Wednesday, 19 October 2011

සොදුරු රුවැත්තියක් හා ගෙවුන රැයක්


වර්ණයට මුලින්ම දාන්නේ මොකද්ද කියලා කල්පනා උනා පොඩි කතාවක් දාන්න.. පොඩි කිව්වට ඉතින් පොඩිම නෑ.. හරි මෙහෙමයි කතාව..

මතක ඇතිනේ හැමෝටම මම ජූලි මාසයේ ලංකාවට ගියා.. ඒ යන අතර තුරේ තමයි මේ කතාව ඇති වෙන්නේ.. කතානියා ගුවන් තොටුපලෙන් මම රෝමය බලා එන ගුවන් යානයට ගොඩ උනේ අන්තිම මොහොතේ විතර.. ඒ මොකද වෙලාවට ඇහැරුනේ නැති නිසා.. කොහොමහරි මගේ ෆ්ලයිටි එකට තව විනාඩි 5 තියෙන්නේ කියලා පෝලිමේ ඉන්න අයට කියලා පොලිම් පැනලා ඇවිත් කතානියා වලින් ගුවනට නැගිලා අවා රෝමයට..

රෝමෙට එද්දී දාලා තියෙනවා ලංකාවට යන ශ්‍රි ලංකන් ගුවන් යානය තව පැයක් පරක්කුයි කියලා.. දේශීය දේනේ.. ඉතින් පරක්කු වෙන එක පුදුමයක් නෙමෙයිනේ.. කොහොම හරි කිව්වටත් වඩා පරක්කු වෙලා ආව ෆ්ලයිට් එකට බෝඩින් පාස් එක ගන්න අපේ කට්ටිය පොර කනවා.. කොහොමත් යන්නේ සීට් ගානට වෙච්චි එකේ මොකට මෙහෙම තෙරපෙනවද මන්දා.. කොහොම හරි ඒ කට්ටියට ඉඩ දීලා මම හෙමිහිට බෝඩින් පාස් එකත් අරගෙන ගුවන් යානෙට ගොඩ උනා.. කට්ටියට ඉඩ දීලා බලාගෙන හිටපු එක මෝඩ කම කියලා එවෙලේ තමයි තේරුනේ.. ඒ මොකද මුල සීට් ඔක්කොම පහු කරගෙන මගේ සීට් එක ලගට යන්න මට මතක හැටියට විනාඩි 10 විතර ගියා..

කොහොමහරි සීට් එක හොයාගෙන හොදට වාඩි වෙලා වීදුරුවෙන් එහා පැත්ත බලාගෙන ඉද්දී ගුවන් සේවිකාවක් හෙමිට මගේ ලගට ඇවිත් අහනවා “ සර් තනියමද ෆ්ලයි කරන්නේ?” කියලා.. පොඩ්ඩක් වෙලා මම එයාගේ මුණදිහා බලන් ඉදලා “ ඔව්” කියලා කිව්වම මෙයා මගෙන් ඇහුවා ලස්සන ප්‍රශ්ණයක්..

“ සර් හනිමුන් කපල් එකක් ඉන්නවා එයාලට එක ලග වාඩි වෙලා යන්න ඕනලු.. සර්ට පුළුවන්ද වෙන සීට් එකකට එන්න?”

මට එකපාරම හිනා ගියත් අමාරුවෙන් හිනාව නවත්තගත්තා.. “ කවුද දෙන්නා?” මම නිකමට වගේ එහෙම ඇහුවා.. එහෙම අහද්දි කපල් එක මගේ ලගට ඇවිත්.. පෙනුමෙන්නම් දෙන්නට යන්තම් වයස 20ක් විතර ඇති වගේ තමයි පෙනුනේ.. මම හිටියේ අයිනේ සීට් එකක නිසා මං කිව්වා “ අයිනෙම සීට් එකක් තියෙනවනම් විතරක් මම එන්නම්” කියලා.. “ හොදයි සර් ” කියපු  ගුවන් සේවිකාව මට සීට් එකක් බලන්න යද්දි මම නැගිටලා මගේ බෑග් එකත් අරන් එන්න ලෑස්ති උනා..

“ අයියට සීට් එකක් තියෙනවද දන්නෑ..”

“ මම ඒ විහිළුවට කිව්වේ.. ඔයාලා වාඩි වෙන්න..”

එහෙම කියපු මම හනිමුන් කපල් එකට හනිමුන් එක සමරන්න ඉඩ දීලා හෙමීට පිටි පස්සට ආවා කොහේද වාඩි වෙන්නේ කියලා බලාගෙන.. ටිකක් මං පස්සට එද්දි මට සීට් එකක් හොයන්න ආපු ගුවන් සේවිකාව තව සේවිකාවක් එක්ක කතා කර කර හිටියා.. ඒත් එක්කම මගේ නෙත ගැටුනේ අපූරුතම සුන්දරත්වයක් තිබුන යුවතියක්.. මොහොතකට මං එතන ගල් ගැහුනා කිව්වොත් හරියටම හරි.. ඇය ඒ තරමටම ලස්සනයි..

සාරියත් එක්ක එයාගේ අමුතුම සුන්දරත්වයක් මං දැක්කා.. මං ආයෙම පියවි ලෝකෙට ආවේ අනිත් ගුවන් සේවිකාවගේ කට හඩ ඇහිලා.. ඇය පෙන්නපු සීට් එකේ මං වාඩි උනේ අර කලින් කියපු කෙන දිහා බලාගෙන.. එවෙලේ මං දිහා බලපු ඇය මට පෑව සිනහව හිතේ ඇතුලට තදින්ම වැදුනා.. එයා එහා මෙහා යන හැටි කරන දේවල් ගැන මම බලාගෙන හිටියා.. ඒක උනේ ඉබේටම වගේ.. කොච්චර උවමනා උනත් මට මගේ හිතත් දෑසත් ඇගෙන් ඉවතට ගන්න කොහෙත්ම බැරි උනා..

පරක්කු වෙලා ආපු ගුවන් යානය රෝමෙන් පිටත් වෙන්නත් තව පැයක් විතර පරක්කු උනා.. ගුවන් යානය පිටත් වෙන්න මොහොතකට කලින් ඈත තියාම ඇය එනවා දැක්ක මම ඒ මුහුණ දිහාම බලාගෙන හිටියා.. කලින් වතාවේ වගේම මට සොදුරු සිනහවකින් සංග්‍රහ කල ඇය මගේ අසුන ආසන්නයෙන්ම හිද ගත්තා.. ඒ ඇයට හිමි අසුන.. මගේ හිතට ඒ මොහොතේ දැනුනේ අමුතුම සතුටක්.. උවමනාවෙන් ඇය යන එන දිහා බලාගෙන හිටපු මං ලගින්ම ඇවිත් ඇය වාඩි වෙලා ඉන්නවා..

කතාකරන්න මගේ හිතට ඕනෑ උනත් කොතනින් කොහොම පටන් ගන්නද කියලා මං කල්පනා කලා.. කාලෙකට පස්සේ හිතට එහෙම අදහසක් ආපු නිසාද කොහේද මගේ හිත එවෙලේ ටිකක් පසු බැස්සා.. ඒත් කමක් නෑ කියලා හිතට ශක්තිය අරන් ඇය දිහා බලද්දිම ඇය මට වඩා ඉක්මන් උනා..

“ සර් ලංකාවේ කොහේද?”

පටන් ගන්නේ කොහෙන්ද කියලා හිතා ගන්න බැරුව හිටපු මට ඔය තියෙන්නේ ආරම්භයක්.. එහෙම හිටපු මම හෙමිට කතාවට මුල පිරුවා.. ඒ කතාබහ අපි දෙන්නා කවුද කියලා දැන අදුන ගන්න තරමටම දිගට ගෙනියන්න පූලුවන් උනා..  ගුවන් යානය අහස් තලයේ ඉස්තාවර වෙද්දී ඉදිරි පැය 13ක ගුවන් ගමනේ සොදුරු  කතාබහකට හොද පසුබිමක් අපි අතරේ ඉබේම වගේ හැදුනා.. ඊට පස්සේ මොකද උනේ කියලා හෙට කියන්නම්..





  

42 comments:

  1. අපෝ දිනේෂ් ඒ කරපු නෝටි වැඩේ මොකක්ද කතාවෙ හොඳම හරියෙදි කතාව නැවැත්තුවේ

    ReplyDelete
  2. ශා... මරු..
    ඒත් කථාවේ හොඳම තැනින් නවත්තලනේ..

    ReplyDelete
  3. කතාව හොදම හරියෙන් නවත්තලා. මාර වැඩේ.
    ප්ලේන් වල තමන්ගේ සීට් එකේ මිසක් වෙන සීට් වල යන්න බෑ කියලා අහලා තියෙන්නේ. එහෙම සීට් මාරු කරන්න පුලුවන්ද මල්ලි ??? මම නම් උපන්තේකට ඕකක ගිහින් නෑ.

    ReplyDelete
  4. හෙහේ, ලිවීමේ රටා වෙත් වෙනසක් වෙලා වගේ. හොඳයි හොඳයි.
    ඉක්මනට ඉතිරිය දාන්ඩෝ!

    ReplyDelete
  5. ඔය ඉතින් හොදම හරියෙන් නවත්තලානේ :/

    ReplyDelete
  6. අහා..හොරේ දැනුනා දැනුණා.... ඕක තමා මෙයා මං එමිරේට්ස් හොඳයි කිව්වහම එයාර් ලංකා වලට කඩේ ගියේ..හිකිස්.. ;)))

    සුන්දර පෝස්ට් එකකදි වුනත් නොකියාම බෑ..අපි වසීලීස්සගෙ රටේ ඉඳන් ලංකාවට යද්දි ඩුබායි වලින්නෙ දෙවෙනි ෆ්ලයිට් එක පටන් ගන්නෙ.. ඩුබායි-කොළඹ ගුවන් යානයේ වැඩිහරියක් යන්නෙ..ඩුබායි ඉන්න අපේ කට්ටියම තමයි..කියන්න ලැජ්ජයි එතන නම්.. ෆ්ලයිට් එකට ඇතුල් වෙන්න ගියාම මරාගන්නෙ නැති ටික විහරයි..සත්තු වගේ... (ඒ වෙලාවටනම් අපේ රටේ මිනිස්සුන්ගෙ අශීලාචාර නව ගැන විලිලැජ්ජාවෙ බෑ)...කෑ ගහනවා,තල්ලු කරනවා..

    ළමයිනුත් උස්සගෙන දුවන්නෙ හරියට සීට් නැති වුණොත් හිටගෙන යන්න වෙයි වගේ..:D..හොඳම වැඩේ කියන්නෙ විදේශිකයො කටවල් ඇරං බලං ඉන්නෙ නිකං එතන රෙස්ලිං පෙන්නනව වගේ...:(((

    ඒ මදිවට අපට අයත් සීට් එකේ වෙන කවුරුහරි ඉඳගෙන ඉඳලා අපි ඒක ගැන අහුවොත්..පටන් ගන්නෙම වලියටමයි..හරියට අපි එයාගෙ බෝර්ඩින් පාස් එකේ තියෙන සීට් එක ඉල්ලුවා වගේ..හිකිස්..

    ReplyDelete
  7. සෑහෙන්න පිං කරල තියනව නේ! :D

    ReplyDelete
  8. @ ශානු : පොඩ්ඩක් ඉවසන්න යාළු.. හෙට කියන්නම් මොකද උනේ කියලා...

    ReplyDelete
  9. @ ප්‍රාර්ථනා : අද මේ වැඩ කරන ගමන් ලිව්වේ.. හෙට දාන්නම් අනිත් කොටස..

    ReplyDelete
  10. ඔය වගේ වෙලාවල් වලදී පැසෙන්ජර් කැමතිනම් මාරු වෙන්න පුළුවන්.. ගුවන් සේවිකාවන්ගේ මැදිහත් වීමෙන් නේ මේක වෙන්නේ.. ඒනිසා ඒ තරම් ප්‍රශ්ණයක් නෑ.. අනික ඉතින් ලංකාවේ අපිමනේ ඉන්නේ...

    ReplyDelete
  11. @ හිරණ්‍ය : ජීවිත අත්දැකීම් ටිකකුත් මේ වර්ණයට එකතු කරන්න කියලා කල්පනා කලේ.. ඒකයි මේ විදිහට ඉදිරිපත් කලේ..

    ReplyDelete
  12. @ නදී : පොඩ්ඩක් ඉවසන්නකෝ අක්කේ.. හෙට දාන්නම්..

    ReplyDelete
  13. @ මකුළු පැංච් : නැතුව නැතුව.. අපි එහෙම නිකම්ම කඩේ යන්නේ නෑනේ..
    ඇත්තමයි ඒ ගැනනම් කතා කරලා වැඩක් නෑ.. බස් එකට පොර කනවා වගේ සමහරු.. පොඩ්ඩක්වත් හිතන්නේ නෑනේ..

    ReplyDelete
  14. @ තනි අලියා : පිං ගැනනම් කියන්න දන්නේ නෑ යාළුවා.. සමහරවිට වෙන්න ඇති...

    ReplyDelete
  15. පුබුදුවා19 October 2011 at 17:45

    අඩේ මේකව මරන්න එපයි...මෙච්චර ලංකාවට ඇවිත් අරහේ මෙහේ ගියා...ඔය කතාව වැරදිලවත් කිව්වද?

    ReplyDelete
  16. ඔහ්....! දැන් ඉතින් ඊ ලඟ කොටස එනකම් බලන් ඉන්න එපයෑ....ඔය පැය 13 ෆල්යි කරන්න මම වින්ද දුක පස්සෙ දවසක ලියන්නම්කො දිනේශ්....

    ReplyDelete
  17. අම්මට සිරි .. උඹට හරි ගිහිල්ලා කියලා මේ කතාව ඉව වෙනවා නම් මම ඒ සතුටට බෝතලය්ක්ම ගහනවා .. මචං ..

    හොඳම හරියෙන් නතර වෙලා නෙව ..බලමු මේක නොබලා ඉන්නේ නෑ මම කීයටවත්

    ReplyDelete
  18. අනේ වාසනාවන් ....ඉතුරු ටිකත් දාන්නකෝ බලන්න....

    ReplyDelete
  19. මේ ට්‍රේලර් එකද?

    ReplyDelete
  20. @ පුබුදුවා : කේන්ති ගන්න එපා මලේ... හරි ඉතින් දැන් කිව්වනේ.. :)

    ReplyDelete
  21. @ දිල් : හෙට කියන්නම්කෝ ඊට පස්සේ මොකද උනේ කියලා.. අක්කගේ අත්දැකීම දාන්නකෝ එහෙනම් දවසක..

    ReplyDelete
  22. @ හිස් අහස : හා හා.. දැන් බොන එක අඩු කරලා නේද තියෙන්නේ.. මගේ එකවුන්ට් එකට එහෙම බොනවා එහෙම නෙමෙයි..

    ReplyDelete
  23. @ ඔබ නොදුටු ලොවක් : අනේද කියන්නේ.. මේ වගේ චාන්ස් හැමදාම කැරකෙන්නේ නෑනේ...

    ReplyDelete
  24. @ හරී : නෑ මේ පළමු කොටස..

    ReplyDelete
  25. අනේ ඊ ලග කොටසත් ඉක්මනට දාන්න...

    @මධුරංග : සුහද මාරු නම් ඕන තරම් වෙනවා. ඒත් එක දවසක් අපිව බලෙන් මාරු කරන්න හැදුවා ෆැමිලි එකකට එතන දෙන්න ඕන කියලා. අන්තිමට කතා කරලා බැරි තැන බැනලා තමයි බේරුමක් කරගත්තේ. ඇයි අප්පා..අපි ෆැමිලි එකක් නෙමෙයිද එතකොට :-| පැය 14 රෑ ෆ්ලයිට් එකේ තැන් දෙකක යන එක ලේසි නැහැ. මෙහෙන් ආසියාව පැත්තට එන්න ඉන්නෙම අපේ අසල් වාසී රටේ අයනේ. හරි අමාරුයි ඒ ගොල්ලොත් එක්ක.

    ReplyDelete
  26. ආ ආ....එහෙනම් ඒකයි මේ වෙනස් වෙන්න ඕන කිවේ නේද අයියා....අනේ හොඳයි......:D

    ReplyDelete
  27. හොදම තැනින් නවත්තලා වගේ මල්ලි..

    ReplyDelete
  28. වැඩේ හොඳ අතට යන්නෙ වගේ,ඉක්මනට ඉතිරු ටිකත්

    ReplyDelete
  29. @ සයුරී : මේ දැං දැම්මා.. ඒ වැඩේනම් හරි අසාදාරණයිනේ.. මං ඉතින් තනිකඩයා හින්දා ඉඩ දුන්නා.. ෆැමිලි එකකට එහෙම යන්න කියන්න පුළුවන්ද?? මොකක්ද ෆ්ලයිට් එක???

    ReplyDelete
  30. @ ඊ මේල් කවිකාරි : දැම්ම සුභ පතන්න එපා...

    ReplyDelete
  31. @ සිතුවිලි නිහඩයි : නෑ නෑ.. ඒකට හේතුව මේක නෙමෙයි.. මේක අතුරු කතාවක් විතරයි...

    ReplyDelete
  32. @ නිසූපා : පොඩි කුතුහලයක් ඉතුරු කලා..

    ReplyDelete
  33. @ කස්සා : සාදරයෙන් පිළියගන්නවා වර්ණයට.. වැඩේ නම් හොද අතට ගියා...

    ReplyDelete
  34. ඕක සිරාවටම ඇත්ත සිද්ධියක්ද .......

    ReplyDelete
  35. @දිනේෂ් : කියල වැඩක් නැහැ...එපා උනා එදානම්. කටාර් එයාර් වේස් (නිව් යෝර්ක් - කටාර්)

    ReplyDelete
  36. @ පංසල් හංදිය : ඔව් අයියේ.. ඇත්ත සිද්ධියක් තමයි මේක..

    ReplyDelete
  37. @ සයුරි : එහෙනම් ශුවර් එකටම ඉඩ ඉල්ලන්න ඇත්තේ එයාලගේ රටේ අයටම වෙන්න ඕන...

    ReplyDelete
  38. hmmmmmmmmm! man deweni kotasa balanna yanawa! :)mmmm!

    ReplyDelete
  39. පහුගිය ටිකේ වැඩ වැඩි නිසා වැඩිය බ්ලොග් බැලුවෙ නෑ. සිහිනයෙන් අවදි වෙලානෙ මෙයා ඒ අතරට. :D

    ReplyDelete
  40. මාවත් එක්ක යන්නකෝ...... එල එල ආ,,,,.......

    ReplyDelete
  41. මගේ බොක්ක කූල් වෙලා..කෝ කෝ....දෙවෙනි කොටසේ ලින්ක් එක කෝ?

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්