Monday, 14 November 2011

වහල්ලූ - ජීවිතේ උදා ඉරක් හොයන මිනිස්සූ


ජීවිතය ජීවත් කරන්නේ බලාපොරොත්තු.. අපි හැමෝගෙම ජීවිත වල කුමක් හෝ බලාපොරොත්තුවක් රැදිලා තියෙනවා.. සමහරු ඒ බලාපොරොත්තු කරා යන්න තරම් වාසනාවන්ත වෙනවා.. සමහරු ඒ බලාපොත්තු පේන මානයට විතරක් යනවා.. ඒත් සමහරු ඒ බලාපොරොත්තු හීනයක් විදිහට හැමදාම හිතේ තියාගෙන ඒ හීනෙම ජීවත් වෙනවා.. ඒ හීනය කවදාවත්ම හැබෑ වෙන්නේ නෑ කියලා දන්නවා උනත් ඔවුන් ඒ හීනෙන්ම විතරක් සැනසෙන්න පුරුදු වෙලා ඉන්නවා..

ගුණදාස  එහෙම බලාපොරොත්තු හීන කරගත් තවත් එක් අයකු පමණකි.. ජීවිතේ ලැබුන දේට වඩා නොලැබුන දේ බොහෝමයක් උරුම අපි අතරම ජීවත් වෙන තවත් එක් පුද්ගලයෙක්ම විතරක් උන ගුණදාසට තමන්ට හීනයක් උන බලාපොරොත්තු තමන් වටා ඉන්න අයට හීනයක් නොවී ඒ බලාපොරොත්තු වෙතට යන්න මාර්ගය සකසන්න ලැබුනාම ගුණදාස වගේ පුංච් මිනිසෙක් මොනවා කරාවිද??

වහල්ලු - ජීවිතේ උදා ඉරක් හොයන මිනිස්සු.. හීනයක් උන බලාපොරොත්තු සෑබෑවක් කරන්නට පොරකන මිනිසුන්ගේ ජිවන කතාව ළගදීම වර්ණයෙන්... 



32 comments:

  1. ලගදීම එන වහල්ලු කතාවට මගෙන් උණුසුම් සුභ පැතුම් මල්ලියේ.
    බලාපොරොත්තු තමයි ජීවිතය ජීවත් කරන්නේ වගේම ඒ ජීවිතය හැඩ කරන්නේ.මගේ ජීවිතේ පුරාම මහ හුගක් බලාපොරොත්තු තියෙනවා. මම නම් ඒවට කියන්නේ මගේ හීන.ඒත් මං එකින් එක ඒ හීන හැමදෙයක්ම සැබෑ කර ගන්නවා. මගේ අම්මගේ ජීවිතේ එළිය කරන්න. මේ පුංචි කෙල්ල කවද හරි ඒක කරනවා මයි.

    ReplyDelete
  2. ඇත්ත අයියේ.. ජීවිතේ ජීවත් කරවන්නේ බලාපොරොත්තු....... බලාපොරොත්තු නැති ජීවිතේකට අනාගතයක් නෑ...
    හැඳින්වීමෙන්ම තේරෙනවා අයියා කතාව කොච්චර ලස්සනට ලියයිද කියලා...
    මගෙනුත් සුබ පැතුම්..
    කතාව කියවන්න මග බලාගෙන ඉන්නවා. ජයවේවා!! :) :)

    ReplyDelete
  3. ගිය ටිකේම අයියාගේ කතා උණු උණුවෙන් මඟ ඇරුනා..මේක නම් අතා රින් නැ ඔං..

    ReplyDelete
  4. ඵල සහෝ...තවත් ලස්සන කතාවක් ඕනේ....

    ReplyDelete
  5. මම නම් බලාපොරොත්තුවක් නැතුව ජීවත් වෙන්නේ නැති තරම්. මාව මේ තරමක් දුරට ගෙනාවේ බලාපොරොත්තු !!!

    අලුත් කතාවක ආරම්භයක් !!
    ජය වේවා. එහෙනම් ලියන්න මල්ලි. අනිවා මම් කියවනවා.

    ReplyDelete
  6. පිස්සු හැදෙනවා... දැන් trailers නුත් යනවා නේද?:) අපි එහෙනම් බලාගෙන ඉන්නේ ඒ කතාව කියවන්න. කලින් ඒවට වඩා වෙනස්ම තේමාවක් නේද.

    ReplyDelete
  7. "වහල්ලු" කිව්වම මට මොකක් හරි මතක් වෙනවා...සිංහල පොතේ තිබුන පාඩමක් ද මන්දා...

    ReplyDelete
  8. @ බට්ටී : ඔයාට ඒ හීන ඉටු කර ගන්න බැරි නෑ අක්කේ.. අක්කා මේ පහු කරන් ආපු මාවත දිහා බැලූවම අක්කට ඒ බලාපොරොත්තු හීනයක් වෙලා නතර වෙයි කියලා මං හිතන්නේ නෑ..

    ReplyDelete
  9. @ Ice (අයේෂා කුලතුංග) : ඔව් නංගී අපේ ජීවිතේට බලාපොරොත්තුවක් තියෙන්න ඕන.. එතකොට තමයි ජීවිතේ සාර්ථක වෙන්නේ..

    ReplyDelete
  10. @ නිම්ශා : හරි නංගියෝ.. ඔයා මගේ පළවෙනි කතාවෙ ඉදන් හිටපු රසිකාවියනේ.. ඉස්සර වගේම එකතු වෙන්න කියලා ආරාධනා කරනවා..

    ReplyDelete
  11. @ ලහිරු : මම මගේ උපරිමයෙන් මේ කතාව ලස්සනට ලියනවා සහෝ..

    ReplyDelete
  12. @ මධුරංග : ඔව් අයියේ.. මගේ ජීවිතෙත් දැන් අළුත් බලාපොරොත්තුවක් තියෙනවා.. බලාපොරොත්තු තමයි අපේ ජීවිතේට පාර කියන්නේ..

    ReplyDelete
  13. @ Kasun : නැතුව නැතුව.. හැමදාම එකවගේ ඉන්න බෑනේ.. ඔව් මල්ලී මේක වෙනස් තේමාවක්.. අනික මම කොහොමත් ආයෙමත් ආදර කතා ලියන්නේ නෑ..

    ReplyDelete
  14. @ සයුරී : අතීත මතකය පොඩ්ඩක් අවුස්සලා ඒ මොකද්ද කියලා හොයාගන්නකෝ අක්කේ.. මතක් උනොත් කියන්න අමතක කරන්න එපා..

    ReplyDelete
  15. හිතුමතේත් පරණ ඒවාට උන්නේ නැතුවට වර්ණ එක්ක දිගටම එකතු වෙනවා ඔන්න.... ජයවේවා

    ReplyDelete
  16. @Dinesh
    අනේ ඒ ඇයි? එහෙම එපා, ඒවත් ලියන්න.

    ReplyDelete
  17. එහෙනම් කතාව කියවලම බලමුකෝ!

    @සයුරි: වහල්ලු කියල මාටින් වික්‍රමසිංහයන් ලියු කෙටිකතා සංග්‍රහයක් තියනවා. විටක ඔබට මතක් වෙන්න ඇත්තේ එය යි.

    ReplyDelete
  18. ගොඩක් කාලෙකට පස්සෙ බ්ලොග් පැත්තෙ ආවාම ලැබුන සුබම ආරංචිය. එහෙනම් ඉතින් ආයිමත් ලස්සනම ලස්සන කතාවක්... ඉක්මනටම ලියන්න අයියේ.

    ReplyDelete
  19. නියමයි අයියේ,. තවත් ලස්සන කථාවක්, ඒකත් බලන්න ආසාවෙන් මඟ බලාගෙන ඉන්නවා,..

    ReplyDelete
  20. ඉක්මණට ලියන්න...බලාගන ඉන්නවා කියවන්න....

    ReplyDelete
  21. අයියා මන් ගැන ලියන්න පටන් අරගෙනනේ..... කමක් නෑ.. ලියන්න එහෙනම්.. මගේ බොක්කෙන්ම බොක්කෙන්ම සුභ පැතුම්.... (චේ වගේ වෙන්න ආස හිතිලද)

    ReplyDelete
  22. @ හිතුමතේ : එහෙනම් ආදරයෙන් වහල්ලු දකින්න එන්න කියලා ආරාධනා කරනවා...

    ReplyDelete
  23. @ Kasun : හිතාගෙන නම් ඉන්නේ ආදරේ ගැන නොලියා ඉන්න.. හ්ම්ම්ම්... බලමුකෝ පස්සේ...

    ReplyDelete
  24. @ හිරණ්‍ය : මතක් කිරිමට ගොඩක් ස්තූතියි යාළුවා.. මටත් එකපාරම ඕක මතකෙට ආවේ නෑ..

    ReplyDelete
  25. @ හංසී : එහෙනම් හැමදාම කතාවත් එක්ක එකතු වෙන්න කියලා ආදරෙන් ආරාධනා කරනවා..

    ReplyDelete
  26. @ ප්‍රාර්ථනා : පළමු දිගහැරුමනම් මං දැන් දාලා තියෙන්නේ..

    ReplyDelete
  27. @ සුජානි : ගොඩක් ස්තූතියි සුජානි...

    ReplyDelete
  28. @ රහස් පරීක්ෂකයා : මොකද ඒ මලයා ගැන ලියන්න පටන් අරගෙන කියලා කිවුවේ?? මං කොහොමද බං චේ වගේ වෙන්නේ??

    ReplyDelete
  29. @ හිරණ්‍ය : මට හිතෙන්නේ ඔබ හරි...ස්තුතියි...:)

    ReplyDelete
  30. නියමයි අයියේ..ඕං මාත් එනවා මුල ඉදන්ම කියවන්න... පටන්ගමු..ජය වේවා!!!

    ReplyDelete
  31. අපි හැමෝටම බලාපොරොත්තු තියෙනවා ..හැමෝගෙම බලාපොරොත්තු සමහර වෙලාවට ඉ‍ටු වෙනවා...සමහර වෙලාවට ඉ‍ටු වෙන්නේ නෑ...
    එහෙම බලපුවහම අපි ඔක්කොම සමානයි...
    ඒත් අපේ බලාපොරොත්තු ඉ‍ටු වෙන ප්‍රමාණය වෙනස් ...ඒක තමා වෙනස!

    ReplyDelete
  32. ඔන්න අද තමා වහල්ලු කියවන්න පටන් ගන්නෙ..

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්