Tuesday, 15 November 2011

වහල්ලූ - පළමු දිග හැරුම


එතරම් වේගයකින් නොවුවත් තමන් පහු කරන් යන ආරක්ශක රථ පෙල දෙස ගුණදාස සංසුන් දෑසින් බලාගෙන සිටියේය.. එක් අතක රැදුන මවුත් ඕගනය සමග ප්‍රභූ රථය පෙරටු කරගත් ආරක්ශක රථපෙල ඈත නොපෙනී යන තුරුම ගුණදාස එදෙස බලා සිටියේ හිතේ නැගුන වේදනාව නිසාමය..

“ තියන එකාටම තමයි බං තවත් ලැබෙන්නේ.. අපිට කවදාවත් මුකුත් ලැබෙන්නේ නෑ..”

 ගුණදාස හැම මොහොතකම පවසන කතාවයි.. ජනාකීර්ණ කොළඹ නගරයේ පැල්පත් නිවසක ජීවිතය ගෙවන ගුණදාස එසේ පවසන්නේ පොහොසතුන් ගැන හිතේ ඇති වෛරය හා ඊර්ශ්යාව නිසා නොවේය.. අවුරුදු හැටක් වයස යන තුරුම තම ජීවිතයේ ලැබෙන්නට තිබු නොයෙකුත් දේ ඇතැමුන් අසාධාරණව අහිමි කල නිසායතම අයිතීන් වෙනුවෙන් ගුණදාස බොහෝ හඩ නගා ඇත්තේය.. නමුත් එයින් ඔහුට ලැබුන දෙයක් නොවීය..

කලකට ඉහත ගුණදාස රජයේ ආයතනයක ලිපි කරුවෙකි.. තරුණ කාලයේ සිටම දේශපාලකයන්ට බලයට ගේන්නට කල හැකී සෑම දෙයක්ම කල තරුණයෙකි..  නිසාම කාලයක් යත්ම ඔහුට ලිපි කරු රස්සාවක් හිමීවිය.. ඒත් ගුණදාසගේ අවාසනාවන්ත කාලය එලබුනේ ඔහුට උදව් කල ඔහුගෙන් උදව් ලද දේශපාලකයාගේ පක්ශය ජන්දයෙන් පැරදීමත් සමගය.. ජන්දයෙන් පැරදුන දා සිටම ගුණදාසට අත්විදින්නට වූයේ පලක පක්ශයේ කෙනිහිලි කම් වලටය..

ගුණදාසට රැකියාව අහිමි වන්නේ මේ කාලය අතර තුරේය.. හරි හමන් අද්‍යාපනයක් නොතිබුන ගුණදාස මහ මගට ඇද වැටෙන්නේ ඔහු හැම විටම සහාය දුන් දේශපාලකයාගේ හදිසි මරණය නිසාය.. එතැන් පටන් ජීවිතේ ගැට ගහ ගන්නට නොවිදිනා දුක් විදි ගුණදාස අතට අසුවූ ඕනෑම වැඩක් කිරීමට පෙලබුනේය.. ඒත් අවාසනාව ගුණදාස පසුපස නොනැවතීම ආවේය.. දිනක් හදිසියේම ගුණදාස අත් උදව් දුන් වැඩපලේ සිදුවූ අනතුරකින් ගුණදාසට කිසිම දවසක මහන්සී වී වැඩ කල නොහැකි සේ තම එක් අතක් අහිමි වී ගියේය..

ජීවිතය පමණක් ඉතුරු කර ගුණදාසට සියල්ල අහිමි වී ගියේය.. වැඩපලෙන් ඔහුට ලැබුන වන්දියක්ද නොවීය..  වැඩපලේම වැඩ කල  මිතුරෙකුගේ කොළඹ පැල්පතට  ගුණදාස ආවේ ඊට පසුවය.. කිසිම නෑ හිතමිතුරෙක් නොවුන මිතුරා මත් වතුර නිසාම මියෙද්දී ගුණදාසට මේ සෙවනත් අහිමී වේයැයි ඔහු සිතුවද උරුමක්කාරයෙක් නොසිටි නිසාම ගුණදාට අදත් මිතුරගේ පැල්පත සෙවන දෙන්නේය.. දිනපතාම පාරට විත් සින්දුවක් කියා කීයක් හරි හොයා ගන්න ගුණදාස ඉන් ජීවිතය ගැට ගසා ගන්නේය..

“ ගුණේ අයියේ.. වරෙං තේ කහට එකක් බොන්න..”

රථ පෙල ගමන් ගත් දෙස බලාගෙන තම ජීවිතය ගෙවුන හැටි ගැන කල්පනා කරමින් උන් ගුණදාස ඔහු අසලම වූ තේ කඩේට ගොඩ උනේ උදේ වරුවේම සින්දු කියා දැනුන වෙහෙස නිසාමය..

“ මොකෝ ගුණේ අයියා.. අදත් සරුවක් නැද්ද?”

“ එහෙමම කියන්න සරුවක් නෑ ඇල්බට් මල්ලි.. මිනිස්සු ගාවත් අපිට දෙන්න දැන් සල්ලී නෑ..”

“ මොන පිස්සුද අයියේ.. මිනිස්සු ලග සල්ලි තිබුනත් දැන් මිනිස්සු අපි උඹලා වගේ මිනිස්සුන්ට කීයක්වත් දෙන්න ලෝබයි..”

“ මිනිස්සු කැමතිනං නේ බං මට කීයක් හරි දෙන්නේ.. කෝ දියන්කෝ ඔය තේ එක..”

කහට වීදුරුව අතට ගත් ගුණදාස පාර දෙසට නෙත් යොමාගෙනම එය බොන්නට පටන් ගත්තේය..

“  ගුණේ අයියේ.. උඹට කියලා නෑදෑයෙක් කවුරුවත් නැද්ද?”

“ නෑ..”

“ ඉතින් උඹ බැන්දේ නැත්තේ ඇයි?”

“ මේ තනි අතින් කොහොමද බං මං ගෑනියෙක් පාලනය කරන්නේ..”

ගුණදාසගේ  කතාවට හැමෝගේම මුවගේ සිනා රැල්ලක් මතු උනේ ඉබේම වාගේය.. ජීවිතේ කොතරම් ප්‍රශ්ණ තිබුනත් ගුණදාස බොහෝ වේලාවට සිටියේ සිනහවෙන්ය..  සිනහවට ඔහු නිරායාසයෙන්ම අන් අයවත් එකතු කර ගත්තේය..

“ එහෙනං මං යනවා.. මෙන්න මේක ගනිං..”

“ උබෙන් මොන සල්ලිද ගුණේ අයියේ..”

“ එහෙම කියලා උඹ මං ගියාට පස්සේ බනින්න ඕන නෑ.. මෙන්න මේක ගනින්.. මං යනවා..”

 අසලම නැවතුන බස් එකකට ගොඩ උන  ගුණදාස මවුත් ඕගනය අතට ගෙන ගීත ගයමින් බස් රථයේ උන් අය පිනවන්නට විය.. සැන්දෑ වෙන තුරාම බසයකින් තවත් බසයකට මාරු වෙමින් ගී ගැයූ ගුණදාස තම පුංචි පැල්පත දෙසට පිය නගන්නට වූයේ අත රැදුන පුංචි මුදලද සමගින්ය..


“ අන්න ගුණේ මාමා එනවා..”

වත්තට ඇතුළුවන ගුණදාස දුටු සැනින් ඔහු වට කර ගන්නට දුව එන පොඩි එවුන් ටික දවස තිස්සේ ගුණදාසගේ හිතේ ගතේ රැදුන වෙහෙස මහන්සිය මොහොතින් නැති කර දමන්නේය.. කාත් කවුරුවත් තමන්ගේම කියා නැතිව තනි උන ගුණදාස වත්තේ හැම පොඩි එකෙකුවට එක වගේ ආදරය කලේය.. දවසක්ම ගී ගයා අත ඉතිරි උනේ පුංව්  මුදලක් උවද වත්තට එන්නට කලින් ඇල්බට් මල්ලිගේ කඩෙන් පොඩි එවුන් ටිකට ටොපි හෝ චොකලට් ගේන්නට ගුණදාස කෙදිනකවත් අමතක නොකලේය..  අපූරු බැදීමට ගුණදාස සැබැවින්ම ආදරය කලේය..

ගුණදාස වෙත දුව  පොඩි එවුන් ඔහු හා දවසේ සිදුවූ හැම දෙයක්ම පොරකමින් කියන්නට පටන් ගන්නේ ඇතැම් විට ඔවුන්ට ඇහුම් කන් දෙන්නට ඔවුන්ගේ දෙමවුපියන්ටවත් වේලාවක් නොමැති නිසාය..

“ පොඩ්ඩක් හිටපල්ලකෝ මං වාඩි වෙනකං..”

පොඩි ළමයි සෙල්ලං කරන තැන ලී බංකුවේ හිද ගන්නා ගුණදාස පැයක් හමාරක් යන තුරුම ඔවුන් හා කතා කරමින් සිටිනනේය.. එය වත්තේ කාටවත් නුපුරුදු දෙයක් නොවන්නේය..

“  බං ගුණේ මල්ලි.. උඹ තාම පොඩි එවුන් එක්ක මෙතනදගාමිනියගේ සාජ්ජේ තව ටිකකින් පටන් ගනිවි.. උඹ එන්නේ නැද්ද?

“ අද මගේ ටිකක් ඇගට හරි නෑ වගේ කමලා අක්කේ.. උඹලා පලයං..

“ උඹ නැතුව මොන සාජ්ජද ගුණේ මල්ලියේ.. මෙන්න මෙහේ වරෙං යන්න..”

“ හරි මං ගෙදර ගිහින් එන්නම්..”

“ ඔන්න එහෙනම් එනන ඕන ම්ල්ලියේ..”

වෙනදාට නොදකින සාරියකින් හැඩවී උන් කමලා ඉක්මනින් ඇවිද යන දෙස බලා උන් ගුණදාස දරුවන්ට සමුදීමට සැරසුනේය..

“ අනේ තව කතන්දරයක් කියන්නකෝ මමේ..”

“ අදට ඇති දරුවනේ.. මං හෙට කතා දෙකක්ම කියන්නම්..”

පොඩි එවුන් ටික චාටුවෙන් සැනසූ ගුණදාස තම මිතුරාගේ ලෑලි නිවසට ගොඩ වී මොහොතක් ගිමන් හැර ආයෙම ගාමීණිගේ සාජ්ජයට යන්නට සූදානම්ව එළියට බැස්සේය..



31 comments:

  1. අම්මෝ ගුණදාසට ගොඩක් දේවල් වෙලා එහෙනම්.
    මොන කරදරය ආවත් කවදා හරි ගුණදාසටත් හොද කලක් යාවි.

    ReplyDelete
  2. අනේ ඉතිං මිනිස්සුංගෙ ජීවිත වල හැටි නේද! ටොප් කතාවක්! :)

    ReplyDelete
  3. කතාව ගොඩක් හොඳයි. මේ හැම ජීවිතයකම වෙනසක් කරන්න පුලුවන්නම්!!
    මැණික්

    ReplyDelete
  4. එළ කථාවක් ...දිගටම ලියන්න ....

    ReplyDelete
  5. @ මධුරංග : ජීවිතේ දුක් විදපු තාමත් දුක් විදින මිනිස්සූ ගොඩක් ඉන්නවා අයියේ.. ගුණදාසත් එයින් එක්කෙනෙක් විතරයි..

    ReplyDelete
  6. @ තනි අලියා : අපි දන්නේ අපි වටා ඉන්න මිනිස්සුන්ගේ ජීවිතේ ගැන විතරයි.. ඒත් ඊට එහා ඉන්න මිනිස්සු ගැන අපි දන්නේ ගොඩක් අඩුවෙන්..

    ReplyDelete
  7. @ මැණික් : මේ හැම ජීවිතයක්ම වෙනස් කරන්න බෑ අක්කේ.. අපි කොච්චර ප්‍රාර්ථනා කලත් ඒක කවදාවත්ම නොවෙන දෙයක්..

    ReplyDelete
  8. @ ඔබ නොදුටු ලොවක් : ගොඩක් ස්තුතියි යාළුවා..

    ReplyDelete
  9. මේ සමාජයේ තවත් එක ජීවිතයක්.... ඉතිරිය එනකන් බලන් ඉන්නව

    ReplyDelete
  10. එල කතාවක ආරම්බය වගේ,නියමයි..දිගටම ලියන්න...

    ReplyDelete
  11. ඊළඟ කොටස එනකම් බලාන ඉන්නවා..

    ReplyDelete
  12. කොහෙන් එන අදහස්ද මන්දා. ලස්සනයි මල්ලි. ඉක්මනට ඉතුරු කොටසත් දාමු.

    ReplyDelete
  13. හිතුවා වගේම වෙනස්ම විදියක කතාවක්. ඉස්සරහට තවත් ලස්සන වේවි. ඉක්නමට අනිත් ටිකත් දාන්න.

    ReplyDelete
  14. ජීවත් වන සමාජයේ මිනිසුන්ගේ ජීවිත වල නොපෙනෙන පැතිකඩට ගැඹුරු එඹී බැලීමක්...! වෙනස්, අපූරු දිග හැරුමක්..

    ඉතිරියට...

    ReplyDelete
  15. ඉතුරු ටිකත් ඉක්මනටම දාන්න,,

    ReplyDelete
  16. මට හිතුනා කතාවේ නමින්ම.... නියමයි අයියේ .... නියමට යනවා

    ReplyDelete
  17. අලුත් කතාව ආසාවෙන් බලන්න එකතු වුණා ඔන්න

    ReplyDelete
  18. ගුණදාස නේද පින්තූරේ ඉන්නේ...හොඳ කතාවක්, දිගටම ලියන්න..

    ReplyDelete
  19. හිතුවා වගේම වෙනස් කතාවක් අයියේ... හොඳ ආරම්භයක් අරගෙන තියෙනවා... ජය වේවා!

    ReplyDelete
  20. @ පිස්සා පළාමල්ල : ඔව් මේ අපිත් එක්ක ජීවත් වෙන අපේම මිනිසුන් කොටසක්.. ඒත් සමාජයෙන් කොන් උන..

    ReplyDelete
  21. @ අසංක : ගොඩක් ස්තුතියි යාළුවා..

    ReplyDelete
  22. @ රූ : ඉක්මනින් ලියන්නම් අක්කේ...

    ReplyDelete
  23. @ පිණිබිදු : අනේ මන්දා අක්කේ.. තව කතා තුනක් මගේ ඔළුවේ තියෙනවා.. ලියන්න වෙලාවක් නැතුව ඉන්නේ..

    ReplyDelete
  24. @ Kasun : ඔව් මල්ලි.. වෙනස් තේමාවන් හොයාගෙන යන්න හිතලා තියපු පළවෙනි පියවර මේක වේවි..

    ReplyDelete
  25. @ නන්දු : ඔව් ඇත්තටම.. අපි බලන්න උනන්දු නොවෙන පැතිකඩක් සමහර විට..

    ReplyDelete
  26. @ වර්ණා : ඉක්මනින්ම ලියන්නම්..

    ReplyDelete
  27. @ රහස් පරීක්ෂකයා : ඔව් ඉතින් රහස් පරීක්ෂකයෙක් උනාම හොද ඉවක් තියෙන්න ඕනනේ..

    ReplyDelete
  28. @ හිස් අහස : සදරුට මෙහේ දොර කවදත් විවෘතයිනේ... දිගටම එන්න..

    ReplyDelete
  29. @ සයුරි : ඔව් අක්කේ. ඒ ගුණදාස තමයි..

    ReplyDelete
  30. @ Ice (අයේෂා කුලතුංග) : ගොඩක් ස්තුතියි නංගී.. දිගටම එකතු වෙන්න..

    ReplyDelete
  31. ඒත් මම නම් ඒ මනුස්සයගෙත් ජීවිතේ මොනම හරි දෙයක් දකිනවා සතුටක් වගේ දෙයක්....
    ඒ මනුස්සයා වටෙත් කැරකෙනවා..ඒක සංකීර්ණ නෑ..එච්චරයි වෙනස

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්