Wednesday, 30 November 2011

එනවාද ආයෙමත් නුඹ


ජීවිතේ මේ තනිකම දැන් නම් දරාගන්න අමාරුයි මට තනියම.. ඒත් මම මොනවා කියලා කරන්නද? අතීත මතකයන් කන්දක් පාමුල මං නැවතිලා.. මතකයන් දිගේ ගිහින් ජීවිතය හොයා යන්න හිතුනත් මං අතර මගදී මතකයන් වල අතර මං වේවි කියලා මට හිතෙනවා.. ඒත් මතක අත ඇරලා වෙන පාරක යන්න හිත හදා ගන්න කොටම සොදුරු කටහඩ ආයෙම මාව ලෝකෙටම අරගෙන යනවා..

තාත්තී.. අම්මි කවද්ද අපි ලගට එන්නේ?”

අපේ පුංචි කෙල්ල හුරතල් වෙවි එහෙම අහද්දි මං මොනවා නම් කියලා කියන්නද? ඒත් හැමදාම පුංච් ඇස් දිහා බලාගෙන බොරුවක් කියන්න තරම් ශක්තියක් මේ හිතේ නෑ..

දුවේ ඔයා ඉක්මනට ලොකු වෙනවනම්..”

මං මගේ  හිතින් හිතන වාර අනන්තයි.. එතකොට දවසක ඔයාටම ඔයාගේ අම්මා ආයෙමත් එන්නේ නෑ කියලා තේරුම් ගන්න පුළුවන් වෙන නිසා මිසක් ඔයාව මට බරක් නිසා නෙමෙයි මගේ රත්තරං දුවේ.. මොනතරම් දේවල් මං ඔයගේ ජීවිතේට ලං කලත් ඔයාගේ හිතේ තියෙන දුක මං දන්නවා.. ඒත් ආදරය මං කොහොමද ආයෙමත් ඔයා ලගට අරගෙන එන්නේ..

මේ ජීවිතේ එක තැනකදි වැරදුනා.. ආයෙම හදාගන්න බැරි තරමට.. ඒත් ඒකෙන් අද දුක් විදින්නේ පුංච් ඔයා.. මේ කිසිම දෙයක් නොදැන ඔයා සමහර දවස් වලට අහිපිල්ලමක් වත් නොගහා පාර දිහා බලං ඉන්නවා මං දකිනවා.. ඔයාගේ අම්මා ආයෙම ඔයාව බලන්න ඒවියි කියලා හිතාගෙන කියලා මං දන්නවා..

බලාපොරොත්තුව මගේ හිතෙත් තියෙනවා.. දවසක මේ හැම දෙයක්ම ආයෙම ඉස්සර තිබුනා වගේම ලස්සනට තියේවි කියලා.. ඒත් ඒක බලාපොරොත්තුවක් විතරක්ම වේවිද කියන්න මං දන්නේ නෑ..

හඩන සිතක් ලග
කඳුළු සලන දෙනෙත් පාමුල
ආදරයට ආදරය තවරන්න
යලිත් ඔබ එනවාද
අපේ මේ පාළු ලෝකෙට..

නුඹෙන් වෙන් උන
දින ඉදන් මම
සිනාසුන එක් මොහොතක්
තිබුනේ නෑ මට
ගෙවුන මේ කාලය පුරාවට..

නුඹේ හිතටත් මට වගේම
දුක දැනෙන මේ අදුරු මතකයන්
මකා දමා අප
යලි එක් වෙමුද
පෙර පුරුදු විදිහට..







26 comments:

  1. හ්ම්ම් :(((((( කවියටත් වඩා මම කතාවට ආසයි...කවිය ලස්සන නැතුව නෙමෙයි හොඳේ...

    ReplyDelete
  2. අනේ...ජීවිතේ කවදාවත් දරුවෙක්ට මෙහෙම දුකක් වෙන්න එපා... :(((

    ReplyDelete
  3. හ්ම්ම්ම්..එහෙම වෙනවනං ...

    ReplyDelete
  4. මේ පැදි පෙලට කතාව පුදුමාකාර විදියට ගැලපෙනවා...හරිම සංවේදීයි

    ReplyDelete
  5. හ්ම්.... මං ඉස්සෙල්ලාම හිතුවෙ දාලා ගිහින් කිව්වාම මැරිලා කියලා.එහෙම එකක් නෙවෙයි නේද??

    ReplyDelete
  6. හම්......ලස්සනයි අයියා...පොඩි එකා වෙනුවෙන්වත් ඒ දෙන්නා එකතු කරන්න.....

    ReplyDelete
  7. නුඹට පමණක් සොඳුරුවූ
    සිත අඬගසයි හෙට
    ඇවිත් යන්නට
    ඒත් කෙලෙසක නුඹ දකින්නද
    හඬා වැලපෙයි සිතම
    මොහොතින්...

    දහස්වර පය එසෙව්වද
    නුඹ දෙසට කොතෙකුත්
    තවම නැත පියවර ගියේ
    සමාවෙන්න මගේ සොඳුරු සිහිනය
    අවදියෙනි මා මේ රුදුරු ලොවේ...

    ReplyDelete
  8. පලමු පරම්පරාවෙ වැරදි නිසා දෙවෙනි පරම්පරාව විදෝනව! :)

    ReplyDelete
  9. @ සයුරි : මේ කවියත් මං ලියලා දැන් ගොඩක් කල් අක්කේ.. කවිය පොඩි නිසයි කතාවත් එක්ක දැම්මේ..

    ReplyDelete
  10. @ මකුළු පැංච් : අපි එහෙම ප්‍රාර්ථනා කලාට නංගී මේ දේට මුහුන දුන්න දරුවෝ ඕන තරම් ඉන්නවා..

    ReplyDelete
  11. @ ඔබ නොදුටු ලොවක් : ඔව් අඩු තරමේ පොඩි එකාගේ සතුට වෙනුවෙන්වත්..

    ReplyDelete
  12. @ දිල් : ස්තුතියි අක්කේ.. හැබැයි මේක මට මගේ කලින් කවි කතා වගේ දිගට ලියන්න බැරි උනා.. අනේ මන්දා ඇයි කියලා..

    ReplyDelete
  13. @ නිසූපා : නෑ අක්කේ.. එහෙම දෙයක් නෙමෙයි.. එහෙම උනානම් දරුවට අමාරුවෙන් හරි තේරුම් කරලා දෙන්න තිබුනා.. ඒත් අම්මා වෙන කෙනෙක් එක්ක ගියා කියලා කොහොමද කියන්නේ..

    ReplyDelete
  14. @ සිතුවිලි නිහඩයි : ඔව් දරුවෝ ගැන හිතලා සමහර ප්‍රශ්න වලදි දෙමවුපියන්ට තීරණ ගන්න වෙනවා..

    ReplyDelete
  15. @ රූ :

    හමුවෙමු දවසක ආයෙම
    දුරස් නොවන්න පතාගෙන
    අපිට අපි ආදරේ නැතත් තව
    මේ පුංච් කෙල්ලගේ කඳුළු හින්දම..

    ReplyDelete
  16. @ තනි අලියා : හරියටම හරි මචං.. ඕක පළවෙනි පරම්පරාවයි තේරුම් ගන්න ඕන..

    ReplyDelete
  17. දුක හිතුනා හොදටෝම .. :((

    ReplyDelete
  18. ගොඩක් හොද අදහසක්..කවදාවත් දෙමව්පියන්ගේ වැරදි දරුවොන්ට ශෝකාලාපයක් නොවිය යුතුයි..මොකද ඒ පැටව් මේ ලොකට එන්නේ...අපේ ඕනෑකමට මිස ඔවුන්ගේ ඕනා කමට නොවන නිසා..

    එකට ඉදීම හෝ..වෙන්වීම..දරුවන් මෙලොව එලිය දකින්නට පෙර තීරණය කර ගන්න පුළුවන් නම්..අම්මා එනකම්..තාත්තා එනකන්..වැටවල් අයිනේ..හූල්ලමින් ඉන්න පුන්චි වුන් දකින්න ලැබෙන එකක් නෑ.. ඒ හින්දම ලෝකේ මීට වැඩිය සුන්දර වේවි...

    ReplyDelete
  19. සමාවෙන්න මෙහෙම ඇහුවට මොකක්ද එත්තම සිද්දිය

    ReplyDelete
  20. තාත්ත වෙනුවට අම්මත් එක්ක තනිවුනු..ඔය තරම් පුංචි වයසෙ නොවුනත්..තාත්තට උපන්දිනේ දවසටවත් එයාව මතක් වේවිද කියලා අවුරුදු ගානක්ම බලං ඉඳපු..එහෙම නොවුනම හිතින් ගොඩාක් දුක් වුනු..අනික් දරුවො තාත්තලා එක්ක හුරතල් වෙන හැටි දැකලා කෑ ගහල අඬන්න හිතුනත්..ඒත් අම්මට තවත් දුක හිතේවි කියලා තේරෙන තරම් වයසක හිටපු නිසාම අඬනව වෙනුවට කෑ ගහල නිනාවුණු...මේ පැංචිට වගේ හිතේ දුක,තනිකම...අඩුව වචන කරලා කියාගන්න ඉඩක් නොතිබුනු කෙනෙක්ව මාත් හොඳටම දන්නවා අයියේ... ඒ නිසයි මුලු හදවතින්ම පතන්නෙ...කිසිම දරුවෙකුට මෙහෙම වෙන්න එපා...!!! :(((

    ReplyDelete
  21. @ වර්ණා : සමහර කතා හිතට දුකක් ගේනවා නංගී..

    ReplyDelete
  22. @ අසනි : අක්කගේ කතාව හරියටම හරි අක්කේ.. වරදි පොඩි එවුන් නොවුනත් දඩුවම් විදින්නේ ඒ අහිංසකයන්...

    ReplyDelete
  23. @ අසරණයා : මේ කතාවේ හැටියටනම් ඇත්තම සීන් එක තමයි තමන්ගේ දරුවත් සැමියත් අත ඇරලා ගිය කාන්තාවක් ගැන ඒ සැමියට හිතෙන හැගීමක්..

    ReplyDelete
  24. @ මකුළු පැංච් : ඔව් නංගී ඔයා හරි.. මේ ලියන මට ඒ හැගීම ඒ තරම්ම නොතේරෙන්න පුළුවන්.. ඒත් ඇත්ත ඒක තමයි..

    ReplyDelete
  25. ගත්ත වැරදි තීරණ වලට වන්දි ගෙවන්න අසරණ පොඩි වුන්.හියම නිර්මාණයක් මචන්

    ReplyDelete
  26. හරිම හැඟීම්බරයි යාළු..කතාව නිසා කවියෙ අරුත වඩාත් හොදට හිතට දැනෙනව..welldone..

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්