Friday, 28 October 2011

වෙඩින් එක අතරේ තවත් වෙඩිමක්


දැන් මේ මාතෘකාව දැක්ක ගමන් මේ කතාවට අදාල කෙනා මට සෑහෙන්න බනින්න පටන් ගන්නවා.. ඒකට කමක් නෑ.. මොකද මම මේ කියන්න යන්නේ අපේ මලයට වෙච්ච සිද්දියක්.. අයියගෙන් මල්ලිට පොඩි මඩ පාරක්..

මේක උනේ අපේ අක්කගේ වෙඩින් එක අතරතුරේදි.. එදා වෙඩින් එකට ඇවිත් හිටපු කෙනෙක් හා අපේ මලයා අතර ඇති උන සම්බන්දයක් ගැන තමයි මේ කියන්න හදන්නේ.. ඒක ප්‍රේම සම්බන්දයක්ද නැත්නම් වෙනත් සම්බන්දයක්ද කියලා කියන්නනම් මම දන්නේ නෑ.. මොකද අපේ මලයට මේ වෙනකොටත් පෙම්වතියක් ඉන්න නිසා..

මේ ගෑණු ළමයා ඇවිත් අපේ අක්කට වෙඩින් එකට අන්දපු සැලොන් එකේ වැඩ කරන කෙනෙක්.. මමත් මේ කෙනාව ටිකක් විතර දන්නවා.. අපේ දහම් පාසලටම ආවා කියලා මට මතකයි..  අක්කා එක්ක සැලුන් එකට ගිය වෙලේ මම මේ කවුද කියලා අදුන ගත්තත් මං කවුද කියලා එයා අදුන ගෙන තිබුනේ නෑ.. අපේ අක්කත් එක්ක කියලා තිබුනලු ඒ අයියව මට හොදට මතකයි කියලා.. හොද වෙලාවට මගේ පෙර වැරදි නොතිබුන නිසා ඒ කතාව වැඩිය දුර ගිහින් තිබුනේ නෑ..

ඉතින් කොහොම හරි වෙඩින් එක දවසේ අපේ මලයයි යාළුවොයි හිටපු මේසෙට ඉස්සරහ මේසේ තමයි මේ කෙනත් වාඩි වෙලා ඉදලා තියෙන්නේ.. මටත් ඉතින් එදා වැඩ ගොඩයිනේ.. ඔය අතරේ මම දැක්කා මේකා යාළුවෝ සෙට් එකත් එක්ක අර කෙල්ලට විහිළු කර කර ඉන්නවා.. ඒත් ඉතින් ඕක ගැන ඇහැ ගහගෙන ඉන්න වෙලාවක් මට උනේ නෑ..

පස්සේ අපි දවල් කෑමට වාඩි උන වෙලාවේ මට අනිත් යාළුවෙක් කිව්වා මල්ලිට කෙල්ලෙක් සෙට් උනානේ කියලා.. කකා හිටපු එකත් එක පාරටම මට හිර උනේ මේකට දැනටමත් කෙල්ලෙක් ඉන්න නිසා.. කොහොම හරි ඉතින් විස්තර අහද්දි අපේ මලයා ඒ කෙල්ලගේ ෆෝන් නම්බර් එක පවා ඉල්ලගෙන.. ඒ ටිකට මූ ගිය දුරක්..

කොහොමහරි එදා හවසම අපි හෝල් එකෙන් යන්නත් කලින්ම මලයට ඒ කෙල්ලගෙන් කෝල් එකක් ඇවිත්.. ඒත් අර කලින් දුන්න නම්බරෙන් නෙමෙයි.. ඩුවල් සිම් ෆෝන් එකකින් කලබලේට අරන් තියෙන්නේ අනිත් නොම්බරෙන්.. අපිටත් වැඩේට හිනා..

හොදම වැඩේ වෙන්නේ ඊට පස්සේ.. අක්කගේ හෝම් කමින් එකට අන්දන්නත් මේ කට්ටිය හොටෙල් එකට ගිය වෙලේ මේ කෙල්ල අපේ අක්කගෙන්ම මලයගේ විස්තර කියලා අහලා.. අපේ මෑන් කොච්චර කට්ටද කියනවනම් කියලා තියෙන්නේ අපේ යාළුවෙක් කියලා.. එක අතකට ඒකත් හොදයි.. අපේ අක්කටත් වැඩේ තේරුන නිසා මුකුත්ම කියන්න ගිහින් නෑ.. හෝම් කමින් එකට හෝල් එකට ආපු ගමන් මට කතා කරලා අපේ අක්කා විස්තරේ කිව්වා.. දැන් මස්සිනත් මේ ගැන දන්නවා.. සන්තෝසේ බෑ..

වෙඩින් එක ඉවරවෙද්දි වැඩිහිටියෝ ඇරෙන්න අනිත් කට්ටිය ගොඩක් මේ කතාව දන්නවා.. දවස් කීපයක්ම අපේ මෑන් මේ කෙනාව මුණ ගැහෙන්න ගිහිල්ලත් තියෙනවා.. එක දවසක් මලයා පවු කියලා හිතලා කියලා තියෙනවා එයාට වෙන කෙල්ලෙක් ඉන්නවා කියලා.. එතකොටම ඒ කෙල්ල කියලා තියෙනවා “ආ ඒකට කමක් නෑ” කියලා.. අපේ පොර කරකවලා අතඇරියා වගේලු ඒ උත්තරේට.. දැන්නම් ආරංච් විදිහට අපේ එකා ඒ නම්බරෙන් කෝල් එකක් ආවත් ආන්සර් කරන්නේ නෑලු..

වෙඩින් එක දවසේ තව නියම වැඩ උනා.. අපේ මලයට එදා බොන්න ඕන උනෙත් නෑලු.. අපේ තාත්තට අහුවෙන්න ගිහින් යන්තම් බේරුනෙත් නෑලු.. වීදුරුත් අරගෙන පල්ලෙහා හෝල් එකට ගිහින් බිවුවෙත් නෑලු.. ඒ නිසා ඒ ගැන වැඩිය කියන්න බෑ.. ඒවා ලිවුවොත් ආයෙම අපේ මලයා මාත් එක්ක කතා කරන්නෙත් නෑ..






46 comments:

  1. කවුද මලයා කීවේ අර පිස්සු පුබුදුද

    ReplyDelete
  2. හිකිස්... ඔය නෑළු නෑළු කියලා තියෙන ඒවා අපිට හිතාගන්නනේ අයියේ තියලා තියෙන්නේ.. ඔන්න මම නම් හිතාගත්තා මලයගේ වැඩ.. හෙ හෙ හෙ.. මලයත් මාර වැඩනේ කරන්නේ. හදිසියෙවත් අර කෙල්ල සීරියස් ගත්තා නම් පව්...

    ReplyDelete
  3. හි හි මාර කෙල්ලෙක්නේ....කොල්ලත් මාරයි තමයි ඉතින් :)

    ReplyDelete
  4. ඕක මල්ලිට නෙවෙයි අයියට වුන වැඩක්ලු... අයියා බොරුවට මල්ලි පිටින් යවනවලු....

    ReplyDelete
  5. මේක මේ අයියට වුන වැඩක්... බොරුවට අර අහිංසක මල්ලිව පටලෝනවා....

    ReplyDelete
  6. @ ශානු : ඔව් ඔව්.. මිනිහා තමයි...

    ReplyDelete
  7. @ ප්‍රර්ථනා : ඒ නිසා තමයි නෑ කියලා හැම දේටම කිව්වේ.. මගේ බේරිමට... ඒ කෙල්ල නම් කවදාවත් සීරියස් ගන්නේ නෑ..

    ReplyDelete
  8. @ සයුරි : ඒකනේ අක්කේ මගේ මල්ලි කෙනෙක් කියලා කියන්නවත් පුළුවන්ද??

    ReplyDelete
  9. @ Anonymous : නෑනේ යාළුවා.. මං මට උනදේත් මීට කලින් කිව්වනේ කෙලින්ම..

    ReplyDelete
  10. කොල්ලංට එහෙමත් සෙට් වෙනවද අප්ප! :O

    ReplyDelete
  11. මල්ලිත් පුදුම වඩ නේ කරන්නේ. අර කෙල්ල නම් මාර කෙල්ලෙක් ඈ.

    ReplyDelete
  12. මල්ලිත් පුදුම වැඩ නේ කරන්නේ. අර කෙල්ල නම් මාර කෙල්ලෙක් ඈ.

    ReplyDelete
  13. “ආ ඒකට කමක් නෑ” :P

    අන්න හැදිච්ච කෙල්ලෝ....!

    ReplyDelete
  14. @ තනි අලියා : ඔය සෙට් උනේ මචං අපූරුවට...

    ReplyDelete
  15. @ මධුරංග : හෙහ් ඒ කෙල්ල ගැන නම් ඉතින් හිතාගන්න පුළුවන්නේ.. හොද වෙලාවට අපේ ගොනාට ඒක තේරුනා..

    ReplyDelete
  16. @ Kasun : ආයෙත් අහලා.. මේ මොනවා කියනවද...

    ReplyDelete
  17. පුබුදුවා28 October 2011 at 18:17

    අඩේ සහෝ මාව ජනකායක් ඉදිරියේ දූෂණය කලා වගේ :P
    අපේ අයියා දෙවනි මනමාලිට ලයින් දාන්න ගිහින් මස්සිනාට අහු වුනෙත් නැහැලු ඔන්න

    ReplyDelete
  18. හෙහේ, දැන් අලුත් ම තත්වය කොහොමද? තාමත් 'කමක් නෑ'ලු ද?

    ReplyDelete
  19. මේකව තියන්න වටින් නෑනේ....හික්ස්

    ReplyDelete
  20. මලයා නියමයිනේ..මොනවා වුනත් දුර දිග ගෙනියන්නෙ නැතුව ඉස්සෙල්ලම කෙල්ලට ඇත්ත කියපු එක හොදයි.ඒ කෙල්ලට ඕනෙ සල්ලිද දන්නෙ නෑ.

    ReplyDelete
  21. පුබුදුවාගේ කාඩ් කුඩු !!

    ReplyDelete
  22. අයියගෙයි මල්ලිගෙයි දෙන්නගෙම කාඩෙ කුඩු

    ReplyDelete
  23. @ පුබුදුවා : දෙවෙනි මනමාලිට ලයින් දැම්මට මං කොහේද බං අහු උනේ???

    ReplyDelete
  24. @ හිරණ්‍ය : නෑ නෑ දැන්නම් ඒක ඉවර වෙලා.. අපේ මෑන් අයින් උන නිසා.. නැත්නම් ඉතින් තාම " කමක් නෑ " තමයි..

    ReplyDelete
  25. @ අසනි : ඒක නේන්නම් අක්කේ කියන්නේ.. මමවත් මෙහෙම වැඩ කරන්නෑ...

    ReplyDelete
  26. @ නිසුපා : අනේ මන්දා අක්කේ ඒකනම්.. කොහොමත් අර "ඒකට කමක් නෑ" කියපු වෙලේම මම මලයට වැඩේ තේරුම් කරලා දුන්නා...

    ReplyDelete
  27. @ හිස් අහස : නෑ නෑ බං.. මගේ කාඩ් එක නම් ශේප්....

    ReplyDelete
  28. අයිය මලෝ මරු ඩබල

    ReplyDelete
  29. ඔය එන්නේ අය්යගේ වැඩත් එලියට... ඉතින් දෙවෙනි මනමාලි මොකෝ කිව්වෙ? හික්ස්...

    ReplyDelete
  30. අපොයි..මේ වගේ අය්යය් මලයයි දෙන්නෙක්.....:D :D

    ReplyDelete
  31. කොහොම හර මලයා දැන් කෙල්ලට බයේ ඉන්නෙ, ඒ කෙල්ලත් ලේසි පාසු කෙල්ලෙක් වෙන්න බැ ..

    ReplyDelete
  32. තියෙන තරම් වන්නම් ඔක්කොම නටපු කෙල්ලෙක් වගේ, අපේ එකෙකුටත් ඔය වගේ කෙල්ලෙක් සෙට් වුනා, ඒත් ඌ නම් රන් කරනවා ඒක! අනේ මන්දා අද කාලේ කෙල්ලෝ!

    ReplyDelete
  33. හප්පේ මලයත් ගොඩම යන්ට වගේ තනන්නේ !!!!!

    ReplyDelete
  34. හප්පට සිරි ජය සිරි මංගලං කිව්වලු ඕං....ඔන්න මම එන්න බැරි වුනු දවසේ ඉඳලා ඔක්කොම කියෙව්වා...කොමෙන්‍ටුත් දැම්මා...අපි ගියා...අයෙත් එන්නම් ..මටත් එනවනෙ මේ පැත්තෙ වෙන දේවල් ගැන ආරංචි...

    ReplyDelete
  35. @ prasanna86k : ඒක තමයි... අහිංසක??? ඒකනම් සෑහෙන හිතන්න ඕන ප්‍රශ්ණයක්....

    ReplyDelete
  36. @ කස්සා : එහෙම තමයි මචං ඉන්න ඕන...

    ReplyDelete
  37. @ මන්තරකාරී : දෙවෙනි මනමාලිද??? ඒ ගැන පස්සේ දවසක මං කියන්නම්...

    ReplyDelete
  38. @ තටු සිදුන සමනළියක් : ඇයි අපි දෙන්නා නරකද???

    ReplyDelete
  39. @ පන්සල් හංදිය : ඔව් අයියේ දැන් මෑන් ශේප් එකේ ඉන්නේ මේ ටිකේ..

    ReplyDelete
  40. @ ලහිරු : වන්නම් තව ඉතුරු වෙලා නැතුව ඇති නටන්න.. ඒකනම් ඇත්ත.. සමහර කෙල්ලෝ ඔහොම තමයි...

    ReplyDelete
  41. @ ඔබ නොදුටු ලොවක් : ගොඩ කෙසේවෙතත් මේකා වලට යනවා තව ටික දවසක් ඒ කෙල්ල එක්ක හිටියොත්...

    ReplyDelete
  42. @ ගලයා : ජය සිරි මංගලම්දත් අහනවා.. ඕකේ යාළුවා.. නිදහස් හැම වෙලාවකම එන්න...

    ReplyDelete
  43. අනේ චෝයි කෙල්ලෙක් නේ..... කොහෙද හැබෑට ඔය සැලුන් එක තියෙන්නේ...

    ReplyDelete
  44. @ පිස්සා පලාමල්ල : චෝයිදත් අහනවා.. සැලුන් එක තියෙන්නේ කොට්ටාව පැත්තේ....

    ReplyDelete
  45. හෙහේ..අයියලා මල්ලිලා..මඩ වලින් නානවා වගේ...

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්