Sunday, 30 October 2011

පෙර දිනයක මා පෙම්කල යුවතිය


කාලයත් එක්ක අපේ ජීවිත කොච්චරනම් වෙනස් වෙනවද.. ඊයෙට වඩා අද ගොඩක් වෙනස්.. හෙට.. ඊටත් වඩා වෙනස්.. ජීවිතය ගලාගෙන යනවයි කිවුවට මට නම් හිතෙන්න්නේ එහෙම නෙමෙයි කියලා.. ඒ අපේ ජීවිත වලින් ඈතට ගිය අය ආයෙම අපේ ජීවිත ලගට හෙමින් එන නිසා.. ජීවිතේ ඉදිරියට ගලාගෙන යනවනම් පහු උන මතක ඇයි අපි ලගට ආයෙම එන්නේ??

ඊයේ මගේ සුපුරුදු නිවාඩු දවස.. මගේ ජීවිතේ සෙනසුරාදා ඉරිදා වෙන්වෙන්නේ මගේ යාළුවන් වෙනුවෙන්.. ස්කයිප් එකේ චැට් එකකට හරි දුරකථන කතාබහකට හරි තම්යි මගේ මේ දවස්  දෙකේ වැඩි කාලයක් යොමු වෙන්නේ..ඉතින් මම ඊයෙත් මේ වගේම මගේ යාළුවෙන් එක්ක කතා කර කර ඉද්දි අපේ කතබහ මතකය දිගේ ඇදී ගියේ අපේ පාසල් කාලයට.. ඔය කතාබහ අතරේ එකපාරම..

“ මචං.. මට තාරුකාගේ ෆේස්බුක් ප්‍රොෆයිල් එක හම්බුනානේ..”

“ තාරුකාගේ. ඒ කොහෙන්ද බං?”

“ නෑ බං මමත් ඉතින් අපේ ඉස්ස්කෝලේ කාලේ පරණ එවුන්ගේ නම් ගහලා හොයනවා නිකන් ඉන්න වෙලාවට..”

“ මට එවපංකෝ ලින්ක් එක.. දකින්නත් ආසයි දැන් කෙල්ලව..”

“ ඒ උනාට උඹ ඒකිව ඇඩ් කරගන්න එපා..”

“ ඒ මොකද?”

“ උඹම බලපන්කො..”


එහෙම කියපු මගේ යාළුවා මට ලින්ක් එක එවුවා.. දැන් හැමෝටම මේ තාරුකා කවුද කියන එක ප්‍රශ්ණයක්නේ?? හරි මං කියන්නම්..

තාරුකා මගේ පළවෙනි ආදරය කිවුවොත් හරි.. J  එතකොට මං හිටියේ ඉස්කෝලේ 10 වසරේ.. ඇය ගියේ ප්‍රසිද්ධ භාලිකාවකට.. බස් හෝල්ට් එකේ ඉද්දි කොල්ලො සෙට් එකත් එක්ක විහිළු තහළු කරපු මගේ හිතේ තාරුකා ගැන කැමැත්තක් ඇති උනේ අපි එකම විද්‍යාව පන්තියට යන්න පටන් ගත්ත දා ඉදන්.. විද්‍යාව මට අරහන්ම විදයක් උනාට මම හැමදාම පන්ති ගියා තාරුකා ඉන්න නිසා.. ඉතින් කොහොම හරි අමාරුවෙන් වචන් ගැට ගහලා කියාගත්ත ආදරේටත් සති දෙකක් විතර ඇතුලේ කැමැත්තත් ලැබුනා..

ඒ දවස් වල මගේ හිත දැන් වගේ නෙමෙයි.. එක තැනක තියෙන්නේ බොහෝම ටික කාලයක් විතරයි.. ඉතින් මේ ආදර කතාවටත් උනේ ඒකම තමයි.. වෙන් වෙන්න හේතු උනේ මොනවද කියලනම් මට දැන් මතක නෑ.. මගේ යාළුවගේ මතකේ හැටියට අපි යාළුවෙලා හිටියේ මාස 7යිලු.. මට නම් ඒකත් මතක නෑ..

ඉතින් ඔහොම අළුත් උන පරණ මතකයන් දිගේ මං තාරුකාගේ ප්‍රොෆයිල් එකට ගියා.. බාදක වැට කඩුළු මුකුත් දාලා නොතිබුන නිසා පින්තුර ඔක්කොම බලන්න පුළුවන් කමක් තිබුනා.. ඉතින් මමත් ඉස්සෙල්ලම කලේ ෆොටොස් ටික බලන්න ගත්ත එක.. ඉස්සෙල්ලම බැළුවේ  “ me only” කියලා දාලා තිබුන පින්තුර ටික.. කෙල්ලනම් දැන් ඉස්සරටත් වඩා ලස්සනයි.. ඉතින් ඔහොම පින්තුර බලාගෙන යද්දි තිබුනා “ my family” කියලා ඇල්බම් එකක්.. ඔය ඇල්බම් එක ඇරපු ගමන් තමයි මගේ ඇස් උඩ ගියේ..

ඒ තාරුකා එයාගේ සැමියා හා පුන්චි පුතා එක්ක ගත්ත පින්තූර ටික දැක්කම.. ඔය අතරේ ඉතින් මගේ යාළුවා දැන් බිම පෙරලි පෙරලී හිනාවෙනවා “ මං කිව්වනේ උඹට බලන්න එපා කියලා” කියලා.. මොනවා කරන්නද මටත් දැන් වැඩේට ටිකක් හිනා.. බලන්න ගත්ත එකේ ඔක්කොම පින්තූර ටික බලලම තමයි මම ඒ ප්‍රොෆයිල් එක ක්ලොස් කලේ.. රික්වෙස්ට් කරන්න ගියේ නෑ.. තාම සින්ගල් හිටියනම් රික්වෙස්ට් එකක් කරන්නවත් තිබුනා..

පස්සේ කල්පනා කරද්දි අපේ ජීවිතේ එකම තැනමද කියලත් හිතුනා.. අපි ඇසුරු කරපු අය අද ජීවිතෙන් කොච්චර ඉස්සරහට ගිහින්ද.. හැබැයි හොද වෙලාවට අපේ ඒ සම්බන්දේ මාස 7කින් නැවතුනේ.. නැත්නම් ඒ ෆොටො වල අර හාදයා වෙනුවට????????


නුඹ නික්ම ගිහින් මගේ ලොවින්
දිගු කලක් ගතවී මතක අතරින්
තවමත් නුඹ හිනැහේද පෙරමෙන්
සෙවිම මම ඔබට රහසින්..

මගේ මිතුරෙක් හමුවී දිනෙක මම
ඇසිමි නුඹේ තතු දැන ගන්නට
පුංචි පුතෙකුගේ මවකියි ඔබ අද
හිනැහෙමින් පැවසීය ඔහු මට..

මවකි ඔබ අද වගකීම් දහසක
යන්නට පතන ජීවිතේ බොහො දුර
නුඹට හැකිය ජයගන්නට ඒ මග
පතමි මම නුඹෙන් දුර ඈතක හිද..


44 comments:

  1. අන් මං ආසයි ඒ කවියට... :)))

    ReplyDelete
  2. හ්ම් .....මේකනම් ඇත්තම තමා. මටත් උනේ මේකමනේ. නැත්නම් ඒ ෆොටො වල අර හාදයා වෙනුවට????????

    ReplyDelete
  3. හ්ම්... දැන් ඉතිං බැඳපන්...

    ReplyDelete
  4. කාලෙකින් කවියක් ලියල. ඇත්තටම ලස්සනයි.

    ඩයල් එක නිකන් උපාසකය වගේ හිටියට සෙල්ලම් පොරක් නෙමෙයි වගේ....:D

    ReplyDelete
  5. උඹත් නියම මල් මාමා නේද?

    ReplyDelete
  6. මල්ලිත් පට්ට වැඩකාරයෙක් ඈ...
    මාත් මම් ආදරේ කරපු කෙල්ල කවදහරි කසාද බැඳපු දාට මගේ බ්ලොග් එකේ පෝස්ට් එකක් දානවා සතුටට !!!
    මොකද මට එයාව සතුටින් තියන්න, එයා ආස කෙනා වෙන්න බැරි උනාට එයාට එයා ආස කරපු කෙනා ලැබුන එක සතුටක් මට !!!

    ReplyDelete
  7. ඔය බලලා මල්ලෙන් පැනලා තියෙන්නේ...කියද්දිනන් උපසකයා..."පුදුමේ කියන්නේ මට පාසල් කාලයේ ආදර කතාවක් තිබුනේ නෑනේ.."
    බලන් යද්දි මෙයත් පාසල් කාලේ මාරම මාර ආදර වන්තයෙක්නේ...

    ReplyDelete
  8. මාත් නං ඔය බැඳපු මිනිස්සු එක්ක එච්චර අැයිහොඳයි නෑ! :(

    ReplyDelete
  9. හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්...... ජීවිතේ හරි පුදුමයි අයියේ.. අපි එක්ක හිටපු මිනිස්සු, අපි ළගින් උන්නු අපිට අදරේ කරපු අය, කාලයත් එක්ක අපෙන් ඈත් වෙලා හුගාක් දුර ගිහින් තියේවි.. ඒථ් අපි එතනම නේද කියලා හිතෙන වෙලාවල් තියෙනවා.. හරි පුදුමයි...

    ReplyDelete
  10. මට මේක කියවද්දි මතක් වුනේ අමරදේව මාස්ටර් ගේ අර ලස්සන පද පෙල....
    ඉතින් කෙල්ල හිංදා වත් විජ්ජාව ගොඩ දා ගත්තේ නැද්ද...කොහේ ගොඩ දාන්නද,,වෙන විජ්ජාවක් නටලා නොවැ,....
    ම්ම්ම් අපිට නම් ඉතින් තාම ඔය කතා ඇත්තට නෑ...තාම තනිකඩ..
    මවා ගත්තොත් මිසක.. කොයිවෙතත් .කවි පෙල අපූරුයි...

    ReplyDelete
  11. 10 වසරෙදිම?? හාපො අපි නම් ඔය කාලෙ කෙල්ලෙක් දිහා බැලුවෙවත් නැනෙ.. එකට මුන්,,, මම 12 වෙලත් තාම කෙල්ලෙක්ව දාගන්න trix දන්නෙ නැනෙ,, පුලුවන්නම් පිංවතෙක් කියලා දෙන්න පුලුවන්ද?

    ReplyDelete
  12. හප්පේ මෙයා 10 වසරේදීත් හරි දියුණුයිනේ...මම නම් කැම්පස් යනකන්ම කොල්ලෙක් දිහා ඇහැක් ඇරලා බැලුවේ නෑ...හොරෙන් තමයි බැලුවේ...හි හි...

    ReplyDelete
  13. “හැබැයි හොද වෙලාවට අපේ ඒ සම්බන්දේ මාස 7කින් නැවතුනේ.. නැත්නම් ඒ ෆොටො වල අර හාදයා වෙනුවට????????“

    එහෙම උනානං නරක් වෙලා තියෙයි ........

    ReplyDelete
  14. මමත් පලවෙනි ආදරවන්තියව හොයනවා තාම ෆේස් බුකියේ..හම්බ උනේ නෑ....

    ReplyDelete
  15. @ මකුළු පැංච් : ඇති යාන්තම් බනින්නේ නැතුව කවිය හොදයි කියලා විතරක් කියලා තියෙනවා...

    ReplyDelete
  16. @ අම්බලම : යාළුවටත් මේ වගේම අත්දැකීමක් තියෙනවද???

    ReplyDelete
  17. @ Prasanna : බය හිතෙන කතා කියන්න එපා මචං...

    ReplyDelete
  18. @ Kasun : නෑනේ මලයා.. ඒ කාලේ කතාවක්නේ මේ...

    ReplyDelete
  19. @ Sabith : එහෙම කියන්න එපා මචං...

    ReplyDelete
  20. @ මධුරංග : ඒ කතාවත් ඇත්ත අයියේ... එහෙම හිතන එක තමයි අපි කාගෙත් හිත් වලට සතුටක් වෙන්නේ..

    ReplyDelete
  21. @ අසනි : නෑනේ අක්කේ.. ඒක මාත් දැනුයි හරියට බැලුවේ.. ඒක ලියවිලා තියෙන්නේ වැරදියට.. පාසල් කාලයේ නෙමෙයි පාසලේදි කියලයි ඒක එන්න ඕන...

    ReplyDelete
  22. @ තනි අලියා : ඒක ඇත්ත.. ඕවා ඇගට ගුණ නැති වැඩ...

    ReplyDelete
  23. @ හිතුවක්කාරී : ඔව්.. මේ ජීවිතේ හැටි ඔහොම තමයි.. අපිට නොදැනුනා උනාට අපි වටා ගොඩක් දේවල් හරි ඉක්මනට වෙනස් වෙනවා..

    ReplyDelete
  24. @ ගලයා : ඔව් මටත් ඒ සින්දුව මතක් උනා.. ඒකනේ එක හෙඩින් එකට දැම්මේ..ඒ මොකෝ හිතින් මවා ගන්නේ??

    ReplyDelete
  25. @ ashen : හෙහ්.. අපි ට්‍රික්ස් කියලා දෙන්න ඕන නෑ මලයා.. සැබෑ ආදරය තමන්ට දැනුන දාට ඒ ආදරේ ලබාගන්න මල්ලිට පුළුවන් වේවි

    ReplyDelete
  26. @ සයුරි : හොරෙන් හරි ඉතින් ඔය අක්කා බලලා තියෙන්නේ.. අපිට බොරුවට නෑ කිව්වට...

    ReplyDelete
  27. @ පන්සල් හංදිය : හෙහ්.. උහෙම උනානම් ඉතින් මොන හොදක්ද අයියේ...

    ReplyDelete
  28. @ ඔබ නොදුටු ලොවක් : හ්ම්ම්ම්... සමහරවිට එයා ෆේස්බුක් පාවිච්චි කරන්නේ නැද්ද දන්නේ නෑ...

    ReplyDelete
  29. ෆර්ස්ට් ලව් එක ඉතින්... මට නම් කෙල්ලව හම්බුනා කොල්ලෙකුත් එක්ක කඩේකදි... කතා කරල කුප්ප කතාවකුත් කියල ගියේ...

    තව කෙල්ලෙක් ට නම් බැදල ළමයෙකුත් ඉන්නවලු... ඔය වගේ තව කීපයක් තියේ..

    ReplyDelete
  30. හයියෝ හයියෝ.....ඕවා ඔහොම තමා අයියා.....කොහොම නමුත් රික්වෙස්ට් නොකරපු එකනම් ගොඩක් හොඳයි.....

    බලන්නකෝ....ඇයි ඔයා බඳින්නේ නැත්තේ......

    ReplyDelete
  31. හා හා... අයියා 10 වසරෙදිම කෙල්ලෙකුත් යාළු කරගෙන,. ඇත්ත තමයි අයියේ සමහර වෙලාවට මටත් ඔහොම හිතෙනවා.. අපි අතීත මතකයන් තියාගෙන එකම තැන රැඳ්ද්දී අපි එක්ක හිටිය හුඟාක් අය ඉස්සරහට ගිහින්.. හ්ම්ම්ම්ම්

    ReplyDelete
  32. මං හිතන් හිටියේ දිනේශ් අහිංසක තැන්පත් කොල්ලෙක් කියලා. අපි හොරෙන්වත් කොල්ලො දිහා නොබලන කාලේ මේකා කෙල්ලෙක් එක්ක යාලු වෙලත් ඉදලානෙ...

    ReplyDelete
  33. මගෙත් පලවෙනි ආදරය දැන් කසාදත් බැදලා, ලමයි 2ක්ම ඉන්නවා.
    මේවා ආරංචි විතරයි. මම නම් තාම එයාව දැකලා නෑ.
    දකින්න නම් හිතේ, පොඩ් ආසාවකුත් තියෙනවා.

    ලස්සන කවි සෙට් එක මල්ලි.

    ReplyDelete
  34. @ පිස්සා පලාමල්ල : ඔවා ඔහොම තමයි යාළුවා... අතීතය සිහිනයක් පමණයි කියනවනේ..

    ReplyDelete
  35. @ සිතුවිලි නිහඩයි : දැන් පරන දේවල් වැඩක් නැති නිසා රික්වෙස්ට් කලේ නෑ..

    බදින්න??? තාම හොද කෙනෙක් මුණ ගැහුනේ නෑනේ නංගී...

    ReplyDelete
  36. @ ප්‍රර්ථනා : මං පහුගිය අවුරුදු තුනක් අතීත මතකයක් එක්කම ඉද්දී මාත් එක්ක හිටපු අය ගොඩක් ඉස්සරහට ගිහින් නංගී.. ඔහොම තමයි ජීවිතේ...

    ReplyDelete
  37. @ මන්තරකාරී : ඔය ඉතින් පොඩි එකා කාලේ කරපු වැඩනේ.. මං දැන් එහෙම නෑ හොදද.. අහිංසක තැම්පත් කොල්ලෙක් තමයි මම...

    ReplyDelete
  38. @ -නිල් අහස- : නොදැක ඉන්න එක හොදයි කියලා මං හිතනවා අයියේ... එකෙන් වෙන්නේ ආයෙම හිත අතීතයට දුවන එකනේ..

    ReplyDelete
  39. හිතිං මවා ගන්නේ එකක් හම්බුවෙනකං බොල..හිකිස්
    කැම්පස් ගිහිං අපිටත් ඔව්ව කිව්ව ඇහැකිනේ...

    ReplyDelete
  40. එක අතකින් සුන්දර තවත් පැත්තකින් දුක්බර මතකයක්..

    ReplyDelete
  41. ජීවිතේ වෙනස තේරෙන්නේ 25 පැනලා ටිකක් බර එනකොට තමයි... ඊට පස්සේ ඉස්කෝලෙ කාලේ ගැන කල්පනා කරන කොට හීනයක් වගේ... !!!!

    ReplyDelete
  42. @ ගලයා : කමක් නෑ කමක් නෑ.. එකක් හරි ගියාම අපිටත් කියන්නකෝ...

    ReplyDelete
  43. @ හංසී : ඔව් නංගී.. ඒත් හිතට ඒ තරම්ම දුකක් නම් නෑ..

    ReplyDelete
  44. @ Chathuranga Perera : ඔව් යාළුවා ඒකනම් ඇත්ත.. ඉස්කෝලේ යද්දී නොතේරුනත් දැන් ඒ ගෙවුන කාලය ගැන තියෙන්නේ අපූරු හැගීමක්...

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්