Thursday, 10 November 2011

අපේ ජාතික ක්‍රීඩාව


අපේ ජාතික ක්‍රිඩාව වොලිබෝල්නේ.. ඉතින් මං මේ ඒ ගැන නෙමෙයි කියන්න යන්නේ.. ඉතාලියට ඇවිත් ඉන්න මමත්, අයියත් අපි ඇසුරු කරන කීප දෙනාගෙත් ජාතික ක්‍රීඩාව ගැන.. ඒ කියන්නේ කැරම්.. කැරම් කොහොමද අපේ ජාතික ක්‍රිඩාව උනේ කියන්න කලියෙන් මේකේ ඉතිහාසය ගැන් කියලා ඉන්න ඕන..

කැරම් බෝඩ් එකක් මෙහෙට අරන් එමේ මුල්ම අදහස ඇවිත් තියෙන්නේ අපේ අයියට.. ඉතින් ඕකට හොදම වෙලාව ආවේ අයියා මාව ඉස්සෙල්ලාම ඉතාලි එක්කන් යන්න ලංකාවට ආපු වෙලේ.. මොකද ඕක තනි කෙනෙක්ගේ බඩුත් එක්ක දාන එක මෝඩ කමක්.. ඒ ඕකට කිලෝ 10 විතර අයින් කලාම ගෙනියන්න තියෙන දේවල් අඩු වෙන නිසා.. අපේ තාත්තා එක්කත් හවුලේ ඕවා කරන්න බෑ.. බැනුම් තමයි.. ඒ නිසා හොදම අවස්ථාව ආවේ 2008 මං ලංකාවෙන් එද්දී..

කොහොමහරි ඉතින් අපිත් ඇවිදලා හොද චැම්පියන් බෝඩ් එකක් හොයා ගත්තා.. ගත්ත එකටත් වඩා හොද ඒවා තිබුනත් ඒකේ බර ගැනත් සැළකිලිමත් උන නිසා ඒවා අත අරින්න උනා.. පස්සේ හම්බුනා අපි දැන් මේ පාවිච්චි කරන එක.. අරන් බලද්දි ඒක කිලෝ 13කුත් ගානක්.. තව හොයන්න බෑ ඔන්න ඕක අර යමු කියපු අපේ අයියා එක අර ගත්තා.. හැබැයි මේක අරන් යනකම් තාත්තට නම් කියන්න එපා කියලා කිවුවා..

ඉතින් ඔහොම අරන් ආපු එක හොදට පාර්සල් කලා.. ඇයි දෙයියනේ ඔය ෆලයිට් වල අපේ ලැගේජ් දාන හැටි දැක්කම මේක ඉන්ෂුවරන්ස් කරන්න ඕන ගෙනියන්න කලින්.. රට ගිය ඇත්තෝ දන්නවා ඇති ඒ ගැන.. ඉතින් බෝඩ් එක හීරෙන්නේ නැති වෙන්න බොහොම පරිස්සමින් ගෙනියන්න අපි ලෑස්ති කලා.. ඉතින් ඕකත් අරන් මම හා හා පුරා කියලා ගුවන් ගත වෙන දවසත් ආවා..  කටුනායකින් නම් ඕක අවුලක් නැතුව දා ගත්ත.. මොකද්ද කියලා අහුවම කැරම් බෝඩ් එකක් කිවුවා.. ඊට වඩා මුකුත් ඇහුවේ නෑ.. ඒත් හොද හරිය වෙන්නේ කතානියා එයාපෝර්ට් එකේදී..

මං මුලින්ම ආවේ ශ්‍රී ලංකන් එකේ නෙමෙයි.. කුවේට් එකේ.. ඉතින් අතර මග බැහැ බැහැ එද්දී මේක මග අතරමං වෙයිද කියලත් නොහිතුනාම නෙමෙයි.. මොකද ඉතින් ඒ වගේ දේවල් වෙනවනේ.. කොහොමහරි ඉතින් ඉතාලියටත් පය ගහලා ආයෙම ෆ්ලයිට් එකක නැගලා ආවා කතානියා වලට.. කතානියා බැහැල ඉවර වෙලා ඉක්මනට ආවා ලැගේජ් අර ගන්න.. එතනට ඇවිත් ටිකක් වෙලා ඉද්දි එක දෙක ලැගේජ් එන්න ගත්තා.. ඒත් ටිකකින් ඔක්කොම නැවතුනා.. දැං ඉතින් කට්ටියම කට ඇරන් බලන් ඉන්නවා ලැගේජ් නැතුවට..

ගොඩක් වෙලා ගියා.. එකක්වත් නෑ.. ටිකකින් ඔතන වැඩ කරන එකෙක් ඇවිත් බැගේජ් එන කට ඇතුලට එබිලා මොනවදෝ අදිනවා.. ඒත් එක්කම වගේ අපේ අයියා ඉදන් කිවුවා ෂුවර් එකටම කැරම් බෝඩ් එක හිරවෙලා කියලා.. කිවුවත් වගේම ඒක තමයි අවුල.. පොර බෝඩ් එක ඇදලා අරන් බිමින් තිබ්බා.. දැන් ඔය එන්නේ අනිත් බෑග් ටිකත් ලස්සනට.. ඔය අතරේ අපේ අයියා කියපි මට ගිහින් බෝඩ් එක අරන් එන්න එයා අනිත් බෑග් ටික ගන්නම් කියලා..

මමත් ඉතින් ගිහින් බෝඩ් එක තිබ්බ තැනින් අරන් ආපහු හැරෙද්දී තමයි වැඩේ තේරුනේ..  ඉතාලි කාරයෝ ඔක්කොම මං දිහා බලාගෙන මොනවදෝ කියවනවා.. ඉස්සෙලම ආපු දවසේ මට ඉතාලි තේරෙන එකක්යෑ.. මමත් ඉතින් කවුද වගේ අරකත් අරන් හිමීට එන්න ආවා.. සමහරු හයියෙන් කෑ ගහලා මොනවදෝ කියනවා ඇහුනා.. මං මට නෙමෙයි වගේ එන්න ආවා.. කියන දේ නොතේරුනාට අනිවාර්යෙන් මුං මට බනිනවා කියන එකනම් තේරුනා..

ඉතින් ඉතාලියට පය ගහපු දවසෙම ඉතාලි කාරයන්ගෙන් බැනුම් අහගෙන ගෙදර ගෙනාවා කැරම් බෝඩ් එක පපුව ගැහි ගැහි.. ඒ වෙන මොකක්වත් නිසා නෙමෙයි.. බෝඩ් එක ඩැමේජ් වෙලාද දන්නේ නැති නිසා.. තාත්තත් ඕක දැකලා අහනවා උඹලට පිස්සුද කියලා.. වාසනාවකට වගේ බෝඩ් එකට මුකුත් වෙලා නෑ.. ඕකේ ඉතින් සෙල්ලම් කරන්න කට්ටිය පහුවදාම සෙට් උනා.. 

මල ගෙවල් තව හොදයි.. කට්ටිය වැඩ ඉවර වෙලා කෙලින්ම වාර්ථා කරන්නේ අපේ ගෙදරට.. ඊට පස්සේ ඉතින් පන්න්දර 1 විතර වෙනකම් ඕක තමයි.. පස්සේ තේරුනා මේ වැඩේ හරි යන්නේ නෑ කියලා.. ඇයි දෙයියනේ පාන්දර වෙනකම් කැරම් ගහලා කොහොමද පහුවදා වැඩට යන්නේ.. පස්සේ කැරම් බෝඩ් එකේ අධිපති විදිහට අයියා ගෙනාවා අළුත් නීතියක්..

“ සෙල්ලම් කිරීම සෙනසුරාදාට පමණි..”

ඒ වැඩේ හොදයි මොකද ඉරිදා නිවාඩු.. එළිවෙනකම් උනත් සෙල්ලම් කලාට අවුලක් නෑ.. ඊට පස්සේ ඉතින් හැම සෙනසුරාදාම වගේ අපි කැරම් ගහන්න පටන් ගත්තා.. හැමදාම මගේ පාට්නර් උනේ අපේ අයියා.. පස්සේ ඉතින් එයා ලයිෆ් පාට්නර් හොයාගත්තට පස්සේ  මට සිද්ද උනා වෙන පාට්නර් කෙනෙක්ට මාරු වෙන්න..

අදටත් අපි හැම සෙනසුරාදාම පාන්දර 2ක විතර වෙනකම් කැරම් ගහනවා.. හැබැයි කියන්න ඕන දෙයක් තියෙනවා.. ඒ තමයි කතානියා වල තියෙනවා ඉන්දියානුවෙක්ගේ සිල්ලර කඩයක්.. ඕකේ තියෙනවා කැරම් බෝඩ් විකූනන්න.. එහෙමත් තියාගෙන තමයි අපේ අයියා මේ ලංකාවෙන්ම ගෙනාවේ.. ඒත් කමක් නෑ ඒක ගේන්න කාපු කට්ට.. අහපු බැනුම්.. ඉතින් ඔන්න ඔහොමලු කැරම් අපේ ජාතික ක්‍රීඩාව උනේ..






26 comments:

  1. අයියත් මරු මරු වැඩ නේ කරන්නේ..
    කැරම් බෝඩ් එකක් කරපු හදියක් කියල තම කියන්න වෙන්නේ..

    ReplyDelete
  2. එදා ඉතාලි බාසාව තේරුනා නම් අපරාදේ එයාලාගේ සුද්ද ඉතාලි අහගන්න තිබ්බා.....
    අපරාදේ අර ඉන්දියන් කඩෙන් ගන්න තිබ්බේ..
    ඒත් ඒක එකට එකක් ගනං ඇති...

    ReplyDelete
  3. පුබුදුවා10 November 2011 at 15:59

    සුද්ද ඉතාලියෙන් දෙන්න ඇති නේද?

    ReplyDelete
  4. ඉන්දියන් කඩයත් එක්ක සලකද්දි කාපු කට්ට සහ සුද්ද ඉතාලි අහපුව අපරාදෙ නේ! :(

    ReplyDelete
  5. මාත් චැම්පියන් බෝඩ් එකක සෙල්ලම් කරන්න ආසාවෙන් ඉන්නවා, ඒත් තාම බැරිවුනා.... අපි සෙල්ලම් කරන ඒවගේ කැරම් ගහන්න ගියාම ඊට කලින් හොඳට කාලා එහෙම ඉන්න එපැයි!

    ReplyDelete
  6. @ Red Riding Hood : ඒකනම් ඇත්ත.. ඒ උනත් ඉතින් දැන් අපිට නිවාඩු වෙලාවට ආසාවෙන් කරන්න දෙයක් තියෙනවනේ...

    ReplyDelete
  7. @ ගලයා : ආයෙත් අහලා.. හොදවයින් අහගන්න තිබුනා තේරුමත් එක්කම.. ඒ ඉන්දියන් කඩේ චැම්පියන් බෝඩ් නෑ මචං.. එහෙම බලද්දී කාපු කට්ටයි අහපු බැනුම් ටිකයි ශේප්..

    ReplyDelete
  8. @ පුබුදුවා : ඒකනේ.. දැන් වගේ උනානම් මටත් දෙන්න තිබුනා හොදට.. මොනවා කරන්නද ඉතින්...

    ReplyDelete
  9. @ තනි අලියා : හැබැයි එහෙම උනානම් අපිට ඒකේ කිසි වටින කමකුත් නෑනේ.. ඉන්දියන් කඩේ ඒවා හරි නෑ.. අඩු ගානේ ඌ ගාව හොද පවුඩර් එකවත් නෑ.. පොර පාන් පිටිත් කවලං කරලද කොහේද ඒක දෙන්නේ.. අපි නම් ගන්නේ නෑ..

    ReplyDelete
  10. අය්යෝ..ඉතින් එහෙ කැරම් බෝඩ් විකුනන්නත් තිබුනනං ඇයි ලංකාවෙන්ම අරන් ගියේ..කොලිටි එකේ වෙනසක් වත්ද?

    ReplyDelete
  11. @ ලහිරු : චැම්පියන් එකක ගහද්දී මාරම ආතල්.. මාත් අනිත් ඒවයේ ගහලා තියෙනවා.. ඒවයේ ගහනවට වඩා හොදයි නොගහා ඉන්නවා..

    ReplyDelete
  12. @ සයුරි : ඔව් අක්කේ.. ඒවා චැම්පියන් බෝඩ් නෙමෙයි.. මෙහෙන් ඒක ගන්න කොට ලංකාවේ චැම්පියන් බෝඩ් දෙකක් ගන්න පුළුවන්..

    ReplyDelete
  13. මාත් මාරම ආසයි කැරම් ගහන්න.
    ඒ උනාට මට ඒ තරම්ම කැරම් ගහන්න බෑ.

    ReplyDelete
  14. දිනේෂ් අයියා අර ඉතාලිය ඩයල් වලට බය වෙන්න එපා... අපෙත් ජාතික ක්‍රිඩාව ඔක තමයි...

    ReplyDelete
  15. මෙහෙත් අපි ගත්තා කැරම් බෝඩ් එකක්!පත සයිස්!චැම්පියන් කියලා ලංකාවේ කියන බෝඩ් එකටත් වඩා ලොකුයි!ඩිස්කා එක පාරක් ගැහුවම ඇඟිල්ලේ පත්තු බඳින්න ඕන ඒ තරම් ලොකුයි!පස්සේ ලංකාවෙන් ඉත්තෝ සෙට් එකක් ගෙන්න ගත්තා!

    ReplyDelete
  16. @ මධුරංග : අපේ නෑනට මුලින් කැරම් බෑ.. යන්තම් කියලා දුන්නා.. ඔය දැන් හොදට ගහන්නේ.. අපිටත් බෑ ඒවගේ පාරවල් ගහන්න.. අපි වගේ සතියට දවසක් සෙල්ලම් කලානම් නිකම්ම පුරුදු වේවි...

    ReplyDelete
  17. @ රහස් පරීක්ෂකයා : පිස්සුද මලයා.. අපි සැලෙයිද ඕවට.. එයාල ඉතලියෙන් බනිනවනම් අපි සිංහලෙන් බනිනවා.. එතකොට කාටවත් ප්‍රශ්ණයක් නෑ...

    ReplyDelete
  18. @ Sabith : ඒ බෝඩ් එක ඒ තරම් සයිස් නම් හොද වෙලාවට ඔහෙන්ම ගත්තේ.. ලංකාවේ ඉදන් ගෙනාවනම් මගදි දෙකට පලලා තමයි ගන්න වෙන්නේ.. තාම ඒකේ සෙල්ලම් කරනවා ඇති මං හිතන්නේ...

    ReplyDelete
  19. @ ඔබ නොදුටු ලොවක් : එළදත් අහනවා.. එළම සීන් එක වෙන්නේ පස්සේ.. ඒ ගැන පස්සේ වෙලාවක මං කියන්නම්..

    ReplyDelete
  20. කියන්න කියන්න ආසයි අහන්න ආතල් සීන්....

    ReplyDelete
  21. අනේ අම්මේ... එහේ ගන්න තියෙනවානම් මොන එහෙකටද මෙහෙන් උස්සගෙන ගියේ. බැනුම් අහන්න ආසාවෙද මන්දා...

    ReplyDelete
  22. :)
    හපොයි ඔයින් ගියා ඇති ඉතාලි කාරයන්ගෙන් ගුටි නොකා...
    මාත් අහලා තියනවා කැරම් කියන්නේ ඇබ්බැහි වෙන ක්‍රීඩාවක් කියලා...

    ReplyDelete
  23. @ ඔබ නොදුටු ලොවක් : හරි මං හෙමීට ඒකත් ලියන්නම්...

    ReplyDelete
  24. @ නිසූපා : මොනවා කරන්නද අක්කේ.. අපිට ඉතින් ටිකක් පිස්සුනේ... :) හැබැයි එහෙම නොවෙන්න මෙහෙම කියන්න සොදුරු දෙයක් ඉතුරු වෙන්නේ නෑනේ...

    ReplyDelete
  25. @ රූ : අපිනම් ඔන්න ඇබ්බැහි වෙලා ඉන්නේ.. සෙනසුරාදා වෙනකම් බලාගෙන ඉන්නේ... ඒ ගැනත් මං පස්සේ කියන්නම්කෝ...

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්