Friday, 11 November 2011

ඔබ කවියකි


මේ දෙනෙත් යාවෙන තරමටම අපේ ඒ දෙනෙත් කතා කලානම් අද ඔයාගෙත් මගෙත් අතර මේ දුර වෙනස නෑ නේද කියලා මට හිතුනේ අද ඊයේ නෙමෙයි.. ඒත් මං අසරණ උනා.. ඔව් ඇත්තෙන්ම මං අසරණ උනා.. ඒ මේ දෙනෙත් යාවෙන මොහොතත් මට නැති වේවියි කියලා හිතුන නිසා..

හැමදාම ඔයා සදළුතලේට වෙලා මාත් එක්ක හිනාවෙද්දී මේ හිතට දැනුන සතුට කොයිතරම්ද කියලා ඔයා දන්නවනම්, මම ඒ හීනෙම කොයිතරම් දවස් ජීවත් උනාද කියලා ඔයා දන්නවනම් සත්තමයි මේ ආදරේ හීනයක් විතරක්ම වෙන්නේ නෑ කියලා මං දන්නවා.. ඒත් ඒ හැම දෙයක්ම මං කොහොමද ඔයාට කියන්නේ..

අපිව දුරස් කරන්න පවුරු කොච්චරනම් බැදිලද.. ඔයා නොදන්නවා උනාට මට ඔයාට ලං වෙන්න බැරි තරමටම පවුරු බැදිලා.. එකින් එක බිදගෙන ඔයා ලගට එන්න තරම් ශක්තියක් මං ලග නෑ.. අඩුම ගානේ ඔයාගේ ආදරයවත් මං ලග තිබුනනම්.. ඒත් මං පරාදයි.. තරගයක් පටන් ගන්න කලින්ම ඔයා මාව පරාද කරලා ඉවරයි..

ඔබ කවියකි
මට ලියා පදරුත්
පසිද ගන්නට නොහැකි වූ..
මල් අරණකි
සුවදක් විදින්නට
කිසිම දවසක නොහැකි වූ..
තරු කිරණකි
අල්වා බලන්නට
සිතුව මුත් නුපුළුවන් වූ..
සිතුවිල්ලකි
මගේ සිතේ උන් මුත්
හිතන්නට නම් ඉඩ නොවූ..


අද මගේ සිතුවිල්ල ඇත්තටම පරාදයි කියලා මට දැනුනා.. ඒ ඔයා වෙන කෙනෙක්ගේ අත ගන්න බව දැන ගත්තම.. කෑගහලා අඩන්න තරම් දුකක් මගේ හිතට දැනුනා.. ඒත් මං මගේ හිතම නවත්ත ගත්තේ ඔය දෙන්නම නොපෙනෙන තැනකට ගිහින් හදවතින් අඬලා.. ඔය දෙන්නගෙම වරදක් නෑ.. ඇත්තමයි.. මං ඔයාට ආදරේ කලේ හිතින්..

ඔයාම ඇවිත් නතර වෙලා මගේ හිත කඩලා බිදලා දාලා ගියානම් මට ඔයාට දොස් කියන්න තිබුනා.. වෛර කරන්න තිබුනා.. ඒත් මමම බලෙන් ඔයාව මගේ හිතේ රදවා ගත්තට ඔයා මොනවා කරන්නද? හෙට අනිද්දම ඔයා යන්න යාවී.. 

මහා ඉහලින් ලොකු මංගල්‍යක් මේ ගෙදර ගනිවී.. මේ කිසිම දෙයක් නොදන්න ඔයා එදාට මාත් එක්ක හිනාවෙලා පුරුදු විදිහටම යන්න යාවි.. අවසානයට උරුම ඒ හිනාව විතරක්ම නම් ඒ මට ඇති.. ඔයාලගේ ගෙදර රියැදුරෙක් උන මම මීට වඩා වෙන මොනවා බලාපොරොත්තු වෙන්නද??




ප.ලි : මේ කවියේ අයිතිය මගේ නෙමෙයි.. මේක ලිවුවේ අපේ අයියා 1998 බර ගනන්වල.. අයියගේ කවි පොතේ තියෙන මං වැඩියෙන්ම ආසම කවිය මේක.. ඉතින් අද මම කවියට කතාව ගෙතුවේ අපේ අයියගේ ඒ මං ආසම කවිය වෙනුවෙන්.. ඔයාලත් කැමති වෙයි කියලා මං හිතනවා..

40 comments:

  1. මල්ලී වගේම අයියත් හරි දක්ෂයෙක් නේ.ලස්සනයි.

    ReplyDelete
  2. හැමෝගෙම ජීවිතවල ඔයවගේ කතා හැංගිලා තියනව.ලස්සන කවියක්.ගොඩක් රසවින්ද මචන්

    ReplyDelete
  3. කතාවත් ලස්සනයි ! කවියත් ලස්සනයි! :)

    ReplyDelete
  4. නියම සංවෙදි කවියක්... කවියේ නිදාන කතාව මොකක්ද දන්නේ නෑනේ... එකත් ලියන්න .....

    ReplyDelete
  5. අප්පා.. හිතේ ගැඹුරුම තැනටම වැදුනා අයියා..
    කවිය ලස්සනයි.. :)

    ReplyDelete
  6. @ බට්ටී : මල්ලී වගේම නෙමෙයි අක්කේ මල්ලිට වඩා.. අපේ අයියා නියමෙට කවි ලියනවා.. මට ලියන්න බැරි කාලේ මං ඉතින් ඕවා උස්සනවා... :)

    ReplyDelete
  7. @ කස්සා : ඔව් මචං.. කියාගන්න බැරි උන ආදරයන් කොච්චර හිත්වල ඇත්ද...

    ReplyDelete
  8. @ තනි අලියා : ගොඩක් ස්තූතියි යාළුවා...

    ReplyDelete
  9. @ රහස් පරීක්ෂකයා : කවියේ නිදාන කතාව ගැනනම් මං දන්නේ නෑ මලයා.. මං අයියාගෙන් අහලා බලන්නම්.. මතකේ තිබිලා කිවුවොතින් මං ලියන්නම්..

    ReplyDelete
  10. @ Red Riding Hood : ඔව් නංගී.. මට ඔය කවිය කටපාඩම්.. ඒතරමටම මං ඕකට ආසයි.. අනේ මන්දා ඇයි කියන්න..

    ReplyDelete
  11. නුඹේ නෙතු අග දිලිසුනු
    සිනාව නොදුටුවා නොවේ මම්
    නෙතු අගින් බැලු බැලුම්
    නොගැටුනා නොවේ ඇස

    කෙසේ නම් පෙරළා සිනා සෙන්නද මම්
    අප අතර බැමි පවුරු
    වැඩි බව දැන දැනම...

    ReplyDelete
  12. අයියා ගේ අබාසෙද කොහේදැ මල්ලිට ඇවිත් තියෙන්නේ......
    කවිය ලස්සනයි..
    කතාවත් ලස්සනයි......
    දැන් කොල්ලට අලුත් වැඩේ නැගලා ගිහිං වගේ...

    ReplyDelete
  13. බොහොම පුංචි ලස්සන කවියකින් , ලොකු ම ලොකු කතාවක් කියලා.ඒ කතාවට පණ දුන්න , පද පේළිත් ඒවගේම ලස්සනයි.

    ReplyDelete
  14. හ්ම්.. පව් කියල හිතුනා.
    මැණික්

    ReplyDelete
  15. මම දැකපු ලස්සනම කවියක්....කතාවත් හොඳයි...

    ReplyDelete
  16. ඇත්තටම ලස්සනයි .. මේ පවුලම කවි කාරයී කතා කාරයෝ වාගේ

    ReplyDelete
  17. අවසානයට උරුම ඒ හිනාව විතරක්ම නම් ඒ මට ඇති..

    කවිය ගොඩක් ලස්සනයි අයියේ.. ඒ වගේම ඒ වටා අයියා ගෙතූ කතාවත්.. :)

    ReplyDelete
  18. හරිම ලස්සන කවිය අයියේ, අයියගේ අයියත් දක්ශයිනේ,. දෙන්නගෙම කවි හරිම ලස්සනයි ,. ඒ වගේම අයියා ලියපු කථාවත් හරිම ලස්සනයි,.

    ReplyDelete
  19. @ රූ : ලස්සන පිළිතුරු කවියක් අක්කේ.. ගොඩක් ස්තූතියි.. කවිය මගේ නොවෙන නිසා පිළිතුරු කවියට කවියක් ලියන්න බෑ..

    ReplyDelete
  20. @ ගලයා : හ්ම්ම්ම්.. අභාසෙ නම් අයියගේම නෙමෙයි.. හිටින්කෝ මම ඒකත් පෝස්ට් එකකින්ම කියන්න.. ඔව් කවියට කතාවක් ලියන එකත් නියමයි..

    ReplyDelete
  21. @ සොදුරු සිත : අක්කා වගේ ලස්සන කවි කාරියකගෙන් ලැබුන ඒ පැසසුමම වටිනවා.. මං අපේ අයියට කියන්නම්...

    ReplyDelete
  22. @ මැණික් : කවියේ හැටියට මට වෙන කතාවක් හිතා ගන්න බැරි උනා අක්කේ..

    ReplyDelete
  23. @ සයුරි : ඒ කියන්නේ මං ලියන ඒවට වැඩිය අපේ අයියගේ කවි හොදයි කියන එකද අක්කේ??

    ReplyDelete
  24. @ හිස් අහස : ඔව් මලයා.. අපි හැමෝටම වගේ මේ වැඩේ පුළුවන්.. මං ඒ ගැන පස්සේ කියන්නම්කෝ..

    ReplyDelete
  25. @ නන්දු : ඇත්තටම ඒ උරුම හිනාවට විතරක් ආදරේ කරන අයත් අපි අතරේ ඇති නේද?? ස්තූතියි නන්දු..

    ReplyDelete
  26. @ ප්‍රාර්ථනා : අපේ අයියා ලියපු කවි පොත තියෙන්නේ මගේ ලග.. මේකට ලැබුන ප්‍රතිචාරත් එක්ක මං කල්පනා කලේ මං ඒ කවිත් දානවද කියලා.. ඒත් අපේ අයියත් බ්ලොග් එකක් පටන් ගන්න හිතන් ඉන්නේ..

    ReplyDelete
  27. @දිනේෂ් : අපොයි..මම එහෙම එකක් කිව්වේ නැතෝ....අයියා මොකද මල්ලි මොකද ඉතින් :)

    ReplyDelete
  28. අයියෑ කවිත් ලස්සනයි නේ. නියම කවියක්.

    ReplyDelete
  29. මටනං බැරිම වැඩේනේ මේ කවි කේස් එක .....

    ReplyDelete
  30. ගොඩක් මරු..ඉදිරියට ගේන්න ඕන මනුස්සයෙක්නේ අයියා

    ReplyDelete
  31. අයිය කෙනෙකුත් ඉන්නවද? අදනේ දන්නේ! සාහිත්‍ය හැකියාව පවුලෙන්ම ආපු එකක් වගේ.:)

    ReplyDelete
  32. @ සයුරි : නෑ නෑ අක්කේ.. මමත් විහිළුවට එහෙම කිවුවේ..

    ReplyDelete
  33. @ Observer : පව්දත් අහනවා ඔබා මමා.. මොන තරම් දුකක් ඒ හිතේ ඇත්ද?

    ReplyDelete
  34. @ මධුරංග : අයියගේ තව නියම කවි තියෙනවා..

    ReplyDelete
  35. @ ඔබ නොදුටු ලොවක් : ට්‍රයි කරලා බලන්න.. බැරි වෙන එකක් නෑ..

    ReplyDelete
  36. @ ජනරඟ විජඉදු දේවසුරේන්ද්‍ර : ඔව්.. ඒකනම් ඇත්ත.. මං හිතාගෙන ඉන්නේ අයියටත් බ්ලොග් එකක් හදලා දෙන්න..

    ReplyDelete
  37. @ වර්ණා : අයියගේ තව කවි මං වෙන වෙලාවක දාන්නම්...

    ReplyDelete
  38. @ Kasun : අයියා කෙනෙකුත් ඉන්නවා.. අපේ ගෙදර හැමෝටම වගේ ලියන්න පුළුවන්...

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්