු අපේ ප්‍රවීනයෝ ඉන්නවා.. ඉතින් මං අද හිතුවා මගේ මේ අහිංසක සතුට මේ විදිහට බෙදා ගන්න..

මම බ්ලොග් එක පටන්ගත්තේසිහිනකියන නමින් බව ගොඩක් කාලයක ඉදන් මාත් එක්ක හිටපු අය දන්නවා.. හරියටම 200වෙනි පෝස්ට් එකේදි මමවර්ණයට මාරු උනා.. ඇයි කියලා මං ආයෙම ලියන්න ඕන නෑ කියලා හිතනවා..

මුල්ම කාලේ මගේ අතින් ගොඩක්ම ලිය උනේ කවි.. ඒවා හැම එකකම තිබුනේ විරහව.. මේ තියෙන්නේ මගේ මුල්ම පෝස්ට් එක..  මට මගේ අවුරුද්දේ සැමරුමේදි සදහන් කරන්න බැරි උන එක කාරණාවක් තියෙනවා.. මගේ ස්තූතිය යා යුතුම පුද්ගලයෙක්.. තමයි මගේ බ්ලොග් එකේ පළවෙනි ( මගේ සහෝදරයො ඇරුන කොට බ්ලොග් ලොකයේ මා අදුනගත්ත) ෆලෝවර් හා කමෙන්ට්කරු.. තමයි SHADOWහේමාල් කියන අයියා.. මං මුලින්ම දාපු හැම පෝස්ට් එකක්ම වගේ අයියා බලලා කමෙන්ට් එකක් දීලා මට ශක්තියක් උනා.. මට සමාවෙන්න මගේ අවුරුද්දේ සැමරුමේදි මේ ගැන ලියන්න බැරි උන එක ගැන..

අවුරුද්දයි මාස 4 කාලෙකදි මට පෝස්ට් 250ක් ලියන්න පුළුවන් උනා.. ඉස්සර දැං වගේ හැමදාම එකක් ලියන්න මට බැරි උනා.. දැං මම මේ බ්ලොග්කරණයට ඇබ්බැහි වෙලා.. ඇත්තම කියනවානම්..  දවස අඩුම ගානේ පැය 3ක් 4ක් මේ වෙනුවෙන් යෙදවෙනවාම තමයි..

මම දැං ලියාගෙන යනවහල්ලුකතාවේ අවසානයත් පේන මානයට ඇවිත් තියෙන නිසා මට හිතුනා මගේ 250 වෙනි පෝස්ට් එකෙන් මගේ අතින් ලිය උන කතා ගැන පොඩ්ඩක් කතාකරන්න.. මගේ යාළුවෝ ගොඩක් දෙනෙක් මගේ පහුගිය කතා එක්ක එකතු වෙලා නැති නිසා.. ඉස්සර හැමදාම කවි ලියද්දි කතාවකුත් ලියලා වෙනසක් කරමු නේද කියලා මට අදහස දැම්මේ අපේ රත්ගමයා තමයි.. ඉතින් ඒකට උඹටත් ස්තූතියි මල්ලියේ..



ආදරයට ආදරයෙන්මගේ පළවෙනි කතාව.. මගේ ඇත්ත ජීවිතේ කදුළක්ව අවසන් උන ආදර කතාව.. මගේ සමහර පෝස්ට් වල පූජාගේ නම සදහන් වෙද්දි මාත් එක්ක අලුතින් එකතු උන අය ඇහුවා කවුද මේ පූජා කියන්නේ කියලා.. ගැන හැමදෙයක්ම ආදරයට ආදරයෙන් කතාවේ තියෙනවා..

මිනිසත්කම සොයාගිය චාරිකාව මගේ දෙවෙනි කතාව.. සැප සම්පත් වගේම ලොකු දරුවන්ගේ රැකවරණය අහිමි උන පියෙක් තම එකම දියණියත් එක්ක කරන ජීවිත අරගලය මගේ දෙවෙනි කතාවෙන් ඔයාලට කියවන්න පුළුවන්..

රාත්‍රී සමාජශාලාවක දිවි ගෙවු යුවතියකට අහම්බෙන් හමුවන තරුණයෙක් ඇගේ අහිමි උන ජීවිතය ආයෙම සොයා දෙන්නට දරන උත්සාහයකඩුපුල් මලනමින් ලිය උන කතාවෙන් ඔයාලට දකින්න පුළුවන්..

කවියක් නොවු නුඹකතාවට මම ආරම්භය ගත්තේ මගේ ආදර කතාව අවසාන උන තැනින්.. පෙම්වතිය මියගිය තරුණයෙකුගේ හිතට අහම්බෙන් ලං උන තරුණියක් මතක සියල්ලටම වඩා අළුතින් මතකයක් හිතේ තැනක ගොඩ නගද්දි නොසිතු විදිහට හින බොදව යන හැටි මේ කතාවෙන් කියවෙනවා..

ජීවිතේ දවසක්”.. මගේ කතා අතුරින් වැඩියෙන්ම ජනප්‍රි උන කතාව.. ගොඩක් දෙනෙක් මේ කතාවට ආදරේ කලා.. මේ කතාව කියවන්න ඇවිත් මට ගොඩක් අළුත් යාළුවෝ මුණ ගැහුනා.. විදීයේ කෙළවරක අතරම්ං උන නදුනුත් පොඩි මල්ලිත් සමග ගෙවුන අනිත් දිනයන්ට වඩා වෙනස් වූ දවසක්..

තරු ඇස් දහසක්හාවර්ණතවත් ආදර කතා දෙකක්..  වර්ණයෙන් සිතුම්ගේ ජීවිතේ වෙනස් උනා වගේම වර්ණයේ පාට මමත් තවර ගෙන මමත් ඊට පස්සේ ඉදන් වර්ණ උනා.. “ වහල්ලුමම තාම ලියනවා.. තව වැඩිම උනොත් කොටස් හතරක් හෝ පහක් තියේවි..

ඉතින් මේ තමයි මගේ අතින් ලිය උන කතා පෙල ගැස්ම.. මේ අවුරුද්ද ඇතුලත මම කතා 7ක් ලියලා ඉවර කරලා තියෙනවා.. මගේ 250 පෝස්ට් එකේ මම මේ ගැන ලිවුවේ මම මෙච්චර ලිවුවාය කියලා පෙන්නන්න හිතාගෙනම නෙමෙයි.. “වහල්ලුඅවසන් උනායින් පස්සේ ටික කාලෙකට මගේ අතින් කතාවක් ලිය නොවේවි.. “ පෙම් කවක් ලියනවා මම ආයේකියලා දවසක් ෆේස්බුක් එකේ ස්ටේටස් වලට දැම්මත් ඒක මග නැවැත්තුවා.. කවුරුවත් නොලියපු කතාවක් ලියන්න ඕන කියලා මට හිතුනා.. ඉතින් එහෙම කතාවක් හම්බෙනකම් මම ටික කාලෙකට ඒකට සමු දෙනවා..

මම මගේ කතා ඔක්කොම ඔය උඩින් පින්තූර මාරු වෙවි තියෙන කෑල්ලට එකතු කරන්න හිතාගෙන හිටියේ.. අපේ මලයා එක්ක එකතුවෙලා වැඩේ කරද්දි ඔය ඉමේජ් අප්ලෝඩ් කරන මොකද්ද එකක අප්සට් එකක් ගිය නිසා ඒකට ඔක්කොම කතා ටික දාන්න බැරි උනා.. පස්සේ එකත් ලස්සනට හදලා දාන්නම්..

250 ලිපිය මම  ලියන්නේ මෙහෙමයි කියලා සතියක වෙලේ ඉදන් හිතාගෙන හිටියත් ලියන්න ගද්දි කිසිම දෙයක් හරියට ලියාගන්න බෑ.. තව දෙයක් මේ පෝස්ට් වලින් පෝස්ට් 4ක් මගේ නෙමෙයි.. 4රේ තියෙන්නේ පූජා ලියපු  කවි 4ක්.. ඉතින් එහෙම බලද්දි නම් මමම ලියපු පොස්ට් 250ක් වෙන්න තව දවස් 4ක් ඉන්න වෙනවා.. ඒත් ඉතින් පූජායි මමයි කියන්නේ දෙන්නෙක් නොවෙන කොට ගැන ඔයාලා මුකුත් නොකියාවි කියලා මං හිතනවා..

ඉතින් මේ ගමන්මගේ මාත් එක්ක හැමදාම ඉදලා අදහස් බෙදා  ගත්ත ඔයාලා හැමෝටම ගොඩාක් ස්තූතියි.. මට මෙච්චර දුරක් එන්න ශක්තියක් උනේ ඔයලා.. නම් වශයෙන් කියන්න ගියොත් ගොඩක් දෙනෙක් ඉන්නවා.. මේ බ්ලොග් එක නිසා මම අළුතින් අදුන ගත්ත අය ගොඩයි.. හැමදාම මුහුණු පොතෙන් මුණ ගැහෙන ඔයාලා දවසක ඇත්තටම හමුවෙලා කතා කරන්න ආසයි.. ඊළග පාර ලංකාවට ආවමනම් අනිවාර්යෙන්ම අපි මුණ ගැහෙමු..

හෙට උදාවෙන නත්තල සුභම සුභ නත්තලක් වෙන්න කියලත් ප්‍රාර්ථනා කරනවා.. මේ පාර නත්තලට මමනම් මිලානෝ බලන්න යනවා.. ආයේ එන්නේ අගහරුවාදා.. ඉතින් දවස් තුනක් මේ පැත්තේ එන්න වෙන්නේ නෑ.. බදාදා ඉදන් අපි සුපුරුදු විදිහටම හමුවෙමු.. මට මෙච්චර කාලයක් ශක්තියක් උන ඔයාලා හැමෝටම ගොඩක් ස්තූතියි.. ඉදිරියටත් මේ මිතුදම මේ බැදීම මට මෙහෙමම ලැබෙයි කියලා මං හිතනවා.. 




66 comments:

  1. මගේ හද පිරි සුභ පැතුම් දිනේෂ් මල්ලි...ඔයා වර්ණ ය ට මාරු උන අලුතමයි මම බ්ලොග් ලියන්න ආවේ..ඒ කියන්නේ මම ගොඩාක් අලුත් කෙනෙක්...ඒත් ඔන්න මමත් සුබ පතනවා...:)

    ReplyDelete
  2. තව තවත් නිර්මාණ වර්ණ හරහා බිහිවෙන්නට හදපිරි සුබ පැතුම් දිනේෂ්.. මේ තැබූ පියවරින් තව දිගු ගමනක් යන්නට ඔබට දිරි...!!! :)

    ReplyDelete
  3. පොස්ට් 250 ක් කියන්නේ ඇත්තටම සුපිරි වැඩක් තමා සහෝ... හදවතින්ම සුභ පැතුම් එක් කරනවා.. ඇත්තටම මෙතන මම නොකියවපු කථා ගොඩාක් තියනවා.. ඉක්මනට ඒ ඔක්කොම කියවන්න එන්නම්..

    තව චිරාත් කාලයක් බ්ලොග් ලොකේ සරසන්න වාසනාව ලැබේවා

    ReplyDelete
  4. පෝස්ට් 250ක් කියන්නෙ පහසු කඩඉමක් නොවෙයි. ඒ වගේම වසරකට කතා 7ක් කියන්නෙත් පහසු ඉලක්කයක් නොවෙයි. ආවර්ජනය කර සතුටු විය හැකි බ්ලොග් ඉතිහාසයක් මල්ලි ගොඩ නගාගෙන තියෙන්නෙ. මගෙ බ්ලොග් එකේ මුළින්ම කමෙන්ට් කරපු දෙන්නගෙන් එක්කෙනෙක් මල්ලි. ඒ දුන් දිරියටත් බොහොම ස්තුතියි කියන ගමන්, තවත් දිගු කලක් පන්හිඳ සමග රැඳෙන්නට වාසනා වේවා කියා පතන්නම්. ජයෙන් ජයම වේවා.

    ReplyDelete
  5. මගෙනුත් මල්ලිගේ වර්ණයට සුබ පැතුම් !!!
    තව තවත් ජිවිතයේ වර්ණයන් සොයා යන්න ලැබේවා කියලා පතනවා

    ReplyDelete
  6. තවත් වර්ණයන්
    බ්ලොග් ලොව
    සිත්තම් කරන්නට
    තවත් ධෛර්යය ලැබේවා..

    ReplyDelete
  7. සුබ පතනවා... තව ලියපන් අපිත් බලනවා...

    ReplyDelete
  8. ආහ් මේක නේද අර කියපු සැමරුම. දැන් මටත් හිතාගන්න බෑ මොනවද කියන්නේ කියල.:) මම ඉතින් ඇවිත් මහ කාලයක් නෑ නේ, මම කියවලා තියෙන්නේ 'ජීවිතේ දවසක්' කියන කතාවේ ඉඳල ඊට පස්සෙ ලියපු කතා විතරයි. ඒව ගැන ඉතින් අමුතුවෙන් කියන්න ඕන නෑ නේ. හැබැයි මම වැඩියෙන්ම ආස කලේ ඔය දෙන්නගේ කවි වලට.

    ඒ වගේම නැවතිලා හිටපු තැනින් ඉස්සරහට ඇවිත්, ජීවිතේට පාට එකතු කරගෙන 'වර්ණ' පටන් ගත්ත දවසේ මම ගොඩක් සතුටු වුනා. ඉස්සරහට ඇස් වලට කඳුළු උනන කවි ලියවෙන එක නවතීවි කියල දැනගත්තා, ඒත් ඊට වඩා දහස ගුණයක් වටිනවා ඒ වෙනස නිසා වුන යහපත. මේ විදිය හොඳටම හොඳයි.

    ඉතින් මම බ්ලොග් ලියන්න ගත්තු මුල් දවස් වල ඉඳලමයි දිනේෂ් අයිය මගේ බ්ලොග් පැත්තේ ඇවිත් ලොකු සහයෝගයක් දුන්නේ. හැබැයි දැන් නම් මම ඒකට ස්තූතියි කියන්නේ නෑ. මොකද මම හිතන්නේ දැන් 'ස්තූතියි' කියන වචනේ කියන්න බැරි තරම් හොඳ යාළුවො වෙලා අපි.

    ඉතින් මේ වගේ හැමදාමත් ලස්සන කතා, නිර්මාණ, අත්දැකීම් අපිත් එක්ක බෙදාගෙන තව චිරාත් කාලයක් බ්ලොග් අවකාශේ රැඳිලා ඉන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියල මම ප්‍රාර්ථනා කරනවා. ඇඟිලි පන තියනකල්ම ලියමු! එහෙනම් ජය වේවා!

    ReplyDelete
  9. සුභ පැතුම් සහෝ.............!!!

    ReplyDelete
  10. සුබ පැතුම් සහෝ....තවත් ගොඩාක් කල් ලියන්න වාසනාව ලැබෙන්න කියලා මමත් ප්‍රාර්ථනා කරනවා!

    ReplyDelete
  11. ගොඩක් සතුටුයි.. සුභපැතුම් වර්ණ අයියේ..!!!

    ReplyDelete
  12. @ සයුරි : අපේ සුදු අක්කාගෙන් ඉස්සෙලාම සුභ පැතුම... තැන්ක්ස් අක්කේ.. ඔවුනේ අපි අදුන ගත්තේ මේ ලගදී උනාට දැන් අක්කා මගේම අක්කා කෙනෙක් වගේනේ..

    ReplyDelete
  13. @ නන්දු : මිලානෝ ගමනෙදි ඔයාව මුණගැහෙන්න මගක් පෑදෙයි කියලා මං හිතුවා.. ඒත් ඉතින් ඒක එහෙම උනේ නෑ.. ඒ ගැන නම් දුකයි.. හොහොම උනත් ගොඩාක් ස්තුතියි..

    ReplyDelete
  14. @ දේවාගේ අඩවිය : ඔව් දේවා.. මම ඒ කතාවල ලින්ක් ටික දැම්මෙත් ඒ නිසාම තමයි.. ඉඩ තියෙන වෙලාවක කියවන්න.. ස්තූතියි සුභ පැතුමට..

    ReplyDelete
  15. @ නලනි චන්දිමා : ගොඩක් ස්තූතියි අක්කේ.. එහෙනම් මම නොදැනුවත්වම අක්කගේ බ්ලොග් එකේ පළවෙනියෝ අතරට ඇවිත්.. අක්කගේ බ්ලොග් එකේ ලියවෙන කරුණු හරිම අපූරුයි.. සමහර දේවල් නම් මට එක පාරම තේරෙනවා අඩුයි.. මගේ ජීවිතේ දවසක් කතාව අක්කා අගය කරපු හැටි මට තාම මතකයි.. ඒ හැම දෙකටම ගොඩක් ස්තූතියි.. මට මතක හැටියට මම අක්කව අදුන ගත්තේ මුරගලෙන්.. පස්සේ තමයි මම සිත් ආරට ගොඩ උනේ..

    ReplyDelete
  16. @ මධුරංග : අයියා මගේ බ්ලොග් එකේ ඉන්න මට සමිපම කෙනෙක්.. අයියා ගොඩක් කාලෙකට කලින් කරපු මගෙන් කරපු ඉල්ලිමක් මට තාම මතකයි.. ඒකත් පුළුවන් තරම් ඉක්මනින් ඉටු කරන්න උත්සාහ කරනවා අයියේ..

    ReplyDelete
  17. @ රූ : " ඔයත් මගේ මල්ලි වගේ" කියලා අක්කා මට දුන්න ඒ බැදිම මට ගොඩක් වටිනවා අක්කේ.. ඉතින් හදවතින්ම කල මේ සුභ පැතුමට ගොඩාක් ස්තූතියි..

    ReplyDelete
  18. @ නරකයා : ස්තූතියි මචං.. මේ වචන ඇත්තටම මට සවියක්..

    ReplyDelete
  19. @ Kasun : කසුනෝ මම උඹට මොනා කියන්නද.. මම වෙනස් විය යුතුමයි කියන තැන හිටියේ උඹ..ඒ දවස්වල හැමදාම වගේ "අයියේ ඕවා අමතක කරපං" කියලා කමෙන්ට් කලා මට හොදටම මතකයි.. ඇත්ත ස්තූතියි කියලා කියන්න බැරි තරමටම අපි දැන් හොද යාළුවෝ වෙලා.. ඒ නිසාම වෙන්න ඇති උඹේ සැමරුම දවසෙත් මම මේ වගේම සතුටු උනේ..

    ReplyDelete
  20. @ පිසාචයා : ගොඩක් ස්තූතියි සහෝ සුභ පැතුමට..

    ReplyDelete
  21. @ ලහිරු : ගොඩක් ස්තූතියි සහෝ සුභ පැතුමට..

    ReplyDelete
  22. @ ආගන්තුකයා : මලයා මගේ බ්ලොග් එකේ නම වර්ණ උනාට ලියන මේ මම දිනේශ්..ගොඩක් ස්තූතියි සුභ පැතුමට..

    ReplyDelete
  23. මගේ සුභ පැතුමත් පිළිගන්න

    ReplyDelete
  24. නියමයි.ජීවිතේ තියෙන තුරාවට ලස්සනට අකුරු ගළපන්න ලැබේවා කියලා කියනවා. සුභ පැතුම් අයියේ.

    ReplyDelete
  25. වැඩිපුර කොමෙන්ට් නොදැම්මට මමත් "වර්ණ" කතා නිහඩවම රසවිදිනවා.
    බ්ලොග් ප්‍රාර්ථනා මෙන්ම සැබෑ ජිවිත ප්‍රාර්ථනාත් ඉටුවේවා කියල පතනව...

    ReplyDelete
  26. සුභ පැතුම් සහෝදරයා :)

    ReplyDelete
  27. මට නම් කවදා දෙසිය පනහක් ගහන්න වෙයිද දන්නෑ..
    එහෙව් එකේ වැඩ පෙන්නපු කෙනාට මං ෆිට් එකේ සුභ පැතුවා ඔන්න..

    සිහිනය වර්ණවත් කළ නුඹට තව තවත් ලියන්න දිරිය ලැබේවා..!!

    ReplyDelete
  28. ජය වේවා තව ලියවෙවා !!

    ReplyDelete
  29. සුබ පැතුම් අයියේ!!!
    තව තව හොඳ නිර්මාණ කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා!!

    ReplyDelete
  30. එන්න ටිකක් පරක්ක උනා, නත්තල් නිසා වැඩ වැඩි වුනා. සුභ පැතුම් අයියේ මගෙන්.. ඔයාව මම බ්ලොග් එකට ආපු දවස වලම අදුන ගත්ත අයියා කෙනෙක්. හරිම සතුටුයි මේ බ්ලොග් ලියන අපි හැමෝම ලස්සන හිත් තියෙන අය. අනිවාර්යෙන් හමු වෙමු ලංකාවේදී බැරි වුනොත් ඉතාලියේදී හරි., නැවතත් සුභ පැතුම් :))

    ReplyDelete
  31. අඩෙ අප්පා.. අනේ අයියන්ඩි කාලෙකින් නොවැ මේ පැත්තෙ ආවෙ.. අමතක වෙලානම් නෙවේ... කොමාට හෙන ගැහිල තිබ්බා.. කොහොමින් හරි අන්තිමේ මගෙනුත් සුබ පැතිතුම්.. අහ් සුබ නත්තලකුත් වේවා හොදේ..

    ReplyDelete
  32. සුභ පැතුම්~ සෑහෙන්න ලොකු ගානක් ලියවිලා තියන එක ගැන සටුතුයි..අවුරුද්දයි මාස හතරකට මට ලියන්න පුලුවන් වෙලා තියෙන්නේ පෝස්ට් 38යි...:)

    ReplyDelete
  33. මගෙත් උනුසුම් සුභ පැතුම්......

    ReplyDelete
  34. මමට් මේ ෆීල්ඩ් එකට ඇවිත් මහා කාලයක් නැති නිසා ඔය ඔක්කොම පෝස්ට් නම් කියවලා නෑ. පෝස්ට් 250 ක් දාන එකත් ලේසි වැඩක් නෙවෙයි. මෙන්න මගෙන් උණුසුම් සුබ පැතුම්. සාමය සතුට පිරි සුබ නත්තලක් වේවා.

    ReplyDelete
  35. සුබ පැතුම් දිනේෂ් අයියේ මගෙනුත්
    250ට 2500 ලියන්න වාසනාව ලැබේවා

    ReplyDelete
  36. @ දිනේෂ් මල්ලි : ඔයත් මට මගේ මල්ලි වගේ තමා...මොකද මන්දා සැබෑ ලෝකෙට වඩා මේ බ්ලොග් ලෝකේ තමන්ගේ කම හරි ඉක්මනට දැනෙනවා...හිතේ තියන දේ අව්‍යාජවම බ්ලොග් වල ලියලා දාන්න පුළුවන් නිසා වෙන්න ඇති...ඇත්ත ලෝකෙදි ඒ දේ වෙනවා අඩුයි..ඉතින් මේ වර්චුවල් ලෝකෙට අපි හැමෝම ආදරෙයි :)

    ReplyDelete
  37. දිගු ගමනකට සුභ පැතුම් මල්ලියේ.. :)

    ReplyDelete
  38. දිගු ගමනකට සුභ පැතුම් මල්ලියේ !!

    ReplyDelete
  39. සුභ පැතුම් මල්ලි....
    මම ඔයාගෙ කතා ඔක්කොම කියවලා තියෙනවා.ඒවා කියෙව්වෙ බ්ලොග් ලියන්න එන්න කලින් ඉදලාමයි.හරිම ලස්සනට ඔයාට කතා ලියන්න පුලුවන්.

    තව කාලාන්තරයක් ලියන්න ශක්තිය ලැබේවා....

    ReplyDelete
  40. මාත් බ්ලොග්කරණයට තාම ආවා විතරයි.. හුඟක්ම අලුත්. මාත් දිනේෂ් අයියට විශ් කරනවා දිගටම ලියන්න හැකිවේවා කියලා.

    ReplyDelete
  41. සුභ පැතුම් දිනෙශ් අයියේ. තව තව පෝස්ට් ලියන්න ශක්තිය ධෛර්ය්‍ය වාසනාව ලැබෙවා කියලා ප්‍රාර්ථනා කරනවා. :D

    ReplyDelete
  42. "ගලිවර්" කෙනෙක්ගේ එක්තරා ජයග්‍රහණයක් වෙනුවෙන් "ලිලිපුට්ටෙක්" වන අසරනයගෙන් උණුසුම් සුභ පැතුම්

    ReplyDelete
  43. කෝ බං මගේ කොමන්ට් එක......

    ReplyDelete
  44. තව තවත් ලියන්න මගෙනුත් සුභ පැතුම් !!!!

    ReplyDelete
  45. @ Observer : බොහොම ස්තූතියි ඔබා මාමේ..

    ReplyDelete
  46. @ Mithuru : තෑන්ක්ස් නංගි.. මේ අකුරු ගැලපීමේ අවසානය මම තාම හිතලා නෑ..

    ReplyDelete
  47. @ දුප්පත් වැසියා : ඒකට කමක් නෑ සහෝදරයා.. මම ලියන දේවල් කියවීමම මට සතුටක්..

    ReplyDelete
  48. @ තනි අලියා : ස්තූතියි මලයා.. අපි ඉතින් මේ වගේම හැමදාම හමුවෙමු..

    ReplyDelete
  49. @ නාකියා : එහෙම කියන්න එපා.. එකින් එක තමයි ලොකු ගානක් එකතු වෙන්නේ..

    ReplyDelete
  50. @ Rasika Kariyawasam : තෑන්ක්ස් යාළුවා..

    ReplyDelete
  51. @ මහී : ගොඩක් ස්තුතියි නංගි සුභ පැතුමට..

    ReplyDelete
  52. @ වර්ණා : අපි දෙන්නට නම් අනිවාර්යෙන්ම ඉතාලියේදි මුන ගැහෙන්න පුළුවන්.. ඔන්න ආවට පස්සේ නොකියා ඉන්න එහෙම එපා..

    ReplyDelete
  53. @ සුළගිල්ල : ඒක තමයි..මාත් කල්පනා කලා මොකද කාලෙකින් පේන්න හිටියේ නැත්තේ කියලා.. කොහොම උනත් තැන්ක්ස් කිවුවා විශ් කලාට.

    ReplyDelete
  54. @ Sabith : ස්තුතියි සබිත්.. මේ ලියන්නෙත් වෙලාව අමාරුවෙන් හොයාගෙන.. දැන් නොලියා ඉන්න බැරි තරමටම මේකට හිත ගිහින්..

    ReplyDelete
  55. @ ඔබ නොදුටු ලොවක් : ගොඩක් ස්තූතියි අයියේ..

    ReplyDelete
  56. @ රෙප් මහත්තයා : තව කාලයක් යද්දි යාළුවත් මේ වගේම පෝස්ට් එකක් දාවි.. එතකොට මම ඇවිත් සුභ පතන්නම්..

    ReplyDelete
  57. @ මහිම මධුරංග : 2500ක්.. අම්මො ඒකනම් සෑහෙන දුරයි සහෝ..

    ReplyDelete
  58. @ කතන්දර : ඔබ වගේ කෙනෙක්ගෙන් මට සුභ පතලා මේ ලැබුන වචන කීපය මහ මෙරක් වගේ.. ගොඩක් ස්තූතියි අයියේ ඔබට..

    ReplyDelete
  59. @ සයුරි : ඇත්ත අක්කේ.. අපි මෙතනදි ගොඩක් වෙලාවට හිතේ දෙයක් හංගගෙන කතා කරන්නේ නෑ.. ඒ නිසාම ගොඩක් දෙනෙක් අපිත් එක්ක බැදිම් ඇති කර ගන්නේ අපි ගැන් හොදින්ම තේරුම් අරගෙන..

    ReplyDelete
  60. @ සුදු හංසී : ගොඩක් ස්තූතියි අක්කේ..

    ReplyDelete
  61. @ නිසූපා : තව ඉස්සරහටත් අළුත් කතා ගොඩක් තියෙනවා.. ඒවා කියවන්නත් එන්න කියලා ආරාධනා කරනවා අක්කේ..

    ReplyDelete
  62. @ Shani : ඔවුනේ අපි අදුනගෙනත් තාම ටික දවසයිනේ.. ගොඩක් ස්තූතියි ඔයාගේ විශ් එකට..

    ReplyDelete
  63. @ Red Riding Hood : ගොඩක් ස්තූතියි රෙඩ් නංගී..

    ReplyDelete
  64. @ අසරණයා : ඒ කතාවේ ලිලිපුට්ටන්ට ගලිවර්ලා වෙන්න බැරි උනත් මේ බ්ලොග් ලොකෙ නම් ලිලිපුට්ටන්ටත් ගලිවර්ලා වෙන්න පුලුවන්.. ගෙදර හිටියේ නැති උනායින් පබ්ලිශ් කරන්න පරක්කු උනා බං..

    ReplyDelete
  65. @ ඔබ නොදුටු ලොවක් : ගොඩක් ස්තූතියි අයියේ..

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්