Wednesday, 23 November 2011

කවිය නුඹ


මම කවියෙක් නෙමෙයි.. කවියෙක් වෙන්න හිතාගෙන හිටපු කෙනෙකුත් නෙමෙයි.. ඒත් මොකක්දෝ හේතුවකට මට දැන් කවියක පද වැලක් අමුනන්න පුළුවන්.. කවිය නොහිතූ විදිහට මගේ ජීවිතය වෙනස් කලා..

ඒ දවස් වල විජය පත්තරේ මිහිර පත්තරේ තිබුන ළමා කවි කියෙවුවේ ගොඩක් ආසාවෙන්.. මමත් ලියනවා මේ වගේ කවියක් කියලා පැන්සලයි කොලෙයි අතට අරන් පැය ගානක් මුකුත් නොලියා බලාගෙන හිටපු හැටි මට අද වගේ මතකයි.. ඒත් කවදාවත්ම අකුරු පේලි හතරක පුන්ච් කවියක් වත් මට ලියා ගන්න බැරි උනා..

කාලයක් ඔහොම යද්දි මට අහම්බෙන් අපේ අයියගේ කවි පොත හම්බෙනවා.. පරණ ඩයිරියක පිටු පුරා ලිය උන කවි එකින් එක කියවන්න මං පෙළබුනෙ මටත් නොදැනිම.. ඒ ඔක්කොම ආදර කවි.. ගොඩක් ඒවයේ තිබුනේ විරහව.. ඒ කාලේ වෙද්දි අයියා ලංකාවේ නොහිටි නිසා ඒ කවි පොත මගේ වීම වකල්වන්න කවුරුවත් හිට්යේ නෑ..

ඒ කවි පොත මං පාවිච්චි කලේ මගේ වගේ.. කවියක් යන්තමින්වත් ගැට ගහගන්න බැරි කාලේ ඔය පොතේ තිබුන කවි මං මට ඕන වෙලාවට මගේ වගේ පාවිච්චි කලා.. අදටත් ඒ පොතේ මං හොරෙන් අරන් ලියපු කවි යටින් දාපු සළකුණු පේන්න තියෙනවා.. එහෙම සළකුණු දැම්මේ අමතක වෙලාවත් ආයෙම ඒකම ලියවෙයි කියලා හිතාගෙන.. මොකද බොරුවක් කරන්න ගියාම වරදින තැන් තියෙනවනේ.. අදටත් අයියා කවි පොත අතට ගත්ත වෙලාවට ඔය මාක් දාපුවා පෙන්නලා මාව බයිට්  එකට ගන්නවා..

ටිකින් ටික කාලය ගත වෙද්දි ආදරය සතුට විරහව වගේ දේවල් මගේ හිතටත් දැනෙන්න පටන් ගන්නවා.. සමහර වෙලාවට ඒවා කියන්න යාළුවෙක් වත් ලග නැති උනාම හිත තවත් තනි වෙනවා.. පාඩම් කරනවා කියලා පෙනුනට මං කලේ හිතට එන එක එක දේවල් කොල වල කුරුටු ගාපු එක.. පොඩි පේලි හතරේ කවි.. ඔවා පොත් අස්සේ තිබිලා වැරදිලා හරි යාළුවෝ දැක්කම එදාට කට්ටියගෙම බයිට් එක වෙන්නේ මම..

“ උඹලා කවදා හරි මං ලගටම එයි කවියක් ලියා ගන්න..”

මං එහෙම කියලා උන්ට ඕන දෙයක් කියන්න ඇරලා ඔහේ අහගෙන ඉන්නවා.. ඔහොම යන්තම් කුරුටු ගගා හිටපු මට කවියක් කියලා කාට හරි පෙන්නන්න පුළුවන් විදිහේ කවියක් මගේ අතින් ලිය උනේ 2003 අවුරුද්දේ.. ඒ මගේ පළවෙනි කවිය.. ඕක ලියනකොට මං යාළුවොත් එක්ක පාඩම් කර කර හිටියේ.. ලියලා ඉවර වෙලා මං ආඩම්බරෙන් පෙන්නුවා මේක බලපං කියලා...

“ නියමයි මචං... කියලා වැඩක් නෑ..”

ඒක ඒතරම් ලස්සන නැති උනත් උන එදා එහෙම කිවුවම මගේ හිතට දැනුනේ මහා පුදුම සතුටක්.. අන්තිමේ එහෙනම් මමත් කවියක් ලිවුවා.. මට හිතුනේ එහෙම.. ඊට පස්සේ ලියන්න තිබුන ආසාව මගේ ගොඩක් වැඩි උනා.. දවසට එකක් විතර මං ඒ දවස් වල කවියක් ලිවුවා.. ලියලා හැමදාම මාත් එක්ක පාඩම් කරන යාළුවට පෙන්නුවා.. කවිය හරි නැති දවසට ඌ කෙලින්ම කිවුවා මචං මේක අප්සට් කියලා.. එහෙම ඒවා මං එවෙලෙම අයින් කලා.. කවි පොතක් තියාගන්න කියන අදහස මට දුන්නෙත් මගේ ඒ යාළුවා තමයි..

කාලය ටිකින් ටික ගෙවිලා ගියා .. පස්සේ කාලෙක මගේ කවි වලට නියම අරුතක් වෙන්න කෙනෙක්ට පුළුවන් උනා.. ඒ පූජා.. ඇගේ මතකය එකතු කරලා ලියපු හැම කවියකටම මං මුල් කාලේ ලියපු කවි වලට වඩා ආසයි.. ඒ ඇයි කියලා මං ආයෙම කියන්න ඕන නෑ කියලා හිතනවා.. 2003 ඉදන් අද වෙනකම් කොච්චර කවි මං ලියලා තියෙනවද කියලා මං දන්නේ නෑ..  ඒත් මං ආසයි ලියන්න..

ආදරේ ගැනම විතරක් ලියපු මම පස්සේ කාලකදි වෙනස් තේමා ගැනත් ලියන්න යොමු උනා.. සිතක කඳුළු යටතේ ලිය උනේ ඒ වෙනස් තේමාවන්.. මං ෆේස්බුක් එකට කවි ලියද්දි ඒ කවි වලට ගොඩක් දෙනෙක් කැමති උනා.. ඒ කවිකම මාව බ්ලොග් ලෝකයට අරන් ආවා.. 

මං මහා ලොකු කවි ලියන්නෙක් නෙමෙයි.. මේ මම මං ගැනම පුරාජේරු කියනවා කියලා තිතන්න එපා..   සමහර විට මං ලියන දේවල් ලස්සන නැතුවත් ඇති.. ඒක මං නෑ කියන්නේ නෑ.. අද මේ හැම දෙයක්ම මට මතක් උනේ හේතුවක් නිසා.. ඒ අර ඉස්කොලෙදි මගේ කවි කියවලා හිනා උන මිතුරෙක්ට අද මට කියලා කවියක් ලියවා ගන්න ඕන වෙලා.. ඇත්තටම මට ඒක සතුටක්..

මම ඇත්තටම ආදරෙයි මගේ මේ කවි කමට.. හිත සැනසෙන්න මේක භාවනාවක් වගේ.. ජීවිතේ ප්‍රශ්ණ ගොඩක් තිබුන වෙලාවට මගේ අතේ රැදුනේ පෑන.. මං ලිවුවා.. හිත හැදෙනකම්.. ඒ වගේම මං තවත් ලියනවා.. මගේ හිතට හැගීම් දැනෙනකම්..

කවිය නුඹ,
හදෙහි නිදන් වූ
අනේක සිතුවිලි
පන්හිදක තුඩින්
මුතු පද පෙලකින්
පබැදුමක් කරවා
මා දිවියෙහි
අනේක කඳුළු
පිසදාලන
මගේ සොදුරු
මිත්‍රයාමය..





25 comments:

  1. අනේ වාසනාවන් ....මට මේ කවි සීන් හිතට එන්නෙම නෑ නේ .....

    ReplyDelete
  2. අප තුල තියන හැකියාවන් අඳුරගෙන ඒ දේවල් වැඩි දියුණු කරගන්නවා කියන්නෙ ජීවිතයට ලොකු පන්නරයක්..! සුබ පැතුම්... තව තවත් ඉදිරියටම යන්න..!!! :)

    ReplyDelete
  3. සුභපැතුම් සුභපැතුම්! :) ජයවේවා! :) :)

    ReplyDelete
  4. ඇත්තටම මගේ කවි වල ආරම්භය නම් කවදා වුනාද කියලා මට මතක නෑ. ඒත් මගේ කවිත් රසවිඳින්න හිටියේ මගේ හොඳම යාළුවො ටික තමයි,.
    ඇත්ත අයියේ කවිය කියන්නේ භාවනාවක් වගේ තමයි,. හිත රිදුන, හිතට සතුට දැනුන, තරහව දැනුන හැම වෙලාවකම හිත හදාගන්න හොඳම දේ කවියක් ලියන එක,.
    ඔයා ලියන එක කවියක්වත් හරි නෑ කියලා හිතලා අයින් කරන්න එපා.. ඒ හැම එකක්ම ඔයාගේ කවි පොතෙ තියාගන්න,. එතකොට ඒව බලද්දි හිතට දැනෙනේ ලොකු සතුටක්,.

    ReplyDelete
  5. තව තව ලියන්න ශක්තිය ලැබේවා.....

    ReplyDelete
  6. කොහොම වුනත් කමක් නෑ දැන් හොද කවියෙක් නෙ මල්ලි ඒ මදෑ.
    අර අයියා නිර්මාණ මංකොල්ලයට නඩු දැම්මෙ නැද්ද??

    ReplyDelete
  7. ම්ම්ම්.... ඇත්ත අයියේ...හැකියාවන් වුනත් යටපත් වෙලා තියෙන්න පුළූවන්.. ඒවා ඔපමට්ටම් වෙන්නෙ පුහුණුව, අත්දැකීම්,කාලය එක්කයි.මම හිතන්නෙ එහෙමයි..වැරදිද දන්නෙ නෑ..:) කොහොම ව්උනත් අයියගෙ කවි ලස්සනයි!!!! මම ආසයි..

    දිගින් දිගටම කවි ලියන්න අයියට සුභ පැතුම්!!! ජය වේවා!!!

    ReplyDelete
  8. මමත් කවි ලියන්න දන්නේ නැහැ. එත් තැනින් තැන කුරුටු ගාන පද ,, මටත් හොරෙන් සමහර වෙලාවට මගෙන් අහලත් අරන් එයාල ලියනවා ලියුම් වල එයාලගේ.. මම ඉතින් කියනවා ඔය මොනාද බන් ජරා කවි ලියන්නේ කියලා. එතකොට උන කියනවා ඒ උබට කියලා..

    ReplyDelete
  9. @ ඔබ නොදුටු ලොවක් : උත්සාහ කරලා බලමු මිත්‍රයා..

    ReplyDelete
  10. @ නන්දු : ඔව් නන්දු.. මේ කවි කම මං අහම්බෙන් හොයා ගත්තේ.. එහෙම නොවුනනම්..

    ReplyDelete
  11. @ තනි අලියා : ගොඩක් ස්තූතියි සහෝ...

    ReplyDelete
  12. @ ප්‍රාර්ථනා : ඔව් නංගී.. කවිය නිසා මං කොච්චරනම් හිත හදා ගත්තද.. දැන්නම් හරි නෑ කියලා කවි විසි කරන්නේ නෑ..

    ReplyDelete
  13. @ සයුරි : ගොඩක් ස්තූතියි අක්කේ..

    ReplyDelete
  14. @ නිසූපා : නෑ නෑ අක්කේ.. හැබැයි ඕක මතක් වෙන හැම වෙලාවකම මං බයිට් වෙනවා.. ඒච්චර තමයි..

    ReplyDelete
  15. @ හිතුවක්කාරී : නෑ නංගී ඔයා හරි.. අපි උත්සාහ කරන්න ඕන.. එතකොටයි අපිට හොද දෙයක් කරන්න පුළුවන් වෙන්නේ...

    ReplyDelete
  16. @ වර්ණ : ඒකතමයි.. අපිට හොද නෑ කියලා හිතුනත් ඒක සමහරුන්ට වටිනවා.. ඔයාගේ කවියක් මං දැකලම නෑ මට මතක හැටියට..

    ReplyDelete
  17. මාත් කවි කියවලාම කවි ලියන්න ආස හිතුනා. ඒ නිසා ඔන්න ඔහේ පොඩි පොඩි කවි ලියනවා. මල්ලි ලියන කවි නම් ගින්දර.

    ReplyDelete
  18. කවියො කවි ලියන්නෙ ආත්ම තෘප්තිය නිසා කියල කතන්දර ලියල තියනවා දැක්කා..ඒ නිසාලු කවි කියවන අයට වැඩිය ලියන අය වැඩි..ඒත් මල්ලි වාසනාවන්තයි ඔයාගෙ කවි කියවන්න අපි ගොඩක් අය පෝලිම් ගැහිල බලාගෙන ඉන්න නිසා..සුභ පැතුම් දිනේශ්..

    ReplyDelete
  19. කවිය නුඹද
    නුඹ කවියක්ද
    නුඹ කවක් වුවත්
    කව නුඹම වුවත්
    මා කිවිදියක
    බව දනිමි
    නුඹ නිසාම..
    කවිය නුඹ.....

    කවියක් කියන්නේ මට නම් භාවනාවක්.. මගේ කවි තව කෙනෙක්ට ලස්සන නැති වෙන්න පුළුවන්.. ඒත් පද හතර අමුණලා ලියන පුන්චිම පුන්චි කවියක් වුනත් මට පූජනීය වස්තුවක් තරමට වටිනවා.. අයියාගේ කවි ගොඩාක් ලස්සනයි.. දිගටම ලියන්න අයියා..

    ReplyDelete
  20. අපූරු ආවර්ජනයක් :) :)

    ReplyDelete
  21. @ මධුරංග : අහන්නත් සතුටුයි අයියේ.. දාමුකෝ බලන්න කවියක් බ්ලොග් එකේ..

    ReplyDelete
  22. @ රූ : මාත් ඒ කතාව පිළිගන්නවා අක්කේ.. මොකද හිතේ තියෙන ගොඩක් දේවල් කියන්න හොදම විදිහ තමයි කවිය..

    ReplyDelete
  23. @ Red Riding Hood : මටත් දැන් කවිය භාවනාවක් වගේ නංගී.. හිත නොසන්සුන් ගොඩක් වෙලාවට මං පෑනක් කොලයක් අරන් හරි යුනිකෝඩ් එකේ හරි මොනවා හරි ලියන්න බලනවා..

    ReplyDelete
  24. @ සුදු හංසී : ඔව් ඇත්තෙන්ම..

    ReplyDelete
  25. “ නියමයි මචං... කියලා වැඩක් නෑ..”...
    නියම යාලුවෙක්ගෙ මේ අවංක වචන කිහිපය ඔයාගෙ ජීවිතේ වෙනස් කලා කියලයි මට දැනෙන්නෙ... :))

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්