Monday, 21 November 2011

සිවුවන ලෝක යුද්ධය


විසි දෙවන සියවස උදාවන්නට ඉතිරිව ඇත්තේ තවත් හෝරා කීපයක් පමනී.. බිලියන දාහතරක මිනිස් දෑස් යොමුව ඇත්තේ ඔරලෝසු වෙතටය.. ඒ නව සියවසක උදාව දකගැනීමේ ආශාවන් නොවේය.. ලොව තවත් එක දරුණුම ඛේදවාචකයක ඇරඹුම තව හෝරා කීපයකින් ඇරබෙන බැවිනි.. වසර ගනනක් එක දිගට පැවත ආ මත ගැටුම් අදින් මහා යුද්ධයක් බවට පත් වන්නට නියමිතය.. ලෝක බලවතා වන වීනය පරදවන්නට ඇමරිකාව ප්‍රමුක යුරෝපා හවුල තම තියුණු දෑස් යොමාගෙන සිටින්නේය..

තෙවන ලෝක යුද්ධයෙන් පසුව ලෝකයම කිසිවෙකුත් නොසිතු වෙනසකට ලක් විය.. ඇමරිකාව ප්‍රමුක බටහිර රටවල් යක්ෂයාගේ අක්ෂය නසන්නට ගෙන ගිය යුද්ධය නිමා උනේ මහා මිනිස් සංහාරයකින් පසුවය.. න්‍යෂ්ටික අවි ඔවුන් ඉදිරිපත් කල ප්‍රධාන චෝදනාව උනත් තෙල් සම්පත එහි යටි අරමුණ බව බොහෝ දෙනා දැන සිටියේය.. ලොව සාමය උදෙසායැයි කියූ එක්සත් ජාතින් නිහඩවම මේ හැම දෙයක් දෙස බලාගෙන සිටියේය.. ඉන් එහි සාමාජික රටවක් බොහෝමයක් කලකිරී එහි ප්‍රප්තියෙන් ඈත්ව ගියේය..

මේ අතර තුර කාලයේ ඇමරිකා ප්‍රමුක බරහිර රටවල කූට ක්‍රියාකාරකම් වැඩි වන්නට විය.. අරාබි ලීගය සම්පූර්ණයෙන්ම ඔවුන් නතු කර ගන්නට ඔවුනට හැකිවිය.. ඊට ඔවුණ් විවිධ හේතු මවා පෑවේය.. විටෙක අභ්‍යන්තර කැරලි මැව්වේය.. විටෙක මානව හිමිකම් ඉදිරියට ගෙනාවේය.. ලොව තෙල් සම්පතෙන් 80% පමණ තමන් සතු කර ගත් ඔවුන් ඉන් නොනැවතී ලොවම පාලනය කරන්නට පිඹුරු පත් සැකසීය..

රුසියාවේ කොදු නාරටිය මේ වන විට බීදී අවසන්ය.. නිවැරදි නායකත්වයක් අද ඔවුනට අහිමිය.. රටේ බොහෝ කොටසක් වෙනම රාජ්‍යන් ලෙස බිදි ගොස් අවසානය.. මුළු අප්‍රිකා මහද්වීපයම අද කාන්තාරයක් වී ඇත.. දිනකට ටොන් ගනන් අතිරික්ත ආහාර මුහුදු බත් කරන ඇමරිකාව සාගතයෙන් පෙලෙන ඉතියෝපියානු සෝමාලියනු වැසියන්ට වතුර බිදක් නොදුන්නේය.. එකා මත එකා සාගින්නේ මැරී වැටෙද්දී බොහෝ සංවිදාන නිහඩවම බලාගෙන සිටියේය..

ඒත් දැනුම ශ්‍රමය අතින් චීනය ඉදිරියට එමින් සිටියේය.. එය වැලැක්වීමට බොහෝ බටහිර රාජ්‍යන්ට ඕනෑ උනත් ඔවුන්ට කිසිවක් කල නොහැකි කාල සමයක් ඔවුන් පසු කලේය.. ඒ බොහොමයක් යුරෝපා රටවල් වීනයට ණය වූ නිසාවෙන්ය.. ඒ කෙසේ වූවත් ඔවුන් මේ හැම දෙයක්ම යටින් පිඹුරු පත් සැකසුවේය.. ඒත් ඔවුනට ගේන්නට චෝදනාවක් නොවීය..

ටිකෙන් ටික ඉතිරියට ආ චීනය ඇමරිකාව පරදවා ලොව බලවත් රාජ්‍ය බවට පත්වීය.. එය චීනය හා මිතුරු රටවලට මෙන්ම ආසියාතික රටවලට උදා ඉරක් මෙන් විය.. චීනය තම දැනුම හා ශ්‍රමය පුළුල් කරමින් තම ව්‍යාපාර තම මිතුරු රටවල ව්‍යාප්ත කර හැරීය.. මේ ආර්තික ප්‍රතිපත්ති නිසා ඩොලරය මෙන්ම යූරෝවේ සීග්‍ර පසුබෑම බටහිර රටවලට දරාගත නොහැක්කක් විය..  ඔවුන් චීනයට තෙල් අපනයනය සීමා කර ඔවුන් පාලනය කරන්නට උත්සාග ගත්තේය.. ඒත් ඔවුන් ස්භවික ප්‍රභවයන් භාවිතය යොමු වීමෙන් ඒ උත්සාහය ව්‍යර්ථ කලේය..

පසු නොබැස් බට හිර රටවල් ආසියාතික සමහර රටවල් තම අනසකට නතු කර ගැන්මට සමත් වීය.. ඒ හරහා ඔවුන් අභ්‍යන්තර කැරලි ඇති කලේය.. ඒ කරලි පාලනයට චීනය ගත් ප්‍රතිපත්ති බටහිර රටවල් සොය මින් උන් අවස්ථාව උදා කිරීමට සමත් විය.. ඇමරිකාව ඇතුලූ යුරරෝපා ගැත්තන් චීනයට එරෙහි යුද්ධය ප්‍රකාශයට පත් කලේය.. ඔවුන් තම්න් සතු ප්‍රභලම අවි චීනය වෙතට එල්ල කලේය..

තර්ජනයන්ට නොසැලුන චීනය තනිවම බටහිර හා වන යුද්ධයට මුහුණ දෙන්නට සූදානම් වෙද්දී ඔවුන්ගේ සහායට ලෝක යුද්ධයකින් අතීතයේ බැටකෑ රාජ්‍යක් වන ජපානය ඉදිරිපත් විය.. තාක්ෂණය අතින් ඉහලම ජාතින් දෙකක් වු චිනය හා ජපානය ලොවට හෙලි නොකල තම නව සොයාගැනීම් සියල්ලම බටහිරට  එරෙහිව සූදානම් කලේය..

විසිදෙවන සියවස උදාවන්නේ සිව්වන ලෝක යුද්ධයද සමගින්ය.. සියල්ලෝම සීරුවෙන් ගෙවෙන හැම මොහොතක් දෙසම බලා සිටින්නේය.. ලොව කොතැනකින් හෝ යුද්ධය ආරම්භ වීමට නියමිතය.. හවු හරණක් නැති අහිංසක මිනිස්සු තමන් සතු සියල්ල හැර ගොස් හමාරය.. භූගත බංකර වල මිනිසුන් කෝටි ගණනක් වෙවුලන හදවති ලෝකය දෙස බලාසිටින්නේ කොයි මොහොතේ හෝ ඒ බිය කරු හඩ ඇසෙන නිසාය..





32 comments:

  1. කාල සීමාව කොහොම වෙතත් මේ දේ නම් කවදා හරි වේවි නේද?

    ReplyDelete
  2. මේ යන විදියට ඇත්තටම ඉතින් ඕක වෙන්න පුළුවන් දෙයක්.

    ReplyDelete
  3. නියමයි මේ ප්‍රබන්ධය! ඇත්තටම තාර්කිකයි. මොකද මේ යන විධියට මේ විධියෙ දේශපාලනික බෙදීමක් ඇතිවෙන්න හොඳටම හැකියාව තියෙනවා. නමුත් අපි හිතමු ඒක ලෝක යුද්ධයක් බවට පත් වෙන එකක් නෑ කියලා... :D

    ReplyDelete
  4. තනි අලියා(logout වී සිටිමි!එ්කයි!)21 November 2011 at 18:10

    අැමරිකාව ඔය පාර දිගේ වැඩි කල් යයි කියල මම හිතන්නෙත් නෑ. චීනය හා මිතුරු රටවලට කෙසේවෙතත් වෙනත් ආසියාතික රටවලට උදා ඉරක් වෙයි කියලත් හිතන්න අමාරුයි!

    ReplyDelete
  5. කාලෙකින් දැකපු මම ආසම විදියේ පෝස්ට් එකක්...
    ප්‍රබන්ධයක් වුණත් විද්‍යාව!.....
    කාල සීමාව අවිනිශ්චිත වුවද මෙය සිදු විය හැක...නමුත්..
    මෙහි ලා චීනය ගැනීම කුමන තර්කයක් මත පදනම් වීද?
    ඔවුන්ගේ අධික ආර්ථික වර්දන වේගය?
    මාගේ මතය මේ ස්ථානය ඉන්දියාව හෝ ජපානය හිමි කර ගන්නා බවටයි...
    චීනය හමුවේ ඇති දැඩි පාරසරික අර්බුද හමුවේ ඔවුනට ලෝක බලවතා විය හැකිද?
    --------------------------------
    කෙසේ අනාගතය විසඳුනද වර්තමානයේ අපට දක්නට ඇති මේ ලියමන නම් අපූරුයි...!
    මම අතපසු වූ සියළු ම පෝස්ට් කමෙන්ට්ස් වලින් සරසා මගේ යුතුකම් ඉ‍ටු කලා ..ඒවා ඇසෙප්ට් කර ඔබේ යුතුකම් ඉ‍ටු කරන්න!

    ReplyDelete
  6. වර්දන යන්න වර්ධන ලෙස නිවැරදි විය යුතුයි!

    ReplyDelete
  7. මේ සිදුවීම ඇත්තටම වෙන්න විසි දෙවනි සියවස වෙනකම් ඉන්න ඕනි නැතිවෙයි දිනේශ්..
    මනස උසස් වුනත් ඒ මනස හරියට තම වර්ගයාගේ දියුණුවට පාවිච්චි නොකරන එකනම් හරිම මෝඩකමක්..!
    හැමදාම වගේ අද කතාවත් ලස්සනයි...

    ReplyDelete
  8. @ සයුරි : ඔව් අක්කේ.. මේ යන විදිහට ඒ ගැන නම් විශ්වාස තියන්න අමාරුයි..

    ReplyDelete
  9. @ Kasun : ඔව් මල්ලී.. දැන් දැන් ඒවයේ සළකුණු පේනවා..

    ReplyDelete
  10. @ hare :-) : ගොඩක් දවසකින් අයියා මේ පැත්තට ගොඩ වෙලා.. ඔව් අයියේ බල අරගලය නිසා මෙහෙම බෙදිම් ඇති වෙන්න පුළුවන්.. මත ගැටුම් වගේ දේවල් නිසා ආර්ථික සම්භාදක වගේ දේවල් වෙන්න පුළුවන්.. ඒත් ඒක යුද්ධමය තත්වයකට නොයාවි කියලා අපි ප්‍රාර්ථනා කරමු...

    ReplyDelete
  11. "ඇමරිකාව ප්‍රමුක බටහිර රටවල් යක්ෂයාගේ අක්ෂය නසන්නට ගෙන ගිය යුද්ධය නිමා උනේ මහා මිනිස් සංහාරයකින් පසුවය.. න්‍යෂ්ටික අවි ඔවුන් ඉදිරිපත් කල ප්‍රධාන චෝදනාව උනත් තෙල් සම්පත එහි යටි අරමුණ බව බොහෝ දෙනා දැන සිටියේය.. ලොව සාමය උදෙසායැයි කියූ එක්සත් ජාතින් නිහඩවම මේ හැම දෙයක් දෙස බලාගෙන සිටියේය.."

    හ්ම්ම්ම.. නඩුත් හාමුදුරුවන්ගෙ බඩුත් හාමුදුරුවන්ගෙ කියනවනෙ..
    ප්‍රාර්ථනා කරමු භයානක දේවල් නොවේවා කියලා..
    එත්.. :(

    ReplyDelete
  12. දැන් ලෝක බලවතුන් වෙන්න හදන රාජ්‍යයන්ගේ ප්‍රතිශතය අතීතයට වඩා අඩුයි.ආක්‍රමණික ක්‍රමවේදයට වඩා වක්‍රකාර ක්‍රමවේදවලින් තමයි ආධිපත්‍ය හිමිකරගන්නේ..ගොඩක් හොඳ ලිපියක්

    ReplyDelete
  13. ඇත්තටම ලගදිම මේක වෙයි කියලා හිතන්න පුලුවන්.

    ReplyDelete
  14. දෙවැනි ලෝක යුද්දයෙන් පස්සේ වුණු හානිය මැනීමෙන් කිව්වේ කවදාහරි තුන්වෙනි ලෝක යුද්දයක් අවොත් ඒකෙන් වෙන හානීය මනින්නවත් කවුරුවත් ඉතිරි වෙන එකක් නෑ කියල. ඒ වගේම හදිස්සියේ වත් මෙහෙම ලෝක යුද්දයක් ආවොත් ඉන්දියාවත් එහි විශේෂ තැනක් ගනීවි. නිර්මාණය හොඳයි යාළුවා.

    ReplyDelete
  15. ම්ම්ම්ම්ම්ම්ම්.... ඇත්තටම ලස්සනට වෙනස්ම විදියට ගලපලා ලියලා.අපූරුයි අයියේ..ඔහොම වෙන්න පුළුවන් සම්භාවිතවයකුත් නැත්තෙම නෑ කියලයිමම හිතන්නෙ..මොකද මේ යන විදිය එක්ක බැලුවාම..:)

    ReplyDelete
  16. හොද ලිපියක්.. :))0

    ReplyDelete
  17. මේ කාලෙට කලින් මට මියෑදෙන්න ලබේවා කියලා මමම පතාගන්නවා !!

    ReplyDelete
  18. @ ගලයා : ඔව් චීනය දැනටමත් ඉන්නේ දෙවෙනි තැන.. ඉතින් ඇමරිකාව අභිබවා යාවියි කියන උපකල්පනය මතයි එහෙම ගත්තේ.. මේ දේ නොවෙනවානම් තමයි අපි හැමෝම කැමති.. ඉතින් මේක මගේ උපකල්පනයක් මත් පදනම් වූවක් විතරයි...

    ReplyDelete
  19. @ රූ : ඔව් අක්කේ ඒ කතාවනම් ඇත්ත.. මනස දියුණු වෙන්න දියුණු වෙන්න නිර්මාණය වෙන්නේ මිනිස් වර්ගයා නසන දේවල්ම විතරයි..

    ReplyDelete
  20. @ නන්දු : ඔව් ඒකනම් එහෙම තමයි.. අපිට තමයි ඒ ගොල්ලන්ගේ හැම බලපෑමක්ම..

    ReplyDelete
  21. @ ජනරඟ විජඉදු දේවසුරේන්ද්‍ර : ඔව් ඔබ හරි.. අද ඉස්සර වගේ තම බල පරාක්‍රමය පෙන්නන්න රට වලට උවමනා නෑ.. ඒත් ඔවුන් කැමතියි ලොක්කා වෙන්න..

    ReplyDelete
  22. @ නිසුපා : අපි එහෙම වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරමු අක්කේ..

    ReplyDelete
  23. @ හිරණ්‍ය : ඔව් මමත් ඒ ගැන කියවලා තියෙනවා.. ඒනිසයි එක්සත් ජාතින්ට පදනම වැටුනේ.. ඔව් සමහර විට ඉන්දියාව එහිදි විශේෂ තැනක් ගනීවි..

    ReplyDelete
  24. @ හිතුවක්කාරී : ඔව් දැන් ලෝකය යන්නේ නම් ඒ පැත්තට තමයි.. ඒකයි මම තුන්වෙනි ලෝක යුද්දයෙන් යක්ෂයාගේ අක්ශය නැසුවයි කිවුවේ.. ඒකට නම් දැනටමත් පිඹුරු පත් වැටිලා හමාරයි..

    ReplyDelete
  25. @ වර්ණා : ගොඩක් ස්තූතියි වර්ණා..

    ReplyDelete
  26. @ තනි අලියා : මේ කිසිම දෙයක් වෙයි කියලා හිතන්න අමාරුයි.. නොවෙනවානම් තමයි අපි කවුරුත් වැඩිය කැමති..

    ReplyDelete
  27. කැමතියි මේ කතාවට.. තාර්කිකව නිර්මාණය කරලා තියෙනවා.. ඒත් කෝ වහල්ලු ඊලඟ කොටස?

    ReplyDelete
  28. මේ ඇමරිකන් කාරයගේ ගනං බස්සන්න කවුරුවත් නෑ නේ අප්පා....

    ReplyDelete
  29. @ මධුරංග : විසි දෙවන සියවසට තව කොච්චර කල් තියෙනවද අයියේ.. මේ සටහන් කියවන කවුරුවත් එදාට ඉන්න එකක් නෑ.. මං හිතන්නේ..

    ReplyDelete
  30. @ Red Riding Hood : ඒක තාම ලියනවා නංගී.. හෙට අනිද්දා දාන්නම් තුන්වෙනි කොටස...

    ReplyDelete
  31. @ ඔබ නොදුටු ලොවක් : ඒකනේ.. ඇමරිකන් කාරයා උපක්‍රමශීලිව නැගිටලා එන අයව යටපත් කරනවා..

    ReplyDelete
  32. රුසියාව පුරාත් මේ අනතුරේ රතු එලි වරින් වර දැල්වෙන්නට පටන් අරගෙන.. :((

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්