Wednesday, 2 November 2011

අපි අපේමද : ප්‍රදීපාගේ හදවතින් 2


සමීරගේ අකීකරු දෙනෙතත් හිතුවක්කාර හදවතත් තවමත් එදා වගේමයි මට මොහොතකට සිතුනාය.. ඔහු සමීර දෙසත් මා දෙසත් වරින් වර බලද්දී මගේ හිතට දැනුනේ නමක් දිය නොහැකි අමුතු හැගීමක්ය.. ඔහු වෙනදා මෙන්ම නිහඩව අප දෙස බලා සිටියේය.. මගෙන් පිළිතුරක් ලැබෙනතුරා සමීර මාදෙස නෙත් යොමාගෙන සිටියේය..

“ අපි හොදින් සමීර.. අපි එන්න පරක්කු උනාද?”

එතෙක් වේලා පැවති නිහඩ බව බිදලමින් ඔහු සිය හඩ අවදි කලත්ම ඔහු දෙසට මගේ නෙත් යොමු වූයේ නිරායාසයෙනි.. ඔහු සමීරව හදුනන්නේ කෙසේදැයි මා තනිවම කල්පනා කලෙමි.. මා නොදැන සිටියත් ඔවුන් කාලෙක සිට හදුනන හොද මිතුරන්දැයි මට මොහොතකට සිතුනේය..

“ එහෙනම් එයා අපි ගැන හැමදෙයක්ම දන්නවද?? නෑ එහෙම වෙන්න විදිහක් නෑ..”

නිහඩ මගේ සිතුවිලි මා සමගම මනසින් කතා කරන්නට වූවේය.. හද ගැස්ම මොහොතින් මොහොත වැඩි වන බවක් පමණක් මට දැනෙන්නට විය..

“ ප්‍රදීපා.. ඔයාට නොකියම මං ඔයාව මෙහෙම ගමනක් එක්කන් ආපු එක ගැන මට සමාවෙන්න.. මමයි සමීරට කිවුවේ අද අපිව මුණ ගැහෙන්න එන්න කියලා..”

මා පුදුමයෙන් මෙන් ඔහු දෙස බලා හිටියේ ඔහු කියනා කිසිම දෙයක තේරුමක් නොදත් නිසාවෙනි.. ඒත් එකින් එක ඔහු සියල්ලක්ම මා හා පවසද්දී මගේ දෑසට කඳූළු ගලා ආවේ මාව තවත් අසරණ කරමින්ය..

“ සමාවෙන්න ප්‍රදීපා මං ඔයාගේ දින පොත කියෙවුවට..”

ඔහු එසේ කියද්දී පවා මා නිරුත්තරව ඔහු දෙස පමණක් බලා ගෙන සිටියේ ඒ දෑස මට වෙනත්ම දෙයක් පවසනා මෙන් මට දැනුන නිසාය.. ඒත් ඒ කුමක්දැයි මට නොතේරිනි..

“ අපි එක වහලක් යට හිටියත් අපේ ජීවිත හිස් කියලා මට හිතෙනවා.. අඩුගානේ ඔයාවත් ඔයාගේ සතුට හොයාගෙන යන්න..”

ඔහුගේ ඒ වදන් මගේ පපුව සිදුරු කර දමන්නාක් මෙන් දැනුනත් මට කිසිවක් කියා ගත නොහැකිව බලාගෙන හිදිමි.. සමීර ඊළගට සිදුවන්නේ කුමක්දැයි හොදින්ම දැන්නා බව මට ඔහුගේ මුහුණෙන් පෙනුනි.. ඒත් සමීරටත් වඩා මගේ හිත ඒ මොහොතේ ඔහු වෙතටම දිව ගියේය..

දහසක් දෙනා අතරේ සමීර හා මා තනිකල ඔහු මවෙතින් ඈතට පිය නගද්දී කදූළු බිංදු එකින් එක කඩා හැළුන මගේ හිත මහා හයියෙන් හඩන්නට පටන් ගත්තේ මටවත් නොදැනීමය.. එක් මොහොතකටවත් ආපසු හැරී නොබැළු ඔහු ඈතට යද්දී මුළු ලෝකයෙන්ම මා තනිවූවා මෙන් හැගීමක් මගේ හිතට දැනෙන්නෙට විය..  ඔහු වෙතට දිව යන්නට පියවර කීපයක් ඉදිරියට තැබූ මම නතර වූයේ සමීරගේ ස්පර්ෂයෙන් ලද පහසින්ය..

ආපසු හැරී මා සමීර දෙස බලද්දී  අපි  එකි නෙකාට ආදරේ කල ඒ සොදුරු කාලය මගේ දෙනෙත් අද්දර දිගහැරෙන්නට විය.. ඒ පහසට මගේ හිත එදා මෙන්ම ඇදි ගියේ නිරායාසයෙනි.. මං ආසා කල ඒ හිනාව අදටත් ඔහු සතුය.. දෙහිතක් අතර අතරමං උන මගේ හිත ආයෙම සමීර ලගම නතර වේදැයි හැගීමක් මගේ හිතට දැනෙන්නට විය..
  

32 comments:

  1. අය්යෝ...ඉක්මනට ඉවර කරලා නේ....

    ReplyDelete
  2. ලස්සන කතාව. මොකෝ ඉක්මනටම ඉවර කරන්න හිතුනේ ?
    ඒක නෙමේ මල්ලි කවි ලියන්නෙ නැද්ද ? අර පූජා ලියපු කවි

    ReplyDelete
  3. @ Red Riding Hood : ගොඩක් ස්තුතියි නංගී... ඊළග කොටසත් කියවන්නකෝ...

    ReplyDelete
  4. @ සයුරී : නෑනේ අක්කේ.. මං මේක මීට වඩා දිගට ලිවුවා.. ඊයේ දාන්න හිටියේ.. ඒත් ඊයේ එන්න බැරි උනානේ.. අද දාලා තියෙන්නේ බාගයයිනේ... ඒක මාත් දැන්නේ දැක්කේ..

    ReplyDelete
  5. @ මධුරංග : ඉක්මනට ඉවර කලා නෙමෙයි අයියේ.. මාර වැඩේ තමයි මටත් උනේ.. අද අමතක උන ටිකත් එක්කම මම හෙට ඉතුරු ටික දාන්නම්...

    කවි නම් දැන් ලියවෙන්නේ ටිකක් අඩුවෙන් අයියේ.. පූජා ලියපු කවි ඕනමද???

    ReplyDelete
  6. ලස්සනට ලියලා මලේ..අනිතිමට ප්‍රදීපාට එහෙමම හිතුන එක හරි පුදුමයි...
    සමහර වෙලාවට අපේ හිත්වලට ආදරය දැනෙන්නේ හරිම පුදුම විදිහට..

    ReplyDelete
  7. මේ කතාවත් කලින් කතාවටත් වඩා ලස්සනයි වගේ.. කලින් කතාවෙ අපැහැදිලි සිදුවීම් ටිකක් පැහැදිලි වෙනවා. ඉතුරු ටිකත් ඉක්මනට ලියන්න අයියේ..

    ReplyDelete
  8. කතාව දන්න නිසා බයක් නෑ.:)

    ReplyDelete
  9. හ්ම්ම්ම්...ඔයා ප්‍රදීපගෙ කතාව හදිස්සියෙන් ලියනවද මංදා..අනේ අයියේ... මේ දාලා තියෙන චිත්‍රෙටනං මං ආසම නෑ... ඒක ටිකක් සංවේදී මදි වගේ... :((

    ReplyDelete
  10. ඉක්මනට ඉවර වෙන ලකුණු පෙනේ...
    ප්‍රදීපාගේ හිතේ ගැඹුරට බහින්න දිනේෂ්....මං එහෙම කිව්වට ඔය ගෑනු හිතේ අස්සෙ තියෙන ඒවා පිරිමි අපි කෝම දැන ගන්ටද? හි හී
    ලස්සන්යි කොටහ ..මට කියවගෙන යනකොට ඉවර වෙන බවක් වත් දැනුනේ නෑ..එතරම් ලස්සනයි...
    ඉක්මට ඉතුරු එකත් දානා නේ...?ඉක්මනට කිව්වට ඉඩ තියෙන හැටියට එපාය ලියන්ට නෙහ්?
    am I late 2day?

    ReplyDelete
  11. තව කෑල්ලක් තියේ නම් ඒකත් බලන්න එන්නම් .. උඹ ලියන කතා වලට මම කෝමත් කැමතියි නෙව පොතක් කියවනව්වා වගේ තමා තේරෙන්නේ ඒවා බලද්දි

    ReplyDelete
  12. @ රූ : එකනම් ඇත්ත.. ආදරේ ඇතිවෙන්නේ හරිම පුදුම විදිහට.. අපි හිතන්නේවත් නැති වෙලාවක...

    ReplyDelete
  13. @ හංසී : ඔව් නංගී.. ඇත්තටම මේ කතාව ලියන්න මගේ හිතේ අදහසක් තිබුනේ නෑ.. මගේ මිත්‍රයා හිරණ්‍ය නිසයි මේක ලියවෙන්නේ.. මටත් දැන්නම් එහෙම හිතෙනවා.. කලින් කතාවේ අපහැදිලි තැන් මේකෙන් නිරවුල් වෙනවා කියල...

    ReplyDelete
  14. @ Kasun : ඒකත් ඇත්ත නේන්නම්.. කමක් නෑ මොකද උනේ කියලා දැන ගන්න පුළුවන්නේ...

    ReplyDelete
  15. @ මකුළු පැංච් : නෑ නංගී.. ප්‍රදීපගේ කතාවේ ගොඩක් දේවල් අපි කලින්ම දන්නවනේ.. ඉතින් ඒ ටික පහු කරලා තමයි මං ලියන්නේ.. ඒ නිසා වෙන්න ඇති එහෙම දැනෙන්නේ.. මේ පින්තූරෙත් හොයාගත්තේ මාරම අමාරුවෙන්...

    ReplyDelete
  16. @ ගලයා : නෑ නෑ උඹ පරක්කු නෑ.. එහෙම හිතේ ගැඹුරට බහින එක හොදද?? ගුටි කන්න වෙයිද දන්නේ නෑ... :)
    හෙට අනිත් කොටස දාන්නම්...

    ReplyDelete
  17. @ ඔබ නොදුටු ලොවක් : ඒ මොකෝ ටිකක් හොද???

    ReplyDelete
  18. @ හිස් අහස : තව එකයි මලේ තියෙන්නේ..

    උඹ මොනවා කිවුවත් මලයා ලියන දේවලුත් එක්ක අපි ලියන මේ පෝස්ට් මොනවද.. උඹනේ මේ බ්ලොග්කරණයේ ඉන්න නියම වැඩ කාරයා..

    ReplyDelete
  19. නෑ නෑ කථාව මම නිතුවේ පෝස්ට් 4-5 යයි කියලා ඉක්මනට ඉවරවුන නිසා ටිකයි කිව්වේ..හොඳයි කිව්වේ එළ නිසා....

    ReplyDelete
  20. අය්යෝ... අද කතාව කොට වෙලා නේ!.... ඒ මොකෝ! ඊළඟ කොටසත් ඉක්මනට දාන්න!

    ReplyDelete
  21. ඉවර නෑනේ අයියේ කථාව.. මට නම් හිතෙන්නේ ප්‍රදීපා ආයෙමත් සමීර ගාව නතර වෙන එකක් නෑ..

    ReplyDelete
  22. අනේ....ඉක්කනට ඉවර කරලා....හරිම නරකයි....ඉතිරිය එහෙනම් දිගට දාන්න....

    @ මධුරංග අයියා.....ඒවා අයේ ආයේ අරගෙන දිනේශ් අයියාගේ මතකය අළුත් කරන්න ඕන නැ නේද.....ඒවා එහෙමම තිබුණාවේ...දැන් දිනේශ් අයියා අළුතින් ජිවිතය පටන් ගන්නවා කියලා කියලත් තියෙද්දි....ඔන්න ඒවා එහෙමම තිබුණාවේ.....

    ReplyDelete
  23. අනේ....ඉක්කනට ඉවර කරලා....හරිම නරකයි....ඉතිරිය එහෙනම් දිගට දාන්න....

    @ මධුරංග අයියා.....ඒවා අයේ ආයේ අරගෙන දිනේශ් අයියාගේ මතකය අළුත් කරන්න ඕන නැ නේද.....ඒවා එහෙමම තිබුණාවේ...දැන් දිනේශ් අයියා අළුතින් ජිවිතය පටන් ගන්නවා කියලා කියලත් තියෙද්දි....ඔන්න ඒවා එහෙමම තිබුණාවේ.....

    ReplyDelete
  24. කෙල්ලගෙ පැත්තෙන් කතාව ලියන එක හොදයි මල්ලි. නැත්නම් එයාට අසාධාරනයක් වෙන්නෙ.

    ReplyDelete
  25. @ ඔබ නොදුටු ලොවක් : නෑ නෑ.. එච්චර දුර යන්නේ නෑ.. අද මේක ඉවර කරනවා...

    ReplyDelete
  26. @ ලහිරු : කතාවේ කොටසක් මං අඩුවෙන් දාලා තියෙන්නේ මචං.. ඒකයි...

    ReplyDelete
  27. @ ප්‍රාර්ථනා : නෑ නෑ.. කතාව ඉවර නෑ.. නංගී මම මේ කතාව කලින් ලියපු එක බැලුවද???

    ReplyDelete
  28. @ සිතුවිලි නිහඩයි : අද අනිත් කොටස දාන්නම් නංගී..

    මමත් කවි නොදා ඉන්න හිතුවේ ඒ නිසාම තමයි නංගී.. බලමු ඒ ගැන තව ටිකක් හිතලා බලලා...

    ReplyDelete
  29. @ නිසූපා : හ්ම්ම්.. ඔව් අක්කේ මටත් දැන් එහෙම හිතෙනවා.. කලින් කතාවෙන් මං කලේ අසාධාරණයක් කියලා... කියවන අයට වගේම ප්‍රදීපාටත්...

    ReplyDelete
  30. නතර වෙයිද සමීර ලඟ .......

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්