Thursday, 17 November 2011

අප්සරාවේ ඔබ කවුරුන්ද?


ඔයා ඉස්සෙල්ලම ලියපු කවිය මොකද්ද මලිත්?”

හැමදාම රාත්‍රියේ නින්දට යන්නට මත්තෙන් කන්තෝරු කාමරයට වී කවියක් ගලපමින් උන් මා ලගට ඇය එකපාරම එහෙම අහද්දී මා ඇය දෙස බැළුවේ පුදුමයෙනි..

ඇයි ඔයා අද එක පාරම ගැන ඇහුවේ?”

නෑ නිකන්.. ඉතින් කියන්නකෝ අගේ නොකර..”

හ්ම්ම්.. පොඩ්ඩක් ඉන්නකෝ එහෙනම්..”

ඇය කුතුහලයෙන් යුතු දෑසින් මා දෙස  බලා ඉද්දී මා මගේ පරණ ලිපි සියල්ල අවුස්සා මා ආදරෙන් සුරැකිව තබාගත් මගේ පළමු කවිය අතට ගතිමි.. එය ඇයට දෙන්නට මත්තෙන් මා දෙස මොහොතකට බැලිමි.. ඇගේ දෑස් යොමුව තිබුනේ මගේ අතේවූ පැරණි කවි කොලය දෙසටය..

මේ තියෙන්නේ මාව කවියෙක් කරපු මුල්ම කවිය..”

මා එය ඇගේ අතට දෙත්ම මහා බලාපොරොත්තුවක් ඉටුවූ ලෙසට මගේ අතේ වු කවි කොලය අතට ගෙන කියවන්නට වූවාය..

මල් මල් සළුවට
හිස මුවා කරගෙන
නිල් දෙනෙතින්
ලොවම වසග කරමින
මල් වැටුන මල් මාවතේ
මුතු කුඩය යටින්
හද සැලෙන මුදු
සිනාවක් සලමින්
ඇවිද ගිය
අප්සරාවේ
ඔබ කවුරුන්ද?


“ අනේ ලස්සනයි මලිත්.. මේක ඔයාගේ හිතට ආපු සිතුවිල්ලක්ද නැත්නම්?”

“ නෑ ඕක සිතුවිල්ලක් නෙමෙයි.. මගේ පරණ මතකයක්..”

පරණ මතකයක්?”

ඇගේ මුහුණ මොහොතකින් රතුව යන අයුරු මා හොදින්ම දුටුවෙමි.. අතැති වූ පෑන පොත් මේසය මත තැබූ මම  ලගට විත් හිදගත්තේය..

“ මම ඔයාට  හැම දෙයක්ම කියන්නම්.. හැබැයි මගේ කතාව ඉවර වෙනකම් මගෙන් ප්‍රශ්ණ අහන්න එපා..”

“ හරි..”

“  දවස් වල මං කවියෙක් නෙමෙයි.. එදත් මං වෙනදා වගේම යළුවෝ එක්ක රස්තියාදුවේ යන්න ගෙදරින් එළියට ආපු දවසක්.. එදා මං මගදී මුණගැහුන මගේ ඉස්කෝලේ යාළුවෙක් එක්ක එයාලගේ ගෙදර ගියා..  මං එහේ ගිය පළවෙනි පාර.. මං  ගිහින් එන අතර තුරේ තමයි මං මේ කවියෙන් ලියපු කෙනා මට මුණ ගැහුනේ.. ඇත්තටම ලස්සනයි..  හැඩරුව  එයා දැක්ක මුල්ම දවසෙම මගේ හිතේ තදින්ම ඇදුනා..  හිනාව මගේ මතකයෙන් ඈත් කරන්න මට පුළුවන් උනේ නෑ.. එදා මං ගෙදර ඇවිත් දවසම කල්පනා කලේ එයා ගැන.. මගේ හිත මං නොහිතපු විදිහට එදා ගොඩක් සංසුන් වෙලා තිබුනේ.. මං මටත් නොදැනිම මගෙන් ඇහුවා අප්සරාවේ ඔබ කවුරුන්ද කියලා.. කාමරේ ඇද උඩට වෙලා හිටපු මම එහෙමම පෑනකුයි කොලේකුයි අරන් මොනවාදො කුරුටු ගෑවා.. අන්තිමට ඒක ඔයා මේ දැක්ක ලස්සන කවියක් උනා..”

“ ඊට පස්සේ  ඔයාට එයා මුණ ගැහුනේ නැද්ද?”

“ ඔව්.. මං ඊට පස්සේ හැමදාම වගේ  පාර දිගේ ඇවිදන් ගියා  අප්සරාවිය මට ආයෙම මුන ගැහේවියි කියලා හිතලා..  ගිය හැම දවසකම මගේ හිතට දැනුන ආදරේ මං කවි කලා.. මාස ගානක් මං  වගේ එයා බලන්න ගියා.. අන්තිමට මං මගේ ආදරේ ගැන කිවුවම මුලින් එයා ආඩම්බර කමට මට මුකුත්ම කිවුවේ නෑ.. පස්සේ එයා මගේ ජීවිතේ පළවෙනි ආදරය උනා..”

“ පළවෙනි ආදරයඔයා කිවුවේ මමයි ඔයාගේ පළවෙනි ආදරය කියලනේ.. එතකොට?”

ඇගේ දෙනෙත් වල කදුළක් පිරෙනවා මං දැක්කා.. එදා වගේම සුන්දර මේ දෑස් අගට කදුළක් එනවා බලාගෙන ඉන්න බැරි උන මම එයාව මගේ පපුවට තුරුළු කර ගත්තා..  මගේ අප්සරාවිය අඩනවා බලාගෙන ඉන්න පුළුවන් කමක් මට නැති නිසා.. 





43 comments:

  1. ලස්සනයි හැමදාම වගේ කවියයි..පසුබිම් කතවයි දෙකම..

    මාවත් කිවිදියෙක් කල
    ඔහු මගේ වෙනවා නම්
    හැකිය මට පෙන්වන්න
    පොත් ගණන් ලියු
    ඔහු වෙනුවෙන්....

    ReplyDelete
  2. හරිම ලස්සනයි.. ඔයා මෙහෙමත් කියන්න එයාට...

    ආදරියේ...
    ඔය දෙතොල් මැද..
    ළාමක වූ මගේ සිතුවිලි අතරේ..
    ගලාගිය ඒ මහා සෙනෙහස ගැන..
    නුබට පෙරලා කොහොම
    කියම්ද මම....

    ReplyDelete
  3. හැමෝම හරි කැමතියි තමුන්ගෙ ආදරවන්තයාගෙ පලවෙනි ආදරය තමුන් කියලා අහන්න..
    කාට වුනත් ඒක පොදුයි...:))

    ReplyDelete
  4. අප්සරාවකි ඔබ
    සිහිනෙනෙන් ඇවිත් යන
    හදවත කිති කවන්නට
    කනට කොඳුරා
    පැන යන්න නොසිතන්න
    අනන්තය තෙක් සැරිසරන්න
    වෙන්න මගේ සොඳුරිය
    අප්සරා, මම ඔබෙයි...

    ReplyDelete
  5. මට නිකන් සීන් එක මැවිලා පේනවා. ඇත්තටම ලස්සනයි අයියේ...

    ReplyDelete
  6. එදා ඉදල තමා මලිත් ට කනක් ඇහිල ඉන්න හම්බ වෙන්නෙ නැත්තෙ,මලිත් එක්ක එකසිය ගානට රන්ඩු කරයි.මොන ප්‍රශ්නෙ ආවත් ඔය සීන් එක ඇදල මලිත් ට නොසෑහෙන්න බනී.අන්තිමට මලිත්ටම එපා වෙලා යයි.මලිත් කලේ මෝඩ කමක් මම වගේ.
    ලස්සන ස්ටෝරිය මචන්

    ReplyDelete
  7. පුංචි ඉරිසියාවක් ඇතිවුනාම තවත් හිත් ළං වෙනවා..මලිත් බොරුවක් නොකියා ඇත්ත කිව්වාම ඇතිවන විශ්වාසය නිසා මේ ආදරය තවත් ගොඩක් දුර යාවි...

    ReplyDelete
  8. ලස්සනයි මල්ලියේ. ඔයා නම් හැබෑම දක්ෂයෙක්.

    ReplyDelete
  9. අලුත් කතාවක අාරම්භයද? :)

    ReplyDelete
  10. මාරයි....ඇත්තමට ලස්සනයි....

    ReplyDelete
  11. එදා දුටු නිල් නයන
    හැඩයි අද පෙරටත් වැඩිය
    මා නමින් පෙම උතුරා ගලන
    නොහඬන් තාරකාවිය
    නුබමයි මාහද අප්සරාවිය...

    ReplyDelete
  12. @ Red Riding Hood : ආදරය අපි අපිවම කවින් කල.. එහෙම නේද??

    ReplyDelete
  13. @ වර්ණා :

    කියාගන්න බැරි උන
    මගේ හිතේ සිතුවිලි
    කවියට පෙරලාම නුඹේ නමින් මම
    කවියෙක් උනා ඒ ආදරේ හින්දම..

    ReplyDelete
  14. @ නිසූපා : ඒකනම් ඇත්ත අක්කේ.. ඒත් ඔය ප්‍රශ්ණේ මගෙන් අහපු දාට මට තමයි දෙන්න උත්තර නැත්තේ..

    ReplyDelete
  15. @ හිරණ්‍ය :

    අප්සරා ඔබ මගෙමයි
    මං හැමදාම සොයන
    සිහිනෙන් විතරක් නෑවිදින් මවෙතට
    එන්න හැමදාම ලගින් රැදෙන්නට...

    ReplyDelete
  16. @ Kasun : ගොඩක් ස්තූතියි සහෝ...

    ReplyDelete
  17. @ කස්සා : යාළුවා අවසානය තේරුම් අරන් තියෙන්නේ වැරදියට වගේ.. මලිත් ඒ කවිය ලියලා තියෙන්නේ එයාගේ බිරිද වෙනුවෙන්ම තමයි..

    ReplyDelete
  18. @ රූ : මම කතාවේ අන්තිමේ මේ කවි ලිවුවේ ඔයා වෙනුවෙන්මයි කියලා ලියන්න හිතුවත් එහෙම ලිවුවේ නෑ.. එකෙන් තමයි කතාව ගැන පොඩි වැරදි තේරුමක් අරගෙන තොයෙන්නේ අක්කත්..

    ReplyDelete
  19. @ බට්ටී : ගොඩක් ස්තුතියි අක්කේ..

    ReplyDelete
  20. @ තනි අලියා : නෑ සහෝ මේ මං කවියට ගොතපු කතාවක් විතරයි..

    ReplyDelete
  21. @ : තෑන්ක්ස් මචං..

    ReplyDelete
  22. @ මකුළුවා : ගොඩක් ස්තුතියි යාළුවා...

    ReplyDelete
  23. @ මන්තරකාරී :

    නුඹ නොදත් මගේ කවිකම
    ඇරඹුම නුඹම වූ විට
    කඳුළු කිම මේ දැස් අද්දර
    නොහඩන්න මගේ අප්සරාවිය..

    ReplyDelete
  24. මම මේ කතාව දෙපාරක්ම කියෙව්වා. මාර සතුටක් තියෙනේ මල්ලි මේ කතාවේ. නියමයි.

    ReplyDelete
  25. හැගුනු කිසි යමක්,
    කවි කරන්නට බැරි වුනත්,
    හිතට දැනුනා සහනයක්,
    පළමු පෙම මා ම වු නියාවෙන්...

    ReplyDelete
  26. මට ටිකක් ටැපලුනා වගේ තමා දිනේශ් මල්ලි..
    ඔයා හිතන විදිහට බැලුවාමත් කතාව ලස්සනයි...
    ඒත් ලියන්නා කෙසේ ලීවත් කියවන්නා තේරුම් ගන්න විදිහ වෙනස් වෙන්න පුළුවන්නේ...

    තැන්කූ ලස්සන සිතිවිල්ලක් බෙදා ගත්තට..

    ReplyDelete
  27. හැමොම කවි ලියලා.. මට කවි ලියන්න බෑ කියලා දිනෙෂ් අයියා දන්නවනේ...
    පට්ටයි.., නියමට ලියලා තිනවා.. ..., අයියේ ඇත්තමයි කියන්නේ දැන්නම් අප්සරාවෝ පෙන්න බෑ...

    ReplyDelete
  28. මටත් කවියෙක් වෙන්න ආසයි !!!

    ReplyDelete
  29. @ මධුරංග : ඒ මොකද අයියේ දෙපාරක්ම.. කමක් නෑ ගොඩක් ස්තූතියි...

    ReplyDelete
  30. @ අසනි :

    පළමු පෙම නුඹමයි
    නැතත් නුඹ ලීවේ කවියක්
    දකිමි මම නුඹ
    ලියන හැම කවියකම ආයෙත්..

    ReplyDelete
  31. @ රූ : ඔව් අක්කේ ඒක ඇත්ත.. නෑ අක්කා දැක්ක විදිහෙත් කතාවේ වරදක් නෑ.. ඒත් එතකොට අවසානයේ ඉතුරු වෙන්නේ පොඩි දුකක් නේද? අක්කා කිවුවත් වගේ ඉරිසියාවක් සමහර විට..

    ReplyDelete
  32. @ රහස් පරීක්ෂකයා : ඒකට කමක් නෑ මලයා.. මොකද කැම්පස් එකේ අප්සරාවෝ වැහි වැහලද??

    ReplyDelete
  33. @ ඔබ නොදුටු ලොවක් : ලියමු ලියමු.. අපි දෙන්නම් අපේ සපෝට් එක..

    ReplyDelete
  34. අනේ මේ අප්සරාට ඒක තේරුනේ නැති හැටි :)

    ReplyDelete
  35. ජීවිතේ පළවෙනි කවියෙ අප්සරාවිය...
    ඇත්තටම හරිම නිර්මාණාත්මකයි දිනේෂ්.. :)

    ReplyDelete
  36. ගොඩ දවසකින් බ්ලොග් පැත්තේ ආවේ.....හරිම ලස්සනයි අයියා.....!!!!

    දකින තුරු නුඹේ රුව
    දින ගැනපු මගේ සිත
    අතරමන් වුවා ඉතින්
    පැතුදා නුඹ මගේ පෙම
    ගොළු වුනේ සිත මගේ
    අදහාගත නොහැකි වු නිසා වග
    කෙසේනම් පහදා කියන්නද...
    ඉතින් නුඹ මගේ වි ඇත
    ඒ තරම් සතුටක් තව කොයිද මට.......

    ReplyDelete
  37. පෙන්වන්නට පුළුවනි නම්,.
    ගෙතූ කවි ඔක්කොම,
    හඬන්නට කඳුළු මදි වෙයි
    ඔය නීල නෙතු වල,.
    මහා කවියෙක් නොවූවද
    ලියන්නෙමි ඔබ නමින් හැකි නම්
    මෙඝ දූතය වුව,.
    ස්නේහයේ වදන් කැටි කොට,.
    පතන්නෙමි ඔබේ සතුටම,..

    ReplyDelete
  38. @ සයුරි : ඒකනේ අක්කේ තේරුම් ගියේ පහු වෙලා..

    ReplyDelete
  39. @ සිතුවිලි නිහඩයි :

    ලියූ කවි වල ආදරේ හින්දම
    නුඹ මගේ වෙලා අද දෑස් ලගම
    ආදරෙයි තව එදා වගේම
    නැහැ බිදුනේ හිත නුඹ නිසා මොහොතකට..

    ReplyDelete
  40. @ නන්දු : අපි කාගෙත් පළවෙනි කවිය ආදරේ ගැන තමයි..

    ReplyDelete
  41. @ ප්‍රාර්ථනා : නංගිගෙත් කවි ඔක්කොම එයා වෙනුවෙන් නේද?? ඔයාටනම් කවදා හරි මේ කතාවේ වගේම මගේ කවිය ඔයාමයි කියලා කියන්න පුළුවන් වේවි..

    ReplyDelete
  42. එදා ඇය මගේ සිත් අහස සැරසූ තරුවකි
    නමුදු
    ඔබ මා සිත් අහස සරසන
    සඳයි...
    ඇය වෙනුවෙන් මා ලීවේ
    එක කවියකි
    නමුත්
    මා ඔබ වෙනුවෙනි
    මා ජීවිතේම ලියන්නේ...
    --------------------------
    ලස්සන කවිය+ කතාව

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්