Tuesday, 29 November 2011

අඬහැරය 4





වරෙං මිතුරනේ දුවලා හනිකට
අහසින් කෑම බෙදනාවා අපිට
පමා උනොත් එන්න නුඹලාට
ඉන්න වෙන්නේ බඩගින්නේ අද රෑට..

නැවති නැවති මග අප අතර
ගෙවා දමන්න නෑලු කාලය ඔවුනට
ඒකයිල්ලු යන්නේ මෙලෙසට
අහසින්ම දමාගෙන කෑම මල්ල..

හිතන්න එපා අහිතක් කිසිවිට
වැටුනයි කියා කෑම මලු මඩ වගුරට
මෙහෙම හරි නොආවනම් ඔවුන් අද
බඩගින්නේ මැරෙන්නේ අපිම නොවේද..

පොරකන්න එපා සත්තුන් විලසට
අහසින් වැටෙන කෑම මලු ගානට
බෙදාගෙන අපි හැමෝම සමලෙස
කුස පුරෝගමු කඳුළු මොහොතකට අමතක කර..

ඉහිරුන කෑම ගැන දුක් වෙලා කුමට
දෑස් අද්දරම ගහගෙන යද්දි ජල කඳට
ලං වෙන්න බැරි නිසානේ අප වෙතට
දමාගෙන යන්නේ අහසේ ඉදන්ම..


15 comments:

  1. ඈ මල්ලි, මම හිතුවේ අඬහැරය කතාවෙන් කෑල්ලක් දාලා කියලා...මේ කතාවේම කෑල්ලක්ද? මොනා උනත් ලස්සනයි...

    ReplyDelete
  2. නෑ සයුරි අක්කේ අඬහැරය කියන්නේ කතාවක් නෙමෙයි.. මේ මං ලියන අළුත් කවි.. ගොඩක් වෙලාවට මං මේකට පාදක කර ගන්නේ සමාජමය සිද්ධි.. ඒකයි මේකට අඬහැරය කියන නම දුන්නේ...

    ReplyDelete
  3. මීට වඩා මානුෂීය හැගීමකින් ඒ සත් ක්‍රියාව කරන්නම බැරිද..හ්ම්ම්ම... :(

    ReplyDelete
  4. අපූරු සමාජ විවරණයක්නෙ..

    අහස ගුගුරා
    දුන් අමෝරා වැසි
    අපේ දෙනිතින්
    ගලා යන හැටි
    කාට කියමුද
    සොයා පිළිසරණක්...

    රජුන් වි හුන් හුන්
    අපිට කල නපුරක්
    යඳින්නන් විය
    කිසිත් නැති හව්හරණක්
    රසක් නැති බත් පතට
    වෙරින් පොර බඳමි
    දැනි කුස ගින්නක්
    හිත් හඩා වැටෙන්නෙමු
    සිය දහස් ගමනක්...

    ReplyDelete
  5. හම්....මොනා කියන්නද...පද ටික නම් ගොඩක් ලස්සනයි.....මට සුනාමි කාලේ අපේ පැත්ත මතක් වුණා.....

    ReplyDelete
  6. මේක කියෙව්වම මට මතක් උනා මම බලපු ෆිල්ම් එකක්. එකේ පුංචි ළමයා දෙමව්පියන්ගෙන් වෙන වෙනවා , ඒ කියුවේ අතරමං වෙනවා. යුද්දේ කාලේ. ඒ ළමයා ඉන්නේ කදවුරක, ගුවනින් කෑම එවනවා.ඒ එවන්නෙත් මාසෙකට සැරයක් වගේ. ඒ එවන කෑම වල සත්තුත් ඉන්නවා. මෙයාල ඒ සත්තුත් එක්කමයි කන්නේ., සත්තු කියුවේ ගුල්ලෝ වගේ කළු පාට පොඩි උන් බත් එක්ක උන් මිශ්‍ර වෙලා ගොඩාක්. අද ගුල්ලෝ මෙච්චරයි කියල කියල කන්නේ , මට එදා අපි කොච්චර වාසනාවන්තද කියල හිතුනා.

    ReplyDelete
  7. මේ දවස් වල ශෝකාලාප කියෝල, වෙනස් එකක් දකින්න ලැබුනම සන්තෝසයි.

    ReplyDelete
  8. අනේ, හරිම සංවේදි පද පෙළක් අයියේ. හරිම ලස්සනයි,.

    ReplyDelete
  9. මට හරි දුක හිතෙනවා පොර කාගෙන ඔය මලු ගන්න ගිහින් ගන්න බැරුව පැත්තකට වෙන හැටි දැක්කම.

    ReplyDelete
  10. මෙහෙම කෑම බෙදන අවස්ථාවක් මම් ටීවි එකෙන් දක්කා. සමහර බිම හැලෙන හාල් එහෙම වැලිත් එක්කලා එකතු කරන් යනවා. දුක හිතෙනවා ඒ අය දැක්කම.

    ReplyDelete
  11. අනේ මන්දා ලෝකෙ හැම කෙනෙකුටම අඩුම ගනනේ කෑම ටිකවත් වෙනසක් නැතිව ලැබෙනවනම් නේද?
    මැණික්

    ReplyDelete
  12. තවත් කෙනෙකුගේ අසරණකම තේරුම් ගන්න බැරි ලෝකෙක අපි ජීවත්වෙන්නෙ මල්ලි..
    හැමදාම වගේ අදත් අඬහැරය හිතන්නට දෙයක් ඉතුරු කරලා...

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්