Sunday, 6 November 2011

සුද්දොත් එක්ක ෆිල්ම් එකක් බැලුවෙමි

දැං ඉතින් මේ හෙඩින් එක දැම්මම කට්ටිය අහාවී ෆිල්ම් එකක් බලපු එකේ මොනවද මේ අමුතුවෙන් කියන්න තියෙන්නේ කියලා.. ඒකනම් ඇත්ත.. ඒත් මේක ඊට වැඩිය වෙනස් කතාවක්.. ඇත්තටම කියනවනම් ෆිල්ම් එකක් කියලා බැලුවේ අපේ අක්කගේ වෙඩින් පීස් එක.. ඒකත් ඉතින් ෆිල්ම් එකක් වගේ තමයිනේ.. පැය දෙකක්ම තියෙනවා..

මම ඉතින් වෙඩින් එකට ලංකාවට යද්දී මං වැඩ කරන තැන ඒ කියන්නේ ෆාමසි එකේ ඔක්කොම කිවුවේ එද්දි අපිට බලන්නත් වීඩියෝ එක අරන් වරෙන් කියලා.. ඒ හින්දම ඉතින් අපිත් වීඩි‍යො ඒක උපරිම හොදින් කරන්න කියලා වීඩියෝ කරපු කට්ටියට කිවුවා.. අපරාදේ කියන්න බෑ ඒයාලත් හොදට ඒ වැඩේ කරලා තිබුනා.. විශේෂයෙන්ම චාරිත්‍ර ටික ඔක්කොම වගේ අඩු නැතුව ඒකට දාන්න කියලා අපි කිවුවා.. මොකද ඉතාලි කාරයෝ ඕවා දන්න එකක්යෑ.. උන්ට ඕනත් ඔවා දකින්න තමයි..

අක්කගෙ වෙඩින් එකට පස්සේ සති දෙකකින් මම ආයෙම ආවා.. එච්චර ඉක්මනට වීඩීයෝ එක දෙන්න අමාරුයි කිවුවත් වෙඩින් ඇල්බම් එක පහු කරලා හරි මේක ඉක්මනින් දෙන්නම කියපු නිසා ඔවුන් ඒක වෙලාවට දෙන්න කාරුණික උනා.. නැත්නම් ඉතින් මං එද්දි ඕක අරන් එන්න වෙන්නේ නෑනේ.. එහම ආවනම් මං ඉදලා හමාරයි..

කොහොමහරි ඉතින් මං ආයෙම වැඩට ගිය මුල් දවසෙම කට්ටියගේ තෑගි බෝගත් එක්කම ගිහින් අර වීඩියෝ පීස් එකත් දුන්නා බලන්න කියලා..

“ අපිට මේක තනියම බලන්න බෑ.. උඹත් ඉන්න වෙලාවක බලමු..”

හරි දැං ඉතින් කොහොමෙයි මේක කට්ටිය එක්ක එකට ඉදන් බලන්නේ.. දවසක් දෙකක් ගෙවිලා ගියා.. මටත් ඕක අහන්න බැරි උනා වැඩ නිසා.. එදා සෙනසුරාදා දවසක්.. අපිට වැඩ තියෙන්නේ දවසින් භාගයක් විතරයි.. හවස නිවාඩු.. දවල් එක වෙද්දි ෆාමසි එක වහනවා.. මෙන්න ටිකකින් මට පේනවා එක දොස්තරයෙක් ටීවී එකක් ගෙනල්ලා සෙට් කරනවා.. මමත් ටිකක් කිට්ටු උනා මොකද වෙන්නේ කියලා බලන්න..

“ අපි මේ උඹේ අක්කගේ වෙඩින් පීස් එක බලන්න හදන්නේ..”

ඔය ටීවි එක ගැනත් කතාවක් තියෙනවා.. ඒක පස්සේ කියන්නම්.. ඉතින් අර  දොස්තර ගෙනාපු ඩීවීඩී එකත් සෙට් කරගෙන අපි වීඩියෝ එක බලන්න සෙට් උනා.. මමත් ඉතින් පුටුවක් ඇදගෙන වාඩි උනා.. ටිකක් වෙලා යද්දී තමයි වැඩේ මුන් මාත් එක්කම බලමුයි කියපු එකේ බලපතරකම තේරුනේ..

ඔන්න ඉතින් වීඩියෝ එක ටිකක් වෙලා බලාගෙන යද්දී තියෙනවා මං අපේ මස්සිනාගේ පා සෝදන ජවනිකාව.. රිමෝට් අතේ තියන් හිටපු අපේ ෆාමසි එකේ ඉන්න ලස්සනම දොස්තර නෝනා එකපාරම වීඩියෝ එක නැවැත්තුවා.. මං බැලුවා මොකෝ කියලා..

“ දිනේශ්.. මොකද උඹ අර සපත්තු දෙකට වතුර දාන්නේ?”

හරි දැං ඉතින් පැහැදිළි කරපන්කෝ.. මමත් ඉතින් උන්ට තේරෙන විදිහට ඒ මොකද වෙන්නේ කියලා තේරුම් කරලා දුන්නා.. තේරුනාද නැද්ද මන්දා ඊට එහා මුකුත් ඇහුවේ නෑ.. ආයෙම ඉතින් වීඩියෝ එක යනවා.. ටික වේලාවකින් ආයෙත් කලින් වගේම නැවතුනා.. ඒ පාර පෝරුව ලගදී..

“ දිනේශ් ඒ මොකද්ද?”

මලා මං දන්නේ නෑ පෝරුවට ඉතාලියෙන් කියන්නේ මොකද්ද කියලා.. දැං ඉතින් මොකද කරන්නේ.. ඕවා ඉතින් මෙහේ නැති නිසා අපි දන්නවයි ඕකට මොකද්ද කියන්නේ කියලා.. මං ඉතින් කිවුවා ඕකට කියන වචනේ නම් හරියට දන්නේ නෑ කියලා ඕක උඩදී තමයි හැමදේම වෙන්නේ කියලා යාන්තම් පැහැදිලි කලා.. අවුලක් නෑ ඒකත් ශේප්..

දැන් ඉතින් ආයෙම වීඩියො එක යනවා.. පෝරුවේ චාරිත්‍ර අස්සේ ඉතින් ප්‍රශ්ණ ගොඩයි.. අෂ්ඨක් කියන කෙනා ගැන විස්තරයි, අර බුලත් කොල බිමට දාන්නේ ඇයි කියන විස්තරයි, ඕවා කියලම මට එපා උනා..  දැං ඉතින් බඩගිණියිත් එක්ක.. ඇයි ඉතින් ගෙදර ආවනම් මෙලහට කාලත් එක්කනේ.. ඔහොම ඉතින් ටිකක් වෙලා බලාගෙන ඉද්දී පීසා බෝයි කෙනෙක් ඇවිත් පීසා ඩිලිවරි කරලා ගියා. අර ලස්ස්න දොස්තර නෝනා එයාගානේ පීසා ඕඩර් කරලා.. හොද වෙලාවට.. ඉතින් ඒකත් කන ගමන් ආයෙම වීඩියො එක බලන්න ගත්තා..

“ උඹලගේ තාත්තා මොකද අර ඇගිලි වලට වතුර වක්කරන්නේ?”

ආයෙම ප්‍රශ්ණ.. මොනවා කරන්නද ඉතින් ඕවට කියන හරි වචන දන්නෙත් නෑ.. ඉංග්‍රිසිනම් කොහොම හරි කියන්න තිබුනා.. ඒත් ඉතින් මුං ඉංග්‍රිසි දන්න එකක්යෑ.. මමත් ඉතින් ඉවසා වදාරලා පුළුවන් තරම් හොදින් කට්ටියට තේරුම් කරලා දෙන්න උත්සාහ කලා.. මොනවා උනත් ඉතින් මේ අපේ සංස්කෘතියනේ.. එහෙම අපේ සිරිත් සුද්දන්ට කියලා දෙන එකත් කොයි තරම් දෙයක්ද..

යන්තම් මගේ හිතට නිදහසක් ආවේ පෝරුවේ චාරිත්‍ර ඉවර උනායින් පස්සේ.. ඊට පස්සේ ඉතින් ඒ තරම් කියලා දෙන්න දෙයක් නෑනේ.. ඒත් ඉතින් ප්‍රශ්ණ නොතිබුනාම නෙමෙයි.. ඒවානම් ඉතින් අර කලින් ඒවා වගේ කියලා දෙන්න අමාරු දේවල් නෙමෙයි.. ඒනිසා ඒ තරම් අවුලක් උනේ නෑ.. කොහොම හරි පැය දෙකේ වෙඩින් පීස් එක බලන්න පැය තුනක් විතර ගියා.. අර පීසා එකට පින් සිද්ද වෙන්න බඩගින්න ගියා..

අන්තිමේ ඉතින් කට්ටියට හැපී.. පළවෙනි පාරටලු මෙහෙම දෙයක් බැලුවේ.. අපේ ඇදුම් විලාසිතා වලට විශේශයෙන්ම සාරි වලට කට්ටියටම හිත ගිහින්.. වීඩියෝ එක කට්ටිය ගෙදර අරන් ගියා මගෙන් අහගත්ත විස්තරත් ගෙදර අයට කියලා දෙන ගමන් බලන්න කියලා.. දැන් මාස දෙකකට කිට්ටුයි වීඩියෝ එකනම් මට තාම හම්බුනේ නෑ.. එදා ඉතින් අර තේරුම් කරලා දෙද්දි පොඩි පොඩි ප්‍රශ්ණ මට ආවට මොකද එදා ඒ පැය තුනනම් මාරම විනෝදෙන් ගෙවුනා.. ඔන්න ඔහොමලු මම සුද්දොත් එක්ක ෆිල්ම එකක් බැලුවේ....


 


39 comments:

  1. තනි අලියා(logout වී සිටිමි!එ්කයි!)6 November 2011 at 11:59

    එ් කියන්නෙ අපේ සංස්කාතියට ඉතාලියෙ හෙණ තැනක් අැති නේ! :D

    ReplyDelete
  2. මම බැලුවේ වෙඩින් එකටත් පීසා ගෙනල්ලද කියලා :D

    ReplyDelete
  3. මට මැවිලා පේනවා සෙට් එක වට කරගෙන දිනේෂ් අයියගෙන් ප්‍රශ්න අහන හැටියි විස්තර කරගන්න තේරෙන්නේ නැතුව අසරණ වෙලා බලන් ඉන්න හැටියි.:D පව්.....

    ReplyDelete
  4. අම්මෝ පුදුම අමාරුවක් වෙන්න ඇති ඔය චාරිත්‍ර ටික ගැන පැහැදිලි කරන්න.
    කිව්වත් වගේ මල්ලි අපේ සමහරු නම් දන්නේ නැතුව ඇති ඔය චාරිත්‍ර වල අර්ථය.
    අර කිරි කඩ දෙන එක එහෙම දන්නේ නැතුවැති.

    ReplyDelete
  5. මෙහ් කස්ටිය වීඩියෝ එකේදි මාව දැකලා ඇහුවේ නැහැ නේද කවුද අර හැන්ඩ්සම් බෝයි කියලා හික් හික්

    ReplyDelete
  6. @ තනි අලියා : ආයෙත් අහලා.. අර ලස්සන දොස්තර නෝනට අපේ ක්‍රමේට බදින්න ඕන කිවුවා... මං කිවුවා එහෙනම් මාව බැදපන් එතකොට හරි කියලා... :D

    ReplyDelete
  7. @ තාරක Dilsh@n : මම ඒක වෙනම ටයිප් කලානම් හරි.. එක ලග එද්දි හිතෙන්නේ එහෙම තමයි...

    ReplyDelete
  8. @ Kasun : නොතේරුනා නෙමෙයි මලයා.. සමහර වචන දන්නේ නෑ.. ඒකයි උනේ...

    ReplyDelete
  9. @ මධුරංග : ඒකනම ඇත් අයියේ.. ලංකාවේ අපේ අයත් සමහර දේවල් හරියට දන්නේ නෑනේ...

    ReplyDelete
  10. @ පුබුදු : ඇහුවා ඇහුවා... සින්ගල්ද කියලත් අහුවා කොල්ලා....

    ReplyDelete
  11. අපේ චාරිත්තර අපේ උන්ට අගේ නැති උණාට උන්ට හෙණ අගේ වගේ නේ බං
    දැං දැං අපේ උං ඔය ෆ්‍රොක් එහෙම ඇඳලා බටහිර විලාසිතාවට වෙඩිං ගන්න කාලේ උන්ට අගේ දැනිච්චි එක වීඩියෝ කරලා මෙහේ මීඩියා වල දාන්ට තිබ්බේ...
    ඒත් දැං ලංකාවේ හොඳ මාජ්ජ නෑ....
    උඹ කරපු වැඩේ එළ කිරි බන්..(Y)

    ReplyDelete
  12. එ් කියන්නෙ සංස්කෘතිකාංග හඳුන්වාදීමේ සැලකියයුතු වාසියක් තියනව! :D

    ReplyDelete
  13. මමත් බැලුවේ වෙඩින් ඒකට පීසා ගෙනල්ලවත් ද කියලා...මෙහේ ඉන්න මගේ ඉන්දියන් යාලුවෙක් මගේ going away සාරියේ ෆොටෝස් දැකලා මැරෙන්න හැදුවා...මම කිව්වා අයියෝ මේ ගුජරාටි නේ..ඉන්දියාවේ ඇඳුමක් නේ කියලා :)) තමන්ගේ රටේ ඇඳුම් ගැන වත් දන්නේ නැහැනේ මේ ගොල්ලෝ...

    ReplyDelete
  14. අපෝ..මතක් කරන්න එපා..ඔය වගේ එවා අහනවා..අහනවා ඉවර නම් වෙන් නැ තමා එයාලා..කියලා දෙන්න ගියාම තවත් එපා වෙනවා..

    ReplyDelete
  15. කොච්චර හොඳ්ද බං ඒ වගේ දෙයක් කරපු එක මම .. මේ අහක හිටපු මටත් ආඩම්බර හැඟීමක් ආවා .. පිට රට ඈයෝ අපේ ගති ලක්‍ෂන ටිකක් දැකගත්ත නිසා

    ReplyDelete
  16. එළ එළ මමත් කෙන්යා එකෙක්ගේ වෙඩින් එකක් බැලුවා..හප්පේ මුන් පටංගත්ත වෙලාවේ ඉදලා නටනවා......

    ReplyDelete
  17. මචෝ ඔය ලංකාවේ වෙඩින්ග් මෙහෙ උන්ට පෙන්නලා ජොබ් වලට තට්ටු උන උනුත් ඉන්නවා ,,,මෙහෙ උන්ට පට්ට බොරු කියලා බොරුවෙන් ජීවත් වෙලා වෙඩින්ග් බලපු මෙහෙ උන් අපේ උන් කරන වියදම් දැකලා එතනනින්ම ජොබ් නැති වෙච්ච උන් මම දැනුවත්ව කීප දෙනක්ම ඉන්නවා

    ReplyDelete
  18. පහුගිය දවසක අටපට්ටමේ මම දැක්කා බටහිර රටක ජෝඩුවක් ඒ රටේදිම අපේ චාරිත්‍ර වලට හාමුදුරුවොත් ගෙන්නගෙන විවාහ චාරිත්‍ර කරනවා..එතනදි හාමුදුරුවෝ කරපු අනුශාසනාවට ජෝඩුවම ඔලුව හොල්ල හොල්ල ඇහුම්කන් දුන්නා..ඒ අවස්ථාවේ හොඳට දැනුනා අපේ චාරිත්‍රවලට කොතරම් ලැදියාවක් ඔවුන් දක්වනවද කියලා..

    ගොඩක් රසවත් ලිපියක් සහෝදරයා..

    ReplyDelete
  19. ඒ වගේ දෙයක් ඒ අයට කියා දුන්න එක හොදයි මල්ලි.ඒ අයට හරියටම තේරුනාද දන්නෙ නෑ හැබැයි නේද??

    ReplyDelete
  20. ඔය සමහර චාරිත්‍ර වල ට හේතු මම දන්නෙත් නෑ බන්... එහෙව් එකේ උබ කෝම ඉතාලි කරයොන්ට පැහදිලි කරාද මන්ද

    ReplyDelete
  21. ඒක පුද්ගල උත්සාහයක් නිසා ඉතාලියේ 50-60 ක්වත් ලංකාවේ චාරිත්‍ර ගැන දැනගත්තා නොවැ... ඕක ලඟ ඉඳලා කියලාම දුන්නය සහෝට ස්තුති කරන්න ඕන !

    ReplyDelete
  22. මරු වැඩේ දිනේශ්...
    මටත් මැවිලා පේනවා ඉතාලි කාරයො වට වෙලා ඔයාගෙන් ප්‍රශ්න අහ අහ වෙඩින් ෆිල්ම් එක බලනවා..
    ඒක නෙවි දුන්න කොමෙන්ට්ස් ටිකකට අක්කා මොකද කිව්වෙ?

    ReplyDelete
  23. ගොඩක් විදේශීය අය අපේ සංස්කෘතියට හුගක් කැමතියි අයියේ,. අපේ මිනිස්සුන්ට තමයි ඒවයේ අගයක් නැත්තේ

    ReplyDelete
  24. @ ගලයා : අළුත් දෙයක් දැනගන්න මුං හරි කැමතියි මචං.. ඒකයි පළවෙනිම හේතුව.. දැන් ගොඩක් අපේ අයට ඕන බටහිර විදිහට යන්නනේ..

    ReplyDelete
  25. @ තනි අලියා : නැතුව නැතුව.. ඔක්කොම හරි ඇත්තටම එයාට ලංකාවේ විදිහට බදින්න ඕන වෙයිද දන්නේනෑ..

    ReplyDelete
  26. @ සයුරි : ඒවා ගැන කතාකරලා වැඩක් නෑ අක්කේ.. අපිටත් වැඩිය චාරිත්‍ර ඉන්දියාවේ තියෙනවා මං දන්න විදිහට.. ඉතින් එයාලත් ඒවා දන්නේ නැත්නම් ඉතින් මොනවා කියන්නද??

    ReplyDelete
  27. @ නිම්ශා : ඔව් නංගී මෙහෙම දෙයක් පෙනෙද්දි කියලා දෙන්න ලේසියි.. අනිත් වෙලාවට ගොං ප්‍රශ්ණ අහද්දි එපා වෙනවා..

    ReplyDelete
  28. @ හිස් අහස : ඔව් සදරුවෝ.. අපි ඔය වැඩ නැති වෙලාවල් වලට ගොඩක් වෙලාවට යූ ටියුබ් එකේ ලංකාවේ ලස්සන වීඩියෝ දාලා දෙනවා උන්ට බලන්න..

    ReplyDelete
  29. @ ඔබ නොදුටු ලොවක් : උන්ගේ තිබුනේ නැද්ද අපේ වගේ චාරිත්‍ර??

    ReplyDelete
  30. @ ItalyDilan : වෙන්න පුළුවන් මචං මං නෑ කියන්නේ නෑ.. ඔතන අපේ තාත්තා අවුරුදු 18 වැඩ කලා ඉතින් අපි ගැන ගොඩක් දේවල් උන් දන්නවා.. ඇත්ත විස්තර..

    ReplyDelete
  31. @ ජනරඟ විජඉදු දේවසුරේන්ද්‍ර : ඔව් ඇත්තටම.. ගොඩක් පිටරට අය ලංකාවට එනවා අපේ චාරිත්‍ර වලට විවාහ වෙන්න.. මං ලගදිත් දැක්කා උඩරට නිලමේලට ඇදලා ගත්ත විවාහයක පින්තුර වගයක්..

    ReplyDelete
  32. @ නිසූපා : මම මගේ පුළුවන් උපරිමයෙන් විස්තර කලා අක්කේ.. මං තාම මෙහෙ ඇවිත් අවුරුදු 3යි.. ඉතින් ඉතාලි සමහර වචන දන්නේ නෑ ඇත්තටම.. ඒත් අවුලක් නැතුව විස්තර කලා..

    ReplyDelete
  33. @ පිස්සා පලාමල්ල : නොදන්න එක මං කෙලින්ම කිවුවා මචං දන්නේ නෑ කියලා.. බොරු කියල නෝන්ඩි වෙනවට වඩා එක නොදන්න කම කියන එක හොදයිනේ.. මගෙන් ඇහුවා ඇයි ඉතින් උඹලා ඔය පෝරුවට නගින්නේ කියලා.. ඒක ඉතින් මාත් දන්නේ නෑනේ.. ඉතින් කිවුවා දන්නේ නෑ කියලා..

    ReplyDelete
  34. @ Chathuranga Perera : මං ලග ඉදන් කියලා දුන්නේ 10කුට විතරයි.. කට්ටිය ඉතින් ඕක ගෙදරත් අරන් ගිය නිසා බලන කට්ටිය වැඩි වේවි.. තාම ඒක වටේ යනවනේ.. දැං කා ලගද තියෙන්නේ කියලවත් මං දන්නේ නෑ..

    ReplyDelete
  35. @ රූ : අක්කටත් ඉතින් මාරම හැපී.. මේ කට්ටිය ඉතින් වෙඩින් එකට මං යද්දිම නේ අක්කට තෑගි යැවුවේ..

    ReplyDelete
  36. @ ප්‍රාර්ථනා : ඔව් නංගී ඇත්තෙන්ම.. ඉතාලියේ උනත් බුදුදහම අදහන ඉතාලි අය ඉන්නවා.. ඒක ඇත්තටම අපිටත් මාරම සතුටක්..

    ReplyDelete
  37. ඔයින් ගියා මදෑ අතක් පයක් නොකැඩි .........

    ReplyDelete
  38. ඔයා කරපු වැඩේ නම් හරි වටිනවා අයියා. සමහර සුද්දෝ සුද්දියෝ ලංකාවට ඇවිත් ලංකාවේ විදිහට කසාද බඳින්නේ ඔය චාරිත්‍ර වාරිත්‍රවල කැමති නිසානේ. අපේ දේ නැති කරලා දාන කාලෙක මෙහෙම හරි සුද්දෝ ටිකකට ඕක පෙන්නලා කියා දීපු එක හොඳයි :)

    ReplyDelete
  39. මෙහෙ ටීවී එකේ ගිය වැඩ සටහනකට ලංකාවේ කෙල්ලෙක් ආවා, ඒකි ඉන්දියාවේ කොල්ලෙක්ව බැඳල හිටියෙ. එයාලා ලංකාවෙත් වෙඩින් එකක් ගත්තලු. කතා කර කර ඉන්න අතරෙ නිවේදකය කෙල්ලගෙන් ඇහුවා ලංකාවෙ කොහොමද වෙඩින් එකක් වෙන්නේ, අපි නම් ඉන්දියාවේ ඒවා දැකල තියෙනවනේ ඒ ගැන විස්තර කරන්න කියලා. ඒ ගමන්ම ඇහුවා මේක සංස්කෘතික දෙයක්ද ආගමික දෙයක්ද කියලා... එයාලා හිතන් ඉඳල තියෙන්නේ ඒක ආගමත් එකක් යන එකක් කියලා..

    මේකි කිව්වා, "ඒක ගොඩක්ම සංස්කෘත්යත් එකක් බැදිච්ච එකක්, අපි ස්ටේජ් එකක් උඩට නැගලා මුදු මාරු කරනවා එච්චරයි" කියලා..

    නිවේදකයත් කිව්වා "සිම්පල් ප්ලෑන් එකක්නේ කියලා".... :P

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්