Tuesday, 8 November 2011

මතකනම් අදත් නුඹට


හැමදාම වගේ උදේම ඇහැරෙන්න තියෙන කම්මැලි කම නිසාම ටිකක් වැඩිපුර වෙලා නිදාගත්තත් ඉක්මනින්ම ආයෙම ඇහැරුනේ අද නම් වැඩට පරක්කු වෙලා යන්න බැරි නිසා.. අද අපේ කොම්පැනිය ගත්ත අළුත් බොස් එන දවස.. ඉතින් අදත් පරක්කු වෙලා වැඩට යන්න බැරි නිසා මම ඉක්මනින්ම ලෑස්තිවෙලා ඔෆිස් එකට ආවේ දුවගෙන..

මම ඉක්මනට ආවට මොකද තාම අළුත් බොස් ඇවිත් නෑ.. බොස් එනකම් බලාගෙන හිටපු වෙලාවේ හැටියට මට වෙනදා වෙලාවට පරක්කු වෙලා ආවත් බොස්ට කලින් එන්න තිබුනා.. මං මටම කියා ගත්තා.. අද වැඩ වෙනදට වඩා හෙමින්.. හෙමින් කිවුවට මුකුත්ම නොකල ගානයි.. මැනේජරුත් ඔරලෝසුව දිහා බල බල එහේ මේහේ යනවා.. සමහරු තැන් තැන් වලට වෙලා කතාව..  මං වෙනදා වගේම රිසෙප්ශන් එකට වෙලා බලාගෙන හිටියා.. අළුත් බොස් පිළිගන්න තියෙන්නේ මට..

“ මිස් මාධවී.. අන්න බොස් එනවා.. ඉක්මනට එන්න..”

මගේ කල්පනා ලෝකෙන් මං මිදුනේ දොරකඩට වෙලා අළුත් බොස් එනකම් බලාගෙන හිටපු මැනේජර්ගේ කටහඩින්.. මල් පොකුරත් අතට අරගත්ත මම ඉක්මනට දොරකඩට ආවේ මැනේජර්ට පස්සේ අළුත් බොස්ව දකින පළවෙනි කෙනා මං නිසා.. අපි ඉස්සරහින්ම නැවතුනේ අළුත්ම වර්ගයේ සුඛෝපබෝගි කාර් එකක්.. මල් පොකුරත් අරන් මාත් මැනේජරුත් වාහනේ ලගට කිට්ටු උනා.. ඒ මොහොතෙම වගේම..

“ කල්ප ඔයා..”

සියුම් හඩින් මගේ මුවින් පිට උනේ මටත් නොදැනිම වගේ.. මං කියපු දේ යාන්තමින් වගේ මැනේජර්ට ඇහුන නිසාද කොහේද ඔහු මං දිහා අමුතු විදිහට බලනවා මං දැක්කත් ඒ ගැන මට තේරුමක් නොවුනේ බලාපොරොත්තු නොවු විදිහට ඔහු මං ඉදිරියේ හිනැහෙමින් සිටි නිසා..

මං කල්පව දැක්කේ අවුරුදු 6කට විතර පස්සේ උනත් කල්ප ගැන මතකය තාමත් මගේ හිතේ ඉදහිට හොල්මන් කරනවා.. අපි ආදරෙන් බැදුනේ අපි ඉස්කෝලේ යන දවස් වලදි.. කල්පගේ තාත්තා ඒ දවස් වල කලේ රජයේ රස්සාවක්.. සේවා මාරුවීමක් නිසා අපේ නිවස අසලම පදිංච්යට ආපු ඔවුන් අපිත් එක්ක ටිකින් ටික හිතවත් වෙද්දි අපේ හිත් අපි ගැන වෙනම හැගීමක් මැවුවා..

“ සර්ට ඔය බොකේ එක දෙන්න මිස්..”

මං ආයෙම පියවි ලෝකෙට ආවෙ මැනේජර්ගේ කටහඩින්.. මුවින් නොබැන්නත් රළු පෙනුමක් මං ඔහුගේ මුහුණින් දැක්කා.. මම මල් කලඹ කල්පගේ අතට දීලා එයාව පිළිගනිද්දි හැමදෙයක්ම අමතක උන කෙනෙක් වගේ කල්ප මගෙත් එක්ක හිනාවෙලා මල් කළඹත් අරන් මාව පහු කරන් යද්දි මගේ ලෝකෙම මං ඉදිරියේ කඩාගෙන වැටෙනවා වගේ හැගීමක් මට දැනුනා..

හැමෝම අළුත් බොස් පස්සෙන් යද්දි තනි උන මං විතරක් මගේ සුපුරුදු අසුනට ඇවිත් ආයෙම ඒ අතීතයත් එක්ක කතා කරන්න පටන් ගත්තා.. කල්පලාට ඒ දවස් වල ගොඩක් ප්‍රශ්ණ තිබුනා.. ගොඩක් වෙලාවට කල්පගේ අම්මා අපේ අම්මගේන් අතමාරුවට සල්ලි ඉල්ල ගන්නවා.. කල්පත් ආවේ ගමේ අපේ ඉස්කෝලෙට.. එකම වයසේ උන අපි වැටුනෙත් එකම පන්තියට.. අපි ටිකෙන් ටික හොද යාළුවෝ උනා.. අපි ඉස්කෝලෙ ගියේ ආයෙම ගෙදර ආවේ එකට.. අපේ ගෙවල් වලින්වත් ඒ ගැන මුකුත්ම කිවුවේ නැත්තේ ඒ වෙද්දි අපේ පවුල් දෙක හොදම මිතුරන් වෙලා හිටපු නිසා..

අපේ හිත්වල ආදරයක් ඇති උනේ අපිටත් නොදැනිම.. මට තාම මතකයි  කල්ප ඉස්සෙල්ලම මට ආදරෙයි කියපුඋ දවස.. එදා මගේ ජීවිතේ ලස්සනම දවසක් උනා.. අපේ ආදරේ ලොවටම රහසක් උනත් අපි හැමදාම ආදරෙන් ලං උනා.. ඒ දවස් මගේ ජීවිතේ හැමදාටම ලියවිලා තියේවි.. ඒත් මගේ ඒ සතුට රැදුනේ හරිම ටික කාලෙකට විතරයි.. ආයෙම කල්පගේ තාත්තට මාරුවීමක් ලැබුන නිසා කල්ප මාව ගමේ තනි කරලා යන්න ගියා.. ඒ වෙද්දි අපි උසස් පෙල ලියලා ඉවර උනා විතරයි..

ගමෙන් ගියත් හැමදාම මාව බලන්න එනවයි කියලා  දුන්න පොරොන්දුව ඔයා ඉශ්ඨ කලාම මගේ හිතට දැනුනේ ලොකු සතුටක්.. ඒත් ටික දවසකින් ඔයාගේ ඒ ගමන නැවතුනා.. දුරකථනයක්වත් නොතිබුන අපිට කතා කරන්නවත් ලැබුනේ නෑ.. කාලය ගත උනේ හරිම වේගෙන්.. දවසක් මගේ යාළුවෙක් ඔයාව තවත් කෙනෙක් එක්ක දැක්කයි කියපු දවසේ මගේ බලාපොරොත්තු හැම එකක්ම මගේ දෑස් අද්දරම බොද වෙලා ගියා..

අමාරුවෙන් මං හිත හදා ගනිද්දි ඔයා ආයෙම මට පේන දුරට ඇවිත්.. ඒත් මේ කිසිම දෙයක් නොවුන ගානට ඔයා මං ලගින් යද්දී මගේ හිත ගැහුන තරම ඔයාටත් දැනුනනම්..

දෙනෙතින් වැටෙන
හැම කඳුළු බිදුවක්ම
ඔබේ නමින්ම වෙනකොට
කියන්න,
කෙලෙසද නුඹ
මුහුණ සහවාගෙන ඉන්නේ
කිසිවක් නොදුටු ලෙසට..
දුක් කඳුළක් නොම එන්න
ආදරයෙන් පරිස්සම් කරපු
ඔය හිත අද්දර
මගේ හිතත් තිබුන බව
මතකනම් අදත් නුඹට,
මෙලෙසම කඳුළැල් සැලේවි
දැනී මේ වේදනාවම
නුඹේ හිතටද..




ප.ලි. - මේ මම මීට කාලෙකට කලින් උඩදි ලියපු කවි කීපයක්.. කවිය විතරක්ම තනි පෝස්ට් එකට දන්න මදි වගේ නිසා මං ඒකට කතාවකුත් එකතු කරලා දාන්න හිතුවා.. මම කලින් දවසකත් මෙහෙම එකක් දැම්මා.. ඒ ගැන ඔයාලගේ අදහසත් පොඩ්ඩක් කියලා යන්න..


31 comments:

  1. ලස්සන කතාවක්!කවිත් එහෙම තමා! :)
    දුක අමතර කරන්න ඉන්නකොට අායෙ හම්බ උනොත්....... :'(

    ReplyDelete
  2. හැමදාම වගේ වර්ණ වලට අලුත් වර්ණයක් එකතු වෙලා..
    ඒ වර්ණයත් හරිම ලස්සනයි අයියේ..
    ජීවිතේ අපි ආයේ හමුවෙන්නේ නැ කියල ගිවිස ගන්න සමහරු ආයෙත් අපේ ඇස් ඉස්සරහටම ගෙනත් දානවා.. ඒ අතින් නම් ජීවිතේ කියන්නේ හරිම පුදුමාකාර දෙයක්.. හොඳ වෙලා තිබුනු තුවාල ආයේ ආයේ පාරනවා.. ඔයා මේකේ කොල්ලාගේ නම කල්ප කියල දැම්මේ ඇයි කියන්න මම දන්නේ නැ.. ඒත් "කල්ප ඔයා?" කියන දෙබස නම් මම මගේ කටහඬින්ම අහලා තියෙනවා අයියේ.. අනේ මන්දා.. අමතක කරන්න හදන මතකයි මොන විදිහකින් හරි ආයේ ආයේ අපිව හොයාගෙන එනවා..
    ලස්සන පොස්ට් එකක් අයියා.. ජය වේවා..

    ReplyDelete
  3. ගොඩක් ලස්සන කතාවක්. කවියත් නියමයි.
    දැන් අර ගෑල්ලමයට හිත හදාගෙන වැඩ කරන්න නම් අමාරු වෙයි වගේ.

    ReplyDelete
  4. පද ටිකට කතාවත් එකතු උනාම අපූරු බවක් මම ඒකෙ දැක්ක....ලස්සනයි හැමදාම වගේ...

    ReplyDelete
  5. බොහොම සතුටුයි සහෝදරයා..වෙනස් දෙයක් කරන මිනිස්සුන්ට මම හරිම කැමතියි..
    නැත්නම් ගතානුගතිකව පැවතෙන සිරිතෙන් මරු කතරට වැදෙන්නයි වෙන්නේ..

    ReplyDelete
  6. දුක ලඟ සැප -සැප ලඟ දුක....

    ReplyDelete
  7. ලස්සනම ලස්සන කතාවක් අයියේ... කියවගෙන යන්න ආසා හිතුනා.

    ReplyDelete
  8. බලමු මොකද වෙන්නෙ කියලා ......

    ReplyDelete
  9. කමෙන්ට්වල අකුරු හෙන පොඩි මල්ලි, කියවන්න අමාරුයි .........

    ReplyDelete
  10. ඔන්න බොලේ අදනම් අළුත් කතාවක් පටන් අරගෙන නේද? හොඳයි හොඳයි....

    ReplyDelete
  11. @ තනි අලියා : පරණ අතීතය අමතක කර්ලා ජීවිතේ අළුතින් දකින්න උත්සාහ කරනකොට ඒ අතීත මතක ආයෙම දෑස් ඉස්සරහ මැවෙන එක තරම් අවසානාවන්ත දෙයක් තවත් තියේවිද??

    ReplyDelete
  12. @ Red Riding Hood : ඒ කියන්නේ මමත් පොඩියට හරි ඔයා අමතක කරන්න හදන මතකයක් ආයෙම මතක් කරලා දීලා වගේ.. අපි හිතුවට මේ ලෝකේ විසාලයි කියලා ඇත්තටම එහෙම නෑ නංගී.. අපි කොච්චර ඇතක හැංගෙන්න හැදුවත් ඒ මුහුණු ටික කාලෙකින් අපිව හොයාගෙන එනවා..

    ReplyDelete
  13. @ මධුරංග : ඔව් අයියේ ඒකනම් ඇත්ත.. අපිට උනත් මෙහෙම දෙයක් උනාට පස්සෙ කොහොමද එතන ඉන්නේ??

    ReplyDelete
  14. @ ජනරඟ විජඉදු දේවසුරේන්ද්‍ර : වර්ණයට මං ආවෙත් ගොඩක් දේවල් වෙනස් කරගෙනනේ යළුවා.. මේ වගේ කවියකට කතාවක් ලිවුවත් "අඬහැරය" ලියද්දි නම් එහෙම කරන්නේ නෑ..

    ReplyDelete
  15. @ දිල් : ගොඩක් ස්තුතියි අක්කේ.. මේ මං කවි ලියන්න පටන් ගත්ත අළුත ලියපුවා.. ඉතින් කවිය විතරක්ම දැම්මොත් කට්ටිය වැලද ගනියි කියලා නොහිතපු නිසයි මෙහෙම කලේ..

    ReplyDelete
  16. @ ඔබ නොදුටු ලොවක් : ඇත්ත යාළුවා.. සෙවනැල්ල වගේ රැදුන අතීත මතක..

    ReplyDelete
  17. @ හංසී : මේ කතාව මගේ සිතුවිල්ලක් විතරක්ම උනාට ඇත්තටම මේදේට මුහුන දුන්න අයත් ඉන්න පුළුවන්..

    ReplyDelete
  18. @ පන්සල් හංදිය : හරි අයියේ මං ඒක හදන්න පුළුවන්ද ලියලා බලන්නම්.. ගොඩක් ස්තුතියි ඒ ගැන කිවුවට..

    ReplyDelete
  19. @ සයුරි : නෑ අක්කේ මේක දිගට යන කතාවක් නෙමෙයි.. අළුත් කතාව ලියමින් ඉන්නේ.. ඉක්මනින් දාන්නම්...

    ReplyDelete
  20. යම් මට්ටමකින් විඳ අැති අත්දැකීමක් ය! ඔබ කී පරිදි වනවාට ගින්නෙහි පිලිස්සීම සැපය!!

    ReplyDelete
  21. නෙතෙහි කඳුලැල් සිතින් දුටුවත්
    කඳුලු පිසින්නට ආයෙ නොහඬන්න
    නැවත ජීවත් වෙන්න
    ආයෙමත් ඔය හිතට ළංවෙන්නෙ කෝම?

    දෙගුරුන් බස් අසා නුඹගේම සැප පතා
    නුඹෙන් නික්මී ගියද
    තාමත් හැමදාම මගේ සිත අද්දර
    නුඹ සුවඳ රැදි වග
    නුඹට පවසන්නෙ කෝම..

    හැමදාම දැකින්නට පෙරුම් පිරු
    නුඹ මුහුණ දැක දැකම
    මල් පොකුර අතට ගෙන
    සිනාවක් නොනගාම ගියේ ඇයිදැයි කියා
    නුඹට පවසන්නේ කෝම...

    ReplyDelete
  22. කතාවටත් වඩා කවියෙන් කියවෙන කතාව ලස්සනයි සහෝ....

    ReplyDelete
  23. ඇත්තටම අගේ ඇති කවි පන්තිය තවත් අරුතක් එකතු වුණා කතාවෙන්.. හරිම ලස්සනයි සහෝ. තව තවත් නිර්මාණ බිහිවෙන්නට සුබ පැතුම්..!!! :)

    ReplyDelete
  24. "දුක් කඳුළක් නොම එන්න
    ආදරයෙන් පරිස්සම් කරපු
    ඔය හිත අද්දර
    මගේ හිතත් තිබුන බව
    මතකනම් අදත් නුඹට,"

    හරිම සංවේදී කතාවක් අයියා... හරිම හැගීම්බරයි..:( ජීවිතේ අපි කවදාහරි ආදරේ කරපු අය, ආයෙමත් කාලයක් ගිහින් අපේ ඇස් ඉස්සරහට ආවාම.... දෙයියනේ.....

    ReplyDelete
  25. සතුට දුක කැටි වුණු
    ආදරණීය අතීතයක
    සොඳුර මතකයන්
    දියකර හරින්නට
    පටන් ගත් වනම
    නුඹ පැමිණියාදෝ
    මවන්නට සිතුවම් පෙලක්
    නැවතත් හිත
    පාරමින්දෝ...හදමින්දෝ..
    නොතේරේ....
    ----------------------
    ලස්සන කතා පොඩ්ඩ...

    ReplyDelete
  26. @ තනි අලියා : මේ යම් මට්ටමකින් මාත් විදපු අත්දැකීමක්.. ඒකයි මේ කවිය මගේ හිතට ආවෙත්...

    ReplyDelete
  27. @ රූ

    මකාදා නුඹව හිතින් මම
    ජීවිතට අලූතින් පටන් ගත්
    මොහොතක
    නුඹ ආයෙම ඇවිදින්
    ඒ මතකයත් අරගෙන
    මගේ හිත පාරවා යනකොට
    නුඹ වෙනස් උනේ කිමැයි
    අසනු බැරිව ලතවෙන්නේ
    මං තනිව...

    ReplyDelete
  28. @ ලහිරු : ඔව් ඒත් කවිය තනියම දකිනකොට වඩා මෙතනදි හිතට දැනෙනවා වැඩියි නේද??

    ReplyDelete
  29. @ නන්දු : ගොඩක් ස්තූතියි නන්දු..

    ReplyDelete
  30. @ හිතුවක්කාරී : අපේ දෛවය හරිම පුදුමයි.. අපි ඕනයි කියද්දි ඒ දේ අපිට ලං කරන්නේ නෑ.. ඒත් එපා කියලා අමතක කරද්දී ඒ මතකය ආයෙම අපි ලගට ගේනවා..

    ReplyDelete
  31. @ ගලයා : ලස්සන පිළිතුරු කවිය යාළුවා.. ස්තූතියි...

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්