Saturday, 26 November 2011

වහල්ලූ - තුන් වන දිග හැරුම


පළවෙනි කොටස  දෙවෙනි කොටස 

සාජ්ජයෙන් පසුව දවස් එකින් එක ගෙවී ගියත් එදා වූ කතා බහ ගැන කිසිවකුගේත් මතකයේ නොරැදුනේය.. ගුණදාසාට එය මතකයේ  තිබුනත් අන් හැමටම එහෙම දෙයක් කතා කාලාදවත් මතකයේ නොතිබුනේය.. ගුණදාසත් කෙමෙන් කෙමෙන් එය අමතක කර හරිද්දි දිනක් හදිසියේම ඇල්බට් හා ගාමිණි ඔහු හමුවිය..

අපි මේ උඹ එනකම් බලාගෙන හිටියේ ගුණේ අයියේ..”

මොකද බං.. හදිස්සියක්වත්ද?”

හදිස්සියක්ම නෙමෙයි ගුණේ අයියේ.. අර එදා කියපු කාරනාව ගැන කතා කරන්න..”

මොන?”

ඇයි බං අර චන්දේ ඉල්ලන එක ගැන..”

.. මට ඒක මතකයි.. මෙච්චර දවසක් උඹලගෙන් සද්දයක් නැතුව තිබුන නිසා මං හිතුවා උඹලට ඒක අමතකයි කියලා..”

නෑ ගුණේ අයියේ.. එදා කිවුවට මොකද පස්සේ මට මුං එක එකා සිහියෙන් ඉන්න වෙලාවක් හියාගෙන ගිහින් කියන්න උනානේ..”

මං උඹට ඕක එදාම කිවුවනේ.. දැං කිවුවට වැඩක් වෙන්නේ නෑ කියලා..”

එහෙනම් ගුණෙ අයියේ උඹ කැමතියිනේ වැඩේට.. අපි එහෙනම් ඔය ලොකු කට්ටිය ස්වාධිනව දාන ලිස්ට් එකකට උඹේ නම දානවා..”

ගුණදාසගේ මුහුනේ ඉරියව් වෙනස් ගොස් ඔහු පුදුමයෙන් මෙන් ගාමිණි දෙසත් ඇල්බට් දෙසත් වරින් වර බැළුවේය..

මගේ නම දාන්න උඹලට පිස්සුද?”

ගාමිණි හා ඇල්බට් මුහුණට මුහුණ බලගත්තේ ගුණේ අයියාගේ කතාවේ අගක් මුලක් නොතේරුන නිසාය..


ගුණේ අයියේ අපි හිතුවේ උඹ මේ වැඩේට කැමතියි කියලා..”

මං කැමතියි කිවුවා තමයි බං.. ඒත් මං ඕකට ඉල්ලන්න නෙමෙයි.. අනික මගේ වයසේ හැටියට මට දැන් ඕවට මහන්සි වෙන්නත් බෑ.. ඒත් උඹලා මේ වත්තේ කවුරු හරි කැමති කොරවා ගනින්.. මං මට කරන්න පුළුවන් හැම දෙයක්ම ඒකා වෙනුවෙන් කරනවා..”

අනේ මන්දා ගුණේ අයියේ.. වත්තේ එවුන් මේ වැඩේට කැමති උනෙත් උඹගේ නම දානවා කියපු නිසා.. උඹ ඇරුනම වෙන කවුද ඉන්නේ මේ වත්තේ සුදුසු කම් තියෙන..”

තිදෙනාම මුහුණට මුහුණ බලාගෙන කල්පනා කරන්නට වීය.. ඇල්බට්ගේත් ගාමිණිගේත් බලාපොරොත්තු කඩවූ මුහුණු ගුණදාස හොදින්ම තේරුම් ගත්තේය.. ඒත් තමන්ගේ වයසේ හැටියට එවන් දෙයකට තමන් නුසුදුසුයැයි ගුණදාස තරයේම විශ්වාස කලේය.. පොඩි එවුනේගේ සෙල්ලම් පිට්ටනියේ ලී බංකුව මත හිද ගත් තුන් දෙනාම කල්පනාකරන්නට වීය..

කවුරුවත්ම නැති උනොත් අපි කලින් කලාවගේ මංත්‍රි තුමාටම උදවු කරමු.. මොකද අපි මග ඇරලා හිටියොත් ඒකේ අවාසිය අපිටමයි..”

උඹ හරි ඇල්බට්.. උන්දෑ අපිට මොනවා නොකලත් අපේ එවුන් පොලිසියෙන් කුදලං යනකොට බේර ගන්න එකම මදැ.. අපි උදවු නොකලොත් උන්දෑ අපි දිහා නිකමටවත් බලන එකක් නෑ..”

අපේ සුනිලයා මේකට හොද නැද්ද මල්ලියේ?”

“  කවුද මේ අපේ කමලා අක්කගේ ලොකු කොල්ලද?”

ඔව්.. හොදට ඉගෙන ගෙනත් තියෙනවනේ..”

ඒත් ගුණේ අයියේ කැමති වෙයිද මේ වැඩේට.. නෑ මං කිවුවේ අනිත් එවුන් වගේ නෙමෙයිනේ.. සද්ද බද්ද නැති කොල්ලනේ..”

අන්න හින්දයි ඇල්බට් මල්ලී මං අහුවේ හොද නැද්ද කියලා.. අනිත් එවුන්ගේ වගේ උගේ නම පොලිස්  පොතේ ලිය විලත් නෑනේ..”

ඒත් කොල්ල කැමති වෙයිද වැඩේට?”

ඒක ඉතින් උගෙන් අහලම තමයි දැන ගන්න ඕන..”

මොකද කියන්නේ ගුණේ අයියේ අපි යමුද මේ ගැන කොල්ල එක්ක කතා කරන්න..”

හරි යමු..”

වෙනදා වගේම පොඩි එවුන්ට ගෙනා ටොපි ඔවුන්ගේ අතේ තැබු ගුණදාස ගාමිණි හා ඇල්බට් සමග කමලාගේ නිවසට පිය මනිද්දී සුනිල් හා අතරමගදීම කමලා මුණ ගැසුනේය..

කමලා අක්කේ අපි මේ උඹලගේ ගෙදර යන ගමන්..”

ඒ මොකෝ මල්ලියේ?”

ගාමිණි ඇල්බට හා එක්ව ගුණදාස සමග කතා කල සියල්ලක්ම ඇයත් එක්ක පවසන්නට විය.. කමලාත් වෙනදාට වඩා නිශ්ෂබ්දව ඔවුන්ගේ කතාවට ඇහුම් කන් දුන්නාය..

අපි හිතුවේ උඹව මැම්බර් කරලා යවන්න ගුණේ මල්ලියේ..”

මේ වත්තෙන් කවුරු ගියත් එකයිනේ කමලා අක්කේ..”

ගුණදාස හෙමින් සුනිල් ලගට ලං වී ඔහු ඉදිරියෙන් සිට ගත්තේය..

උඹ මේ ගැන මොකද කොල්ලො කියන්නේ?”

හදිසියේම ගෙන යෝජනාවෙන් පුදුම වී සිටි සුනිල් හැමෝගේම මුහුණු දෙස බලන්නට විය..

මේ අහපන් පුතේ.. උඹ මේ කරන්න යන්නේ හොද දෙයක්.. උඹ ඉපදුන වත්ත වෙනුවෙන්.. උඹත් එක්ක උඹේ හයියට මේ අපි ඉන්නවා.. උඹ කිසිම දේකට බය වෙන්න එපා..”

හොදයි ගුණේ මාමේ මං කැමතියි..”





14 comments:

  1. ම්ම්ම්ම්... සාමාන්‍යයෙන් බ්ලොග්වල දකින්න නොලැබෙන, වෙනස් ම ආරක කතාවක් වගේ.....
    හොඳයි... දිගට ම ලියන්න...
    ජය...!!!

    ReplyDelete
  2. හදිසියේ කියෙව්වෙ, කියවපු ටික හිතට අල්ලල ගියා, හවසට පරණ කොටස් දෙකත් බලන්න නෝට් එකක් දා ගත්ත. දිනේෂ් ලියන ශයිලියට ආයාසයක් නැතුව කියවල රස විඳින්න පුළුවන්.

    ReplyDelete
  3. සුනිල් කොලුවට ජය :)

    ReplyDelete
  4. කතාව මම හිතපු විදියට වඩා වෙනස් වගේ. දැන් නම් හිතාගන්න බෑ මොනවා වෙයිද කියලා. බලමුකෝ.

    ReplyDelete
  5. නවමු වෙනසක්...
    ජන්ද පෝස්ටර් ගහන්න අපි එනෝ..හේ හේ

    ReplyDelete
  6. වෙනස්ම කතාවක්.. හැමදාම හැමෝම ලියන කතාවලට සම්පූර්න වෙනස් කතාවක්.. දිගටම ලියමු අයියා... අපි බල්මු ඉස්සරහට...

    ReplyDelete
  7. ඔන්න එහෙනම් ලඟදිම බ්ලොග් අවකාශයේ ඡන්දයකුත් බලා ගන්න පුලුවන් !!!
    සුනිල්ට ජය වේවා !!!

    ReplyDelete
  8. හ්ම්.... එක පාර කැමති වුනේ හොදකට නෙවෙයිද මන්දා...

    ReplyDelete
  9. මගේ සප් එක සුනිල්ට..ඔන්න මාත් එනවා ජන්ද වැඩවලට :D

    ReplyDelete
  10. ඇත්තටම මැතිවරණයක් කිව්වම වැඩියෙන්ම බලාපොරොත්තු තියාගන්නේ පොඩි මිනිස්සු.. වහල්ලු..

    ReplyDelete
  11. දිගටම ලියන්න අයියේ.. අපූරු කතන්දරයක්.. ආගන්තුකයා ගියාට මේ පැත්තෙ ඇවිත් යන්න එන්නම්.

    ReplyDelete
  12. කුතුහලයෙන් කියවමි....!!!

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්