Wednesday, 26 October 2011

අපි අපේමද - අවසානය


ගාළු කොටුව පැත්තට අපේ වාහනය සේන්දු උනේ මටවත් නොදැනීමය.. වෙනදා බොහෝ වේලා යන ගමනක් අද ඉක්මනින්ම ආවා සේ මට දැනුනේ සමහර විට මේ අපේ වෙන්වීම නිසායි මම සිතීමී.. කොටුව අසලින් වාහනය නතරවත්ම ඇය මගේ මුහුණ දෙස බැළුවේ කිසිවක් නොදන්නා නිසායි මම දන්නා මුත් එවෙලේ මා ඇයට කිසිවක් නොපැවසුවේය.. ඇයද මගෙන් කිසිවක් නොවිමසුවේය..

වාහනයෙන් බැස ගත් අප ටික දුරක් ඉදිරියට ඇවිද ගියේ නිහඩවමය.. අපි අතර හැම මොහොතකම වූ පරතරය අපේ ආදරය ගැන ලොවටම කියා පෑවේය.. අවසාන මොහොතේ උව ඇයට ලං වන්නට මගේ හිතට ඕනෑ උවත් මා මගේ සිතිවිල්ල හදවතේම සිරකර තබා ගතිමි.. අරමුණක් නැතිව ටික දුරක් මා හා ඇවිද ගිය ඇය ගල් ගැසී මෙන් නැවතිනි.. ඇගේ මුවින් සෙමින් ඒ නම කියනු මට ඇසිනි..

“ සමීර..”

මා ඕනෑකමින් ඈ නෙත් යොමු කල දිහා බැලීමී.. මමත් සමීරත් හමු උනේ එක් වතාවක් පමණක් උවද ඔහුව කිසිවිටකවත් මට අමතක නොවන්නේය.. ඈත සිට අප දෙස බලා උන් ඔහු ටිකින් ටික අප දෙසට එත්ම අඩියක් පිටුපසට උන් ඇය මා වෙතට මදක් ලං උනේ ඇය මා හා සිටින බැව් ඔහුට හැගෙන්නට බව මට තේරුන මුත්  ඔහු නොනැවතී ඉදිරියටම ආවේ අප අතර කලින් වූ කතාබහ නිසාය..

“ කොහොමද ප්‍රදීපා?”

ඔහු ඇගෙන් අසත්ම ඇය මා දෙස නෙත් යොමා බැළුවේ මගේ මුහුණේ ඉරියව් කෙබදුදැයි දැන ගැනීම සදහාය..කිසිවක් නොකියු ඇය බිම බලා හිදිත්ම මම මගේ හඩ අවදි කලේය..

“ අපි හොදින් සමීර.. අපි එන්න පරක්කු උනාද?”

මගේ වදන් වලින් පුදුමයට පත් උන ඇය මා දෙස බලා සිටියේ කිසිවක් නොකියාමය.. ටික වෙලාවක් යත්ම අපේ ගමනේ අරමුණ ගැන මම ඇයට පවසත්ම ඇය මා දෙස බලා උන් බැල්ම මගේ හිත තවත් රිදවන්නට විය.. අයාසයෙන් ඇය ඇගේ දෙනෙත් වල කඳුළු සගවන බව මා හොදින්ම දුටිමි.. නමුත් මා ඇයට සිදුවූ සියල්ල විස්තර කර අවසන් වත්ම සගවාගත් නොහැකි වූ ඇගේ කදූළු බිදු එකින් එක ගලා ගියේ මගේ හිත තවත් පාරමින්ය..

“ අපි එක වහලක් යට හිටියත් අපේ ජීවිත හිස් කියලා මට හිතෙනවා.. අඩුගානේ ඔයාවත් ඔයාගේ සතුට හොයාගෙන යන්න..”

ඔවුන්ව තනි කල මම ආයෙම එන්නට හැරුනේ පරාජිත කඳුළු ඇයට සගවාගනිමින්ය.. මොහොතකටවත් ආපසු හැරී නොබැලුවද ඇය මාව අමතාවියි පුන්චිම හැගීමක් මගේ හිතේ රැදුනද එවැන්නක් සිදු නොවීය.. වාහනයට ගොඩ උන මම ඇගේ අසුන දෙස නෙත් යොමු කලේ ඇගේ සුවද තවමත් මගේ හිත පාරනා නිසාය..

කිසිවෙකුත් කිසිම විටක නොගන්නා තීරණයක් අරගත් මම මගේ ජීවිතේ කදූළු වලට තනිවම වග කියන්නේය.. මා ඇයට කොතරම් ආදරේ කලාදැයි දන්නේ මගේ හිත පමණකි.. කොතරම් කියන්නට උත්සාහ කලද කියාගන්නට නොහැකි උන මගේ සෙනෙහස අද මගේ පපුවට වේදනා දෙන බව දැන දැනම මා ඒ තීරණය ගත්තේ ඇගේ සතුට ගැන පමනක්ම සිතා බව දිනක මුලු ලෝකයම දැනගනීවී.. කඳුළු වලින් තෙත් උන දෙනෙත් මම මොහොතකට පියා ගත්තේ ඇගෙ මතකය කඳුළු අතරේ පිටව යන්නට නොදීය..

කොතරම් වේලාවක් ගෙවුනාදැයි මට නොදැනුනි.. වාහනයේ ඉදිරි පස දොර විවෘත වන හඩ ඇසී මා දෙනෙත් විවර කල ඒ දෙස බැලීමි.. දකින්නේ සිහිනයක්දැයි විශ්වාස කල නොහැකි උවද ඇය මා ඉදිරියේ සිටියේය.. මා දෙස නෙත් යොමාගෙනම අසුනේ හිද ගත් ඇය මොහොතක් නිහඩවම මගේ දෙනෙත් දෙස බලා සිටියේය..

“ අපි යමු..”

සිහිනයෙන් මෙන් ඇසුන ඒ වදන් මා පියවි ලෝකයට ගෙන එන්නට හැකි විය.. මා ඇගේ දෙනෙත් දෙස බලා ඉද්දි ඒ දෙනෙත් අතරින් හිනැහෙන මාවම මා දුටිමි..  කිසිවක් නොඇසු මම වාහනය පන නංවාගෙන පාරට ආවේ වේගයෙනි.. ඒ හිතේ සතුට වැඩි නිසාය.. ගාළු පාරට ආ මම වේගයෙන් වාහනය පදවමින් අපේ නිවස සොයාගෙන එන්නට විය.. ඒ මොහොතේ ගියරය මත් වූ මගේ අත උඩින් ඇගේ අතේ තියත්ම ලද පහසින් මා ඇය දෙස නෙත් යොමා බැළුවේය..

“ අපි හෙමින් යමු.. අපිට ගොඩක් දුර යන්න තියෙනවා..”


59 comments:

  1. අපි හෙමින් යමු.. අපිට ගොඩක් දුර යන්න තියෙනවා..”

    අද තමයි මම මේ සේරම කියෙවුවේ. හරිම ලස්සනයි ..හුඟ කාලේකට පසු ඉතාමත් ආසාවෙන් කියවපු කතාවක් මේක...

    ReplyDelete
  2. ඇත්තටම ලස්සනයි...අන්තිම දෙබසට මම ගොඩක්ම කැමතියි...

    ReplyDelete
  3. ලස්සයි යාළුවා, අන්තිමට ප්‍රදීපා කියන දේට මමත් කැමතියි.
    ඉවර කරන්න ටිකක් කලබල වුණා ද කියලත් හිතෙනවා. සමීරයි ප්‍රදීපායි කතා කළේ මොනවද කියල දැනගන්න තිබුනා නම් තවත් හොඳයි.
    පොඩි අදහසක් දෙන්නම්, පුළුවන් නම් මේ කතාවම ප්‍රදීපාගේ දෘෂ්ටි කෝණයෙන් ලියන්න.

    ReplyDelete
  4. මෙච්චර ඉක්මනින් අවසානය? මම හිතුවෙ තව දුර යාවි කියලායි.

    ReplyDelete
  5. අවසානය ලස්සනයි.බොහොම හොඳ කෙටි කතාවක්.බෙදාගත්තට ස්තුතී

    ReplyDelete
  6. අපූරු නිර්මාණයක් සහෝ... ඔයාටත් ගොඩක් දුර යන්න තියෙනවා! හෙමින් යන්න!

    ReplyDelete
  7. @ සිතුම් ප්‍රියන්ගා : ගොඩක් ස්තුතියි සිතුම්...

    ReplyDelete
  8. @ සයුරි : මටත් අන්තිම දෙබස ලියද්දී හිතට ආවේ හරි අමුතු හැගීමක්.. මටත් එහෙම කියන්න කෙනෙක් හිටියනම් කියලා හිතුනා...

    ReplyDelete
  9. @ හිරණ්‍ය : කලබලෙන් ඉවර කලාමත් නෙමෙයි යාළුවා.. අදහස අපූරුයි.. මම මේ කතාව ප්‍රදිපාගේ පැත්තෙනුත් ලියන්නම්...

    ReplyDelete
  10. @ RoshanHerath : නෑ යාළුවා.. මේක දිගට ගෙනියන්න මගේ හිතේ තිබුනේ නෑ.. එක් අවස්ථාවක් වටා මේ කතාව ගොඩ නගන්නයි මට ඕන උනේ...

    ReplyDelete
  11. අන්න ඒක හොඳ අදහසක්....එකම කතාව කෝණ දෙකකින් බලා ගන්න පුළුවන් වෙයි අපිට...

    ReplyDelete
  12. @ කස්සා : හැමෝම වගේ මේ කතාවට ආදරේ කල එක ගැන මට සතුටුයි.. අපි ගොඩක් දෙනෙක්ගේ හැගීමක් මේක..

    ReplyDelete
  13. @ ලහිරු : ඔවු යාළුවා..තාම ආවේ ටික දුරයි.. ගොඩක් ස්තූතියි...

    ReplyDelete
  14. @ සයුරි : ඔව් අක්කේ.. මට හිරණ්‍ය කියනකම් ඒ ගැන හිතුනේ නෑ.. ඉක්මනින් ඒකත් මම ලියන්නම්..

    ReplyDelete
  15. “ අපි හෙමින් යමු.. අපිට ගොඩක් දුර යන්න තියෙනවා..”
    මේකනම් මාරයි

    ReplyDelete
  16. හිමින් යමු !!! ගොඩක් දුර යන්න තියෙනවා.

    මේක මගේ හිතට තදින්ම වැදුන දෙබස් කණ්ඩයක්.

    ReplyDelete
  17. ගොඩක් ලස්සනයි කතාව, තුන්පාරක් කියෙව්වා, අනේමන්ද ඇයි කියල
    මේ සිද්දියෙන් පස්සෙනම් දෙන්න සතුටින් ඉඳි නේද ;)
    ප්‍රදීපාගේ දෘෂ්ටි කෝණයෙන් ලියන ඒක මරු අදහස, ඉක්මනට එකත් ලියන්න :)

    ReplyDelete
  18. ලස්සන කෙටි කතාවක්.මමත් හිතුවෙ දිග කතාවක් වෙයි කියලා.ඈත්තටම අවසානය මෙච්චර ඉක්මනට බලාපොරොත්තු උනේ නෑ.කොහොමඋනත් කතාව අවසන් උන විදියනම් හොදයි

    ReplyDelete
  19. හිතාගන්න බැරුව හිටියේ මොකකින් මොකක් වෙයිද කියල...ලස්සන කථාවක්.....

    ReplyDelete
  20. මම කියෙවුවා ඔන්න . ලස්සන කතාවක් දිනේශ් . ඔබ නම් කතා ලියන්නම උපන් කෙනෙක් ..

    තව පැත්තකින් මේ කතාව ලියැවෙනවනම් අනිවා මම ඒකත් කියවන්න එන්නම්

    ReplyDelete
  21. උඹ ආදරේ පරිත්‍යාග කලා! ඒ පරිත්‍යාගය වෙනුවෙන් ආදරය ආයෙමත් උඹේ උනා! ඇත්තටම ලස්සන කතාව!

    ReplyDelete
  22. "හම් දිල් දේචුකේ සනම්" මතක් විය.... මගේ හද බැඳි සොඳුරු චිත්‍රපටයක්... :))

    ReplyDelete
  23. @ මහිම : ගොඩක් ස්තුතියි යාළුවා...

    ReplyDelete
  24. @ මධුරංග : ඔව් අයියේ ඒකේ අමුතුම හැගීමක් තියෙනවා කියලා මටත් දැනෙනවා..

    ReplyDelete
  25. @ dishanrajapaksha : හ්ම්ම්.. මම හිතනවා දෙන්නා සතුටින් ඉදීවි කියලා.. ඒ ගැන අපි අපේ හිතේම චිත්‍රයක් මවා ගමු..

    ReplyDelete
  26. @ හිම හංසී : මේක දිගට ලියන්න තරම් අදහසක් මගේ හිතේ තිබුනේ නෑ.. එහෙම උනානම් ලස්සන නැති වෙන්නත් තිබුනා..

    ReplyDelete
  27. @ ඔබ නොදුටු ලොවක් : එයාලගේ අනාගතය අපි එයාලටම බාරදෙමු නේද...

    ReplyDelete
  28. @ හිස් අහස : ඔච්චර දේවල් කියන්න එපා සදරුවෝ..

    තව පැත්තකින් ලියන්න මුලින් අදහසක් නොතිබුනත් හිරණ්‍ය සහෝදරයාගේ ඉල්ලීම නිසා මම ඒක ලියනවා..

    ReplyDelete
  29. @ මාධව : හරියටම හරි යාළුවා.. හිත පිරිසිදුව කල ඒ කැප කිරිම ආයෙම ආදරය ඔහු ලගට ගේන්න හැකි උනා..

    ReplyDelete
  30. @ මකුළු පැංච් : හ්ම්ම්.. මම හිතුවා මේ කොටස බලන්න එන එකක් නැති වේවි කියලා.. එදා දාලා ගිය කමෙන්ට් එක නිසා..

    ReplyDelete
  31. නියමයි... මචන්... අවසානය සුපර්බ්.... නියමයි මචන්...


    ජය...

    ReplyDelete
  32. හිතට වැදුනා මලයා .......
    නියමයි මාර සංවේදී .....
    ලස්සන අවසානයක් ......

    ReplyDelete
  33. හරිම ලස්සන කතාව..... ඒ වගේම හොඳ නිමාවක් දීලා තියෙනවා....

    ReplyDelete
  34. කොටස් දෙකම කියවලා ඉවර කළා....හම්....ලස්සන කතාවක්....අර්ථවත් නිමාවක්......

    ප්‍රදීපාගේ පැත්තෙන් ලියන කතාවත් ඉක්කනට දාන්න.....

    ReplyDelete
  35. අන්තිම වන ටික තමා නියමෙටම වදින්නෙ...

    ReplyDelete
  36. “ අපි හෙමින් යමු.. අපිට ගොඩක් දුර යන්න තියෙනවා..”

    ඒ කෑල්ලට නම් ඇඬුනා. පට්ටයි!

    ReplyDelete
  37. හැමෝම කිව්වත් මටත් කියන්න තියෙන්නෙ එච්චරයි... අන්තිම කෑල්ල තමයි කතාවෙ Key එක......

    ReplyDelete
  38. ලස්සනයි දිනේශ්...
    අනිත් කථා හැම එකක් වගේම..

    ReplyDelete
  39. හ්ම්ම්...."අපි හෙමින් යමු.. අපිට ගොඩක් දුර යන්න තියෙනවා..”

    පපුව හීතල වුනා..

    ReplyDelete
  40. අඩේ...ලස්සනය්....කොටස් තුනම කියෙව්ව..ලස්සනය් ලස්සනය් ලස්සනය් ලස්සනය් ලස්සනය්.....

    ReplyDelete
  41. @ Gayan Rupasinghe : තැන්ක්ස් යාළුවා..

    ReplyDelete
  42. @ පන්සල් හංදිය : ගොඩක් ස්තුතියි අයියේ...

    ReplyDelete
  43. @ දිල් : කතාවට ඔයාලා මේ තරම් කැමති උන එක ගැන මට සතුටුයි අක්කේ...

    ReplyDelete
  44. @ සිතුවිලි නිහඩයි : ඒකත් ඉක්මනට දාන්නම් නංගී..

    ReplyDelete
  45. @ නිසූපා : මම හිතුවේ නෑ ඒ වචන් ටික මෙච්චර ලස්සන වේවි කියලා..

    ReplyDelete
  46. @ Kasun : අපිටත් එහෙම කියන්න කෙනෙක් හිටියනම් කියලා හිතුනා නේද??

    ReplyDelete
  47. @ harshana1985 : මමත් හිතනවා යාළුව එහෙම.. වර්ණයට එකතු උනාට ගොඩක් ස්තුතියි...

    ReplyDelete
  48. @ අසනි : ඔව් ඒ පේලියනම් හිතට ගොඩක් සමීපව දැනෙනවා..

    ReplyDelete
  49. @ තටු සිදුන සමනලියක් : ගොඩක් කාලෙකින් නංගී මේ පැත්තට ආවේ.. ස්තූතියි...

    ReplyDelete
  50. ඔන්න මම කියවලා ඉවර කරා....ම්ම්ම් නොහිතපු අවසානයක්..මම හිතුවෙ අර දෙන්නා එකතු වෙයි කියලයි....කමක් නෑ..මෙහෙම ඉවර වෙන එකෙත් අමුත්තක් තියෙනවනේ...අර කියන්නත් වගේ..හිමින් යං ගොඩක් දුර යන්න තියෙනවනේ...ඒක පුදුම සංවේදියි...අපරදේ ඉක්මනට ඉවර කරේ....කමක් නෑ..හිරණ්‍ය ගේ අදහස ඔයා ක්‍රියාවට නංවනකං මං මග බලං....ජය...

    ReplyDelete
  51. @ ගලයා : ගොඩක් දිගට ගියානම් කතාවේ මේ ලස්සන, කුතුහලය, ඊට පස්සේ ම්කද උනේ කියලා අපි හිතන්නේ නෑනේ.. එහෙනම් ඔක්කොම මං කියනවා... කතාවේ අනිත් පැත්ත හෙට අනිද්දා වෙද්දි දාන්නම්...

    ReplyDelete
  52. හරිම ලස්සන කතාවක් ...........ආදරේත් හරිම පුදුමයි.

    ReplyDelete
  53. නියමයි,, ඔයාගෙ අදහස් ටිකයි, වචන ගැලපිමයි නියමයි,.. කතාව හොදින් රසවින්දා.. මට මොඩ ප්‍රශ්නයක් තියෙනවා.. මෙ කතා ඔයාට වෙච්ච ඇත්ත සිදිදිද?

    ReplyDelete
  54. ඇයි ප්‍රදීප එහෙම කලේ ? උබ කතාව කෙල්ලගෙ පැත්තෙන් ලියපන්.. බලන් ඉන්නවා..

    ReplyDelete
  55. ආදරේ තියෙන ශක්තිය ලස්සනට කියලා තියෙනවා. ආදරේ කියන්නේ අයිති කර ගැනීම නෙවෙයි, අනිත් කෙනාගෙ සතුට ගැන හිතීම, තමන් ඒ සතුටේ කොටස්කාරයෙක් උනත් නැතත්...

    ReplyDelete
  56. @ Micleanjelo සමග CrazyCat : ඇත්ත මේ ආදරේ වෙලාවකට හරිම පුදුමයි...

    ReplyDelete
  57. @ ashen : නෑ යාළුවා... මේක මගේ හිතේ අදුන කතාවක් විතරයි..

    ReplyDelete
  58. @ පිස්සා පලාමල්ල : ඒ කතාවත් මං ඉක්මනින්ම ලියනවා යාළුවා..

    ReplyDelete
  59. @ මන්තරකාරී : ඔව් ආදරය කියන්නේ පරිත්‍යාගයක්.. මේ ආදරේ ඇතුලේ හරි පුදුම ශක්තියක් තියෙනවා මිනිස් ජීවිත දෙකක් එකට එකතු කරලා තියා ගන්න...

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්