Wednesday, 9 November 2011

අඬහැරය 3




පිළිසරණක් නොමැති
අන්ත අසරණ මේ ජීවිතයට
සරණ නුඹයි දෙවියනේ
මහමග ඇවිදයන..

මාපිය උරුමයක් නැතිව
බිහිවූ පවට මේ ලෝකයට
මහමගයි සරණ උනේ
බඩ ගින්දර නිවා ගන්නට..

වරදක් වේනම් මගෙන් ඔබහට
සමාවෙන්න දෙවියනේ මෙමට
මමත් දරුවෙකි වෙර දරන
තව එක් දිනක් ගෙවා ගන්න..

මං වගේම අසරණ උන
මේ පොඩි කෙල්ලවත් අරගෙන
එද්දි නුඹ ලගට සිගමනට
බලන්න එපා නපුරු දෑසින් අප දෙස..

නැතත් කාරි නෑ මොහොතක් ඔබ ලග
අහන්න මේ දුක මං කියන
නරක වදනින් බනින්න එපා අපිට
හිත රිදෙනවා ඒ වදනින් හැම විට..

ලොකු හීන නෑ මෙ නෙතු අද්දර
පැතුම් පොදි නෑ අහස තරම් ගොඩ ගැසුන
අද දවසේ කුස පුරවන්නේ කෝම
එකම හීනය එයයි හදවතේ රැදුන..

වීදී දරුවෝ අපි පාරේ තනි උන
කඩ පිල් යට රැය ගෙවා දමන
උදා හිරු දකින්නට මත්තෙන්ම මියෑදෙන
උන්ගේ දුක දකින්නේ නෑ කවුරුවත්ම..

සුනීතට සෝපාකට සරණ වෙන්න
බුදු සමිදු වත් හිටියා එකල
ඒ නිමල දහම අදහන අයම අද
සරණ වේවිද අපට දිනයක..



11 comments:

  1. පින්තූරය වගේම මල්ලිගෙ කවියත් හිත සසල කලා.
    මැණික්

    ReplyDelete
  2. පිහාටුවක් නොවුනත් මගේ සිත
    සසල කරවිය නොසිතු ලෙස ඔබ... :(

    ReplyDelete
  3. හිතට වදිනවා උපරිමේටම..... ජය වේවා

    ReplyDelete
  4. මේ කවිය කියවගෙන යනකොට අද බස් එකේදි දරුවෙක් වඩන් හිගමනේ ආපු ගෑනු කෙනාව මතක් උනා. පවු.
    කවුරු උනත් හදන්නේ ජීවත් වෙන්න නේ.

    ReplyDelete
  5. තමන් හිසට තම අතමය සෙවනැල්ල ....

    ReplyDelete
  6. ලොකු හීන නෑ මෙ නෙතු අද්දර
    පැතුම් පොදි නෑ අහස තරම් ගොඩ ගැසුන
    අද දවසේ කුස පුරවන්නේ කෝම
    එකම හීනය එයයි හදවතේ රැදුන..

    ජිවිතේ යම් කාලයක මේ තරමටම නොවුනත් මේ දේ වෙනුවෙන් බලාගෙන ඉදපු කාලයක් හිතුමතේටත් තියනවා.. ඒ නිසා හිතුමතේට මේ දේ ගොඩාක් දැනෙනවා...

    ReplyDelete
  7. හ්ම්ම්... වදින්න ඕන තැන් වලට හොඳටම වැදුනා... කීයක්‌ හරි දෙනවා ඇරෙන්න අපිට වෙන කරන්න දෙයක් නෑ නේද?

    ReplyDelete
  8. සංවේදී කවි පෙල...
    ලංකාවේ විතරක් නෙවෙයි මුළු ලෝකෙම දැවෙන ප්‍රශ්නයක්..
    ඒත් දිනෙන් දින වැඩි වෙනවා මිසක කිසිම විසඳුමක් නම් පෙනෙන්න නෑ...

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්