Thursday, 24 November 2011

අපේ පෙම් හසුන


අද මං කියන්න යන්නේ ඉස්කෝලේ කතාවක්.. ඊයේ මං කිවුවනේ මගේ ඉස්කෝලේ යාළුවෙක්ට මගෙන් කවියක් ලියා ගන්න ඕන උනා කියලා.. ඉතින් මගේ මේ යාළුවා මගෙන් ඇහුවා ඇයි මම අපේ ඉස්කෝලේ දවස් වල කරපු මගෝඩි වැඩ බ්ලොග් එකේ නොලිවුවේ කියලා.. සිහින නමින් ලියද්දි නම් ඒ මතකයන්ට ඉඩක් දෙන්න බැරි උනාට දැන් වර්ණ ලියන මට ඒ මතකයන් ආයෙම අරන් එන්න පුළුවන් නේද කියලා හිතුනා.. ඉතින් ඒ යාළුවට උන සිද්දියකින්ම මං මගේ පාසල් මතක අරම්භ කරන්නම්..

මේක වෙනකොට අපි ඉස්කෝලේ 10 පන්තියේ.. අපේ පන්තිය තිබුනේ ඉස්කෝලේ වාසනාවන්තම පන්ති කාමර කීපයෙන් එකක.. ඒ මොකද කියනවනම් අපේ පන්තිය තිබුනේ පාරේ අයිනෙම බිල්ඩිමේ.. ආ කියන්න අමතක උනා මං ගියේ මිශ්‍ර පාසලකට.. අපිට පස්සෙන් 9 වසරේ පන්ති කාමර තිබුනා.. දැන් ඇයි ඔය කාමර වාසනාවන්ත? මේකයි හේතුව..

ගෑණු ළමයින්ට පාර අයිනේ ඉදන් අයිලා එක්ක දෑස් වලින් කතා කරන්න ලේසියි.. ඒනිසා අපි පාරට මායිම් උන පැත්ත කැමැත්තෙන්ම එයාලට දුන්නා.. එතකොට අපිට.. ඔය 9 වසරේ පන්තියේ අය යන්න ඕන කොරිඩෝවේ අපේ පන්තිය පහු කරන්.. ඉතින් ඔය 9 පන්තියේ ගෑණු ළමයින්ට විහිළු කරන්න ලේසියි.. ඉතින් අපි ඉදගත්තේ කොරිඩෝව පැත්තට වෙන්න.. J

ඉතින් මේ දවස් වල මගේ මේ යාළුවට ඔය 9 වසරේ පන්තියේ ගෑණු ළමයෙක් ගැන හිතක් පහල වෙලා තිබුනේ.. ඒත් මේකට මේක කියන්න බයයිලු.. මොකද කලින් වතාවකත් ඔහොම කෙනෙක්ගෙන් අහන්න ගිහින් සෑහෙන දේවල් ප්‍රසිද්ධියේ අහගත්ත නිසා.. ඒත් ඉතින් පොරට ලැජ්ජාවක් නෑ.. හැබැයි කලින් වතාවේ වගේ ඉක්මන් වෙලා නොන්ඩි වෙන්නත් මෑන් අකමැතියි.. දැන් අපිටත් කණක් ඇහිලා ඉන්න නෑ.. ටික දවසක් ඔහොම ඉද්දි බැරිම තැන අපේ පන්ති නායකයා කිවුවා උඹ ලියුමක් ලියලා දියන් කියලා.. දැන් පොරටත් වැඩේ සෙට්.. ඉතින් ඔය ලියුම ලියාගන්න අපි කතා කලා අපේ පන්තියේ ලස්සනම අත් අකුරු තියෙන කෙල්ලට.. අපියි කෙල්ලොයි හිටියේ ගහට පොත්ත වගේනේ.. ඉතින් උනුත් අපේ වැඩකට ෆුල් සපෝට්..

හැබැයි ඔය කෙල්ලටම අපේ පන්තියේ තව දෙන්නෙකුත් කැමැත්තෙන් ඉදපු බව දැන ගත්තේ ලියුම ලියන්න පටන් ගත්තම.. දැන් මුං දෙන්නා පොඩි හින්ට් පාස් කරනවා.. පොඩි පොඩි බාල්දි දානවා.. වැඩේ කරන්නම බෑ.. දැං ඉතින් ලියන්න ගත්ත කෙල්ලටත් මල පැන්නා..

“ මේ මං උඹලා තුන් දෙනාටම හරි යන්න මේකේ “මම” වෙනුවට “අපි” කියලා දාන්නම්..”

කට්ටියම රණ්ඩු සරුවල් නවත්තලා කෙල්ල දිහා කට ඇරන් බලන් හිටියා.. අපිටත් දැන් වැඩේට ෆුල් හොලමන්.. අපිත් ටිකක් ලං උනා ලියුම ලියන තැනට මොකක්ද මේ හරුපේ කියලා දැන ගන්න.. වැඩේ කෙරෙන්නේ මෙහෙමයි.. ලියුම අරන් යන පෝස්ට් මෑන්ට තියෙන්නේ අරුන් තුන්දෙනාම කැමතියි කියලා ලියුම දෙන්න.. කෙල්ල කැමති වෙන එකා දිනුම්..

“ ආ බං උඹෙනුත් සමීර අයියා ඇහුවේ ඔහොමද?”

“ පිස්සුද.. දැං මොකද කියන්නේ?”

“ හරි අපි කැමතියි..”

තුන් දෙනාගෙම කැමැත්ත ආවට පස්සේ අරුන් තුන් දෙනාගෙ අදහසුයි ඒකිගේ ලියුම් ලිවීමේ පලපුරුද්දයි ඔක්කොම අරගෙන ලියුම සාර්ථක විදිහට අවසන් කලා.. පස්සේ එහා පන්තියේ අපිට හිතවත් කොල්ලෙක් අතේ ලියුම යවලා අරුන් තුන්දෙනා හෙන කතාවකට වැටිලා ඉන්නවා.. පිළිතුරක් ආවට පස්සේ රණ්ඩු නොවි ඉන්න වෙන්න ඇති කතාව.. අපිත් අපේ පාඩුවේ වැඩක් බලාගෙන හිටියා..

කාලචේද දෙක තුනක් යද්දි විනය බාර මැඩම් අපේ පන්තිය ලග හිට ගෙන..

“ නැගිටිනවා බලන්න පිරිම ළමයි ඔක්කොම..”

හේතුව මොකක් වෙන්න ඇත්ත කියලා යන්තමින් හිතුනත් හරි ශුවර් එකක් නොතිබුන අපි ඔක්කොම හිට ගත්තා.. අපේ සැකය නිවැරදි කරමින් මැඩම් ලියුම අතට අර ගත්තා..

“ හා.. දැන් කියනවා බලන්න කවුද මේ අපි?”

හරි ඔය තියෙන්නේ වැඩේ අපූරුවට පත්තු වෙලා.. තුන් දෙනෙක්ගේ පෙම් හසුනට දැන් අපි කොල්ලො 17 දෙනාම අහු වෙලා.. එක එකා හෙමීට බිම බලා ගන්නවා.. දැන් දෙන්න උත්තර නෑ.. කොහොමටත් අරුන් තුන් දෙනාව පාවා දෙන්නයි.. අපිත් බිම බලාගෙන හිටියා.. විනය බාරව හිටියට මැඩම් හරි හොදයි.. කාටවත් ගහනවානම් මං කවදාවත්ම දැකලා නෑ.. හැබැයි අපේ ලොක්කා නම් එහෙම නෑ.. ගහලා ඉවර වෙලයි ප්‍රශ්න අහන්නේ.. දැන් ප්‍රශ්ණෙ එතනට යන බව අපි හොදින්ම දැනන් හිටියා.. එහෙම ගියා කියන්නේ අරුන් තුන් දෙනා වරද පිළි ගන්නකම් අපි 17 දෙනාටම කන්න වෙන එකනම් ශුවර්..

ඒත් උනේ නොහිතපු දෙයක්..

“ මං මේක අරන් සර් ගාවට යන්නේ නෑ.. ගියොත් වෙන දේ දන්නවනේ.. හැබැයි මේ පන්තියේ කවුරුවත් ආයෙම ඒ පන්තියේ කාත් එක්කවත් කතාවට යනවා නෙමෙයි.. මං මේ පන්ති දෙකම ගැන ඇහ ගහන් ඉන්නේ..”

එහෙම කියපු මැඩම් යන්න ගියා.. මරණෙට නියම වෙලා ඉදලා නිදහස් උනා වගේ තමයි අපිට දැනුනේ.. අපිට අරුන් තුන් දෙනා එක්ක හෙනම මල.. දන්න හැම කුණු හරපයක්ම කියලා බැන්නා.. හැබැයි ටික දවසකට පස්සේ ඒ කෙල්ල අපේ එකෙක්ට කැමති උනා.. දෙන්නා මැඩම්ට අහු වෙන්නේ නැති වෙන්න ටික කාලයක් ඒ සම්බන්දේ තියාගෙන ගියා.. පුදුමයි ඒ කෙල්ල කැමති උනා.. අපේ ලියුමට.. J









45 comments:

  1. අපි කියන්නේ මම කියන එකේම තේරුම තියෙන පදයක්ද ඈ......?එළ සීන් එක ..

    ReplyDelete
  2. ඒකත් හොඳ ක්‍රමයක් තමා....මල්ටිපල් චොයිස්...හික් හික්

    ReplyDelete
  3. වෙලාවට "අපි" කියල ලියන්න කල්පනාවට ආවෙ.බැරි වෙලාවත් "මම" කියල දාල "නම" දැම්ම නම් කාල හමාරයි.

    ReplyDelete
  4. lassai... apitath oya wage scl lassana memories thiyenawa.. bt aiyata wage liyanna hakiyawak nahane :( :( wht to doo

    ReplyDelete
  5. අනේ මන්දා මෙහෙමත් ලියුම්.. මම වෙනුවට අපි..
    ඒත් හැබැයි එකම කෙල්ලට හොඳම යාළුවෝ තරහා වෙන කාලෙක ඔය වගේ සහයෝගයෙන් වැඩ කරන එක හොඳයි..
    මේ වෙලාවට මතක් වෙන්නේ උඩරට නීතිය කොච්චර හොඳද කියලා.. උඩරට නීතියෙ හැටියට එක ගෙයි කෑම වලංගුයිනේ.. හික්ස්.. ;)

    ReplyDelete
  6. යකෝ පුදුම ලියුමක් නෙ... අන්තිමට කැමති කෙනාගෙ නමට යටින් ඉරක් අදින්න කියලත් තිබ්බද

    ReplyDelete
  7. හික්ස්.....අපි 10 වසරෙදි ඔය චාන්ස් එක හම්බුණා....එතකොට කොල්ලො ඉන්න කෙල්ලොන්ට පාර පැත්ත දිලා අපි අනිත් පැත්තට ගියා.....

    දැන් ඔය ලියුම දිපු කොල්ලෝ 3 දෙනාගේ ගොඩට දිනේශ් අයියත් අයත්ද....?

    ReplyDelete
  8. හෙහේ, ඒ කාලේ ඔහොම පිස්සු වැඩ කළා නේන්නම්, මේ කතාව කියෙව්වහම මටත් පරණ සිදුවීම් කිහිපයක්ම මතක් වුණා, පස්සේ වෙලාවක ලියන්නම්. :)

    ReplyDelete
  9. //“ මං මේක අරන් සර් ගාවට යන්නේ නෑ.. ගියොත් වෙන දේ දන්නවනේ.. හැබැයි මේ පන්තියේ කවුරුවත් ආයෙම ඒ පන්තියේ කාත් එක්කවත් කතාවට යනවා නෙමෙයි.. මං මේ පන්ති දෙකම ගැන ඇහ ගහන් ඉන්නේ..”//

    යොවුන් වියේ මනස ගැන හොඳ ට තේරුම් ගත්තු මිස් කෙනෙක්, විනය භාරව දාලා තියෙනවා. ගහලා, බැණලා, ගෙවල්වලින් ගෙන්නලා මේ ප්‍රශ්නේ විසඳන්න ගියා නම් ජීවිතේට ම කැළලක් එක් වෙන්න තිබ්බා......

    අහ්හ්... එතකොට ඒ කෙල්ල කැමති වුණේ, මුලින් ලියුම ලියන්න ගත්ත කෙනා ට නෙවෙයි ද????

    ReplyDelete
  10. ඔඉන් ගියා ඇති ඔයාට නම්.... අපේ පන්තියේ කෙල්ලෙක් ලග love letter එකක් තිබිල අහුවෙලා... කාගේද කියල හොයා ගන්න බැරුව....මුළු පන්තියම principle ගේ office එක ඉස්සරහ බොරළු ගොඩේ දන ගස්සවල තිබ්බ ඉස්කෝලේ ඉවර වෙනකන්ම...එදා නම් පුදුම සැපක් වින්දේ කට්ට අඋවෙ බොරළු ගොඩේ දන ගහගෙන....බලනකොට ඒ කෙල්ලගේත් නෙවෙඉ ලියුම එයාගේ අක්කගේත් යාලුවෙක්ගෙලු.... හෙහෙ....නම් ගම් නැති ලියුම් අහු උනාම ඔන්න වෙන දේවල්!

    ReplyDelete
  11. ඒ කෙල්ල අකමැති උනා නම් ඒකම වෙන කෙල්ලෙක්ටත් දෙන්න තිබ්බා. ඇයි ඉතින් අපිනෙ.

    ReplyDelete
  12. විනය භාර මිස් ඔයාලා ගැන හොඳට හිතලා තියනවා වගේ..මම කල්පනා කරන්නෙ අර ගෑනු ළමයට මොකක් හිතෙන්න ඇතිද මේ අමුතු ලියුම දැක්කම කියලා..

    ReplyDelete
  13. @ ඔබ නොදුටු ලොවක් : නෑ නේ.. ඒ වෙලාවේ ප්‍රශ්ණේ විසදන්නනේ එහෙම කලේ.. ඒත් පස්සේ එක මාරම ප්‍රශ්ණයක් උනානේ..

    ReplyDelete
  14. @ සයුරි : ඒකනේ අක්කේ.. ඒ ගෑණු ළමයට කොච්චර සතුටු ඇත්ද?

    ReplyDelete
  15. @ කස්සා : නම තිබුනනම් ඉතින් අරූ ගස්.. ඒත් කෙල්ල සෙට් උනේ ඒ මුලින්ම අපි ලියුම ලියන්න හදපු එකාට නෙමෙයි..

    ReplyDelete
  16. @ Anonymous : ට්‍රයි කරලා බලන්න යාළුවා.. බැරි වෙන එකක් නෑ..

    ReplyDelete
  17. @ Red Riding Hood : අම්මපා නංගිටත් මතක් වෙන දේවල්.. ආ ඔයා ඉතින් නීති කාරිනේ කොහොමත්.. මේ දැං එහෙම බැරි වෙයිද??

    ReplyDelete
  18. @ පිස්සා පලාමල්ල : හෙහ්.. නෑ නෑ.. එහෙම තිබුනේ නෑ.. හැබැයි එහෙම තිබුනනම් අරුන් තුන් දෙනා ගස් යනවනේ..

    ReplyDelete
  19. @ සිතුවිලි නිහඩයි : අපෝ නෑ.. අපි හොද ළමයිනේ.. ඒතකොට නංගිත් වාඩි උනේ පාර පැත්තට වෙන්නද??

    ReplyDelete
  20. @ හිරණ්‍ය : ලියමු ලියමු.. අපිත් ආසයි මේ වගේ දෙවල් දැන ගන්න..

    ReplyDelete
  21. @ මහී : ඔව් මහී ඒක ඇත්ත.. ඒ මැඩම්ට අපි ඊට පස්සේ හැමදාම වගේ හොදින් සැළකුවා.. වෙන කෙනෙක්ට අහු උනානම් ඉතින් හිතාගන්න පුළුවන්නේ වෙන දේ.. ඒ ගෑණු ළමයා කැමති උනේ ඔය ලියුම මුලින්ම ලියන්න ඕන උන කෙනාට නෙමෙයි. පස්සේ එකතු උන දෙන්නගෙන් කෙනෙකුට..

    ReplyDelete
  22. @ Nelum : තමන්ගේ ලියුමක් තියාගන්නවට වඩා බයයි අනුන්ගේ ලියුමක් තියා ගන්න එක..

    ReplyDelete
  23. @ පිණිබිදු : බෑනේ අක්කේ අපි ඕක "අපි" කියලා ලිවුවට කෙල්ලගේ නම තිබුනනේ.. :)

    ReplyDelete
  24. @ රූ : ආරන්ච් උන විදිහට ඕක ඔක්කොම කෙල්ලො ටික එකතු වෙලා හිනා වෙවී බලලා.. ඒකෙන්නේ වැඩේ මාට්ටු උනේ..

    ReplyDelete
  25. මගේ මතකය හරිනම්...අපේ තව යාලුවෙකුගෙත් ඔවැනිම ලිපියක් මන් දැක්කා.. ඒ කසුන්ගේ වෙන්න ඕනා..

    බලන් යද්දි..."මම වෙනුවට අපි" කියලා රැල්ලක්ම තිබිලා තියෙනවනේ..

    ReplyDelete
  26. සහයෝගිතාවයෙන් වැඩේ ගෙනියලා !!
    මරු ඈ. මල්ලිලාගේ පංතිය මරම වාසනාවන්ත පංතියක් නේ.

    ReplyDelete
  27. හිහිහී.. හයියෝ... හැබැයි ඉතින් ආයෙමත් අර ගෑණුළමයට කියලා ලියුම්නම් ලියවගත්තෙ නැතිව ඇති.. අපි අපිනේ... හිහිහී.. අපේ පෙම් හසුනක් ළඟ තිබුණා කියන්නෙ ඉස්කෝලෙ අස්වීමේ සහතිකය ඒ වෙලාවෙම ගෙනියන්න පුළුවන්.. :D

    ReplyDelete
  28. ඇත්තටම ඔහොම සහයොගිතාවයෙන් උන්නු අපේ පන්තියත් මතක් උනා මට.. තවම හිතුමතේගේ දුක්බර අතිතේ විතරනේ කිවේ... ඒවාත් ඉස්සරහට.. දැන් එතකොට මේ ගැනුලමයා කැමති උනේ අයියාටද??

    ReplyDelete
  29. මළ කෙළියයි මහරජ, කෙල්ල තුන්දෙනාටම කැමති වුනා නං එහෙම.

    ReplyDelete
  30. මාර වැඩේ,. අන්තිමේ තුන් දෙනාගෙන් එක්කෙනෙක්ව තෝරගන්න ගියාම කෙල්ලට නම් එපා වෙන්න ඇති,. හෙ හෙ

    ReplyDelete
  31. මර වැඩේ තමයි හිහි..

    ReplyDelete
  32. අන්න එල කොල්ලෝ ටිකක්. මට උන්ගේ නම්බර් දෙන්න බැරිද? :D

    ReplyDelete
  33. :) මරු සිස්ටම් එක ඒකත්!

    ReplyDelete
  34. යකෝ මාර වැඩනෙ උඹලත් කරල තියෙන්නෙ..

    ReplyDelete
  35. @ අසනි : ඔව් ඔව් කසුන්ගේ තමයි.. අපි හැමෝම සාමුහික වැඩ කරලා තියෙනවා..

    ReplyDelete
  36. @ මධුරංග : මේ මොනවා කියනවද අයියේ.. අපේ පන්තියේ තිබුනේ මාරම ෆිට් එකක්.. ඔය වගේ වැඩ වලට නම් දරාපු පන්තිය අපි..

    ReplyDelete
  37. @ නන්දූ : නෑ ඊට පස්සේ ඒ කෙල්ල සෙට් උන කොල්ලා ලියුම් ලියව ගත්තේ ඒ කෙනාටම කියලා තමයි.. අපිටත් අස්වීම ශුවර් ලොක්කා ලගට ගියානම්..

    ReplyDelete
  38. @ හිතුමතේ : ලියමු ලියමු.. අපිත් එන්නම් බලන්න.. නෑ නෑ මට නෙමෙයි.. මං කොහොමත් ඒ ලිස්ට් එකේ හිටියේ නෑනේ..

    ReplyDelete
  39. @ Observer : එහෙනම් ඉතින් අපේ එවුන් ගහගන්නවා.. කෙල්ල බෙදාගන්න බැරුව.. :)

    ReplyDelete
  40. @ ප්‍රාර්ථනා : ඉලුම වැඩි උනාම හොදම දේ තෝරගන්න ටිකක් අමාරුයි කියලා කියනවනේ..

    ReplyDelete
  41. @ වර්ණා : තව ඔය වගේ ඒවා තියෙනවා.. ඒවා පස්සේ කියන්නම්..

    ReplyDelete
  42. @ Kasun : ඒ මොකෝ හවුලේ වැඩ කරන හැටි අහ ගන්නද?? ඇයි උඹත් ඔහොම වැඩක් කලේ..

    ReplyDelete
  43. @ Sabith : හැබැයි ඒක වැඩ කලා..

    ReplyDelete
  44. @ පැණි දොඩම් : සහයෝගීතාවය තමයි අයියේ..

    ReplyDelete
  45. ane me math 10 vasare.. api nam kare naginna denne ne kollonta..eka pparai ravanna one. kakul deka pana nethuva bima edagena vetenava.. hikiz...

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්