Tuesday, 22 November 2011

ආදරෙයි මාත් නුඹට


නුවන් ඇයි ඔයා මගෙන් ඈතට යන්න හදන්නේ.. මට තේරෙන්නේ නෑ.. ඔයා මෙහෙම වෙනස් උනේ කොහොමද කියලා..”

“ මං වෙනස් උනා නෙමෙයි කාවින්ද්‍යා.. අපි අතරේ තිබුන සම්බන්දෙට ආදරේ කියන නම මට දෙන්න කොහෙත්ම ඕන උනේ නෑ.. ඔයාමයි  හිතින් ආදරේ කලේ..”

“ නුවන් මේ ඇත්තටම ඔයාද?”

“ ඔව් මේ මමම තමයි..”

“ ඇයි ඔයා මට එහෙම කලේ කියලා විතරක් මට කියන්න නුවන්..”

“ මම.. මට ඕන උනේ ඔයා එක්ක මගේ හිතේ තියෙන හැම දේම කියන්න.. හොද යාළුවෙක් මට ඇහුම්කන් දෙන..”

“ ඔයා දැනන් හිටියා මං ඔයාට ආදරේ කරන බව.. එහෙම දැනගෙනත් ඇයි ඔයා වචනෙකින්වත් මට ඒ ගැන කිවුවේ නැත්තේ? එහෙම උනානම් අද අපිට මෙහෙම මේ ගැන කතා කරන්න වෙන්නේ නෑ නේද?”

“ ඔව්.. ඒත්...”

“ ඔයාට කියන්න දෙයක් නෑ නුවන්.. ඔයාත් මට ආදරෙයි.. ඒක ඔයාගේ හිත දන්නවා..”

“ නෑ කාවින්ද්‍යා..”

“ නුවන් මගේ ඔයාට පුළුවන්ද මගේ ඇස් දෙක දිහා බලාගෙන කියන්න මට ආදරේ නෑ කියලා.. කියන්න..”

“ ඔයා ඉන්නේ හීන ලෝකෙක කාවින්ද්‍යා.. මං ඔයාට කැමතියි.. ඒ ඔයා මගේ හොද යාළුවෙක් නිසා.. ඔයා ඒක තේරුම් ගන්න බලන්න..”

“ නෑ නුවන්.. ඔයයි ඔයාව තේරුම් ගන්න උත්සාහ කරන්නේ නැත්තේ.. ඔයා මට ආදරෙයි.. ඔයාට දවසක ඒක දැනෙයි.. ඔයා දවසක ඒක තේරුම් ගනීයි.. එතකොට ඔයා පරක්කු වෙන එකක් නැති වෙයි කියලා මං හිතනවා නුවන්..”

“ කාවින්ද්‍යා මං කියන දේ පොඩ්ඩක් අහන්න..”

ඇය ඉන් එහා කිසිවක් කතා නොකරම නික්ම ගියේ කඳුළු පිරි දැසින් බැවි හොදින්ම මා දැන උන් මුත් ඇගේ ආදරේ පිළිගන්නට තරම් ශක්තියක් මගේ හිතේ නොතිබුනේය.. අදට අවුරුද්දකට කලින් අපි අතර උන අන්තිම කතා බහ අදටත් මගේ සවනතේ රැදී ඇත්තේ මා කලේ වරදැක්යැයි මට හිතෙන නිසා වන්නට පුළුවන.. ඒත් මා ඇයට සැබවින්ම ආදරේ නොකලේය.. මා සැමවිට හිතුවේ ඈ මගේ හොද මිතුරියක් කියාය..

එදායින් පසුව කාලය ගෙවුනත් ඈ නැති පාළුව මට ටිකෙන් ටික දැනෙන්නට වූයේ ඇයිදැයි මට නොතේරේ.. ඇගේ දෑස් දෙස බලාගෙන මා ඇයට ආදරේ නැතැයි කියන්නට මම එදා අපොහොසත් වීමි.. මා එදා නුඹට ආදරේ නොකලෙමි.. ඒත් අද..

සොදුරියේ
අහසක් තරම් වූ
නුඹේ ආදරයට
සම නැතැයි සිතුවද
මගේ ආදරය
කඳුළැලි සැළුනා
මා දෙනෙතින්
හැගුන විට
හිමි නැති බව
අපි අපට..
අමතක කරන්නට සිතුවද
නුඹෙ ආදරය
ජීවිතයෙන් මගෙන්
දැනුනේ අදයි මට
අහසක් තරමටම
ආදරේ බව
මාද නුඹට...


33 comments:

  1. ඇයි එදා ගොත ගැහුනද.....ශික් අපරාදෙනේ..මේවා ඇවිල්ලා පරක්කු කරන්න හොඳ දේවල් නෙමෙයි.....

    ReplyDelete
  2. දැනෙන විට
    ආරය කල බවක්
    අහසක් තරමට ඔය හිතට..
    ඇය කඳුළු හෙලා තියෙවී
    සත් මුහුදු තරමටම..

    කවියක්ම නොවු සිතුවිල්ලක.. කතාවෙ ඉතිරියත් තිබුණනම් කියලා හිතුණා... :)

    ReplyDelete
  3. මට හිතෙන්නේ "ඇස් දෙක දිහා බලාගෙන කියන්න" අපොහොසත් උනේ එදත් ආදරේ කරපු නිසා වෙන්න ඇති....

    ReplyDelete
  4. කතාවත් ලස්සනයි කවියත් ලස්සනයි! :)

    ලව්සීන් නං ඉළව්සීන් තමා! :(

    ReplyDelete
  5. ගෑනු ළමේකුටයි පිරිමි ළමේකුටයි යාළුවො වෙලා ගොඩක් කල් ඉන්න බෑ කියලා මම ඉස්සෙල්ලාම දැනගත්තෙ හම්තුම් ෆිල්ම් එකේ ඩයලොග් එකකින්.
    මේ පෝස්ටුව බලද්දි මට ඒක ආයෙමත් මතක් වුනා.

    ReplyDelete
  6. ඕක තමයි හැමෝම වැරැද්ද ගන්න තැන.. ළග ඉන්නකොට අගේ නැහැ.. හිත ආදරේ කරනවා. එත් පිළිගන්න කැමති නැහැ.. එත් දුරට ගියාම තමයි තේරෙන්නේ තමන් කොච්චර ඒ කෙනාට ආදරෙයි ඩ කියලා. එත් එතකොට පරක්කු වෙන්න පුළුවන්.. ජීවිතේ තමන් ලගින්ම , තමන්ට ආදරේ කරන අයගේ හිත තේරුම් ගන්නවා වගේම තමයි තමන්ගේ හිතත් තේරුම් අරන් ජීවත් වෙන්න..

    ReplyDelete
  7. සමහර වෙලාවට ආදරේ ඇඟේ ගෑවී ගෑවී තිබුනත් ඒක දැනෙන්නෙ නෑ...ඒ ආදරේ ඇඟේ ගෑවුනාට...හදවතට ගෑ වෙන්න පරක්කු නිසා...හැබැයි හදවත ගෑ උනාට පස්සෙ........හ්ම්ම්ම්ම්!

    කවියට කතාව ලස්සනයි...

    ReplyDelete
  8. මට මතක් වුණේ කසුන් කල්හාර කියන "පමාවී පිපිණු මල් සුවඳයි" සින්දුව. ඒත් ඒක මේ අවස්ථාවට වඩා ටිකක් වෙනස් හැබැ යි...

    ReplyDelete
  9. ආදරේ කරනවනම් ඒක මූන බලාගෙන කරන්නම් ඕනෙද...
    දෙන්නට දෙන්නා ආදරේ නම් ඉතින් වෙන් වුනත් ඒ ආදරේ හිත් වල තියේවි!
    මරු ඈහ්

    ReplyDelete
  10. අහස තරම් ආදරේ කලත් දැන් පරක්කු වැඩීනේද? දැන් කියන්න තියෙන්නේ ඔබ ඈථින් ඉන්න මගේ මතකෙට නෑවිත් ඉන්න කියලා නේද?

    ReplyDelete
  11. ඔන්න බලන්න නියම වෙලාවට තේරිලා නැති හැටි. දැන් වත් කිව්වොත් නරකද???

    ReplyDelete
  12. @ ඔබ නොදුටු ලොවක් : එක තමයි.. අවාසනාවට එදා පරක්කු උනානේ.. ඒත් මේක මගේ කතාවකක් නෙමෙයි ඔන්න..

    ReplyDelete
  13. @ නන්දු : කතාවේ ඉතිරිය කියවන ඔයාලගේ සිහිනයන්ට අනුව පෙල ගස්වන්න.. එතකොට තවත් ලස්සනයි...

    ReplyDelete
  14. @ සයුරි : ඔව් අක්කේ.. පිළිගන්න අකමැති උනත් එදත් ආදරයක් තිබිලා තියෙනවා..

    ReplyDelete
  15. @ තනි අලියා : මොකද ඒ ලව් සීන් වලට මේ තරම්ම විරෝදයක්??

    ReplyDelete
  16. @ රූ : ඔව් අක්කේ.. ඒත් හොද යාළුවෝ වගේ ඉන්න අයත් ඉන්නවා.. ඒත් ගොඩක් දෙනෙක් ටික කාලයක් යද්දි ආදරවන්තයෝ වෙනවා..

    ReplyDelete
  17. @ වර්ණා : ඔයා හරි.. ගොඩක් දෙනෙක්ට ඒ ආදරේ තේරෙනකොට පරක්කු වැඩියි.. ඊළගට හිතේ ඉතුරු වෙන්නේ පසු තැවිල්ලක් විතරයි..

    ReplyDelete
  18. @ දිල් : ඔව් අක්කේ.. ආදරේ හදවතට දැනෙනකම් ඒක පිළිගන්න අකමැති ගොඩක් දෙනෙක් ඒ ආදරේ දැනුනට පස්සේ කවදාවත්ම ජීවිතෙන් ඒක අමතක කරන්නේ නෑ..

    ReplyDelete
  19. @ හිරණ්‍ය :මමත් කසුන්ගේ ඒ සින්දුවට ආසයි.. ඒත් ඒකේ තේරුම මීට වඩා ටිකක් වෙනස්..

    ReplyDelete
  20. @ ගලයා : වෙන් උනත් හැබෑ ආදරයක් හැමදාම හිත් වල තියෙනවා.. ඒත් මං මෙතන කියන්න උත්සාහ කලේ කියාගන්න බැරි උන ආදරයක් ගැන..

    ReplyDelete
  21. @ බට්ටි : ඔව් අක්කේ දැන් සමහර විට පරක්කු වැඩි වෙන්න පුළුවන්.. සමහර විට නැති වෙන්නත් පුළුවන්..

    ReplyDelete
  22. @ නිසූපා : පරක්කු වෙලා තේරුනා උනත් දැන් ඊට ප්‍රමාදනම්??

    ReplyDelete
  23. ඇය අහස, නුඹ පොළොව
    නුඹ අහස, ඇය පොළොව
    සිටියේනම් නුඹලා එලෙසටම,
    දුකක් වෙන්නෑ නේද
    ජීවිතේ කිසිදාක
    නුඹට ඇය, ඇයට නුඹ
    අහිමි වන...

    ලස්සනයි අයියේ!! හර්ම හැගීම් බරයි!!!

    ReplyDelete
  24. ලස්සනයි අයියා.. මම මේ කවියට හරිම ආසයි..

    ReplyDelete
  25. ආදරය ප්‍රකාශ කරන එක වගේ දේවල් පස්සට කල් දාන්න හොද නෑ.
    දුන්නෙන් විදුන හීයක්, ගත වෙච්ච කාලය, නැති වෙච්ච අවස්ථා ආයෙම ගන්න බෑ මලේ. !!!
    ආදරය ප්‍රකාශ කරන්න ලබෙන අවස්ථාවත් එහෙමයි. ගියොත් ගියා. ආයෙම එන්නේ නෑ.

    ReplyDelete
  26. Mama hithanne me kathawa godak ayage jeewitha walata samaanayi :).. Lasanna galapumak Dinesh..!

    ReplyDelete
  27. අනේ මන්දා,.. ආදරේ නම් තේරුම් ගන්න බෑ,. හ්ම්ම්...

    ReplyDelete
  28. @ හිතුවක්කාරී : ඔයාගේ කවිය ඔක්කොටොම වඩා ලස්සනයි නංගී...

    ReplyDelete
  29. @ Red Riding Hood : ඒත් නංගී ඔයා මට කියපු විදිහේ බලාපොරොත්තු නම් හිත ලග තියා ගන්න එපා..මොකද පස්සේ දවසක ඔයාටත් දුක් වෙන්න උනොත්..

    ReplyDelete
  30. @ මධුරංග : අයියගේ කතාව මල් හතයි.. ඇත්ත ජීවිතේ සමහර දේවල් අපිට ප්‍රක්කු උනත් නිවැරදි කර ගන්න පුළුවන්.. ඒත් ආදරේදි එහෙම බෑ...

    ReplyDelete
  31. @ Muthu Paba : ඔව් වෙන්න පුලුවන්.. මේ කතාව මට උනත් ටිකක් සමීපයි..

    ReplyDelete
  32. @ ප්‍රාර්ථනා : ඔව් නංගී.. මේ ආදරේ ප්‍රෙහෙලිකාවක්..

    ReplyDelete
  33. ඇත්තෙන්ම සමහර වෙලාවට කෙනෙක් තමන්ට මොන තරම් ආදරේ කරලද..ඒ කෙනා තමන්ගෙ ජීවිතේ මොන තරම් පුරවලාද කියල දැනගන්න නම්...මේ වගේ ඈත් වීමක් වෙන්නම ඕනේ... ඒත් බොහෝ වෙලාවට ඒ වෙද්දි පරක්කු වැඩීයි... සමහර විට මමත් ජීවිතේ මොහොතක කාවින්ද්‍යා වෙලා හිටපු නිසාම.. (ඒ තරම් විවෘතව නොවුනත්) නුවන් තමන්ගෙ ආදරේ නොදුටු මොහොතෙ එයාට දැනුනු කලකිරීම මටනං ඇත්තෙන්ම වැටහෙනවා..හැබැයි ඒ වේදනාව මැද වුනත් මම කාවින්ද්‍යා වගේ ආපහු එන්න් බැරි ඈතකට නොගිය එක ගැන මට අදටත් පුදුම සතුටුයි... :)))

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්