Monday, 28 November 2011

තනිකඩය තවම මම


මචං මට උඹට පණිවිඩයක් කියන්න තියෙනවා..”

අද දවල් මං මගේ යාළුවෙක් එක්ක ස්කයිප් කතා බහක ඉද්දි එක පාරම මගේ යාළුවා කවදාවත් නැතුව අවසර අරන් මොනවද මේ කියන්න හදන්නේ කියලා මං කල්පනා කලා..

ඔව් කියපං..”

මචං මට කෙල්ලෙක් සෙට් උනා..”

.. ඇත්තද? කවුද ()වාසනාවන්තිය..?”

විහිළු නෙමෙයි බං.. මං ලබන අප්‍රේල් වල බදිනවා..”

උඹට දැංද මට කියන්න මතක් උනේ..”

අඩෝ.. අවුලක් ගන්න එපා බං..”

පිස්සුද? උඹ මගේ සල්ලි ලෑස්ති කරලා තියපන්කෝ..”

මොන සල්ලිද?”

එතකොට උඹට ඒකත් මතක නැද්ද?”

මං මේ පාර ලංකාවට යද්දි මගේ මිතුරු කැලෙන් තතිකඩව හිටියේ මමත් මගේ මේ කියන මිතුරත් විතරයි.. අනික් අයගෙන් කීප දෙනෙක් බැදලා.. සමහරු බදින්න ඉන්නේ.. අනිත් අයට කෙල්ලෝ ඉන්නවා.. එක්කෙනෙක් කාටවත් නොකියම කෙල්ලත් එක්ක හදපානෙම යන්න ගිහින්.. ඉතින් ඉතුරු අපි දෙන්න විතරයි.. 

ඉතින් අපි කට්ටිය සෙට්  උන වෙලාවක ඊළගට තනිකඩ කමට සමුදෙන්නේ කවුද කියලා කතා උනා.. ඉතින් මගේ මිතුරා කිවුවාඅසා උඹට කෙල්ලෙක් සෙට් වෙනකම් මම කාවවත් සෙට් කර ගන්නේ නෑ..” ( මේ "අසා" කියන්නේ මම.. මට ඉස්ස්කෝලේ කට්ටිය කතා කරන්නේ අසන්ත කියලා.. ඕකේ කෙටි යෙදුම තමයි අසා..) ඕකට ඉතින් අපි අතරේ පොඩි විවාදයක් ඇති උනා..ඉතින් ඕක ඔට්ටුවක් දක්වා දුර ගියා..

ඔට්ටුව මෙහෙමයි.. දැන් මගේ මිතුරා කිවුවනේ මට කෙල්ලෙක් සෙට් වෙනකම් ඌත් කෙල්ලෙක් යාළු කර ගන්නේ නෑ කියලා.. ඉතින් මං ඔට්ටුව ඇල්ලුවාඋඹ මට කලින් කෙල්ලෙක් එක්ක යාළු වෙනවා.. එහෙම නොවුනොත් මං උඹට රුපියල් දහදාහක් දෙනවා..” ඉතින් මගේ මිතුරත් නිකන් හිටියේ නෑ.. “ මං උඹ යාළුවෙනකම් යාළු වෙන්නේ නෑ.. එහෙම නොවුනොත් මං උබට දහදාහක් දෙනවා.."

ඕක ඉතින් ගොඩක් කට්ටිය හිටපු තැනක උන  නිසා එහෙම ඔට්ටුවක් නෑ කියන්න කාටවත් බෑ.. කොහොම හරි ඉතින් මං දැන් ඔට්ටුව දිනුම්.. මං පරදින්නේ නැති බව දන්න නිසා තමයි ලොක්කා වගේ ඔට්ටුව ඇල්ලුවේ.. එතකොට දැන් අපේ කාණ්ඩේ අන්තිම තනිකඩයා මම.. හ්ම්ම්.. ඒක හොදද නරකද අනේ මන්දා..

අපේ අයියා බැන්දා.. අක්කා බැන්දා.. මලයා කෙල්ලො දෙන්නෙක්ම සෙට් කර ගත්තා.. J යාළුවෝ ඔක්කොම දැන් සිංගල් නෙමෙයි.. මං තනියම තාම තනිකඩ පැත්තේ..  දැන් තියෙන ප්‍රශ්ණෙ මුං ඔක්කොම මාවත් පැත්තට අදින්න හදන එක.. ඒවා කොහේද මාත් එක්ක.. මේ නිදහස් ජීවිතේ මං තව කාලයක් ඉන්න ඕන.. එක සිහිනයට අමාරුවෙන් සමුදුන්න මට බෑ ආයෙම මේ තරම් ඉක්මනින් තවත් සිහිනෙකට යන්න..

මේ තනිකමෙත් අමුතු අපූර්වත්යක් තියෙනවා.. දැං කට්ටිය මාත් එක්ක රණ්ඩුවට කාරණා හොයන්න එපා.. මං කියන්නේ මගේ හිතට දැනෙන හැගීම විතරයි.. මමත් ආදරය කලා.. මමත් ආදරය ලැබුවා.. හිත පිරෙන්නම.. ඒත් දැන් ඒ හැම දෙයක්ම අතීතයක් වෙලා ඉවරයි.. සමහර විට මේ තනිකම මකන්න කෙනෙක් ඉදීවී.. සමහර විට නොඉදීවි.. ඕකෙන් කොයිදේ උනත් දැං මං ඒ දේට සූදානම්.. ඒකයි මං කිවුවේ මේ තනිකමෙත් මං අපුර්වත්වයක් දකිනවා කියලා.. ඒ ගැන කතා කල යුතු අවස්‍ථාවක් ආවොතින් මං ඒක කියන්නම්..


දැං ඉතින් මගේ බ්ලොග් මිතුරෝ ඔයාලත් මේ ගැන ගොඩක් දේවල් කියාවි.. තනිකඩ කම හොදද නැද්ද කියන්න මං දන්නේ නෑ.. ඒත් හැමදාටම නෙමෙයිනේ.. දැනට මෙහෙම හොදයි.. කොහොම හරි අන්තිමේ මම දහදාහක් දින්නනේ.. J





58 comments:

  1. තනිකඩගේ ආතල් එක දන්නේ බැදල තනි උනාම (අත්දැකීමක් නෙවෙයි )

    ReplyDelete
  2. ඉතින් සල්ලි ටික දෙන්නම් කිව්වද? මාත් හිතන්නේ තමන් සූදානම් කියලා හිතෙන තුරු කරන්නන් වාලේ කරන්න යන්න හොඳ නැහැ කියලයි...

    ReplyDelete
  3. හුඟාක් කෙල්ලෙක් නැති හෝ බැඳපු නැති කොල්ලො හිතන්නෙ, කෙල්ලෙක් හිටියනං , කසාදයක් බැන්ද නං, හොඳයි කියල.
    හුඟාක් බැඳපු එවුන් හිතනව තනිකඩව හිටිය නං හොඳා කියල.

    සෙට් වෙන කෙල්ලගෙ, බඳින ගෑනිගේ හැටියට වගේම, කොල්ලගේ හැටියටත්, තනිකඩ ජීවිතේද 'හිච්' වෙච්ච ජීවිතේද හොඳ කියන එක වෙනස් වෙනව.
    ඔය ප්‍රශ්නෙට 'ස්ට්‍රේට් ෆෝවර්ඩ්' උත්තර නෑ.

    කෝම හරි රු/= 10,000 ක් දින්නනේ, දැනට එකත් මදෑ .

    ReplyDelete
  4. එළ කොල්ලෙක්,මාත් තාම තනිකඩයි සහෝ......

    ReplyDelete
  5. ඉවසලා ඉන්න ඔයත් ගොඩ යයි :)

    ReplyDelete
  6. මෙයැයි හිතේ දුකට මොනාදෝ කියලෝ....හිකිස්
    ඩින්ගිත්තක් කාරිය ඉවසලා...50%වත් තමන්ට ගැලපෙන සහකාරි හොයාගෙන, තනිකමට සමු දෙමු මලයෝ...

    ReplyDelete
  7. හිඳවි කොතැනක හෝ
    හිමිකාරයා උපන් ඔබේ නමින්
    වඩීවි කෙදිනක හෝ
    ඇය එන තුරා හිත
    හදාගෙන ඉදින්...

    සුනිල් එදිරිසිංහත් ඔහොම කියල තියේවිලු දිනේශ්..

    ReplyDelete
  8. හැබෑව තමා මල්ලි.වෙලාවකට තනියම ඉන්න එක කොච්චර ශෝක්ද කියලා හිතෙනවා.බැදීම් අඩු වුනාම දුක අඩුයි නේ... :)))

    ReplyDelete
  9. Ooka thiyenne choo karanna witharak nemei kollo...

    ReplyDelete
  10. හිඳවි කොතැනක හෝ
    හිමිකාරයා උපන් ඔබේ නමින්
    වඩීවි කෙදිනක හෝ
    ඇය එන තුරා හිත
    හදාගෙන ඉදින්...

    සුනිල් එදිරිසිංහත් ඔහොම කියල තියේවිලු දිනේශ්.

    ReplyDelete
  11. සීයට දෙසීයක්ම එකගයි... තනිකමේ රස විදින සුධනෝ මිසක් පෙම් කරන දුදනෝ නොදනිත් ...

    ReplyDelete
  12. හිඳීවි කොතැනක හෝ හිමිකාරි උපන් ඔබේ නමින්.

    ReplyDelete
  13. තනිකම කියන්නෙ හෙන සිරා පවර්ෆුල් ටූල් එකක් මචං! :D

    ReplyDelete
  14. හෑ...එහෙනම් රුපියල් දහදාහක් දිනුවා.....
    සමහර වෙලාවට තනිකඩකම හොඳයි...ඒත් තවත් සමහරවෙලාවට තනිකඩකම අපිව උස්සලා පොළොවේ ගහනවා...ඒ වගේ වෙලාවක් හිතෙනවා අනේ මොකටද තවම මේ තනිකම කියලා....

    ReplyDelete
  15. මරු පොස්ට් එක තනිකඩ හිරිකඩ වගේ සිතල උනාට එකේ තියෙන ගතිය හුගක් අයට තේරෙන්නේ නැහැ. ඒ නිදහස විදින්න පුළුවන්, මටත් තාම හිතා ගන්න බැහැ මන් කවදාහරි මේ තනිකඩ ජිවිතේ අත්හරි කියල ඒක ඒ තරමට සුන්දරයි

    ReplyDelete
  16. ඉසුරුමුණියේ නුඹ තැනූ
    පෙම්බරිය කොතැනද කියා...
    මා ඇසූ විට හිනැහුනා ඔහු
    තාම තනිකඩ යැයි කියා...

    ReplyDelete
  17. අනේ අනේ.....දැන් ඔය සිංගල් වෙලා හිටියා ඇති අයියේ.....

    හම්....ඔයාගේ ජීවිතේට හොද මොනාද නැත්තේ මොනාද කියලා තේරුම් ගන්න ඕන ඔයා.....ඔයාට හොඳනම් ඉතින් අපිට කොහොමත් හොඳයිනේ.....

    ReplyDelete
  18. @ අසරණයා : වෙන්න පුලුවන්.. බදින්නම ඕන නෑ කෙල්ලෙක් හිටියත් ඇතිලු ඔකේ වටිනකම දැනෙන්න...

    ReplyDelete
  19. @ සයුරි : දුන්නත් මං ගන්නේ නෑ අක්කේ.. කොහොම හරි ඔට්ටුව දිනිමනේ වැදගත් උනේ.. ඔව් අක්කේ නැත්නම් අන්තිමේ වෙන්නේ හිත් රිදෙන එක විතරයි..

    ReplyDelete
  20. @ Observer : අයියාගේ කතාවට මම සම්පූර්ණයෙන්ම එකගයි.. අපි කොහොම කිවුවත් ඕක හමුවෙන සහකාරයා/සහකාරිය අනුව වෙනස් වෙනවා.. ඒක ඉතින් තීරණය වෙන්නේ වාසනාව අනුව තමයි ඉතින්..

    ReplyDelete
  21. @ නදීර සඳරුවන් ලියනගේ : එල එල.. මගේ පැත්තට තව කොල්ලෙක් ඉන්නවා..

    ReplyDelete
  22. @ නදී : ඔව් අක්කේ.. මේවා හදිස්සි වෙන්න හොද දේවල් නෙමෙයි..

    ReplyDelete
  23. @ අසනි : මොන දුකක්ද අක්කේ.. ඔට්ටුව දින්න සතුටට ලිවුවේ... හැබැයි අන්තිමේ නම් ටිකක් වෙනස් උනා.. අපි බලමුකො...

    ReplyDelete
  24. @ රූ : මාත් කැමතිම සින්දුවක් තමයි ඒක අක්කේ.. අපි ඉතින් බලාගෙන ඉමු..

    ReplyDelete
  25. @ නිසුපා : ඒකනේ කියන්නේ අක්කේ.. එතකොට අක්කත් මගේ පැත්තෙද??

    ReplyDelete
  26. @ Anonymous : දන්නවා යාළුවා ඒක..

    ReplyDelete
  27. @ හිතුමතේ : එහෙමම කියන්නත් එපා.. පෙම් කරලා සතුටින් ඉන්න අයත් අපි දැකලා තියෙන්නේ.. ඒත් තනිකඩයා කියන හැගීම එක්ක වැඩ කරන්න බෑ එතකොට..

    ReplyDelete
  28. @ පිණිබිදු : ඔව් අක්කේ.. බලාගෙන ඉමු ඇය හමුවෙන තුරා..

    ReplyDelete
  29. තනිකඩ ජීවිතේ සැප කෝටියයි අයියේ ..හිකිස්‌,,

    ReplyDelete
  30. හිහිහී.. දිනේෂ් හෙමින් සැරේ මංගල දැන්වීමක් දාලද මන්දා... :D

    තනිකම, පුද්ගලයන් විවිධ විදිහට තෝරගන්නවා.. ඒ ගැනනම් මුකුත් කියන්න යන්නෙ නෑ ඕන්... ඒ දේ පුද්ගල නිදහ‍සනෙ.. :)

    යහපත් වාසනාවන්ත සුබ අනාවකට යාළුවට සුබ පැතුම්..!!!

    ReplyDelete
  31. තනිකඩ කම දාහකින් සම්පතයි.ඇඟිලි ගහන්න කවුරුත් නෑ,කෑ ගහන්න කවුරුත් නෑ.ගොඩක් නිදහස්.
    ඉසරනම් මමත් ආදරේ වින්ද,ආදරේ කලා, අර උඹ කිවුව වගේ ඒව අතීතෙට ගිහින්.
    හැබැයි නැතිවෙච්ච දේවලුත් තියනව ඒත් මේ තනිකඩ පාලුව ඊට වඩා ගොඩක් වටිනව.

    "ප්‍රේම තාපයෙන් පරමල් යහනට තවත් ලඳක් එයි හෙට දවසේ
    එතෙක් මෙතෙක් මා රැකගත් තනිකම මා නුඹ එලවන්නේද කෙලෙසේ"

    ඔන්න ඕක කිය කිය ඉන්න එකයි තියෙන්නෙ

    ReplyDelete
  32. සිරාවට! අහුවෙන්න එපා බං ඔය ගැටවලට.උඹවත් අමාරුවේ දාන්න හදන්නේ පාප මිත්‍රයො! තනිකඩං ජීවිතං අලංකාරං,ඩබලං ජීවිතං බයංකාරන් කියන කතාව ආයි සීයට දාහක් ඇත්ත!

    ReplyDelete
  33. මාත් ආදරේ කලා අයියේ.. තාමත් ආදරේ කරනවා. ඒත් ඒ කෙනා නැතුව වෙන කෙනෙක් එක්ක ඉන්නවට වඩා තනිකඩ ජීවිතේ හොඳයි මටත්.. :)

    ReplyDelete
  34. මටත් කියන්න තියෙන්නේ රෙඩ් නංගා කියපු එක තමයි,.. කවුරුම හරි එක්ක යාළු වෙනවට වඩා ආදරේ කරපු කෙනා ගැන මතකය තියාගෙන තනියම ඉන්න එක සැපයි,.

    ReplyDelete
  35. වෙලාව ආවමා අයියගෙ ඉරණම් කාරී එයි... එතකන් හිමීට ෆන් එකේ ඉන්න අයියා..:D යාළුවො වෙඩින් කාඩ් බෙදුවා කියලා මොකටද හදිස්සි ව්එන්නෙ.. අපි යන්න ඕනෙ අපේ බස් එක එනක්ම් ම ඉඳලා. අපේ බස් එක එන්න පරක්කුයි කියලා වෙන එව්වගෙ යන්න බෑනෙ..නේද??

    මාත් ඔන්න ඔහොම කතන්දර ගොඩාක් හිතලා, හිත හදාගෙන මට හිමි එක්කෙනා අද එයි.. හෙට එයි, කිය කිය බලන් ඉන්නවා...ආදරේ කරන්න ඕනෙ, දැනෙන ලස්සනම කාලෙ, ආදරේ ඕනෙ කාලෙ මමත් තනි වුනා කියලා හිතෙනවා වෙලාවකට, ඒත් සමහර වෙලාවට මේ ජිවිතේ හරි නිදහස් කියලත් හිතෙනවා...

    ReplyDelete
  36. "මේ තනිකමෙත් අමුතු අපූර්වත්යක් තියෙනවා.."

    ඔව් ඉතින් මාත් ඔහොම කියනවා වෙන කරන්න දෙයක් නැති කමට. මම නම් දැන් තනිකමට ආසම නෑ. දැන් ඒක ඇති වෙලා.

    ReplyDelete
  37. නරකද දැංවත් මොකුත් බැළුවනං......

    ReplyDelete
  38. @ තනි අලියා : ඇත්ත.. ඔය ආයුදේ අපි ලග තියෙනකම් අපි කාටවත් පරදින්නේ නෑ..

    ReplyDelete
  39. @ දිල් : හ්ම්ම්.. ඔව් අක්කේ.. වෙලාවකට කවුරුවත් නැතුව තනියම මේ යන ජීවිතේ එක්ක දැනෙන තනිකම නිසා ඔය තනිකඩකම එපා වෙන වෙලාවලුත් නැතුවම නෙමෙයි..

    ReplyDelete
  40. @ Dush : තනිකඩ කම සුන්දරයි ආදරයක් මුන ගැහෙනකම්.. ඊට පස්සේ ඒ ආදරය සුන්දරයි.. අවාසනාවටවත් ඒ ආදරේ අපිට වදයක් නම් ආයෙම හිතෙනවා තනිකඩ කම සුන්දරයි නේද කියලා..

    ReplyDelete
  41. @ සුජානි : ඒකනේ අක්කේ මහා කවියන් පවා මේ තනිකඩ කම ලස්සනට කියලා තියෙනවා..

    ReplyDelete
  42. @ සිතුවිලි නිහඩයි : ඒකටත් දවසක් ඒවි නංගි.. එතකොට ඉතින් කියන්නම්කෝ කට්ටියටම..

    ReplyDelete
  43. @ වර්ණා : ඒකනේ නංගි.. එහෙනම් නංගිත් මගේ පැත්තේ නේ?

    ReplyDelete
  44. @ නන්දු : නන්දුට එහෙම හිතුනේ ඇයිද මන්දා.. ඔව් නන්දු සමහර කෙනෙක් මේක වැරදියට දකියි.. සමහර කෙනෙක් එහෙම නැති වෙයි..

    ReplyDelete
  45. @ කස්සා : සහතික ඇත්ත යාළුවා.. ආදරයකට සමුදිලා තනිකඩ වෙන පළමු දවස් වල දැනෙන්නේ මහා අමුතු පාළුවක් තනිකමක් තමයි.. ඒත් ඒ ටික දවසකට විතරයි..

    ReplyDelete
  46. @ Sabith : ඒකනේ මචං.. මුං වලට වැටිලා ඉවර වෙලා " මචං උඹත් බදින්නේ නැද්ද" කියලා අහද්දිනේ එපා වෙන්නේ..

    ReplyDelete
  47. @ Red Riding Hood : ඒ ගැන මාත් දන්නවනේ නංගි.. මාත් හිතන්නේ ඔයාට ඔය ජීවිතේ තව ටික කාලෙකට හොදයි කියලා..

    ReplyDelete
  48. @ ප්‍රාර්ථනා : ඒත් ඒ මතකයේ ජීවත් වෙන එකත් වෙලාවකට දුක්බරයි නංගි.. මගේ පහුගිය අවුරුදු 4 ගැන කියන්න ඕන නැනේ..

    ReplyDelete
  49. @ හිතුවක්කාරී : ඔව් නංගී.. හදිස්සියේ වැරදි බස් එකේ නැග්ගොත් ජීවිතේම සමහර විට වරදිවි.. ඔයානම් මනමාලයෙක් අවශ්‍යයයි කියලා පෝස්ට් එකක් දැම්මනේ.. හොද කෙනෙක් ඒකෙන්වත් හම්බුනේ නැද්ද? :)

    ReplyDelete
  50. @ Kasun : වෙන කියන්න දෙයක් නැති නිසාම නෙමෙයි බං මම එහෙම කිවුවේ.. මේ තනිකඩකමට සමුදුන්න දවසක උබටත් ඒක තේරෙයි..

    ReplyDelete
  51. @ ඔබ නොදුටු ලොවක් : දැම්ම බෑ.. තව ටිකක් මෙහෙම ඉන්න ඕන..

    ReplyDelete
  52. තන්කඩ වීමයි තනිකඩකඩවීමෙයි වාසි අවාසි දෙකම තියනවා. ලගදීම අපේ ගොඩට වැටේවා!:)

    ReplyDelete
  53. තනිකම සුන්දරයි !!
    ඒත් මල්ලි ආදරේ කරන ජෝඩුවක් දැක්කම තනිකමට සමු දෙන්නේ කවදද කියලා හිතෙන වාර ගණන අනන්තයි.

    ReplyDelete
  54. එක අතකට තනිකඩ ජීවිතේ හොඳයි අයියේ...කොහොම වුනත් තනියට කෙනෙක් හොයාගනිද්දි සිය දහස් වාරයක් හිතන්න..හරිම කෙනාද කියල තවුරු කරගන්න..දවසක ඔයා නිසා එයාටවත්තෙයා නිසා ඔයාට වත් වරදක් නොවෙන..ජීවිතේ තනිකමක් නොදැනෙන තරම් ලන්ඟින් ඉන්න පෞලුවන් කෙනෙක්වම හොයාගන්න... පරක්කු වුනත් ඒක තමා වැදගත්ම දේ කියලයි මට හිතෙන්නෙ.. :))

    ReplyDelete
  55. @ රාජ් : අපේ ගොඩට කිවුවේ විවාහක පැත්තටද?? හපෝ දැම්ම බෑ අයියේ..

    ReplyDelete
  56. @ මධුරංග : හෙහ්.. සමහර වෙලාවට එහෙම හිතෙනවනම් තමයි.. ඒත් ඒක ටික වෙලාවකට විතරයි..

    ReplyDelete
  57. @ මකුළු පැංච් : මගේ නම් අදහස ඒක දෛවය තීරණය කරයි කියන එක නංගී.. ඔක පස්සෙන් දුවන්න ගියාම තමයි අපි ඉක්මනටම හති වැටෙන්නේ..

    ReplyDelete
  58. @Kasun
    උබ කොහොම කිවත්
    මේ තනිකමෙත් අමුතු අපූර්වත්යක් තියෙනවා.
    එක ඇත්ත

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්