Sunday, 20 November 2011

වහල්ලූ : දෙවන දිගහැරුම




ගාමිණිගේ සාජ්ජය හැමදාම වගේ වත්තේ මහ ඉහලින් සූදානම් කොට තිබුනි.. වත්තේ අයට ගාමිණි ආරාධනා කලත් නොකලත් හැමෝම වාගේ ඔහුගේ නිවසට පැමිනෙන්නට අමතක කරන්නේ නැත.. රෑ අදුර වැටිගෙන එද්දී ගුණදාස හෙමින් ගාමිණිගේ නිවස වෙතට පිය මැන්නේය..

“  අපි මේ උඹ පරක්කු මොකද කියලා බල බල උන්නේ..”

නෑ ගාමිණියෝ.. උඹ දන්නවනේ මගේ රස්සාව ගැන.. ඉතින් මං ටිකක් වෙලා ගෙදර ඉදලා ආවේ..”

හරි හරි වරෙංකෝ ඇතුලට..”

ගුණදාස ගාමිණිගේ නිවසට ඇතුල් වන විටත් වත්තේ හැමෝම වගේ එහි පැමින සිටියේය.. බොහෝ දෙනෙක් ඇති පමණට සප්පායම් වී සිටියේය..

ගුණේ මල්ලී වරෙංකෝ සින්දුවක් කියන්න..”

පොඩ්ඩක් හිටහන් කමලා අක්කේ.. ගුණේ තාම ආවා විතරනේ.. ගුණේ අපි යං අර පැත්තට.. අපි මොනවා හරි අරං ඉමු..”

වැඩියනම් බෑ ගාමිණියෝ..”

උඹ හෙට අහවල් රාජකාරියකට යන්නද බං.. මෙන්න මෙහේ වරෙං..”

ගාමිණිගේ පෙරැත්තටම ගුණදාස මදුවිත පිරි වීදුරුවක් අතට ගෙන එහි හිදගෙන උන් අයට එකතු වී ඔවුන්ගේ කතාවට සම්බන්ද වූවේය.. වත්තේ විස්තර හා එකි නෙකාගේ වැරදි අතරේම කතාබහ ඇදී ගියේය..

ගාමිණි මොකද අද උඹ හදිස්සියෙම මේ සාජ්ජයක් දාන්න හිතුවේ?”

ඔව් ගුණේ මට ගැන කතා කරන්නත් ඕන.. කොහෙද මුං ඔක්කොම ආපු ගමන් මෙතන වාඩි උනානේ..”

ඉතින් දැං වත් කියපන්.. නැත්නම් ආයෙම උඹට ඕක කියන්න වෙන්නේ නෑ..”

මට අද අපේ මංත්‍රි තුමා එන්න කියලා තිබුනා.. ඉතින් මාත් ගියා.. ලගදි චන්දේ එනව කියලා මට කොල්ලො ටික ලෑස්ති කරලා තියාගන්න කිවුවා..”

.. ඒකද මේ..”

ගුණේ.. මං දන්නවා උඹ මේවට වැඩිය කැමති නෑ කියලා.. ඒත් ඉතින් දැං පරණ දේවල් වලින් වැඩක් නෑනේ..”

උඹ ගිය පාරත් ඔහොම කියපු නිසානේ මං ඔය මංත්‍රී අන්තිමේ කතිරේ ගැහුවේ..”

හරි ගුණේ උඹේ කැමැත්තක්.. උඹලා මොකද කියන්නේ.. උඹලා ඉන්නවනේ අපේ මංත්‍රී තුමා එක්ක..”

මදුවිතෙන් උදම්වි උන් අය එක එක දේ කියන්නට වීය.. අතරේ වෙනදාටත් වඩා මදුවිත ගෙන උන් ඇල්බට් කතාවට තවත් යමක් එක් කලේය..

මං කියන්නේත් ගුණේ අයියා කියපු දේමයි ගාමිණියෝ.. මහන්සි උනාට අපිට ලැබෙන දෙයක් නෑ..”

උඹ මොකද එහෙම කියන්නේ?”

නෑ දැං බලපන්.. මේ වත්තට මොන තරම් දේවල් කරනවා කිවුවද? කෝ එකක්වත් කොලාද?  නගර සභාවේ අපේ එවුන් ටිකකට රස්සා දුන්නා.. එච්චරයි..”

ඇල්බට්ගේ කතාවට ගාමිණි නිරුත්තරව ගියේය.. ගුණදාස කිසිවක් නොකියා මේ කතාබහට ඇහුම්කන් දුන්නත් අනෙක් අය ඊට නොයෙකුත් දේ කියන්නට විය..

මේ අහපන් ගාමිණි මල්ලී අපි උඹෙ කීමට හැමදාම වගේ උන්නැහේට උදවු කලානේ.. අඩු ගානේ චන්දෙන් පස්සේ මේ වත්තටවත් ආවද? අපි බොරුවට ලොකු බලාපොරොත්තු තියා ගත්තා විතරයි..”


උඹලා වැරදියි කියලා මං කියන්නේ නෑ ඇල්බට් අයියේ.. දැං උඹලා මට මොකද කරන්න කියන්නේ?”

අපි මේ පාර උදවු නොකර ඉමු මල්ලියේ..”

අපි උදවු නොකලත් ගොල්ලා කොහොමහරි දිනාවි..”


හරි දැං එතකොට උඹලා මොකද මේකට කරන්න කියන්නේ?”

අපි අපේ පාඩුවේ ඉමු ගාමිණි මල්ලියේ.. නිකන් ඕවට මැරිලා වැඩ කරලා තේරුමක් නෑ..”

එහෙම කියන්න එපා ගුණේ අයියේ.. අපි අපේ එකෙක් මැම්බර් කරමු..”

අපේ එකෙක්.. උඹට පිස්සුද ඇල්බට්?”

ඇයි ඇයි උඹලා මට පිස්සුද කියලා අහන්නේ?”

නෑ උඹට පිස්සු නෑ.. උඹට අද ටිකක් වැඩියි වගේ..”

ගාමිණිගේ කතාවට ගුණදාසගේත් මුවගට සිනාවක් නැගුනේ ඉබේම වාගේය.. කෙලින් හිටගෙන කතා කරගන්නවත් බැරි ඇල්බට් වෙරි මතේ කියනා දේවල් ගැහැණුන්ටනම් සිනාවට කරුණක් විය.. ඒත් එතනින් නොනැවතුන ඇල්බට් දිගටම කියවමින් සිටියේය..

ඇයි අපේ වත්තේ නැද්ද ඔතනට යන්න හොද එවුන්.. හරි.. දැං බලපන් අපේ ගුණේ අයියා දිහා.. ගුණෙ අයියා තරම් ඕවයේ තෙම්පරාදු වෙච්ච වෙන එකෙක්වත් ඉන්නවද මේ වත්තේ.. ඉතින් අපි ගුණේ අයියව මැම්බර් කරමු..”

තේරුමක් ඇති දෙයක් කියවපන් ඇල්බට්.. මගේ ජීවිතේ අදද හෙටද කියලා නෑ.. උඹ මේ මැම්බර් කමක් ගැන කතා කරනවා..”

හරි හරි දැං උඹලා ඇති වෙන්න බීපල්ලකෝ.. අපේ මේක සිහිය තියෙන වෙලාවක කතාකරමු.. ගුණේ අරගනිං බං තව ටිකක්..”

කතාව යන්නේ වෙනතකට බැවු තේරුම් ගත් ගාමිණී කතාව වෙනතකට හැරවීය..

ගුණේ මල්ලි දැංවත් වරෙංකෝ බං සින්දුවක් කියන්න..”

මේ එනවා කමලා අක්කේ..”






26 comments:

  1. කතාව ලස්සනට ගලාගෙන යනවා අයියා..
    නියමයි.. කොහොම වුනත් තුන්වෙනි පන්තියේ මිනිස්සුන්ගේ කර පිටින් යන අය තමා හැමදාම දිනන්නේ. තුන්වෙනි පන්තියේ එකා හැමදාම මහ මඟ..

    ReplyDelete
  2. හැමදාම බලාපොරොත්තු අහස උසට මවාපාලා අන්තිමට ඒ වෙනුවෙන් හඬක්වත් නගන්න දෙන්නෙ නැත්තෙ ඔවුන්මයි...
    බලමු.. මහජනයට ද එයාලටද මේ දේවල් අමතක කියලා.. :)

    තවත් කොටසකට....

    ReplyDelete
  3. නියමයි අයියා.වෙනස්ම විදියෙ ලස්සන කතාවක්...ජය!!!

    ReplyDelete
  4. පස්ට කියවමු කියවමු

    ReplyDelete
  5. ෆට්ට ෆට්ට! ලියාගෙන යමු බලන්න.....

    ReplyDelete
  6. නියමයි....ගුනේ අයියා මැම්බර් කමට ඉල්ලයි වගේ...

    ReplyDelete
  7. අපේ පැත්තේ තියන පොඩි කොළනියක් මතකෙට ආවා මේ කතාව කියවාගෙන යනකොට ..

    ReplyDelete
  8. ගුණේ චන්දෙ ඉල්ලන්න යාවිද...? බලමුකෝ... කතාව නම් ගොඩක්ම තාත්ත්වික විදියට ගලාගෙන යනවා.

    ReplyDelete
  9. සහතික ඇත්ත කතාව.ඡන්දෙ දෙනකල් තමා ඔක්කොම කතා.පස්සෙ මුකුත් නෑ.

    ReplyDelete
  10. හම් හම්.....ඉතිරියත් දාමුකො බලන්න

    ReplyDelete
  11. මොකා දිනුවත් අපි පරාදයි දිනේෂ්! :(

    ReplyDelete
  12. ලස්සනයි... ඉක්මනට ඉතිරි ටිකත් දාමු..

    ReplyDelete
  13. @ Red Riding Hood: ඔව් ඒක ඇත්ත නංගී.. තමන් එතනට යනවිදිහ ගියාට පස්සේ එයාලට අමතකයි..

    ReplyDelete
  14. @ නන්දු : මහජනයාට මේ දේවල් හොදට මතකයි.. අමතක ඔවුන්ට..

    ReplyDelete
  15. @ හිතුවක්කාරී : ගොඩක් ස්තූතියි නංගී..

    ReplyDelete
  16. @ රොෂාන් : හැමදාම එකතු වෙන්න කියලා ආරධනා කරනවා..

    ReplyDelete
  17. @ ලහිරු : ස්තූතියි සහෝ...

    ReplyDelete
  18. @ සයුරි : අපි ඒ ගැන ඊළග කොටසින් බලමු අක්කේ..

    ReplyDelete
  19. @ හිස් අහස : මලයගේ මතකයන් එක්ක මේ කතාව සමීප උන එක ගැන මට සතුටුයි..

    ReplyDelete
  20. @ Kasun : ඒ ගැන අපි ඊළග කොටසින් බලමු මලයා...

    ReplyDelete
  21. @ නිසූපා : ඔව් අක්කේ.. ආයේ මතක් වෙන්නේ චන්දයක් එනකොට..

    ReplyDelete
  22. @ සිතුවිලි නිහඩයි : ඕකේ නංගී.. ඉක්මනට දාන්නම්..

    ReplyDelete
  23. @ තනි අලියා : හරියටම හරි මචං කතාව...

    ReplyDelete
  24. @ වර්ණා : හෙට අනිද්දම ලියන්නම් වර්ණා..

    ReplyDelete
  25. ගුණේ මැම්බර් වෙයිද?
    තවත් එක් බලාපොරොත්තුවක්...!
    උන් හිටි තැනුත් නැති වෙන ලකුණු!

    ReplyDelete
  26. හ්ම්ම්...අමුතුම කතාවක් වගෙයි...

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්