Monday, 7 November 2011

අපේ මලයගේ වැඩ


මම කලින් පෝස්ට්  එකකින් අපේ අක්කගේ වෙඩින් එක දවසේ අපේ මලයට කෙල්ලෙක් සෙට් උන විස්තරේ කිවුවනේ.. අදත් මේ කියන්න යන්නේ එදා අපේ මෑන් කරපු තවත් වැඩක් ගැන..

එදා ඉතින් අපේ මලයා අර කලින් කියපු ගෑණු ළමයටත් ලයින් එක දාගෙන හිටියනේ යාළුවොත් එක්ක.. කොහොමහරි ඉතින් ටිකක් දවල් වෙද්දි අපේ මලයටයි යාළුවෝ ටිකටයි මදුවිත තොල ගෑමේ ආසාවක් ඇවිත්.. ඒත් ඉතින් ඕක කොහොමද කරන්නේ.. ඒ මොකද කියනවනම් හෝටලෙන් අපිට කලින්ම කිවුවා ලිකර් අපි ගේන නිසා ඒවා බලාගන්න වෙනම අපි දන්න  කෙනෙක් බාර් එකට දාන්න කියලා.. මොකද ඔක්කොම අපි දුන්නේ ෆොරින් බඩුනේ.. ඉතින් ඕකට අපේ තාත්තා දැම්මේ එයාගේ හොදම යාළුවව..

බොන කට්ටියට ලෑස්ති කරලා තිබුනේ හෝටලෙන් එලියේ.. බාර් එක තිබුනෙත් එළියෙම තමයි.. මොකද හෝටලේ අය කැමති නෑ හොටෙල් එක ඇතුලේ ඒ වැඩේ කරනවට.. ඒ අදහසටනම් අපේ ගෙදරත් කැමති උනා.. මොකද එතකොට කාටවත් කරදරයක් නෑනේ.. හරි දැන් ඉතින් අපේ කට්ටියට බොන්න ඕන උනානේ.. ඒත් ඉතින් අංකල් අතන ඉන්නකම් කොහොමද එතනට ගිහින් ගන්නේ..

ඉතින් මේකා හීමීට මට ලං වෙලා සීන් එක කිවුවා.. මට ඉතින් ඔතනට ගිහින් අවුලක් නැතුව අරගන්න පුළුවන්.. ඒත් කාවවත් එක්ක ගිහින් මෙයාට ග්ලාස් එකක් දෙන්න කියනවා වගේ නෙමෙයිනේ මං ගිහින් ග්ලාස් අරගෙන එද්දී.. ඒක වැටෙන්නේ මගේ එකවුන්ට් එකට.. ඊට පස්සේ ඉතින් ඉදලා හමාරයි.. නිකන් ලෙඩ දාගන්න බැරි නිසා මම ඉතින් මලයට හොදින් දෙකක් කියලා පිටත් කලා..

පස්සේ ඉතින් කට්ටියගේ මූණ හොද නෑ.. මගේ හිතටත් ටිකක් හරි නෑ වගේ.. ඔහොම ටිකක් වෙලා ඉද්දි මං දැක්ක අර අංකල් කෑමට මේසෙට වාඩි වෙලා ඉන්නවා.. මං ඉක්මනට බාර් එකට ඔළුව දාලා බැලුවා.. බලද්දි එතන ඉන්නේ අංකල්ගේ පුතා.. දැන් ඉතින් කිසිම අවුලක් නෑනේ.. මාත් ඉතින් ඉක්මන් කරලා කට්ටියව එක්කන් ආවා.. ඇවිත් අතනට ගිහින් කිවුවා කට්ටියට ඕන දෙයක් ඉක්මනින් දාලා දෙන්න කියලා.. මුලින් ලොක්කෝ වගේ කතා කලාට මොකද දැන් කට්ටිය ඇඹරෙනවා..

ඕකේ වොලිම් එක වැඩියි.. ඕකෙන් වීදුරුවක්ම ගහන්න බෑ.. ඒක එක දේවල් කෝටියයි.. මටත් ඉතින් තද උනා.. ඇයි හොරෙන් එකක් අර ගන්නේ නැතුව මුං උප්පැන්නේ හොයනවා.. ආයෙම ඉතින් මං හොදවයින් දෙකක් කියලා එතන තිබුන හොද බෝතලයක් කඩලා කට්ටියට දුන්නා.. කට්ටියටම වීදුරු දීලා හැරෙනකොටම අපේ තාත්තා එනවා.. දැන් මගේ අතේ විදුරුවක්.. නෑ නෑ මං බොන්න ගත්ත එකක් නෙමෙයි.. දෙන්න ගත්ත එකක්..

අපේ තාත්තව දැකලා මං කට්ටියව බලද්දී මුං එකෙක්වත් නෑ.. අපේ තාත්තව දැක්ක ගමන් මුං ඔක්කොම මාරු වෙලා.. මං හෙමීට වීදුරුව බාර් එකේ මේසේ උඩින් තියලා අංකල්ගේ පුතා එක්ක කතාවට වැටුනා.. මම ඉතින් හොද පුතා බව තාත්තා දන්න නිසා ඒ ගැන එච්චර බලන්නේ නැතුව එතනින් යන්න ගියා.. පස්සේ මං අර ඉතුරු උන වීදුරුවත් අරගෙන මුන්ව හොයද්දී මුං ටික ඉන්නවා පල්ලෙහා රෙස්ටුරන්ට් එකේ.. එතන්ට ගිහින් බොනවා.. එතන එහෙම බොන්න බෑනේ.. කොහොමහරි යන්තම් මුං ටිකව එතනින් ඇදන් ඇවිත් බොන්න දීලා ඇරියා.. හැබැයි එක වීදුරුවයි දුන්නේ ඔන්න ඔය පල්ලේහා තියෙන ජාතියෙන්.. ඊට පස්සේ නම් අපේ මලයා අවේ නෑ මගෙන් බොන්න අහගෙන..



දැං ඉතින් කට්ටිය හිතන්න එපා මේකා මහා බේ බද්දෙක්නේ කියලා.. ඔය යන්තම් වීදුරුවක් අර ගත්තට එහෙම බොන එකෙක් නෙමෙයි.. දැං ඔන්න මම දෙවෙනි පාරටත් මලයට පොඩි මඩක් ගැහුවා.. ආ.. තව ටිකෙන් කියන්න අමතක වෙනවා..

අපේ මලයත් අළුතින් බ්ලොග් එකක් පටන් ගත්තා.. දන්නා දේ කියාදීම.. ටෙක්නිකල් බ්ලොග් එකක්.. ඒත් පස්සේ වෙන වෙන දේවලුත් ලියාවි.. කැමති අය ඒ පැත්තටත් ගොඩ වෙලා එන්න.. හැබැයි ඉතින් මං මඩ ගැහුවට ඒ බ්ලොග් එකේ මට මඩ තියෙන එකක් නෑ.. මොකද මං ගැන එහෙම ලියන්න දේවල් නැති නිසා.. මං ඉතින් ආදර්ශමත් අයියානේ.. :)

29 comments:

  1. අපි බලමුකෝ ආදර්ශමත් අයියා ගැන මල්ලිගේ බ්ලොග් එකේ ලියවෙයිද කියලා :)

    ReplyDelete
  2. අයියෝ පුබුදුවා අම්බානක නානවා වගේ

    ReplyDelete
  3. බලමුකෝ ඉතින් ආදර්ශමත් අයියගේ දේවලුත් ;)

    ReplyDelete
  4. හෙහේ, එක ගලෙන් කුරුල්ලෝ දෙන්නයි නේ? මඩත් සමග ප්‍රචාරණය, "Any kind of publicty is good publicity" කියල කියනවනේ!
    කොහොමහරි ඔන්න එහෙනම් මේ ආදර්ශමත් (අපි නොදන්නා) අයියගේ මල්ලිට සුබ පැතුම්. ;)

    ReplyDelete
  5. අප්පෝ මේකාගේ බොරු.මම ඔය දහ ජරාව ජීවිතේට අතින් අල්ලලා නැහැ.මෙයා තමයි එදා බීලා වැඩිවෙලා pool එකට පනින්න ගියේ.තව කියන්නද?එපානේ පව්නේ.

    ReplyDelete
  6. @ සයුරි : ඒකට මං ගැන ලියන්න දෙයක් නෑ අක්කේ.. මං ඉතින් හොදයිනේ...

    ReplyDelete
  7. @ ශානු : හෙහ්.. එහෙමම කියන්න එපා.. මොනවා උනත් පුබුදුවා හොද එකා..

    ReplyDelete
  8. @ ChammA : බලමුකෝ.. මොනවා ලියයිද කියලා..

    ReplyDelete
  9. @ හිරණ්‍ය : ඒක තමයි.. ඒ ගැනත් ඉතින් කියන්න ඕන කම තිබුනා.. මොකද ඉතින් මගේ මොකක් හරි අවුලක් ගියාම බලන්නෙත් මලයනේ..

    ReplyDelete
  10. @ පුබුදු : අතින් නම් අල්ලන්නේ නෑ කියලා මං දන්නවා.. ආ බං.. පිට තැනකදි බිවුවත් තමන්ගෙම සහෝදරීගේ වෙඩින් එකේ කවුද ඒ තරම් බොන්නේ??

    ReplyDelete
  11. හරි හරි දැන් අයියගේ ඇත්ත තත්ත්වේ අපිට මල්ලිගෙන්ම දැනගන්න පුළුවන්.

    ReplyDelete
  12. හික්ස්.... ඔන්න දැන්ම මඩ එලියේ.... :)))

    ReplyDelete
  13. අහ් හා.. බලමුකෝ අපි අයියා ගැන මල්ලිගේ හඬින්..;) හික්ස්ස්

    ReplyDelete
  14. ආදර්ශමත් අයියාට බේබදු මල්ලිගෙන් මඩක්

    කියල වැදුනොත් කොහොමද අහ්... හක් හක්...

    ඔය බියර් ජාතියක්නේ බන්...

    ReplyDelete
  15. බලාගෙන ගියාම දෙකම එකයි වගේ

    ReplyDelete
  16. මල්ලි මන් වගේ ඩයල් එකක්නේ,,,,.. හී හී,,... අයියත් නරකම නෑ..

    ReplyDelete
  17. හප්පෝ මල්ලි ලදරුවෙක්නේ.මේකෙන් වීදුරුවක් බීලා මොනව කරන්නද ....

    ReplyDelete
  18. @ Kasun : මං ගැන කියන්න දෙයක් අපේ මලයට නෑ.. ඒ නිසා අවුලක් නෑ..

    ReplyDelete
  19. @ නිසුපා : ඒක තමයි.. මේ මඩ කොහෙන් නවතියිද දන්නේ නෑ..

    ReplyDelete
  20. @ හිතුවක්කාරී : හා හා.. බලමුකෝ..

    ReplyDelete
  21. @ පිස්සා පලාමල්ල : එහෙම උනොත් නම් ඉදලා වැඩක් නෑ.. නෑ මචං රෙඩ් ලේබල් අනං මනං දුන්නා.. ඒවයේ තමයි අරක වැඩියි මේක වැඩියි කිවුවේ.. ඒ පාර මං ඕක දීලා යැවුවේ..

    ReplyDelete
  22. @ කස්සා : නෑ නෑ.. දෙන්නම එක වගේ නෑ..

    ReplyDelete
  23. @ රහස් පරීක්ෂකයා : ඒ කියන්නේ රහස් පරීක්ෂකයත් මේ වගේද??

    ReplyDelete
  24. @ ඔබ නොදුටු ලොවක් : නෑ ඌ ළදරුවෙක් නෙමෙයි.. අක්කගේ වෙඩින් එකේ මල්ලි බීලා චාටර් වෙන්න ඕන නෑනේ.. ඒකයි එකක් දීලා යැවුවේ..

    ReplyDelete
  25. @ පන්සල් හංදිය : ඒක තමයි අයියේ.. එහෙන් මෙහෙට මඩ.. මෙහෙන් එහෙට මඩ..

    ReplyDelete
  26. පට්ට බ්‍රෑන්ඩ් එකක් වගේ...
    ආදර්ශමත් අයියාගේ වැඩ ඉතිං අපිටත් බලා ගත හැකි..
    මලයාගේ බ්ලොග් එකෙන්...
    එදා දිනේෂ් කොච්චර බිව්වද?

    ReplyDelete
  27. @ ගලයා : අඩේ මං බොන්නේ නෑ බං..

    ReplyDelete
  28. මොකක් ද මල්ලි ඒ ? ලිකර් ජාතියක් ද?

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්